උබුන්ටු සහ සිංහල : Installing Sinhala in Ubuntu 8.1

උබුන්ටු ලිනක්ස් හි නවතම නිකුතුව වෙන්නේ උබුන්ටු 8.1 Intrepid Ibex. මෙයට පසුව 9.04 Jaunty Jackalope ලෙසත් 9.10 Karmic Koala ලෙසත් අනුවාදන නිකුත් වීමට තිබෙනවා. මම මුලින්ම පාවිච්චි කරපු ලිනක්ස් බෙදාහැරීම තමයි උබුන්ටු. එය පරිශීලක සහාය(user friendliness) අතින් ඉතාමත් හොඳ තත්වයේ පවතින ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක්. සිත්ගන්නා සුලු human themed අතුරු මුහුණතකින් සමන්විත එය ලබා ගැනීමට පහසු වීම එහි ජනප්‍රියතාවයට හේතුවක්. උබුන්ටු ලිනක්ස් ලබා ගැනීමට http://www.ubuntu.com/getubuntu වෙත යන්න. එය බාගත කිරීමට හෝ හදිස්සි නැතිනම් ගෙදරටම නොමිලේ ගෙන්වාගන්න පුලුවන්.

DistroWatch මගින් එය most popular desktop linux edition එක ලෙස ඇතුලත් කලා. 2004 දි නිකුත් වූ නමුත් අනිත් ලිනක්ස් බෙදාහැරීම් වලට වඩා ජනප්‍රියතාවයෙන් ඉහලට යන්න උබුන්ටු සමත් වුනා. දැන් වුනත් ලිනක්ස් වලට අලුතෙන් එන කෙනෙක්ට කියන්නේ උබුන්ටු වලින් පට්න් ගන්න කියලා. සාමාන්‍යයෙන් මේ FOSS පෙළෙන user friendliness ඉතා අඩුබවින් උබුන්ටු පෙලෙන්නේ නෑ. සමහර ලිනක්ස් බෙදාහැරීම් වගේ නෙවෙයි. Help තියෙන්නේ Offline. ඒකත් හොඳ feature එකක්.

මෙම සටහනින් කියන්න යන්නේ උබුන්ටු 8.1 Intrepid Ibex වල සිංහල ස්ථාපනය කර ගන්න ආකාරය. මගෙන් යාලුවන් කිහිප දෙනෙක්ම මේක අහලා තිබුනා.

මේ සඳහා මුලින්ම Multiverse Repository එක සක්‍රීය කර තිබිය යුතුයි. එය කිරීමට System -> Administration -> Software Sources තෝරා ගන්න.
(එවිට රහස් පදය ඇතුලත් කිරීමට window එකක් පැමැණියොත් එයට ඔබගේ රහස් පදය ඇතුලත් කරන්න. විස්ටා හි ඇති UAC feature එකට සමාන feature එකක්)

ඉන් පසු පැමිනෙන window එකේ Downloadable From The Internet යටතේ ඇති හතරවන විකල්පය Software Restricted By Copyright or Legal Issues(multiverse) තෝරා ගන්න. දැන් close click කල පසු sources ලිස්ට් එක reload කරන්න දැයි අසමින් Messagebox එකක් පැමිනෙන අතර එයට Reload ලබා දෙන්න.

දැන් ඔබ Multiverse සක්‍රීය කර අවසන්. දැන් තමයි ස්ථාපනය කරන්න පටන් ගන්නේ.

ටර්මිනල් එකක් (Applications -> Accessories -> Terminal) විවෘත කර පහත දැක්වෙන විධානය ක්‍රියාත්මක කරවන්න.

සියලුම විධාන case sensitive නිසා එම ආකාරයෙන්ම ඇතුලත් කරන්න. Capital අකුරු capital ලෙසත් simple අකුරු simple ලෙසත් ඇතුලත් කරන්න.

sudo apt-get install ttf-sinhala-lklug scim scim-gtk2-immodule
sudo apt-get install im-switch scim-m17n m17n-db m17n-contrib language-pack-si-base

ඔබගේ රහස් පදය ඇතුල් කරන්න.

ඉන්පසු මෙම විධානය ඇතුල් කරන්න.
im-switch -z all_ALL -s scim-immodule

දැන් ඔබ ගේ account එකෙන් log out වී නැවත log වෙන්න.

දැන් උබුන්ටු top panel එකේ දකුනු කෙලවරේ (ඉහල දකුණු කෙලවරේ) key board එකක සලකුණක් දක්නට ඇත. ඔබ යතුරු පුවරුව විජේසේකර පුවරුවට මාරු කරගත යුත්තේ එතනින්. එම අයිකනය මත click කර sinhala විකල්පය තෝරා si-wijesekara-preedit විකල්පය තෝරා ගන්න.

දැන් ඔබට සිංහලෙන් ටයිප් කිරීමේ හැකියාව ඇත. නැවතත් ඉංග්‍රීසි යතුරු පුවරුවට මාරු වීමට එම අයිකනය මත click කර English/Keyboard තොරාගන්න. Windows වල මෙය alt+shift යතුරු එකතුවෙන් කරගන්නාක් මෙන් උබුන්ටු වලදී ctrl+space යන එකතුව යොදා ගත හැක.

22 thoughts on “උබුන්ටු සහ සිංහල : Installing Sinhala in Ubuntu 8.1

  1. ubuntu 8.10 විතරක් දාන විදිය ගැන පැහැදිලි ලිපියක් දාන්න.
    නොදන්නා command ටයිප් කිරීම තමයි අමාරැම වැඩේ.
    “C”FORMAT කරන්න හොදම විදිය කුමක්ද?

  2. ඔබ උබුන්ටු විතරක් දාන හැටි කිව්වේ වින්ඩෝස් නැතුව dual boot නැතුව එය පමණක් මෙහෙයුම් පද්ධතිය ලෙස ස්ථාපනය ද?

    මා දන්නා තරමින් c තැටිය ෆෝමැට් කිරීමට “හොඳම” විදියක් නැහැ. මම කරන්නේ එම තැටි ‍ෆෝමැට් නොකර මෙහෙයුම් පද්ධති ස්ථාපනයේදී එම installers විසින් සපයන Wizard වලින් ෆෝමැට් කිරීම.
    එහෙත් ඔබට Paragon Partition Magic වැනි තුන්වන පාර්ශවයේ මෘදුකාංගත් යොදාගන්න පුලුවන්. එම මෘදුකාංග භාවිතය සඳහා අදාල වෙබ් අඩවි තුල ඇති උදව් සඳහා යොමුවන්න.

    මම උබුන්ටු ස්ථාපනය ගැන ලිපිය ඊළඟට දාන්නම්

  3. සමාවෙන්න. මම ඒක දැනගෙන හිටියේ නෑ. මෙම ලිපිය එයින් පිටපත් කරපු එකක් නෙවෙයි. මේ මම ස්ථාපනය කරපු විදිය.

  4. ඔව් ubuntu පමණයි.3වන පියවරේදි help යනුවෙන් ටයිප් කල යුතුයි.”BUSYBOX VL 10.2(UBUNTU 1:1.10.2 UBUNTU 6)BUILT IN SHELL(ASH)ENTER HELP FOR A LIST OF BUILT IN COMMAND”හෙල්ප් යනුවෙන් ටයිප් කලපසු ලැබෙන COMMAND තමයි හදුනාගැනීම අසීරැ.(XP-INTEL P4-1GB RAM)

  5. virtual box මත හෝ install inside windows හරහා යද්දි නම් බබා වගේ

  6. මටනම් එකම පියවරකවත් commands type කරන්න වෙලා නෑ. මම උබුන්ටු කිහිප වතාවක් ස්ථාපනය කරා. උබුන්ටු ස්ථාපනය ගැන පෝස්ට් එකනම් දැම්මේ Sun VirtualBox වලට ස්ථාපනය කිරීමෙන්.

    ඔබගේ ප්‍රශ්නය පැහැදිලි නෑ. මම දන්න විදියට එහෙම කිසිම දෙයක් ටයිප් කරන්න නෑ. ඇයි help යනුවෙන් ටයිප් කරන්නේ?

  7. මෙම ගැටළුව මට විතරද? මෙන්න 3වන පියවරට එන තිරය ස්පිල්ලක්වත්අඩු නැතිව.
    loading please wait…..
    busybox v1.10.2(ubuntu1:1.10.2-1ubuntu6)built in shel(ash)
    enter ‘help’for alist of buil -in command
    හෙල්ප් ටයිප් කලපසුinitramfs-help
    bilt in command
    .:[ [[ alias break cd chdir command continue echo eval exec exit export
    false getopts hash helplet local pwd readonly retarn set shikt source
    test time trap true type alimit umask unalias unset wait [ [[ ask awk
    basename cat chmod chvt clear cmp cp cat deallocvt dumpkmap echo egrep
    env expr false fdflush fgrep find grep hostname if config ip kill ln
    loadfont loadkmap is mkdir mkfifo mknod mkswap mktemp more mount mv
    openvt pidof printf ps pwdreadlink feset rm rmdir sed setkecods sh
    sleep sort star sync tail tee test toash tr true tty umount uname unig
    wget yes
    මෙතනින් එහාට යන විදිය කියන්ඩෝ….

  8. ඔතන help යනුවෙන් ටයිප් කල යුතුමද? =D
    මමනම් දන්නේ නෑ. මට ඔහොම කවදාවත් වෙලා නෑ. සමහර විට ඔබගේ VGA card එකේ ගැටලුවක් වෙන්න පුලුවන්.
    මම මේක සිංහල බ්ලොග්කරුවන්ගේ ගූගල් group එකට දාලා බලන්නම්. එතන කාට හරි මේක වෙලාද කියල බලමු.

  9. කරදරයක් නම් සමාවෙන්න ! මම හිතුවෙ windows නැතුව ඇයි ubuntu තනිව දාන්න නොදෙන්නෙ. ubuntu වලට windows වලින් බාධා කරනවද? (මාර්තු 1 දාපු2වැනිcomment එක)VGA driver(nvidia gefroce 7100gs) install නොකර බලන්නම්

  10. සමන්
    කරදරයක් නෑ. උදව් කරන එක සතුටක්

    මම සිංහල බ්ලොග්කරුවන්ගේ google group එකේ දැම්මා ඔය ප්‍රශ්නේ. උඩ තියෙන්නේ ඒකේ ලින්ක් එක. මේ තියෙන්නේ ලැබිච්ච පිලිතුරු.
    =======================================

    Prabath Ranasinghe
    View profile
    More options Mar 3, 11:56 pm
    ඔහොම වෙන්නෙ තැටිය මවුන්ට් කර ගන්න බැරි උනාම නේද…?
    වෙන තැටියකින්/ධාවකයකින් උත්සාහ කරොත් මොකද?
    ============================================

    ============================================

    T.S. Gunatilaka
    View profile
    More options Mar 4, 12:15 am
    ඔව් මේක වෙන්නෙ තැටිය මවුන් ට් කරගන්න බැරි වුනාම තමයි. මටත් ඔය වැඩේ වුනා. මම ASUS DVD ධාවකයකින් තමයි තැටිය දැම්මේ. එතකොට ඔය කියපු දේ මටත් වුනා. පසුව මම
    පැරනි IBM පරිගනකයක තිබුනු CD ධාවකයක් ගෙන තැටිය දාල බැලුවා. එතකොට තැටිය
    මවුන් ට් වුනා. බොහෝ වෙලාවට සමහර අලුත් ධාවක වල උබුන්ටු තැටි හරියට මවුන් ට්
    වෙන්නෙ නැහැ.
    =========================================

    ===========================================

    Prabath Ranasinghe
    View profile
    More options Mar 4, 9:32 am
    ASUS ධාවක ලෙඩ වාට්ටුලු නේද?මම නම් කවදාවත් පාවිච්චි නම් කරලා නෑ,
    තව IDE Cables/Controllers වල දෝෂ නිසාත් මේක වෙන්න පුලුවන්
    ========================================

    බලන්න මේකේ තියෙන විසඳුම් ටික. cd ධාවකයේ දෝෂ වෙන්න පුලුවන්. හරි ගියේ නැත්තන් කියන්න

  11. VGA DRIVER නැතිව DVD ධාවකය ඉවත්කර CD ධාවකයකිනුත් දන්න ශිල්ප දැම්මත් මෙයාට “බිල්” නැතිව තනිව නැගිටගන්න බෑ.

  12. @චමිල,
    “සමාවෙන්න. මම ඒක දැනගෙන හිටියේ නෑ. මෙම ලිපිය එයින් පිටපත් කරපු එකක් නෙවෙයි. මේ මම ස්ථාපනය කරපු විදිය”

    මේකෙ තේරුම මොකක්ද ?
    මම ඹයා පිටපත් කලා කියල කියල තියෙනවද කොතැනක හෝ?

    නිවැරදිව කියවන්න.

  13. @har
    මම ඔබ එහෙම කිව්වා කියල කියලත් නෑ.
    නිවැරදිව කියවලා තමයි මේක දැම්මේ. ඒක ඔබට offend කිරීමට කියපු දෙයක් නෙවෙයි.

  14. @saman
    මම ආයේ දැම්මා ප්‍රශ්නේ. උත්තරේ ලැබෙන්න ටික කාලයක් යයි

  15. අප්පා ඇති යන්තම්… වෙලාවට මේ ලිපිය දැක්කේ… ස්තුතියි..

  16. Pingback: කාර්මික් කොආලා සමඟ දවසක් « Tech Buzz

  17. Pingback: Lucid සමග දිනයක් – උබුන්ටු 10.04 Alpha| A day with Lucid – Ubuntu 10.04 Alpha « Tech Buzz