ෆිදෙල්ලට වැරදිලා

යුද්ධය ඉවර වුනේ ගිය අවුරුද්දේ මැයි 19. ඒ කාලේ කියපු විදියට ඒක මානුෂික මෙහෙයුමක්. ඒක කරපු අය දේශප්‍රේමී ජනතා හිතවාදී (සහ තව තවත් ඉවරයක් නැති ගුණාංග ලිස්ට් එකක් තියෙන) අය. රටේ මිනිස්සු ගැන, සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම ගැන හිතලා කරපු දෙයක් මිසක් දේශපාලන වාසි ලබා ගන්න කරපු දෙයක් නෙමෙයි.

හැබැයි මේ වෙනකොට, ඒ කියන්නේ ඒ “ජයග්‍රහණයෙන්” මාස හයකට පස්සේ “මානුෂිකව” යුද්ධ කරපු ප්‍රධාන දෙන්නා “ජයග්‍රහණය” බෙදාගෙන කන්න බැරුව දෙපැත්තට වෙලා ගොරව ගොරව ඉන්නවා, “දෙන්නම් තොට 27 වෙනිදට” කිය කිය.

‍ෆිදෙල් කස්ත්‍රෝ, චේ ගෙවාරා, රාවුල් කස්ත්‍රෝ ඇතුලු නායකයො කිහිප දෙනෙක්ම මූලිකත්වය අරගෙන මෙහෙයවපු කියබානු විප්ලවය 1959 ජනවාරි 1වෙනිදා අවසන් වුනා. මුළු රටම පාගගෙන හිටපු බැටිස්ටා පන්නලා දැමුනා. බහුතරයක් ජනතාව විප්ලවයට සහය දැක්වූවා.

හැබැයි අද වෙනකම් චේ, ෆිදෙල් ඇතුළු කණ්ඩායම මමයි රජා කියලා ගහ මරාගත්ත බවක් අපි අහලා නෑ. ඒ විතරක් නෙමෙයි. චේ කියුබාවෙන් විතරක් නැවතුනේ නෑ. ඔහුට සැප විඳිමින් ඉන්න තිබුන රටත් දාලා ගිහින් ලොව වටා අරගල වලට සහය පල කිරීමට ඉදිරිපත් වුනා. බොලිවියාවේ ගොවි මඩුවක් තුල වෙඩිකනකම් ඔහුගේ හිතේ තිබුනේ මානුෂිකත්වය.

එතරම්ම සශ්‍රීක නොවුනත්, කියුබාව අදත් ශක්තිමත්ව කොන්ද කෙලින් තියාගෙන නැගී සිටිනවා. සමානාත්මතාවය හැකි පමණින් වර්ධනය කරලා තිබෙනවා. බොහෝ “දියුණු” රටවලට වඩා අනෙකුත් රටවලවට ආධාර ලබා දෙමින් සිටිනවා.

එතකොට කාටද වැරදිලා තියෙන්නේ? අපිට වෙන්න බෑ. අපි දේශප්‍රෙමී අය. ලොව උතුම්ම රට. එහෙනම් කියුබාවට වැරදිලාද. හරි විදියට මානුෂිකව යුද්ධෙ කලානම් චේ සහ ෆිදෙල් අද වෙනකෝ‍ට දෙන්නට දෙන්නා නයයි මුගටියයි වෙන්න ඕනෙද?

හෝ චි මින්ගේ පින්තූරෙ එක්ක මහින්දගේ පින්තූරෙ එකට තියන්න කලින් මේ මහා උභතෝකොටිකය විසඳලා හිටියනම් හොඳයි කියල මට හිතෙන්නේ.

7 thoughts on “ෆිදෙල්ලට වැරදිලා

  1. පිදෙල්ලට වැරැදිලා තමයි. ඒ රටේ මෙහෙ වගේ දේශප්‍රේමියෝ පඳුරක් ගානේ හොයාගන්න ඉන්න නැතිව ඇති. ඊට හේතුව සමහර විට ඒ රටේ මහජන නියෝජිතයන්ට මේ තරම් වරප්‍රසාද නොතිබෙන්න ඇති. ඕනි වරදක් කරල දේශප්‍රේමී ලේබලය ගහගෙන වීරයෙක් වෙන්න පුඵවන් තත්වයක් නොතිබෙන්න ඇති. ඒ වගේම ජනමාධ්‍ය හා කලාකරුවන් නොසිටින්න ඇති වීරයන් නිර්මාණය කිරීමේ උසස් හැකියාවන් සහිත. ඒ වගේම ඒ රටේ ජනතාව අපේ රටේ ජනතාව වගේ බුද්ධිමත් ජනතාවක්‍ නොවෙන්න ඇති.

    • කියලා වැඩක් නෑ. පේන්නේ නැද්ද සමහර අය, කටේ තියෙන්නේ බුදු ගුණ. ගුටි දෙනකොට දෙන්නේ දන්න දහමත් කටින් එළියට පනින්න.

  2. ලංකාවේ ඉන්න ජනතාවෙ ගෙන් භාගයක් වෙන මෝඩයින් ට ඕව තේරෙන්නෙ නෑ. ඉතිරි ටික අමු කට්ටයෝ. උන්ට ඕව අනවශ්‍යයි.

    අනේවාසික
    http://anewasika.blogspot.com/

  3. එලකිරි කතාව බන්.
    හැබැයි අමතක කරන්න එපා අපි ඉන්නෙ දන්න දවසෙ ඉදන් පවා දෙන්නෝ ඉඳපු රටක

    • ඔබත් මමත් අපි සියල්ලන් සමග (ඔයාට ලියන්න බැරි උනදේ මම ලිව්වා එච්චරයි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *