පෞද්ගලික විශ්ව විද්‍යාල සහ නරියාගේ මිදි

මේ තියෙන්නේ මම බ්ලොග් එකකට දාපු comment එකක්. බ්ලොග් එකේ මාතෘකාව වුනේ “අන්තර්ජාතික පාසැල්, පෞද්ගලික විශ්ව විද්‍යාල සහ ලංකාවේ අධ්‍යාපනය“. පාඨකයකුට වෙනම කියවන්න වටිනවා කියලා හිතන නිසාත් මගේ මිත්‍ර පහන් හොඳයි කියපු නිසත් ඔන්න මම මෙතන දැම්මා.

මල්ලී ඔයාගේ පාසැලේ පන්ති බේදය නෑ කියලා කියන්නනම් බෑ. මම පැහැදිලිව දැකපු පරතරයන් තිබුනා. ඒත් ඒක නෙවෙයිනේ මාතෘකාව.
රජයේ වි.වි. ක අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෙක් විදියට පෞද්ගලික වි.වි. පිළිබඳ මගේ තියෙන්නේ මේ වගේ අදහස්.
පෞද්ගලික වි.වි. ගැන පරපූර්ණවාදියෙකුගේ(perfectionist) අදහස් මම මුලින් කියන්නම්. උසස් පෙල පාස් වෙලත් වි.වි. කට ඇතුල් වෙන්න බැරි වුනාම සල්ලි තියෙන මිනිස්සු රුපියල් ලක්ෂ 80, 100 දීලා දුව පුතා රට යවනවා ඉගෙනගෙන වරෙන් කියලා (උන් එහේ ගිහින් බීලා පිස්සු නටලා ඒ සල්ලි නාස්ති කරන එක මෙතන මාතෘකාවට අදාල නෑ). ඒක නිසා නිසි ප්‍රමිතියක් ඇතුව ලංකාව තුල පෞද්ගලික වි.වි. ඇති කලොත් ඔහේ නාස්ති වෙන ලංකාවේ මුදල් විශාල ප්‍රමාණයක් ඉතුරු කර ගන්න පුලුවන්. මෙතනින් ලොකු වාසියක් තියෙන්නේ වි.වි. වරම ලකුණු දශම ගණනකින් අහිමි වෙච්ච අයට (ගම්පාලු බේබද්දෝ ගැන කතා කරන්නේ නෑ). දැනුමේ, දක්ෂතාවයේ වැඩි වෙනසක් නොවී, දූෂිත දෙසපාලුවන්ගේ වැඩ නිසා ඒ අයගේ මුලු අනාගතයක් නැති වෙනවා කියන්නේ අපරාධයක්. ඒ නිසා නිසි ප්‍රමිතියක් ඇතිව පෞද්. ව්.වි. ඇති කරන්න ඕනේ කියලා තර්කානුකූලව හිතන කෙනෙක් කියන්න පුලුවන්.

ඊළඟට කියන්නේ යථාර්තය. දරා ගන්න බැරි වෙයි. ඉවසීමෙන් කියවන්න. සැමවිටිම රජයේ අංශයකුත් පෞද්ගලික අංශයකුත් තරඟයට යොමු කලාම නිතැතයෙන්ම රජයේ අංශය කඩා වැටෙනවා. හේතුව වෙන්නේ තුන්වන ලෝකයේ රටක සෑමවිටම වගේ පවතින දූෂණය (උදා: පොදු මගී ප්‍රවාහන සේවය). ඒ නිසා පෞද්ගලික වි.වි. මෙරටේ ඇරඹූ වහාම රජයේ වි.වි. වල කඩා වැටීම ආරම්භ වෙයි. ඒ කියන්නේ කන්නන්ගර උත්තමයාගේ හිතේ තිබ්බ හීනය එළියට ඇදලා පොඩි පට්ටම් කරලා දානවා කියන එක. පොඩි මිනිහා මහන්සියෙන් කුඹුරු කොටලා හරි හම්බ කරලා වි.වි යවන්න හිටිය පුතාට දුවට ආයේ කුඹුර භාර කරලා වස බොන්න වෙන්නේ. පහළ පැළැන්තිය කවදාවත් හරි ඉගෙනීමක් ගන්නේ නැති වෙයි. මධ්‍යම පැළැන්තිය නම් මොකක් හරි ගැට ගහ ගනී කියලා හිතමුකෝ. මේ ඔක්කොම අන්තිමට මහා සමාජ පෙරළියකට මූල වෙයි. පටු අදහස් තියෙන‍ දේශපාලන පක්ෂ වලට රන් ආකරයක් පෑදෙයි. විප්ලව කියලා තරුණ ජවය පාවිච්චි කරලා බලයට එන්න හදයි. ඔන්න තිත්ත ඇත්ත. අඳුරු අනාගතය.

දැන් වි.වි. වලට තියෙන සම්පත් ප්‍රමාණය දන්නේ දැන් වි.වි.කට යන අය විතරයි. ඇත්තටම උපාධිය අරන් පිටවෙච්ච අයවත් දන්නේ නෑ කොච්චර අමාරුවෙන්ද වි.වි. යන්නේ කියලා. UGC එකේ ඉන්න අය පරිගනකයක් අවු. 5ක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ Win 2000 අපි තාම පාවිච්චි කරන්න ඕනේ. මේ විදියට අවම සම්පත් ප්‍රමාණයකින් පරිපූර්ණ ශිෂ්‍ය කණ්ඩායම් බිහි කරනවාට අපි අපේ ගුරු මෑණි වරුන්ට පිය වරුන්ට ස්තූති වෙන්න ඕනේ.

ප්‍රායෝගික ලෙස කරන්න ඕනේ තෘතීක අධ්‍යාපනයට මීට වඩා මුදල් වෙන් කිරීමයි. එම මුදල් යොදාගෙන වි.වි. ඇතුලත් කරගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කල යුතුයි. එහෙම නැතුව මේ ක්‍රමය යටතේ පෞද්. වි.වි. ඇති කලොත් මම සඳහන් කරපු අර්බුදය ඇතිවෙයි.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් ගැන හුගක් අය දරන්නේ ඍණාත්මක මතයක්. ඒකට සහමුලින්ම වැරදි නෑ. ඒත් ශිෂ්‍ය සංගමයක් කියපු ගමන් විප්ලව ගැන හිතන මානසිකත්වය පොඩ්ඩක් හරි වෙනස් කරන්න ඕනේ. ඒ මානසිකත්වයට මාධ්‍යයත් වග කියන්න ඕනේ. පෙළපාලියක් ගියොත් මිසක් ශිෂ්‍ය සංගම් වලින් කරන ‍පිං කමක් හරි ඒ සමාන දෙයක් රටට කියන්නේ නැති මාධ්‍ය සංස්කෘතිය විශ්ව විද්‍යාල පිළිබඳ ප්‍රතිරූපය සහමුලින්ම බිඳලා දාලා. මගේ විශ්ව විද්‍යාලයේ පීඨ ශිෂ්‍ය සංගමය එක් දින වැඩසටහනක් කරා දංකොටුවේ තිබුන එක ලමා නිවාසෙකට. මේ ලමා නිවාසේ හිටියේ මනස සෙමින් වැඩෙන දරුවන්. මේ ලමා නිවාසෙ දිහා ඔය එක දානපතියෙක් වත් ඇහැ ඇරලා බලලා තිබුනේ නෑ. මොකද ඒක පාර අයිනේ තියෙන එකක් නෙවෙයි නිසා වෙන්න ඇති. එතකොට පබ්ලිසිටිය (publicity) නෑනේ. මම හිතන්නේ ඒ කරපු දේ ගැන අඩුම තරමේ බ්ලොග් සටහනක්වත් නැතුව ඇති.

මේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයනුත් ශිෂ්‍ය සංගම් ගැනත් තියෙන අදහස් වෙනස් කරන්න ගත්ත උත්සහයක්. ලංකාවේ විශ්ව විද්‍යාල ගැන සදීප ට තිබ්බේ මේ වගේ අදහසක්.

ලංකාවේ විශ්ව විද්‍යාල වලට පිටරට සිසුන් ගෙන්නන්න ….? අප්පේ හතුරෙක්ටවත් යන්න දෙන්න හොඳ නැති සමහර විශ්ව විද්‍යාල තියෙනවා …බොහෝ සරසවි තාම ඉංගිරිසි වලින් ඉගැනුමට සූදානම් නැහැ (මෝඩ යුනියන් කාර හැත්ත තමයි විරුද්ද ගොඩක් වෙලාවට)සමහර ඒවා බාබර් සාප්පු දෙරවල් වගේ .. අරිනවා ..ව්හනවා …අපිට අපේ සරසවි වලට එන විදෙස් සිසුන් ආරක්ශා කරන්න පුලුවන්ද ? කැම්පස් නිකන් යුද්ද පිට්ටනි වගේ නේ ?අපේ “ප්‍රගතිශීලී සරසවි සිසුන් කැමති වෙයිද පිටරට ළමයි ගන්න …. ?

(Source : http://www.blog.sudaraka.com/?p=223)


අපේ විශ්ව විද්‍යාල ගැන තියාගෙන ඉන්න මේ අදහස වෙනස් කරන්න ඕනේ කියලා මම දීපු පිළිතුර තමයි පහළ තියෙන්නේ. මොකද යූනියන් එකක් නිසා ප්‍රයෝජනයක් ගත්තේ නැති ලමයෙක් හිටියොත් ඒ බොහොම කලාතුරකින්. ලමයින්ට මහපොළ ශිෂ්‍යත්වය නැති වුනාම ඒකට lectures වත් යන්නේ නැතුව බැහැලා වැඩ කරලා වෙනත් ශිෂ්‍යත්ව අරන් දුන්න ශිෂ්‍ය සංගම් නායකයො මම දැකලා තියෙනවා. මේ සදීප දැනට විශ්ව විද්‍යාලට යන කෙනෙක් නම් ඔහු ජීවත් වෙන්නේ වෙනමම ලෝකයක කියලා කියන්න පුලුවන්. එහෙම නෙවෙයිනම් ඔහු පත්තරෙන් ස‍හ/හෝ රූපවාහිනියෙන් පමණක් සරසවිය දැක ඇති අයෙක්.

අපේ “ප්‍රගතිශීලී සරසවි සිසුන් කැමති වෙයිද පිටරට ළමයි ගන්න …. ? ” — මේ අපේ සරසවි සිසුන්ට කල අපහාසයක් ද? තත්වය නිසි ලෙස තේරුම් නොගෙන කතා කරන බවක් පේන්නේ.. නරියාගේ මිදි කිව්වේ ලංකාවේ ඉදන් රජයේ විශ්ව විද්‍යාල වලටම බැනලා ඉඩක් ලැබුනොත් රජයේ විශ්ව විද්‍යාලයකට මිසක් වෙන කොහේවත් නොගිහින් ඉන්න නිසා.

@සදීප : සදීප යාලුවා.. ඔයා කියන දේ ඇත්ත. ඒත් යූනියන් එකටම බනින්න එපා. යුනියන් එකකට වෙනත් දේශපාලන පක්ෂෙකට කඩේ යන්න වෙන්නේ සමහර විට වෙන කරන්න දෙයක් නැති නිසා. තමන් හිතන විදිහට වි.වි. පද්ධතිය සාධාරණ නොවුනාම ඔවුන්ව අතකොළු කරගන්න ලේසියි. නැති ලොකයක් මවා පෙන්නන දේශපාලන පක්ෂ ඔවුන්ව රවට්ට ගන්නවා. මගේ වි.වි ත් ඔය කියන යූනියන් එක තියෙනවා. ඒත් කවදාවත් කිසිම දේශපාලන පක්ෂෙකට කඩේ ගාටන්නේ නෑ. ඒත් ශිෂ්‍යන්ට මොකක් හරි අසාධාරණයක් සිදු වුනොත් ඒක පරිපාලනයත් එක්ක කතා කරගන්නවා මිසක් බැනර් අරන් පාරට බහින්නේ නෑ. අපේ සම්ප්‍රදාය. සමහරු අපිට අල කියලත් කියනවා =D . මගේ පොයින්ට් එක වෙන්නේ යුනියන් කියන්නේ ලමයින්ගේ එකමුතුවක් මිසක් සමාජ විරෝධී විප්ලවීය පෙරමුණක් නෙවෙ කියන එක. ඒක සමාජ විරෝධී එකමුතුවක් වෙන්නේ හුඟක් වෙලාවට තමන්ට හරියට සාධාරණය ඉටු නොවුනම.

මේකට සම්බන්ධ බ්ලොග් එක සහ මගේ comment එක මෙතනින් බලන්න පුලුවන්

2 thoughts on “පෞද්ගලික විශ්ව විද්‍යාල සහ නරියාගේ මිදි

  1. මන් දන්න තරමින් මාල දිවයිනේ සමහර ළමුන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා පැමිණෙන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වලට. මුදල් නැතිකම නිසා නොවෙයි. ලංකාවේ උපාධි වලට වෙන රටවල සාපේක්ෂව පිළිගැනීමක් තිබෙන බැවිනි.

  2. ඒක ඇත්ත. මමත් දැකලා තියෙනවා මාලදිවයින් ශිෂ්‍යයින් මෙහේ ඉන්නවා. අපිට අපේ දේ අගයක් නැති වුනාට පිටරට්ටු දන්නවා අපේ දේවල් කොච්චර වටිනවද කියලා

Return Fire!