පරිණාමය වලංගු නොවීමේ පල විපාක

ජීවයේ ආරම්භය පිලිබඳව දැනට පිලිගන්නා විද්‍යාත්මක සංසිද්ධිය පරිණාමයයි. සරල ඇමයිනෝ අම්ල ගොබියුල (ගොබිලෝ නෙමෙයි*) වල සිට මිනිසාගේ ඇස දක්වා වූ සංකීර්ණ ගමනේ තීරණාත්මක සාධකය වන්නේ පරිණාමයයි. එනම් පරිසරයට හැඩ ගැසීමේ දක්ෂතාවය ඇත්තවුන් ජීවත් වී ඉදිරි පරම්පරාව බෝ කිරීමත්, එසේ කිරීමට නොහැකි මට්ටමක ඥාණයක් ඇත්තවුන් පරපුර බෝ කර ගැනීමට නොහැකිව මිය යාමත්ය.

සරල උදාහරණයක් ගනිමු. හෝමෝ සේපියන් (හොම්මු නෙමෙයි*) මතු වීමට ප්‍රථම ක්ෂීරපායී ආදිතමයන් දෙදෙනෙකු සැඩ පහරක් අද්දරට පැමිණේ. එකෙකු උපතින්ම අනෙකාට වඩා ඥාණාන්විතය. ආහාර අහේනියක් පැවති කාලයකි. ඥාණාන්විතයා අනෙකාට සැඩ පහර පෙන්වා එයට පැන්නොත් මාලුන් ඕනෑ තරම් අල්ලා ගැනීමට හැකි වේ යැයි පවසයි. සිතීමේ ශක්තියෙන් තොර දෙවැන්නා සැඩ පහරට පැන ගසාගෙන ගොස් මල සිරුර පහල ඉවුරට ගොඩ ගසයි.

ඉතුරු වන එකා අනෙකාගේ මල සිරුර රැක සිට එයින් යැපීමට එන අනෙකුත් සතුන් දඩයම් කොට ජීවිතය පවත්වාගෙන යයි.

මේ සරලව පරිණාමයයි (මේ 1 වසර 2 වසරට උගන්වන පරිණාමයයි. සැබෑ පරිණාමය මීට වඩා සංකීර්ණ වේ*). ස

මිනිසා ශිෂ්ඨාරචාරගතව දහනමවැනි සියවසින් පසුව ඖෂධ දියුණු කර ගැනීමෙන් පසුව පරිසරයෙන් එල්ල වූ පරිණාමීය බලපෑම් බොහෝ දුරට අඩුවේ. තව දුරටත් යැපීම සඳහා ඥාණය වඩාත්ම බලපාන්නේ නැත. මේ නිසා සිදු වන්නට තිබූ ජාන පෙරීමේ ක්‍රියාවලිය මන්දගාමී වන අතර 1950න් පසුව සිදුවන වින්දනය ආශ්‍රිත සොයාගැනීම් වලින් පසුව එම ක්‍රියාවලිය පසුපසට ගමන් කිරීමක් දක්නට ඇත.

එහි ප්‍රථිපලයක් ලෙස අද අපට අවුරුදු 13දී ගැබ් ගන්නා දැරිවියන් සහ එම ගැබ් ගැනීම් පිලිබඳවම වෙන් වුනු “වින්දනාත්මක” වැඩසටහන් දැක ගත හැක. උසස් පෙල වත් පාස් නැති කොල්ලන් මාසෙට දෙදාස් ගණනක් ගෙවා බ්ලැක්බෙරියක් අතේ තියාගැනීමට දඟලන හැටි දැකීමට හැක. ජස්ටින් බීබර් කට් එකක් දමාගෙන ලබ්බ අඩියක් බස්සා ගෙන යන අවුරුදු දොලහේ පොඩි එවුන් බලාගත හැක.

චාමි සෑම් තැනකදී බ්ලොග් අවකාශය පත්ව ඇති තත්වය හැඳින්වූයේ “ප්‍රකෘතිය” ලෙසය. එනම් සිංහල බ්ලොග් අවකාශය අන්තිමේදී ලාංකික ජන සමාජයේම ප්‍රතිමූර්තියක් බවට පත් වීමයි. එනම් දූෂිත ජාන වල අදහස් ප්‍රකාශනයයි (සොරි ඩොට් එල් වයි).

No Shit Sherlock
* මේවා මෙසේ නොවන බව පැහැදිලි කිරීමට අවශ්‍ය නොවූ කාලයක් සත්‍ය වශයෙන්ම පැවතිණි. ඒ කාලයේ විකෘති බ්ලොග් අවකාශය යමක් කමක් කියවා තේරුම් ගැනීමට හැකි එවුන්ගෙන් සමන්විත විය.

