යුධ බෙර වයනා නායකයාගෙන් ප්‍රවේසම් වන්න


Beware the leader who bangs the drums of war in order to whip the citizenry into a patriotic fervor, for patriotism is indeed a double-edged sword. It both emboldens the blood, just as it narrows the mind. And when the drums of war have reached a fever pitch and the blood boils with hate and the mind has closed, the leader will have no need in seizing the rights of the citizenry. Rather, the citizenry, infused with fear and blinded by patriotism, will offer up all of their rights unto the leader and gladly so.

How do I know? For this is what I have done. And I am Caesar.

රටවැසියා දේශානුරා‍ගයෙන් මත් කිරීමට යුධ බෙර වයනා පාලකයාගෙන් ප්‍රවේසම් වන්න. ඒ දේශානුරාගය දෙපැත්ත කැපෙන කඩුවක් හෙයිනි. එය ධෛර්යය වඩන්නාක් මෙන්ම පටු වූ මනසක් ද බිහි කරයි. යුධ බෙර නාදය උච්චතම ස්වරයකට ඇවිලී තිබෙද්දී, රුධිරය වෛරයෙන් ඉතිරෙද්දී, මනස සියළු දේ හට සංවෘතව තිබෙද්දී, පාලකයා හට රටවැසියාගේ අයිතීන් උදුරාගැනීමට අවශ්‍යතාවයක් නැති වී යයි. ඒ, බියෙන් සිත තුලටම කාවැද්දී, දේශානුරා‍ගයෙන් අන්ධ වී ඇති රටවැසියාම කැමැත්තෙන් හා සතුටින් තම සියළුම අයිතීන් පාලකයා හට ප්‍රදානය කර දෙන බැවිනි.

මා මෙය දන්නේ කෙසේද? ඒ, මා මෙයම ක්‍රියාවට නංවා ඇති හෙයිනි. මම සීසර් වෙමි.

12 thoughts on “යුධ බෙර වයනා නායකයාගෙන් ප්‍රවේසම් වන්න

  1. කොහොම උනත් හොද කාලයට ගැලපෙන දෙයක් කිව්වෙ…..

  2. මම පොඩ්ඩක් හොයලා බැලුවා. මතුපිටින් පේන විදියට මේක සීසර් හෝ ඔහුගේ චරිතය අදාල කර ගත් කතාවක එන දෙයක් නෙවෙයි වගේ. ටිකක් කාලය අරන් හොයලා බැලුවොත් (ෂේක්ස්පියර් නිර්මාණ ඇතු‍ලේ) සමහර විට හම්බවෙන්න පුලුවන්.

    නමුත් කවුරු හරි ඇත්තටම කියපු දෙයක් අවශ්‍යමනම්, දෙවැනි ලෝක යුද්ධය මෙහෙයවූ ප්‍රධාන නායකයෙකුගේ මුවින් පිට වෙච්ච වචන මෙන්න.

    “Of course the people don’t want war …but, after all, it is the leaders of the country who determine the policy, and it is always a simple matter to drag the people along, whether it is a democracy, or a fascist dictatorship, or a parliament or a communist dictatorship … voice or no voice, the people can always be brought to the bidding of the leaders.

    That is easy. All you have to do is to tell them they are being attacked, and denounce the pacifists for lack of patriotism and for exposing the country to danger.”

    — Hermann Goering at his Nuremberg trial, 1946

    “මිනිස්සුන්ට යුද්ධය අවශ්‍ය නෑ තමයි…. නමුත් අවසානයේදී, ප්‍රතිපත්ති සාදන්නේ රටේ ඉන්න පාලකයො. ඒ නිසා හැමති‍ස්සෙම මිනිස්සුන්ව අවශ්‍ය විදියට හැසිරවීම සුළු දෙයක්. එය ප්‍රජාතන්ත්‍රවාදය වෙන්න පුලුවන්, ෆැසිස්ට්වාදී ඒකාධිපතිත්වයක් වෙන්න පුලුවන්, නැත්තන් මන්ත්‍රී මණ්ඩල හෝ කොමියුනිස්ට් ඒකාධිපතිත්වයක් වෙන්න පුලුවන්. හඬක් ඇතිව හෝ නැතිව මිනිසුන්ව හැම වෙලාවකදීම, පාලකයොන්ගේ උවමනා එපාකම් වලට හරි ගස්සගන්න පුලුවන්.

    ඒක හරි ලේසියි. ඔබට කරන්න තියෙන්නේ ඔවුන් පහර දීමට ලක් වෙනවා කියන එක හඟවන එක, ඊලඟට සාමවාදීන්ව දේශද්‍රොහී වීම පිළිබඳවත්, රට අනතුරේ හෙළිම සම්බන්ධයෙනුත් චෝදනා කිරීම.”

    — හර්මන් ගෝරින්, නියුරම්බර්ග් නඩු විභාගයේදී, 1946

  3. දේශප්‍රේමය අද ඕන තරමට වඩා ඉස්මතු කර දක්වා එයින් ඒ ඒ දේශපාලනීක, ආගමික හා සංස්කෘතික කෝණ වැනි දේවල් වලින් මනින්නට යෑම නිසා අද වන විට මට “දේශප්‍රේමය” මෝඩයාගේ ආභාරණයක් බව පෙන්නට අරන්. ඔවුන්ගේ නිරුවත දැක්කාම දැනෙන්නෙත් ක කිරිමක්.

    මට ජනාධිපතිවරණ අපේක්ෂයන් දෙන්නම ඒකයි, ඒත් මගේ අපක්ෂපාතීබවත්, එහි පිහිටලා කියන දේවල් වලින් එක් අපේක්ෂයෙකුට සහය දක්වන අය මට ලේබල් ප්‍රදාන කරන්න එන ඒකත් තුජීතයි!

    මෙන්න මචන් උඹට ඕන නම් තව වචන, තොරලා බේරලා එව්වේ. දන්නවනේ මේවා ඒ ඒ රටවල කිව්වට තහනම් නැති වුණාට අපේ රටේ “තහනම්”නේ මේවා ගැන මොනාත් කියන ඒකත් ;)

    Never was a patriot yet, but was a fool.
    – John Dryden

    A patriot is a fool in every age.
    – Alexander Pope.

    Patriotism is the last refuge of the scoundrel.
    – Samuel Johnson

    Patriotism is as fierce as a fever, pitiless as the grave, blind as a stone, and irrational as a headless hen.
    – Ambrose Bierce

    That pernicious sentiment, “Our country, right or wrong.”
    – James Russell Lowell

    “My country right or wrong” is a thing that no patriot would think of saying except in a desperate case. It is like saying, “My mother drunk or sober.”
    – G. K. Chesterton

    Patriotism which has the quality of intoxication is a danger not only to its native land but to the world, and “My country never wrong” is an even more dangerous maxim than “My country, right or wrong.”
    – Bertrand Russell

    Patriotism is your conviction that this country is superior to all other countries because you were born in it.
    – George Bernard Shaw <- මං ආසම් එකක් මේක, මේකට ආසා කරව්වෙත් අපේ උන්මයි!

    Patriotism is the virtue of the vicious.
    – George Bernard Shaw <- විමලේ, රිදෙනවා නම් දා ගන්න තොප්පියක් මෙන්න.

    You’ll never have a quiet world till you knock the patriotism out of the human race.
    – George Bernard Shaw <- කොටින්ටත් හෙළ උරුමයටත් වගේම බහුතර සිංහළ හා දෙමළ අන්තවාදීන්ටත් කියාපු ඒක!!!

    Patriotism is a pernicious, psychopathic form of idiocy.
    – George Bernard Shaw

    Patriotism is an ephemeral motive that scarcely ever outlasts the particular threat to society that aroused it.
    – Denis Diderot

    To me, it seems a dreadful indignity to have a soul controlled by geography. – George Santayana

    The Athenian democracy suffered much from that narrowness of patriotism which is the ruin of all nations.
    – H.G. Wells

    Many studies have discovered a close link between prejudice and “patriotism” . . . Extreme bigots are almost always super-patriots.
    – Gordon Allport

    Patriotism is the passion of fools and the most foolish of passions.
    – Arthur Schopenhauer

    Patriotism corrupts history.
    – Goethe

  4. මචෝ මේ දවස් වල හැම නායකයම ඔය බෙරේ තමයි ගහන්නෙ කාව විශ්වාස කරන්නද කාව නොකරන්නද කියන එක තමයි පුශ්නෙ…..

  5. මේක නම් ඉතින් දෙන්නටම ගැලපෙනව.. ;) අපි දැන් වෙන ජනපති කෙනෙක් හොයන්න ඕන.. කවුද හොද…. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් අපි එහෙනම් සිරිතුංග ජයසූරියව පත් කරගමු..

  6. දේශානුරාගයෙන් මත් කිරීම දෙපැත්ත කැපෙන කඩුවක් වගේ තමයි…ම්ම්…හැම අතක්ම කඩුවක් ඇතිව හෝ වෙනින් ආයුදයක් අතේ තියාගෙන බලන් ඉන්නෙ ඉලක්කයක් හොය හොය නම්…’ඉලක්කයට එල්ලය ගන්න පුරුදු වෙන්න විතරක්ම(ලු )’ දේශානුරාගය විකල්පයක් ! කොහොමත් යුද බෙර දැක්කම වයන්න හිතෙන එක මිනිස් ස්වභාවයක් වගෙයි…එහෙම නොකරන හිතෙන තැනක් සමහර විට උත්තර ධ්‍රැවය වගේ තැනක් ඉතුරුවෙයි….’වෙනස’,’ආසාව’වගේ දේවල් නැති කරන්න ක්‍රමයක් හොයමු…