තනියෙන් දාන පාටියක්

i_love_bloggingඅද හරියටම මම බ්ලොග් එකක් පටන් අරන් අවුරුද්දක් ගත වෙන දවස. ගිය අවුරුද්දේ සැප්තැම්බර් 9 වෙනිදා chamila-dealwis.blogspot.com යටතේ wamp ගැන ලියලා බ්ලොග් එකක් පටන් ගත්තා. ඒක ලිව්වේ ඉංග්‍රීසියෙන්. ඊට කලින් ucsclodge.lk වෙබ් අඩවියේ පොඩි පොඩි බ්ලොග් සටහන් ලියලා තිබුනා. නමුත් හරි හමන් බ්ලොගයක් පටන් ගත්තේ අදින් අවුරුද්දකට කලින්.

අවුරුද්දක් ඇතුලත ඉගෙන ගත්ත දේවල් නම් බොහොමයි. මිනිස්සු ගැන, සමාජය ගැන වගේම තව තව විශයයන් ගැන ගොඩක් දේවල් ඉක්මනට ඉගෙන ගත්තා. වැඩියෙන්ම වටින දේ ඉක්මනින් ඉගෙන ගැනීම. අවුරුද්දක් ඇතුලත මම හිතපු විදිය ලොකු වෙනසකට ලක් වුනා. හැම දෙයක් ගැනම කල්පනා කරන පණ්ඩිතයෙකුත් වුනා. මේ කෙරුවාව පටන් ගනිද්දි යාළුවො විදියට හිටපු පුද්ගලයො දැන් නෑ. තරහ වෙලා හිත් අමනාපව හිටපු සමහර අය දැන් අතිජාත යහළුවො. තාක්ෂණය ගැන තිබුන මත වෙනස් වෙන්නත් අළුත් දේවල් ගැන දැන ගන්නත් මේ පුරුද්ද උදව් වුනා. පොත් වලින් ඈත් වෙලා හිටිය මම නැවත පොත් වලට ලං කරන්න උදව් වෙන සිද්ධි වලට මඟ හැදුනෙත් බ්ලොග් හරහා.

බ්ලොගය හරහා දැන් ගොඩක් ලොකු පරාසයක පුද්ගලයින් ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. කොටි, NGO, කඩේ යන වුන්, මතයක් නැති වුන්, බුවාලා, ඇඩ්මින්ලා, ප්‍රබුද්ධ අය, පිචං අය මේ හැම කෙනෙක්ම. එක එක අයට තියෙන අදහස්, මතවාද වෙනස්. නමුත් ඒ හැම කෙනෙක් එක්කම එකම විදියකට කතා කරන්න පුලුවන් හැකියාව මට මේ අවුරුද්ද ඇතුලතදි ලැබුන දෙයක්.

ඇති වෙන්න මඩ කාලා තියෙනවා, කවුරු මොනවා කිව්වත් හෙල්ලෙන්නෙ නැතුව ඉන්න පුලුවන් විදියට. ඇති වෙන්න බැණුම් අහලා තියෙනවා කවුරු බැන්නත් හිනාවෙන්න පුලුවන් විදියට. දැනටමත් සමහර අයට මාත් එක්ක කෙලින් බලා ගෙන කතා කරන්න බෑ. යාළුවො නැති වෙලා තියෙනවා කියන්න තියෙන දේ කෙලින්ම කියලා. පස්සේ පාඩම් ඉගෙන ගෙන තියෙනවා එහෙම කියන එකේ කිසි ගතියක් නෑ කියලා. හොඳ නාමේ අහලා තියෙනවා අතරින් පතර. ලේබල් වැදිලා තියෙනවා. කුණුහරප අහලා තියෙනවා.

හැබැයි මොනවා වුනත් බ්ලොග්කරණය අත අරින්න නම් හිතකින් කරන්න පුලුවන් වැඩක් නෙමෙයි. Forest Gump වල දුවනවා වගේ අවුරුද්දක් ඇදපු එකේ තවත් අවුරුද්දක් ඇදලා බලමු.

30 thoughts on “තනියෙන් දාන පාටියක්

  1. එළ එළ! අවුරුද්දක් දෙකක් නෙවෙයි. කල්පයක් යනකං බ්ලොග් ලියත්වා කියලා ඔන්න අපෙන් සුබ පැතුම්!

  2. ඇයි, තව අවුරුද්දක් ? දිගටම ලියන්න. :)
    සුභ පැතුම්!!

  3. කතාව ඇත්ත. මමත් මේ බ්ලොගෝලය තුළදි හුඟක් හොඳ පුද්ගලයො හමු වෙලා තියෙනව. තාම මම නම් සිංහල බ්ලොග්කරණයට ඇවිත් මාස කිහිපයක් උනාට මගෙ ඉංග්‍රීසි බ්ලොග් එක නම් පට්ට පරණයි.
    තව ඉදිරියට යන්න සුභ පතනවා…

  4. තව දිගු කලක් ලියන්න හැකියාව ශක්තිය ලැබේවා!
    (අද මරණය බ්ලොග් එකෙත් උපන් දිනේ නේද?)

  5. සුභ පැතුම් . . . !

    තව චිරාත් කාලයක් බ්ලොග් ලියන්න ආයිබෝ වේවා . . . . !

  6. අද බ්ලොග්කරුවන් දෙන්නෙක්ම තමන්ගෙ පළවෙනි සංවත්ස‍රය සම‍රනව..එළ!
    තව අවුරුදු ගනනාවක්ම මේ බ්ලොග් එකෙන් ඔබව හමුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නව..දිගටම ලියන්න..අපෙන් සුබපැතුම්.. :)

  7. මචං මාත් බ්ලොග් එක පටන් අරන් අවුරුද්දයි අදට.
    සුභ උපන්දිනයක් උඹේ බ්ලොග් එකට.
    දිගින් දිගටම ලියන්න ලැබේවා
    චියර්ස්ස්ස්ස්ස්…..!!!!!

  8. අයියේ, දිගටම ලියමු. ඇත්තටම මේ බ්ලොග් කෙරුවාවෙන් සෑහෙන දේවල් ඉගෙන ගන්නං ලැබෙනව :)

  9. සුභ පැතුම් පැතුව හැමදෙනාටම ස්තුති. ටැබූ එක පාරක් කිව්වා වගේ ප්‍රතිචාර තමයි බ්ලොග් එකක වටිනාම දේ. මේ බ්ලොග් එක ඇදගෙන යන්න පෙට්‍රල් දුන්නෙත් ඔයාලමයි.

  10. එලෙළ මචං! උඹව දැන හදුනාගෙන මගේ ලිපියක් අරභයා ලිව් ලිපියකට අපි මිත්‍ර වුණාට පස්සේ වැඩිය කතා නොකරත් නොලිව්වත් මම ආස කොරපු කෙනෙක් උඹ.උඹ කිව්ව දේත් බිලොග්කෙරුවාව නිසා ලැබුණා.

    තව තව ලියපං මචෝ කාල වෙලාම හොයාගෙන, නොකිව්වත් උඹට ලියන්න ගොඩාක් දේවල් තියෙනවා නෙව, out in the open එකේත් tech buzz එකෙත් ලියපං තව තව දිගටම.

    අවුරුද්දක් දෙකක් නෙමේ ජිවිතය පුරාම ලියන්න ලැබේවා කියලා සුභාසිරි පතනවා.

    කූල් මචං කූල්!

  11. හපේ අප්පේ.. අවුරුද්දකුත් ගිහින් නේද ? මට නම් අවුරුදු සමරන්න තව කල් තියෙනවා.. අපි තාම ඉතින් පොඩි ළමයිනේ.. කොහොමහරි කමක් නෑ ඔන්න මගෙනුත් සුභපැතුම්… ආහ් අර NGO කාරයෝ කියලා තියෙන්නේ මට වෙන්ඩැති නේද මචෝ ? :D :D :D

  12. ෂහ්… උඹත් අවුරුද්දක් බ්ලොග් ලිව්වද? ‍එළ එළ… මගෙනුත් සුභ පැතුම්… තව බොහෝ කාලයක් ලියන්න ලැබේවා!!!

  13. මමත් බ්ලොග් ලියන්න ආවට පස්සේ සෙට් වුන මුල්ම යාළුවන්ගෙන් කෙනෙක් උඹ. බ්ලොග් මිතුරුකමෙන් එහාට ගිහිං ඇත්තටම හමුවෙන්න ලැබුණු එකත් එක්ක දැනගත්තා උඹ කතාවට විතරක් නෙවෙයි ක්‍රියාවන්ගෙනුත් පො‍හොසත් කියලා..
    දිගටම ලියපං….සුභ පැතුම්

  14. Dude!
    මෙන්න සහෝදරත්වයේ දෑත්! දිගටම ලියන්න!

  15. සොරි බං මට කමෙන්ට් එකක් දාන එක මඟහැරුණානෙ. සුභ පැතුම්. ඉස්සරහටත් අලුත් විදියට හිතන්න ලැබේවා කියල සුභපතනවා.

  16. Pingback: දෑඅවුරුදු සැමරුම – Out In The Open