පංති විඥාණය යනු බම්බුවකි

පංති විඥාණය!

ආච්චිගෙ රෙද්දෙ විඥාණය. විප්ලවය හෙට අනිද්දා දෙන්ඩ යන  අය ඉඳන් දවල්ට කෑම කාලා දිරවන්න දේශපාලනය කතා කරන අය වෙනකං කියවන පංති විඥාණය මාර සීන් එකක්. කොච්චර අමුතුද කියනවනං සමාජවාදී (ලංකාවේනං ජේවීපීවාදී. ජේවිපියට මෙව්වා එක දාලා කලාවක් තියෙන්ඩ බෑ) සාහිත්‍යයෙන් පිට මට ඔය කියන බම්බුව ලංකාවෙදිනං හම්බ වෙලා නෑ. පිටරට තියෙනවද දන්නෙත් නෑ. රුසියාවෙ සමහර විට ඇති.

කොන්දා – බස් එකට නැග්ග වෙලේ ඉඳන් “මුගෙ අම්මට“ කියල දහ දොලොස් වතාවක් හිතෙන් අහගන්නෙ අපේ තියෙන ප්‍රතිගාමී චින්තනයට නෙමෙයි. ඌ රුපියල අතේ තියාගෙනත් නොදී ඉන්නකොට පංති විඥාණය බඩදාලා යන්ඩ දෙන්න හිතෙන්නෙත් ඒ නිසා නෙමෙයි. ඌත් පාට් එක දාන්නෙ උගෙ පන්තියටමයි. අඩුවට ඇඳපැලඳගෙන එච්චර පොෂ් පෙනුමක් නැති එවුන්ට කොන්දගෙ රැවුම් ගෙරවුම් වැඩියි. “මූත් මගෙ පන්තියෙම එකෙක්. මූට රුපියල දෙන්ඩ ඕනෙ“ කියල හිතපු කොන්දෙක් ඉන්නවනං ඒ සම්මා සම්බුදු බෝධියෙන් නිවන ලඟාකරගන්න වෙරදරන එකෙක්ම වෙන්ඩෝනෙ (ඒ කියන්නෙ එහෙම එවුන් නෑ කියන එක).

වේටරයා – හෝටලයකට ගිහින් (සයිවර් කඩේකටත් වැඩිය මේවා බලාගන්න පුලුවන් පොෂ් තැනකට ගියොත් – බාස් කැපේ, හැංමැටුන් ෆිස් මාර්කැට්, ඉස්පොන්ජි, පිස්සු හට්න් වගේ) මල්ලි පීසා එකක් දාන්ඩ, මල්ලි 120/= බත් එකක් දෙන්ඩ, මේ මෙන්න මේ අයිටම් එක (මෙනු එකේ තියෙන දේ කියව ගන්න බැරි නිසා) දෙන්න කිව්වොත් කෑම එකට අමතරව වේටර්කාරයගෙ රැවුම් ගෙරවුමුත් බලාගන්න පුලුවන් යස අගේට. හොඳට වටපිට බැලුවොත් ඒ අයිටම් ටිකම කඩ්ඩෙන් ඉල්ලපු බුවාලට ඒ වේටරයම “සෑර්“ කියාගෙන අටවකේට නැවෙන හැටි බලන්නත් පුලුවන්. දැන් මේ අපිට රැවුම් ගෙරවුම් දාන්නෙ ධනපති පංතියෙ රදළ නියෝජිතයෙක්ද? අඩුම ගානෙ ධනපතින්ගෙ කටු ලෙවකනව කියන පොලිස්කාරයෙක්ද? වේටරුත් ඇඳුම ගලවල එලියට බහින්නෙ පීඩිත පංතියෙ බස් එකක එල්ලිල පීඩිත බඩුවක් ගහල ගෙදර ගිහින් අහස් ගව්ව බලල නිදා ගන්න. ඌ කොටින්ම ජේවීපි රැලි වලටත් යනව ඇති. හැබැයි බෙන්ස් එකකින් බැහැල ඇවිත් කඩ්ඩෙන් ඕඩර් කරේ නැත්තං ඌත් කඩා පනින්නෙ මහත්තුරු කන කෑම හිඟාකාගෙන ආපු එකෙක් ගානට. මගෙ යාලුවෙක් කිව්ව ඒ වැඩිපුර ටිප් ලැබෙන්නෙ පොෂ් බුවාලගෙන් නිසා කියල. ඒත් මේ හුඟක් පොෂ් තැන් වල ටිප් සිස්ටම් එක අයින් කරල සර්විස් චාජ් එකක් එකතු කරල තියෙන නිසා ඒ කතාවත් එච්චරම වලංගු නෑ.

බැංකු – වැඩිය කියන්න දෙයක් නෑ. කවුන්ටරේ ඉන්න අක්කා/අයියා/නංගි/මල්ලි සලකන්නෙ ටයි එකට. මට හිතෙන හැටියට ටී ෂර්ට් එකට උඩින් හරි ටයි එකක් දාගෙන ආවොත් පොලිම් අනවශ්‍යයි. ජාතියේ පාන් ටැඹ කියාගෙන ඉන්න බැංකුව ඇඳුමෙන් මිනිස්සු උඩදානව කියල මම (ටී ෂර්ට් එක උඩින් දාලා කබල් ඩෙනිම ගහල නොයන දවසක් නැති තරං. ජෙන්ට ගහලනං ඉන්ටර්වීව් හරි වෙඩිං හරි තමයි.) දැනගත්තෙ කවුන්ටරේ ලඟ එල්ලිගෙන ඉඳිද්දි මාව දැක්කෙ නැති ගානට මට පිටිපස්සෙ හිටිය ටයි කලිසන් බුවාලට සර්විස් එක දෙනව දැකල. මගෙ පංති විඥාණය අසූහාරදාහට නැග්ග. දැන් කියපල්ල බැංකුකාරයො කොහොමත් ප්‍රතිගාමියො කියල. දැන් මේ උන්දැලැ ගෙදර ගියාමත් ප්‍රතිගාමියොද? ධනවාදය රැක ගන්න රෑ දවල් නොබල වැඩ කරනවද?

තව ලැයිස්තු ගහන්න පුලුවන්. ඒත් ඒ හැම සේවා ස්ථානයකින්ම පංති විඥාණය හොයාගන්නවට වැඩිය ලේසියි පගා ගහපු නැති ට්‍රැෆික් පොලිස් රාලහාමි කෙනෙක් හොයාගන්න එක.

මගෙ පොයින්ට් එක මේකයි.

ඔය කියන පංති විඥාණය ඇත්තටම තියෙන එකක්ද?

Protests (By Hagleikur Dagsson - http://hugleikurdagsson.tumblr.com/)

Protests (By Hagleikur Dagsson – http://hugleikurdagsson.tumblr.com/)

26 thoughts on “පංති විඥාණය යනු බම්බුවකි

  1. මොකෝ නැත්තේ ඔය හැමදේම තියෙනවා……………………………………… තමන්ට වාසියක් වෙන වෙලාවක!

  2. //ඔය කියන පංති විඥාණය ඇත්තටම තියෙන එකක්ද?//

    මම අහල තියෙනව මෙහෙම දෙයක්. “පංති විඥාණය කියන දේ පිටතින් ගෙන ආ යුතු දෙයක්ය“ කියල. එයින් අදහස් වෙන්නෙ, මිනිසුන් තුල ස්වභාවයෙන් මෙහෙම එකක් නැතය. දේශපාලනික අවශ්‍යයතාවය වෙනුවෙන් මේ කියන “පංති හැඟීම“ හෝ “පංති විඥාණය“ පිටතින් ඉන්ජෙක්ට් කල යුතුය කියන එක මම හිතන්නෙ. ඒක නම් ටිකක් තාර්කිකියි.

    එහෙම නැතැත් මෙහේ ඉන්න උන්ගෙ මොන පංති විඥානයක්ද? හීනෙන් ඇවිදිනව වගේ ජීවත් වෙන, තමන් හැරෙන්න අනිත් හැම කෙනෙක්ම තමන්ට වල කපන්න බලාගෙන ඉන්නවැයි කියල හිතාගෙන, අසහනයෙන් ජීවත් වෙන මිනිස්සුන්ට මොන පංති විඥානයක්ද?

    • මේ කතාව කියපු එක වටිනව. පංති විඥාණය ස්වාභාවිකවම පිහිටින්නෙ නෑ තමයි. ඒත් ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ගන්නත් කලින් ඉඳන් රටේ වාමාංශික ව්‍යාපාරයක් තිබුන. ඒකත් සැර මදි කියල පටන් ගත්ත ජේවීපි එකටවත්, ඊටත් මෑතකදි රුදාව හැදුන පෙරටුගාමී සමාජවාදී එකටවත් ඔය කියන පංති විඥාණය අවුලවන්න බැරි වුන හේතුව මොකද්ද? ජේවීපි කැරලි දෙකේදිම ජේවිපීයවත් පංති විඥාණයකින් හැසුරුනා කියන්න අමාරුයි.

      මම දැක්ක ඊයෙ පෙරේදා උදුල් ප්‍රේමරත්න ෆුඩ් සිටියෙන් එලවලු ගන්නව.

      • // ඔය කියන පංති විඥාණය අවුලවන්න බැරි වුන හේතුව//

        මම හිතන්නෙ හේතුව සරලයි.
        පංති විඥාණය අවුලවන්න ඉස්සර පංති විඥාණය කියන දේ මොකද්ද කියල ඔය අවුලුවන්න හදන මහත්වරු තේරුම් ගන්න ඕනනේ. ඇත්තටම බැලුවොත් මේ අය එහෙම නෑනේ.

        //මම දැක්ක ඊයෙ පෙරේදා උදුල් ප්‍රේමරත්න ෆුඩ් සිටියෙන් එලවලු ගන්නව.//

        ඒක නම් ඉතිං ගැටලුවක් නෙවෙයි නේද? ඔන්න ගැටලුව වෙනනෙ ඒ කට්ටිය ෆුඩ් සිටි වලින් බඩු ගන්න එකත්, ෆුඩ් සිටි කියන ඒවත් ධනේෂ්වර-අධිරාජ්‍යවාදී (දැන් වෙනකොට නව ලිබරල්වාදී) කුමන්ත්‍රණ කියල කියන්න තියා ගත්ත නම් තමා. :D

        • “මම දැක්ක ඊයෙ පෙරේදා උදුල් ප්‍රේමරත්න ෆුඩ් සිටියෙන් එලවලු ගන්නව.”

          මචං උඹ අර උද ලියපු වාඛ්‍යයෙන්, දේශපාලනය ගැන උඹේ දැක්මයි, දැනුමයි මොනවට කියාපානව. අම්මප ඇඩෙනවා, keep it up bro !

          එක නෙමයි , අපි උදුල්ට පොලෙන් බඩු ගන්න කියමු. අපි සුපර්මාකට් යමු. ඊට පස්සේ උඹ බ්ලොග් ලියපන්. මම කොමෙන්ට් කොටනන්. එතකොට සමාජය මිට වඩා පට්ටම තැනකට ගන්න පුළුවන්.

          උඹට සුබ අනාගතයක්! මටත් ආණ්ඩුවට සෙට් වෙලා මාටියා පාරක් ගහන්න චැන්ස් එකක් ලැබි මගේ අනාගතෙත් සුබ වේවා!

          • මේකයි මචං. මාක්ස් කියපු පලියටවත් වෙන කවුරුවත් කියපු පලියටවත් සමාජවාදය, නව ලිබරල් සංස්කෘතිය, බුද්ධාගම, අන්තරේ, ජවිපෙ පිලිගන්නවට වැඩිය ඒවා ගැන ප්‍රශ්න කරන එකනං මම කරනව. බ්ලොග් වලදි සමාජවාදය ප්‍රශ්න කරන එක අවුල් ඇති. ඒත් කරන්න දෙයක් නෑ.

            උඹට තේරිලා නැතුව ඇති. මම කෙලින්ම කියන්නෙ උදුල්ට පොලෙන් බඩු ගනින් කියන එක. අනිත් එක ආණ්ඩුවට සෙට් වෙන්න වැඩිය දඟලන්න දෙයක් නෑ. විමල් ගොයියට කිව්වනං උඩින්ම උස්සල තියයි. පශ්චාත්-89 ඇද්දෙ විමල්ගෙ තනි හයියෙන් කියන එවුනුත් ජවිපෙ අස්සෙ ඉන්නව. ඉතින් එහෙව් එකේ මිනිහ උඹව ගොඩ දාලා දෙයි.

            සොරි මචං බ්ලොග් වගේ මාර ලිබරල්, සමාජවාදී, රැඩිකල් දෙයක් අස්සෙ සමාජවාදය විවේචනය කලාට.

        • //ඇත්තටම බැලුවොත් මේ අය එහෙම නෑනේ.// මගෙ අදහසනං එහෙම දෙයක් ඇති කරන්න බැහැ කියන එක. සමාජවාදී නැගී සිටීම් ඇති වුන හැම වෙලාවකදීම “සමාජවාදය“ කියන එක එක්කො ජාතිකවාදී, අධිරාජ්‍යවිරෝධී අරමුණු වලට wrapping paper එකක් වුනා වෙන්න ඇති. ඔක්තෝබර් කැරැල්ල ගැන වැඩිය හෙව්වත් ඉතිහාසඥයින්ගෙ මතය බොහෝ වෙලාවට ඒකයි. සමාජවාදී පක්ෂ වල මේ නොහැකියාව ලංකාවට විතරක් සීමා වෙන්නෑ කියලත් මම හිතනව.

          // ඔන්න ගැටලුව වෙනනෙ ඒ කට්ටිය ෆුඩ් සිටි වලින් බඩු ගන්න එකත්, ෆුඩ් සිටි කියන ඒවත් ධනේෂ්වර-අධිරාජ්‍යවාදී (දැන් වෙනකොට නව ලිබරල්වාදී) කුමන්ත්‍රණ කියල කියන්න තියා ගත්ත නම් තමා//

          ඇත්ත. ඔය සිද්ධිය දැක්ක වෙලාවෙත් මම එහෙම හිතුවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයිනෙ. ෆුඩි සිටියෙන් බඩු ගන්නෙ සතියකට අඩු ගානට එලවලු ගන්න. ඒත් පොඩි අවුලක් තියෙනව. ෆුඩි සිටි කියන්නෙ franchise මහා සමාගම්. විප්ලවය ගැන කොල්ලුපිටියෙ මැද ලවුස්පීකරෙන් කෑ ගහන අය ඒ විප්ලවයෙ මූලය වෙන පංති විඥාණය රහිත පුද්ගලයො විදියට හැසිරීමත් අවුල්.

          මෑන් ෆුඩි සිටියෙන් බඩු ගන්නව කියන දේ තනියෙම හිතුවොත් වැරැද්දක් නැහැ. ඒත් මිනිහ පෙනී සිටින දේශපාලනයත් එක්ක එකට තිබ්බොත් ඒකෙ නොගැලපීමක් තියෙනව. මම ඒ වාක්‍යය ලිව්වෙ වෙනම පේලියක. ඒත් ඒකෙ සන්දර්භය උඩින් තියෙන ඡේදයම තමයි. ඉතිහාසයෙ වුනත් කිසිම ක්‍රියාවක් තනියෙන් කිරල මැනල බලන්නෙ නෑ.

          පරපුරක් තිබුන ප්‍රතිපත්ති මත වාමාංශික දේශපාලනය කරපු. වාමාංශික දේශපාලනය අනිත් ධාරා වලින් වෙන්වුන ප්‍රධාන ලක්ෂණයත් ඒකයි. ප්‍රතිපත්ති උඩ දෙමල ජාතිවාදයට එලිපිට සහය දක්වලා රට දාලා යන්න වුන අයත් ඉන්නව. කොටින්ම වාමාංශිකයො අනිත් දේශපාලකයින්ට දික් කරන ඇඟිල්ලත් ඒකයි.

          බලද්දි වාමාංශිකත්වයත් ප්‍රාග්ධනකරණයට ලක් වෙලා. කැම්පස් එකේදි බැහැලා දේශපාලනය කරන්නෙ දේශපාලනික කැපිටල් එක ගොඩනගාගන්න. අනාගත ආයෝජන විදියට. මේවා සිම්පල් කියලත් හිතෙනව. ජවිපෙ 89න් පස්සෙ පීකරේ විදියට පාවිච්චි කරපු බුවා දැන් අන්ත දක්ෂිණාංශිකයෙක් වීමත් ජවිපෙ ඉන්න කාලෙත් කොණ්ඩ මෝස්තරේ දහ දොලොස් දාහෙන් ගොඩ දැමීමත් බැලුවාම.

          දැන් මේ අයද කොමියුනිස්ට් සමාජයකට යනකං රජය පවත්වගෙන යන්න ඉල්ලන්නෙ (ලාල්කාන්ත කියල තිබ්බනෙ ලංකාවෙ සමාජවාදය ක්‍රියාත්මක කරන්න පුලුවන් ය, ඒ සඳහා ක්‍රියාකරනව ය කියල – කාටහරි ජවිපෙ ගැන අමතක නං)? මට මේ සන්දර්භයෙදි උදුල් ෆුඩි සිටියෙන් බඩු ගන්න එක පට්ට අවුල්.

          • @chamila

            “බ්ලොග් වලදි සමාජවාදය ප්‍රශ්න කරන එක අවුල් ඇති. ඒත් කරන්න දෙයක් නෑ”

            පිස්සුද මචං මෝ මොකට අවුල් වෙනවද මම හිතන් ඉන්නේ පොඩියට රෙදි කඩයක් ඇරලා අවුරුද්දක් දෙකක් යනකොට එක ෆැෂන් බග් තත්වෙට ගෙනල්ල ඊටත් පස්සේ ඔඩෙල් තත්වෙට වැඩි වැඩිදියුණු කරලා ලැබෙන ලාබෙන් ප්‍රයිවට් යුනිවසිටියක් පටන් ගන්න. ඉතින් මම අහවල් අලේකට සමාජවාදී වෙන්නයි.

            උදුල් ගේ පංති විඥාණය වැඩිදියුණු වෙන්න මෙනන් මගෙනුත් යෝජනා ,

            1.පොතක් පතක් උවමනා වූ විට විජිත යාපා, සරසවි, ආදී පොත් හලවල් වර්ජනය කලයුතු අතර බෝතල් පත්තර කඩේකට යා යුතුය.

            2. සංගීතය රසවිදීමේදී ටොරානා, සෝනි ආදී ලේබල අලුයම ලු කෙල පිඩක් සේ ඉවත ලිය යුතු අතර කොටුවේ පේමන්ට් එකෙන් බස් අජිත්ගේ සින්දු මිලදී ගත යුතුය.

            3. පිලිවලකට ඇදීම පැලදීම නොකළ යුතු අතර අවුරුද්දක් පමණ නොසේදු ඩෙනිමක් ඇද හම්පඩ ටි ෂර්ටයක් ගසා රබර් සෙරෙප්පු දෙකක් දමා ගෙන සිටිය යුතුය.

            4. කොන්ඩ විලාසිතා, කරාබු දැමීම, පච්චා කෙටිම, ජිම් යාම, වියායාම කිරීම හිනේන්වෙත් නොසිතිය යුතුය. ගෙදර කාට හරි කියා
            කොණ්ඩය කප්පවා ගත යුතුය.

            5. චිත්‍රපටියක් බැලීමට ලිබර්ටි, මැජෙස්ටික්, සැවෝයි යාම පංති විඥාණය සි සි කඩ විසිරයාමට හේතු විය හැකි අතර එවැනි දේ දිහා බලිමවත් නොකළ යුතුය.

            තව ලියන්නනම් ගොඩයි මචං දැනට මේ ඇති මයේ හිතේ.

            මේ එක නෙවෙයි මෙචෝ ෆුඩ් සිටිය මාරම තැන නේද? බලහන්කො එන තරමක් එන්නේ පොෂ් උන්නේ බන් නේ? ඊටත් එහා අර කැලි අගේ මයිල් කෙලින් වෙනවා.

            මෙහෙම තැනකටනනේ අර නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කියා කියා හිරේ විලංගුවේ මාස ගණන් ලැගපු එකා රිංගන්න ආවේ.

            උබේ කේන්තිය සාදාරණයි මචං, උබ කිවුවත් වගේ ආච්චිගෙ රෙද්දෙ විඥාණය තමයි බන්.

          • //උදුල් ගේ පංති විඥාණය වැඩිදියුණු වෙන්න මෙනන් මගෙනුත් යෝජනා//

            අවුල් කතාවක් නෙ බං. මම උඩින්ම කිව්වනෙ මෙහෙව් එකක් නෑ කියල. දැන් උඹ මැරෙන්න හදනව උදුල්ගෙ මේක දියුණු කරන්න.

            //පොතක් පතක් උවමනා වූ විට විජිත යාපා, සරසවි, ආදී පොත් හලවල් වර්ජනය කලයුතු අතර බෝතල් පත්තර කඩේකට යා යුතුය//

            // සංගීතය රසවිදීමේදී ටොරානා, සෝනි ආදී ලේබල අලුයම ලු කෙල පිඩක් සේ ඉවත ලිය යුතු අතර කොටුවේ පේමන්ට් එකෙන් බස් අජිත්ගේ සින්දු මිලදී ගත යුතුය.//

            මේව ඇතුලු අනිත් යෝජනා වලට කියන වගනං,
            මේව එකමද? මේ කියන්නෙ හැම තිස්සෙම පහල මනුස්සය දිහා බලන්න කියන එකද? නැත්තං වෙන කේස් එකක්ද? මොකද මෙහෙම ගියාම (උඹේ අර ටෝන් එකෙන් කිව්වොත්) “හෙයා ඉට්ටයිල් දමද්දි රුපියල් දහ දොලොස් දාහේ එවා නොදමා හන්දියේ සැලුන් එකෙන්ම දමා ගත යුතුය“ වගේ එකකුත් කියන්න පුලුවන් ඇඟට පතට නොදැනී.එලවලු එක්ක තියෙන සම්බන්ධෙ ගැන ටිකක් කල්පනා කරල බලපං.

            //මේ එක නෙවෙයි මෙචෝ ෆුඩ් සිටිය මාරම තැන නේද? බලහන්කො එන තරමක් එන්නේ පොෂ් උන්නේ බන් නේ? ඊටත් එහා අර කැලි අගේ මයිල් කෙලින් වෙනවා.//

            එලවලු ඇර නං මචං එතන මාර පොෂ් තමයි. එලවලු ලාබ වෙන්නෙත් ලොකු සමාගමකට (උඹට මේවා කියල මල පනීද දන්නෑ) පොඩි පොලේ වෙලෙන්ඳට වඩා තියෙන වාසි නිසා මිසක් වෙන ඉලව්වක් නිසා නෙමෙයි. මොකද ඒසී එකේ තියාගෙන විකුණන්නෑ?

            //මෙහෙම තැනකටනනේ අර නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කියා කියා හිරේ විලංගුවේ මාස ගණන් ලැගපු එකා රිංගන්න ආවේ.//

            අම්මට හුඩු. අනේ ආයෙමත් දහස් වාරයක් සමා වෙයන් බං. මේ අර උත්තමයද? නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සිය අධ්‍යාපනය කැප කරල, අවුරුදු ගාණක් කට්ට කාලා (හුක් හුක් දේශපාලනික හුක් කැපිටල් එක හුක්.. කැස්ස මචං), අලුතෙන් එන නංගිල මල්ලිලට ආදරෙන් කැම්පස් ගැන කියල දීල (හුක් කණ පැලෙන්න හුකුස් රැග් එක. හුක්.. ක්‍රෑස් තුහ්ක්… කැස්ස ආයෙත් බං), අන්තිමට අනාගතේදි දුකසේ ජවිපෙන් ඡන්දය ඉල්ලන කුරිරු ඉරණමට මුහුණ දෙන අති උතුමාණන්ටනෙ මම එහෙම කිව්වෙ? යකෝ මම මොන පුඟුලෙක්ද එහෙම කියන්න?

            බලපං එතුමා අන්තරේ කැඳවුම්කරු බවට පත් වුන දවසෙ තිබුනට වැඩිය අද දවසෙ නිදහස් අධ්‍යාපනය කොච්චර නිදහස් තැනකට ඇවිල්ලද කියල. කොටින්ම දැන් අලුතෙන් ආමි ට්‍රේනින් ඉඳන් දෙනව. ඉස්සර පෙලපාලි, කැට ට්‍රේනින් විතරයි නෙ. අනිත් එක එතුමගෙ කතා අහල කොච්චර ලමයි තමන්ගෙ අනාගතය දියුණු කරගත්තද?

            ෂිහ්.. එහෙම එකාටනෙ මම ෆුඩි සිටියෙන් බඩු ගන්නව කිව්වෙ. මටම දුකයි බං.

            (ප.ලි. මේකෙ පෝස්ට එකකුත් තියෙනව මචෝ. කමෙන්ට්ම විතරක් නෙමෙයි)

          • මචං උඹ කියන කතාව පොඩ්ඩක් මන්ඤං වගේ නේද? කහින ගමනද කොල්ලෝ පොස්ට් එක ලිව්වේ, මයේ හිතේ මොලේ හෙල්ලිලා වෙන්ටෑ.

            උබ උඩින් කියනවා
            “ඔය කියන පංති විඥාණය ඇත්තටම තියෙන එකක්ද” කියල පස්සේ උඹ උදුල් ෆුඩි සිටියෙන් බඩු ගන්න එකට පට්ට අවුල් වෙනවා. පංති විඥාණය කියල එකක් නැත්නම් උඹ අහවල් අලෙකටද මචං මේ පොළොවේ පස් කාගෙන උදුලට නෙලන්නේ. ඌ කොහෙන් බඩු ගත්තාම උඹේ මොකෝ, උබත් අර “පොෂ්” ෆුඩ් සිටියෙන් මොනාහරි අරගෙන ගිරහ මාරු වියන්න්කෝ. වැඩේ ඉවරනේ.

            මම මචන් කථා කලේ පංති විඥාණය කියල දෙයක් තියනවා එක උදුල දියුණු කරගන්න ඕනේ ( සමහරුන්න්ට නින්ද යන්නේ එතකොට මචං) මෙන්න මගේ යෝජනා කියල. එතෙන්ටම උබේ අර “හෙයා ඉට්ටයිල් දමද්දි රුපියල් දහ දොලොස් දාහේ එවා නොදමා හන්දියේ සැලුන් එකෙන්ම දමා ගත යුතුය“ කියන එකත් දාපන් එතකොට මල් හතයි.( උන් මොක්කුද එහෙම කොන්ඩේ කපන්න යකෝ එතකොට ෆුඩ් සිටිය පොෂ් කියල හිතන් ඉන්න මට මොකද වෙන්නේ නේද මචං).

            “එලවලු ඇරනාම නං මචං එතන මාර පොෂ් තමයි.”

            අපි නිකමට හිතමු උදුල එළවලු ගන්න ගියා කියල උබ කියන විදියට එළවලු ලබයිනේ, මේ සන්දර්භයෙදි ( උබේ වචන) උඹ අහවල් මගුලකටදැයි අවුල් වෙන්නේ? උඹ කියන කතාව පොඩ්ඩක් චර්ටර් නේද කොල්ලෝ.

            ඇයි මචං උඹ හිතන් ඉන්නේ උදුල් හරි වෙන කවුරුහරි ෆුඩ් සිටි ගියාම උගේ වාමාංශික දේශපාලනේ එතනින් ඉවරායි කියල. ඇත්තටම උඹ සමාජවාදය හරි මොකක්හරි කියල හිතන් ඉන්නේ මොකක්ද? ෆුඩ් සිටි යන එකයි සමාජවාදයයි අතර ඇති සම්බන්දය මොකක්ද? සිරාවටම දන්නැති හින්ද අහන්නේ.

          • මචං එස් බී යට සංජිව බණ්ඩාර පේනන බෑ වගේ උදුල්වත් උඹට පේන්න බෑ නේද? එල කිරි මචන් මටත් ඕකව පෙන්නා බෑ. බලහං ඕකා නිසානේ බන් අනිත් උන් අපිට අලයෝ කිවුව්වේ නේද බන්. අපේ පාඩුවේ මුට්ටියක් අල්ලන් බෝගක් දාගෙන ඉන්න කොට මේකට අයිතිවාසිකම් මතක් උනානේ. අපිට මහපොළ නොලැබුනාට , ලයිබ්රියේ පොත් නැති උනාට, උගන්නන දේශකයෝ නැති උන්නාට, සමහර වෙලාවට කැන්ටිමේ චර්ටර් කැම දුන්නට, බොන්න වතුර නැති උනාට අපි යකෝ මුට්ටියේ පිහිටෙන් ක්ලාස් එකක් දාන්න හිටපු උන්නේ. ඒ අතල් එකනේ මේක කෑවේ.

            බලහන් මුගේ අම්ම තාත්ත ලොයර්ල, මු තේරුනේ ඩෙන්ටල් එහෙව් එකා මෙඩිකල් ඩිග්රියක් අරන් ගෙදර යන්නේ නැතුව දේශපාලන කරානේ. දැන් බලහන් මු නිසා අනිත් උන් අපිට කියන්නේ “කි බෝර්ඩ් වීරයෝ” කියල බන් කුජීතයි නේ නේද?

            අපේම කියල තියරියක් හදාගෙන බුකියේ පොරක් වෙලා බ්ලොග් එකක හෙන දාර්ශනික අදහසක් වගේ එකක් දාල නංගිලා ටිකක් හුරතල් කරල ගන්න තිබ්බ අතල් එකනේ මේකා මහපාරේ දේශපාලනේ කරන්න ගිහින් නැති කරේ.

            මටනම් පට්ට අවුල් මචං, මන් හිතන්නේ උබට මට වඩා අවුල් කියල.

          • // පංති විඥාණය කියල එකක් නැත්නම් උඹ අහවල් අලෙකටද මචං මේ පොළොවේ පස් කාගෙන උදුලට නෙලන්නේ//

            ඇයි චංචලා නුඹ අඬන්නෙ?

            මේකයි බං. උඹයි මායි දන්නව මොකද්ද මෙතන වෙන්නෙ කියල. ඒත් උඹෙ අවාසනාවට උඹට ඕන ඕඩියන්ස් එක මේ බ්ලොග් පඩංගුව දවසකට දෙකකට වඩා බලන්නෑ. ඒත් මම උඹ ගැන හිතල මෙහෙම් කියල මේක නවත්තල දාන්නං.

            ගන්න ආතල් එකක් මෙතන දැන් ගනින් මචං. ලෝන්ග් ලිව් උදුල්!

            උදුල් ෆුඩ් සිටි ගියා වාගේ – http://www.chamiladealwis.com/udulham/

            ප.ලි : උඹ පව් කියලත් හිතෙනව බං. කලුවරේ මට කින්ඩිය දාද්දි, උඹට අල්ලගන්න කවුරුත් නෑ, උඹ පාවිච්චි කරනව සිරා වචන ටිකක්. “අලයා“, “කීබෝඩ් වීරයා“, “නංගිලා හුරතල් කිරීම“ වගේ මාර වමට ඇහුවාමත් බඩු යන සයිස් එකේ වචන ටිකක්. පව් බං උඹ. :D එහෙමවත් හිතාගනින්කො. සොරි මචං උදුලට බැන්නට. මම දන්නෑ උඹ ඌ ගැන ඔච්චර ගැඹුරට හිතනව කියල. උඩ තියෙනව සමාව. ඒක කියවපං. බායි වේවා!

  3. පංති විඥානය යනු එක දෙයකි.තනි තනි පුද්ගලයන්ගේ පාරිභෝජන රටා , ඔවුන්ගෙ ගති පැවතුම්,ලිංගික අවශ්‍යතා වෙනයම් දෙයකි.සමාජවාදීන් යැයි කියා ගන්නා අයද,උන් විවේචනය කරනවුන්ද මෙය පටලවා ගෙනදැයි නොදනිමි.
    උදුල් ප්‍රේමරත්න ෆුඩ්සිටියෙන් බඩු ගැනීමත්,රනිල් වික්‍රමසිංහ දෙල්කඳ පොලෙන් බඩු ගැනීමත් පංති විඥානයට ආදේශ කරන්නේ කොහොමද?කෙනෙක් පන්දාහක් දී සැපක් ගැනීමත්,තවකෙක් මුකුත් නොදී සැපක් ගැනීමත් පංති විඥානයත් අතර ඇති ලින්ක් එක මොකක්ද?මගේ ඩෝප් එක දැමීමයි,තවකෙකු ජොයින්ට් එක දැමීමයි අර විඥානයට එකතු කරන්නේ කොහොමද?කඩේකට හෝ බැංකුවකට ගියාම එකෙක් එල සර්විස් එකක් දෙන එකයි,තවකෙක් බලු සර්විස් එකක් දෙන එකයි වැඩට ඉන්න එකාගේ ඇටිටියුඩ් ප්‍රොබ්ලම් එකක් මිස වෙන මොකක්ද?මට තේරෙන්නේ නැහැ.

    • //පංති විඥානය යනු එක දෙයකි.තනි තනි පුද්ගලයන්ගේ පාරිභෝජන රටා , ඔවුන්ගෙ ගති පැවතුම්,ලිංගික අවශ්‍යතා වෙනයම් දෙයකි//

      මේ “දේවල්“ අර්ථ දක්වල පටන් ගමු.

      //උදුල් ප්‍රේමරත්න ෆුඩ්සිටියෙන් බඩු ගැනීමත්,රනිල් වික්‍රමසිංහ දෙල්කඳ පොලෙන් බඩු ගැනීමත් පංති විඥානයට ආදේශ කරන්නේ කොහොමද//

      උඩ ලිව්ව.

  4. මාක්ස්වාදේ, සමාජවාදේ, අරවාදේ,මේවාදේ ගැන මට ඒ හැටි දැනීමක් නෑ ලොක්කා. ඒත් මේ ලියල තියන ටික නම් සහතික ඇත්ත. ඒ හින්දා totally agreed

  5. මෙතනට කොච්චර අදාලද නැද්ද කියල දන්නේ නැති වුණත් මෙහෙම දෙයක් මතක් වුණා.

    අභ්‍යන්තරික ජාතිවාදය (internalized racism) ජාතිවාදයෙන් පීඩනයට පත්වන්නේකුට ඇතිවෙන්න පුළුවන් තත්වයක්. අධික ලෙස අවරෝධනයට ලක්වුනහම කෙනෙක් තමන් තුළ මොකක්හරි වැරද්දක් ඇති කියල (අවිඥානිකව හෝ) හිතන්න ගන්නවා. උදාහරණයක් විදිහට සිංහල ජාතිවාදයෙන් කලක් පීඩා විඳි දෙමළ පුද්ගලයෙක් සිංහලවීම වඩා උසස්, දෙමළ වීම පහත් කියල හැඟීමක් (ඇත්තටම එහෙම නැති වුණත්) ඇතිවෙන්න පුළුවන්. ඊට පස්සේ ඔහු/ඇය තවත් දෙමළ පුද්ගලයෙකුට පහත්ව සැලකීමට පෙළඹීමේ පුදුමයක් නෑ. ඇත්තටම එතන මුලික වැරැද්ද ජාතිවාදයේ හා ජාතිවාදය වපුරන්නන්ගේ මිසක් ඔහුගේ නෙවෙ යි.

    මෙතැනත් එහෙම දෙයක් වෙන්න බැරි නැද්ද?

    • වැදගත් අදහසක්. ඒත් ජාතිවාදය වගේ දෙයක් ඉතිහාසය පුරාම හැමතිස්සෙම ක්‍රියාකාරී වෙලා තිබුන. ඒ වගේ දේකට internalization බලපාන්න පුලුවන්. ඒත් පංති පිලිබඳ දැනීම/හැඟීම ඇත්තටම ඇති කරන්න පුලුවන් දෙයක්ද කියල මට විශ්වාසයක් නැහැ.

  6. @Chamila,

    //මගෙ අදහසනං එහෙම දෙයක් ඇති කරන්න බැහැ කියන එක.//

    මම කියන්නෙ නම් හැකියි කියල.
    ‘පංති විඥාණය‘ කියන දේ දෘෂ්ඨිවාදී අදහසක් හැටියට සැලකුවහොත්, එවැනි දෙයක් කල හැකියි.
    සරලව මෙහෙම හිතමු,
    A නම් පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා B නම් පුද්ගලයෙකුගේ ක්‍රියාකලාපයක් හින්ද පීඩා විඳිනව. නමුත් A විසින් තමන් පෙලන පීඩාව තේරුම් ගන්නෙ c නම් ක්‍රියාවක ප්‍රතිපලයක් විදියට.
    දැන්, B ගේ ක්‍රියාකලාපය නිසා A පීඩාවිඳින බව, එයට හේතුව සහ විසඳුම පිළිබඳ දැනීම, X නම්, මේ X දැනුම A ට ලබාදීම මඟින් ඔහු තමන්ගේ පීඩාව පිළිබඳ හේතුවට සවිඥානික කල හැකියි.

    මේ උදාහරණයේ X කියන්නේ ‘පංති විඥානය‘ කියන එකට ආදේශකයක් විදියට සලකන්න, එවිට, පීඩනයට ලක්වන සමාජ කුලකයකට (කන්ඩායම්/පංති) (A) පීඩනයට සැබෑ හේතුව (B) ගැන අවබෝධය ලබාදීම තමයි පංති විඥානය (X) ඇති කරනවා කියන්නෙ.

    මාක්ස්වාදය තුල සමාජ ප්‍රගමනය පැහැදිලි කරන්නේ ‘පංති අරගලය‘ කියන සංකල්පය හරහා වීම නිසා, ඒ පිළිබඳ අවබෝධය ‘පංති විඥානය‘ විදියට හඳුන්වනවා.

    නිවැරදිම පැහැදිලි කිරීම නොවුනත්, කතාව තේරුම් ගන්න මේ ප්‍රමාණවත් කියල හිතනවා.

    ඒ නිසා මගේ තර්කය ‘පංති විඥානය‘ කියන දේ ඇතිකල/ඇතිවිය හැකියි. නමුත් එය ඉබේ පහල වන්නක් නොවේ කියන එක. ඊටත් වඩා, යමෙක්ට ‘පංති විඥානය‘ ගැන අදහසක් දෙන්න කලින්, එය කරන අය, ඒ ගැන නිරවුල් අවබෝධයකින් සහිත විය යුතුයි. එහෙම වුවත්, ඔවුන් ඒ සඳහා භාවිතා කරන උපාය-උපක්‍රම වල ඇති වැරදි හා අඩුපාඩු නිසා එය අසාර්ථක විය හැකියි.

    //සමාජවාදී නැගී සිටීම් ඇති වුන හැම වෙලාවකදීම “සමාජවාදය“ කියන එක එක්කො ජාතිකවාදී, අධිරාජ්‍යවිරෝධී අරමුණු වලට wrapping paper එකක් වුනා වෙන්න ඇති.//

    එහෙමත්ම නැහැ නේද? “හැම වෙලාවකදිම“ කියන එකයි වැරැද්ද.
    හැම සමාජ අරගලයකට මූලික වෙන්නෙ කුමක් හෝ සමාජ පීඩනයක්, ඒක වාර්ගික, පංති හෝ අධිරාජ්‍යවාදී හෝ කුමන වර්ගයක පීඩනයක් විය හැකියි. මේ සමාජ අරගල සමාජවාදය ඉලක්ක කර ගත් නැඟීසිටීමක් වෙන්නෙ, සමාජවාදය නැමැති සමාජ-ක්‍රම මොඩලය මඟින් පීඩාවට විසඳුමක්-අවසානයේ නිරපේක්ෂ විසඳුමක් ලබාදේ යැයි යන විශ්වාසය උඩ. මේකට හොඳ උදාහරණයක් තමයි, ඉන්දියානු නිදහස් අරගලය.

    සමාජවාදී නම ඉස්සරහින් එල්ලගෙන ආ වෙනත් අරමුණු ඉලක්ක කර ගත් ව්‍යාපාර, හා නැඟීසිටීම් තියෙනවා. හිට්ලර්ගෙ දේශපාලන පක්ෂයේ නමෙත්, සමාජවාදී කොටසක් තිබුනා. ඒව එහෙම වෙන්නෙත් ඇත්තටම සමාජවාදී කියන අදහසේ තිබුණු* ආකර්ෂණීය කම නිසා. එවැනි වෙලාවලදි සමාජවාදය කියන අදහස වෙනත් අරමුණක wrapping paper එකක් ලෙස බාවිත වූ බව ඇත්ත. නමුත් එය හැමවිටම නෙමෙයි.

    //සමාජවාදී පක්ෂ වල මේ නොහැකියාව ලංකාවට විතරක් සීමා වෙන්නෑ කියලත් මම හිතනව.//

    ඔව් ඒක හරි. සමාජවාදය අදහසක් විදියට කොයි තරම් ආකර්ශනීය උනත්, මාක්ස්වාදය කෙතරම් විද්‍යාත්මක උනත්, ප්‍රායෝගික භාවිතාවේදී තත්වය වෙනස්. ඒක සමාජවාදයට/මාක්ස්වාදයට විතරක් නෙමෙයි, වෙනත් දේශපාලනික මෙන්ම ආගමික දර්ශන වලටත් පොදු සත්‍යයක්.
    උදාහරණයක් විදියට, බෞද්ධ දර්ශනය සහ එය පදනම් කරගෙන සංස්ථාපිත, වර්තමාන බෞද්ධ (යැයි කියාගන්නා) ආගම් වල හැසිරීම සලකන්න. ඒවත් එහෙමම තමයි.

    //ෆුඩි සිටි කියන්නෙ franchise මහා සමාගම්. විප්ලවය ගැන කොල්ලුපිටියෙ මැද ලවුස්පීකරෙන් කෑ ගහන අය ඒ විප්ලවයෙ මූලය වෙන පංති විඥාණය රහිත පුද්ගලයො විදියට හැසිරීමත් අවුල්.//

    මගේ හැඟීම නම් මේ කාරණය සහ පංති විඥානය අතර සෟජු සම්බන්ධයක් නැහැය කියන එක.

    අපි හිතමු යම් පුද්ගලයෙක් මේ සමාජ-ක්‍රමයට සහමුලින්ම විරුද්ධයි. ඔහු මේ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් අවංකවම වැඩ කරනව සහ පෙනී ඉන්නව. හැබැයි ඔහුට වත් මෙ සමාජ-ක්‍රමය විසින් ඇතිකරන ලද සම්බන්ධතා සහ ගොඩනැංවීම් වලින් මුලුමනින් වියෝ වෙලා ඉන්න පුලුවන්ද?

    //මෑන් ෆුඩි සිටියෙන් බඩු ගන්නව කියන දේ තනියෙම හිතුවොත් වැරැද්දක් නැහැ. ඒත් මිනිහ පෙනී සිටින දේශපාලනයත් එක්ක එකට තිබ්බොත් ඒකෙ නොගැලපීමක් තියෙනව.//

    මේ තර්කය එක්ක ගත්තොත්, ධනේෂ්වර සමාජ සහ ආර්ථික සම්බන්ධතා වලට එරෙහි දේශපාලනික මතයක ඉන්න කෙනෙක්ට වතුර බොන එකත්, බත් කන එකත් නවත්වන්න වෙනව. මොකද අඩු වැඩි වශයෙන් ඒවා නිෂ්පාදනයට යෙදවෙන්නෙත් ධනේෂ්වර (නමින් හඳුන්වන) මෙවලම්.

    මෙතන පටලැවීම් තියෙන්නේ සියලු දේ ධනේෂ්වර සහ සමාජවාදී ලෙස බෙදා වෙන් කරන්න යන එකෙන්. ඇත්තටම නම් ඒක කල හැකි දෙයක් නෙමෙයි.

    //ඉතිහාසයෙ වුනත් කිසිම ක්‍රියාවක් තනියෙන් කිරල මැනල බලන්නෙ නෑ.//

    අනිවාර්යෙන්ම.

    • //ඒ නිසා මගේ තර්කය ‘පංති විඥානය‘ කියන දේ ඇතිකල/ඇතිවිය හැකියි. නමුත් එය ඉබේ පහල වන්නක් නොවේ කියන එක. ඊටත් වඩා, යමෙක්ට ‘පංති විඥානය‘ ගැන අදහසක් දෙන්න කලින්, එය කරන අය, ඒ ගැන නිරවුල් අවබෝධයකින් සහිත විය යුතුයි. එහෙම වුවත්, ඔවුන් ඒ සඳහා භාවිතා කරන උපාය-උපක්‍රම වල ඇති වැරදි හා අඩුපාඩු නිසා එය අසාර්ථක විය හැකියි.//

      ටක්කෙටම. මගෙ පෝස්ට් එකේ මම කියන්න හදපු දේ ඊට වඩා හොඳින් මෙතන කියවිලා තියෙනව. මේ සැකය (පංති විඥාණය ඇති කල හැකිය/නොහැකිය) ගත්තාම මම ඉන්නෙ නොහැකියි කියන පැත්තෙ වීමයි එකම වෙනස.

      රදල සමාජය ධනවාදී පඩියට අඩිය නොතිය සමාජවාදී පඩියට අඩිය තියන්න බැහැ කියල මාක්ස් කිව්ව. ධනවාදී පඩියෙ ඉන්නකොට තමයි පංති විඥාණය කියන දේ ඇති කරන්න කටයුතු කිරීම අවශ්‍ය වෙන්නෙ (මේක කිව්වෙ මාක්ස් නෙමෙයි නේද? කොහොම වුනත් මාක්ස්වාදී දර්ශනයට ඒක ඇතුලත්). ලෙනින් පඩියක් ඇර ඊලඟ පඩියට පනින්න ගියා.

      ලංකාව ධනවාදයටත්, ඊට පස්සෙ ආපු නව ලිබරල් රැල්ලටත් සාමාන්‍ය කාලයක් විවෘත වෙලා තැම්බිලා තියෙනව. පරණ වම ක්‍රියාත්මක වුන කාලයෙ ධනවාදය නිසා පැහැදිලි පන්ති නිර්වචනය වෙමින් පැවතුන කාලයක්. රදල ක්‍රමය වෙනුවට ප්‍රාග්ධනය බලය තීරණය කරපු කාලය (නව පාලක පංතිය සේනානායකලා).

      ජවිපෙ ක්‍රියාත්මක වෙන්නෙ ධනවාදයෙ නව ලිබරල් රැල්ල ඇතුලෙ. ජවිපෙ වැටෙන්න පටන් ගන්නෙත් ඒ කාලෙදිමයි.

      ලංකාවෙ වම මෙච්චර කාලයක් දහිරිය දාලත් ඇති කරන්න බැරි වුන දෙයක් (89 කියන්නෙ සමාජවාදී කැරැල්ලක් නෙමෙයි කියල එකඟ වෙයි නේද? 71 පංතියට වඩා කුලය පදනම් වුනා කියල ප්‍රධාන මතයක් තියෙනව) ඇති විය හැකියි කියනවට වඩා නොහැකියි කියන්න මම කැමතියි.

      // මාක්ස්වාදය කෙතරම් විද්‍යාත්මක උනත්, ප්‍රායෝගික භාවිතාවේදී තත්වය වෙනස්//

      මේ වෙනස් වීම කියන්නෙ මාක්ස්වාදය දුවන එන්ජින් එක (උදා: ) ජාතිවාදය වීම නං ඒ කියන්නෙත් මම කියන අදහසම නේද? මොකද උඩදි උදාහරණයට ගන්න ආගම් හැම වෙලාවකදිම සමාජගත ව්‍යාපාර වෙන්නෙ ජාතිවාදී ආකාරයට. මම කියන්නෑ මාක්ස්වාදය ආගමක් විදියටම හැසිරෙනව කියල. ඒත් (උදා: ) ජාතිවාදයෙන් තොරව මාක්ස්වාදයට පැවැත්මක් තිබුනය/තිබේය කියල ඔප්පු කරන්න අමාරුයි.

      මේකට ඍජුව සම්බන්ධ නොවෙන්න පුලුවන්. ඒත් රුසියාව සති කිහිපයකට කලින් රුසියානු සාම්ප්‍රදායික කතෝලික පල්ලියට වාසි වෙන්න සමරිසියන්ව මර්ධනය කරන නීති කිහිපයක් පනවා තිබෙනව. මම මේ සිද්ධියත් ප්‍රායෝගික මාක්ස්වාදයත් අතර සම්බන්ධයක් වචන වලින් හදන්නෙ නැහැ. ඒත් ඒ තැනට එන්න රුසියාව තිබ්බ අඩි පාරවල් දිහා බලද්දි මට සම්බන්ධයක් පේනව.

      ============

      //අපි හිතමු යම් පුද්ගලයෙක් මේ සමාජ-ක්‍රමයට සහමුලින්ම විරුද්ධයි. ඔහු මේ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් අවංකවම වැඩ කරනව සහ පෙනී ඉන්නව. හැබැයි ඔහුට වත් මෙ සමාජ-ක්‍රමය විසින් ඇතිකරන ලද සම්බන්ධතා සහ ගොඩනැංවීම් වලින් මුලුමනින් වියෝ වෙලා ඉන්න පුලුවන්ද?//

      මේ ගැටලුව ඇත්තටම හිතන්න වටින දෙයක්. ඔය ලයින් එක දිගේ හිතාගෙන යනකොට “අනුගත වීම“ කියන දෙයින් මඟ ඇරිලා යන්න කිසිම ක්‍රම විරෝධී මනුස්සයෙකුට බැරි වෙනවද කියන ප්‍රශ්නෙත් එනව.

      අපි හිතමු ක්‍රම විරෝධී දේශපාලනයක නිරත වෙන මනුස්සයෙක් ඉන්නව. ඔහු තනිකඩයෙක්. ලිංගික අවශ්‍යතා සපුරගන්න ඔහු ගණිකාවක් ලඟට යනවද නැද්ද? ගියොත් ඔහු පවතින ක්‍රමයේම දැති රෝදයක් වෙනවද? යන්නෙ නැතුව ලිංගික අවශ්‍යතාවය යටපත් කරගන්නවද? කොච්චර කාලෙකටද?

      මේ ප්‍රතිවිරෝධයෙදි ක්‍රම විරෝධී ප්‍රතිපත්ති දේශනාවෙදිත් ක්‍රියාවට නැංවීමෙදිත් වෙනසක් සිදුවෙන්නෙ නැද්ද?

  7. ටික දවසකට පෙර ඔය කතාවම සාකච්චා කල අවස්තාවක්: කම්කරුවාද ශ්‍රමිකයාද? වම-දකුණ ඉතිහාසයට යවමු

    ඔය නිර්ධන = පීඩිත පන්ති කතාන්දරය මීට සියවසකට පමණ කලින් ලෝකේ තිබ්බ සීන් එකක්. එහෙත් වර්තමානය තුල ලෝකය ඔයිට වඩා අතිශයින් සංකීර්ණයි. ඕක ගෙඩිය පිටින් ෆොසිල දේශපාලනයක්.

    ලංකාවෙන් එලියේත් ඔව්වා කතාවෙනවා. ලංකාව වගේම “පසල් දනව්” වල. එහෙත් යුරෝපය ගත්තොත් ඔය පන්ති විඥානය හකුලා වමත් ප්‍රාග්ධනය හා වෙළඳපොල පිළිගත්තු බොහොම නව්‍ය මට්ටමක තියෙන්නේ. යුරෝපයේ සාර්තම සමාජවාදී වැඩ සටහන් තියෙනවා ඒවා ඔය යල්පැනගිය මාක්ස් ජෝක් වලින් නොවේ හැදෙන්නේ.

    මේක මාක්ස් ගේ අවුලක් නොවේ. පොරගේ දර්ශන පථයට දැකපු අතීත සත්‍යයන් සදාකාලික පරම සත්‍ය බවට පත්කරගත් මාක්ස් වන්දනා කරුවන්ගේ අවුලක්.

    බ ද වේ නෝ කියෝ. සරල පරිනාමික ක්‍රියාවක් හරහා වඳවී යාම පමණයි ඔවුන්ට සිදුවන එකම දේ. පවු උන්ගේ විප්ලවීය පරිත්‍යාග .

    • //මේක මාක්ස් ගේ අවුලක් නොවේ. පොරගේ දර්ශන පථයට දැකපු අතීත සත්‍යයන් සදාකාලික පරම සත්‍ය බවට පත්කරගත් මාක්ස් වන්දනා කරුවන්ගේ අවුලක්.//

      මේක තමයි මාත් හිතන්නෙ. මේ සංකල්ප ප්‍රශ්න කරන එකත් Blasphemy විදියට දකින අයත් ඉන්නව. මට වැරදිච්ච තැන “උදුල්“ කියල නමක් කියපු එක.

      ඉරානයෙදි ආගම විවේචනය කරන්න බැහැ, සෝවියට් රුසියාවෙදි සමාජවාදය විවේචනය කරන්න බැහැ. ලංකාවෙදි දෙකම බැරිද මන්ද.

  8. පංති විඥාණය නම් බම්බුව හැදිය නොහැකි දෙයක් බව නොතේරෙන බබ්බුද මුන් අනේ මචං චමිල උඹ ලියන දෙයක් ලියපං බූරු කොමෙන්ට් වලට උත්තර දෙන්න යන කාලය තව එකක් ලියන්න යොදවපං මුන්ට පිස්සු නොවෙයි හැටි.

  9. මිනිසාට හිතන්න හැකි තමන්ගේ මොළයෙන් පමණක් යැයි අමතක වෙන්නේ කොතැන දී ද අන්න එතැන දී අනුන්ගේ මොළ වලින් හිතන්න හදද්දී තමයි පංති විඥානයක් පහළ වෙන්නේ!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *