ඇෆ්ගනිස්ථානයයි රම්බො යි !!!

මේ ටිකේ ලියන්න ගොඩක් දේවල් ඔලුවට ආවත් ලියන්න වෙලාවක් ආවේ නෑ. කැම්පස් එකේ ‍පොඩි පොඩි වැඩ අහු වුනා. ඒත් අද පොඩි විවේකයක් තිබුන නිසා ආසාවට බාලා තිබ්බ Rambo collection එක බැලුවා.

දැන් නෝනඩි දාන්න පටන් ගන්න එපා තාම රැම්බෝ බලනවද කියලා. මම බලලා තිබුනේ නැති නිසයි බෑවේ. කොහොමෙන් කොහොම හරි Rambo III බලලා ඉවර කලා. එතකොට තමයි හොඳම විහිළුව දැක්කේ. චිත්‍රපටිය ඉවර වෙලා දැම්මේ නැතැයි

This film goes out to all the gallant people in Afghanistan
ඇෆ්ගනිස්ථානයේ නිර්භීත මිනිසුන් හට අපගේ ප්‍රණාමය

කියලා. චිත්‍රපටියේ තියෙන විදියට ඒ කාලේ(80 දශකයේ) රැම්බෝ, ඒ කියන්නේ ඇමෙරිකානු භටයෙක් ඇෆගනිස්ථාන මුජහදීන් කැරලිකරුවන්ට උදව් කරනවා. ඒත් දැන් ඇමෙරිකාවට ඇෆගනිස්ථානය තවත් වියට්නාමයක්.

ඔය කථාව පිටිපස්සේ තව ලොකු කථාවක් තියෙනවා. ඒත් මම ඒක කියන්න යන්නේ නෑ. මේක දේශපාලන බ්ලොග් එකක් වෙයි ඊළඟට. කාටහරි දැනගන්න ඕනෙනම් විතරක් කියන්න. මම සටහනක් දාන්නම්.

මම වෙලාවක් අරගෙන ලියන්න ඉන්නේ තාක්ෂණික මාතෘකාවක් ගැන. මම ළඟදී හොයා ගත්ත මෘදුකාංගයක් ArgoUML කියලා. කවුරු හරි Rational Rose පාවිච්චි කරනවානම් ArgoUML හොඳ OpenSource ආදේශකයක්.

ඉතින් මම ඊළඟට හමුවෙනකම් මට ලැබිච්ච මේ classic rock track එක ඔයාලත් එක්ක බෙදාගන්නම්. මෙන්න Rapid Share ලින්ක් එක.

http://rapidshare.com/files/161252971/07._Survivor_-_Eye_Of_The_Tiger__1982_.mp3

1980 දශකයේ Survivor කියලා සංගීත කණ්ඩායමක් කරපු ගීතයක්. මේක තිබුනේ මෙන්න මේ ටොරන්ට් ඒකේ. 80 දශකයේ හොඳම ගීත ටිකක් තියෙනවා මම හිතන්නේ.

2 thoughts on “ඇෆ්ගනිස්ථානයයි රම්බො යි !!!

  1. ඔහොම තමයි මචං කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනවනේ

    මගේ බ්ලොග් එකේ Argo UML ගැන ලියන්න අමතක උනා විවෘත හා නිදහස් මෘදුකාංග වලට එච්චර හොඳ උදාහරණයක් වෙලත්.

  2. මචන් ටොරන්ට් එක සිරා…… මාර ක්ලෑසික් සින්දු ටිකක් තියෙන්නේ……

Return Fire!