 

2 thoughts on “පරිණාමය වලංගු නොවීමේ පල විපාක

  1. ලංකාව කියන්නෙ දූපතක්..මෙහි ජනතාව දූපතට පැමිණීමට පෙර පරිණාමය වුවත් දූපතට ආපසු ඔවුනට තවදුරටත් මෙහෙ ඇති ස්වභාවධර්මය සමග දැඩි ගැටීමක් ඇතිකරගන්නට අවැසි වුනේ නැහැ…
    එහ ිප්‍රතිපලය තමයි මෙහෙට ආපු මොකා වුනත් ආතල් එකේ කාල බීල මැරිලා යනවා මිස අලුත් දෙයක් හිතන්න සමර්ථයෝ වුනේ නැහැ..
    එදා අ පුර පො නරුව පැත්තෙ අය නම් ටිකක් වතුර නැති නිසා ඔලුව හොල්ලලා වතුර නවත්තන හැටි ටිකක් හොයාගත්තා…ඒත් කාලයක් ගියාම උන්ට ේතරුනා ඊට වඩා ලේසියි වතුර රටින් ගේන එක කියලා..

    කොටින්ම සුද්දා ට තියෙන පුකේ අමාරුවට මේක හොයාගෙන උන්ගේ දැට්ට රිදෙනවාට මේක දියුනු කලා මිසක අපේ බුවාල නං කවදා වතුරට බැහැලා බෝට්ටුවක් රුවල් ඔරුවක් හොයාගෙන යුරෝපියන් හොයාගෙන යයිද කියලා හිතන්න බැහැ…

    කොටින්ම අද වුනත් ඔසී යන බෝට්ටු ඉතාම ප්‍රාථමික ඒවා…ඒවායින් නික්මෙන්නෙ පරිණාමයේදී වැටුනු මානවයින්ගේ සුවඳ මිස දියුනු ජාතියෙ මිනිස්සුන්ගේ සුවඳක් නෙමෙයි…

    කොහොම වුනත් බොන්න වතුර, කන්න පලවැල, ඉන්න තැන්…ඉබේම ලැබුන නිසා ඉල්ලන ඕනි එකෙක්ට දෙන්න පුලුවන් මට්ටමට අපේ උන්ට පුකවල් ටිකක් හැදුනා මිස කෙනෙක්ට සැරට බුද්ධියෙන් ගහන්න පුලුවන් මට්ටමට ඔලු ගෙඩි හැදුනෙ නැහැ..

  2. අවුරුද්දට අපේ ගෙදර නෑයො සෙට් එක ආපු වෙලේ මගේ යන්තරේ බදු ගත්තා මාමගෙයි, පුංචි අම්මගෙයි පුතාල දෙන්නා. උන් දෙන්නම මේ පාර ඕලෙවල් කරනවා. ඔය උඹ කියන බීබර් කෑලි දෙකක් තමයි.

    යූ ටියුබ් එකේ එහෙ මෙහේ ගිහින් ටිකකින් උන් අහනවා ‘අයියෙ ඔයා 2013 අවුට් උන සින්දු ඩවුන්ලෝඩ් කලේ නැද්ද?’ කියලා. මටම හිනාවෙනව ඇරෙන්න මට කරන්න දෙයක් තිබුණෙ නෑ. ප්‍රසිද්ධ සින්දු සයිට් එකක යූ ටියුබ් චැනල් එක මම හොයල දුන්න. උන් ගෙදර ගියේ සින්දු 7-8ක් ෆ්ලෑෂ්වල දාගෙන සන්තෝසෙන්. ඔන්න උන් සින්දු රස විඳින විධිය. උන්ගෙ කතාවලින් මට තේරුණේ ඒක තනිකරම පොර වීමේ උවමනාව කියලා. උන්ම කියන විධියට දැන් උන්ට මේව ක්ලාස්වල ගිහින් කියන්න පුළුවන් ‘අඩේ අරූගෙ ගිය සතියෙ අවුට් උන සින්දුව බෑව ෆුල් HD’ කියල.

    මුන් දෙන්නම සාමාන්‍ය මීටර් දෙකක්. ඒ නිසා මුකුත් නොදන්න එකෙක් කියන කතාවක් විධියට ඒක අතාරින්න බෑ. උන් ඒ ගාණට පරිණාමය වෙලා. හැබැයි මේක වයසත් එක්ක හැදෙන්න පුළුවන්. මොකද මට මතකයි අපේ තාත්ත මම ඒ කාලෙ කියපුවට කට කොණකින් හිනාවෙනවා.

    හැබැයි අපිත් (මමත්) යම් යම් දේවලින් එහෙම නෙවෙයි කියල කියන්න මටත් බෑ. මොකද මම එහෙම වෙන වෙලාවල් මට අහු වෙන්නෙ නැති නිසා. හැමදාම යථාර්ථය කියන්නෙ ඒකයි මට දැණෙන විධියට. මේ අහසින් ‍දේවල් කඩාපාත්වෙන එක දැන් දැන් ලෝකෙ කොයි රටටත් එකයි.

    මම දන්නව උඹ මේක කියන්නෙ එක්තරා විධියකට ඔන්ලයින් සීමාව විතරක් අදාල කරගෙන කියලා. ඒත් ප්‍රකෘතිය මේක නම් කරන්න දෙයක් නෑ.

    දීප්තිට ප්‍රසිද්ධ වැඩසටහනකදි මනුස්සයෙක් කෝල් කරල බැන්නම එයා කියන්නෙ ‘යථාර්ථය ඒක නං මං මොනව කරන්නද?’ කියලා… ;-)

Return Fire!