ගුරුවරුන් එල්ලා දැමීමට පෙර

hangමියුසියස් විදුහලේ පහලොස් වියැති සිසුවියක් පාසලේ වැසිකිලියක් තුලදී ගෙල වැලලා ගෙන දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබුනි. අද වන විට ඇය මිය ගොස් අවමංගල්‍ය කටයුතු සිදු කර අවසානය. ගෙල වැලලාගෙන මිය යාමට හේතු ලෙස නොයෙකුත් මත ඇති නමුත් සෑම මතයක් මධ්‍යයේම ඇත්තේ ඇය සතුව තිබූ ජංගම දුරකථනයක් ගුරුවරියකට හසු වීමෙන් පසුව ඇය එම සිසුවිය විදුහල්පතිනිය වෙත ඉදිරිපත් කිරීමට ලක ලෑස්ති වීමයි. සමහරුන් පවසන ආකාරයට ජංගම දුරකතනයේ අසභ්‍ය පින්තූර හා වීඩියෝ තිබී ඇත.

අවමංගල්‍යයට පසුව දැන් සැමදෙනාම දත කන්නේ අදාල ගුරුවරිය එල්ලුම් ගස් යැවීමටයි. ගුරුවරිය කොතරම් යක්ෂණියකද යන්නත් ඇයට අවීචි මහා නරකාදියේ ඇති දරුණුම දඬුවම් ලබා දිය යුත්තේ කෙසේද යන්නත් පිළිබඳව පත්තර වලට ලිපි ලියැවෙනු ඇත. ළමා අයිතිවාසිකම් ගැන වෙනමම ලිපි විලාසිතාවක් පටන් ගනු ඇත. ජනාධිපති ගෙන් මේ පිළිබඳ පියවරක් ගැනීම සඳහා කන්නලව් කරනු ඇත. ගුරුවරුන් වැඩ වර්ජනය නොකර සිටිය යුත්තේ මේ නිසා බව කියනු ජාතික නාලිකාව හෝ එවැනි නාලිකාවක මම දුටුවෙමි. ගෙල වැලලාගත් ස්ථානයේදී ප්‍රථමාධාර නොදීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල කිරීමට පිරිස් උත්සුක වෙයි. කොටින්ම සමස්ථ ගුරු ප්‍රජාවම එල්ලා මරා දැමීමට කඩු පොලු අතට ගෙන යහපත් ජනතාව බලා සිටී.

ඛේදවාචකයක් හමුවේ ලාංකීය සමාජය තුල දකින සාමාන්‍ය ජවනිකාවයි මේ. සාක්ෂරතාවයෙන් 90% සීමාව ඉක්මවා තිබුනත් සිතීමේ හැකියාව අවම වීම මෙම ජවනිකාවේ උල්පතයි. අප සෑම සිදුවීමකට උල තැබීමට යක්ෂයෙකු සොයයි. අවුරුදු තිහක් පුරා ඇදුනු යුද්ධයට සම්පූර්ණ හේතුව ප්‍රභාකරන් බවත්, ඒ ඔහුගේ උපතින් පිහිටි යක්ෂ, ම්ලේච්ඡ ගතිගුණ නිසා බවත් එනිසා ප්‍රභාකරන් අවසන් හුස්ම හෙළු පසු සතුටු විය හැකි බවත් අප සිතන්නේ මෙම මානසිකත්වය හේතු කොට ගෙනය. ගැටළුවක ලක්ෂණ එම ගැටළුවට විශේෂි කොට අප සිතන නමුදු සමස්ත සමාජයටම පොදු ගැටළුවක් ලෙස හඳුනා ගැනීමට අප අසමත්ය. යම් සිදුවීමක් තනි තනිව ගෙන පැහැදිලි කිරීමට වෙර දරන නමුදු කාල පරාසයක් තුල සිදුවන සිද්ධි සමුදායක් හා එක් කොට එහි ඇති සමස්ත පින්තූරය දැකීමට අප අපොහොසත් වේ. මිනීමැරුම් මාලාවක් සිදුවන විට සෑම මිනී මැරුමකටම “අනේ අපොයි” කියා දුක් වෙනවා මිස මිනීමැරුම් මාලාවට හේතු විය හැකි වෙනත් රටාවක් අප දැකීමට උත්සහ කරන්නේ නැත.

සිසු සිසුවියන් විදුහල්පතිනිය/තුමා හමුවට ඉදිරිපත් කිරීම අද ඊයේ පමණක් නොවන සිදුවීමකි. පාසැල් සිසුවියක ගේ ජංගම දුරකථනයක අසභ්‍ය පින්තූර තිබීම කිසිසේත්ම ගුරුවරියකට තනිව තීරණය ගත හැකි අවස්ථාවක් ද නොවේ. අනෙක් අතට මෙය විනය දැඩි ලෙස කඩ වීමක් හෙයින් පාසැල් මට්ටමින් ක්‍රියා කල යුතුව තිබුණු අවස්ථාවකි. මෙම කරුණු සැලකිල්ලට ගෙන අපට ගුරුවරිය එල්ලුම් ගසින් බිමට බැස්සවිය හැක. සමස්ත ගුරු ප්‍රජාවේ රැකියාවෙන් ඇති ප්‍රයෝජනය පිළිබඳ නඩුවකදී ලෙස ලෙහෙසියෙන් ඈ එල්ලුම් ගසින් බැස්සවිය නොහැකි නමුත් මෙම නඩුවේදී එය අදාල නොමැත.

ජංගම දුරකථන පාසැලට රැගෙන ඒම තහනම් වේ. නමුත් තරුණ තරුණියන් හා කුඩා ළමුන් හට ඇති වී ඇති අනාරක්ෂිත තත්වය තුල දෙමාපියන් හට නිරතුරුවම තම දරුවන් සමඟ සම්බන්ධයෙන් සිටිය යුතුය. එම නිසා ජංගම දුරකථන තහනම් කිරීම වැනි තීරණ ප්‍රශ්නයට විසඳුමක් නොවේ. අනෙක් අතට ජංගම දුරකථනයක් සමඟ හසු වීම පාසැල් ප්‍රධානීන් හමුවට ඉදිරිපත් කිරීම තරම් වරදක් ද නොවේ.

නමුත් ජංගම දුරකථනය තුලට අසභ්‍ය පින්තූර පැමිණියේ කෙසේද? ගැටළුවේ මූලය රැඳී ඇත්තේ එතනයි. අසභ්‍ය පින්තූර නොමැති ජංගම දුරකථනයක් සමඟ හසු වුනි නම් විදුහල්පතිනිය හමුවට ඇය ඉදිරිපත් නොකිරීමත්, ඉදිරිපත් කලත් ගෙල වැලලා ගැනීමට තරම් එය හේතුවක් නොවීමත් සිදු විය හැකිව තිබිණි. පහලොස් වියැති දැරිවියක් අසභ්‍ය දර්ශන නැරඹීමේ ආසාවක් ඇති කර ගෙන ඇත්තේ කෙසේද?

වැඩිවියට පැමිණීමත් සමඟම ශරීරයේ ක්‍රියාත්මක වන හෝමෝන වැරදි කරුවන් ලෙසට මීළඟට අපට ගත හැක. අධ්‍යාපන බලධාරීන් සියලුම හෝමෝනගත ක්‍රියා තහනම් කිරීමට කටයුතු කරන අතරතුර අප  වෙනත් මඟක් ගැනීමට බලමු. ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය යනු කටින් පිට කිරීමට නුසුදුසු තහනම් වදන් කිහිපයකි. අපාගත වීමට බල පෑ හැකි මෙම වදන් අතහළ යුතු අපට ඒ සඳහා උදව්වට දැන් රජය විසින් වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපට තහනමේ ද යෙදී සිටියි. ලිංගිකත්වය පිළිබඳ නිසි අවබෝධයක් ලබාදීම ලාංකිකයින් විශ්වාස කරන්නේ නැත. ඒ වෙනුවට ලිංගික අධ්‍යාපනය මධුසමය දින රාත්‍රිය තෙක් සඟවා ගත යුතු රහස් ලෙස තබා ගැනීමට දෙමාපියන් කටයුතු කරති. ලංකාව වැනි රටක සාමාන්‍යයෙන් විවාහ වන්නේ අවුරුදු 22ත් 30ත් අතර වයසක නිසා වැඩිවියට පත් වූ පසු හෝමෝන ක්‍රියාකාරීත්වය පාලනය කර ගෙන තැටමීමට අපගේ දරුවන්ට සිදු වී ඇති අතර ලිංගික අධ්‍යාපනයකින් තොර වූ කාන්තාරයක තමන්ම මඟ සොයාගෙන යෑමට ඔවුන්ට සිදුවී ඇත.

සත්‍ය වශයෙන්ම එල්ලුම් ගස් යැවිය යුතු යක්ෂයා සිටින්නේ මෙහි නොවේද? අප ඉහතදී සඳහන් කල ආකාරයටම ළඳරු අවධියක ජීවත් වන සමාජයක ඇති හරි හමන් සැකිල්ලක් නොමැති චින්තනය අත හැර වඩාත් හරවත් සාරධර්ම පද්ධතියක් ගොඩ නගා ගත යුතු නොවේද? වැඩිවියට පැමිණෙන ළමුන් තව දුරටත් ළමුන් නොවන බව පිළිගත යුතු නොවේද?

අවසාන වශයෙන් මිනිසා යනු සදාකාලිකව ලිංගික ක්‍රියාවලින් වෙන් විය යුතු ළදරුවෙකුට වඩා ලිංගික ජීවියෙක් බව පිළිගෙන ඒ සඳහා දැනීම් පද්ධතියක් ගොඩ නගා ගත යුතු නොවේද?

අවාසනාවකට ජීව විද්‍යාවට “ග්‍රීක යුදෙව් චින්තනය” යැයි පයින් ගසා වසර ගනනාවක් පන්සල් පල්ලි කෝවිල් තුලින් මතුවූ මර්ධනකාරී චින්තනයන් කර ගසා ගන්නා ලිං මැඩියන් සමඟ ලිංගික අධ්‍යාපනය සාකච්ඡා කිරීම පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැක.  එමනිසා ජනතාව සතුටු කිරීමට අපි ගුරුවරුන් එල්ලා දමා චිත්‍රපට තහනම් කරමු.

කියවන්න: කාළකන්නි ලිංගිකත්වය

57 thoughts on “ගුරුවරුන් එල්ලා දැමීමට පෙර

  1. මචං මට ආරංචි වෙච්ච විදියට ඔය ෆෝන් එකේ අසභ්‍ය දේවල් තිබිලා නෑ. ප්‍රහ්නේ තියෙන්නේ ඔය ෆෝන් එක ඒ දරුවට ගෙදරින් අරන් දීපු එකක් නෙමේ. පෙම්වතා අරන් දීපු එකක්. ඉස්කෝලෙන් මේ සිද්ධිය ගෙදරට කිව්වොත් ඇතිවෙන ප්‍රශ්නය නිසයි ඒ දරුවා සියදිවි හානි කරගන්න උත්සාහ කරලා තියෙන්නේ.

    ප්‍රශ්නයක් ඇති උනාම ඒවා නැවත නොවෙන්න නිවැරදි විසඳුම් කවදා දීපු රටක්ද ලංකාව? ඔය චක්‍රලේඛයක් ගෙනැත් ෆෝන් තහනම් කරලා තියෙන්නෙ. තව ටික දවසකින් තව උපදේශකයෙන්ගෙ පණ්ඩිත අදහසකට අනුව බාලිකා නිල ඇඳුමෙන් ටයි පටිය ඉවත් කරන්ත් බැරි නෑ.

  2. මටත් ආරංචි වෙච්ච විදියට ඔය දුරකථනයේ අසභ්‍ය දේවල් තිබිල නෑලු.

    • @ප්‍රවීන්, අනූ,
      මට මාර්ග දෙක තුනකින්ම ආරංචි වුනේ ඔය කතාව. විදුහල්පති මට්ටමේ තියෙන හැල හැප්පිලි නිසා මේ පිළිබඳ සත්‍ය සිදුවීම එළියට එන්නේ නෑ.

  3. Taboo හිටිය නම් මේ සිද්ධිය ගැන හොඳ පෝස්ට් එකක් කියවන්න තිබුණා. ඒත් දැන් Taboo නිහඬ නිසා ඒ අවස්ථාව නෑ. ඇත්තටම Taboo ට මොකද වුණේ? කවුරුත් දන්නවද?

      • අනේ මන්දා!
        ඔක්කොම පැටලිලා වගේ!

        මට හිතෙන්නෙ ඔක්කොම අදහස් දක්වන්නෙ හ‍රියටම වෙච්ච දේ හ‍රියටම දැනගෙන නෙමෙයි.

        කී දෙනෙක්ට මේ සිද්ධිය අහල සංවේගයක් ඇති වණාද?
        මට නම් සංවේගයකට වඩා දැණුනෙ/හිතුනෙ “අනේ කාලේ, වනේ වාසේ” කියල.

        දාල තියන comment වල හැටියට ඒ අත‍රට මේ ව්ගේ ඒව දැම්මත් කිසි අවුලක් නෑ වගේ!

        #1
        ගිය දේ ගියා (gone baby gone). වැරැද්ද දරුවගෙ කියල කියමු. අපි ජීවත් වෙලා ඉන්න ගුරුවරුන්ට ක‍රද‍ර නොක‍ර ඉමු! වැරැද්ද ගුරුවෘගෙ උණත් ගුරුවරු දැන්වත් හොඳ පාඩමක් ඉගෙනගෙන ඇති. ඉස්ස‍රහට ශිෂ්‍යයො අසභ්‍ය ක්‍රියා වල යෙදුනත් බණින එකක් නැති නිසා කිසි අවුලක් නෑ!!

        #2
        අපි ගුරුවරුන්ටම බණිමු මචං. වැරැද්ද දරුවගෙ වුණත් ගුරුවරුන්ටම බණිමු. ඔක්කොම අපිට සපෝට්! අනික දරුවට බැන්නොත් මැරිච්ච දරුවගෙ හොල්මන ඇවිල්ල අපිව බය කළොත්! මළ කෙළියයි!! ගුරුවරුන්ට මොකුත් විශේෂ බලයක් නෑ නෙ අපිට ගේම දෙන්න…

        :?

  4. මම නම් පළවෙනි ඇගිල්ල දික් කරන්නේ ළමයාගේ දෙමාපියෝ දෙන්නා ‍දිහාවට.! චක්‍රලේක වලින්වත් නීති රීති දඩුවම් ක්‍රම හෝ වාරණ වලින් මිනිස්සු හදන්න බෑ.. දරුවෝ කියන්නේ නිසි අවදාණය හා ආදරය කියන දෙකම ඇතුව හැදෙන්නේ ඕනි පිරිසක්. නියපොත්තෙන් කඩන්න තියන දේවල් පො‍රවෙන් කපන්න වෙන තැනට වෙනකම් නිදාගෙන උන්නු හැමෝම මේකට වැරදියි.!

    • සහතික ඇත්ත. අම්මලා තාත්තලා දෙන්නම වැඩට යන්න වෙලා තියෙන මේ කාලේ දරුවන්ට ආදරේ කියන දේට ලොකු වියදමක් කරන්න වෙනවා. ගෙදරින් නොලැබෙන ආදරේ වෙන තැනකින් හොයන්න බලනවා.

  5. ඔයිට කලිනුත් ඔය පාසලේම ශිෂ්‍යාවක් ගොඩනැගිල්ලකින් බිමට පැන සියදිවි හානිකරගත්තා. මට හිතෙනවා ඔය පාසල්වල පොතපතට පුරුදු කරනව වගේම,දරුවන්ට ජීවිතයට මුහුණ දෙන්න පුරුදු කරනවනම් මෙහෙම වෙන්නෙ නෑ කියල. ළමයින්ව සාන්ත දාන්ත විදියට හැදුවට වැඩක් නෑ. ඕනිම දේකට මුහුණ දෙන්න පුරුදු කරන්න ඕනි.

    • ජංගම දුරකථන තහනම් කල මනා ප්‍රායෝගීක අවබෝධයක් ඇති අධ්‍යාපන බලධාරීන්ගෙන ඔබ එවැනි අධ්‍යාපනයක් බලාපොරොත්තු වෙනවාද?

  6. http://magesithuma.blogspot.com/

    මම මේ ටිකේම ගොඩක් බ්ලොග් සටහන් වල දැක්කා පාසල් සිසුවියකගේ දිවිනසා ගැනීමක් ගැන. මම හිතනවා අපි ඇයගේ මරණය ගැන කථාකරන වි ඇයට සිදුවු අසාධාරණය ගැනද කතා කළයුතු අතර ඔය කියන ගුරුතුමියගේ තත්වය ගැනද සලකා බැලිය යුතුයි. ගුරුවරුන් කියන්නේ අප හැමට පෙරදා මේ අකුරු කරනට කියාදුන් උදාරතර මිනිසුන් කොට්ඨාසයකටයි. එදා ඔවුන් අපහට සැරවැර නොවූවානම් ඔය කියන බුද්ධිමතුන් බොහොමයක් අද අප අතර නැත. මානව හිමිකම් තිබෙන බව සැබෑය. මානවයා විසින් එම හිමිකම අනවශ්‍ය ලෙස පරිශීලනය කරන්නේනම් එයට නීතියද අවශ්‍ය බව අපි දනිමු. මෙහිදී සිසුවියගේ යහපත සඳහා එම ගුරුතුමිය විදුහල්පතිනියට මේ ගැන කීමට ගියා විය හැකිය. (අප බොහෝ දෙනෙකුට යහපත සඳහා කරන බොහෝ දේ අපගේ අනවශ්‍ය ඉක්මන්වීම නිසා නොවැටහේ. සිසුවියටද මේ දෙයම සිදුවන්නට ඇතැයි සිතමි.)

    අතුරු කතාවක් මගින් මාතෘකාව විමසීමට අදහස් කරමි.

    ඔය කව්රුත් මේ මෑතකදී ලංකාවේ ප්‍රසිද්ධ පාසල් වලට ගියාදැයි මා නොදනිමි. එහෙත් මීට වසරකට පමණ පෙර මා පන්නිපිටියේ පිහිටි ප්‍රධාන පාසලකට ආරාධනාවක් ලබාදීම සඳහා ගියෙමි. මෙහිදී මා දුටු අවාසනාවන්තම දෙය නම් එම පාසලේ සිසු සිසුවියෝ පිරිසක් පංති කාමරයකට රොක්වී කාඩ් ගසමින් නොසරුප් බස් කියමින් සිසුවියන්ගේ අඟපසඟ අල්ලමින් විනෝද වීමයි. මදකට හිතන්න මේ දෙය කියනකොට ඔබ කියාවි ඕක සාමාන්‍යයෙන් ඔය වයසට කරන දේවල් කියල. ඒත් ඔබ විවාහකනම් දරුවන් සිටීනම් (මෙහිදී ගැහැණු දරුවකු පිරිමි දරුවකු කියා වෙනසක් නැත) හෝ ඔබගේ සහෝදරයෙක් නැත්නම් ස‍හෝදරියක් මෙලෙස හැසිරෙනු දුටුවොත් මොනවගේ සිතිවිලි පහල වේද?

    මෙහිදී පෙර ගුරුවරිය මගේ දොෂ දර්ශනයට ලක්නොවන අතර සිසුවිය ගැන අනුකම්පාවක් ඇතිවේ. මේ සමාජයේ හය හතර නොදත් ඇය භීතියට ලක්වූයේ අප පාසල් මනා කළමනාකරනයට ලක්නොවූ නිසාය. රටකට සමාජයකට නීතියක් අවශ්‍ය සේම එම රටේ අනාගත පුරවැසියන් බිහිකරන පාසලටද දැඩි නීතියක් අවශ්‍ය බව මගේ මතයයි. තවද පාසල තුළ ජංගම දුරකථන භාවිතය සාධාරණීකරනය කරමින් කතාකරන්නට සමාජයේ පවතින තත්වය සැමවිටම වලංගු නොවන බව මගේ සිතිවිල්ලයි. දිනකට පැය 6ක කාලයක් පවතින පාසල් කාලය තුල ගෙදර අම්මා/තාත්තා සමග කතා කරනු නොවිය හැකිය. මන්ද ඉතිරි පැය 18 තුල එය කළහැකි බැවිනි. පාසල් තුළ ජංගම දුරකථන භාවිතය තහනමට මා පක්ෂ අතර එය භාවිතා කරන්නට අවසර දෙන්නේනම් කුමන පදනම මතද යන කරුණ මට නොවැටහේ. අප සමාජය ඔය කියන තරම් සමාජ විරෝධිද? සමාජ විරෝධි සිද්ධි කීයක් පාසල් වලින් මේ වෙනකොට ජංගම දුරකථන නිසා වලක්වාගැනීමට හැකිවූවාද? මේ සෑම ප්‍රශ්ණයකටම පිළිතුර ඔබගේ මනසින් විමසා බලන්න.

    මේ සෑම දෙයක්ම මාගේ සිතිවිල්ලට අනුව වන අතර සංවාදයක් ගොඩනගන්නේනම් කැමැත්තෙමි.

    • දෙමාපියන් ලමයින්ට phone අරන් දෙන්න එපා කියන එක නෙමෙ ප්‍රශ්නෙ.. අරන් දෙන්න ඔනෙ මොන features තියෙන එවද කියන එකයි…

    • මුල් කොටස සමඟ එකඟ වීමට පුලුවන්. ඇත්තටම අපි ඉක්මන් වෙනවට වැඩිය මූලය සොයන එක වැදගත්.

      නමුත් ජංගම දුරකථන තහනම් කිරීම ප්‍රායෝගික ද යන්නෙහි ගැටළුවක් එනවා. පාසැලක Facebook තහනමේ දී එයට පක්ෂව මම කතා කලා. නමුත් දැන් ජංගම දුරකථන තහනමේදී විපක්ෂව කතා කරනවා. මේ දෙක සංසන්දනය කරන්න බැරි බව ඕනේම කෙනෙකුට තේරෙනවා.

      ගෙදර ඉඳන් අඩි දහයක් යන්න කලින් පැහැරගෙන ගිහින් දූෂණය කරලා මරා දමන රටක ජංගම දුරකථන වල අවශ්‍යතාවය වඩාත්ම අපට දැනෙන්න ඕනේ. අපි එතන පාලනය කරන්න ඕනේ ලබා දෙන දුරකථනය කුමන ආකාරයේ එකක්ද යන්නයි.

      අනෙක් කරුණ, ඔබ දුටු දර්ශනය පැහැදිලි කරන්නේ කෙසේද? එයට පැහැදිලි කිරීමක් මෙම සටහනින් මම ලබා දෙන්න උත්සහ කරලා තියෙනවා.

  7. මම නම් කියන්නෙ අපේ රටේ ලිංගික අධ්‍යාපනය ලබා දෙනවනම් හරියට ඕක වලක්වන්න පුලුවන්. තමන්ගෙ හැගීම් කෙතරම් දුරකට පාලනය කර ගන්න ඔනෙද කියන එක සහ එයින් ඇතිවන ප්‍රථිඵල ගැන දැනුවත් කරනවනම් ඔය දේවල් නවතීවි. මොකද මනුස්ස්යාට හැගීම් පාලනයට බුද්ධියක් තියෙන හන්ද..

    • මම හිතන්නෙත් ඒක. අපි අඳුන ගත්තේ නැති වුනාට ලිංගික ජීවිතය අපගේ අනෙකුත් හැසිරීම් වලට වැඩියෙන් බලපානවා. Desmond Morris ගේ ප්‍රකාශන වල තිබෙන්නෙත් ඔය කරුණු ටික.

  8. මට නම් ඔය ගෑණු ළමය ගැන දුකයි. මට ඉස්කෝලෙ යනකොට විච්ච ප්‍රශ්න වලට (විඳපු දඬුවම් වල හැටියට, නේවාසිකාගාරයෙදි වෙච්ච ප්‍රශ්න ) 10-12 පාරක් එල්ලෙන්න වෙනව.

    ඔය වගේ ප්‍රශ්නයකදි එල්ලෙන්න හිතෙනවනම් එතනත් ඉතින් මොකක් හරි අවුලක් තියෙනව.

    • ඒක තවත් ප්‍රශ්නයක්. තරුණ තරුණියන් එන්න එන්නම උද්වේගකර තීරණ ගන්නවා වැඩියි. නමුත් මම දකින්නේ එය මෙම ගැටළුවේදී සුලු හේතුවක් බවයි.

  9. මේ සිදුවීමේ ඇත්ත නැත්ත තවමත් අපි දන්නේ නෑ, හුදෙක් සුපුරුදු පරිදි අරක මේක හින්දා වුණේ තිබ්බා කියලා කියනවා මිස මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් හරි හැටි කතිකාවක් වෙන්නේ නෑ.

    ලිංගික දසුන් තිබුණා නම් ඒක මට පිලි ගන්නත් වෙනවා මන්ද මගේ අත්දැකීම් අනුවම කොළඹ වගේම නුවර, බදුල්ල වගේ ප්‍රදේශවල සිසුවියන් වුවත් ඒවා නැරඹිම එක්තරා ආකාරයකින් සුලභ වෙලා. ඇතැම් දෙනෙක්ට අනුව ආදරය හා විවාහය කියන්නෙත් ලිංගික එක්වීමක් තරම්ම හිතන්නට අරන්. ඒ අතින් නිසියාකාර ලිංගික අධ්‍යාපනයක් සමඟ මඟ පෙන්වීමක් අවශ්‍ය බව පිළිගන්නවා.
    දැනටමත් බොහෝ පාසැල්වල ජංගම දුරකථන පමණක් නොව සයුක්ත තැටි ගෙනීම තහනම් අතර ඒවායින් අසු වු දේවල් වලින් වැඩි හරියක් එලෙස (බාල) ලිංගික කොටස් සහිත ඒවායි. ඒ නිසා ජංගම දුරකථන සඳහා සුවිශේෂි පැකේජ සැකසු අඩු මට්ටමේ ඒවා අවසරට දුන්නත් අතවශ්‍ය කාරණාවේදි හැරෙන්න නිතී පැනවිම අසාධාරණ නෑ. නමුත් ඒ නිතීය වලංගු වෙන්නේත් පාසැලේ යම් නමක්, උසස් කෙනෙක්, අයියා කෙනෙක්, සර්/මැඩම්ගේ පුතෙක්ට බල නොපෑම සම්බන්ධයෙන් නම් ලොකු අලයක් තියෙනවා.

    • @බිன்ku- : මටත් ඔය ප්‍රශ්නෙ තියෙනව මොකද ශිෂ්‍ය නායක නායිකාවනට ඔක අදාල නොවෙන්නෙ කියල.. ඇයි උන් ලොකුද? ආදරය ලිංගිකත්වය වෙන් කරන්න මන් දන්න තරමින් නම් බෑ.. ඔය කට්ටිය කොච්චර පොර Talk දැම්මත් ඒක ජීවිතෙ සම්මිශ්‍රනයක්…

  10. ඇයි ඔක ජංගම දුරකතන්යෙන් මුද්දරයක් තරන් පොඩියට අමාරුවෙන් බලන්නෙ.

    ගෙදර ඉන්ටර්නෙට් තියනවනෙ, ගෙදර කවුරුවත් නැති වෙලාවට දොර වහගෙන බලල වැඩේ කරගත්තනන් ඉවරයි නෙ.එහෙම නැත්තන් කොහෙ හරි කැෆෙ එකකට ගිහිල්ල රුපියල් තිහක් දීල බලල පොතෙ දාගන්න පුලුවන් නෙ.

    ඇඩ් එකට ෆොන් එකේ දාගෙන ඇවිල්ල එක එක්කෙනාට පෙන්නල මෝඩ ආතල් එකක් ගන්න ගිහිල්ල මාට්ටු වෙන එක නං හරිම ගොං වැඩක්.
    අවදානම දරාගන්න පුලුවන්න අවුලක් නෑ. එතකොට මාට්ටු උනත් මැරෙන්න හිතෙන්නෙ නෑ, එකත් කිය කියා ෆන් එකක් ගත්තෑකි.

    වැරැද්ද තියෙන්නෙ මැරුනු ගෑනුලමයගෙම කියල ඇයි මෙ එකෙකුටවත් තෙරෙන්නෙ නැත්තෙ.
    අවදානම ගන්න බැරිනන් ඇයි අවදානං වැඩ කලේ. පීනන්න් බැරි නං ඇයි ඩීප් එන්ඩ් එකට පැන්නෙ..

    • චා
      ප්‍රතිචාරයක් දැමීම ගැන ස්තූතියි. නමුත් ඔබ සිතන්නේ ඉතාමත් පටු විදියට බව කිව යුතුයි.

      මැරුණ දැරිවියගේ වැරැද්ද තියෙනවා කියන්න බැරි ඇයි කියන එක සටහනේ කියලම තියෙනවනේ. අනිත් එක ඔබට අමතක වුනාද? දැන් ගෙදරින් යන්නත් බෑ.

      මම කලින් කිව්වේ ඒකයි. ඔබ යක්ෂයා සොයාගත්තේ ගැහැණු දරුවා තුලයි. නමුත් ගැහැණු දරුවාට එවැනි දෙයකට පෙළඹීම ගැන බල පෑ සාධක ගැන සිතුවේ නෑ නේද? එම සාධක ගැන සාකච්ඡා කිරීමයි අප කරන්නේ.

  11. දැන් කවුරුත් මේ අසභ්‍ය චිත්‍රපටි ගැන කතා කරන්නේ අර දරුවගේ ෆෝන් එකේ අසභ්‍ය වීඩියෝ/රූප තිබුනාද කියලා හරියටම දැනගෙනද?

    ගෙදරට හොරෙන් කරපු ආදරයත්, පෙම්වතා අරන් දුන්නු දුරකථනයත් ගැන පාසැලින් ගෙදරට කිව්වාම අම්මාටත් තාත්තාටත් (පවුලේ එකම දරුවා විදියට) මුහුණ දෙන්න බැරි නිසා ගත්ත තීරණයක් වෙන්න බැරිද මේක? (ඒකෙ හරි වැරදි බව වෙනම කතාවක්)

    ඇත්තටම ඔය ෆෝන් එකේ ඒ විදියෙ අසභ්‍ය දේවල් තිබුනේ නැත්නම් (මට නං ආරංචි, සහ කීප දෙනෙක්ම කිව්වේ එසේයි) මේ සියලු දෙනා ඒ ගැන පුන පුනා කීම මියගිය ඇයට කරන අසාධාරණයක් නෙමෙයිද?

    • හරියටම දැන ගෙන නොවේ. නමුත් එසේ වූණි නම් සිදු විය යුතු දේ ගැනයි.

      අනෙක් අතට ගැටළුවක් පිළිබඳ සාකච්ඡා කිරීම මිය ගිය වුන්ට අසාධාරණයක් යැයි සිතුන පළියටම අප ඒ ගැන කතා නොකර සිටිය යුතු නෑ. ගැටළුවක් ගැන කතා නොකර පිළිතුරු සොයන්නේ කෙසේද?

      අප එසේ නම් අසභ්‍ය පින්තූර නොතිබූ ලෙසට සිද්ධිය ගෙන සාකච්ඡා කරමු.

      ප්‍රේම සම්බන්ධය ගෙදරට හසුවීම පාසැල් ප්‍රේම කතාවල සුලභ අංගයක්. දිනකට එසේ හසුවන අය කීයක් ද කියලා කියන්න බෑ. මම පෞද්ගලිකව දන්න එවැනි සිද්ධීන් තිබෙනවා.

      නමුත් නැවතත් කරළියට එන්නේ එල්ලී මැරීමට තරම් වරදක් එහි නොමැති බවයි. එසේ නම් වැරැද්ද ? සමහර විට උද්වේගකර තීරණ ගැනීම? දෙමාපියන්ගෙන් කලින් ඇති වී තිබූ ප්‍රතිචාර? නැත්නම් මෙය ඇයට පමණක් සීමා වෙච්ච ප්‍රශ්නයක්ද?

      • මම මේ සිද්දියේ ඔය නරක දේ තිබුනද දන්නැ. නමුත් මේ වගේම ඉතා ප්‍රසිඩ්ධ ජාත්‍යන්තර පාසලක කොලුගැටයෙක් ගාව තිබිල ජංගම දුරකතනයක් හමු වුනා. මේකේ තිබුන අසභ්‍ය විඩියෝ එකක්. හොදට බලනකොට රගපාන්නේ ඉස්කොලේ කෙල්ලො කොල්ලො වැසිකිලියේ ඇතුලේ. මොන දෙයියන්ට කියන්නද හැබැයි දඩුවම් දුන්න. මැරෙනව තියා තුවාලයක් වත් කරගත්තේ නැ. මේකයි 5 වසර පෙල් වෙලා කියක් මැරෙන්වද ගෙදර යන්න බැ කියල. ගුරුවරු තදට ඉන්න ඔනි අම්මලා තාත්තලා ලමයිට ලමාකාලය දෙන්න ඔනි. ඔතන තියෙන්නේ ප්‍රශ්න වලට මුන දෙන්න බැරි කම.
        අපේ උසස් පෙල ගැනු ලමයෙක් හිටිය ලමයි හම්බවෙන්න . එයාගේ අනාගත ගමන නැවතුනාට හොදට ජිවත් වෙනව.

      • අධ්‍යාපනයෙදි සමාජයට මුහුණ දී කියන එක නැත්තටම නැති කරලා දාන්න කටයුතු කරන තාක් කල් අපිට මේ ප්‍රශ්න දිගටම තියෙයි.

        “වැඩිවියට පැමිණෙන ළමුන් තව දුරටත් ළමුන් නොවන බව පිළිගත යුතු නොවේද?”

  12. මහින්ද චිතනයට විතරක් තහනන් වෙච්ච, මෙ කපේට නවත්තන්න බැරි වැල. කොහොමද මම නොබල ඉන්නෙ.
    කොහොමද ‘තියන උන්’ නොබල ඉන්නෙ.

    මගෙ ම දරුවෙක් වැල බලන එක නවත්තන්න මට කවදාවත් බැරි වේවි.ඒත් උන්ට මට තිබුනට වඩා ගේමක් තියෙයි මං එක්ක. උං කවදාවත් මාට්ටු වෙන එකක් නෑ,. මම කවදාවත් මාට්ටු වෙලා නෑ.
    මාට්ටු උනත් උංට මොලෙන් වැඩ කරන්න මම කියල දෙනව.

    මම හිතන්නෙ සරලව… කොච්චර රවුං ගැහුවත් රෑට බුදියගන්නෙ ගෙදර එන්න ඔන.

    කොච්චර බයිල ගැහුවත්, ඒත් රෑට ගෙදර ඇවිලල බුදියගන්න ඔන.

    • දෙමාපියෙක් වශයෙන් ඔබේ දරුවාට කියා දිය යුතු දේ!!!

      ඔබ මෙතන කියලා තියෙන දේ හරියටම හරි.

      තව පොඩි එකතු කිරීමක්. හදිස්සියේ ඔබේ දරුවෙක් වැල බලලා මාට්ටු වුනොත් මොකද කරන්නේ?

      • තමන්ගේ දරුවෙක් වැල බලල අහූනොත් මොකක් ද කරන්නෙ ?

        සාම්ප්‍රදායික තාත්තට අමම්ට ඔකට උත්තර නෑ.
        බොහෝවිට ඒ මොහොතෙ ආවෙගය පිටකරල ගෙදර යකා නටයි.
        තව දරුනු වෙනවනන් නෑදෑ අසල්වාසී හිතම්ත්‍රයන් ඉදිරියෙ තමන්ගෙ දරුවව චාටර් කරල දායි. එහෙම දුකක් නං ඕ.. නෙ නෑ.
        ඔහු සියදිවි හානිකරගනී

        බුදිමත් ගනයෙ දෙමාපියෙක් නං
        අවවාදයක් දෙකක් දී වැඩෙ අහවර කර දැමූ බව පෙන්වයි.යලි නොකරන බවට දිවුරුම් ගනී, නමුත් අවදානයෙන් සිටියි..
        බොහෝ විට යන එන, කරන කියන දෙ පිලිබදව ඩැඩි සොදිසියෙන් සිටියි.
        දරුවාද තමා වරක මාට්ටු වු බැව්න් දෙවන වර මාට්ටු නොවීමට විශෙෂයෙන් වගබලාගනී. කාලයෙ පවතින තාක්ෂනික හා ස්ම්‍යක් ප්‍රයොග හමුවෙ බොහෝ දුරට ඔහු සාර්තක වේ. ඔහු දිගටම වැල බලයි.

        රැඩිකල් (කූල්) ගනයෙ දෙමාපියෙක් නං
        වරක් මාට්ටු වු දරුවා සමග එක්වී තමාගෙ අත්දැකීම් බෙදාගනි..
        මෙවැනි අවස්තාවන්ට තමා මුහුනදුන් ආකාරය, එහිදී තමා කල කී දේ සමග තමා ලැබු සාර්ථකත්වය දරුවාට කියාදේ. සිදුවු දෙ දරුවා සමග එකව අන් අයට පවසයි, සිදුවීම සත පහට දමා විනොදයක් ම එකකරගනී. ඒ සමගම දරුව ඇට්ටරයකු නොවීමට වගබලාගනු වස්… පියාට එරහි වන සෑම අවස්ථාවකදීම හදවතට දැනෙන සේ යම් දෙයක් පවසයි.

        පියා සැමවිටම තමාගෙ පැත්තෙ බව දන්නා දරුවා සමාජයට මුහුනදීමට බිය නොවෙ…
        ඒ සමගම පියාගෙ අඩි පාරෙ යමින් සමාජ විරොදී වැඩ වල නිරත නොවෙ.

        මෙය ලියන මා කුමන වර්ගයෙ දෙමාපියෙක් දැයි නිගමනය ඔබ සතුයි.

  13. මේ ශිෂ්‍යාවට ගෙළ වැල ලාගෙන මිය යන්නට හේතු සෙවීම අප කළ යුතුයි. මෙතැන ඉදිරිපත් නොවූ තවත් පැනයකය යොමු කරන්නම්. වසර 14 (පත්තරයේ කියා ඇති විදියට වයස 15ක් නොවේ)ක සිසුවියක් පෙම් සබදතා වල නියැළීම දක්වා අප සමාජය පහතට ආවේ කෙසේ ද? මේ වයසේදී ප්‍රේමය යනු කුමක්දැයි අදුනනවාද යන්නත් ප්‍රශ්නයකි.

    • විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශණය වීම අප තුල සාමාන්‍ය ලෙස පවතිනවා. නමුත් වැඩිවිය පැමිණි පසු එම ආකර්ශණය ඉතා දැඩි ලෙස ක්‍රියා කරනවා.

      සාමාන්‍යයෙන් ළමුන් වැඩිවිය පැමිණෙන්නේ මේ වයසේදී. ඉතින් විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශණය විම ස්වාභාවිකයි. නමුත් එය ආදරයක් විය යුතුම නැහැ. ඉතින් ආදරය හඳුනා නොගෙන ඉදිරියට යාම ගැන වග බලා ගන්න ඕනේ දෙමව්පියො.

      අවුරුදු 14දි ප්‍රේම සම්බන්ධතා ඇති වීම සමාජයට පහතට වැටීමක් ලෙස මම දකින්නේ නැහැ. පරිගණක පන්තියෙදි කෙල්ලෙකුට ලියුමක් දෙනකොට මගෙත් වයස 14යි. නමුත් ඒක එක දිගට ගෙනියන්න බැරි වුනේ ගෙදරින් වැටුන බාධක නිසා.

  14. වයස 14 ධී කෙල්ලන්ට ලියුම් දීම සාමාන්‍ය දෙයක් බව සැබෑය. නමුත් ලියුම් ගන්නේද ඊට සමාන වයසක කොල්ලෙකි. නමුත් මේ සිද්ධායේ ඇති වෙනස නම්, දුරකථනයක් තෑගි දීමට හැකි අයෙක් බොහෝවිට වැඩි වයසක, රක්ෂාවක නියුතු කෙනෙකු විය යුතු බවයි. එබදු අයෙකු ආශ්‍රයට 14 වියැති සිසුවියක් තෝරා ගැනීමට තරම් සමාජය පහත වැටුණේ ඇයි ද යන පැණය මතු වෙයි. මේ පුද්ගලයා අඩු ගණනේ ලමා අපචාර චෝදනාව එල්ල වුවහොත් තමන්ට ඇති වන තත්ත්වය ගැනවත් සිතා නොමැත. මෙයට මිය ගිය ශිෂ්‍යාව වග කිය යුතු නම් ස්වල්ප වශයෙනි. මේ සිසුවියගේ දෙමාපියන් අතත්, පෙම්වතා අතත් වරදේ විශාල කොටසක් රැදී පවතී. අප ගිය පන්ති වල ‍පෙම් සබදතාවක් අසුවිණි නම් බොහෝවිට අවවාදයකින් පසුව පමණක් දඩුවම් ලැබිණ. තුට්ටු දෙකේ නවකතා කෑලි හරහා මේ වයසේ ආදරය මෝස්තරයක් කළ සුජීව (අ)ප්‍රසන්න ආරච්චිලාත්, වැලන්ටයින් බඩු උස්සන රාත්‍රියක් බවට පත් කළ සිරස සහ සන්නස්ගලලාත් මේවාට වග කිව යුතුය.

    • ආදරය වෙළඳ භාණ්ඩයක් වීම පොදුවේ නූතන සමාජ ලක්ෂණයකි. චාතුර්යා, ඕලු, නෙළුම්, ආදී නොයෙකුත් කතා වල කතෘ වරුන් සිදු කලේ එම රටාවෙන් ප්‍රයෝජන ගැනීමයි. ඒ අනුව ආදරය වාණිජකරණයට උදව් කිරීමට සිරස වැරදි කරු වන නමුත් අනෙකුත් මාධයද ඒ හා සමානවම වැරදිකරුවන් වේ. සුජීව ප්‍රසන්න ආරච්චිලා මෙන්ම චිත්‍රපට කරුවන්ද වැරදි කරුවන් වේ.

  15. සම්මානනීය Rang de Basanti චිත්‍රපටය නැරඹූ අය සිටිත්ද? එහි ප්‍රධාන කථා නිමිත්ත නම් දූෂිත ගණුදෙනුවකින් මිලට ගත් අබලන් තත්ත්වයේ මිග් යානවක් පදවා එහි කාර්මික දෝෂයකින් සිදුවූ අනතුරකින් නියමුවා මරණයට පත්වෙද්දී රජයේ නිලධාරීන් එය නියමුවාගේ වරදින් සිදුවූ බව ප්‍රකාශ කිරීමයි. ඔහුගේ මිතුරන් පවසනුයේ තම මිතුරා “එක් වරක් මියගිය පසු” රජය විසින් “තව වරක් මරා දැමූ බව”ය

    සියදිවි නසාගත් මියුසියස් විද්‍යාලයේ දැරියට අද සිදුවී ඇත්තේද එබන්දකි. ඇගේ දුරකථනයේ අසභ්‍ය රූප තිබුනේ යයි චෝදනා කරමින් වරද සම්පූර්ණයෙන් ඇය මත පටවන්නට වෙර දරනු විනා මෙයට හේතු වූ පෙම් සබඳතාවය ගැන කිසිවෙකුත් සොයා නොබලන තැනට වැටී ඇත.

    මේ එක් වරක් මැරුණු ඇගේ, චරිතය තව වරක් මරා දැමීමක් නොවේද?

    • කපුටන් හත් දෙනෙකුම වමනය කල බව අද මට අසන්නට ලැබුනි.

      එනම් ජංගම දුරකතනයේ තිබි ඇත්තේ ඇගෙ පෙම්වතා විසින් ගන්නා ලද ඇගෙ ම නිරුවත් ඡායාරූපයි.

    • ඔබ පොට පටලවාගෙන ඇත. මෙතන කවුරුන්වත් ඇයට වරද පටවා නැත.

      සටහන නැවත වරක් සාවධානව කියවන ලෙස ඉල්ලා සිටිමි.

  16. [said]
    සමහරුන් පවසන ආකාරයට ජංගම දුරකතනයේ අසභ්‍ය පින්තූර හා වීඩියෝ තිබී ඇත.
    [/said]
    “සමහරුන් පවසන” ආකාරයට යනුවෙන් ලිපිය අරඹන ඔබ ඉන් අනතුරුව එම අදහස මත සිටම ලිපිය ලියයි. අදහස් පළ කරන්නන්ද එසේම කරති.

    හොඳයි. සරලව, එවැනිදේ නැරඹීමේ වැරැද්ද කුමක්ද ? එවැන්නක් සිදුවිනි නම්, එකම වැරැද්ද නොගෙන යායුතු දේ නොගෙන යා යුතු තැනට ගෙන යාමයි.

    [said:මිගාර]
    වසර 14 (පත්තරයේ කියා ඇති විදියට වයස 15ක් නොවේ)ක සිසුවියක් පෙම් සබදතා වල නියැළීම දක්වා අප සමාජය පහතට ආවේ කෙසේ ද?
    [/said]
    අනේ මචං.. ඒක පහතට ඒමක්ද ?

    • ඔන්න ඕක තම වැරැද්ද. අද කාලේ ආදරය යනු කුණුහරුපයකි. අපේ ළමයි කීයෙන් කී දෙනාද අම්මට තාත්තට වත් ආදරය ප්‍රකාශ කරන්නේ. වයස 14ක ළමයෙක් ප්‍රේම සබඳතාවයක නියැලීම මා නම් වැරැද්දක් ලෙස දකින්නේ නැහැ. එයට අකමැති වී එය තහනම් කිරීම මා දකින්නේ ඊර්ශ්‍යාවක් ලෙසයි. කුඩා කල තමාට සිදුවූ දෙයක පළි ගැනීමක් ලෙසයි.

      විය යුත්තේ ප්‍රේම සබඳතා වැලැක්වීම නොව ඒවා පාළනය කර ගැනීමට දරුවන් දැනුවත් කිරීමයි. නැවතත්, ලිංගික අධ්‍යපනය ගැන තියන පාඩම මඟහරින ගුරුවරු ඉන්නකොට, මල්වරවුනු දරුවන්ටවත් හරියට ලිංගික අධාපනය ගැන නොකියන සහ පිරිමි දරුවන්ට මොනම ලිංගික අධ්‍යාපනයක්වත් නොදෙන අම්මලා සහ තාත්තලා ඉන්නකොට මේ ගැන මොන කතා ද?

    • අසභ්‍ය පින්තූර මත සංවාදය ගොඩ නගා ඇත්තේ සිද්ධිය පිළිබඳ කිසිවෙකුත් හරියට නොදන්නා නිසාය. ඔබත් මෙතන කිහිප දෙනෙක් මෙන්ම පොට පටලවාගෙන ඇති අතර මෙම ලිපියේ අරමුණ අසභ්‍ය පින්තූර නැරඹීම වැරදිද නැද්ද යන්න නොවේ. එවැනි දෙයක් වෙනමම කතා කල යුතුය.

      • පොට පටලවාගැනීමකට වඩා මා එතැනදී උත්සාහ කළේ ඉහත සඳහන් කරන ලද මතයේ සිට අදහස් පළකරන්නන් වෙත පිළිතුරක් දීමටයි.

      • අප සාකච්ඡා කරන්නේ ලිංගික අධ්‍යාපනය මෙම සිද්ධියට කෙතරම් බලපානු ඇතිද යන්නයි. ඔබට හැකි නම් සිද්ධියේ සත්‍ය තතු මූල්‍යයන් සමග හෙළි කරන්න. එවිට එහි මූලය සොයා ඒ ගැන සාකච්ඡා කල හැක.

    • නෑ නෙ.
      ඔය සටහන් දෙකේම ප්‍රධාන ටාගට් එක ෆෝන් එකේ වැල තිබ්බා කියන එකනෙ.

      ගොසිප් ලංකා එකේ කියන්නෙ මොකක්ද? ෆෝන් එකේ ඇගේ පෙම්වතා විසින් ගත්ත ඇගේම නිරුවත් ඡායාරූප තිබුනා කියලනෙ. (ගොසිප් ලංකා කියන්නෙ ෆෝරමයක් වගේ විකාර සහිත තැනක් මිසක් පිලිගන්න පුලුවන් තැනක්ද කියන ප්‍රශ්නෙ මතුවෙනවා අර තියෙන කමෙන්ට් දැක්කාම)

      ඇයි මේ ගොඩක් දෙනා ඒ ෆෝන් එකේ තිබුනයි කියන නිරුවත් ඡායාරූප ගැන කියලා ආතල් එකක් ගන්න හදන්නෙ? (හරියට ඒවා දැක්කා වගේ)
      පුලුවන් නම් මට පෙන්නන්න එක පෝස්ට් එකක් ඔය වැල ෆොටෝ කතාව නොගෑවුනු.

      • ප්‍රවීන්,

        වැල ගැන කතා කිරීමම පමණක් සමහරුන්ට ආතල් වුවත් අපට කරන්න දෙයක් නැත. පෙනෙන්නට තිබෙන ගැටළුවට මූලය එයනම් එය සාකච්ඡා කල යුතුය.

        මේ ගැන ඉතා හැඟුම්බරව කතා කල පොඩි ළමයෙකුට කීවාක් මෙන්, හැකිනම් සත්‍ය කතාව ආශ්‍රිතයන් සමඟ පෙන්වන්න. එවිට ඒ ගැන කතා කල හැක. අප මෙහි කිසිවක් ඔප්පු කර චෝදනාවක් කර හෝ ආතල් එකක් ගෙන නැත. කර ඇත්තේ සිදූ වූයේ මෙය නම් පිළියම් කල යුත්තේ කෙසේදැයි පැවසීම පමණයි.

        ඔබගේ අවධානයට මෙයත් යොමු කිරීමට කැමතියි.
        http://www.kanabona.com/kanabona/?q=sri_lanka_bottom_line_sexually_active_school_kids_shatter_myths_cultural_taboos

  17. බොහොම හොඳයි.

    බලන්න ජුලි 24 වෙනිදා ලංකාදීප පුවත්පත.
    එහි ලිපියක තියෙනවා ජංගම දුරකථනයේ කිසිදු අසභ්‍ය දෙයක් නොතිබූ බවට කුරුඳුවත්ත පොලීසිය තහවුරු කරන බවට

    අද රාවය පුවත්පතේ කේ.ඩබ්. ජනරංජන මහතා ප්‍රකාශ කර තියෙනවා තමා පෞද්ගලිකව කුරුඳුවත්ත පොලීසියේ නිලධාරියෙකුගෙන් ඇසූ බවත් ඔහු ඒ බව සනාථ කල බවත්.

    මට කීමට තිබෙන්නේත් අද රාවයේ අදාල ලිපියේ හෙඩිමමයි. “කාවින්දිට යුක්තිය ඉටුකරනු”, මියගිය ඇගේ චරිතය ඝාතනය කිරීම නවත්වනු. (චමිල, මේ කියන්නේ උඹට නොවෙයි, එහෙම කරන අයට)

    තවත් වැදගත් දෙයක් ඒ ලිපියේ තිබුනා. අසබ්‍ය රූප නැති ජංගම දුරකථනයක් පාසලට ගෙන ඒමත්, පෙම් සබඳතාවයක පැටලීමත් වරදක් (කියා සිතමු). එය අසු වූ වෙලාවේ ගුරුවරුන් කටයුතු කල යුත්තේ එය මරණයෙන් කෙලවර වන ආකාරයටද? ඇයට සියදිවි නසාගැනීමට තරම් මානසික පීඩනයක් ආවේ ගුරුවරුන් ඇගෙන් ප්‍රශ්ණ කල, තරවටු කල විලාශයට නොවේද? එසේනම් එබඳු ගුරුවරු කුමටද? ඔවුන් එල්ලා දමනු හැර තවත් විකල්ප තිබේද?

    • එසේනම් අප සාකච්ඡා කල දෙය මෙතනට අදාල නැති බව පේනවා. නමුත් චරිතය ඝාතනයක් එතනින් සිදු වන්නේ කෙසේද යන්න ඔබ පැහැදිලි කර නැහැ.

      අනෙක් අතට ළමා අයිතිවාසිකම් පිළිබඳ රැල්ල නැග එන කාලයක ගුරුවරුන් තරවටු කිරීම මෙතරම් විවේචනයට භාජනය වන්නේ ඇයි ද යන්න පැහැදිලි නැත. ගුරුවරුන් තරවටු කිරීම ඊයේ පෙරේදා ඇති වූ දෙයක් නොවේ. බාලිකා විදුහලක් තුල අසභ්‍ය පින්තූර හසු වූ වේලාවක ගුරුවරුන් සාන්තව සිටීම ද අපේක්ෂා කල නොහැක. ගුරුවරුන් පරුෂ ලෙස තරවටු කරන එකම ස්ථානය මියුසියස් විද්‍යාලය ද නොවේ. එසේ නම් අප කරන්නේ අපට පැහැදිලිව පෙනෙන්නට තිබෙන අයෙකු යක්ෂයා කිරීමය. හය හතර නොදත් වුන් ළමා අයිතිවාසිකම් පිළිබඳ කෑ ගැසීමය. කොහේදෝ තැනක, දුරකථනයක් ගෙනා පළියට පාසැලින් ළමයාට බැනීමට ඇති අයිතිය විමසා තිබිණි.

      රටේ සියලු දේ රස්සාවක් වන අවස්ථාවකදී අප ගුරුවරුන්ගෙන් බලාපොරොත්තු වනුයේ මාර්ග ඵල ලැබූවන්ගේ සේවයයි. වරදක් කර හසු වූ පසු හොඳින් කතා කිරීම ඔබටවත් කල හැකි දැයි මට සැකය. ගුරුවරුන් තරවටු කල පළියට සියදිවි නසා ගැනීම් ද දුලබය.

      1) ඇය ජංගම දුරකථනයක් පාසැලට ගෙනැවිත් ඇත.
      2) සමහර විට එහි අසභ්‍ය පින්තූර තිබෙන්නට ඇත. තිබෙන්නට නැතුවත් ඇත.

      කෙසේ හෝ ඇයට තරවටු කිරීමට ගුරුවරුන්ට ඇති අයිතියට වඩා ගුරුවරුන්ගෙන් බලාපොරොත්තු විය යුතු දෙයකි. පාසැලක් තුල විනය නීති ක්‍රියාත්මක විය යුතුය. පාසැලින් පිටවූ පසු එවැන්නක් ක්‍රියාත්මක කිරීමට ස්ථානයක් නොමැති බැවිනි. එම විනය නීති කඩ වූ පසු දඬුවම් ලබා දිය යුතුය. අප විනය කඩ කල අවස්ථාවන් හිදී “අපි ඕක හොඳින් බේර ගන්න බලමු” කීවා නම් අද අප සිටිය හැකි ස්ථානය පිළිබඳ සිතා ගත හැක. එම නිසා ජංගම දුරකථනයක් සමඟ අසුවූ පසු තරවටු කල පළියට ගුරුවරුන් වැරදි කරුවන් කල නොහැක. පසුවට එම අවියම දෙමාපියන්ට එල්ල කල හැකිය.

      මිය ගිය අයගේ චරිතය ඝාතනය වන නිසා අප ගැටළු සාකච්ඡා නොකල යුතු ද යන්න ඔබ තවමත් කියා නැත. කට කතා වලින් ආතල් ගන්නා අය සිටින බව සැබෑය. නමුත් එම නිසා සහමුලින්ම බුම්මා ගෙන සිටීම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි තහනම් කිරීමටත් වඩා හපන් ක්‍රියාවකි.

      අවසන් වශයෙන් මෙම සිසුවියට යුක්තිය ඉටු කරන්නේ ඇය වැනිම තවත් ශිෂ්‍යාවක් සිය දිවි නසා ගන්නා තුරු කාරණය හඳුනා නොගැනීමෙන්ද?

      • මචං මැරුණට පස්සේ “අපෝ අරකි චාටර් කේස් එකක්, ඕකි මෙහෙම දෙයක් කරල මාට්ටු වෙලාලු එල්ලිලා මැරිල තියෙන්නෙ” යනාදී වශයෙන් බොරු කටකතා පැතිරවීම මගින් ඇගේ චරිත ඝාතනයක් නෙමෙයිද සිද්ධවෙන්නේ?

        ගුරුවරු තරවටු කරන්න ඕනේ, දඬුවම් කරන්න ඕනේ, නමුත් ගැලපෙන විදියට. හමුදා සේනාංකයක් පාලනය කරන විදියට නෙමෙයි.

        මා කී ආකාරයට ඇගේ චරිතය ඝාතනය වන්නේ ඇය පිලිබඳ කටකතා පැතිරවීමෙන් මිස ප්‍රශ්ණය පිලිබඳ සාකච්ඡා කිරීමෙන් නොවේ.

        කටකතා පැතිරවීමෙන් මේ හේතු කාරණාව කිසිසේත් හඳුනාගත නොහැකියි. අපි සැබෑ තත්වය සොයා ඒ ගැන කතා කරමු කියන්නේ මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට තමයි. නැත්තම් තවත් සිසුන් සියගණනක් සියදිවිනසාගත්තත් පාසැල් බලධාරීන් ඔවුන් පිට සම්පූර්ණයෙන් වරද පටවා අත පිසදමා ගනීවි.

        • අනේ මචන් කී පාරක් කියන්නද? අරකි චාටර් නෙමෙයි, වැල තිබුනා කියලා වැරැද්ද වත් කියලා තියෙනවද?

          උඹ ඔය කතාව කියන්නේ වැරදි තැන. අපි නිකම් හිතමු වැල තිබුනා කියලා. මම එහෙම කියන්නේ ආතල් එකට නෙමෙයි. නිකම් හිතමු. වැල තිබුනට මම බනින්නේ ඒ දැරිවිට නෙමෙයි. වැල ෆෝන් එකක් අතට එනකම් බලා ගෙන හිටපු දෙමව්පියන්ට.

          අපි හිතමු වැල තිබුනේ නෑ කියලා. එහෙනම් බැනපු පළියට සිය දිවි නසා ගන්න හිතුනේ ඇයි? ඇය තනි වුන විදියට හිතිලද? එහෙනම් වැරැද්ද ඇයගෙ නෙමෙයි. එතනත් වැරැද්ද දෙමව්පියන්ගෙ. අර්ධ පෞද්ගලික පාසැලක නාමය රැකගන්න ඇයට තරවටු නොකර ඉන්නෙත් නෑ.

          මම අයෙමත් කියන්නේ. උඹ ඔය කතාව කියන්නේ වැරදි තැන. හරියට The Reader අස්සට ඇවිත් මේක වැලනේ කියනවා වගේ.

  18. වැරදි තැනක comment උනා! :(

    අනේ මන්දා!
    ඔක්කොම පැටලිලා වගේ!

    මට හිතෙන්නෙ ඔක්කොම අදහස් දක්වන්නෙ හ‍රියටම වෙච්ච දේ හ‍රියටම දැනගෙන නෙමෙයි.

    කී දෙනෙක්ට මේ සිද්ධිය අහල සංවේගයක් ඇති වණාද?
    මට නම් සංවේගයකට වඩා දැණුනෙ/හිතුනෙ “අනේ කාලේ, වනේ වාසේ” කියල.

    දාල තියන comment වල හැටියට ඒ අත‍රට මේ ව්ගේ ඒව දැම්මත් කිසි අවුලක් නෑ වගේ!

    #1
    ගිය දේ ගියා (gone baby gone). වැරැද්ද දරුවගෙ කියල කියමු. අපි ජීවත් වෙලා ඉන්න ගුරුවරුන්ට ක‍රද‍ර නොක‍ර ඉමු! වැරැද්ද ගුරුවෘගෙ උණත් ගුරුවරු දැන්වත් හොඳ පාඩමක් ඉගෙනගෙන ඇති. ඉස්ස‍රහට ශිෂ්‍යයො අසභ්‍ය ක්‍රියා වල යෙදුනත් බණින එකක් නැති නිසා කිසි අවුලක් නෑ!!

    #2
    අපි ගුරුවරුන්ටම බණිමු මචං. වැරැද්ද දරුවගෙ වුණත් ගුරුවරුන්ටම බණිමු. ඔක්කොම අපිට සපෝට්! අනික දරුවට බැන්නොත් මැරිච්ච දරුවගෙ හොල්මන ඇවිල්ල අපිව බය කළොත්! මළ කෙළියයි!! ගුරුවරුන්ට මොකුත් විශේෂ බලයක් නෑ නෙ අපිට ගේම දෙන්න…

    :?

    • මෙතන ඔය දෙකෙන් එකක් වත් නෑ. සාමාන්‍යයෙන් මිනිස්සු කරන්නේ ඔය දෙක. ඒ වුනාට ප්‍රශ්නේ හොයාගෙන නෑ කියලා හිතුන නිසා තමයි මෙහෙම කතා කරන්න හිතුවේ.

      • උඹේ ලිපිය ගොඩක් දුරට මධ්‍යස්ථයි වගේ. ඒ වගේම සිරා.
        මම කිවුවෙ විවිධ comment ගැන. අර මම දාපු උදාහ‍රණ comment 2යි ගොඩක් වෙනත් comment අත‍රයි වැඩි වෙනසක් මම දකින්නෙ නෑ…

        • අනේ මන්දා බන්. ඒ කියන්නේ කරන්න උත්සහ කරපු දේ හරි ගිහින් නෑ.

          කවුරුත් හිතන්නේ නෑ මේ දෙගොල්ලන්ටම වැරැද්ද දාන්න බැරි බව. එදිනෙදා සාමාන්‍ය දේවල් වලට වටපිටාවෙන් කොච්චර බලපැමක් ආවත් අපේ අය ඒ ගැන හිතන්න පුරුදු වෙන්නේ නෑ. ඇඟිල්ල දික් කලාම අහු වෙන පළවෙනි පාර්ශවයට වැරැද්ද පටවලා අත පිහ දාගෙන නිදා ගන්න යනවා.

          මොනවා කරන්නද?

  19. ඔව් මචෝ!
    මට නං මේ වගේ දේවල් වලදි නිගමන වලට එන්න හ‍රිම අමාරුයි!
    සමහරු දරුවට බනිනව, සමහරු දෙමවුපියන්ට බනිනව, සමහරු ගුරුවරුන්ට බනිනව, සමහරු සමාජයට බනිනවා…
    සමාජයට වුණත් අපි බනින්නෙ කොහොමද?
    මෙතන ඉන්නෙ වයස 14ක ළමයෙක් කියපු පමනින් සමාජයට බනින්නත් බෑ!
    එහෙම පුළුවන් නම් ලෝකෙ කිසිම වැරදි කාරයෙක්ට අපිට බනින්න බෑ. මොකද ඒ කිසිම වැරදි කාරයෙක් ඉපදෙනකොටම වැරදිකාරයෙක් වෙලා ඉන්න බව කාටවත් ඔප්පු ක‍රන්න බැරි නිසා

    • මම නම් හිතන්නේ අපි බලන්න ඕනේ සමාජය දිහා. මොකද අපි කරන දේවල් වලට කෙලින්ම බලපාන්නේ සමාජය.

      හැබැයි අපි හැමතිස්සෙම අපොහොසත් වෙනවා මේ සම්බන්ධය දකින්න. එකිනෙකාගෙ බෙල්ල කන්න යන්නේ ඒකයි.

  20. යමෙක් අතින් ව‍රදක් සිදු නොවුනත්, යම් භයානක සිදුවීමකට ඒ තැනැත්තා සුළු වශයෙන් හෝ සම්බන්ධ නම් එම සිදුවීමේ වගකීම ඒ තැනැත්තා තමන් අතට පව‍රාගෙන පසුතැවිලි වීම සාමාන්‍යයෙන් සිදුවන, දක්නට ලැබෙන දෙයකි!

    මෙහිදී ගුරුවරුන් අතින් ව‍රදක් සිදු නොවුණි යැයි මඳකට සිතන්න!
    (එක් උපකල්පනයක් පමණි!)

    දැන් ඇය ජීවතුන් අත‍ර නැත. ගුරුවරුන් හට ඇය නිත‍ර සිහි වෙයි. තමා ව‍රතක් කළත් නැතත්, සිදු වූයේ ව‍රදක් නොව සුලු මිනිස් අත් වැරැද්දක් වුවත් ගුරුවරුන් සිතන්නේ එය තමන් අතින් සිදු වූ බ‍රපතළ ව‍රදක් බවයි!
    තමන් නිසා අහිංසක දැරියක ගේ ජීවිතය අහිමි වූ බව වවුන්ට නිත‍රම මතක් වේ!
    මවකට,පියෙකුට තම එකම දියණිය තමන්ගේ ව‍රදින් අහිමි වූ බව ඔවුන්ගේ සිතෙහි රැව් පිළිරැව් දේ!
    පාසල් යෑම තියා ආහාර ගැනීමවත් කළ නොහැක.
    ඔවුන්ගේ සිතුවිලි සමුදාය ගැනත් මඳකට සිතා බලන්න!

    මේ අත‍ර මුළු සමාජයම හ‍රියට හොයන්නේ බලන්නේ නැතිව තමන්ට ඇඟිල්ල දිගු ක‍රයි!
    එවිට ඔවුන්ට කුමක් සිතෙයි ද?

    මඳක් මේ ගැනත් සැලකිලිමත් විය යුතු නොවේද?
    අදාළ වන්නේ ගුරුවරුන් අතින් ව‍රදක් සිදු නොවුනා නම් පමණි!

    අප විය හැකි සෑම සසම්භාවී සිද්ධියක්ම සැළකිල්ලට ගත යුතු නොවේද?

Return Fire!