උබුන්ටු 8.1 ස්ථාපනය

මින් පෙර උබුන්ටු 8.1 මත සිංහල ස්ථාපනය ගැන තිබූ සටහනට දැක්වූ ප්‍රතිචාරයක් නිසා උබුන්ටු 8.1 ස්ථාපනය ගැන මෙම සටහන ලියනවා.

උබුන්ටු සඳහා 256Mb අවම මතකයක්ද 4GB අවම දෘඩ තැටි ඉඩක්ද අවශ්‍ය වේ

මුලින්ම උබුන්ටු ලබා ගැනීම සඳහා http://www.ubuntu.com/getubuntu/download වෙත යන්න. එතනින් ඔබට අවශ්‍ය උබුන්ටු desktop අනුවාදය ලබා ගන්න. එහිදී 32bit ද 64bit ද යන්න තෝරා ගැනීම වැදගත්.

එය බාගත් පසු cd තැටියකට පිටපත් කර පරිගණකය Restart කරන්න. POST Screen එකෙදී (Memory testing, IDE device recognition) Delete යතුර ඔබා BIOS setup එකට ගොස් ඔබගේ Ubuntu CD එක ඇති CD/DVD Drive එක Boot Sequence එකේ පලමු විකල්පය ලෙස දෙන්න. දැන් settings save කර පරිගණකය restart කරන්න.
උබුන්ටු cd එක load වන තුරු බලා ඉන්න. ඉන්පසු පහත screen එක ලැබේ.
එම මෙනු එකෙන් English තෝරා ගන්න. ඉන්පසු ලැබෙන මෙනු එකෙන් Install Ubuntu තෝරා ගන්න. එතනින් පලමුවැනි විකල්පය එනම් Try ubuntu without any changes to your computer තෝරා ගතහොත් උබුන්ටු Live CD load වන අතර එයින් ද ඔබට උබුන්ටු installer එක ක්‍රියාත්මක කර ගත හැක. නමුත් දැනට පලමුවැනි වරටම ස්ථාපනය කරමු.
CD එක මතකයට load වන තුරු මදක් සිටින්න.
ඉන්පසු ලැබෙන window එකෙන් English, installation language ලෙස තෝරා ගන්න. දැන් Forward Click කරන්න.
ඉන් පසු ලැබෙන window එකෙන් Colombo තෝරාගන්න. Forward click කරන්න.
දැන් ඔබ යතුරු පුවරුව තෝරා ගත යුතුයි. එහි වම් පස ලිස්ට් එකෙන් USA තෝරාගෙන දකුණුපස තීරුවෙන් USA තෝරාගන්න. window එකේ පහළ ඇති textbox එකේ අවශ්‍ය නම් ටයිප් කර නිවැරදි ලෙස යතුරු පුවරුව තෝරාගෙන ඇත්දැයි බලාගත හැක. Forward click කරන්න.
දැන් උබුන්‍ටු ස්ථාපනය සඳහා Partition සකස් කිරීමට අවශ්‍යයි. ඒ සඳහා උබුන්ටු වෙතින් විකල්ප දෙකක් ලබාදේ (ඔබ දැනටමත් වෙනත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කර ඇත්නම් විකල්ප තුනක් ලබා දේ).


1)Guided – Use entire disk
මෙම විකල්පය මගින් මුලු තැටියම ෆොමැට් කර උබුන්ටු ස්ථාපනය සඳහා යොදා ගනී. එසේ කර ස්වයංක්‍රීයව partition සකස් කරගනී. මෙමගින් දැනට දෘඩ තැටියේ අඩංගු දත්ත සියල්ල අහිමි වන අතර නැවත සොයාගත නොහැකි තත්වයට පත්විය හැක. එමනිසා ප්‍රවේශමෙන් තෝරා ගන්
.

2)Guided – Resize the partition and use the free space
තවත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කර ඇත්නම් මෙම විකල්පය දර්ශනය වේ. මෙවිට දැනට පවතින partition වලින් ඉඩ නිදහස් කර ගන්නා අතර එසේ කර ගන්නේ ස්ථාපනය කර ඇති මෙහෙයුම් පද්ධතියට හානි නොවන සේය. දැනට පවතින මෙහෙයුම පද්ධතියත් සමගම උබුන්ටු පාවිච්චි කිරීමට (dual boot) අවශ්‍ය නම් මෙම විකල්පය තෝරාගත යුතුය. Dual boot වන විට දැනට තිබෙන මෙහෙයුම් පද්ධතියේ boot manager එක උබුන්ටු GRUB එක මගින් ප්‍රතිස්ථාපනය කර දමයි.

2)Manual
මෙම විකල්පය තෝරා ගත යුත්තේ යම් තාක් දුරට මෙම විෂය පිලිබඳ දැනුමක් ඇති අයයි. අලුත්ම දෘඩ තැටියක වෙනත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීමට හැකි වන සේ උබුන්ටු මෙම විකල්පය මගින් ස්ථාපනය කර ගන්න හැටි මම විස්තර කරන්නම්.

මේ සඳහා Manual විකල්පය තෝරාගන්න. ඉන්පසු පහත window එක ලැබේ.

දැන් /dev/sda තෝරා New Partition table තෝරන්න. ඉන්පසු /dev/sda වලට පසුව free space යනුවෙන් අයිතමයක් ඇතුලත් වේ. එය තෝරා New Partition තෝරන්න. එවිට create partition යනුවෙන් window එකක් පැමිණෙන අතර එයට ඔබට අවශ්‍ය ඉඩ ප්‍රමාණය (මෙගාබයිට් වලින්), Ext3 Journeling file system, Use as ඉදිරියෙනුත්, Mount Point ලෙස “/” ත් ලබා දෙන්න. අනිත් තෝරා ගැනීම් එලෙසම තබන්න. Ok click කරන්න. (ඔබගේ RAM එකේ ප්‍රමාණය මෙන් දෙගුණයක ඉඩ ප්‍රමාණයක් free space ලෙස ඉතුරු කරන්න)
Ext3 යනු Windows වල NTFS වැනි Linux වල file system එකකි. මෙහි අලුත්ම සංස්කරණය ලෙස ext4 නිකුත් වී ඇත.

Linux වල file system එක windows වල ඇති file system එකට වඩා වෙනස් සංකල්පයකින් ‍ගොඩ නැගුන එකකි. එය tree structure එකක් වන අතර මූලික(root) element එක වන්නේ “/” ය. මෙය mount point ලෙස අලුතින් සෑදූ partition එකට ලබා දීමෙන් මුලු file system එකම එක partition එකකට mount වේ. වැඩිදුර දැන ගැනීමට මෙ‍ම සටහන බලන්න.

දැන් නැවත free space තෝරා ගෙන New Partition තෝරන්න. මෙවිට පැමිණෙන window එකේ partition size එකට RAM එක මෙන් දෙගුණයක ඉඩ ඇතුලත් කරන්න. (උදා: RAM එක 512Mb නම් මෙතන 1024ක් ලෙස ඇතුලත් කරන්න). Use As සඳහා Swap Area යනුවෙන් තෝරාගෙන Ok තෝරන්න.
Swap area යනු windows වල pagefile වලට සමාන feature එකකි. එනම් RAM එක වැඩ කටයුතු සඳහා මදි වූ විට දෘඩ තැටියෙන් අමතර ඉඩක් ලබා ගැනීමයි. RAM එකේ ඇති වඩාත්ම අනවශ්‍ය ගොනු මෙම Swap එකට පිටපත් කර RAM එක නිදහස් කර දමයි. Swap area එක 32Mb ට වඩා වැඩි විය යුතු අතර 2048Mbට වඩා අඩු විය යුතුය.
ඉන්පසු ඔබ ඉදිරියට යෑමට සූදානම්. Partition නැවත සකස් කිරීමට අවශ්‍ය නම් Undo changes to partitions තෝරාගත හැකියි. මෙලෙස partition තෝරා ගැනීමේදී වෙනත් මෙහෙයුම් පද්ධතිය පසුව ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වෙනවානම් ඒ සඳහා ඉඩ free space ලෙස තබන එක සුදුසුයි.


දැන් Forward click කරන්න.

ඉන්පසු පැමිණෙන්නේ ඔබගේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කරන පියවරයි. මෙම window එකට ඔබගේ නම, පරිශිලක නාමය (username – all lower case), රහස් පදය සහ පරිගණක නාමය ඇතුලත් කරන්න. මේ මම ඇතුලත් කරපු දත්ත.
දැන් Forward click කරන්න. ඉන්පසු ස්ථාපනය කිරීම සඳහා ඔබ මෙතෙක් ලබා දුන් දත්ත තහවුරු කර ගැනීම සඳහා නැවත ඉදිරි පත් කරයි. එම දත්ත තහවුරු කර ගැනීමෙන් පසුව Install click කරන්න. ඔබට යම් දත්තයක් නැවත ඇතුලත් කිරීමට අවශ්‍යනම් Back මගින් ආපසු යා හැක.
දැන් උබුන්ටු ඔබේ පරිගණකය මත ස්ථාපනය වීමට පටන් ගනී. ඒ සඳහා කාලය ලබා දෙන්න. ස්ථාපනය අවසන් වූ පසු Restart කිරීමක් අවශ්‍ය වේ.
මෙම තිරය ආ පසු cd තැටිය ඉවත් කර Enter යතුර ඔබන්න. දැන් ඔබ උබුන්ටු ස්ථාපනය කර අවසන්!!!.

පරිගණකය restart වී උබුන්ටු ආරම්භ වුනු පසු ඔබ login screen එක පැමිණෙන අතර එතැනට ඔබ කලින් ඇතුලත් කල Username සහ password ඇතුලත් කරන්න (Username සෑම විටම lowercase බව මතක තබා ගන්න). දැන් ඔබ උබුන්ටු පද්ධතියට login වේ.

10 thoughts on “උබුන්ටු 8.1 ස්ථාපනය

  1. උබුන්ටු දාගත්තට පස්සෙ MP3, WMA, AVI Codec දාගන්න විදියත් මේ විදියටම step by step පැහැදිලි කරන්න. තව… සිංහල යුනිකෝඩ්, සිංහල ෆයර්ෆොක්ස් දාගන්න විදිය. ඊට පස්සෙ දැනගන්න ඕන කොහොමද අන්තර්ජාල සම්බන්ධතාවය නැති පරිගණකයකට මේවා වෙනම බාගෙන ස්ථාපනය කරන්නේ කියලා. මමත් උබුන්ටු දාගත්තා. නමුත් ගෙදර අන්තර්ජාල පහසුකම් නැහැ. සිංදුවක් වත් අහන්න විදියක් නැහැ දැන් Codec නැති නිසා.

  2. @randeera,
    Always a pleasure.
    Have you installed any OS’s in dual boot mode?
    If not=>
    First install Windows XP. When you allocate hard disk space for XP, keep a little unallocated for Fedora. Finish the fancy installation.
    Then insert the Fedora 11 DVD and boot from it. Choose install from DVD to start the installation. It will ask to check the media, but if you are sure about the DVD i suggest you skip it. Fedora GUI installer will load and the first few steps are pretty easy. You only have to check the content and click Next. In one of the screens you will have options to modify the GRUB. The GRUB is the boot loader which shows the list of OSs installed when you power up the PC. You can select the Default OS, i.e. which will load by default if you don’t press any key, etc. After that the dual boot system is set, so continue with the Fedora installation.
    When you finish and restart, there will be a brief screen after the POST (the screen where it lists the hard disks and CD-ROMs) to press any key. Press any key and you will get the GRUB menu. You can select the OS you want to load from here.

    I hope this answers your question. If not feel free to ask more.

  3. ලිපියට දහස් වාරයක් ස්තූතියි. පොඩි ප්‍රශ්නයකුත් තියෙනව ඒකටත් පිළිතුරක් දෙන්න. :)

    මම ඉගෙන ගන්න තැනත් ලිනක්ස් (Red Hat) මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීම ගැන ඉගැන්නුවා. එතනදි root හා swap එකට අමතරව තව ඉඩ ප්‍රමානයක් /boot වලටත් වෙන් කලා. නමුත් මට පෙනුන දෙයක් තමයි root හා swap වගේ නෙමේ /boot එකට ඉඩ වෙන් කිරීම අනිවාර්ය නොවන වග. ඇත්තටම මොකක්ද ඒකෙන් වෙන්නෙ? ඒකට ඉඩ වෙන් කිරීමේ වාසි/ අවාසි මොනවද?

  4. නෙස්,
    /boot සඳහා ඉඩ වෙන් කිරීම අනිවාර්ය නෑ. ලිනක්ස් ස්ථාපනයකට අවශ්‍ය අවම පාටිෂන් දෙකයි.
    swap
    linux file system partition

    ලිනක්ස් බූට් වීමේදී අවශ්‍ය වන්නේ 100MB ටත් වඩා අඩු ගොනු කිහිපයක්. කර්නලය, GRUB වගේ දේවල්. මේ ගොනු තියෙන්නේ /boot ඇතුලේ. සාමාන්‍යයෙන් කරන්නේ මේ /boot ඩිරෙක්ටරිය වෙනම පාටිෂන් එකකට දැමීම. මේකෙ වාසි කිහිපයක් තියෙනවා. හදිස්සියේ ඔයා බාගත කරපු ගොනුවක් නිසා පාටිෂන් එකේ ඉඩ මදි වුනොත් /boot තියෙන්නෙත් ඒ පාටිෂන් එකේ නම් බූට් වීමට අපහසු වෙන්න පුලුවන්. ඒ වගේම බූට් ක්‍රියාවලියේදී ගොනු වලට ඇතුලු වීමටත් වඩා පහසුයි පොඩි ඉඩක හොයන නිසා. අපි හිතමු කර්ලය පමණක් වෙනස් කිරීමට අවශ්‍ය වෙලා තියෙනවා කියලා. එතකොට අපිට පුලුවන් /boot පාටිෂන් එක ඇතුලේ අනිත් කර්නලයත් දාලා GRUB entry එක ඒ කර්නලයෙන් පටන් ගන්න කියලා වෙනස් කරන්න. මේක හුඟක් server වලට වැදගත්.

