කාර්මික් කොආලා සමඟ දවසක්

Karmic Koala

උබුන්ටු අලුත්ම නිකුතුව 9.1 Karmic Koala ලෙස දින කිහිපයකට පෙර නිකුත් කලා. මෙහි 32bit Desktop edition බාගත කිරීමට මෙතන ක්ලික් කිරීමෙන් පුලුවන්. හැකි නම් මෙහි බිට් ටොරෙන්ටය මගින් බාගත කර ගන්න.

නිකුත් කිරීමට පෙර සිටම මෙම අනුවාදය නොයෙකුත් කට කතා පතුරවලා තිබුනා. ප්‍රධානම එකක් වුනේ තත්පර 10න් බූට් වෙන්න පුලුවන් කියන එක. ඉතින් මේ විනාඩි 10 මොකද්ද කියලා බලන්න ඉවසගෙන හිටියෙ බොහොම අමාරුවෙන්.

ස්ථාපනය කිරීමේදී පියවර ටිකක් අඩු වෙලා වගේ. GRUB හෝ එවැනි බූට් ලෝඩරයක් ගැන සඳහන් තැනක් හමු වුනේ නැහැ. ස්ථාපනය අතරතුර උබුන්ටු පිළිබඳ කෙටි හඳුන්වාදීමක් ලබා දෙන ඉදිරිපත් කිරීමකුත් දකින්න තිබුනා. එය සිත් ඇදගන්නා දෙයක්. ස්ථාපනය වුනාට පසු කරපු පලවෙනි දේ තමයි බූට් වීමට ගිය කාලය මැනපු එක. තත්පර 10ත් පහු වෙද්දි ටිකක් සැකයක් ආවා. නමුත් තත්පර 15ක් ඇතුලත ලොගින් තිරයටත් ඇවිත්. අනිත් එක අර පරණ තැඹිලි පාට පීල්ල වෙනුවට දැන් ටිකක් පොෂ් පාට තිරයකුත් දාලා :p

ටිකක් වෙලා වැඩ කරද්දී තවත් කට කතාවක් සත්‍ය වුනා. 9.1 පරණ අනුවාද වලට වඩා වේගවත්. අනිත් එක මගේ ලැප්ටොප් එකේ කිසිම උපකරණයකට drivers අමුතුවෙන් හොයන්න වුනේ නෑ. මම භාවිතා කරපු 9.04 නිකුතුවේදී compiz-fusion වැඩ කෑලි ටිකක් හිර වෙනවා. 9.1 වලදී බබා වගේ වැඩ.

උබුන්ටු 9.1 වලදී හඳුන්වා දෙන අලුත්ම වැඩක් තමයි UbuntuOne කියන්නේ. මේක අපිටම අයිති cloud පරිගණකයක්. අපිට මෙතන 2GB ඉඩක් ලැබෙනවා. අපේ ඕනෙම ගොනුවක් මේ ඉඩත් එක්ක synchronize කරගෙන තියා ගන්න පුලුවන්. UbuntuOne වලට ඇතුලු වීමට LaunchPad account එකක් තිබෙනවානම් පුලුවන්. ඒ නැතත් හදා ගන්න පුලුවන්. එච්චර දෙයක් නැහැ.

Screenshot-2

නව ආකාරයක අයිකන ටිකක් ඇතුලත් කරලා තියෙනවා මේ නිකුතුවට. නමුත් මම කරපු පලවෙනි දේ අලුත් තීම් එකක් හදා ගත්ත එක :p

නව නිකුතුව සමඟ එන්නේ Firefox 3.5.4. කියන්න තරම් වෙනසක් නෑ ඒකෙ නම්. නමුත් පරණ අනුවාද භාවිතා කරපු අය දන්නවා flash player එක firefox වල මල වාතයක් වුනා කියලා. පද්ධති සම්පත් බොහොම වැඩි ප්‍රමාණයක් ලබා ගත්තා පරණ flash player එකේ. නමුත් අලුත් උබන්ටු නිකුතුවේ මම මේ ගැටළුව දැක්කේ නැහැ. දැන් හොඳට වැඩ.

පරණ Add/Remove Software අංගය අලුත් නමකින් Ubuntu software centre ලෙස පැමිණ තිබෙනවා. එහි නම් සැලකිය යුතු වෙනසකට තියෙන්නේ මුහුණවර විතරයි. එය ටිකක් භාවිතා කිරීමට පහසුයි.

Screenshot-3

පැරණි අනුවාද වල IM client ලෙස තිබුනේ Pidgin. දැන් එන්නේ Empathy නැමැති client එකක්. මට නම් මේ දෙකම එකයි වගේ. මම වැඩිය චැට් කරන කෙනෙක් නෙමයි.

පොඩි වැරදි ටිකක් තමයි ඊළඟට තියෙන්නේ. කලින් අනුවාද වල NTFS partition mount කිරීටම රහස්පදය ලබා දීමට අවශ්‍ය වුනේ නැහැ. නමුත් දැන් එයට රහස් පදය ලබා දීමට වෙලා. කරදර වැඩක්. මේකට පොඩි විසඳුමක් තියෙනවා. මීළඟ සටහනින් දෙන්නම්.

අනිත් එක තාම මම දැක්කේ නෑ GDM theme එක වෙනස් කර ගන්න පුලුවන් තැනක්. System->Administration->Login Screen හරහා කලින් අනුවාද වලින් ඒක වෙනස් කරගන්න පුලුවන්. නමුත් දැන් ඒ window එක සම්පූර්ණයෙන් වෙනස් වෙලා. ආරංචි හැටියට 9.1 වලදි GDM theme එක වෙනස් කරන්න බැහැ. මෙය අර තත්පර 10 බූට් වීමට සම්බන්ධයි. හැබැයි පොඩි parameters ටිකක් වෙනස් කරලා සීමා සහිත වෙනස්කම් ටිකක් කර ගන්න පුලුවන්.

Screenshot-4

කලින් අනුවාද එක්ක බලනකොට මේ කොආලා නම් ගොඩක් හොඳයි. හැබැයි තාම සිංහල ගැටළුව තියෙන නිසා සිංහල පරණ විදියටම ස්ථාපනය කරන්න වෙනවා. උබුන්ටු හා සමස්ථ වශයෙන් ලිනක්ස් ධාරාවටම ලොකු පිම්මක්.

11 thoughts on “කාර්මික් කොආලා සමඟ දවසක්

  1. දැම්මා නං දාපු පාඩුවෙ ඉන්නෙ නැතුව තව බටර් ගාලා බ්ලොග් පෝස්ට් ලියනවා. දැන් දාපංකෝ 9.10. :D
    දාලම බලන්නංකෝ. ඇත්තද කියල. හොඳ එකාවගේ හෙට එනකොට CD එකත් අරන් වරෙන්. :)

  2. මමත් 9.10 දා ගත්තා. ඒත් මගේ නෙට්වර්ක් වැඩ කලේ නැ. 9.04 වලට හුරු උන මට 9.1 වල වැඩියේ වෙනසක් නම් දැනුනේ නැ. නෙට්වර්ක් කොයි වෙලේත් අල වෙනවා. 9.04 වල මට ඒ වාගේ ගැටලුවක් උනේ නැ. සීඩි එක දාලා අප්ග්‍රේඩ් කරන්න බැලුවා. වැඩ නැ. කොහොමද කරන්නේ ඒක?

  3. පහන්,
    හුහ් :p
    අද ගේන්නම්.

    මසා,
    මචන් නෙට්වර්ක් අල වෙනවා කියලා මොකද්ද හරියටම වෙන්නේ? මටනම් අන්තර්ජාලයට සම්බන්ද වෙන්න ප්‍රශ්නයක් ආවේ නෑ.

  4. First of all sorry for commenting in English coz my SCIM gives little errors.

    Nice review. Keep it up.

    Karmic is not 10 second boot time OS, it is 10.04 Lucid Lynx and also LTS version. Karmic is the testing surface for 10 second. But it is also 15-20 sec. Is nt it?

    How about GIMP & OpenOffice? Are they in their older versions or in new version?

    @මසා

    Are you using Wired Network or Wireless network? If you try to upgrade using the CD ROM you have to disable other sources in your sources list. The sources list located in “/etc/apt/sources.list”

    You can disable it using # in front of the source.

  5. පැරණි අනුවාද වල IM client ලෙස තිබුනේ Pidgin. දැන් එන්නේ Empathy නැමැති client එකක්. මට නම් මේ දෙකම එකයි වගේ.
    ආහ් එදා අපි කතා කරේ Empathy එකෙන් වෙන්නටැ? මාත් එකේ උඩ හිටියේ. මට නම් Pidgin ඒකට වැඩිය ඇල්ලුවේ මේක. . (වින්ඩෝස්වල විතරක් දැනට දුවන Digsby විතරයි ඒකට දෙවැනි වෙන්නේ).

    පොඩි වැරදි ටිකක් තමයි ඊළඟට තියෙන්නේ. කලින් අනුවාද වල NTFS partition mount කිරීටම රහස්පදය ලබා දීමට අවශ්‍ය වුනේ නැහැ. නමුත් දැන් එයට රහස් පදය ලබා දීමට වෙලා. කරදර වැඩක්. මේකට පොඩි විසඳුමක් තියෙනවා. මීළඟ සටහනින් දෙන්නම්.

    අපෝ දාපං මචං ඉක්මනටම, ඒකත් මල ඇණයක් මට. මම පවුලේ මැෂිමටත් මේක දැම්මා වේගවත් වගේම ඉස්සරට වඩා ලේසි වගේම User Friendly නිසා. පේන විදිහට නම් වැඩේ සාර්ථිකයි වගේ අනික් අතින් දැන් HP දෘඩාග එහෙම විශේෂයෙන් Printers/Scanners and All-in-One එව්වා Officially Support නිසා විස්ටා එකටත් වඩා Support කරනවා. (Epson ඒකක මාරු කරා ගත්ත තැනෙන්ම Refund Warranty එකෙන් ;) )

    මම නම් සතුටු වෙනමා මේ දියුනුව ගැන. ඔය තත්පපර ගාණ ගැන කතාව දෘඩාගයෙන් දෘඩාගගයට වෙනස් වෙනවා ඇත්තේ. ;)

    මගේ ඩෙසක්ටොප් ඒක http://a.gd/2d93c1 ;)

  6. මචෝ මේකෙ පොඩි අවුලක් තියෙන වා HSPA මොඩම් හරියට වැඩකරන්නෙ නැහැ පිස්සු කෙළිනවා අනෙක්වා නම් මැක්සා
    මමත් පහුවෙනිදම දාගත්තා :D

  7. රනා,
    ආහ්… මම ඒක දැනගෙන හිටියේ නෑ. හැබැයි මූ මෙච්චර වේගවත් නම් ඊළඟට එන එකා මොන වගේ වෙයිද දන්නේ නෑ…

    GIMP නම් පරණ අනුවාදය තමයි, 2.6 . OO.org 3.1 අනුවාදය තමයි තියෙන්නේ. මට මතක නෑ 9.04 මොකද්ද තිබුනේ කියලා.

    බින්කු,
    ඔව්.. එදා කතාව දැම්මේ මේකෙන්. මට නම් එච්චරම වෙනස් නෑ. මම ළඟදිම අර ලිපියත් දාන්නම්.

    රුසිරු,
    අඩේ පුලුවන් නම් උඹ ඒක හදා ගත්ත හැටි ලියපන්.

  8. How to install Office 2010 beta in ubuntu 9.04 ?
    I used wine, but still cannot install ?? I can see the extraction process.. But that’s it. Nothing going on after that. Appreciate your help :))

  9. Pingback: Lucid සමග දිනයක් – උබුන්ටු 10.04 Alpha| A day with Lucid – Ubuntu 10.04 Alpha « Tech Buzz

  10. උබුන්ටු වල login screen 1 මාරු කරන්න ගොඩක් අය දන්නවා. එත් එකේ window 1 මාරු කරන්න දන්නවද උබුන්ටු 10.04 දී.එත් අයියලා මල්ලිලා හැමෝම මේක බලලා තමන් දන්නා විදිහක් තියනවන නම් කියන්නකෝ…..

Return Fire!