මේ බ්ලොග් අඩවියත් මගේය.

දුටුගැමුණු පිළිබඳ නාට්‍යය කිරීමේදී එන් ජි ඕ කාරයින් එයට අතගසා ඇත්තේ බටහිර ක්‍රිස්තියානි ව්‍යාප්තවාදයේ සුක්ෂම ලෙස සැලසුම් කරන ලද මෙහෙයුමක් දියත් කරන්නටයි. කලින් අබා හා එවැනි නිර්මාණ වලදී ක්‍රියාත්මක වුනේ එම අදිසි හස්තයයි.

මෙම සැලසුමට අනුව බුද්ධාගම හා අපේ රටේ සංස්කෘතිය විනාශ කිරීමට බටහිර ජාතීන් තම රටේ ධනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන කරයි. අප පන්සල් නොගොස් ගෙදර සිටිනා දවසට ඔවුන්ට නින්ද යනු ඇත.එම නිසා අප වැඩි වැඩියෙන් පන්සල් වන්දනාවද, හාමුදුරුවන් කර උඩ තබා ගැනීමද, හැකි සියලු මනස්ගාත ඔලුවේ තබා ගැනිමද කල යුතුය. මෙම පියවර ගන්නේ බටහිරයින්ගේ කුමණ්ත්‍රන පරාජය කිරීමටයි.

අප නාට්‍ය කරන විට තෝරා ගත යුත්තේ උත්තුංග දේහදාරී වීර පුරුසයින්ය. නැත්නම් එතන ඇත්තේද බටහිර එන් ජී ඕ කාරයින්ගේ කුමණ්ත්‍රණයකි. රජයට අපහාස කරන සියල්ලම මෙම බටහිරයින්ගේ සැලසුමේ කොටස් කාරයින්ය. ලංකාවේ බුද්ධාගම නැතිවූ පසු ඔවුන්ටත් සැපසේ නිදා ගත හැක.

==========================================================================

mine-mineමේ සියලු දේ කියන බ්ලොග් එක මගේ බ්ලොග් එකය. එහි මට විරුද්ධව කිසිවෙකුට කතා කල නොහැක. මගේ බ්ලොග් එක උඩින් මගේ අහන්නේ නැතුව කිසිම bot එකක් crawl නොකල යුතුය.

නමුත් මම ඔබේ අදහස් වලට ගරු කරමි. එසේ පවසන්නේ අනෙක් බ්ලොග් වලත් එසේ පවසා ඇති නිසාය. නැතිනම් ඒ පිළිබඳ දන්නා කෙං ගෙඩියක් ඇති නිසා නොවේ.

මේ බ්ලොග් එක මගෙ නිසා මම කැමති පරිදි රෙන්න පුලුවන් නමුදු අනෙක් අයට ඒ රීම ගැන කතා කල නොහැක. එයට අදාල වන්නේ දේවාලේ කපුවාගේ තියරියයි. මට ආතල් ගෙන දෙන කමෙන්ට් පමණක් පළ කරන අතර අනෙක් එවා මකා දමමි. නමුත් නැවත වරක් කියන්නේ මම අදහස් වලට ගරු කරමි. මල් පහන් පුදා වඳිමි. නමුත් එවා පල කල නොහැක.

තෙවැනි වරටත් කියන්නේ මේ මගේ බ්ලොග් එකය. එහි පල කරන කමෙන්ට් අයිති මටයි. නැතුව පල කල පුද්ගලයාට නොවේ. එම නිසා ඒවා මකා දැමීමට මට කාගේ වත් අවසරයක් අවශ්‍ය නොමැත.

කවුරුන් හෝ ගොබ්බයා කියුවොත් ඒ මා බවද මතක තබා ගන්න.

============================================================================

කලෙකින් දුටු හොඳ විහිළුවක් නිසා මෙය ලිවීමට සිත් විණි.

12 thoughts on “මේ බ්ලොග් අඩවියත් මගේය.

  1. මචන් ඕකට කියන්නේ පාවෙන තොප්පි බලෙන් හිසේ පලන්ද ගන්නවා කියාය..

    • අයෙත් අහලා. ඉතින් අපි මොනවද කලේ? එයාමනේ දාගත්තේ. කමක් නෑ.ලස්සන ඇති නේ තොප්පිය.

  2. අඩෝ බෙහෙත් ගනින්…උඹට ලෙඩක් හැදිල තියෙන්නෙ…ඔය දේවල් කාට හරි කියපන් …ලෙඩේ තියෙන බව උඹට තේරෙන්නෙ නෑ…

    • රජයේ ආයතන වලට වෙලා ඉඳගෙන මොනවද බන් මේ කරන සිල්ලර වැඩ? උඹලට පහසුකම් දීලා තියෙන්නේ ගොන්පාට් පුරුදු වෙන්න නෙමෙයි.

      (ඔව්. මට උඹේ IP එකත් එනවා)

  3. මේ ඉකදග් ලිවීමත් බටහිර කුමන්තරනයක්

  4. වහාම ක්‍රියාත්මක වන පරිදි Blog සඳහා ඇමතිවර‍යෙකු පත්කල යුතුය…