    ඔය වගේ වාසි කිහිපයක් තියෙනවා /boot වෙනම පාටිෂන් එකකට දැම්මාම. /boot වගේම අපිට /home, /var වගේ ඩිරෙක්ටරිත් වෙනම පාටිෂන් වලට දාන්න පුලුවන්. මේ දෙකේම භාවිතා කරන ඉඩ ප්‍රමාණය වෙනස් විය හැකි නිසා.

    තවත් වැදගත් කාරණයක් තමයි /boot වල filesystem එක. වෙන පාටිෂන් වල file system එක හුඟක් වෙලාවට ext3 හෝ ext4 වුනොත් හොදයි. නමුත් මෙම file system වලින් ඉඩ ටිකක් වැඩි පුර ගන්නවා. අපිට /boot පාටිෂන් එකට 200MB තිබුනොත් හොඳටම ඇති. ඒකෙනුත් වැඩියෙන් ඉඩ නොයන්න ext2 ඒ පාටිෂන් එක සඳහා භාවිතා කරන එක හොඳයි. ext3 හෝ ext4 වලින් ලබා දෙන අමතර වාසි /boot සඳහා වැදගත් නෑ.

    මම 9.1 ස්ථාපනයේදී /boot (300MB, 40MB used), /home (3.48GB, 1.61GB used), සහ / (5.78GB, 3.4GB used) වෙනම පාටිෂන් වල දැම්මා.

  5. තවත් ප්‍රශ්නයක්. මම හරියට පාටිශන් කරල Kubuntu 9.10 ස්ථාපනය කළා. පසුව යම් හේතුවක් නිසා මම තීරණය කලා දැනට Kubuntu අයින් කරලා පසුවට අත් හදා බලන්න. ඉතින් මම Windows 7 DVD එක මාර්ගයෙන් Kubuntu සඳහා වෙන් කෙරුණු පාටිශන් 3 ඉවත් හා format කළා. නමුත් තාමත් startup එකේදි GRUB Menu එක පේනවා. මේ මෙනුව තිබ්බ /boot පාටිශන් එක මම අයින් කරානෙ. කොහොමද ඒක තාම පේන්නෙ. ඒක ඉවත් කරගන්නෙ කොහොමද? GRUB මෙනුවෙදි කියන්නෙ “grub loading, no such partition” කියල

  6. නෙස්,
    Grub ස්ථාපනය වෙන්නේ දෘඩ තැටියේ පළමුවැනි 512KB තුල. මෙතන වෙන් කරලා තියෙන්නේ බූට් ලෝඩර් එකට. windows බූට් ලෝඩර් එකත් මෙතන තමයි තියා ගන්නේ. Windows BootMgr එක ඒ 512 තුලමයි තියෙන්නේ. නමුත් GRUB වලදී එතන පොඩි වැඩමටනක් දානවා /boot/grub/ තුලට ලින්ක් එකක් විදියට.

    පරිගණකයක් ආරම්බ වෙද්දී POST screen එකෙන් පස්සෙ කරන්නේ පළමුවැනි 512 පරීක්ෂා කිරීම (BIOS එකට ඉන් එහා යන්න බෑ) ඉතින් ඔබ GRUB අයින් කලාට ඒකට තියෙන සම්බන්ධතාවය අයින් කලේ නැති නිසා එතන කියවලා /boot වෙත යන්න හදනවා. එතනදි තමයි එයා දැන ගන්නේ /boot පාටිෂන් එක නෑ කියලා. ඒකයි අර විදියේ පණිවිඩයක් එන්නේ.

    මේකට විසඳුම තමයි Windows CD එකෙන් බූට් කරලා Recover ඔප්ෂන් එක තෝරගන්න එක. එයා ආයේ එයාගෙ බූට් ලෝඩර් එක, BootMgr ස්ථාපනය කර ගනී.

  7. @පිටස්තරයා, Seriously impressed by your knowledge about the field. Props for that. I, however managed to get rid of GRUB screen already. Thanks for replying.
    (Sorry I’m unable to write in sinhala at this moment) Will be checking this blog more often :)

  8. :) (නිහතමානී හිනාව)
    හපො මචන්.. මමත් මේ ටික ලඟදි දැන ගත්තෙ. ලිනක්ස් වල වැඩ කරද්දී ඕකත් එක වාසියක්. ඇයි හැම තැනම හොයලා ටිකක් විතර වැඩියෙන් දැන ගන්න පුලුවන් නිසා.

    එළ.

Return Fire!