ගෙදර එහා පැත්තේ ඉන්න බල්ලා


නිවේදනය: මකබාස් වෙත විශේෂයෙන්ම

අපේ ගෙදර එහා පැත්තේ ඉන්නවා බල්ලෙක්.

මේකාට හොඳට බුරන්න පුලුවන්.

ඉතින් මේකා කරන්නේ බුරන්න පුලුවන් වෙච්ච පලියට බුරනවා හතර වටේට.

උගේ ගෙදර අයටත්, අනුන්ටත්, පාරවල් දෙක තුනකට එහා ඇහෙන සද්ද වලටත් උගේ වැඩේ බුරන එක.

ඌට බුරන එක ෆන් එක මම හිතන්නේ.

උගේ වටේ තව ඌ වගේම බල්ලෝ ඉන්නවා.

උන් තමයි මුලින් පොඩ්ඩක් බුරලා අරූව ෆෝම් කරන්නේ. ඊට පස්සේ අරුත් බුරන්න පුලුවන් නිසා හොඳට බුරනවා.

හැබැයි,

ඌ බුරාගෙන ගියාට කවුරුත් ඌව ගනන් ගන්නේ නෑ. ළඟදී දවසක් කාගෙන්ද ගල් පාරකුත් කෑවා.

ඒත් ඌ බුරන එක නම් නවත්තන්නේ නෑ.

මොකද ඌට ඕනේ බුරලා ඌ එතන ඉන්නවා කියලා පෙන්නන්න. පොර වෙන්න.

අපිට මොකෝ.

ඌ පොර වෙද්දෙන්.

බල්ලොන්ගෙ පොර නෙ එතකොට.

මකබාස් වෙත කරුනාවෙන් කරන ඉල්ලීමයි!!!

අපි බ්ලොග් ලියන්නේ දේශපාලනේට, නවක වදය පිටුදකින්න, නලින්ට බනින්න නෙවෙයි. බ්ලොග් ලියන්නේ අපිට ඕනේ නිසා මිසක් හැමෝටම බ්ලොග් එකකින් බැනලා පොර වෙන්න නෙවෙයි. අපි මොනවටද හොඳ ලියන බාසාවෙන් ලියන්නේ, මකබාස් ඉන්නවනේ ඒක කරන්න. ලැජ්ජාවෙන් වේවුලනවානම් නොබලා හිටපන්. මොකද මම කැමති නෑ උඹට වෙව්ලිල්ලක් දෙන්න. මගේ මූනත්තහඩුව මම අයින් කර ගත්තාම ඒකට බ්ලොග් ලියයි කියලා දන්නවනම් මම මීට කලින් අයින් කරන්නේ =D

මේකත් බලලා ඒකටත් ගොබ්බයා කියලා පුලුවන් නම් බැනපන්.
http://maranaya.blogspot.com/2009/01/blog-post_28.html

මේ අනිත් එක… අවුරුදු ගානක් හොඳ උගත් මිනිස්සු එළියට දාපු තැනක උඹ ඉන්නවා කියලා කියන්න එපා. ඒක එතැනටත් අවනම්බුවක්. අපිට නෑ ඉරිසියාවක් ඒ තැන ගැන උඹට වගේ. මොකද අපි ට ඉරිසියා කරන්න දෙයක් නැති නිසා. මම දන්න හොඳ වැදගත් අය ඉන්නවා උඹ කියන තැන. උඹ වගේ අමනයො ඉන්නවා කියලා දන්නේ අදයි.

පිස්සෙක් වගේ එහාටයි මෙහාටයි බනින එක මගේ පුරුද්ද නෙවෙයි. ඒත් කරන්න දෙයක් නෑ. මෙන්න සිරසේ බාසාවෙන්ම ලිව්වා. දැන් මෙතන anonymous බැනලා මකබාස් බ්ලොග් එකේ තව බ්ලොග් පෝස්ට් එකකුත් දාන්න

10 thoughts on “ගෙදර එහා පැත්තේ ඉන්න බල්ලා

  1. මම ඒ සටහන කියවා ප්‍රතිචාර දක්වන්න ගියවිට පොස්ට් එක වෙනස් කර තිබුනි. එවැනි වූ විටින් විට වෙනස්වන බ්ලොග් පොස්ට් එකකට පිළිතුරු ලිවීමෙන් ඇති ඵලය කුමක්ද?

  2. චමිල,
    ඕවා ගනන් ගන්න එපා. ඔය වගේ අමනයන්ගේ බ්ලොග් වැඩිකල් පවතින්නේ නෑ. නිකංම කිච වෙලා යනවා.

  3. සියොලඟ ලැජ්ජාවෙන් වෙවුල වෙවුලා හෝ අපගේ සියලු බ්ලොග් පොස්ට් කියවා ඇත.
    :D

  4. “මෝඩයෙක් සමග විවාද කිරීමෙන් ඇති පළක් නැත. මෝඩයා ඔබවද එම තත්වයටම ඇද දමා පළපුරුද්දෙන්ම ඔබව පරදනු ඇත.”

    මකබාස් ඕන දෙයක් කියාගත්තදෙන්. ලොකු තරහක් තියාගෙන ඉන්න පාටයි. ඔන්න ඔහෙ බුරපුදෙන්. බුරලා බුරලා මහන්සි වෙලාම නවත්තන්නෙ නැතැයි.

  5. චතුර ගේ අදහසට මමත් එකඟයි. හිතට එකඟව අපේ ලියමන අපි ලියමු. ඔය එක එක්කෙනාගෙ මඩ ප්‍රහාර අපිට වැඩක් නෑ.

  6. අදහස් වලට අදහස් වලින් පහර දෙන්න ~ අන්න ඒක මරු අදහස නේද…..?? එක එහෙම කරන්න බැරි එකාලා ඉතින් “බත් කන හරක්” කියලා තමයි කියන්න වෙන්නේ…….!!

  7. මකබාස් කියනවා ඇත්තේ නිකම් වෙන්න බෑ…………!! සමහරවිට මකබාස් බත් කන හරකෙක්ද දන්නේ නැහැනේ අපි………..??

  8. බුරන බල්ලා හපාකන්නේ නැති බව ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ ඕව ගණන් ගන්න එපා හොඳට බුරන්න දෙන්න එතකොට තේරෙයි බල්ලෙක් ‍බිරුවට කන්දක් කඩාපාත් වෙන්නෙ නැති බව…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *