අනර්කලීට බළපිටියේදී නෙලන්නට සූදානම් වෙන අපේ මිතුරා

anarkaliබළපිටියේ වෙසෙන අපගේ එක් මිත්‍රයෙක් වේ. හිතින් ද ගතින් ද සමාජවාදියෙකු යැයි පවසන මොහු අනර්කලී දකුණේ ඡන්ද ව්‍යාපාරය ආරම්භ කල දවසේ පැවසූයේ ඈ බළපිටියට පැමිණි දවසට නම් දුවන්නට දෙන බවයි. මින් පෙරද එසේ එක් දේශපාලකයෙකු එලවූ බව අපට කියා දෙමින් ඔහු, ඈ සංකර ****යක් යැයි විශේෂණ පද කිහිපයක් ද එක් කලේය.

අප රට සදාචාර සම්පන්න බැවින් සපිරි හැදියාව උපරිමයටම ඇති රටක් බව ඔහු තදින් විශ්වාස කරයි. රජයේ සියලු සදාචාරවාදී ප්‍රතිපත්ති (හා වෙනත් ඕනෑම ප්‍රතිපත්තියක්) සඳහා ඔහු ෆුල් සප් එක ලබා දෙන්නේ එබැවිනි. මෙය අපගේ බපියා ට (පිටියා) පමණක් ආවේණික සිතුවිල්ලක් නොවේ. බහුතරයක් ජනයාහට අවුරුදු පනහක දේශපාලන ක්‍රමයක් තුල උරුම කරන දෙනු ලැබූ චින්තනයක එක් ප්‍රථිපලයකි. තමන්ට මීට වඩා විනෝදයෙන් ජීවත්ව සිටිය හැකි සමාජයක් තිබෙන බවත් නමුත් එසේ ජීවත් විය නොහැක්කේ කිසියම් වූ පුද්ගලයෙක් හෝ කාණ්ඩයක් නිසා බවත් චින්තනයක් ඇති කරන පාලකයින් එම පුද්ගලයා හෝ කාණ්ඩය (අනෙකා) විනාශ කිරීමට තමන්ට සහයෝගය ලබා දීමට ජනතාවට ආයාචනා කරන බව කිසියම් හෝ තැනක දුටුවා මතකය. සදාචාර සම්පන්න වූ අබ ඇටයකදු දුරාචාරයක් නොමැති යහ සමාජයක් පිළිබඳ අප මිත්‍රයාගේ සිතුවිල්ලද මීට සමාන එකක් ලෙස අපි දකිමු. ඔහුගේ සිත තුල ඇත්තේ කොටට අඳින සියළු දේශපාලකයින් සමඟ බුදියන අනර්කලී බළපිටියේ සිල්වතුන් වෙතින් ප්‍රතික්ෂේප වෙනු ඇති යන්නය. එය ඔහුගේ සවිඥාණයේ එක් වීර කතාවකි.

නමුත් ලිංගික මර්ධනයකින් මඬිනා ලද ලාංකීය පරම්පරා කිහිපයට අනර්කලී යනු තම සිහින තුල හුරතල් වන රැජිනක් බව ඕනෑම  පිරිමියෙකු දොර අඩවල් කරන ලද කාමර තුලදී තේරුම්ගන්නා සත්‍යයකි. ඈ රඟපෑ චිත්‍රපට කිහිපයක්ම ඉතා ප්‍රසිද්ධ වූයේ එවායේ තිබූ (අඩුම තරමේ බාල ගණයේවත්) කතාවක් නිසා නොවන බව කවුරුත් දනී. මාතරින් යහනට පැමිණීම හා ගමේ බෝක්කු පිළිබඳ පෝස්ටර් ගැසීමට පෙර ඒවායේ අඩංගුව ඇති පින්තූර භාවිතා වූයේ කුමටද යන්න ප්‍රසිද්ධ රහසකි. දේශපාලනයට පැමිණීමට පෙර  කොල්ලන් අතර පමණක් නොව අරක්කු මේසයක වාඩිවෙන හැට පැන්න මහල්ලන් පවා අනර්කලීව කතා බහට ඇද ගත්තේ ඇගේ පරම්පරාව පිළිබඳ කතා කිරීමට නොවන බව සැවොම දනී. නමුත් එළිපිට තම තමන්ගේ ප්‍රතිරූපයට වන හානීය වලක්වා ගැනීමට දැනුවත්වම යටපත් කරන ලද එම හැඟීම් පිටට පැමිණෙන්නේ ඇය රට ජාතියේ සංස්කෘතිය අනුභව කරන හැතිරියක් ලෙසට සිතමිනි. එනම් මෙහිදී ඇය රටේ සංස්කෘතිය විනාශ කරන අනෙකා වේ.

දේශපාලනයට පැමිණීමට පෙර කිසිම ආකාරයකින්වත් ප්‍රතික්ෂේප නොකරනු ලැබූ අනර්කලී දේශපාලනයෙන් ලෙහෙසියෙන් ප්‍රතික්ෂේප වේ යැයි සිතන්නේ කවුරුන්ද? (චිත්‍රපටි රංඟනය හා දේශපාලනය අතර ඇති පුදුම සහගත සමානකම් සලකා බලමින්) එතෙක් තරු ලෙසට ප්‍රසිද්ධව සිටි ප්‍රවීණ නාඹර නිලියන් සියල්ලම පරදවමින් වසර කිහිපයකින් රංඟනයේ මුදුනට (ඇයගේ හැකියාව පිළිබඳ වෙනම කතා කල යුතු අතර හැකියාව කෙතෙක් අද රංඟනයේ ඉහළට යාමට දායක වේදැයි සැක සහිතය) නැඟ ගැනීමට සමත් වූ ඇයව ලෙහෙසියෙන් පැරදවීමට සිතන්නේ කවුරුන්ද? ඇයට මරණ තර්ජන එල්ල කල මුතුහෙට්ටිගමට ජීප් රථ 16කින් ලේ පනින තුරු සැලකීම ගැන දැන දැනත් ඇයගේ බලය පිළිබඳ සැක කරන්නෝ කවුරුන්ද? කොළඹට දුමින්ද සිල්වා හා තිලංග සුමතිපාල පත් කර ගත් බුද්ධිමත් ඡන්ද දායකයින් සිටින රටක අනර්කලීගේ ගමන සැක කිරීම එතරම් සුබ නැත.

බළපිටියේදී අනර්කලීට සැලකීමට ලක ලැහැස්ති වන අපගේ මිතුරාට අප පවසන්නේ සියල්ලට කලින් සෙට් එකෙන් අසා ස්ථිර කර ගන්නා ලෙසටය. බළපිටියට ගොඩ බසින ඇගේ දෙපතුල් සේදීමට ඔවුන්ම ඉදිරිපත් වුවහොත්, නෙලන්නට දුව එන අපගේ මිතුරා පත්වෙන්නේ මහා අකරතැබ්බයකට නිසාවෙනි.

තවද අපි ඔහුගෙන් මෙසේ අසමු. දෑතින්ම වෙඩි තැබිය හැකි මුතුහෙට්ටිගම හා හෙලිකොප්ටර් හිමිකාර සජින් වාස් දකුණේ තවමත් තබා ගෙන සිටින්නේ ඔවුන් පිරිමින් වූ නිසා ද? අනර්කලීට සලකනවානම් මේ දෙදෙනාද බළපිටියටම එවිය හැක.

8 thoughts on “අනර්කලීට බළපිටියේදී නෙලන්නට සූදානම් වෙන අපේ මිතුරා

  1. අපි කවුරුත් වගේ හිතා‍ගෙන හිටියේ අනර්කලී ඡන්දෙ ‍ඉල්ලුවට වැඩක් ‍නෑ..‍‍ඒකි කවුරුවත් ගනන් ගන්නෑ..‍‍ඒකිගෙ චරිතෙ හරිනැ..‍මිනිස්සු පැත්ත පලාතෙ එන්න දෙන එකක් නෑ කියල…නමුත් වුනේ ඒකෙ අනිත් පැත්ත.

  2. අබුද්දස්ස කාලේ ලබුත් තින්ත වෙනවලුනේ . . .ඔන්න බලන්න්කෝ ඔය මොනවා කිව්වත් අන්තිමට මොකද වෙන්නේ කියල. . . !

  3. අනිව ඕකි ඇතුලට යනව.පූර්න රාජ‍්‍ය බලේ තියේද්දි මොනවද බන් කරන්න බැරි.election campaign හරියට කලොත් වැඩිම මනාප වෙනව.මෙහේ ඇයො ඒ තරම් වහ වැටිල..

  4. දැන් නම් ඡන්දෙ ඉවරයි. අනර්කලී දින්නලු නේද.. අපිට තියෙන්නේ ඊල්‍රගට වෙන ජවනිකාවත් බලාගෙන ඉන්න තමයි. හේ හේ්ගග//.. අනර්කලීගේ අළුත්ම චිත%පටිය……………

  5. අනර්කලී සමහරක් අය කියුවේ අනර් කෙලී කියලා නේද

    අද අනර් කෙලී ඉන්න හැටි යාලුවා මොනවද කියන්නේ !!!

    අර කලින් V කියලා ඉන්නෙ මම නෙමේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *