Renault සහ FOSS

Renault

වසර කිහිපයකට පෙර (1980 දශකයේ) ප්‍රංශ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන රෙනෝල්ට් (Renault) සමාගම දැවැන්ත අර්බුදයකට ලක් වෙලා තිබුනා. එක්තරා කාලයකදී Renault නිෂ්පාදන ඉහළ නමක් දිනා සිටියත් දිනෙන් දින ඔවුන්ගේ වෙළඳපොළ කඩා වැටීමකට ලක් වුනා. සමාගම පවත්වාගෙන යාමේ අවසන් උත්සහය ලෙස ඉහළ කළමණාකාරීත්වය විසින් සමාගම තුල පැවති සංස්කෘතිය(ඉංග්‍රීසියෙන් culture වුවත් මෙතනට ගැලපෙන වචනය මෙයද දන්නේ නෑ) බලවත් ලෙස වෙනස් කිරීමකට ලක් කරා. තවත් වෙනස් කම් කිහිපයක් සමඟ සිදු වූ මෙම වෙනස ඉතා හිතකර අන්දමින් සමාගමට බලපෑ අතර ඉතාමත් ඉක්මනින් ප්‍රංශයේ පමණක් මුළු යුරෝපය පුරාම නැවත තම ආධිපත්‍ය පතුරුවාගැනීමට සමාගමට හැකි වුනා.

Renault හට නැවත වැජඹිමට ඉවහල් වුන මේ සංස්කෘතික වෙනස කුමක්ද?

වෙනසට කලින් සමාගම තුල “බුවාලා” වූයේ ඉන්ජිනේරු කණ්ඩායමයි. කළමණාකාරීත්වය මගින් ගත් සෑම තීරණයකටම ඉන්ජිනේරුවන්ගේ රෙකමදාරුව වැදගත් වුනා. සම්පූර්ණයෙන්ම තාක්ෂණික මොළ සහිත වූ ඉන්ජිනේරුවන් විසින් තාක්ෂණිකව වැදගත් සහ තාක්ෂණිකව වටිනාකමක් ඇති මෝටර් රථ නිපදවූවා. එසේ නම් සමාගම කඩන් වැටීමට හේතු වූයේ කුමක්ද?

තාක්ෂණිකව කෙතරම් වැදගත් වූවත් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයන් හඳුනා ගැනීමට Renault නිෂ්පාදන වලට නොහැකි වුනා. තාක්ෂණික මොළ සහිත වූවන්ගෙන එවැනි දෙයක් බලාපොරොත්තු විය නොහැකියි සාධාරණවම. උදාහරණයක් ලෙස මෝටර් රථයට කතා කිරීමට හැකි වුනත් අමතර කොටස් ලබා ගැනීම ඉතාමත් අපහසු නම් එවැනි මෝටර් රථයකින් පාරිභෝගිකයාට ඇති වාසියක් නැහැ. එවැනි නිෂ්පාදනයට මුදල් වැය කිරීමට ඔහු කැමති නැහැ. එය නොමිලේ ලබා දුන්නොත් සමහර විට ගැනීමට පුලුවන්. නමුත් නිෂ්පාදන හා Renault සමාගම දියුණු වීමට එය උපකාරී වෙන්නේ නෑ.

මේ සියලු දේ අතරතුර ඉන්ජිනේරුවන් තුළ, එම නිසා සමාගම තුළ, තිබූ අදහස වූයේ ඔවුන්ගේ නිෂ්පාදන උසස් බවත් (ඇත්ත) එය පාරිභෝගිකයා තේරුම් ගත යුතු බවත් (ඇත්ත), එසේ තේරුම් ගැනීමට බැරි නම් එය මෝඩ පාරිභෝගිකයාගේ වැරැද්ද (ඇත්ත) මිස ආයතනයේ වැරැද්දක් නොවන බවත් යන්නයි. මේ සියල්ලම සත්‍ය වූවත් ආයතනයේ නිෂ්පාදන වර්ධනය කිරීමට මෙම attitude එක උපකාර නොවන බව ඕනෙම කෙනෙකුට තේරුම් යන්න ඕනේ.

ආයතනය නැවත වර්ධනය කර ගැනීම සඳහා සිදු කල වෙනස්කම් වලදී කළමණාකාරීත්වය විසින් ඉන්ජිනේරුවන් all mighty ස්ථානයෙන් බිමට බස්සවා එම තනතුරට පාරිභෝගික සම්බන්ධතා නිළධාරීන් යෙදුවා. ඉතාමත් වැදගත් ස්ථානයක් දුන්නේ පාර්භෝගිකයන්ගේ feedback වලට. ඒ අතරම නිෂ්පාදන වල ඉහළ තත්වයකුත් (තාක්ෂණිකව හා වෙනත් ආකාර වලින්) පවත්වා ගත්තා. අවුරුදු කිහිපයක් තුළ ඉතා ශීඝ්‍රයෙන් යෝධයෙකු වීමට ඔවුන්ට හැකි වුනේ පාරිභෝගිකයා හට මුල් තැන ලබා දීලා. ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීමකින් තොරව නිපදවන නිෂ්පාදන ඔවුන් භාවිතා නොකරන බව පැහැදිලියි.

ඒ අතරම නූතන ලෝකයේ එක ගුණ්ඩුවක් වන marketing ඉතා විශාල බලපෑමක් කරනවා. ඉතා සූක්ෂම ලෙස පාරිභෝගිකයාගේ මනස තුල අදාල නිෂ්පාදනය establish කරනවා. ඉන්පසු පාරිභෝගිකයින් එම නිෂ්පාදන වලට හුරු වූ පසු තවත් සූක්ෂම ආකාර වලින් ඔවුන්ව නිෂ්පාදන වලට බැඳ තබා ගන්නවා. Customer loyalty යනුවෙන් හැඳින්වෙන බොරු වල එයයි. නමුත් මේ සියළු දේ මගින් වෙළඳපොළ වර්ධනය කර ගැනීම සාර්ථකව සිදු වන බව නොරහසක්. පාරිභෝගිකයින් බොහෝ වෙලාවට තමන් ඇන්ඳී ඇති බව දැන ගත්තත් වෙනත් නිෂ්පාදන brand එකකට හෝ ආදේශකයකට මාරු වීමට අලස බවක් දක්වනවා. වෙනසකට සහජයෙන්ම ඇති අකමැති බව නිසයි එසේ සිදු වෙන්නේ.

ඒ තමයි Renault වල කතාව. දැන් හැරෙමු FOSS වලට. මේ කලින් සටහනකට සහෘදයෙකු කල ප්‍රතිචාරයක් මගින් දැන ගත් දෙයක්. මම සිතුවාට වඩා කණගාටුදායක තත්වයක්.

Operating system usage share

Operating system usage share

XP සහ Linux වල security, reliability, stability ආදිය කොතෙකුත් කතා කලත් Linux දිනන බව අප දන්නවා. නමුත් අන්තිමේ දී බිල් ගේට්ස් මහතැන් කියයි “තොපි මොන පාට් දැම්මත් ලෝකෙ අයිති මටනේ ඩෝ” කියලා. එදාටත් අපි දිගටම පරිශීලකයින්ටම බනිමුද “ගොන් බූරුවො ටික නිකන් දෙන හොඳ දේ ගන්න දන්නේ නැද්ද” කියලා?

18 thoughts on “Renault සහ FOSS

  1. අපූරු ලිපිය.. පුන්චි එකතු කිරීමක් කරන්නද? linuxවල අතුරු මුහුනත සම්පූර්ණයෙන්ම පරිශීලකයට උවමනා විදියට හදාගන්න පුලුවන්. අනික FOSS වල Open Source කතාව තියෙන්නෙ userට උවමනා උවමනා විදියට ඔන නෑටිල්ලක් නටාගන්නනෙ. ඔයා අන්තිමට කියලා තියන කතාව ඉතින් කාලයක් තිස්සෙ සිද්ධ වෙන දෙයක්නෙ ඉතින්. :D

  2. එළ එළ මම උඹවම තමයි අල්ල ගන්න හිටියේ :D

    අතුරු මුහුණත හදාගන්න පුලුවන් බව ඇත්ත. හැබැයි ඒකට අවශ්‍ය වෙන දැනුම මේ ළඟක් වෙනකම් luxury එකක් වුනා. Programmer සහ linux බුවාලා තමන්ට කැමති පරිදි හදා ගත්තා. හැබැයි සාමාන්‍ය ජනයාට බැරි වුනා. Ubuntu අනිත් distros පරදවලා සාමාන්‍ය ජනතාව අතර ප්‍රසිද්ධ වුනේ ලස්සන නිසා. අනිත් එක linux වලට මුලින් එන කෙනෙක් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ KDE. ලස්සන නිසා. Sabayon Linux එහෙම පිටින්ම කැප වුනේ ලස්සන වෙන්න. දැන් ටික ටික FOSS ලෝකය මේ කරුණ තේරුම් අරගෙන.

    හැබැයි තාමත් අර පරණ ලක්ෂණ තිබෙනවා. ලිනක්ස් පරිහරණයට හුඟක් අය කැමැතියි. හැබැයි ටික දවසක් භාවිතා කරලා නැවත වින්ඩෝස් වලට යනවා. කොච්චර ගඳ ගැහුවත් පුරුදු තැන කියලා. උදාහරණයකට කියන්නම් මගේ පරණ සටහනක තිබෙනවා Fedora networkmanager හදා ගන්න නටපු පිස්සුවක් ගැන. මම Fedora ස්ථාපනය කරලා නැවත උබුන්ටු වලට ගියේ අන්තර්ජාලය වැඩ කලේ නැති නිසා. ඒක හදා ගන්න පුලුවන්. හැබැයි පුතෝ ලේසි නෑ. මජං පුරවගෙන තමයි එළියට එන්න වෙන්නේ. අපි වගේ අයට ඒ වගේ වැඩක් ආතල්. නමුත් සාමාන්‍ය කෙනෙක්ට ඒ වැඩේ අල්ලන්නේ නෑ.

    මේ කරුණ අපි තේරුම් ගන්න ඕනේ.

    අනිත් දේ තමයි අපි මේ තිබෙන රටාව වෙනස් කරන්න ක්‍රියාශීලි විදියට වැඩ කරන්න ඕනේ. තාක්ෂණික අතින් FOSS දියුණු වුනාට පොර ටෝක් දීම අතින් නම් අන්තිමයි. වෙළඳපොළ වර්ධනයට වැඩියෙන්ම බලපාන්නේ පොර ටෝක කියලා ඉහත pie chart එකෙන් පේනවනේ.

  3. FOSS කාරයෝ කොච්චර කෑ ගැහුවත් microsoft තමයි සිංහලෙන් අතුරු මුහුණත ඉදිරිපත් කලේ. ඉතිං පාරිභෝගිකයාට අවශ්‍ය දේ දෙන්නෙ නැතුව ෆොස් ෆොස් කිය කිය කෑ ගැහුවට වැඩක් නෑ. FOSS promote කරන්න නම් පාරිභෝගිකයට ඕනෙ දේවල් දෙන්න වෙනවා. අනික ලිනක්ස් කොච්චර තාක්ෂණික අතින් ඉහල උනත් සාමාන්‍ය පාරිභොගිකයාට ඒක වැඩක් නෑ. ඔහුට මේ තාක්ෂණික වචනවල තේරුමවත් දන්නෙ නෑ. ඔහුව ග්‍රහණය කරගන්න ක්‍රම දැනගන්න ඕනෙ.

  4. ඔය ඉතින් බය කරන්නෙ.. අමම නෙමෙයිනෙ දුන්න කෑඩුවෙ…

    ලස්සන කතාවට නම් විරුද්ධ වෙන්න වෙනවා මොකද සෑහෙන කාලෙක ඉදලා windows.වලට වඩා ඈහෑ ඈදිල යන අතුරු මුහුනත් තියනවා linux වල.

    ඔයා සදහන් කරලා තියන technical ප්‍රශ්නෙ තමයි ලොකුම බලපෑමක් කරන්නෙ. අපි හෑමෝටම තිස්සෙම අමතක වෙන එක කාරනයක් තියනවා. ඒ තමයි linux කියන්නෙ operating system එකක් නෙමයි kernel එකක් විතරයි කියන කතාව. electronic engineers ලා පිරිසකට එකාට එක ගානෙ processorඑකක් දීලා මේකට motherboard එක හදපන් කිව්වොත්, එක එකා ඕක හදන්නෙ එක එක විදියට නෙ. ඔය විදියට පුලුවන් එවුන් තම්න්ගෙ උවමනා එපාකම් වලට හදපුවා “ඔන එකෙක් ඉන්නව නම් ගනිල්ලා” කියලා share කරපු එක තමයි ලගක් වෙනකම් සිද්ධ උනෙ.

    මමත් ටෙක්කෙක් විදියට හිටපු කාලෙ අමතක නෑ, එත් මේ linux පසුබෑමට ටෙක්කන්ගෙ ටෝක්ස් මාර විදියට බලපානවා. ඈයි තමන්ට බෑ, දන්නෑ කියන්නෙ නෑතුව ඕකෙ අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා වෑරදි කියනවා. ඕක අහගන ඉන්න පරිශීලකයත් ඔය ටෝකම යාලුවො එක්ක repeat කරනවා. (අත්දෑකීමෙන් කියන්නෙ. මොකද මම පොරවල් කියල හිතන් උන්නු අයගෙ ටෝක්ස් හොයන්නෙ බලන්නෙ නෑතුව repeat කරපු කාලයක් මටත් තිබුනා. අපේ පරිශීලකයො හුග දෙනෙක් කරන්නෙ ඕකමනෙ. )

    ක්‍රියාශීලී විදියට මේක ගෙනියන්නෙ කොහොමද දම්වෑලෙ මග පුරුක අතුරුදහන් වෙලා තියෙද්දි. developකරන කට්ටිය එ වෑඩෙ කරනවා. වෙනස්කම් ඉල්ලලා commentතිබ්බොත් පුලුවන් ඉක්මනට එවත් කරනවා. අනිත් පෑත්තෙන් ගත්තම linux වලට ආස usersලා ඉන්නව නමුත් ඔය දෙක අතරමෑද පිරිස කෑමති නෑ ස්ම්පූර්ණයෙන්ම අලුත් දේකට(linux වලට) යන්න, මොකද අර, බෑ, දන්නෑ කිව්වොත් නමට හොදනෑති නිසා. තමන්ගෙ පොරත්වය බාල වෙයි කියලා.

    සම්පූර්ණයෙන් එකග වෙන්න වෙනවා, foss වලට පොර talk දෙන්න කවුරුත් නෑ. නෑත්තෙ ඈයි? සරලයි, product එකෙන් ලාබ ලබන්නෙ නෑති නිසා salesmen ලා නෑ. novel, redhat වගේ සමාගම් කරන්නෙ user support විකුනලා සල්ලි හම්බ කරන එක. product එකට එයාලා උනත් වෑඩි බරක් දෙන්නෙ නෑ.

    මම හෑම තිස්සෙම කියනව මෙ කතාව, එ එ බනිස් වලට එ එ කෙසෙල් දෙන්න බිල් හරියටම දන්නවා. බලන්නකො, කොච්චර සිරා උනත්, කොච්චර පොර talk දුන්නත් apple useage එක 5%ක් විතරනෙ තියෙන්නෙ. අර කව්ද කිව්වත් වගේ “the only difference between a successful businessmen and a thief is, businessmen know how to stay out of the jail” බිල් මහත්තයට හරියටම ගෑලපෙනවා නේද?

  5. ජීවන්ත,
    ලිපිය කියවලා comment එකක් දෑමීම අවන්කවම අගය කරනවා. ඔයාව නොසලකා හිටිය කියල තරහ වෙයි කියල හිතලයි මෙ ලියන්නෙ. තව වයස ගිහින් උස ගිහින් පොඩ්ඩක් ඉතිහාසෙ එහෙම ඉගනගෙන එහෙම එන්නකො හරි අවබෝධයක් නෑතුව ඔහේ කියන්නන් වාලෙ කියවන්නෙ නෑතුව.

  6. ජීවන්තයෝ ,
    බිල් අයියා කීයක් දුන්නද? . චිහ් ඔයාටත් ලැජ්ජ නෑනේ. බිල්ලා ට දැන් තමයි සිංහල මතක් උනේ. අපේ අයියල සල්ලි දීලා OS ගන්නකොට. ඊට ගොඩාක් කලින් තමයි linux සිංහල උනේ. firefox සිංහල උනේ. FOSS ගැන කතාකරන්න කලින් FOSS කියන්නෙ මොකද්ද කියල හොයල බලල වරෙන්.

  7. @author:
    වැදගත් ලිපියක්. ගන්න දේවල් බොහොමයි FOSS developing ක්‍ෂේත්‍රයේ ඉන්න අය මේක කියෙවුවොත්. ඔබ දක්වලා තියන උදාහරණය මගින් කතාව සම්පූර්ණයෙන්ම පැහැදිළි වෙනවා.

    @ජීවන්‍ත :
    [said:ජීවන්‍ත]
    FOSS කාරයෝ කොච්චර කෑ ගැහුවත් microsoft තමයි සිංහලෙන් අතුරු මුහුණත ඉදිරිපත් කලේ
    [/said]
    ඔයා Gnome, KDE සිංහල අතුරුමුහුණත දැකල නැද්ද ? අඩුගානෙ Mozilla Firfox සිංහල localization එකවත් ?

  8. @ජීවන්‍ත :

    2004 දී LKLUG එකෙන් එහෙම තමා ලිනක්ස් සිංහලීකරණය කරන්න මුල් වුනේ,සිංහල/තැප්‍රෝබේන් ලිනක්ස් live cd දැකලා නැද්ද?ඒකාලේම අතුරුමුහුණත් සිංහලීකරණය කරා.මාත් විනෝදෙට වැඩසටහන් කීපයක් සිංහලී කරණය කරා,(තව hypermail උත්කරා )

  9. කියලා තියෙන කරුණු ඔක්කෝම ඇත්ත. මේ තත්ත්වේ වෙනස් කරන්න පුලුවන් කිව්වොත් කට්ටිය පිලිගන්නවද?

    1 උදාහරණයක් විතරක් කියන්නම්.

    Dell කොම්පැණිය හදන laptop වලින් 1/3කම built in OS 1 විදියට එන්නේ Ubuntu. මාරයි නේද. ඒකෙන් ලෝකෙට දෙන පනිවිඩේ මොකක්ද? මහ දෙයක් නෙමේ. Ubuntu වලටත් වෙළද පොළක් තියෙනවා කියන 1. දැනට 1/3ක් තියෙන output 1 තව අවුරුදු 5ක් යනකොට 1/2ක් හරි ඊටත් වඩා වැඩි හරි වෙයි.

    හැමෝම සිංහල අතුරු මුහුනත් ගැන කතා කරලා තියෙන නිසා මේ ටිකත් කියන්නම්. දන්න කෙනෙක් ඉන්නවානම් අතුරු මුහුනත තමන්ට කැමති විදියට හදාගන්න විදිය ගැන දන්න, කරුණාකර ඒක ගැන සටහනක් දාන්න. එතකොට හැමෝටම ඒක තනියම කරගන්න පුලුවන් වේවි.

    @antrax
    ජීවන්ත කොලුවා නොදන්නා කමටයි ඔය කියවන්න ඇත්තේ. අහින්සකයා. ඒකට ඔච්චර තදේට කරුණු පැහැදිලි කරන්න යන්න එපා. ඒකට දුක හිතුනොත් එහෙම….

  10. @රනා:
    [said:රනා]
    දන්න කෙනෙක් ඉන්නවානම් අතුරු මුහුනත තමන්ට කැමති විදියට හදාගන්න විදිය ගැන දන්න, කරුණාකර ඒක ගැන සටහනක් දාන්න. එතකොට හැමෝටම ඒක තනියම කරගන්න පුලුවන් වේවි.
    [/said]

    එහෙම ක්‍ෂණිකව වෙනස් කරගන්න පුළුවං ඒවත් තියනව. බැරි ඒවත් තියනව මම දන්න හැටියට.

    ඒ වුනාට මගේ කල්පනාව එක එක්කෙනා තමන්ට ඕන විදියට අතුරුමුහුණත් රිසිකරන්න ගියාම එතන ප්‍රශ්නයක් මතු වෙනවා. යම් සම්මතයක් තිබීමයි වඩා හොඳ.

    කොතනදි වගෙත් මේ සම්මතේ හදන්න ඕනත් ලංකාවෙ ICT වලට අරක්ගෙන ඉන්න ආයතනය වුනාට, ඒකෙන් FOSS වලට මෙලෝ දෙයක් කරන්නෙ නැති නිසා, අපි අපිම මේක භාවිතා කරනකොට, වැඩිදෙනෙක් භාවිතා කරන එක සම්මතය වේවි.

    අනික ඔය free desktops සිංහල හරවන එක මහදෙයක් නෙවේ. පොඩි ගොනු ටිකක් බාගන්න විතරයි තියෙන්නෙ ලොගින් එකේදි භාෂාව තෝරගත්තම හරි.

  11. ඔයාල මොනව කිව්වත් Open Source ගැන හරියට පැහැදිලි කරන්නේ නෑනේ කවුරුත්. මහදෙයක් නෙමේ, කරගන්න පුලුවන්වේවි කිව්වට වැඩක් නෑ. මම නම් මේ ගැන හරියට පැහැදිලි කරන කිසිම සිංහල වෙබ් පිටුවක් තවම දැකල නෑ.

  12. @Prabath:
    [said:Prabath]
    ඔයාල මොනව කිව්වත් Open Source ගැන හරියට පැහැදිලි කරන්නේ නෑනේ කවුරුත්.
    [/said]
    මේක ටිකක් පැටලිලි සහගතයි. මම මහදෙයක් නෙවෙයි කියල තියෙන්නෙ Open Source (ඇත්තටම Free and Open Source)
    කියන්නෙ මොකක්ද කියන එක පැහැදිළි කරන එක නෙවෙයි. ඊට උඩින් free desktops වල සිංහල අතුරුමුහුණත් ගැන කතාබහක් ගිය නිසා ඒකට පිළිතුරක්.

    කොහොම උනත් ඔයා කියන්නේ free desktop එකක් සිංහල කරන හැටි නම්, මෙන්න ක්‍රමේ :

    ඔයා Gnome desktop එක නම් පාවිච්චි කරන්නේ,

    System -> Administration -> Language Support යන්න.

    එතනින්න ලැබෙන dialog box එකේ,

    “For my menus and windows, use:” කියන dropdown box එකෙන් “Sinhala; Sinhalese” තෝරගන්න.

    එතන එහෙම එකක් නැත්නම්, පහළ තියෙන “Install / Remove Languages…” කියන බොත්තම ක්ලික් කරලා ලැබෙන dialog box එකේ තියන ලයිස්තුවෙන් සිංහල තෝරලා ඇප්ලයි කරගන්න. ඕනකරන සියළුම ගොනු ඉබේම බෑවේවි.

    සියල්ලම හරි නම්, log out වී log in වෙන්න (Windows වගේ restart කරන්න ඕන නෑ.) ඔන්න දැන් සිංහල !

    ආපහු ඉංග්‍රීසි වලට යන්න ඕන නම්, ඉහත පියවරම අනුගමනය කරන්න.

  13. රනා ,
    ඈත්ත තමයි, හිතන්නෙ බලන්නෙ නෑතුව පොඩි එකාට කෑ ගහල එකට මල පෑනල ජින්නත් එක්ක මඩොල් දූවට ගියොත් තව මගුලයි. සෙනසුරාදා දිහෑට harry potter පෙන්නන්න එක්ක ගිහින් පොඩි shape පාරක් දාගන්න ඔනා.

  14. මම ඉල්ලං නා ගත්ත මදිවට මෙතන ඉන්න අය මාව අල්ලලා වතුරෙත් ඔබනවා! :(

    මම IT geek කෙනෙක් නෙවෙයි. අඩුම තරමේ IT ක්ෂේත්‍රයේවත් නෙවෙයි. ඉතිං මම කියපු දෙයින් පැහැදිලි වෙනවා ඇතිනේ මේ IT පෙරවල් බිල්ට බැන බැන කෑ ගහුවට IT ක්ෂේත්‍රයේ නොවන අය අතරට වින්ඩෝස් කෙසේවෙතත් ලිනක්ස් හරියට ගිහිල්ලා නැති බව.

    අඩුපාඩුව තියෙන්නේ promotion strategies වලයි. බිල් මහත්තයා මේවා හොඳට දන්නවා නිසා එයාගෙ ගොඩ එයා කොහොම හරි වැඩි කරගන්නවා. ඒත් ඉතිං දුකට තියෙන්නෙ මේ ෆොස් කට්ටිට කරන්නේ බිල්ට බැන බැන ඉන්න එකයි. හරියට නිකං අර රතු සහෝදරයෝ හරියට තමන්ගේ දර්ශනය promote කරන්නේ නැතුව ධනවාදයට පළු යනකං බැන බැන ඉන්නවා වගේමනේ, එත් ඉතිං සමාජවාදය එක තැන ඉඳිද්දී ධනවාදය හොඳට අතු පතර විහිදා පැතිරෙනවා. අනිත් එකාට බැන බැන ඉන්නවාට වඩා හොඳ ක්‍රමයක් හොයා ගත්තොත් හොඳ නැද්ද ලිනක්ස් promote කරන්න.

    අනිත් කතාව පාරිභෝගිකයා කොහොමටත් කැමති නෑ තමන්ට බනිනවානම්. නිෂ්පාදනය කොච්චර හොඳ උනත් නිෂ්පාදකයා ඒක පාවිච්චි නොකලහම තමන්ට “මෝඩයා! මෙච්චර හොඳ එකක් නිකං දෙද්දිත් තෝ අර සීනි බෝල ජරාව ගත්තනේ, හරකා!” කියල බනිනවනම් ඒ පුද්ගලයා ඒ නිෂ්පාදනය කොච්චර හොඳ උනත් ගන්නේ නෑ. මිනිස්සුන්ගෙ හැටි එහෙම තමයි. මේවා පොඩ්ඩක් සිහියේ තියාගෙන වැඩ කලොත් හොඳයි නේද? මිනිස්සුන්ගෙ හිත් දිනාගැනීම කියන්නේ වෙනමම කලාවක්.

    • ජීවන්ත මෙතනින් පැහැදිලි කරලා තියෙන දේ මම හිතන්නේ මම වගේ කෙනෙක් දහ පාරක් කිව්වත් කියන්න බැරි වෙයි.

      ඔහු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නෙවෙයි. FOSS ව්‍යාපාරය උනන්දු විය යුත්තේ එවැනි අය අල්ල ගන්න. මොකද තොරතුරු තාක්ෂණයේ ප්‍රවීණයො දැනටම FOSS තෝරගෙන ඉවරයි.

  15. මගේ අදහසත් කියන්නද?
    ලෝකේ මිනිස්සුන්ගෙන් ඉතාම සුලු ප්‍රතිශතයයි ටෙක් බුවාලා/ගීක්ලා ඉන්නේ. ඉතිරි හැමදෙනාම තමන්ගේ වැඩ පහසු කරගැනීමට පරිගණක භාවිතා කරන අය. වැඩ පහසු කරගන්න කියන්නේ වැඩේ ලේසියෙන් කොම්පියුටරේ බාවිතයෙන් කරගන්න එකනේ. බිල් ගේට්ස් තේරුම් ගත්තා මේ දේ. අද වැඩිය භාවිතා නොවුනත් එදා ඔවුන්ගේ ආදර්ශ පාඨය වුන Where Do You Want To Go Today යන්නෙන් හැඟවුනෙත් එයයි කියලායි සිතෙන්නේ. ඉතින් මේ දැක්වෙන ප්‍රස්ථාරයේ වින්ඩෝස් වලට වැඩි ඉඩක් ලැබීම පුදුමයක් නෙමෙයි.

    ලිනක්ස් ගැන කියනකොට ගොඩක් කියවෙන දේ මොනවද? වෛරස් නෑ, සෙකියුරිටි උපරිමයි. වෛරස් කෙසේවෙතත් සාමාන්‍ය මිනිස්සුන්ට සෙකියුරිටි කන්නද? ඒ වගේම ලිනක්ස් වලදි ඇතැම් දේවල් කරගන්න විදිය සාමාන්‍ය මිනිසුන්ගේ පරිගණක දැනුම පරාසය ඉක්මවා යනවා. උබුන්ටු මේ පරතරය අඩු කිරීමට දැරූ උත්සාහය අගය කල යුතුයි. නමුත් මයික්‍රොසොෆ්ට්, සාමාන්‍ය ජනයාට වැදෙන අයුරින් තම මාර්කටිං පාර කරගෙන යන්නට සමත් වෙලා තියෙනවා. වැඩිය ඕනෙ නෑ, අලුත් ෆොන්ට් එකක් දාගන්න උබුන්ටු වලදියි විස්ටා වලදියි ක්‍රියා කලයුතු ආකාර ගැන සිතන්න.

    මට මුල් කාලයෙ ලිනක්ස් තිත්ත උනේ ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කිරීමෙදි. මොකද source එක අපි කම්පයිල් කරන්න ඕනෙනේ. පසුකාලීනව මම ඕකට පුරුදු උනා. නමුත් ලියුමක් ටයිප් කර ගන්න පරිගණක පාවිච්චි කරන හැමදෙනාටම ඕක පුලුවන් වෙයිද? මම ඔය ගැන කලින් වතාවක් මේ බ්ලොග් එකේම කිව්වාම මට ලැබුනු පිලිතුරක් තමා “source එක දෙනවනං කම්පයිල් කරගත්තාම මොකද? ඔක්කොම කරලා දෙන්නත් ඕනෙද?”. අනේ මංදා..

    ඒ ිසා ලිනක්ස් සාමාන්‍ය ජනතාව අතරට යවන්න නම් මේ දුර්වලතා සම්පූර්ණ කරගත යුතු වෙනවා. එහෙම නැතුව පලු යනකන් මයික්‍රොසොෆ්ට් එකට බැනලා පලක් නෑ. දැං අලුත්ම බැනිල්ල “මුං අපේ සිංහල ලෝකලයිසේෂන් එකත් කොපි කලා නෙව” කියන එකනේ!

    මම දැන් හැකි සෑම වෙලාවකම උබුන්ටු පාවිච්චියට උත්සාහ දරණවා. විශේෂ FOSS/Linux උණක් නිසා නෙමේ, හොරෙක් වීම හිතට වදයක් නිසා.

  16. Well.. the real problem is with the users. How can the developers fix bugs or usability issues when you guys don’t report them ?

    How many of you have ever raised a bug against a Linux distribution ? For an example, if you have issues with the NetworkManager like it’s been mentioned here, you have to raise a bug against the corresponding distribution.

    No point cribbing about Linux over blogs, canteens or at coffee shops. There’s a standard procedure for everyone to report problems with Linux. Please follow the standard procedure when you want to get something fixed. The developers are quite fast to respond. Perhaps, you should be able to obtain a fix in a day or two.

    Alternatively, you could logon to IRC and communicate your issues with developers. There are many ways to get things sorted out… I doubt you guys have followed any of these protocols to fix the problems been highlighted over here ;-)

Return Fire!