සමාජයෙන් පුංචි හරස් කඩක් ….

ගෙදර ඇවිත් මේ තිරය ලඟ වාඩි වුන ගමන් කලේ මේක ලියන්න පටං ගත්ත එක. ඇඟ නිකන් තලලා දාලා වගේ. අද දවල් 2.00 ඉඳන් රෑ 8.00 වෙනකන් හිටියේ තාක්ෂණික ප්‍රදර්ශනයක (වැඩේ නෝන්ඩි වෙන්නේ ඔතන. මම ඒ ප්‍රදර්ශනේ නම දන්නේ නෑ. කොළ‌‌ඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ තමයි තිබ්බේ =D ). කැම්පස් එකේ කුටි දෙකක්ම තිබුනා. එකක තිබ්බේ සිව්වන වසර පර්යේෂණ ව්‍යාපෘති. මම හිටියේ ඒ කුටියේ. සිව්වන වසර ශිෂ්‍යයන් සහ ආචාර්ය මණ්ඩලයේ එකතුවෙන් හදපු (මා සිතන පරිදි) ඉතා සාර්ථක පද්ධතියක් විස්තර කිරීමේ නම්බුකාර ස්ථානය මට ලැබුනේ. පද්ධතියේ නම “පොකුරු PC“.

මගේ මේ සටහන ඒ ගැන නෙවෙයි. නිර්මාණකරුවන්ගේ අනුමැතියද සහිතව ඒ ගැන විස්තර සහිත සටහනක් ලඟදීම කරන්නම්. මම මේ කියන්නේ ප්‍රදර්ශනය අතර තුර මම දැක්ක මිනිස් කන්දරාව ගැන විස්තරයක්. එකින් එක කියන්නම්, ඔබට සිතෙන දේවල් comment වලට දාන්න.

මම එතනට යනකොට දවල් 2ට විතර ඇති. සෙනඟ පිරිලා. දවල් හුඟක්ම ආවේ අවුරුදු 21 අඩු පරම්පරාවේ අය. සමහරු “සෙට් බැහැලා එක්සිභිෂන් එකට බැස්ස අය”. අතේ කරේ මාල වලලු පිරිලා. ඔක්කොම වගේ කොලු ගැටව්. ඉතිං මම ‍බොහොම අමාරුවෙන් කට පාඩම් කර ගෙන කියවගෙන ගිය ටික අහගෙන ඉඳලා මුන් ඔ‍ළුව වනලා යනවා. එතකොට තමයි හොඳ හොඳ ඒවා මතක් වෙන්නේ. හැබැයි ඔය අතරේ, මට කියන්නත් සතුටුයි, IT උණ තිබ්බ අයත් හිටියා. බොහෝම උන්නදුවෙන් අහගෙන ඉඳලා සමහරු ප්‍රශ්නත් අහලා ගියේ. රටේ ආර්ථීකයට උර දෙන්න ඔන්න මෙන්න ඉන්න අය තොරතුරු තාක්ෂණයට මෙතරම් උනන්දුවක් තියෙනවා කියන්නේ හොඳ සලකුණක්.

හවස 3-4 වෙද්දී ටිකක් විතර මෝරපු පරම්පරාව ආවා. මට හිතෙන විදියට මෘදුකාංග සහ ඒ ආශ්‍රිත පැතිකඩවල් වලට සම්බන්ධ අය. වයස 30-35 අතර. මමත් හොල්මන් වෙන ප්‍රශ්න අහලා ගියේ. ප්‍රශ්න අමාරු වෙනකොට පද්ධතිය නිර්මාණයට සම්බන්ධ දෙතුන්දෙනෙක් අල්ලලා දීලා මාරු වුනා =D . ඔය අතරේ මරු වැඩක් වුනා. පද්ධතිය හදලා තිබ්බේ උබුන්ටු (Ubuntu) ලිනක්ස් ආධාර කරගෙන. උබුන්ටු ටීෂර්ට් එකක් ඇඳ ගත්ත හතර රියන් වගේ මනුස්සයෙක් අපේ කුටියට විදගෙන ආවා. ටීෂර්ට් එක නිසා අපේ එකෙක්වත් ලං වුනේ නෑ. ඒ පාර මිනිහා මට බාර වුනා. මමත් වමාරලා දැම්මා. මිනිහා කතා කලේ කඩ්ඩෙන්. මමත් අත ඇරියේ නෑ. එන්න එන්නම ප්‍රශ්න බරපතල වෙන නිසා මම නිර්මාණයට සම්බන්ධ අයියා කෙනෙක් අල්ලලා දීලා මෙහාට වුනා. එතකොට තමයි හතර රියන් සන්සුන් වුනේ. බැලින්නම් මිනිහා ඉන්දියන් කාරයෙක්. ටීෂර්ට් එක කොහෙන්ද කඩේකින් ගත්ත එකක් ලු. උබුන්ටු වලට මිනිහගේ සම්බන්ධයක් නෑ ලූ.

තවත් හවස් වෙද්දී අමුතු අමුතු මිනිස්සු එන්න පටන් ගත්තා. මේ මිනිස්සු ඇවිල්ලා පද්ධතිය වටේ වටයක් දෙකක් කැරකිලා බැරිම තැන අහනවා “පුතා මේ මොකද්ද?”. මම ඔක්කොම පැහැදිලි කරාට පස්සේ (මටත් මේ වෙනකොට හොඳ දැනුම් සම්භාරයක් ලැබිලා තිබ්බා) මෙන්න කියාපි “අයියෝ හරිම සිම්පල් කන්සෙප්ට් එකක්නේ”, නැත්තන් “ඕක සුලු දෙයක් නේ”. වැඩියෙන්ම තද වුනේ කොහෙද යන මනුස්සයෙක් “මොරටුවේ නේද ඕක හැදුවේ” කියලා කිව්වාම. මොරටුවේ කවුද කියලා අහද්දී මිනිහා මාරු. මෙන්න මේ වගේ “හෑල්ලුව” පදනම කරගත්ත මිනිස්සු ටිකක් තමයි හිටියේ. මොකක් හරි දෙයක් හදපු මනුස්සයායි දන්නේ ඒකේ අමාරුව. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ සුප්‍රසිද්ද රහස් පරීක්ෂක චරිතය වන ෂර්ලොක් හෝම්ස් කිව්වෙත් “ඕනෙම සංකීර්ණ ගැටලුවක් පැහැදිලි කරාම ඕනෙම මෝඩයෙක්ට බොහෝම සරල වෙනවා” කියලා.

රෑ වෙද්දී මිනිස්සු කන්දරාව නම් අඩු වුනා. එතකොට තමයි සුදු කකුල් දණහිසෙනුත් අඩියක් විතර එලියේ තියාගෙන ඇවිදින වෙසක් කූඩු ටිකක් දැක්කේ. ඒවා ගැන කතා කරන්න ගියොත් පොතක් ලියන්න වෙනවා. කොටින්ම කියනවානම් මගේ ගෑණු ලමයාට හරි, අනාගතේ ලැබෙන්න ඉන්න දුවෙකුට හරි පෞද්ගලික අංශයේ ලිපිකාර සේවයට නම් යන්න දෙන්නේ නෑ. අසික්කිත බව මම හිතන්නේ සුදුසු කමක් වෙන්න ඕනේ.

ප්‍රදර්ශනයේ මම අගය කල එක දෙයක් කියලා මේ සටහන අවසන් කරන්නම්. අපේ කුටියට එහා පැත්තේ හිටියේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ 10 වසර මල්ලිලා දෙන්නෙක්. Business Information Organization System (BIOS) නමින් සිත් ගන්නා සුලු මෘදුකාංගයක් හදලා තිබුනා. අතුරු මුහුණත් සැකසීම(user interface design), පාවිච්චියේ පහසුව (ease of use) යනාදී කරුණු ගත් කල සතුටු විය හැකි මට්ටමක ඔවුන් දෙදෙනාගේ මෘදුකාංගය තිබුනා. විශේෂයෙන් සඳහන් කල යුතු වන්නේ එම පද්ධතිය ඔවුන් ඉදිරිපත් කල ආකාරයයි. ඔවුන්ගේ ඉදිරිපත් කිරීමේ හැකියාව (presentation skills) මම දන්නා සමහර විශ්ව විද්‍යාල සිසුන්ට වඩා ඉදිරියෙන් තිබුනා. සිනාමුසු මුහුණින් යුතුව ඔවුන් කල ඉදිරිපත් කිරීම බොහෝදෙනෙකුගේ සිත් ඇද ගත් බව මට විශ්වාසයි. මෙම‍ වසරේ YCS (Young Computer Scientist) – තරුණ පරිගනක විද්‍යාඥයා ට හිමි සම්මානය ඔවුන් දෙදෙනා සහ තවත් නිර්මානකරුවෙකු ‍සමව හිමි කර ගෙන තිබුනා. මේ පොඩ්ඩෝ දෙන්නාට සුබ ම අනාගතයක් !!!

6 thoughts on “සමාජයෙන් පුංචි හරස් කඩක් ….

  1. @”අයියෝ හරිම සිම්පල් කන්සෙප්ට් එකක්නේ”, නැත්තන් “ඕක සුලු දෙයක් නේ”.
    ගනන් ගන්න එපා බං.

  2. @”අයියෝ හරිම සිම්පල් කන්සෙප්ට් එකක්නේ”, නැත්තන් “ඕක සුලු දෙයක් නේ”. වැඩියෙන්ම තද වුනේ කොහෙද යන මනුස්සයෙක් “මොරටුවේ නේද ඕක හැදුවේ”

    විස්තර කරන්න හිටපු උඹට ‍ඔහොම දැනුන නම් හදපු අයට ඇහුන නං එල්ලිලා මැරෙයි. ඔහොම තමයි හුඟක් ම්නිස්සු හැමතිස්සේම අනිත් මිනිහ ගැන බලන්නේ අඩි 10 ක් 15 ක් විතර උඩ ඉඳගෙන. මෝඩ යක්කු.

  3. ඕව ඔහොම තමයි කොල්ලො ලෝකය විවිධාකාරයි… අපි නන්නත්තාරයි..

  4. “ඕනෙම සංකීර්ණ ගැටලුවක් පැහැදිලි කරාම ඕනෙම මෝඩයෙක්ට බොහෝම සරල වෙනවා”

    ඒක තමා ඇත්ත

  5. අර කතාව කිව්ව එකාගේ හෑඩරුව පොඩ්ඩක් කියපන්…

    එ උනත් IT දන්නේ නෑති අයට මේ දේවල් හරියට තෙරෙන්නෙ නෑහෑ… වටිනාකමකුත් නෑ…
    එ වගේ අයගේ කතා වලට අපි සෑලෙන්න ඔනෙ නෑ…

  6. බ්ලොග් පිටුවක් තියා මේ තමයි ඉස්සෙල්ල්ම සින්හලෙන් මොනව හරි ලියන්නෙ.වෑරඩි ඈතොත් සමා වෙන්න.සින්හෙලෙන් කොහොම හරි ලියනව කියල හිතුවෙ,චමිලගෙ බ්ලොග් එක කියවල එකට අඩහසක් එකතු කරන්න.
    අර පුඩ්ගලික අන්ශයෙ ගෑනු ලමඉ ගෑන කියල තිබ්බෙ..
    ……………….
    මම ඩන්නෙ නෑ කීඩෙනෙක් මගෙ අඩහස පිලිගන්යිඩ කියල…
    ඔයා සමහර විට හරි වෙන්න පුලුවන් චමිල, මොකඩ මට පේන විඩියට ඔයා කෑම්පස් ඉන්න, පෑහෑඩිලි අනාගතයක් තියන කෙනෙක්, ඉතින් ඔයගෙ ගානු ලමය්ව හරි ඩරුවෙක් හරි ඔහොම රස්සාවකට යවන්න ඔයාට අවශයතවයක් අතිවෙන එකක් නෑ…
    එත් නිකමට හිතුනඩ, ඔය ගෑනුලමඉන්ගෙ හඩවත ඈතුලෙන් කගහල කියන්ව අත්තෙ මොකඩ්ඩ කියල….
    සමහරවිට ඔය ලමයෙක් කරන රස්සවෙන් මුලු පවුලක්ම ජීවත් වෙනව ඈති..පොඩි එඋන් ඉගන ගන්නව අති… මේක ලන්කාව..අපිට කෑමති ඩේම කරන්න බෑ.උන් කරන්නෙත් රස්සවක්..
    මම ඔය කියපු ඩෙයට එකග වෙනව,සල්ලිකාර ඩෙමව්පියන්ගෙ සල්ලිවලින් ජව්සන් නටන ලමඉන්ට කිව්වනම්….

    ඔයඩෙට නෙමේ මල්ලි,ගනිකාවකට උනත් අපිට කියන්න බෑ මොනවත්, ඒ ගෑනි ඒක කරන්නෙ තමන්ගෙ ලමඉන්ට කන්න ඩෙන්නඩ කියල අපි ඩන්නෙ නෑනෙ… ටික ඩෙනෙක් සෑප වින්ඩට අපෙ මිනිස්සු ගොඩාක් ඩුක් විඩිනව ජීවත් වෙන්න.
    අපි මීට් වඩා අපෙ මිනිස්සු ඩිහා කරුනාවෙන් බලන්න ඔනී….
    මන් ගෑන කියනකවනම්,හඩ්ඩ කෑලේක ඉපඩුනෙ,ඉස්කොලෙ ගියෙ කොන්වන්ට් එකකට,උසස් ඉගනුම පරිගනක මෘඩුකාන්ග ගෑන,හෑබය් ඔයාල කියන විඩියට සල්ලි ඩිල ඉගන ගත්තෙ.සල්ලි තිබ්බ හිනඩ නෙවෙ… උ.පෙ. හොඩට කරන්න බෑරි උන.ඩෙමව්පියො රජයෙ සෙවකයො…උපාඩිය අරගෙන ඈමරිකන් කොම්පනියකට වෑඩ කලා.ඩෑන් ඉන්නෙ රටින් ගොඩක් ඈත,කෑමත්තකින් නාවත් ඩයිවය ඒක..
    තාමත් පෑයකට සෑරයක් බස් යන මගෙ අඩරනීය ගමෙ ඉඩලා,සුඩ්ඩන්ගෙ රටකට උසස් රෑකියවකටම අපු පාර ගොඩක් ඩුරයි.ඒ අත්ඩකිමෙන් තමයි මල්ලි මෙ අඩහස ඩම්මෙ..අපෙ මිනිස්සු මිට වඩ අපි ඩිහාම අනුකම්පවෙන් බලන්න ඔනී…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *