ගබ්සාව, ලිබරල්වාදය සහ ඇත්ත ගොන්නු

මම නොදන්න දේ

මම දන්න ලිබරල්වාදයක් නැහැ. නමුත් පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතය සඳහා හිමි විය යුතු නිදහසක් ගැන මම විශ්වාස කරනවා. එම නිදහසට ආගමේ, ජාතියේ, හා බොරු සදාචාරයේ නාමයෙන් තහංචි පැනවීමත් එක්තරා කුහක කමක්. ඒ එම තහංචි පැනවීමට ඉදිරිපත් වෙන අය ද අවස්ථාවක් පැමිණියහොත් හැසිරෙන්නේ කුමන ආකාරයකට දැයි මම දැක ඇති නිසායි.

මම දන්න දේ.
මෙම සටහනේ මාතෘකාව ගැන බැලුවොත් පළමුවෙන්ම එන ප්‍රශ්නය වෙන්නේ ‘මොකද්ද ගබ්සාවෙයි ලිබරල්වාදයෙයි සම්බන්ධය” කියලා. සමහරු හඳුන්වන් විදිහට මේක තවත් කුණුගොඩක් වෙන්න පුලුවන් වුනත් මෙවැනි සටහනක් ලිවීමට මට සිතුනේ ලිබරල්වාදයට බැනීමට යමෙකු ගබ්සාව යොදාගෙන තිබූ ආකාරය දුටු විට ඇතිවූ කෝපය නිසයි. ඔබාමා ගබ්සාව නීති ගත කර තිබෙන්නේ කලකට පෙර. ඉහත සඳහන් පුද්ගලයාට අනුව ගබ්සාව වැරදි දෙයක්. වැඩ වරද්දගත්තාට පසු මොන ගබ්සා ද? “කරන අය හොරෙන් කර ගනී. නීත්‍යානුකූල කරන්නේ ඇයි” මේ ඔහුගේ වචන. ඒ අනුව ගබ්සාව නීතිගත කිරීම තුලින් ලිබරල් වාදයේ “ගොන්කම” ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ ඔහුගේ මතයයි. ඒ මතය සනාථ කිරීමට යොදාගෙන තියෙන්නේ ගබ්සාව.
මොහුට පිළිතුරු කිහිපයක් ලබා දුන්නත් ඒවාට ලැබුනේ “ඔබේ ඔළුව ලිබරල්වාදයෙන් සුද්ධ කරගන්න. කොහොම කරත් ගබ්සාව වැරදියි. ඒ මගේ මතය. ලිබරල් ගොන්නු” වැනි ප්‍රති උත්තරයි. අන්තිමට මම දැමූ පිළිතුර ද මකා එය ඔහුගේ පිළිතුරක් තුල දැමීමෙන් ද “කවුද ඔහෙට මේවට උත්තර දෙන්න කිව්වේ” යනුවෙන් පැවසු පසුව ද තව දුරටත් එතන කියවීම පළක් නොවන බව මට තේරුම් ගිය නිසා මගේ මතය මෙතන ලියා තබන්නම්. හැබැයි මොන ආකාරයේ උත්තරයක් වුනත් පළ කරන්න කිසිම බාධාවක් නෑ.

ලිබරලය අදාලද?

ඔබ දැනටමත් මෙම සටහනේ “ලිබරල්” යන වචනය ඕනෑවටත් වඩා කියවා ඇති. ඒ නිසා ඒ වචනේ අමතක කරලා දාමු. දැන් කතා කරමු ප්‍රශ්නය ගැන. ගබ්සාව කියන්නේ දරුගැබක් ඉපදීමට ප්‍රථම විනාශ කර දැමීම. මෙය සැබවින්ම දුක්ඛදායි අවස්ථාවක්. ඒත් අපි ඇයි ඉක්මන් වෙන්නේ මේක වැරදියි, තහනම් කරලා දාන්න, නීතිගත කිරීමට සම්පූර්ණයෙන් විරුද්ධ වෙන්න කියලා.

ගබ්සාව කියන්නේ
මේකට විරුද්ධව කරන පළමු වාදය තමයි ළදරු කළලයත් පණ ඇති මනුෂ්‍ය ජීවිතයක් බව. මේ ගැන අදහස් දක්වන්න වැඩිදුර ජීව විද්‍යාත්මක කරුණු අවශ්‍යයි. නමුත් මම දන්නා පරිදි කළලයට සංවේදක ඉන්ද්‍රියයන් (sensory organs-මොළයත් ඇතුලුව) ඇතිවෙන්නේ සති අටකට පස්සේ. ඒ වගේම බුදු දහමේ සඳහන්වන පරිදි කළලයට විඥාණයක් ඇතුලු වෙන්නේ මාස තුනකට(හෝ ආසන්න කාලයකදි) පසුව. ඊට පෙර ඇති කළලය මනුෂ්‍ය ජීවිතයක් බව සැලකීමට නොහැකි බව මගේ මතයයි. එසේ සලකන්න පුලුවන්නම් සෛල වලින් සැදී ඕනෑම දෙයක් ජීවිතයක් බවට සලකන්න පුලුවන්. මස් කෑල්ලක් වුනත්. මෙය තව දුරටත් සංවාදයට ගත යුතු දෙයක්.

ඉන්පසු එල්ල වෙන්නේ සදාචාරයේ අවිය. “ගෑණුන්ට වැඩ වරද්දගන්නයි ළමයි මරන්නයි. එහෙම කොහොමද?” “දූෂකයාට මරණ දණ්ඩනය දෙන්නේ නැතුව කිරි සප්පයා මරලා දානවා”.

තව මෙයට එදිරිව මොනවා හරි මත එල්ල වෙනවාද දන්නේ නෑ. ඔය මම අහලා තියෙන දේවල්. මෙයින් දෙවැනි මතය ඉතාමත් පටු, කුහක සහ බොල් වූවක් බව මම පෙන්නන්නම්.

සදාචාරයයි ගබ්සාවයි

මම පාසැල් යන අවධියේ බාලිකා පාසැලක සම වයසේ ශිෂ්‍යාවක් දරු ගැබක් තියාගෙන පාසැල් ආවා. හේතුව ඇයව (ඒ දවස් වල දහය වසරෙ සිටියේ) දහතුන වසර ශිෂ්‍යයෙක් අනාථ කර තිබීම. මෙහිදී කල යුතුව තිබුනේ ගබ්සාවක් ද නැද්ද?

අවුරුදු පහළොවක් වන ඇය ජීවිතයේ ඉදිරි කොටස දරුවෙක් රැක බලා ගනිමින් කටයුතු කල යුතුද? මෙයට “වැරදි වැඩ කලා නම් විඳපන්” යන මතය ඉදිරිපත් කරනවානම් ඒ සඳහා මෙසේ කියන්න පුලුවන්. අවුරුදු පහළොවක් වයසැති දැරියක් වැඩිමහල් සිසුවෙකු සමඟ තනි වෙනකම් දෙමාපියන් මොකද කලේ? ආරංචි වුන විදිහට ඒ අය දෙන්නම රස්සා කරන අය. “හය හතර නොතේරන” යන කාණ්ඩයට ඇය අයිති නැද්ද? ඒ අනුව බලනකොට වැරැද්ද කාගේ අතේද? ඇයට හරි වැරදි තේරෙනවානම් ඡන්ද අයිතිය අවුරුදු පහළොවේදී ලබා දියි යුතුයි.

කාන්තාවක් දරුවෙකු බිහි කිරීමට යෝග්‍ය අවධිය වෙන්නේ අවුරුදු 20ත් 35ත් අතරයි. මෙම සීමා පසුකොට හෝ ඊට කලින් සිදුවන දරු උපත්වලදී දරුවා අසාමාන්‍ය වීමට ඇති හැකියාව ඉහළයි. Down’s syndrome වලට ප්‍රධාන හේතුවක් වෙන්නේ අම්මාගේ වයස. එතකොට නිසි වයසට පෙර සිදුවුන දරු උපතක් කියන්නේ අම්මාටත් රටටත් බරක්. එය ගබ්සාවට වැඩිය හොඳද?

“වැඩ වරද්දගන්න” කියන කතාවෙන් මතුවෙන තවත් දෙයක් තියෙනවා. ලිංගික කුහකකම. අර කතාවකුත් තියෙනවනේ පිරිමියෙක් ඕන‍ දෙයක් කරලා ආවත් නාවලා ගෙට ගන්න එක විතරයි තියෙන්නේ කියලා. ගැහැණු ළමයෙකුට එහෙම බෑ. එතකොට දැන් වැඩ වරද්දගන්නේ ගැහැණු ළමයි? පිරිමි ළමයි පින්වත් අය. ගැහැණු අය පව් කරන්නේ? මෙය ටිකක් අර පරණ ක්‍රිස්තියානි මතයටත් සමානයි. ඊවා පව් කරපු මතය. ගබ්සාව තහනම් කරන්න කියලා කෑ ගහන්න ඕන පිරිමියෙකුට ලේසියෙන් පුලුවන්. මොකද ඒ නීතිය ඒ අයට කොහෙත්ම බලපාන්නේ නැති නිසා.

සුද්දාගේ වැරැද්ද

මෙම මාතෘකාව ගැන කතා කරනකොට ගොඩක් දෙනා සිතන්නේ මෙම ප්‍රශ්නය මුල ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල බලපෑම කියලා. ඔවුන් එන්න කලින් මෙවැනි දෙයක් අපේ රටේ තිබුනේ නෑ කියලා. හැබැයි දන්න අය දන්නවා අපේ රටේ ඉස්සර ඉඳන් තිබුන ගබ්සා කරන විදි ගැන. හැබැයි ඒ කරන දෙයක් දරු පිළිසිඳ ගැනීමේ සිට කිසියම් කාලයක් තුල කල යුතුව තිබුනා. ඒ අනුව බලන කොට අපේ පැරණි සංස්කෘති වල දැනට වඩා පුලුල් විදිහට මේ ගැන හිතලා තියෙනවා දැන් ඉන්න ඊනියා ආගම් කාරයොන්ට වැඩිය. “ඕක වැරදියි” කියලා කෑ ගහන තලේබාන්කාරයො ටික තව ටිකක් සමාජ ඉතිහාසය ගැන හෙව්වානම් හොඳයි.

පවුල් සැලසුම් මධ්‍යස්ථාන අස්සේ මේවද?

දැන් සමාජයේ හැංගිලා තියෙන ඇත්ත තත්වය ගැන කතා කරන්න ඕනේ. දැනට අපේ රටේ පමණක් නීති විරෝධී ගබ්සා 1000ක් පමණ එක් දවසක් තුලදී සිදුවෙනවා. එක දවසකදි දාහක්!!!! මෙය ඇත්තටම සිතින් රහත් වී සිටින සදාචාර පොලීසිකාරයොන්ට හිතන්නවත් බැරි අගයක්. අගය පමණක් ඔබව කම්පනයට පත්කලේ නැත්නම්, එම ගබ්සා කරන තැන් සියල්ලක්ම පාහේ අපිරිසිදු හොර ගුහා වන අතර මවගේ ආරක්ෂාව ගැන තඹ සතයකවත් පියවරක් නොගන්නා ස්ථාන බව? සමහර ස්ථාන අඬුවකින් පමණක් සන්නද්ධව “වැඩේට බහින” බව? HIV/AIDS වැනි රෝගයන්ට ගොදුරු වීමේ අවධානම ඉතාමත් වැඩි බව? මෙය කියවන ඔබගේ ගත ඉවසාගන්න බැරි අපහසුවකින් වෙව්ලන්නේ නැත්නම් එය ඔබේ වැරැද්දක් බව මතක තබා ගන්න.

භයානක ක්‍රීඩාව

වාර්ථාවකට අනුව මෙවැනි ස්ථානයන්ට බොහොවිට පැමිණෙන්නේ නිදහස් වෙළද කලාපය තුල වැඩ කරන කාන්තාවන්. ලොක්කන් සල්ලි අතමිට මොලවා සැප පහසු ලෙස ගබ්සා කරගන්නා නමුත් ඔවුන්ට එවැනි නිදහසක් නෑ. ඉතුරු වී ඇත්තේ විකල්ප දෙකයි. ගබ්සාව.සියදිවිනසා ගැනීම.එතනිනුත් ගබ්සාව කියන්නේ ජීවිතයත් මරණයත් අතර සූදුවක්. ගබ්සාවට එවැනි තැනක් හිමි වී තිබෙන්නේ එය නීති විරෝධී වීම නිසයි.

ඇයි නීතිගත කරන්නේ?

පළමුවෙන්ම මවකට ඇගේ කුසේ සිටින දරු ගැබ පිළිබඳ තීරණ ගැනීමට නිදහසක් තිබිය යුතුයි. පියාටද එයට සමාන නිදහසක් තිබෙන අතර පියෙකු choice???නැති අවස්ථාවකදී මවට එම නිදහස සම්පූර්ණයෙන් හිමි විය යුතුයි. එය නීතී මගින් බැඳ දමා තහනම් කරනවානම් එයින් පසුව ඇයට සිදුවන සමාජයීය, ආර්ථික හා මානසික බලපෑම් වලදී සහයට සිටීමට රජය බැඳී සිටිය යුතුය. අවාසනාවකට එවැනි දෙයක් අපේ රටේ නැහැ. තියෙන්නේ නීති විතරයි.

ගබ්සාව නීති ගත කිරීමෙන් පසුව අගනගරයේ හා ගමේ අහුමුළු වල පැවති හොර ගබ්සා ගුහා නවත්වා දමා සෞඛ්‍ය හිතකර ස්ථාන ආරම්භ කල හැකියි. ඉන්පසුව ගබ්සාව පාලනය කිරීමට සම්මත නීති රැගෙන ආ හැකියි. ගබ්සා කිරීමට අවශ්‍ය පූර්ව කොන්දේසි අර්ථ දක්වා තැබිය හැකියි. නමුත් දැන් ඇති නීති වලට අනුව ගබ්සාව සත්‍ය වශයෙන්ම පාලනය කර නැහැ. ඒ වෙනුවට එයට අයාලේ යෑමට ඉඩ දී තියෙනවා. වසරකට සිය දහස් ගණනක් කාන්තාවන්ගේ ජීවිත අනතුරේ දමා තියෙනවා. ඒ තලේබාන් මුග්ධයින්ගේ කුහක අදහස් නිසා.

ඉන්පසුව පවතින සත්‍ය ගැටළුවට විසඳුම් සෙවිය යුතුයි. ඒ අප පත්වී ඇති සමාජ අගාධයයි. අඩු වයස් දැරිවියන් ගැබ් ගැනීමේ සිට(කැමැත්තෙන් හෝ අකමැත්තෙන්) ජනගහන ප්‍රශ්නය දක්වා දිව යන්නේ එකම මූලයේ ගැටළුයි. ඒ අප සමාජයක් වශයෙන් අතරමං වී ඇති නිසා. සමාජයකට අත්‍යවශ්‍ය values, norms සහ taboos අර්ථ දක්වා ගැනීමට අප අපොහොසත් වී තිබෙනවා. මම කලින් සටහනකිනුත් පෙන්නූ පරිදි නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති වී එය විකාරයක් බවට පත් වී තිබෙනවා. එයට විසඳුම් නොසොයමින් කොහේවත් ඇති ලිබරල් වාදයකට හා ඇමෙරිකාවට බැන බැන සිටීමෙන් සිදුවෙන්නේ හොරා අපේ රෙද්දත් ගලවාගෙන යනකම් බලා සිටින්නට වීමයි.

මෙයත් කියවන්න

14 thoughts on “ගබ්සාව, ලිබරල්වාදය සහ ඇත්ත ගොන්නු

  1. ඔය කියන තකනා එක්ක මගේ බිලෝගයේත් ඔය පෝසට් එකේත් වාද විවාද කරන්න ගියේ නැත්තේ ඒ කෙනාගේ අන්තවාදි සකල්පයක ඉන්න කෙනෙක් නිසයි. ඔහු නිපදවුවායැයි කියනා මාදුකෘශයක් ගැන අවශ්‍ය තරමට වඩා මතු කිරිමත්, එසැනින් පරිවර්තකයේ අයට තමුන්ව ගණං නොගන්නේයැයි බැණ වදින තරමින් හිතාගන්න පුලුවන්. සිංහළ බිලෝග් කිහිපයක් නිසා ඔහුම ඔහුගේ මාදුකෘශය කඩාකප්පල් කර ගන්නවා.ලිබරල් භිතකාවකින් කතා කරන මොහුට මේ කිසිවක් ගැන පුලුල් දැක්මක් නැති එක ගැන මා අනුකම්පා කරනවා.

    ගබ්සාව ගැන කතා කරන්න කලිං මේක බලමු: http://tinyurl.com/dz4mo6

    ගබ් ගැනිමක් වෙන්නේ සෑමවිටම ඒ කාන්තාවගේ වැරද්දකින් හෝ ස්ව කැමැත්තෙන්ම කියලා කිම ප්‍රායෝගික නැති බව ඇත්ත. නමුත් එසේ වු කලිං ගබ්සාව මුලුනින්ම නිත්‍යාකුල කිරිම හොද දෙයක් නම් නෙමේ. මුලින්ම එසේ අනපේශිත ගැබ් ගැනිම් සම්බන්ධයෙන් සාධාරණ පියවරන් අතරින් එකක් විය යුතුයි. අනෙක්වායින් සමහරක් සදහන් කරන්නම්: දරැවාව වෙනත් පාර්ශ්වයකට ලබා දිම (ජිවිත කාලයටම හෝ යම් තත්වයක් වන තුරැ), රජයේ වියදමින් පුනරැත්ථාපනය හෝ දරැවාව පෝෂිතකිරිම (එ් සදහා පුනරැත්තාපන ක්‍රමයට වඩා පුලුල් විය යුතුයි, මන්ද නිවාසවල දරැවන්ට අත්වන ඉරණම මා හොදාකාරවම දන්නවා, එහි අයට සමාජය දක්වන ආකල්පය ගාමන්ට් වල සන්නාලියන්ට වඩා දුඛිතයි) වගේ ඒවා. මෙයින් පලමු ක්‍රමය තිබ්බත් එය බොහෝ දුරට අසාර්ථික වන්නේ අපේ සමාජයේම තිබෙන පහු ආකල්පයයි, එය නිකං පුරැෂවාදි පෙනුමක් ගන්නවා නොවැ. ඒ බවම “ගෑණුන්ට වැඩ වරද්දගන්නයි ළමයි මරන්නයි. එහෙම කොහොමද?” කතාව ඇතිනේ. මුලිං සමාජයට පහදන්න ඕනේ, ඔවුන්ව කොන් නොවී අැති බව පෙන්වන්න ඕනේ, ඊට ආගම් වුවද උපකාරි වෙනවා. නිතිය ස්ථාපනය කරන්න පෙරම ඊට සම්මතයන් හා ක්‍රම පිළිවෙලකුත් ඇති කරන්න ඕනේ (වෛද්‍යවරැන් වැනි). ඒ වගේම මේ නිතිය නිසා විවිධ පුද්ගලයින් හිතුමතේ ගබ්සා කිරිම් හා විවිධ වංචාවලට ඉඩ නො දිය යුතුමයි.

    මෙහි තව හානියක් කියන්නම්: කටේ කිරි සුවද රැදෙන කලම ළමුන් මාර්කට් විමයි. (මෙහෙම කිව්වාට කාට දුකක් හිතෙවිද මන්දා!)

    විවෘත අදහස් ඇති අයට මෙන්න කියවන්න ලිපි කිහිපයක්:
    http://www.nationalpost.com/opinion/story.html?id=283931&p=1

    අසල්වැසි රට ඉන්දියාවේ වුවත් මෙය නිත්‍යාකුලයි.
    http://en.wikipedia.org/wiki/Abortion

    (ඔ‍ෙබ් පසුගිය ලිපියට ප්‍රතිචාරයක් දක්වන්නම් පසුව. හැකිද එහි මැකුණු ප්‍රතිචාර නැවත දාන්න?)

  2. good post, ඒත් ඇත්තටම ඔය පටු මතවාද වලට මුවාවෙලා තමන්ගේ කුහකකං, අදබාලකං වහගන්න යන එවුං මේවා ඇත්තටම තේරුම්ගනීද කියන එක සැකයක්. මේ අය හිතං ඉන්නේ සංස්කෘතිය මිනිස්සුන්ටත් වඩා උතුම්, පූජනීය දෙයක් කියලයි. ඒත් මිනිස්සු නිසා සංස්කෘතිය පවතිනවා කියන දේ තේරුම් ගත්තොත් ඇත්තටම මේ සියලු මූලධර්මවාදයන් නැතිවෙලා යාවි.

  3. නියම ලිපියක්… මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා උඹේ අදහස් එක්ක. අපේ රටේ ඉතිං කොහොමත් ඔය වගේ දේවල්නෙ වෙන්නෙ. පෙන්නගෙන ඉන්නවා එක ගබ්සාවක් වත් කරල නෑ වගේ. දවසකට 1000ක් වෙනවා. අනේ මන්ද ඉතිං මේව කවද හැදෙයිද කියල.

  4. ගැටළුවක මූලය ගැන කතා නොකර, ඊට දිය යුතු විසඳුම් ගැන කතා නොකර, ප්‍රකාශමාන වන ප්‍රතිඵලයට පමණක් පිළිතුරු දෙන්න යන එක මේ යුගයේ විලාසිතාවක්. ගබ්සාව ‘නීතියෙන් තහනම් කල යුතුය’, ‘නීතිගත කල යුතුය’ ආදී ‍මේ තර්කයන් ගෙන එන බොහෝ දෙනෙක් අමතක කරන කාරණයක් වෙන්නේ ගබ්සාවන් සිදුකරගැනීමට බලකෙරෙන සමාජ තත්වයන් ගැන.
    මම පුද්ගලිකවම යම් නීතිමය කොන්දේසි සහිතව ගබ්සාව නීතිගත කරනවට එකඟයි. එහෙම වෙන්නේ ගබ්සාව නීතියෙන් තහනම් කලාය කියල, ගබ්සා කිරීමට සිදුවන හේතු, හා ගබ්සාවන් සිදු කිරීම නොනවතින දෙයක් නිසා. ‍හොර රහසේ ‍ගබ්සාවන් කර ගන්න කියල හොර වෙඳුන් ලඟට ගිහින් නැතිවන ජීවිතත්, ඉන් පසු වුනත් ඒ නිසා සිදුවන අතවර ගැනත් සලකන කොට ‍ගබ්සාව නීතිගත කරන එක වරදක් නෙමෙයි. හැබැයි නිසි පාලනයක් ඇතිව.

    ගබ්සා කිරීම නිසා නූපදින මිනිස් ජීවිත ගැන කිඹුල් කඳුලු හෙලන ඔය කට්ටිය යුද්ධය නිසා විනාශ වන දහස් ගනණක් මිනිස් ජීවිත ගැන අව-සංවේදීයි. මේ කාලේ හැම ඉල්ලීමක්ම, මතවාදයක්ම සමාජගත කරන්නේ උපයෝගීතාව අනුව මිසක් සමාජ සාධාරණත්වය වගේ දේවල් නිසා නෙමෙයි.

  5. මෙතනදී ගබ්සාව නීති ගත කරන්නේ එය සෑම අවස්ථාවකදීම ගත යුතු ක්‍රියාමාර්ගයක් ලෙස ප්‍රචලිත කරන්න කියා නෙවෙයි. නීතිගත කිරීම මගින් බලාපොරොත්තු වන ප්‍රධානම අරමුණ වන්නේ තම දරුගැබ පිළිබඳ මවට තීරණ ගැනීමට ඇති හැකියාව ලබා දීම සහ එම තීරණ ක්‍රියාවට නැංවීමේදී ආරක්ෂා සහිතව අදාල පහසුකම් ලබා ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීමයි.

    @palitha,
    සංස්කෘතිය පිළිබඳ කතාවට මමත් එකඟ වෙනවා. ඕක රටේ පවතින් මානසිකත්වයේ ප්‍රථිපලයක්. තේරුම් ගැනීමට බැරි හෝ තේරුම් ගැනීමට ඕනෑකමක් නොමැති පුද්ගලයින්ගේ හඬ පරදවා නිදහස පිළිබඳ හඩක් නැංවීමට හැකිනම් එම පුද්ගලයින් ගෙන් වැඩක් නෑ. මෙතෙක් කල් මේ පිළිබඳ සිංහල බ්ලොග් සටහනක් දැකිමට නොහැකි වීම මෙය මිනිසුන් කතා කිරීමට අකමැති මාතෘකාවක් බව පෙන්වා දෙනවා. එම තත්වය නැති කිරීමට හැකිනම් හොඳයි.

    @කසුන්,
    ගබ්සාව සිදුකරගැනීමට මුල්වන සමාජ තත්වයන් යටතේ මවට (හෝ දෙමාපියන්ට) එම නිදහස ලබා දීම වැදගත්. නීති ගත කිරීම මගින් එය කිරීමට බලකර නැහැ. මෙය පවුල් සැලසුම කියන සංකල්පයෙන් වෙනස් දෙයක්. නීතිගත කරායින් පසුව පාලන නීති ක්‍රියාත්මක කිරීම සිදු කිරීම අනිවාර්යයි.
    “ඉන්පසුව ගබ්සාව පාලනය කිරීමට සම්මත නීති රැගෙන ආ හැකියි. ගබ්සා කිරීමට අවශ්‍ය පූර්ව කොන්දේසි අර්ථ දක්වා තැබිය හැකියි.” යනුවෙන් දක්වා ඇත්තේ එම කරුණයි.

  6. මට දෙයක් කියන්න තියෙනවා මෙය සම්පූර්ණයෙන් කියවන්න. වැරදි මත ගොඩාක් මා ගැන, ඒ post එක ගැන හා මගේ අදහස් ගැන පල වී තිබෙනවා.
    ඔබට ඔබ ගෙන හැරූ ප්‍රශ්න පිලිබද පමණක් පිලිතුරු දෙන්නම් තේරුම් යනවා නම් යයි. මං හදන්නේ මා ගැන ඇති වී ඇති වැරදි ආකල්පය ගැන මගේ අදහස් දැක් විමටයි.
    1. ප්‍රධාන ප්‍රශ්නය මං මට හිතෙන විදියට ගබ්සාව(නූතන – මං පරණ ක්‍රමය ගැන මීට පෙර දැන සිටියේ නෑ) වැරදිය කිව්වාට, ඒක වැරැද්දක් යන්න නොදැන එය කරන අයට ඇති පවක් නෑ. ඔබ ඔය ඉන්න ස්ථාවරය ගැන ඔබටම කල් යද්දී වැටහෙයි. මං ගබ්සාව හරිද වැරදිද කියන එක ගැන එතන කතා කරේ නෑ. මගේ අදහස් දැක්වූවා පමණයි ඒකට හේතු තියෙනවා, මෙන්න:
    1. නූතන වෛද්‍ය විද්‍යාව ළමයාට පණ ලැබෙන්නේ කොතැන දී ද කුමන වේලාවේදි ද කියන්න තරම් දියුණු අවදියක නෑ. සමහර විට ඔබ කියන ආකාරයේ යම් කාලයක් තුල ගබ්සා කිරීමේ දී(ලංකාවේ තිබූ පැරණි ක්‍රමය) මේ ආකාරයේ ප්‍රශ්න ඇති නොවන්න පුළුවන්, එහෙත් ලංකාවේ දැන් තත්වය වෙනස්.
    2. ගබ්සාව කලළය දියුණුවීමේදී හෝ දියුණු වෙමින් පවතින ඕනෑම අවස්ථාවකදී සිදු කල හැකියි. මේ නිසා දැනුවත්ව පන ඇත්තෙක් මරා දැමීම, දෙවැන්න එය මිනිස් ජීවිතයක් වීම.
    3. මවට හැකියාවක් හා අයිතියක් තියෙනවා තමන් නිසා වැඩෙන ළමයා මැරීමට, සදාචාරය ගැන අපි කතා නොකර හිටියොත්; මවට තමන් නිසා වැඩුන දරුවා තමන්ගේ සිරුරෙන් ඉවතට ආ පසුත් මැරීමේ අයිතිය තියෙනවා. එහෙත් මං හිතන්නේ නෑ ඒක ශිෂ්ටයි කියලා – මේ මගේ මතයක් ඔබ සදාචාරය යන්නෙන් පිටත හිතනවා නම් මේ අයිතිය මවට ඇති බවට පිලිගන්න.

    ඔය හේතු 3 නිසයි මං ගබ්සාව වැරදියි කියන මතයේ ඉන්නේ නැතුව ඔබ කියන ගොන් සදාචාරයේ කප්පිත්තෙක් නිසා නෙමෙයි.

    ඔබ ඔය දක්වා ඇති ගබ්සාව නීති විරෝධී උන නිසා යැයි කියන ප්‍රශ්න නීත්‍යානුකූල කල පසු අඩු වේ යැයි මං හිතන්නේ නෑ.
    මං ලිබරල් වාදය නිසා ගබ්සාව(නූතන) නීත්‍යානුකූල වීමට සිතුවිලි දාමය ඇති උනා කියලයි කිව්වේ — වෙන කිසි දෙයක් ගැන නෙමේ.ඔය ගෙන එන කතා සියල්ල සමාජයට තේරුම්ගන්වන්න ඊට පස්සේ අර පැරණි ක්‍රමය වගේ ගබ්සා කල හැකි ක්‍රමයක් ඇති කරන්න පුළුවන්නම් ලංකාවට ගෙන්වන්න එහෙම වෙනවා නම් මගේ මතය අනූව ඒ ගබ්සා ක්‍රමය පමණක් නිවැරදි.

    ලිබරල් වාදය මේ ප්‍රශ්නය ලෙස දකින්නේ හුදෙක් ආණ්ඩුවට පැටවෙන බරක් හා මිනිස්සුන්ට ඇතිවන අමතර බරක් ලෙස – ජීවිතයක් ලෙසවත් ඒ ජීවිතයේ අයිතිය ගැනවත් නෙමේ. මං කිව්වේ එයයි ඔබ ඇතුලූ -බිன்ku- යන නම් ඇති අයට තේරුම් ගියේ නැතුවාට-මට ඒගැන කනගාටුයි, ඒ නිසාමයි මේ reply එකත්. එයයි ලිබරල් වාදයේ ගොන්කම මනුෂ්‍යතවය ගැනවත් හරි ආකාරව නොදැන තියෙන ක්‍රමයම නීත්‍යානුකූල කිරීම. ඒකටයි මං විරුද්ධ, ඔබ දැන්වත් තේරුම් ගත්තා යැයි සිතමි.

    @-බිன்ku-
    මං කලින් ඔබේ බ්ලොගයේත් පෝස්ට දැම්මා මට ඔබේ මේ හරසුන් වචන පුදුමයක් නෙවේ. මං chamila හා තර්ක(යම් තරමකට හෝ) කිරීමත් ඔබගේ බ්ලොගයේ comment 2ක් 3ක් දමා නැවත පැත්ත පලාතේ නොයාමටත් හේතුව ඔබගේ බ්ලොගයද මේ comment එක වැනි නිසාය.
    එසේ වෙතත් ඔබට මේ reply එක හෝ මගෙන් ලැබෙන්නේ ඔබව/ඔබගේ comment එක ගනන් ගන්නා නිසා නොව නිදහස් චින්තකයෙක් ලෙස සිතීමට ඇති අයිතිය හා මගේ මෘධුකාංගය ඔබ විසින් ” විසින් කියාගන්නා” තත්වයට ඇද දැමීමත්, මා නොමැති/නොදකී යැයි සිතූ තැනක කීම/පල කිරීම කල හැක්කන් සිටින්නේ අතලොස්සයි – ඔබත් එයින් එකෙකි බොරු සාම කුරුල්ලෙකි. සාම කුරුල්ලා මිනිස්සුන්ට පහර දීමට ඒ මිනිස්සු කරන හොද වැඩත් යොදා ගනී.
    හිරිකිතයි-ගාන්ධි ද ඕවා ඉගැන්නුවේ?

  7. http://beyondborders.wordpress.com/2007/07/30/abortion-in-sri-lanka/

    ඔන්න ඕකත් මං කියෙව්වා..මොනා හරි ඒ ගැනත් ලියන්න හිතුනා.
    මට හිතෙනවා මිනිස්සු දැන් තමන් කරපු වැඩේ හරිය කියා හිතන්න කැමති අය ගොඩාක් ඉන්නවා කියලයි මට නම් හිතෙන්නේ.

    ලිපිය පිලිබද නම් මගේ කිසිම විරෝධයක් නෑ, ඔබ මේ තිබෙන ක්‍රමය මෙලෙසම නීත්‍යානුකූල කල යුතුයි කියද්දී ඔහු කියන්නේ මේ ගැන මේ සියලු පාර්ශවසමග වාද කර නිගමනයකට එලැඹිය යුතුයි කියලා.

    තව කෙනෙක් කියලා තිබ්බා මේ සමාජ ආකාරය හැදුවේ සුද්දෝ කියලා, සමාජ ක්‍රමය ලෝකෙ හැම තැනම සුද්දෝ එන්න ඉස්සෙල්ලත් තිබ්බා එයා ඒවා දන්නේ නෑ. මටනම් ඒවගේ දේවල් වලින් පේන්නේ අපි දියුණුවට වඩා පරිහානියට යන බවයි. -සත්තු වෙන්න හදනවා වගෙයි.

    ලිබරල් වාදය, සුද්දාගේ ආර්ථිකයේ බලපෑම දක්නට ලැබෙන comment එකක් ඒ ලිපියට ලැබී තිබුනා! හොදින් කියවන්න ඒ කෙනා ගබ්සාවක් කල කෙනෙක් ඇය පිලිගන්නවා මේ ළමයාට කිරිපිටි, කන්න, ඇදුම්, අධ්‍යාපනය ආදිය ලබා දීමට ඇයටත් ඇගේ සැමියාටත් නොහැකි බව, මෙය සිදු උනේ ලිබරල් වාදය ඇතුලු සුද්දාගේ ආර්ථික, සමාජීය ආකාර වලින් ඇගේ දරුවා ගැන හිතු නිසා නොවේ ද?
    නව සීලන්තයෙන් කිරිපිටි ඉස්සර ගෙනාවාද?
    ඉන්ටර් නැශනල් ඉස්කෝල ඉස්සර තිබ්බා ද?
    ඇදුම් නැත්නම් අදුම් නො ඇද හිටි අය පහත් යැයි සිතන්න පුරුදු කරේ කවුද? ඕවා රටින්ම ගෙන්නන ඕනා ද?

    එහෙනම් ඉස්සරට වඩා අද කන්න දී ගන්න බැරි නිසා ලමයින් මරා දමන්නේ නැද්ද? — ඔන්න මං කියන දේ, ගබ්සාව හරිද වැරදි ද නෙමේ ඒක මේ ආර්ථික සමාජීය බටහිර ගැති ක්‍රම නිසා වර්ධනය උනා !

  8. මධුර,

    ගබ්සාව මෙම පවතින ක්‍රමයේ එක් අතුරු ප්‍රථිපලයක් කියා ඔබ අනුමාන කරන බව පෙනේ. (ඔබගේ – “ඔන්න මං කියන දේ, ගබ්සාව හරිද වැරදි ද නෙමේ ඒක මේ ආර්ථික සමාජීය බටහිර ගැති ක්‍රම නිසා වර්ධනය උනා !”)
    නමුත් ගබ්සාව පැරණි සමාජ ක්‍රමය තුලද (එය දැන් පවතින ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රමයක් බව ඔබ පිළිගන්නවා යැයි සිතමි) පැවතීම යන සරල කරුණ නිසා එම අනුමානය අහෝසි වී යයි. එම නිසා මෙම මාතෘකාවට තවත් ලිබරල් වාදයක් හෝ එවැනි දේශපාලනික මතවාදයක් ඈඳා ගැනීමේ අරුතක් නොමැත. ඒ නිසා මම ඒ පිළිබඳ කතා නොකරමි. ඔබ එය ඈඳා ගන්නේ කලින් සඳහන් වුන අනුමානය නිසාය.

    පැරණි සමාජය තුල පැවති දෙයක් දැන් සමාජයේ වැරදි දෙයක් බවට පත්වීම, සුද්දාට බනින ඔබ අතින් සිදුවීම එක් අතකින් විහිළුවකි. නැවත නැවතත් මෙය බටහිර සංස්කෘතික ආක්‍රමණ වල ප්‍රථිපලයක් නොවන බව ඔප්පු කර ඇත.

    ගබ්සාව සඳහා ඇති විය හැකි හේතු කන්න බොන්න දීමට නොහැකි වීම ආදියට වඩා පැතිරිය හැකිය. උදාහරණයකට මා සඳහන් කර ඇති නිදහස් වෙළඳ කලාපයේ කාන්තාවන් ගන්න. නැත්නම් මා පාසැල් ශිෂ්‍යාව ගන්න. එවැනි අවස්ථා “වැඩ වරද්දා ගැනීම්” ලෙස ඔබ වර්ගීකරණය කිරීම අනවබෝධයේ ප්‍රථිපලයක් මිස වෙනකක් නොවේ. කන්න බොන්න අඳින්නට දීමට වඩා දෙයක් ගබ්සාවට හේතු විය හැකි බව පිරිමියෙක් වූ පළියට තේරුම් ගැනීමට අපහසු නොවේ. මඳක් ඇස් ඇර සමාජය දෙස බැලීම පමණක් සෑහේ.

    ගබ්සාව නීති ගත කිරීමෙන් එය නිදහස්ව ඔහේ පාවී යා හැකි බව ඔබ දරණ අනිත් මතයයි. නීතිවිරෝධී කර ඇති නිසා දැන් ඒ “පව” සිදු වෙන්නේ නැද්ද? මා ලබා දුන් සංඛ්‍යා බොරු නොවන බව සොයා බැලුවොත් ඔප්පු වෙවි. නීතිවිරෝධී වුවත් නැතත් මෙය සිදුවන බව පැහැදිලියි. නීති ගත කල යුත්තේ ඇයි යන්න ඔබට පැහැදිලි නැති නිසා තවත් පැහැදිලි කර දක්වන්නම්. නීති විරෝධීව පවතිද්දී එයට අදාල පාලක නීති යෙදිය නොහැකි බව තේරෙනවාද? උදාහරණයකට ගතහොත් ගබ්සාවක් කිරීමේදී ගත යුතු ක්‍රියා මාර්ග පැහැදිලිව අර්ථ දැක්විය හැකිද? (ගබ්සාව නොකල යුතුයි යැයි ඔබ උඩ පැන කෑ ගැසුවත් එය සිදුවන නිසා මෙම ප්‍රශ්න නගමි). එවැනි පාලක නීති යෙදිය හැක්කේ නිසි පරිදි සැලසුම් කරන ලද නීති පද්ධතියකින් පමණි.

    අනෙක් අතට මෙය නීති ගත කල යුතුයි යැයි මා පවසන්නේ ගබ්සාව යන “ප්‍රශ්නය” (ඔබේ මතයට අනුව – මට ප්‍රශ්නයක් වන්නේ එයින් සිදුවන හානිය පමණි) අඩු කිරීමට නොවේ. එයට නිශ්චිත ආවරණයක් ලබා දීම පමණි. මනුෂ්‍යාට ඇති ලිංගික ආවේගය වෙන් කල නොහැකි සේම ගබ්සාව යන ක්‍රියාවද මනුෂ්‍ය සමාජයෙන් ඉවත් කල නොහැක. එම නිසා එය තවත් යුද්ධයක් නොකිරීම වඩා ප්‍රායෝගිකය.

  9. මං කිවුවෙ දැන් ඇති ගබ්සාව ඇති උනේ බටහිර බලපෑම් කියලා නෙමේ ඒවා නිසා අර කලින් තිබුන ක්‍රමේ විනාශවෙලා ගිහින් දැන් ළමයාට පණ තිබෙනවාද නැද්ද යන්නවත් සොයා නොබලා ගබ්සා කිරීමයි ඒකයි මං දකින වෙනස. ඔබ ඔය කියන්නේ සුද්දාගේ බලපෑම් වලට යටත්ව වගේ. මා මගේ මතයේ සිටින්නම්.
    PS: අර බින්කුවා මගේ මෘධුකාකිවුගෙට එක එක මගුල් කිය කියා ඒක පාවිච්චි කරනවා මට ඉතින් මේවාට එක එක තැන්වලින් හිනායනවා.

  10. @මධුර
    කරුණු කාරණා නොදැන මෙවැනි ප්‍රකාශ කිරීම තව තවත් පැහැදිලි කරමින් ඔබ පහත වචන පේළිය යතුරු කර ඇත.
    “ඒවා නිසා අර කලින් තිබුන ක්‍රමේ විනාශවෙලා ගිහින් දැන් ළමයාට පණ තිබෙනවාද නැද්ද යන්නවත් සොයා නොබලා ගබ්සා කිරීමයි ”

    මා නැවත නැවතත් පැවසු පරිදි මෙය ගබ්සාව නීති ගත නොකිරීමේ වරදක් මිස වෙනකක් නොවේ. නීතියක් නොමැති තැන දරුවාගේ වයස මනින්නේ කෙසේද? ඔබගේ කතා වලින් ඔබත් මමත් එකම පැත්තේ සිට වාද කරනවාදැයි වරෙක සිතේ.

    බින්කු හා ඔබ‍ අතර ඇති වාද ඔබ දෙදෙනා අතර පමණි.

  11. දෙන්නා එකම පැත්තේ සිට වාද කරනවා විය හැකියි ඒත් ඔබත් මාත් ප්‍රශ්නය දකින්නේ වෙනස් ලෙස මං ඛටහිර දේ හොයන්නේ බලන්නේ නැතුව අපේ අය copy කරන එකට නගන චෝදනාව ඔබ නොනගනවා වගේ.

    මට එයා එක්ක වාද නෑ. ඒත් මෙතන නේ පොර මට කෑගැහුවේ, මෙතන දී නේ මගේ නම ඌ කැත කලේ ඒ නිසා මං මෙතනම නියම කරුණු එලිදැක්වූවා. පෞද්ගලික බේදයක් නෑ, ඔබගේ බ්ලොග් එකේ ඒක අනවශ්‍යයි කියලා හිතෙනවා නම් ඉවත් කරන්න කමක් නෑ. මං වාද කරත් කරන්නේ තේරුම් ගැනීමට හැකියාව ඇති සුළු පිරිසක් සමග පමණයි.

  12. “මං ඛටහිර දේ හොයන්නේ බලන්නේ නැතුව අපේ අය copy කරන එකට නගන චෝදනාව”

    මෙය වෙනත් තැන් වලදී සිදු වෙනවා ඇති. නමුත් ගබ්සාව යන්න කොපි කිරීමක් නොවයි. ඔබ මෙතනින් කියන්නේ “දැන් ළමයාට පණ තිබෙනවාද නැද්ද යන්නවත් සොයා නොබලා ගබ්සා කිරීම” නම් එය නීති ගත නොකිරීමේ විපාකයක් මිස වෙනකක් නොවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *