මගේ කොච්චි කරල !!!

සතියක් පුරා හූල්ල හූල්ල
දවසින් දවස ගනන් කර කර
හැම msg එකම 10 පාරක් කියව කියව
හෙමින් ගෙවෙන හැම තත්පරේටම බැන බැන
නුඹ එනකන් බලන් හිටපු මට….
ගන්න බැරි වුන එක call එකක් නිසා දොස් කියපු තරම….

මට හිතුනේ…
“හපොයි මම හොයා ගත්ත කොච්චි කරල” කියලා !!!

(ගනන් ගන්න එපා… වලි දාගත්ත වෙලාවක හිතට ආවේ… කවියට ආපු නැති නිසා ඔහේ ලිව්වා)

20 thoughts on “මගේ කොච්චි කරල !!!

  1. අම්මෝ මේක නම් මාරයි! මට එක දිංගකට හිතුනෙ අනේ මටත් කෙනෙක්‌ මෙහෙම්මම කියනවා ඇති කියලා සමහර වෙලාවට!

  2. හි හි හි… sorry! හිනා expression එක මුලින් අමතක වුනා…එච්චරට නිසඳැස jolly.. !!

  3. “ළඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙම්”

  4. කොල්ලෝ ඔක්කෝම ඉන්නේ එකම වලක. කවදා මේ වලෙන් ගොඩ වෙන්න වෙයිද දන්නේ නෑ.
    Blogger ම said…

    බලාගෙන ගියාම සේරම එකයි නේ,

    එම… එම…

  5. මම මෙහෙම කියවල තියෙනව….
    අපවත් වී වදාල, තායිලන්තයේ අජාන් චා හිමියෝ පොත් කිහිපයක් ලියල තියෙනව. අජාන් චා හිමි අර්හත් ඵලයට පැමිනිය බව ලෝකයේ විශ්වාසයයි. එයින් පොත් පහක් සිංහලට පරිවර්තනය කරල තියෙනව. ඒවා ඔක්කොම පුලුවන් බා ගන්න (PDF)
    “..ඔබේ ආදරවන්තියට ඔබ සියයට සියයක් ආදරය කරන බව පවසන්නෙහිය. එසේ නම ඇය කනපිට පෙරලා දැන් ඔබ ආදර කරන්නේ සියයට කීයකටද කියා බලන්න. එසේත් නොමැති නම් ඇය ඔබ සමීපයේ නොසිටින නිසා ඔබට එතරම් තද පාලු ගතියක් දැනෙන්නේ නම් ඇයගේ අසූචි පිරවූ කුප්පියක් ඔබවෙත එවන මෙන් දැනුම් නොදෙන්නේ මන්ද? එසේ කල හොත් ඇය මතක් වන සෑම මොහොතකම ඒ කුප්පිය විවුර්ත කොට ඔබට එහි සුවඳ බැලීමට හැකි වෙයි……………

    මාව වරද්දල තේරුම් ගන්න එපා. තරහ වෙන්නත් එපා. ජීවිතයේ යථාර්තය ගැන ඉඟියක් පමනයි.

    පොතේ නම “අජාන් චා නැත”. පිට 147. වගන්ති නොම්මරය 176. ඔබට අවශ්‍ය නම් විද්‍යුත් තැපෑලෙන් කොපියක් එවන්නම්.

  6. සරත් මහත්තයෝ ඇයි කොල්ලන්ව තේරුම් ගන්න බැරි…?

  7. අද ගිහින් ෂේප් කර ගත්තා… මේ මහා විපත්තියේදී මා සමඟ සිටි සැමට ස්තූතිය!!! =D

  8. එළ. විසඳගත්ත එක හොඳා.
    හැබයි ඕව මහා විපත්ති නෙවෙයි. මූදෙ ඕනතරං මාළු ඉන්නවනෙ බං.

  9. කෙල්ලොයි මුහුදේ මාළුන්ගෙයි කිසිම සමානත්වයක් නෑ…

  10. සමානයි සමානයි මාළු පැනපු ගමන් ඇම කනවා
    අපි පැනපු ගමන් ඇම ගිලිනවා
    දිරෝගන්න බැරුව විඳවනවා

  11. අර හැමදාම වදින එලාම් එක ගැන වෙන්නැති ඔය කියන්නේ. මූ සිංහරාජෙ ගිහිල්ලත් සිග්නල් හම්බ වුන ගමන් ගෙදරට call කරනත් කලින් call එකක් දුන්නෙ කෙනා ඔය කියන එක්කෙනාටනේ. 100 reload එක එක දවසෙන් ඉවරයි.
    තනිකඩ අපිට නම් ඔය කරදර නෑ. නිදහසේ ඉන්නව. :D

  12. අර අසරණ අම්ම බලාගෙන ඉන්නව එකම පුතා කෝල් එකක් දෙනකං
    මූ මොකද කරන්නෙ සිග්නල් ආපු ගමන් ගන්නව වයිෆ්ට කෝල් එක රුපියල් සීයම සුරුස් ගාල ඉවරයි!

    ඔහොම යං ඔහොම යං…

  13. සියල්ල ඉදිරී ගරා වැටුන දා..
    ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම
    දැන හදුනා ගත්, තනිකම නුඹටත්..
    මා හැර යන්නට සිදුවෙයි නැවතත්

  14. බටරිය බැස්සොතින්…
    සිග්නල් නැතිවුවෝතින්..
    අවසානය….
    කොච්චි නොව නයි මිරිස්…

  15. දැක්ක ගමන් හිනාගියා. මාත් ඔය වගේ එවා ඔනේ තරම් අහලා තියන නිසා. ඔය මොනවා කිව්වත් දෙන්නගේ ආදර කතාව නැගලා යනවා වගේ.

    තව පොඩි දෙයක්, කොල්ලො හදාගන්න කොච්චි වගේ සැරට ඉන්නත් ඔනේ.

Return Fire!