Fedora මල මගුල!!!

පහුගිය දවස් ටිකේම විභාග තිබ්බ නිසා පිස්සු හැදිලා තිබ්බේ. තාම විභාගෙනම් ඉවර නෑ. ඒත් අමාරු හරිය ඉවරයි (ඒ ටික ඉවර වුනාම අපිත් ඉවරායි!!! ඒක වෙනම කතාවක්). ඊළඟට තියෙන්නේ ගිරවා විෂයයක්. එතනින් පස්සේ එච්චර දෙයක් නෑ. ඔන්න ඒක නිසා බ්ලොගින් වලට ආයේ බැස්සා.
මීට මාස දෙක තුනකට කලින් ෆෙඩෝරා 10 වෙනි අනුවාදය පිට වුනා. මේක ගැන සිංහල බ්ලොග් අතරේ ලොකු කතාබහක් ඇති වුනා. ඒ ෆෙඩෝරා 10 වෙනි අනුවාදය කොච්චර හොඳයි ද කියන එක. ඉතිං මමත් කලේ ඕක
බාගෙන ස්ථාපනය කරපු එක.
අපරාදේ කියන්න බෑ, වැඩි සද්දයක් බද්දයක් නැතුව කරදර දෙන්නේ නැතුව ෆෙඩෝරා ස්ථාපනය වුනා. සිත් ඇද ගන්න මුහුණුවරක් එහෙම දීලා, දැක්කාම ආසාවේ බෑ. ඉතිං මමත්, පොඩි කාලේ ගමේ ගියාම වගේ, හැමතැනම ගිහින් බැලුවා. දන්න තැන්. එළ.
ඒත් පොඩි නමුත් වැදගත් කොක්කක් තිබ්බා. මම පාවිච්චි කරන්නේ LankaBell WiMax 512 අන්තර්ජාල ස‍‌‌බඳතාවයක්. විස්ටා පද්ධතියකින් නම් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න මට මොනවත් කරන්න නෑ. අලුතින් සබඳතාවයක් පිහිටුවන්න ගියාම එයා හැමදෙයක්ම ගන්නවා. මට තියෙන්නේ පරිශිලක නමයි (username) රහස් පදයයි ඇතුලු කරන්න විතරයි. කිසි කරදරයක් නෑ.
මම ෆෙඩෝරා වලට එන්න කලින් පාවිච්චි කලේ උබුන්ටු. උබුන්ටුත් කිසිම කරදරයක් කලේ නෑ. අන්තර්ජාලයට සම්බන්ධ වුනා වැඩි කෑකෝ ගැහිල්ලක් නැතුව. ටර්මිනල් එකකට ගිහින් pppoeconf කියන විධානය දුන්නාම wizard ආකාරයේ වැඩසටහනක් පටන් ගන්නවා. එතනින් පස්සෙ වැඩේ ගොඩ. “ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්!!!”
දැන් බැලුවාම ෆෙඩොරා වල pppoeconf නෑ. මම හිතන්නේ ෆෙඩෝරා redhat වීමත් උබුන්ටු debian වීමත් නිසා වෙන්න ඇති. ඒ ගැන වැඩිය හොයන්න ගියේ නෑ. ඉතින් හතර වටේ දඟලලා හොයා ගත්තා තැනක්. Network Configuration කියලා සුපිරි පරිශිලකයෙකුට(super user) පමනක් පාවිච්චි කරන්න අවසර තියෙන දෙයක්. එතනින් අලුතින් xDSL සබඳතාවයක් හැදුවාම හරි. සාමාන්‍යයෙන් හරියන්න ඔනේ. සාමාන්‍යයෙන් dhcp enable කරලා username සහ password දුන්නාම වැඩ කරන්න ඔනේ. ඒත් මට ඒ ක්‍රමෙන් සම්බන්ධ වෙන්න බැරි වුනා. මම ඉතින් වැඩිය හෙවිල්ලක් බැලිල්ලක් කරන්න ගියේ නෑ. විභාගේ, welcome, පැවරුම්, ට්‍රිප්
අස්සේ මොන ෆෙඩෝර ද? =D
LankaBell පාරිභෝගික සේවය ට කතා කලාම එතන ඉන්න ගිරව් ටික එකම දේ ආයේ ආයේ කියනවා. පස්සේ මම ඒ අයගේ ISP අංශයට කතා කරලා ඇහුවා ෆෙඩෝරා වලින් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඒ අය කියනවා ලිනක්ස් වලට ඒ අය එච්චර සහයෝගයක් දක්වන්නේ නෑලු. වින්ඩෝස් වලනම් මෙහෙමයි කරන්නේ කියලා කියාගෙන යනවා. මම ෆොන් එක තිබ්බා. මොන මගුලක්ද?
ඉතින් ටිකින් ටික හොයලා මම හොයා ගත්තා LankaBell WiMax වලට සම්බන්ධ වෙන්නනම් eth0සම්බන්ධතාවයට static ip address එකක් යොදලා අලුතින් හදාගත්ත සම්බන්ධතාවයකට dhcp enable කරලා username සහ password දාන්න ඔනේ කියලා. (තේරුනේ නැද්ද? හික්. කවුරු හරි LankaBell පාවිච්චි කරනවානම් දැනගන්න ඔනේ නම් ප්‍රතිචාරයක් දාන්න. මම පුලුවන් තරම් ඉක්මනට ඒ ටික පැහැදිලිව දාන්නම්) කොහොම හරි මේ ටික කරලා පරිගණකය නැවත ආරම්භ කරලා මුලින් eth0 enable කරලා ඊලඟට අර නව සබැඳුම enable කලා. අනේ ඔන්න යන්තම් ජන්ජාලයට සම්බන්ධ වුනා.
ඊලඟට බලද්දී connection එක “පට්ට slow”. කියලා වැඩක් නෑ, ඩයල් අප් එකකට වඩා වේගය අඩුයි. කොච්චර දේවල් කලත් වේගය ටිකක් වත් වැඩි වුනේ නෑ. හැමතැනම හොයලා බැලුවත් මේ ගැන වැඩක් වුනේ නෑ. සමහර වෙලාවට connect වෙනනෙත් නෑ. ඒ කියන්නේ අන්තර්ජාල සබඳතාවයෙන් වැඩක් නෑ ෆෙඩොරා වල. ඊට පස්සේයි දැක්කෙ මොකක් හරි වැඩසටහනක් ස්ථාපනය කරන්න අන්තර්ජාල සබඳතාවය ඔනේ කියලා (පස්සේ එක වෙනස් කර ගත්තා, yum වෙනස් කරලා). ඉතින් මට ෆෙඩොරා එපා වුනා.
මේකයි වැඩේ. මම වැඩි ලිනක්ස් පරිශිලකයෙක් නෙවෙයි. වින්ඩෝස් වලට ඇබ්බැහි වෙලා නෑ කියලා කියන්නත් බෑ. මම වැඩ කරන්නේ වැඩේ කරගන්න ලේසිම තැන. Adobe Premier (උදාහරනෙකට) ලිනක්ස් වලත් දුවන්න පුලුවන් වුනාට වින්ඩෝස් වල වැඩේ ලේසි නිසා එහෙම කරන්නේ නෑ. අනිත් මෘදුකාංගත් එහෙමයි. ලිනක්ස් වල දුවන්න ලේසි ඒවා ලිනක්ස් වල දුවවනවා. ඉතින් මේ හේතුව නිසා ලිනක්ස් වල වැඩ කරගන්න මට එච්චර ලේසි නෑ (කම්මැලි කමත් එකුත වුනාම ආයේ වැඩ කරන්න හිතෙන්නේ නෑ.)
ඔන්න ඉතින් මම උබුන්ටු නව අනුවාදයක් ගෙන්න ගත්තා. දැන් ඒක ස්ථාපනය කරනවා ෆෙඩෝරා අයින් කරලා. උබුන්ටු පාවිච්චි කරන කාලේ මම මීට වැඩිය ලිනක්ස් පාවිච්චි කලා. ඇත්තටම ඒක ලේසි. හැබැයි අහලා තියෙන විදියට මීට වැඩිය සංකීර්ණ දේවල් වලිට ෆෙඩෝරා හොඳයි ලු. මම දන්නේ නෑ මොනවටද කියලා.
හැබැයි වරදවලා වටහා ගන්න එපා. ෆෙඩෝරා මගෙ යාලුවන්ගේ පරිගනක වල තාම හොඳට යනවා. හුඟක් අය Dialog හරි SLT ADSL හරි පාවිච්චි කරන නිසා ඒ මොඩෙම් වලට අදාල drivers ඉබේම ෆෙඩෝරා අරගෙන. මට තමයි මේක කෙල වුනේ.

3 thoughts on “Fedora මල මගුල!!!

  1. මට නම් සෑහෙන ඉක්මනට ෆෙඩෝරා එපා උනා. ම‍ගෙ Asus F5RL laptop එකේ නම් ෆෙඩෝරා 10 Login screen එකෙන් එහාට යන්නෙ නෑ මොනවා කළත්. එතනින් මගේ ෆෙඩෝරා භාවිතය ඉවරයි. :D… චමිල Linux Mint දාල බලන්න… මම නම් දැනට Live CD දුවල බැලුවා… හොඳයි වගේ… දාන්න ඕනා Ubuntu අයින් කරලා..

    P.S. – අළුත් look එක එළ… පොඩි Chrome look එකකුත් දාලා නේද? ;)

  2. ඩයලොග් අපිටනම් උබුන්ටුත් එකයි ෆෙඩෝරත් එකයි වින්ඩෝසුත් එකයි. හැබැයි සතියකට දෙතුන් පාරක්වත් නෙට්කනෙක්ට් වෙන්න බැරි ලෙඩේ එනවා. Dialog sucks

  3. මේ ලියන්නේ උබුන්ටු වල ඉඳන්.. හප්පා.. අර මල මගුල අයින් කරාට පස්සේ පුදුම නිදහසක් දැනෙන්නේ..

    @චතුර
    එළ එළ.. ස්තූතියි… අලුත් අවුරුද්දේ අපිත් අලුත් වුනා.

Return Fire!