ලෝකාවසානය 2012 ද? | The Apocalypse? Really?

http://a4.l3-images.myspacecdn.com/images02/133/cec99a6fa75741eabbbf0aaddf0a1382/l.jpg

2012 කියන අංක ටික මුලින්ම කලබල කරන්න පටන් ගන්නෙ 2009 දි එනවා කියල ප්‍රචාරණය කරන්න පටන් ගත්ත චිත්‍රපටියක් නිසා. චිත්‍රපටිය 2012, අධ්‍යක්ෂකවරයා Roland Emmerich. ප්‍රධාන නලුවා ජෝන් කුසැක්. මට මතක විදියට මේක පටන් ගත්තේ YouTube වීඩි‍යෝ කිහිපයකින් සහ එහාට මෙහාට ගිය ඊමේල් ටිකකින්. අන්තර්ගතය වුනේ මායාවරුන්ගෙ දින දර්ශනය හරියටම 2012 දෙසැම්බර් 21 වෙනිදායින් අවසන් වෙනව, එදාට ලෝකය විනාශ වෙනව කියල මායා වරු අනාගත වාක්‍යයක් කියල තියෙනව කියන ටික. Day After Tomorrow අධ්‍යක්ෂණය කරපු කෙනාගෙම වැඩක් නිසා කොහොම හරි ශාලාවටම ගිහින් බැලුවට අපරාදෙ සල්ලි කියල හිතෙන තරමට ඒකෙ කතාව දුර්වලයි. ටයිටැනික්, Day After Tomorrow, ජේම්ස් බොන්ඩ් එකට එකතු කරල සලාදයක් දැම්ම වගේ.

චිත්‍රපටියෙ අඩුපාඩු මොනව වුනත් අර කටින් කට ගිය viral කතාවනම් නැවතුනේ නැහැ. ඒක එන්න එන්නම වැඩිවුනා මිසක් අඩුවුනේ නැහැ. අන්තිමට හැමෝම “2012.12.21” තම තමන්ගෙ අනුවාදන වලින් එලියට දැම්ම. මායාවරු මේකට කොහේ හරි කොනකින් අහුවෙලත් හිටියා. මේ ලඟදි දුකාගෙ පෝස්ට් එකකින් දැක්ක විදියට මේ ගැන බය වෙලා හිත් පීඩා කරගත්ත අය සිංහල බ්ලොග් අස්සෙත් ඉන්නව. ඒත් ඇත්තටම ඔය කියන විදියට ලෝකය විනාශ වෙනවද කියන එකට අවංකවම උත්තරයක් කාටවත් නැහැ.

ලෝක විනාශය කියන එක ඉස්සර ඉඳන් මනුස්සයගෙ හිතේ තිබුන බයක්. බයිබලේටත් කලින් ඉඳල තිබුන හැම ආගමකම වගේ ලෝකය විනාශ වෙන දවසක් ගැන කතා කරනව. මායාවරුන්ගේ දින දර්ශනයෙ අවසානයෙන් කියන්නෙත් ඒ දේමයි කියල අර්ථකතනය කරන්න හැමෝම ඉක්මන් වෙන්නෙ ඒ නිසා. ඒත් ඇත්තටම බැලුවොත් මායා දින දර්ශනයෙ කොහෙවත් එහෙම ලෝක විනාශයක් ගැන කතා වෙන්නෙ නැහැ. කතා වෙන්නෙ නව යුගයක් ගැන (මේ කරුණු වලට වෙන කොහෙවත් cite කරන්න අවශ්‍ය නැහැ, ඉතාමත් වටින ලිපි පෙලක් සත්සමුදුර බ්ලොග් එකේ මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්). නව යුගයක් ගැන මායා වරු විතරක් නෙමෙයි බයිබලයෙත් සඳහන් වෙනව.

ඊලඟට බොහෝ අය 2012දි ලෝකය විනාශ නොවුනත් ලොකු විපතක් වෙන්න පුලුවන් කියල එක එක කාරණා මතු කරනව. මේව අතරින් ප්‍රධාන වශයෙන් මතු කරන කාරණා තුනක් මේ විදියට සලකා බලන්න පුලුවන්.

Solar Flares නැතිනම් සූර්ය ලප මාරු වීම නිසා ඇති වෙන ප්‍රචණ්ඩ සූර්ය කුණාටු

http://media.egotvonline.com/wp-content/uploads/2011/06/2725943_370.jpg

එක මතයකින් ඉදිරිපත් කරන දෙයක් තමයි 2012දි සූර්යයා අවුරුදු 11ක චක්‍රය ඉවර කරල අලුත් චක්‍රයකට යන නිසා ඒ කාලය ඇතුලතදි දකින්න පුලුවන සූර්ය කුණාටු වලින් ඉතාමත් ප්‍රචණ්ඩ කුණාටුවකින් පෘතුවියේ සියලුම/බොහෝ ජීවය විනාශ වෙලා යන්න පුලුවන් කියන එක. මේ කතාවේ ආරම්භය සමහර විට නිකලස් කේජ් රඟපාන Knowing චිත්‍රපටිය වෙන්නත් පුලුවන්. හැබැයි මේ මතය ගැටලු සහගතයි.

  • Knowing වල සඳහන් වෙන ආකාරයේ විශාල කොරෝනාවක් (Coronal Mass Ejection) නම් ඇති වෙන්නෙ නැහැ. CME එකක් ඇති වෙනවා නම් එයින් ඇති වෙන බලපෑම හොලිවුඩ් චිත්‍රපටියේ ආකාරයට වෙන්නෙ නැහැ. වෙන්න පුලුවන් භයානකම (worst case scenario) සිද්ධිය විකිරණ වල නිරාවරණය වීමේ බලපෑම විතරයි. එයත් zombie චිත්‍රපටියක අනුවාදනය නෙමෙයි. අපිට තියෙන චන්ද්‍රිකා ටිකනම් ටික වෙලාවකට නැති වෙයි. පෘතුවියට මේ විදියෙ බලපෑමක් ඇති වුන ගමන් ජීවය විනාශ වෙනවනම් අද අපි මෙතන නැහැ
  • CME එකක් හෝ එවැනි කොරෝනාවක් ඇති වීමේදී පෘතුවිය සූර්යයාගේ කොරෝනාව ඇති වෙන පැත්තට මුහුණ ලා සිටී‍මේ සම්භාවිතාවය ගණන් බලන්නත් වෙනව
  • අධික උෂ්ණත්වයක් ගැන දැන්ම අපිට බය වෙන්න දෙයක් නැහැ. සූර්යයා මිය යන්න වයස දැනට බලල තියෙන ආකාරයට තව අවුරුදු බිලියන 5කින්. පොඩි ට්‍රිප් එකක් ගිහින් කෙල්ලෙක් යාලු කරගෙන බ්‍රේස්ලට් එකක් දාලා ඉන්න පුලුවන් බය වෙන්න එපා
  • 2012දි ඇති වෙන Solar Flare කාලය වෙනත් අවුරුදු 11 චක්‍ර වලට වඩා වෙනස් වෙන්නෙ නැහැ. ඒ නිසා බය වෙන්න එපා. සමහර විට සමකයෙ ඉන්න අපිට අවුරෝරා දැක ගන්න පුලුවන් වෙයි

http://madmikesamerica.com/wp-content/uploads/2011/06/solar_flare_house_protection_2.gif

නිබිරු/x/එරිස් ග්‍රහලෝකයක්/වාමන තරුවක් පෘතුවිය ආසන්නයට පැමිණීම

http://www.ufodigest.com/images/eris.jpg

ඊලඟ මතය වෙන්නෙ පිටස්තර ග්‍රහලෝකයක් (සමහරු කියන විදියට වාමන තරුවක්) සෞරග්‍රහ මණ්ඩලයෙ කෙලවරේ ඉඳන් ඉතාමත් දීර්ඝ චක්‍රයක් සම්පූර්ණ කරන්න සූර්යයා මැදට එන ගමනෙදි පෘතුවියෙ ගමන් මාර්ගය හරහා යෑම නිසා අධික ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘතුවියෙ ආකෘතිය මුලුමනින්ම වෙනස් වෙයි කියන එක. මේ ක්‍රියාවලියෙදිත් සියලුම/බොහෝ ජීවය විනාශ වෙන්න පුලුවන් කියල මේ මතය ඉදිරිපත් කරන අය කියනව. මේ මතයෙ කොකු ගොඩක් තියෙනව.

  • නිබිරු කියල විස්තර කරන වස්තුවට සමානකම් කියන ග්‍රහලෝකයක් මේ වෙනකම්ම අපේ සෞරග්‍රහ මණ්ඩලයෙ ඇතුලත හොයාගෙන නැහැ [1][2]. මේ කියන deadline එකට එන්නනම් ඔය එන වස්තුව මේ වෙනකොට අපිට පේන ඉසව්වක තියෙන්න ඕනෙ
  • x කියල හඳුන්වන වාමන තරුවක් අපේ සූර්යයා එක්ක යුග්ම තරු ගමන් මාර්ගයක ගමන් කරන වගක් පේන්න නැහැ. එහෙම ගමන් කරන තරුවල දකින්න පුලුවන් අන්දමේ චලිතයක් අපේ සූර්යයාගේ දකින්න නැහැ. (අපේ සූර්යයා යුග්ම තාරකාවක් කියල ඔප්පු කරන්න මෙන්න මේ ආයතනය හදනවා. හැබැයි ඒ ආයතනය අපේ රටේ තියෙන එක ජාවා උගන්නන ආයතනයක් වගේ, බොරුවක් [1][2] විතරයි.)
  • එරිස් කියල වාමන ග්‍රහලෝකයක් ඇත්තටම තියෙනව. හැබැයි ඒක සූර්යයාගෙ ඉඳල තියෙන නමවෙනි ග්‍රහලෝකය. හිටපු ගමන් කඩාගෙන පනින්න ඒකට දැනට හේතුවක් නැහැ
  • තවත් කොහෙදදි මන්ද මට ඇහිල තියෙනව සූර්යයාගේ ප්‍රතිපදාර්ථ (antimatter) සහෝදරයා ඇවිත් අපිව ගිලගන්නව කියල. ප්‍රතිපදාර්ථ කියන්නෙ මොනවද කියල හොයල බැලුවොත් මේ මතය කොච්චර විහිලු සහගතද කියල තේරෙයි

Planetary Alignment නැතිනම් ආකාශ වස්තු කිහිපයක් සමඟ එක රේඛාවකට පැමිණීම

මේ වගේ කතාවක් තමයි 2012 චිත්‍රපටියෙ යන්නෙ. මේ මතයෙ ප්‍රධාන තර්කය තමයි 2012 දෙසැම්බර් 21 වෙනිදා පෘතුවිය සෞරග්‍රහ මණ්ඩලයත් එක්ක තවත් නොයෙකුත් (එකී මෙකී) ආකාශ වස්තු කිහිපයක් එක තලයකට එනව කියන එක. තව ටිකක් පිලිවෙලට මේක කතා කරන අය කියන කතාව තමයි සූර්යයා ක්ෂීරපථයෙ මධ්‍යය සමඟ එක පථයකට එන දවස කියල. ක්ෂීරපථයෙ මධ්‍යයෙ තියෙන සුපිරි කලු කුහරය සම්බන්ධ කරල මේ අය අමුතු කතා හදන්න හදනව. නමුත් මේකෙත් ප්‍රශ්න තියෙනව.

  • (ලෑස්ති වෙන්න) මේ අපිට පේන්න මැදට වෙන එක හැම අවුරුද්දකම දෙසැම්බර් 21 සිදු වෙනව
  • අපි නිරීක්ෂණය කරන්නෙ පෘතුවියෙ ඉඳන්. ඒක ඉවත් කරල අපි පිටට ගිහින් බැලුවොත් සෞරග්‍රහ මණ්ඩලය හැමතිස්සෙම සුපිරි කලු කුහරය දිහා බලාගෙන ඉන්නෙ
  • ගුරුත්වය කියන්නෙ විශ්වයෙ තියෙන දුර්වලම බලයන්ගෙන් එකක්. අපි ඉන්නෙ ක්ෂීරපථයෙ කොණක. මැද තියෙන සුපිරි කලු කුහරයක් එක පාරටම හිතල ඇයි මේ පෘතුවිය විතරක්ම විනාශ කරන්නෙ?
  • ඕනෙම අවස්ථාවක අපි අහස දිහා බැලුවොත් කිසියම් හෝ ආකාශ වස්තුවක් එක්ක එක රේඛාවකට අපි ඇවිත් ඉන්නව. නමුත් මේ කියන විනාශයට වඩා තරුවක් මිය යා‍මේදී පිටවෙන ගැමා කිරණ ප්‍රහාරයකට අහුවෙන්න තියෙන ඉඩ කඩ වැඩි වෙන්න ඕනෙ

http://www.jiroolcott.com/images/Milky_Way_hi-res.jpg

මායා දින දර්ශනය වරදින්න විදියක් නැහැ

http://listverse.files.wordpress.com/2009/09/aztecshumansacrifice.gif

මේ මොනව නැහැ කිව්වත් අන්තිමට කියන දෙයක් තියෙනව. ඒ මායාවරුන්ගෙ දින දර්ශනය වරදින්න විදියක් නැහැ කියන එක. අපිට හිතාගන්න පුලුවන් වුනත් මායාවරු කියන්නෙ මැජික්කාරයො නෙමෙයි කියල මේ අය විවිධ හේතු ඉදිරිපත් කරනව මේ ගැන.

  • මායාවරු ගණිතයෙත් තාරකා විද්‍යාවෙත් සමකාලීන ගෝත්‍රිකයන්ට සාපේක්ෂව ඉහල දැනුමක් ලබා ගත් අය වීම
  • මායා ශිෂ්ඨාචාරයෙ සාපේක්ෂ වශයෙන් දියුණු ලක්ෂණ පෙන්නුම් කිරීම

කියන්නෙ මේ අය කියන ප්‍රධාන හේතු දෙකක්. ඒත් ඒ එක්කම මේ කරුණු කිහිපයත් ඇත්ත කියන එක මේ අයට අමතක වෙනව.

  • දෙවිවරු සතුටු කිරීම සඳහා දහස් ගණන් (සමහර විට ලක්ෂ ගණනින් නොවේ නම්) මිනිසුන් බිලිපූජා වලට ලක් කිරීම
    • අල්ලාගත් යුද සිරකරුවන්ගේ හදවත පලා දෙවියන්ට පූජා කිරීම
    • වැසි ඉල්ලා සිටීමට වැඩි වැඩියෙන් බිලි පූජා කිරීම
    • පාපන්දු ක්‍රීඩාවට සමාන ක්‍රීඩාවක යෙදෙන කණ්ඩායම් දෙකෙන් පරාජය වන කණ්ඩායම දෙවියන් සතුටු කිරීම සඳහා මරා දැමීම ආදිය මෙයින් සුලු කොටසක් පමණි
  • මායා ගෝත්‍රය සංවිධානාත්මකව දියුණු වන්නේ ස්වාභාවික සම්පත් අනූන පරිසරයක. අනිත් තනි තනි කුඩා ගෝත්‍ර සමඟ සැසඳීමේදී ඒක ලොකු වාසියක්
  • මායාවරුන්ගේ පෘතුවිය පිලිබඳ දැනුම බොහෝ අවස්ථා වලදි වැරදි වීම (උදා: පෘතුවිය පැතලිය, කිඹුලෙක් පිටේ තියාගෙන ඉන්නවය විදියට ලෝකෙ දිහා බලපු මිනිස්සුන්ගෙන් ක්ෂීරපථයෙ කලු කුහරය ගැන හෝඩුවාවක් හොයාගන්න බලාපොරොත්තු වෙනවද?)
  • මායා දින දර්ශනය භාවිතා කරන්නේ අපි දින දර්ශනය භාවිතා කරන ආකාරයටම තමයි. ඒ දින ගණන තබා ගන්න. අපේ දින දර්ශනය 2011 දෙසැම්බර් 31 අවසන් වුන පලියට‍ ලෝකය විනාශ වෙනව කියන්නෙ නැහැ
  • මායාවරුන් අනාගත වක්තෘවරුන් නෙමෙයි. ඔවුන්ගේ කඩාවැටීමවත් ඔවුන් කලින් දුටුවේ නැහැ. එවැනි ගෝත්‍රයක් ලෝකාවසානය දැනගෙන හිටියා කියන්න අමාරුයි
  • මායාවරු හොඳට අනුමත වෙන එක සාමාන්‍ය දෙයක් කර ගත්ත ගෝත්‍රයක් බව. එක්ස්ටසි, ගංජා වැනි අද භාවිතා වන ආකාරයේ මත්ද්‍රව්‍ය භාවිතය මායාවරු අතර සාමාන්‍ය පුරුද්දක් ලෙස ප්‍රචලිතව තිබුනා.

වැදගත්ම කරුණ මායාවරුන් කවදාවත් ලෝකය විනාශ වෙන වගක් කියල නැහැ. ඒක මේ බිය පතුරවන්නන් හදාගත්ත දෙයක්.

යුද්ධ, ස්වාභාවික ව්‍යසන මේ කියන ලෝකාවසානයේ ආරම්භයයි

කියන්න කිසිම දෙයක් නැති වුනාම මේකත් කියන අය ඉන්නව. ඒත් මේ පහල කරුණු ටික ඒ අය අමතක කරනව.

මේ පලවෙනි ලෝකාවසානයද?

http://solariasun.com/wp-content/uploads/2011/05/harold-camping-prediction-wrong.jpg

ලෝකය විනාශ වෙනව කියන කතා අද ඊයෙක පටන් ගත්තෙ නැහැ. ක්‍රිස්තු වර්ශ 30 ඉඳන් deadline තියාගෙන එන ගමනක් මේක. මේකෙ දැනට අලුත්ම දේ ඊයෙ පෙරේදා පහුවුනා මතක ඇති. හැරල්ඩ් කෑම්පින් ප්‍රමුඛ ක්‍රිස්තියානි කණ්ඩායමක් බයිබලයෙන් ගණන් හදාගෙන පහු වුන මැයි 21 වෙනිදා ලෝක විනාශය ආරම්භ වෙනව කියල තිබුනා. සුචරිතවත් අය දෙවියන් ලඟට කැඳවගන්න බවකුත් පව් කාරයො (අපි වගේ) පණපිටින් පිලිස්සෙන බවත් පැවසුනා. හැබැයි මම තාම බ්ලොග් ලියනව.

නැතිනම් ප්‍රසිද්ධ Y2K කතාව. සමහරු හිතපු විදියට මානව ශිෂ්ඨාචාරය Mad Max තත්වෙට යන්න Y2K හේතුවෙන්න තිබුනා.

ලෝකය විනාශ වෙන්නෙ දින නියම කරනවනම් ඒ කරන්නෙ අපි. මායා ගෝත්‍රයෙ බලය පිරිහී යන්න එක හේතුවක් විදියට ස්වාභාවික සම්පත් අන්තයටම පරිහරණය කරල ඒවා හිඟ වීම දැක්වෙනව. පාස්කු දූපතේ දැනට ඉතුරු වෙලා ඉන්න ගෝත්‍රිකයො 200-300 අතර ප්‍රමාණයෙ මුල් කාලීනයින්ටත් වුනේ ඒක කියලයි අනුමාන කරන්නෙ.

දැනට පැහැදිලිවම කියන්න පුලුවන් 2012 ලෝකෙ විනාශ වෙන්නෙ නැහැ කියන එක. ඒ නිසා ලබන අවුරුද්දෙ A/L කරන අය පංති යන එක නවත්තන්න එපා. බොස් එක්ක තියෙන තරහ පිරි මහන්න යන්න එපා. තියෙන සල්ලි ඔක්කොම වියදම් කරල හවායි යන්න එපා. ජීවිතය ජීවත් වෙනකම් රස විඳින්න. මේ පේන හැටියට තව අවුරුදු බිලියන 5ක් අපිට කල් තියෙනව ඔය ගල් කැටයක් දෙකක් වැටුනෙ නැත්තන්.

මේ 2012 ගැන විද්‍යාඥයෙකුගෙ අදහස්. ආචාර්ය නීල් ටයිසන් විද්‍යාව ජනතාව අතරට ගෙනියන්න මහත් සේවයක් කරන අයෙක්.

සුප්‍රසිද්ධ Pen & Teller Bullshit වැඩසටහනේ 2012 ලෝක විනාශය පිලිබඳ කොටස

Part 1

Part 2

Part 3

2012 ලෝක විනාශ වන බව පවතින මතය පිලිබඳ නාසා ආයතනයේ අදහස

22 thoughts on “ලෝකාවසානය 2012 ද? | The Apocalypse? Really?

  1. හොඳ ලිපියක් මචන්,නියම විග්‍රහයක්.ලියල තියන වාග් ශෛලියත් විශිෂ්ඨයි.

  2. මම මේ සම්බන්ධයෙන් කියවපු හොඳම ලිපියක්. ඒක උඹෙන් ආපු එක සම්බන්ධයෙන් පුදුම වෙන්න දෙයක් නෑ. මම හිතන්නෙ අපි මේක ගැන කතා කරලා තියෙනවා. නැති උනත් අද බොන ගමන් කතා කරන්න පුලුවන්නේ.

    ඕක මචං තමුන්ගේ වාසියට හදාගැනිල්ලක්. ග්‍රීස් යක්කු කට කතාවක් ඇරලා වෙන උන් හොර කමේ යනවා. ලාබ කැමරාවකින් රැස් විහිදෙන ෆොටෝවක් වැදුනම අනුරපුරේට බිස්නස්. ලෝක විනාසෙ කන වැටුනම ෆිල්ම් කාරයො ගොඩ යනවා. ඔය විදිහටම තමයි “තිරිහන් වෙනවැයි” කියලා, මෙලෝ බල්ලෙක්ට විකිනෙන්නැති සුදු කොමඩු ගෙඩි පැජරෝ කාරයොන්ට විකිනෙන්නෙත්!

    ලිපිය නියමයි! ජය!

    • තමුන්ගෙ වාසියට හදා ගත්තත් කමක් නෑ මේව බොරු කියල ඔප්පු කරන අයට ගේම අදින්න එන එකනෙ අවුල. මේ වගේ පිස්සො ලංකාවෙ ඇමෙරිකාවෙ කියල නැහැ හැමතැනම ඉන්නව. මේ 2012 බොරුවක් කියල ඔප්පු කරන අයව රජයේ රහස් ඒජන්තවරු කියල හිතන පිස්සො තොග පිටින් එහෙ ඉන්නව. අර මෙහෙ එකෙක් ලියල තියෙන්නෙ උගෙ ජෝතිසේ පිලිගන්නෙ නැති එවුන් කලු සුද්දො කියල.

  3. ඉතාමත් ආසාවෙන් කියවපු ලිපියක්, මේ වැදගත් කරුණු පොදු ජනයා අතරට යනවනම් හොඳයි. රචියගෙ කොමෙන්ටුව මේ ලිපිය රසවත් කේක් එකක් නම් ඒක උඩ තිබ්බ චෙරි ගෙඩියක් වගේ.. :D

  4. සැහ්…. මං නං කියන්නෙ මිනිස්සු සේරම නැතිවෙලා යනවනං ලෝකෙට මීටවඩා එලිය හෙටදවසක් තියේවි කියල…. මිනිස්සු ඉන්නකං ලොකේ විනාස වෙයි…. 2012 කෙසේ වෙතත් ලඟදිම

    • පොඩි මහත්තය ටිකක් භයානක පුද්ගලයෙක් වගේ. 12 Monkeys බලල තියෙනවද? (http://www.imdb.com/title/tt0114746/)

      කොහොම වෙතත් තව මතයක් (මේක විද්‍යාත්මකයි) තියෙනව මේ යන වේගයට ගියොත් මේ පරිසරය මිනිසාට නුසුදුසු තත්වයට පත්වෙන්න තව අවුරුදු සීයක්වත් යන එකක් නැහැ කියල.

  5. Apocalypse කොහොම වෙනත් Zombie Apocalypse වුනත් මම පුදුම වෙන්නේ නෑ මිනිස්සුම පිස්සු හැදිලා වගේ පොඩි එකක්ට පිස්සු කෙලින කොට. (Vancouver Riot / London Riot).

    2012 ගැන මේ ලිපිය නම් මරු. කොහොම වෙනත් මේක නම් අපිට එක එක සිද්දි වලදී fun එකක් ගන්න කියාපු එක!

    • 28 Days Later මතක් වුනාද? Zombie Apocalypse එකක් ආවොත් පට්ට. එතකොට මේ හේලෝ ගහන එක නවත්තල ඇත්තටම වෙඩි තියන්න පුලුවන්.:D

  6. ලෝක විනාසෙ කියන එකත් කාලෙන් කාලෙට බිස්නස් එකක් කර ගන්න මාතෘකාවක්. මෙ නිල් බෝලෙ දැනට කී සැරයක් නම් විනාස වෙන්න ඇද්ද…? මෙ ලණු කන බුවාලත් ඉන්න ඕනෙ. නැත්තම් ලෝකෙ මෙලෝ රහක් නැති වෙලා කලින්ම විනාස වෙලා යයි :D

    කොහොමිං කොහොම හරි ලෝක විනාසෙ ටක්කෙටම ව්නවමයි කියමුකො. එහෙමයි කියලා අපි වෙන මොන කොටි නැටුම් නටන්නද මේ දැනටම නටා ගන්න ටිකක් ඇරෙන්න?

    • //මෙ ලණු කන බුවාලත් ඉන්න ඕනෙ. නැත්තම් ලෝකෙ මෙලෝ රහක් නැති වෙලා කලින්ම විනාස වෙලා යයි// සිරාවට

      මම දන්නව ඕනෙම apocalypse එකකින් බේරෙන්න ක්‍රමයක්. කියල දෙන්නනම් $2999.99 ලියුම් කවරෙකට දාලා මගෙ ලිපිනයට එවන්න.

  7. ඇත්තම කියන්න ඔන්න ලිපිය නොකියවා දාන පළමු කමෙන්ටුව. මටනම් ඔය මගුල කිසි වැඩක් නැති එකක් මුල ඉඳන්ම. චිත්‍රපටියනම් බැලුව දෙපාරක්ම. ඒත් ඔය මතවාද නම් කිසිම වැඩක් නෑ…. ටිකක් කල්පනා කලොත් ලෝකෙ විනාස වෙන්න හේතුවෙන මතවාදයක් අපිටත් ලේසියෙන්ම හදාගන්න බැරි වෙන එකක් නැහැ.

    • //ටිකක් කල්පනා කලොත් ලෝකෙ විනාස වෙන්න හේතුවෙන මතවාදයක් අපිටත් ලේසියෙන්ම හදාගන්න බැරි වෙන එකක් නැහැ// සිරාවට. දැනටත් ටෙස්ට් රන් දෙක තුනක් කරලත් තියෙනවනෙ.

  8. මිනිස්සු 2012ට ගැන මේ තරමට ම කියවන්නේ මචන් මට හිතෙන්නේ තමන්ගේ යුතුකම් හා වගකීම් පැහැර හරින්න හොයාගත්තු ලේසිම විදියක් කියලා හිතාගෙන..!! ඒත් ලෝක විනාසයක් නොවුනත් මේ කතාව මාකට් කරලා පත්තර ටික විකුණ ගන්න පත්තර මහත්තුරු පහුගිය කාලේ කල්ප විනාසයක් ගැන කියවලා තිබ්බා..! කස්ටිය අන්තිමේ ගොඩ ගියා..!!
    අපිටත් ඕනේ නම් කීය කීය හරි හොයාගන්න 2012 මාකට් කරලා ධනපාලව ගොඩ දාන්න පුලුවන් මොකද තව මාස ගාණක් ම තියෙනවා නේ..!

    ප.ලි: මොකක් උනත් උඹ මේ විදියට කස්ටියගේ ආතල් කඩපු එකට නම් මම පට්ට විරුද්ධයි :)

  9. බොහොම දීර්ග හැම පැත්තක්ම විමසා බලපු ලිපියක්.. පොත් ගොඩක් එකට කියෙවුව වගේ. ලෝකවසනය ගැන බුද්ධ දේශනාවක් තියෙනවා.. මට දැන් එක හරියට මතක නැහැ..

  10. ඇත්තටම වටින අදහස් ගොන්නක්.මේ 2012 මගෙත් ප්‍රියතම චිත්‍රපටයක් වෙලා තිබුණා .ඒත් ඒකෙන් කියලා තියෙන්නේ කොයි තරම් නිසර් දෙයක් ද කියලා හොදටෝම මට තේරුණේ මේ ලිපිය කියවද්දි

  11. ඉතාම හොඳ ලිපියක් මල්ලී. ලෝක විනාශය සිදුවිය හැකියි කියන(ප්‍රචාරය කරන) හැම දෙයක්ම වාගේ හොඳට විස්තර කරල තියනවා. නමුත්, මම,ඔයා නොදන්න බොහෝ දේ මේ විශ්වයේ තියනවා. ඒ බව අමතක කරන්න එපා. නෑ එහෙම වෙන්නේ නෑ. ඒක වැරදියි කියල හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරන්න එපා. මොකද ඔය ලෝක විනාශය සිදුවිය හැකි ආකාර සියල්ල අසත්‍යයි කියල ඔප්පු කරන්න බෑ. ප්‍රශ්ණය තියෙන්නේ ඔය දේවල් සත්‍යයි කියල කවුරුවත් ඔප්පු කරලත් නෑ (විද්‍යානුකූලව ගණනය කරල පෙන්නල නෑ). ඒ නිසා ඔය දේවල් නිශ්චිත දිනයක (උදා.2012.12.21) වෙනව කියල කියන කතා පිලිගන්න කිසිම හේතුවක් නෑ.

    මම කාරණා කීපයක් ඉදිරිපත් කරන්නම්,
    1. Solar Flares නිසා ඇති විය හැකි ව්‍යසන.
    ඔය Solar Flares නිසා දැනට චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක් විනාශ වෙලා තියනවා. නමුත් පෘථිවිය වටා තියන ප්‍රබල චුම්භක ක්ෂේත්‍රය නිසා අභ්‍යාවකාශයෙන් එන විකිරණ වලින් අපි බොහෝදුරට ආරක්ෂා වෙනවා. නමුත් හැම විකිරණයක්ම හරවා යවන්න පුළුවන් කියල අපිට සහතිත වෙන්න බෑ. මීට බොහෝ කලෙකට කලින් ඔය වගේ සූර්ය කුණාටුවක් නිසා ලොකු ව්‍යසනයක් සිදු වෙලා තියනවා. නමුත් ඒ කාලේ දැන් වගේ Electronic උපාංග තිබුනේ නෑ. ඒ නිසා සිදුවුනු විනාශය එතරම් දරුණු වෙලා නෑ. ඒත්! දැන් ඒ වගේ Solar Flare එකක් නිසා වෙන්න පුළුවන් ව්‍යාසනය ගණනය කරන්න බැරි තරම් විශාලයි. හිතන්න ලෝකයේ තියන සෑම Electronic උපාංගයක්ම විනාශ උනොත් මොකද වෙන්නෙ කියල. ලෝක විනාශය එතනම තියනවා.
    2. Planetary Alignment
    මෙතන කතා කරන්නේ විශ්වයේ තියන වෙනත් ආකාශ වස්තු එක පෙලට පිහිටීමක් නිසා සිදුවන විනාශයක් ගැන නම්, මල්ලි කියනව වගේ ඒක විහිලුවක්. මොකද මේ කතා කරන වෙලාවෙත් ආකාශ වස්තූන් අනන්ත සංඛ්‍යාවක් පෘථිවිය එක්ක එක පෙලට තියනවා. නමුත් මේ කතා කරන්නේ ‍සෞරග්‍රහ මණ්ඩලයේ Planetary Alignment එකක් ගැන නම්, එතන පොඩි කතාවක් තියනවා. මොකද ඒ විදියට සෞරග්‍රහ මණ්ඩලයේ Planetary Alignment එකක් නිසා පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රෙය් ලොකු වෙනසත් ඇති වෙන්න පුළුවන් නිසයි. පෘථිවි ගුරුත්වයේ වෙනසක් සිදුවීම අපිට හිතාගන්නවත් බැරි තරම් විශාල ව්‍යාසනයක ආරම්භයක් වෙන්න පුළුවන්. නමුත් අපි තාම මෙහෙම දෙයක් වෙයිද, උනොත් මොකද වෙන්න කියන එක ගැන දන්නේ නෑ.

    තව කියන්න නම් බොහෝ දේ තියනවා. බොරුවට කොමෙන්ටුව ලොකු කරන්න ඕනේ නෑ නේ :) . මතක තියා ගන්න මම ඔය 2012 ලෝක විනාශය වෙනව කියන එක පිළිගන්න කෙනෙක් නෙමේ. නමුත් මේ දේවල් ඔක්කොම බොරු නෙමේ. ඒ දේ වෙන්න පුළුවන්. කවද්ද වෙන්නේ කියන දේ දන්නේ නෑ. ඒ වගේම මතක තියාගන්න ඕන, ලොක විනාශය වෙන දවස, වෙන විදිහ NASA හරි වෙන ඕව ගැන හොයන කෙනෙක් හරි හොයා ගත්තත් ඕක අපිට කියන්නේ නැති බව. 2012 ඔය දේ වෙනව කියල NASA හොයා ගත්ත කියමුකෝ. ඒ දේ මේ ලෝක වාසීන්ට කිවුවා කියමුකෝ. එහෙම උනොත් 2012 නෙමේ දැනගෙන දවස් 3ක් යන්න කලින් කොහොමත් ලොක විනාශය සිදුවෙයි :P.
    අන්තිමට කියන්න තියෙන්නේ, අපේ පෘථ්විය කියන්නේ සුවිශේෂී තැනක්. පෘථ්වියේ ජීවය රැඳෙන පරිදි තමයි සෑම දෙයක්ම සිදු වෙලා තියෙන්නේ.
    * අංශක 23.4ක ආනතිය
    * චන්ඳ්‍රයා පැවතීම
    * පෘථ්විය හිරුගේ සිට කිලොමීටර මිලියන් 149ක දුරින් පිහිටීම
    * පෘථ්වියේ සුවිශේෂී චුම්භක ක්ෂේත්‍රය, ඕසෝන් ස්ථරය
    * ජලය හා සුවිශේෂි වායුගොලය
    * භ්‍රමණ හා පරිභ්‍රමණ වේගය
    (තව ගොඩාක් දේ තියනවා මතක් වෙන්නේ නෑ). මේ දේවල් වලින් එකක් හරි නැති උනොත් මිහිපිට ජීවය එතැනින්ම ඉවර වෙනවා. අපි ඉන්නේ විශ්වයේ සුවිශේෂිම තැනක. ඉතින් මෙච්චර සුවිශේෂී නිර්මාණයක් හෙට අනිද්දා නැති වෙයි කියල මම හිතන්නේ නෑ.
    මොනව උනත් අපි මැරෙන ඉපදෙන මිනිස්සු. හොඳම දේ තමයි අපි සදාකල් ජීවත් වෙන මිනිස්සු කියල හිතන්නේ නැතුව කරන්න තියන දේ හරියට වෙලාවට කරල ඉපදුනු ලෝකයයත් වැඩක් කරගෙන ජීවත් වෙන එක.

  12. තව දෙයක්, 2012 ෆිල්ම් එකේ තේමාව Planetary Alignment එකක් ගැන නෙමේ.
    එහි කියැවෙන්නනේ,
    * සූර්ය කුණාටුවක් නිසා ඇතිවුවනු විකිරණ පෘථ්වි අභ්‍යන්තරය හරහා ගමන් කරයි.
    * ඒ අංශු(සාමාන්‍ය‍යෙන් Neutral) Physical reactions පෙන්නුම් කරයි (microwave උඳුනක මෙන්).
    * ඒ නිසා පෘථිවි හරය(core) අධික ලෙස රත් වී පෘථිවි කබොල අස්ථාවර වීම.
    නිසා සිදුවන විනාශයයි.

  13. @කතන්දරමාමා: 2012 කියන්නේ හොඳ කතා තේමාවක් එක්ක ආපු ෆිල්ම් එකක්. ලෝක විනාශය ගැන සාධාරණ තර්ක ඇතුව විද්‍යාත්මකව පවා ඔප්පු කරන්න පුළුවන් දෙයක් ඒ කතාවේ කියවෙනවා (මම ඉහල ලියල තියන කාරණය). නමුත් මේක ෆිල්ම් එකක් (Documentary නොවන). ඉතිං විනාශය සිදුවෙන්න හේතුව ඇර අනිත් ඔක්කොම මෝඩ ජෝක් එකක්. මෙන්න මේ වීඩියො එක බලන්න. කතාව කොච්චර ගොං පාට් එකක් ද කියල තේරේවි.

  14. මේ ලිපිය පැල් බැදගෙන කියෙව්වා.නියම විග්‍රහයක්.තවත් සැරයක් කියවන්න ඕන.