සිංහල බ්ලොග්කරණය කොයිබටද?

සිංහල බ්ලොග්කරුවන් ලෙසත් සිංහල බ්ලොග්කරණය ලෙසත් අද ජනප්‍රිය ලෙස හැඳින්වෙන දේ දෙස බලනවිට හැඟී යන පළමු කාරණය වන්නේ මෙහි යෙදෙන බොහෝ දෙනා බ්ලොග්කරණය හෝ එහි සීමා පිළිබඳ වැඩි අවබෝධයකින් යුක්ත නොවන බවයි. පසුගිය දින වලදී එක් අඩවියක් වටා යෙදුණු කතා බහ නිරීක්ෂණය කිරීමේදී ද මෙම ලක්ෂණය බොහෝ සෙයින් විද්‍යාමාන වනු දක්නට ලැබිණි.

ලංකාවෙන් පිට බ්ලොග්කරණයේ භුමිකාව දෙස බැලුවහොත් එය විශාල වශයෙන් සමාජ දේශපාලනික ක්‍රියාදාම තුල වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව දැකිය හැක. පුවත්පත්, රූපවාහිනී වැනි සාම්ප්‍රදායික සන්නිවේදන මාධ්‍ය සඳහා සැලකිය යුතු විකල්පයක් ලෙස බ්ලොග්කරණය ප්‍රචලිත වෙමින් පවතී. ඒකාධිපති පාලනයන් සහිත රාජ්‍ය තුල ප්‍රධාන විරෝධය එල්ලවන්නේ පාරේ සිදුවන විරෝධතා ව්‍යාපාරවලටත් වඩා බ්ලොග් අඩවි තුලින් යැයි පැවසුවහොත් එය නිවැරදිය. මෙවැනි ර‍ටවල් තුල බ්ලොග්කරණය ක්‍රම ක්‍රමයෙන් තහනම් වෙමින් යෑමද වැඩි වැඩියෙන් බ්ලොග්කරණයේ ඇති සමාජමය වගකීම විදහා දක්වයි. ඊජිප්තුව තුල ආණ්ඩු විරෝධී බ්ලොග්කරණයේ යෙදුනු බ්ලොග්කරුවන් කිහිප දෙනෙක් මරා දැමීමද තවත් අය අතුරුදන් වීමද, පුරුෂාධිපත්‍ය උපරිමව ඇති රටවල කාන්තා අයිතීන් පිළිබඳ ප්‍රධාන හඬ බ්ලොග්කරණය හරහා යොමුවීමද බ්ලොග්කරණයට යා හැකි දුර පිළිබඳ සූචකයන්ය.

නමුත් අවාසනාවකට සිංහල බ්ලොග්කරණය මෙලෙස වර්ධනය වීමකට ලක්වී නොමැත. එහි බහුතරයක් අතර තවමත් ඇත්තේ තාක්ෂණික හා පෞද්ගලික ප්‍රකාශනයන් පමණක් වන අතර සමාජමය හා දේශපාලනමය වශයෙන් වැදගත්කමක් ඇති බ්ලොග් අඩවි සුළු ප්‍රමාණයකට සීමා වී ඇත. එලෙස පවතින බ්ලොග් අඩවි වලට පවා විරෝධයක් සියුම් ලෙස ගොඩ නැගෙමින් පවතී. මෙම සටහන යතුරු කෙරෙන්නේ එවැනි සන්දර්භයක් තුලය.

සිංහල බ්ලොග්කරණයේ වැඩි කොටසක් සින්ඩිකේටරයක් වටා එක්රැස් වී එහි ඇති නීති රීති වලට අනුගත වෙමින් විවිධ රාමු වලට තමාව කොටු කරගෙන යමින් සිටිනවා කීම වැරැද්දක් නැත. සිංහල බ්ලොග් ආරම්භයේදී සින්ඩිකේටරවත් ගූගල් සමූහවත් නොතිබුණු අතර එවකට බ්ලොග්කරණය යනු බ්ලොග්කරණය මිස සින්ඩිකේටර අලංකාරව තබා ගැනීමට කරන ව්‍යායාමයක් නොවිණ. තමන් කැමති ආකාරයට තමන්ගේ අදහස්, සිතුම් පැතුම්, දැනුම සෙසු ලෝකය හා බෙදා ගත් අතර එය මාස තුනකට සැරයක් වත් කල යුතු යැයි සීමා පැවරී නොතිබුණි. ගූගල් සමූහ පසුව පින්තූරය තුලට පැමිණෙන්නේ බ්ලොග්කරණය සම්බන්ධ ආකල්ප වර්ධනයට හා අංකුර බ්ලොග්කරුවන් හට අත්වැලක් වශයෙනි. සිංහල බ්ලොග්කරණය ප්‍රචලිත කිරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් පැවැත්වෙන අතර බ්ලොග් මැරතන් පැවැත්වෙන්නේ එවැනි ක්‍රියාකාරකමක් ලෙසිනි. සින්ඩිකේටර සිංහල බ්ලොග්කරණයේ පලමුවරට භාවිතා වන්නේ මෙම පලමු බ්ලොග් මැරතන් අවස්ථාවටත් ප්‍රථමය. දැන් පවතින සින්ඩිකේටරයට අඩිතාලම වැටෙන්නේ එම මැරතන් අවස්ථාවට නිර්මාණය කරන සින්ඩිකේටරය හා ඊට ප්‍රථම පැවති සින්ඩිකේටරය එකතුවෙනි.

බ්ලොග් කියවීම සඳහා සින්ඩිකේටර මගින් ලැබෙන සහය නොමඳ බව කිව යුතුය. නමුත් යමෙකුට Google Reader හෝ එයාකාරයේ වෙනත් Feed Aggregator එකක් භාවිතයෙන් බ්ලොග් අඩවි කියවිය හැකි බව රහසක් නොවේ. කොටින්ම කියනවානම් RSS/Atom feed තාක්ෂණය බිහිවන්නේ‍ද බ්ලොග් කියවීම පහසු කරවීම යන අරමුණ පෙරදැරිකරගෙනය.

නමුත් සිංහල බ්ලොග්කරණය තුල සින්ඩිකේටරයක භූමිකාව බ්ලොග් කියවීමට වඩා වෙනස් ආකාරයකට පත් වී ඇත. මුල් කාලයේදී බ්ලොග් වෙනුවෙන් සින්ඩිකේටර පැවතුන නමුත් දැන් සින්ඩිකේටර වෙනුවෙන් පවතින බ්ලොග් රාශියකි. නවක බ්ලොග්කරුවන් බිහිවන්නේ සින්ඩිකේටරයටය. ඒ අර්ථයෙන් ඔවුන් බ්ලොග්කරණයේ යෙදෙන්නේද සින්ඩිකේටරයක් වෙනුවෙනි. සින්ඩිකේටරයට බ්ලොග් ඇතුළත් කර ගැනීමේදී සඳහන් කර ඇති නීති පද්ධතියෙන් පිටතට යෑමට ඔවුන් නිර්භය වන්නේ නැත. ඒ ඔවුන්ගේ ඇස් ඉදිරිපිට සින්ඩිකේටරයකින් තොර බ්ලොග්කරණයක් නොමැති බැවිනි. සැබෑ ප්‍රකාශනයෙන් ඈත් වී ඊනියා ආචාර ධර්ම පද්ධතියක් යොදා ගෙන තමාව ස්වයංවාරණයකට ලක් කර ගැනීමට මොවුන් පෙළඹී ඇත. එනම් ද්විතීයක අගයකින් යුත් සින්ඩිකේටර දැන් බ්ලොග්කරණය පාලනය කිරීමට තරම් ඉදිරිපත් වී ඇත.

සත්‍ය බොහෝ විට ජනප්‍රිය මතවාදයට පටහැනිවන අතර සින්ඩිකේටර හා සිංහල බ්ලොග්කරණය පිළිබඳවද එය එසේමය. බ්ලොග්කරණයට පිවිසෙන්නන් හට ඍජුව හෝ වක්‍රව ලබා දෙන අදහස වන්නේ ඔවුන්ගේ බ්ලොග් අඩවිය ප්‍රචාරණය කිරීමට තිබෙන එකම ක්‍රමය සින්ඩිකේටරය බවයි. ඔවුන් සින්ඩිකේටරයෙන් එළියට ඇද දැමුවහොත් ඔවුන් බ්ලොග්කරණයේ යෙදෙන අන්තිම දවස එය බව නොපවසා පැවසේ. එලෙස එළියට ඇද ‍නොදැමීමටනම් සෑම විටම සින්ඩිකේටරයේ නීති වලට අනුව බ්ලොග්කරණයේ යෙදිය යුතු අතර එහි පාලකයින්ට විරුද්ධව ඇඟිල්ලක් එසවීම නොකල යුතුය. නමුත් සත්‍යය මෙය ද? මෙය අපට මතක් කර දෙන්නේ ඇමෙරිකානු නැගෙනහිර තීරයේ නගර තුල ක්‍රියාත්මක වුනු ඉතාලි මාෆියාවයි.

බ්ලොග් අඩවියක් ප්‍රචාරය කර ගැනීම සඳහා ඇති එකම මාධ්‍යය සින්ඩිකේටර නොවේ. සිදුවන්නේ බොහෝ විට අනිත් පැත්තයි. සින්ඩිකේටර පවතින්නේ හා වැඩිදියුණු වන්නේ එහි පලවන බ්ලොග් අඩවි වල ගුණාත්මක භාවය මතයි. අන්තර්ජාල පහසුකම් හා භාවිතය වැඩිදියුණු වී නව මානයන් කරා ඇදෙන, විශේෂයෙන්ම Web 2.0 යුගයද පසු කර Web 3.0 පූර්ව දර්ශනයවන මානයේ ඇති නවීන ලෝකය තුල බ්ලොග් සටහනක් ලෝකය පුරා නොමිලේ ප්‍රචාරය කිරීමේ නොහැකියාවක් නැත.

Facebook හා Twitter මෙම ප්‍රචාරණ ක්‍රම සඳහා කදිම උදාහරණ වේ. යම් සබැඳියක් (link එකක්) පල කල විට share හා retweet කිරීම මගින් වෛරසමය ආකාරයේ ප්‍රචාරණයක් ලබා ගැනීම සතයක් වත් වියදම් නොවී සිදු කල හැක. ස්පෑම් කිරීමකින් ‍තොර වූ ඊමේල් ක්‍රියාවලියකින් ද මීට සමාන ප්‍රතිපලයක් ලබා ගත හැක.

නමුත් දැන් බොහෝ දෙනෙක් ‍මා හට ඔවුන්ගේ අඩවි තුල අටවා ඇති hit counter ‍සටහන් පෙන්වමින් සින්ඩිකේටරයට ඇතුළු කිරීමෙන් පසුව අඩවියට පැමිණෙන පිරිස් බොහෝ ලෙස වැඩි වූ බව පෙන්වනු ඇත. මෙහි සත්‍ය අසත්‍ය භාවය කුමක් ද?

ඇමෙරිකානු ජාතික එක් මිතුරෙකුගෙන් මීට දින කිහිපයකට පෙර විමසූ පසු ලැබුණු පිළිතුර මේ සඳහා සුදුසුම පිළිතුර යැයි මම සිතමි. ඔහුගේ පෞද්ගලික අඩවියට දිනකට පැමිණීම් 1000ක් පමණ සිදුවේ. ඔහු සිදු කරන එකම ප්‍රචාරණය twitter මගින් පමණි. Facebook භාවිතයක් නොමැත. කොටින්ම සින්ඩිකේටරයක අවශ්‍යතාවය ඔහුට වැටහෙන සීමාවක නැත. ඔහු Ubuntu මෙහෙයුම් පද්ධතිය සඳහා වටිනා මෘදුකාංගයක් නිපදවා ඇති අතර එය බාගත කරගන්නා පිරිස ලෝකය පුරා විසිර ඇත. Hit ප්‍රමාණය පිළිබඳව ඔහු පැවසූයේ ප්‍රමිතියකින් හා තත්වයකින් යුතු අන්තර්ගතයන් පළකරන තාක් කල් ඔබගේ අඩවියට ලැබෙන hit ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් නොවිය යුතු බවයි.

මෙම තත්වය අප අත්දුටු දෙයකි. සිංහල භාෂාව ලොව පුරා ව්‍යාප්ත නොවූ බසකි. එය ඉංග්‍රීසි භාවිතා කරන අපගේ ඇමෙරිකානු මිතුරා හට වැඩිපුර ඇති වාසියකි. නමුත් අප කවුරුත් දන්නා ටැබූ සිංහල භාවිතා කරමින් බ්ලොග්කරණයේ නියැලුණු කාලයේ දීත් දිනකට hit 1000කට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වේ. ඔහු සින්ඩිකේටරයකින් ඉවත් වූ පසුත්, භාෂාව ඉංග්‍රීසි වෙත මාරු කල පසුත් එම hit ප්‍රමාණය එලෙසින්ම පැවතීම සින්ඩිකේටරය හා බ්ලොග් අඩවියක ගුණාත්මක භාවය අතර ඇති අසම්බන්ධය මැනවින් විදහා පාන්නේය.

සින්ඩිකේටරයක් තුලින් ඔබගේ අඩවිය වෙත පැමිණෙන්නේ සත්‍ය වශයෙන්ම එය කියවීමට අවශ්‍ය හෝ ඒ සඳහා උනන්දුවක් ඇති අය යැයි කිව නොහැක. බොහෝ විට පැමිණෙන අය මුල් තත්පර 30 තුලදී පිටවීමද සිදු විය හැක. මෙය වඩාත් හොඳින් දැක ගත හැකි එක් දර්ශකයක් වන්නේ Average Time on Site යන්නයි.

සත්‍ය වශයෙන්ම සිංහල බ්ලොග්කරණය තුල සින්ඩිකේටර ආරම්භ වන්නේ මෙවැනි සන්දර්භයක් රැගෙන නොවේ. මුලදී ඇතිවන එකඟතා දැන් පවතින මර්ධනකාරී ඊනියා ආචාර ධර්ම වලට සහමුලින්ම වෙනස් වූ බවද බොහෝ දෙනා නොදනී. බහුතරය සිතා සිටින ආකාරයට සිංහල බ්ලොග්කරණයේ පාලකයින් වීමට දඟලනා සුළු පිරිස මෙලෙස ඒකරාශී වූ සිංහල බ්ලොග්කරුවන්ගේ නිර්මාපකයින්ය. එම අදහස ප්‍රතික්ෂේප නොකිරීමෙන් එම සුළු පිරිස වක්‍රාකාරයෙන් ලබා ගන්නා වාසි ප්‍රමාණයද සුළු පටු නොවේ.

සිංහල බ්ලොග්කරණයේ ඉතිහාස පාඩමක් ලබා දීම අපට අදාල නැත. නමුත් මෙහි සත්‍ය නිර්මාපකයින්ට ඉතාමත් නින්දිත හා තුච්ඡ ආකාරයට මඩ ගසා, පවුල් පසුබිම් පවා සොයා බලා ප්‍රසිද්ධියේ අවමාන කර, තවමත් පාසැල් යන වයසේ නිසා කපටි සහගත ආකාරයෙන් (WHOIS වාර්තා පවා හොර රහසේ තමන්ගේ නමට වෙනස් කර ගනිමින්) ඉවතට දමා, අවසානයේදී එම අතීතයද වල දමා ඒ මත නැගී සිටින බොල් පිළිම ටිකකට බොහෝ දෙනා සිංහල බ්ලොග්කරණයේ දෙවියන් ලෙස ලබා වන්දනාමාන කරන බව කිව යුතුය. මෙය විශ්වාස කිරීමට නොහැකි අය සිටීනම් බ්ලොග් අඩවි ඒකමතිකව හා පෞද්ගලික හේතූන් මත ඉවත් කිරීම පිළිබඳව ප්‍රශ්න කල අපට මුලින් යුනිකේත සම්මතයේ විරෝධී අය යැයි හංවඩු ගසා (මුල් නිර්මාපකයින්ට එරෙහිව ද යොදා ගෙන ඇත්තේ මෙම ක්‍රමයයි) එය අසාර්ථක වූ පසු සිංහල බ්ලොග්කරණය කඩාකප්පල් කිරීමට දඟලන කුමණ්ත්‍රණකාරීන් ද කියා මඩ ගැසීමට උත්සහ කිරීම මතක් කර ගත යුතුය. ඉන්පසුව එක් එක් අයගේ ගිරා පෝතකයින් කඩේ යවමින් ඍජුව හා වක්‍රව අපගේ බ්ලොග් අඩවි සින්ඩිකේටරයෙන් ඉවත් කර ගන්නා ලෙස සිදු වූ බලපෑම් ද පෙන්වා දිය යුතුය.

සිංහල බ්ලොග්කරණයේ ආරම්භයේදී එහි නියමුවන් ලෙස සිටි අයත් (මෙම පුද්ගලයින් විසින් තමන් තමාගේ “වටිනා ධනය ශ්‍රමය හා කාලය ඒ සඳහා කැප කරන බව” පුන පුනා ජප කරමින් නොසිටි බව කිව යුතුය) වර්තමානයේ සිංහල බ්ලොග්කරණයේ නියමුවන් ලෙස පෙනී සිටීමට දඟලන පිරිස් දෙසත් බැලූ විට පැහැදිලි වන එක් කරුණක් ඇත. මුල් සාමාජිකයින් මෙන් බ්ලොග්කරණය මෙන් පුලුල් වූ අවබෝධයක් මොවුන් හට නොමැත. ඇත්තේ බ්ලොග්කරණය හා අන්තර්ජාලය පිළිබඳ තාක්ෂණික පසුබිම් දැනුමක් පමණි. අන්තර්ජාලය තුල පුද්ගලයින් ඒකරාශී වන වෙනත් සාම්ප්‍රදායික ආකාර වන Usenet, Forum, Mailing list වලින් බ්ලොග්කරණය වෙනස්වන්නේ කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳ නිසි අදහසක් මොවුන්ට නොමැත. ඔවුන් ‍බ්ලොග් පාලනය කිරීමට කැසකවන්නේද ෆෝරමයක සටහන් පාලනය කරනා ආකාරයටය.

බ්ලොග්කරණයේ නොයෙදෙන, කලාතුරකින් බ්ලොග් අඩවියකට පැමිණෙන හා තාක්ෂණ හැර වෙනත් කිසිම දෙයක් පිළිබඳ අබමල් රේණුවකවත් දෙයක් නොදන්නා පිරිසක් මා බ්ලොග්කරණයේ යෙදිය යුත්තේ කුමන ආකාරයෙන්දැයි මට පැවසීම නොකල යුතු දෙයකි. ඊනියා සංසදයෙනුත් සින්ඩිකේටරයෙනුත් මාගේ බ්ලොග් අඩවි ඉවත් කර ගන්නේ මෙම හේතුව නිසාය.

කෙ‍සේ වෙතත් සිංහල බ්ලොග්කරණය මෙතෙක් කල් නැවතී සිටි අම්බලමෙන් පිටවී නව මං සොයා තම ගම‍න ආරම්භ කිරීමට කාලය පැමිණ ඇත. තමාගේ බ්ලොග් අඩවියට පැමිණෙන hit ප්‍රමාණයට වඩා තමන් එයට ඇතුලත් කරනා අන්තර්ගතයන්හි ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වන බුද්ධිමත් බ්ලොග්කරුවන් බිහිවීම මෙම අම්බලමේ නැවතී සිටින තාක්කල් සිදුවන්නේ නැත. මෙයින් සැමදා බිහිවන්නේ අසභ්‍ය නිසා ලිංගිකත්වය පිළිබඳ කට හොල්ලන්නේවත් නැති, මඩ නිසා දේශපාලනය දෙසවත් නොබලන, බිය නිසා admin වරුන්ට එරෙහිව කට හොල්ලන්නේවත් නැති, සින්ඩිකේටරය අලංකරණයේ යෙදෙන උයන් පල්ලන් පමණි.

මෙම උයන් පල්ලන් තේරුම් ගත යුතු දෙයක් ඇත. සිංහල බ්ලොග්කරණයේ පරම වූ අරමුණ අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය වැඩි කිරීම හෝ සිංහල යුනිකෝඩ් ප්‍රචලිත කිරීම වැනි ද්වීතියක කාර්යයන් නොව බ්ලොග්කරණය තුලින් සමාජයට වැඩදායී කාර්යයක් ඉටු කිරීම යන්නයි. එය දැනටමත් ඉටු කරනා ‍බොහෝ අය සින්ඩිකේටර වලින් පිටත බ්ලොග්කරණයේ යෙදේ. ඔවුන් තමන්ට hits නැති නිසා නහයෙන් අඬන්නේ නැත. ප්‍රතිචාර නොමැති නිසා බ්ලොග්කරණයෙන් ඉවත් වන්නේ නැත. එලෙසම ඔවුන් ලිවිය යුත්තේ කුමක්දැයි යන්න වෙනත් අය කියා දීමට යන්නේද නැත. ඔවුහු බ්ලොග්කරණයේ යෙ‍දෙති. සින්ඩිකේටර අලංකාර කිරීම ඔවුනට අදාල නැත. එය සත්‍ය වශයෙන්ම සිංහල බ්ලොග්කරණයේ ඉදිරි අනාගතයද විය යුතුය. අදහස් ප්‍රකාශනය පමණක් පෙර දැරිකර ගත් පිරිසක් බ්ලොග්කරණය තුලින් බිහිවිය යුතුය. එදිනට අපට මීට වඩා පුළුල් පරාසයක් සිංහල බ්ලොග්කරණය තුලින් දැකිය හැකිය.

වැඩිදුර කියවීම සඳහා බ්ලොග්කරණය පිළිබඳ ක්‍රියාකාරී පහත අඩවි වෙත යන්න.

Global Voices OnLine – http://globalvoicesonline.org/

Threatened Voices | Global Voices Advocacy – http://threatened.globalvoicesonline.org/

Electronic Frontier Foundation | Bloggers’ Rights – http://www.eff.org/issues/bloggers

81 thoughts on “සිංහල බ්ලොග්කරණය කොයිබටද?

  1. ඔතන තවත් අවුලක් තියෙනවා මචං. ඒක සින්ඩි පරිපාලකයොන්ගේ අවුලක් නෙමෙයි. වටේ ඩෙඟා නටන හෙංචයියලගේ අවුලක් උන් හිතන්නෙ උන් බ්ලොග් ලියන්න ඕනි සින්ඩියෙ වැටෙන්න කියලා. අනික උන් හින්ද තමා සින්ඩි පරිපාලකයො සින්ඩි අයිතිකාරයො වෙලා තියෙන්නෙ. සරල දෙයක්වත් තේරුම් ගන්න බැරි එකේ උන්ගේ චින්තන ගැන තව මොන කතාද.
    තේරුම් ගන්න ඕනි දේ තමා සින්ඩිය තියෙන්නෙ බ්ලොග් නිසා මිසක් බ්ලොග් තියෙන්නෙ සින්ඩිය නිසා නෙවෙයි කියන එක. එතනින් පටන් ගත්තානම් හරි. ඒත් ඉතින් මේ සියල්ල දත් උන්නාන්සේලා ඕක කවදා තේරුම් ගනීද කියන එකත් අවුලක්. සිරා ලිපියක් මචං..

  2. අනර්ඝයි. මේ වගේ සටහනක් එන්න තිබ්බේ මීට කලින් නේද?
    ඒත් පරක්කු වෙලා හරි කවුරුම හරි ලීව එක ගැන සතුටු වෙනවා, දුවන්නන් වාලේ දුවන්නේ නැතිව මේ වගේ විශය කරුනු එක්ක සිංහල බ්ලොග්කරණය දියුනු වෙනවා නම් අනර්ඝයි.

    ඔබ සිංහල බ්ලොග්කරුවෙක් නම් මේක කියවිය යුතුම වේ.

  3. nice post.

    ආගන්තුකයා කිව්වා වගේම, බොහෝ අය සිංහල බ්ලොග්කරණය කියල හිතාගෙන ඉන්නේ සින්ඩිකේටරයට. හරියට පත්තරේකට ලිපියක් ලියනවා වගේ සින්ඩිකේටරයට ලියනව කියල හිතාගෙන. තවත් සමහරු බ්ලොග් එකේ ලියනවා ‘මම මේ කාලෙකින් තමයි සංසදයට ලිපියක් ලියන්නේ’ කියල. සමහරුන්ට මේක දේශපාලනය, ආගම වගේ මතභේදයට හේතුවන දේවල් ගැන නොලිය යුතු, ඒවායෙන් අපිරිසිදු නොකල යුතු සුන්දර අවකාශයක්.

    ලෝකයේ blogging කියන දේ ප්‍රචලිත වෙලා තියෙන්නේම විකල්ප මාධ්‍ය අවකාශයක් විදියට. ඒත් (සිංහල)ලංකාවේ මේ විකල්ප කියන දේට තියෙන මාරාන්තික විරෝධයත් එක්ක, ‍බ්ලොග් අවකාශය කියන එකත් ජාතික පුවත්පතකට ලිපියක් ලියන තත්වයට පත්වෙනවා.

    කොහොම උනත් මේ තත්වය එරෙහිව, ආරම්භයක් විදියට මේක වටිනා ලියැවිල්ලක්.
    :-)

  4. කියලා තියෙන්නෙ අමූලික් ඇත්තක්. මමත් සින්ඩියෙ ගොඩක් නීති වලට එකඟ වෙන්නෙ නෑ. නමුත් එයින් සින්ඩිය බැලීම එක්තරා මට්ටමකට පවුලේ සැමට බලන්න පුලුවන් මට්ටමකට පත්වී තිබෙනවා. හැම දේටම යම්කිසි ආකාරයෙන් රෙගුලාසි පද්දතියක් තිබිය යුතුයි. එය පත්තරයටත් පොදුනම්, රෑපවාහිනියටත් පොදුනම්, ගුවන්විදුලියටත් පොදුනම්, බ්ලොගයටත් පොදු විය යුතුයි. ඔබ කියන්න වූ නීති පද්දතියක් මා දන්නා පරිදි facebook හා twitter වලටද ඇත. හැබැයි මමද පිලිගන්නා කාරනය නම් සින්ඩිය වටාම රොක් නොවී තමන් තමන්ටම පොදු නීති පද්දතියකට යටත්ව මේ බ්ලොග් කෙරුවාව කරනවනම්, මිනිස්සුන්ට නරක දේට වඩා හොඳදේ ලබා ගැනීමට වාසනාව ඇති වෙයි.

    • රෙගුලාසි පද්ධතියක් තිබීම සෑම මාධ්‍යයකටම පොදුයි. ඒක ඇත්ත. නමුත් පත්තරයට හෝ ගුවන් විදුලියට ඇති රෙගුලාසි හා ආචාර ධර්ම පද්ධතිය බ්ලොග්කරණයට යොදා ගන්න බැහැ. අන්තර්ජාලය තුල එවැනි සීමා කිරීම් පසුගාමී ලක්ෂණයක්.

      මෙහිදී සින්ඩිකේටරයකට තමාගේ රෙගුලාසි පද්ධතියක් තබා ගැනීමේ අවශ්‍යතාවය බැහැර කර නැහැ. නමුත් බ්ලොග්කරුවන් සින්ඩිකේටරයේ රෙගුලාසි සමස්ත බ්ලොග්කරණයේ රෙගුලාසි යැයි පටලවාගෙන බොහෝ දුර ගොස් තිබෙනවා. ඒ එක් වැරැද්දක්.

      අනෙක වන්නේ මෙම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය යනුවෙන් හැඳින්වෙන ඒක රාශී වීම. අපි දන්නා පරිදි මෙහි ආරම්භයේ තිබුනු ඉතාමත් නිදහස් පරිසරය දැන් එහි නැහැ. ඒ වෙනුවට එක් එක්කෙනාගේ පෞද්ගලික රුචි අරුචි කම් වලට අනුව නීති රීති සෑදීමට පටන් අරන්.

      ඔව්. කාටහරි කියන්න පුලුවන් ඒ අය දෙන සේවාව ගැන ඒ අයට තීරණ ගන්න පුලුවන් කියලා. නමුත් සින්ඩිකේටරයේ ජනප්‍රිය භාවයටත්, එහි දියුණුවටත් වැඩි පුරම වැඩ කරලා තියෙන්නේ එහි පලවෙන බ්ලොග් අඩවි හිමිකරුවන් විසින්. ඒ අනුව බැලුවාම අවුරුද්දකට සැරයක් වත් බ්ලොග් නොලියන ඇඩ්මින් කෙනෙක්ට මොකක් හරි පෝස්ට් එකක සංජීවනී ගැන තිබුනා කියලා ඒ අඩවිය හිතූ පරිදි කියවනයෙන් අයින් කරන්න බැහැ. අපි කතා කරන්නේ ඒ අධිකාරයට විරුද්ධව.

  5. මම නම් සින්ඩිය ගැන එතරම සලකන්නේ නෑ.
    ඒක ගැන හිතාන බ්ලොග් ලියන්න ඔනෑ නෑ.
    තමන්ට හිතෙන් දේ ලියනව මිසක් වෙන කබ්බන්ට ඔනෑ දේවල් මොකට ලියන්වද?

    /බිඟුවා…!

  6. අර අළුත් ඇඩ්මින් කොණ්ඩයාටයි උගේ පාදපරිචාරිකාව දීප්ගේ මස්තබාල්දු ලෝකයටයි අවුල් ගියාද දන්නෙ නෑ. උඹගෙ ලිවිල්ල නම් එල කාලි මාතාව මොනව කියයිද දන්නෙ නෑ.

  7. සිරා ලිපියක් සහෝ.මම ඔය කරුණු ටික උඹේ කටින්ම අහගත්තු හින්දා මට ලොකු කමෙන්ටුවක් දාන්න හිතෙන්නෙත් නෑ! ආගන්තුකයා කියපු කතාවටත් මම සහමුලින්ම එකඟයි!

  8. කියන්න ඕන සේරම වගේ චමිල කියලා තියෙනවා. සින්ඩිය කියන්නේ බ්ලොග් මත රඳා පවතින දෙයක් මිස බ්ලොග් යනු සින්ඩිකේටර මත රඳානොපවතින්නක් බවට බොහෝ බ්ලොග්කරුවන්ට අමතක වෙලා වගේ. සංසදය අයිතිකාරයොන්ට දෙකට නැවිලා වැඳලයි බ්ලොග් ලියන්න පටන්ගන්නේ.

  9. ගැටළුව ඇත්තේ අන් කිසිවක නොව බ්ලොගය හා SBU සින්ඩිකේටරය යනු කුමක්ද යන්න පිළිබඳව ඇතමුන් තුළ ඇති අනවබෝධයයි.

    ඉහතද එක් ප්‍රතිචාරයක දක්වා ඇති අන්දමටම, ඇතමුන් සිතා සිටින්නේ තමන් බ්ලොග් ලිපි ලිවීමේ පරමාර්ථය SBU සින්ඩිකේටරයහි ඒවා පළකොට ගැනීම බවයි.

    SBU හි සින්ඩිය යනු Technorati, Google Friend Connect, NetworkedBlogs වැනි බ්ලොග් හෝ ඕනෑම වෙබ් අඩවි වර්ගයක් සඳහා ප්‍රචාරය ලබාදීම සඳහා වන සේවා ගණනාවක් අතරින් එකක් පමණි.

    මේ ඕනෑම සේවාවකට තමන්ගේ සේවාව වෙත බ්ලොග් අඩවියක් එකතු කර ගැනිමට පළමුව බ්ලොගයේ හිමිකරුට එකඟවීමට සිදුවන නීති රීති පද්ධතියක් හඳුන්වාදීමේ අයිතිය ඇත. ඒ, එකී සේවාවේ ගුණාත්මය එහි පරිපාලකයන් බලාපොරොත්තු වන අන්දමට පවත්වා ගැනීම සඳහායි. එහි කිසිදු වැරැද්දක් නැත. මෙවන් නීති-රීති ඉදිරිපත් කරන්නේ බ්ලොග් සින්ඩිකේටර පමණක් නොවේ. අන්තර්ජාලයේ අප ලියාපදිංචි වන වෙබ් අඩවි සියල්ලේම පාහේ ඒවාට ආවේනික Terms of Use ඇත. එකී නීති-රීතිවලට එකඟ නොවන්නකු සිටී නම් අදාළ සේවාව වෙත තමන්ගේ බ්ලොගය ඇතුලත් කළ නොහැකි වෙයි.

    මතක තබාගත යුතු කරුණ වන්නේ මෙකී සේවාවකට ඇතුලත් කරගැනීමට නොහැකි වීම බ්ලොග්කරණයේ නොයෙදීමට හේතුවක් නොවන බවයි. යම් සින්ඩිකේටරයකට ඇතුලත් කර නොගැනීමෙන් අදහස් වන්නේ තමන්ට බ්ලොග්කරණය අකැප බව නොවේ.

    අනෙක් අතට බ්ලොග්කරුවන් ප්‍රයෝජන ගත යුත්තේ මේ එක් සේවාවකින් පමණක් නොවේ. පාවිච්චි කළ හැකි සියළුම උපක්‍රම පාවිච්චි කොට තමන්ගේ බ්ලොගයට ප්‍රචාරය ලබාගැනීම හොඳ බ්ලොග්කරුවෙකුගේ ලක්‍ෂණයයි.

    නවක සිංහල බ්ලොග්කරුවන් තුළට “එකයි ඒ හැමදාටමයි. මම ලියන්නෙ ඒකට දාන්න.” වැනි අදහස් ඇතුලු වන්නේ කෙසේද යන්න ගැටළුවකි. SBU හි පරිපාලකවරුන්ද මෙවන් අදහසක් නවකයන් තුළට ඔබ්බවනු දකින්නට ලැබී නැත. එසේනම් ගැටළුවේ මුල කොතැනද?

      • ඔවු, ඒ පිළිතුර පිළිගන්න පුළුවන්. නමුත් වැදගත්ම කොටස ඔබ දැත නැහැ.

        [said:බුධාජීව]
        නවක සිංහල බ්ලොග්කරුවන් තුළට “එකයි ඒ හැමදාටමයි. මම ලියන්නෙ ඒකට දාන්න.” වැනි අදහස් ඇතුලු වන්නේ කෙසේද යන්න ගැටළුවකි. SBU හි පරිපාලකවරුන්ද මෙවන් අදහසක් නවකයන් තුළට ඔබ්බවනු දකින්නට ලැබී නැත. එසේනම් ගැටළුවේ මුල කොතැනද?
        [/said]

        “ගැටළුවේ මුල” මොකක් වෙන්න පුලුවන් කියලාද ඔබ හිතන්නේ කියල දැනගන්න කැමතියි. එහෙම නැත්නම් එහි පරිපාලකයන් නවකයන් වෙත ඔය අදහස ඔබ්බවනවාද?

        • මෙය ඍජුව පිළිතුරු දිය නොහැක්කකි. SBU තුලදී ඍජු ලෙස මතවාද ඔබ්බවනු දැක ඇති නමුත් මෙම අදහස එලෙසද පැමිණෙන්නේ නැත. නමුත්,

          SBU ඇඩ්මින් වරුන් විසින් එයට පිටද සිංහල බ්ලොග්කරණයක් ඇති බව සඟවනු ලබයි.
          සෑම විටම නීති අනුව කටයුතු කල යුතුයැයි ෆෝබියාවක ගිල්වා තැබීමට වෙර දරයි.
          සිංහල බ්ලොග්කරණයේ එකම නියෝජිතයින් ලෙස පෙනී සිටීමට දඟලයි.

          මෙවැනි වටපිටාවක් තුල සිංහල බ්ලොග්කරණයට පිවිසෙන නවක බ්ලොග්කරුවෙකුට ව්‍යංගාර්ථයෙන් ගම්‍ය වන්නේ SBU නම් සිංහල බ්ලොගින්, සිංහල බ්ලොගින් නම් SBU යන පණිවිඩයයි.

          ගැටළුවේ මුල,
          බ්ලොග්කරුවන්ට පොදුවේ බ්ලොග්කරණය පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැති වීමයි. අදේශපාලනික ජනතාවක් ඉදිරියේ ඕනෑම ගොම්බෙට්ටකට රජ වීමට හැකිවන්නා සේම බ්ලොග්කරණය පිළිබඳ අවබෝධයක් නැති අය ඉදිරියේ හය මසකට වරක්වත් බ්ලොග් ලියන්නේ නැති ඕනෑම ගොම් බෙට්ටකට පොර වීමට හැකිය.

          ගැටළුවට විසඳුම,
          සිංහල බ්ලොග්කරණයෙන් එපිට ඇති අනෙකුත් වටපිටාවන් පිළිබඳ අවබෝධය බ්ලොග්කරුවන් වෙත ලබා දිය යුතුය. මෙම අරමුණ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය ආරම්භයේදී පැවති බව කිව යුතුයි. මම ඉහත ලබාදී තිබෙන ලින්ක් සහ සමහර ඒවාගේ පරිවර්තන පවා ඉස්සර තිබුනා. නමුත් දැන් ඒ එකක්වත් SBU තුල නැහැ. EFF ගැන කිසිම අවබෝධයක් නැති ඇඩ්මින් වරු ඉඳන් බ්ලොග්කරුවන්‍ගේ නිර්නාමිකත්වය හෙලි කරන්න කියලා වක්‍රව ඉල්ලලා සිටිනවා.

          මේ ගැන තියෙන අන්ධාවබෝධය ගැන තේරුම් ගන්න පසුගිය දවසක SBU ගූගල් සමූහය තුල තිබුන දෙමළ බ්ලොග්කරණය පිළිබඳ thread එක ඔබට සහය වෙයි. ලංකාව තුල සාර්ථක ලෙස ව්‍යාප්ත වෙලා තියෙන දෙමළ බ්ලොග්කරණය පිළිබද ඔවුන්ට අබමල් රේණුවකවත් අවබෝධයක් නැහැ. නැත්තන් එහෙම තිබිලත් ඒ බව එතනදි කිව්වේ නැහැ.

          • ඔය අනවබෝධයට තවත් හේතුවක් තියෙන්න පුළුවන්.

            දැනට බ්ලොග්කරණයේ යෙදෙන අයෙකු බ්ලොග් නොලියන කෙනෙකු බ්ලොග්කරණයට ඇදල ගන්න තෙලක් ගහනව නම්, බොහෝ දුරට ඒ අතරෙදි SBU එක ගැනත් කියවෙනවා. මෙහෙම සින්ඩිකේටරයක් තිබෙනා බව සහ ඒකෙන් ලිපිවල සබැඳි දකින අය බ්ලොගයට ඇවිල්ලා ඒවා කියවන බව.

            ඉතින්, ආරම්භයේදීම එවන් අදහසක් සමග එන පුද්ගලයන් (සහ/හෝ එවන් අදහසක් නැතිව එන පුද්ගලයන්) ඇතුල ක්‍රියාත්මක වන ආකාරය අනුව තමන්ගේ වැරදි වැටහීම තවදුරටත් ශක්තිමත් කරගන්නවා.

            එක අතකට SBU ඇඩ්මින්ලට ඒ සම්බන්ධ වරද පටවන්නත් බැහැ. මොකද Google ලා උනත් කෑගහ ගහ යන්නෙ නෑ නෙ Yahoo! කියලත් එකක් තියනවා ඒකෙනුත් සර්ච් කරන්න කියලා. ආයතනයක් හැටියට ඕනෑම කෙනෙක් කැමතියි පිරිස විසිරිලා යන්නෙ නැතිව තමන් වටේ එකතු වෙලා ඉන්නවා නම්. ඉතින් ඔය විදියට යමෙක් හිතං ඉන්නවානම් Google තමා එකම සර්ච් එන්ජිම කියලා, ඒක හරි අපරාදයක්. නමුත් ඒ ගැන Google ට දෝෂයක් කියන්න බෑ නෙ.

            මෙතන වෙන්න ඕනේ “SBU කියන්නේ එකම එක නෙවෙයි” කියන අවබෝධය අපි ළඟ තිබීමයි. නමුත් ඒ අදහස පැතිරවීම SBU නොකරනවා කියා ඒකට දොස් පවරන්න බෑ.

          • ඔව්. ගූගල් සහ යාහූ ගත්තාම ඔබ කියන දේ හරි. Good business කියන්නේ ඒකයි. නමුත් SBU කියන්නේ business එකක් නෙමේ (දැන් business එකක් කර ගත්තට). sinhalabloggers.com ඩොමේනය අරන් තියෙනවනම්, සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය ලෙසට පෙනී ඉන්නවනම් ඒ ඒ නම් වලින් හැඟවෙන දේ වෙනුවෙන් පෙනී ඉන්න සාමාන්‍ය ශිෂ්ඨත්වය යටතේ වගකීමක් තියෙනවා. නමුත් කොත්තු වැනි අනෙකුත් සින්ඩි‍කේටර් ගැන පවා කියවෙන්නේ බොහෝම කලාතුරකින්. කියවුනත් ඒ කාටහරි වැරදීමකින් කියපු නිසා.

            //සිංහල බ්ලොග්කරණයෙන් එපිට ඇති අනෙකුත් වටපිටාවන් පිළිබඳ අවබෝධය බ්ලොග්කරුවන් වෙත ලබා දිය යුතුය. මෙම අරමුණ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය ආරම්භයේදී පැවති බව කිව යුතුයි. මම ඉහත ලබාදී තිබෙන ලින්ක් සහ සමහර ඒවාගේ පරිවර්තන පවා ඉස්සර තිබුනා. නමුත් දැන් ඒ එකක්වත් SBU තුල නැහැ.//

            ඇයි මේ දේවල් අයින් කලේ? අපි දන්න විදියට EFF තමයි බ්ලොග්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන සංවිධානය. නමුත් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය තුල ඒ ගැන ලියැවිල්ලක් ලියවෙනවා පවා ප්‍රතිචාරයකවත් දක්නට නැහැ. ඒ වෙනුවට එලෙස තිබුනු දේවල් පවා ඉවත් කරලා දාලා තියෙනවා. එතකොට මේ වගකීම පැහැර හැරීමක් ද? නැතිනම් හිතා මතා කරපු දේවල් ද?

          • SBU කියන්නේ සිංහල බ්ලොග්කරණයේ එකම නියෝජිතයා නොවෙයි කියන එක ඔබත් පිළිගන්නවා. එහෙම නම් ඔවුන්ගේ නම “සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය” වූ පමණින් එය ඔය කියන සියළු කාරණා ඉටු කරාවි යන්න අපි බලාපොරොත්තු විය යුතු නැහැ.

            කළ යුත්තේ SBU එක තුළ ඔවුන්ට ඕනෑ දෙයක් කර ගැනීමට ඉඩ හැර, නවක බ්ලොග්කරුවන් දැනුවත් කිරිමේ යම් ක්‍රියා මාර්ගයක් ගැනීම නොවේද?

            ඒ ක්‍රියාමාර්ග ගන්න කියලා SBU එකෙන්ම ඉල්ලීම තේරුමක් නැති දෙයක්.

          • එකම නියෝජිතයා නෙවෙයි. නමුත් එසේ පෙනී සිටීමට දඟලන ගමන් වෙනත් අරමුණු ගෙනහැර පානවා.

            නැහැ. අප බලාපොරොත්තු විය යුතුයි. මොකද තමන් පෙනී සිටින නමින් මොකක් හරි හැඟවෙනවා නම් ඒ හැඟවීමට අදාල ලෙස ක්‍රියා කරන්න ඕනෙ. නැත්තන් ක්‍රියාවට අනුව නම වෙනස් කර ගන්න ඕනෙ.

            අනිත් එක අපි ප්‍රශ්න කරන්නේ ආරම්භක අරමුණු එක එක්කෙනාගේ පෞද්ගලික මත වලට අනුව වෙනස් කරගෙන යන්න තරම් ඒක පෞද්ගලික දෙයක් ද කියන එක.

            මෙතන කිසිම තැනක SBU එකෙන් කිසිම දෙයක් ඉල්ලලා නැහැ. තියෙන්නේ ඔවුන්ගෙ හැසිරීම ගැන ප්‍රශ්න කිරීමක් මිසක් ඔවුනට හැදෙන්න කියන කන්නලව්වක් නෙවෙයි. අපි ඒක කලේ ඒක ඇතුලේ ඉන්න කාලේ. මේ සටහන තියන්නේ අ‍නෙකුත් බ්ලොග්කරුවන් උදෙසා. දැනුවත් කිරිමේ වැඩසටහන් දැනටමත් කෙරීගෙන යනවා. මේ සටහනත් ඒ ක්‍රියාවලියේ කොටසක්. නැතුව SBU හෝ ‍එවැනි වෙනත් සමූහයකට “හැදෙන්න” කියලා ඉල්ලා සිටීමක් නෙවෙයි.

            මතක තියා ගන්න. title එක සිංහල බ්ලොග්කරණය මිසක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය නෙවෙයි. එය අපිට අදාල නැති දෙයක්.

  10. සින්ඩිකේටරයේ – මුල් පිටුවේ නොගියාය කියා හෝ සින්ඩියෙන් සහමුලින් ඉවත් වුනා කියා හෝ පාඨක පිරිස අඩු නොවේ නම් – පාටි පොලිටිකල් රචනා ලියා පල කළ බ්ලොග්කරුවන් ඔච්චර දුකෙන් තැවෙන්නේ ඇයි.

    නීති නැති තැනක් නැත. සින්ඩියේ නීතිවලට අකමැති නම් – විකල්පයක් සොයා නොගන්නේ ඇයි?

    මට පේන විදියට, සින්ඩියේ නීති බ්ලොග්කරණය ගැන නොව සාමාජිකත්වය ගැනය.

    අනේවාසික

    • මෙතන පොලිටිකල් බ්ලොග්කරණය පිළිබඳව විශේෂයෙන් හඳුන්වා දී නොමැත. ඔබ මේ දිනවල පවතින සංවාද සමග මෙය පටලවාගෙන ඇති බව පෙනේ.

      නැවත රොකියා හට ලබා දුන් පිළිතුර වෙත යොමු වන්නේ නම් මැනවි. ඇඩ්මින් වරුන් බ්ලොග්කරණයට නීති හඳුන්වාදීමට ගත් උත්සහයන් නැත්තේ නොවේ.

  11. කරුණු කාරනා නම් ඇත්ත..

    ඔන්න මමත් සාම්ප්‍රධායෙන් බැහැර වෙන්න යි තීරණය කලේ .. දවසක් මම ත් සිංඩියේ නීති රීති අභියොගයට ලක් කරා.. එක්කෝ තියෙන්න ඕන… නැත්තං අයින් වෙන්න ඕන .. නැත්තං හැමෝටම පොදු වෙන්න ඕනි කියලා…..

  12. “බ්ලොග්කරණයට පිවිසෙන්නන් හට ඍජුව හෝ වක්‍රව ලබා දෙන අදහස වන්නේ ඔවුන්ගේ බ්ලොග් අඩවිය ප්‍රචාරණය කිරීමට තිබෙන එකම ක්‍රමය සින්ඩිකේටරය බවයි”

    මෙවැනි අදහසක් සදහන්ව ඇත්තේ කොතැනද ? සින්ඩියට බ්ලොග් ඇතුලත්කිරීමේදී පැහැදිලිව දක්වා ඇති පරිදි බ්ලොග් අඩවියක් ඇතුලත් කිරීමට අවශ්‍යනම් එහි නීති රීති වලට යටත්විය යුතුයි. බොහෝවිට මෙම නීති යොදා ඇත්තේ තිබෙන සම්පත් වලින් උපරිම සේවයක් කිරීම සදහා සින්ඩියේ අවභාවිතය අවම කිරීමටයි. මෙවැනි සීමා නැතැයි කියා සංසදයේදීම සාකච්චාවට ලක්වූ වෙනත් ව්‍යාපෘති ඉදිරියට නොයෑම කණගාටුවට කරුණක්

    • අවසානයේ ගිරා පෝතක පැමිණෙනු ඇත!

      ඔව්. ඇත්ත. ඔබ මාධ්‍ය ප්‍රකාශක ලෙස හැසිරෙන පිරිස විසින් කරන කිසිම දෙයක වාර්තාවක් නැහැ. අඩුම තරමේ sinhalabloggers.com හි මුල් නිර්මාණකරුවන්ගේ ලිපියක්වත් සොයා ගැනීමට නැහැ.

      ඉතින් ඔබට නියමාකාරයෙන් අහන්න පුලුවන් “කෝ පෙන්නන්න තැන?” කියලා. :)

      ඍජුව හෝ වක්‍රව යන පද ටික ඔබට තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. අනිත් එක මම කොහේවත් ඔබ ගැනවත් සින්ඩිකේටරයේ ඇඩ්මින්ලා ගැනවත් කියලා නැහැ. අවශ්‍ය නැති තොප්පි දාගන්න එක හොඳ නැහැ නේද?

      ඔව්. කවුරු වුනත් නීති රීති වලට යටත් වෙන්න ඕනෙ. ඒක තමයි අපි කිව්වෙත්. නමුත් ඒක ඔබේ කමෙන්ට් වලට විතරක් සීමා වෙලා තියෙනවා නේද

      නීති රීති සම්පාදනය ගැන කතා කරනවනම්, ඒ නීති සම්පාදනය වෙන්නේ පෞද්ගලික රුචි අරුචිකම් මත කියලා මම කිව්වොත්?

      ඇත්තම කිව්වොත් මම මේ සටහන ලිව්වේ ඔබටවත් ඔබේ ඇඩ්මින් මණ්ඩලයටවත් චෝදනා කරන්නවත් නෙවෙයි. ඔබ නැවතත් කියවල බැලුවොත් තේරෙයි මේක සිංහල බ්ලොග්කරණය මිසක් ඔබේ සින්ඩිකේටරයේ ආකාරයට සිංහල යුනිකේත බ්ලොග්කරණයවත් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ බ්ලොග්කරණය පිළිබඳවත් නොවන බව. ඔබේ සින්ඩිකේටරය මේ context එක තුල නොවැදගත් දෙයක්. නමුත් මෙයම තමයි ඔබේ ප්‍රශ්නය. ඔබලාට අනුව සංසදයෙන් පිට බ්ලොග්කරණයක් නැහැ. ඒකයි බ්ලොග්කරණය පිළිබඳ ඕනෑම දෙයක් අස්සට පැමිණ අවශය නැති තොප්පි දාගන්න යන්නේ.

      කොටින්ම කියනවනම් wrong number!

      අනෙකුත් කියවන්නන් හට,
      සිංහල බ්ලොග් යනු සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙන් තුල ලියැවෙන බ්ලොග් නොවේ. එයින් පිටද සැලකිය යුතු ප්‍රමාණයක් බ්ලොග් ලියැවේ.

      • බ්ලොග්කරණය පිළිබඳ ඕනෑම දෙයක් අස්සට පැමිණ ඔබව අපහසුතාවයට පත්කලා නම් සමාවන්න. මම තොප්පි දමාගැනීමක් නෙවෙයි මගේ අදහසයි කිව්වේ.

        • අපෝ. මොන අපහසුතාවයක් ද? තොප්පි දාගන්නනම් බය වෙන්න එපා. හැබැයි කින්ඩි වැදෙනකොට දුවන්න වෙන්නෙ ඔයාට ඔන්න :)

          • මොනවහරි කරද්දි කින්ඩි වැදෙන එක සාමාන්‍ය දෙයක්. මඩ සෝදාගත්කල බ්ලොගර් රජකමටත් සුදුසුයිලු

          • ඔය එක එක ගොන්පාට් ඔබේ සමූහ ඇතුලේ දාගන්නව නම් හොඳයි. මොකද මෙතන තියෙන්නේ මඩ ගැසීමක් නෙමෙයි. එහෙම අවශ්‍ය නම් දින වකවානු එක්ක ඔබේ කට කඩේ යවන අයගේ සක්කිලිකම් ලියන්න පුලුවන්. නමුත් දැන් අපිට ඒවගෙන් වැඩක් නැහැ.

            මොනවද කලේ කියල නම් අහන්න පුලුවන්. මොකද ඔය කලා කලා කියන එකක්වත් උඹලා කරපු දේවල් නෙවෙයි. ඒවට සම්මාන ගන්නේ නම් උඹලා.

            ඔළුවේ සයිස් එකේ හැටියට රජකමටත් සුදුසුයි කියලා හිතාගෙන ඉන්න එකත් පුදුමයක් නෙවෙයි.

            කරුණාකරන සංවාදයට අදාල දේවල් කතා කරන්න. නැත්තන් ගිහින් පාඩුවේ වැඩක් බලා ගන්න.

  13. චමිල් අයියයි ඔයයි ගේ කොල්ලෝ කියලා සකුන්තලට අහුවෙලා වලි දාලා දැන් ඒ තරහ පිරිමහනවා කියලා තමයි අපිටනම දැනගන්න ලැබුනේ.
    තවද ඉන්ද්‍රිනාම ගොයියා එක්ක තරහා ඔයාට ඇඩ්මින් කමක් දුන්නේ නැතුව එයා ඇඩ්මින් උනා කියලා නේද ?

    තවද බ්ලොග් කියවනයෙන් හොරෙන් හැංගිලා ඉන්නවා නේ, ලැජ්ජයි!

    උම්මත්තක කියන්නේ කවුද කියලා දන්නවානේ ;)

    • ඔබ මේ කතාව අපගේ බ්ලොග් අඩවිය වන අඩව්වේද පල කර තිබෙනවා. එනිසා ඔබ විසින් කර තිබෙන්නේ කාගේවත් පෞද්ගලික මඩක් ප‍්‍රචාරය කර ගැනීමට අපව භාවිතා කිරීමකි. අඩව්වේ අප එය හෙළා දකිනවා.

    • (ඉන්ද්රනාම වැනි)ලිවීමේ හැකියාවක් නැත්තෝ බ්ලොග් කිරීමට ගොස්,ලිවීමෙන් සාර්ථක වූවන් දුටු කල්හි ඊර්ෂ්යාව හා තරහව පිට කර ගැනීමට admin බලය යොදා කැපිල්ල දමති.ඉන්ද්රනාමට ලියන්න​ට පුලුවන් වුණ දාට ඉබ්බෝ පියාඹනු ඈත.

  14. ඇඬෙනව!
    සිංහල බ්ලොග්කරණයේ ඉතිහාස පාඩම ගැන සවිස්ත‍රාත්මකව අපි දැනගන්න කැමතියි…..

  15. මිතුරනි,

    ඔය ඉලව් සින්ඩිය අමතක කරන්න. පරිපාලකයන්ගේ ගොන්කම් ගැන ලිවීම වෙනම කතාවක්, නමුත් ඔබේ වෙබ් අඩවිය ජනප්‍රිය කරගන්න නම් සින්ඩියෙන් එපිට විසඳුම් ගැන හිතන්න. (දැන් සින්ඩියෙන් ආවත් එන්නේ බබාල ටිකක්නෙ. උන්ට මොන දේශපාලනයද?)

    මෙන්න මගේ යෝජනා:

    1. සින්ඩියෙන් එළියට ඇද දාන්න කලියෙන් (ඒකත් බැරි නැත, මොවුන්ට) නම්බු පිටින් ඉවත් වන්න.

    2. සින්ඩියෙන් නොව සෙවුම් යන්ත්‍ර වලින් පාඨකයින් ආකර්ෂණය කර ගන්නා හැටි හිතන්න. මෙය කළ හැකි මා දන්නා ආකාර කිහිපයකි.

    (a). හැකිතාක් keywords, tags ප්‍රමාණයක් සිංහලෙන් හා ඉංගිරිසියෙන් යොදන්න.

    (b). පාඨකයින් සෙවුම් යන්ත්‍ර වලට ඇතුළත් කරනු ඇතැයි හිතන පද පෝස්ටයේ මාතෘකාවට යොදන්න. (උදා. මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා වැනි ප්‍රසිද්ධ පුද්ගලයකු සම්බන්ධව ලිපියක් නම් එම නම අනිවාර්යයෙන්ම මාතෘකාවට යොදන්න.)

    (c). සිංහලෙන් ලියනවාට අමතරව මාතෘකාව ඉංගිරිසියෙන්ද ලියන්න. (බොහෝ දෙනකු තවමත් Google කරන්නේ ඉංගිරිසියෙනි.)

    3. තම තමන්ගේ බ්ලොග් වල Blogroll වලින් සින්ඩියේ නැති අනෙකුත් දේශපාලන බ්ලොග් වලට, මත දැක්වීම කවරක් වුවද ප්‍රචාරයක් ලබා දෙන්න. (මම Blogroll වලට මුල පටන්ම විරුද්ධ වූ අයෙක්මි. එහෙත් සැලකිය යුතු දේශපාලන බ්ලොග් ප්‍රමාණයක් සින්ඩියෙන් සිය කැමැත්තෙන්ම ඉල්ලා අස් කර ගන්නේ නම් ඔවුන්ට මගේ බ්ලොග් එකේ Blogroll එකක් නිර්මාණය කර දීමට කැමැත්තෙන් සිටිමි.)

    4. Facebook හා Twitter ඇත්තන් ඒ මඟින් අනෙකුත් දේශපාලන බ්ලොග් වලට ප්‍රචාරයක් ලබා දෙන්න. (මට නම් මේ දෙකම බැරිය. කමන්න.)

    දැනට සිතට නැඟෙන්නේ මෙපමණයි. තවත් තාක්ෂණික ක්‍රම ඇතිනම් කරුණාකර බෙදා හදා ගන්න.

    – Taboo

      • එ්ක ඉතාමත් වටිනවා ආගන්තුක. අපේ අඩවියේත් මේ ගැන සංවාදයක් ගොඩනැගිලා තියෙනවා. ඔබ ලියන ලිපිය ඔබේ අනුමැතියෙන් අඩව්ව අඩවියේත් ඔබේ නමින්ම පළ කරන්න අපිත් කටයුතු කරනවා. ඔබේ සහයෝගය අපි අපේක්ෂා කරනවා.

        • අනිවාර්යයෙන්ම. බ්ලොග්කරුවන් අතර සුහදත්වයෙන් සහ සහයෝගයෙන් මීට වඩා වැඩි දියුණුවක් බලාපොරොත්තු විය හැකියි. මෙම අඩවියෙ පලවන ඕනෑම ලිපියක් නැවත පල කිරීමට අවසර ඇත. මොනයම් හෝ හිමිකම් ඇවිරීමක් නැත.

  16. මෙම ලිපිය කියවූ පසු ලේකකයාගේ සහ සරත් ෆොන්සේකා ගේ සමාන කම් දෙකක් මම දුටුවෙමි.

    පලමු වැන්න, දෙවරක් නොසිතා කෑ පතේ පහරන්නට තරම් ඔබ දෙදෙනාම තුල ඇති නිර්ලජ්ජිත ජාන ගත පුරුද්දයි.

    දෙවැන්න, තමන්ට ප්‍රයෝජන ලැබෙන විට පමනක් කටත් පුකත් පියාගෙන් වසන් කරන සත්‍යය එම ප්‍රයෝජන තවත් නොලැබේ යැයි ඉදුරාම දැනගත් විට පමනක් ගිරවෙකු මෙන් හෙලි කිරීමයි.

    බ්ලොග්කරනය ගැන ඔබ පවසා ඇති දේ, ඔබට අවබෝධ වූයේ අද ඊයේ දිනකද? නොඑසේනම් මේ සියල්ල දැන දැනත් සින්ඩිකේටරය නිසා ලැබෙන ප්‍රයෝජන අහිමිවීමේ බියෙන් නොකියා සිටියාද?

    • ඇයි මෙච්චර වෙලා පරක්කු වුනේ මේක කියන්න. මම හිතුවේ මුල්ම කමෙන්ට් එක මේක වෙයි කියලා :)

      සින්ඩිකේටරය මා කෑ පත නොව මා හා එක පත බෙදා ගත්තකි. මා එයින් පාඨකයින් ප්‍රමාණයක් ආකර්ශනය කර ගත් අතර එය මා ඇතුළු අනෙකුත් බ්ලොග්කරුවන්ගේ පිහිටෙන් ජනප්‍රිය වුනි. එය යම් යම් දුර්ගුණ ප්‍රගුණ කරනවිට මා එයට විරුද්ධව අදහස් දැක්වූ විට මඩ ගසමින් නින්දිත ආකාරයෙන් හැසිරුණු හැටි ගූගල් සමූහය තුල සිටි බොහෝ අය දුටු බව මට විශ්වාසය. පසුව නොයෙකුත් අය ලවා බ්ලොග් ඉවත් කර ගන්නා ලෙස බලපෑම් කිරීම්, සැබෑ ලෝකයේදී මුහුණවත් බැලීමට නොහැකි වුන් ලවා චැට් මගින් කරනා තර්ජන මගින් ද අප‍ගේ බ්ලොග් අඩවි ඉවත් කර ගන්නා ලෙස පවසා ඇත. එහෙයින් කෑ පතේ පහරා තිබෙන්නේ මෙම සින්ඩිකේටරයේ අයිතිකරුවන් විසිනි.

      අප කටත් පුකත් වසා නොගෙන අයුක්ති සහගත ක්‍රියාවන්ට විරුද්ධව කතා කලේ සින්ඩිකේටර අයිතිකරුවන් නොසිතූ වෙලාවකය. එම හේතුව නිසාම අපට මුලදී ගූගල් සමූහයෙන් ඉවත් වීමටත්, පසුව සින්ඩිකේටරයෙන් ‍ඉවත් වීමටත් තීරණය කිරීමට සිදු විණි.

      බ්ලොග්කරණය පිළිබඳ මේ අවබෝධය කාලාන්තරයක් තිස්සේ බ්ලොග් ලිවීමෙන් හා කියවීමෙන් පමණක් ලබා ගත හැකි දෙයකි. එය මා ලබාගත්තේත් එයාකාරයෙනි. අප කවදාවත් සින්ඩිකේටරයෙන් හෝ සංසදයකින් ලැබෙන වාසි ප්‍රයෝජන නිසා කට වසාගෙන නොසිටියෙමු. ඒ බව නැවත‍ නැවත ප්‍රශ්න කරන නිසාම පහත සඳහන් ලින්ක් කිහිපය පෙන්වීමට කැමැත්තෙමි. අප සින්ඩිකේටරය හා ගූගල් සමූහය පිළිබඳ ප්‍රශ්න කලේ අපගේ බ්ලොග් පිළිබඳව නොව බ්ලොග්කරණයට යෙදීමට තනන සීමා බන්ධන පිළිබඳවය. අප අදත් කතා කරන්නේ ඒ පිළිබඳවය.

      http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/8d70300ca6d68d21#

      http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/04f310ff9c5cc9cb#

      http://www.theopen.chamiladealwis.com/2009/12/wag-the-dog/

      එහෙත් මා හට එක් ගැටළුවක් ඇත. එක් එක් අයට සිගරට් කතා බැලීමට නොහැකි නිසා සිගරට් පිළිබඳව තිබූ බ්ලොග් සටහන ඉවත් කිරීමේදී හෝ සංජීවනී ගැන මාරයා ලියූ විට තොත්ත බබාලාට එය සැර වැඩි වූ නිසා එය ඉවත් කිරීමේදීද කට පුක වසාගෙන නොමැති ඔබ කොහේ සිටියා ද යන්නයි.

      කාට අපැහැදිලි වුවත් එය මා හට පැහැදිලිය. මින් පෙර ඔබ වැන්නවුන්ට ප්‍රතිවිරෝධයක් එල්ල කල අයගේ පවුල් වලට පවා අවමාන කිරීමේ තුච්ඡ ගතිගුණ රැගත් ඔබගේ මෙම බබා පාට් තර්ජන වලට බිය නම් මෙවැනි සටහනක් තබන්නේ නැත. ඔබට හැකි තරමේ වැඩක් කර පෙන්වන්න. අපි බලමු “කාලය ශ්‍රමය ධනය වැය කරන්නන්ගේ” හැටි.

      • For the record, සින්ඩිකේටරයෙන් මාගේ බ්ලොග් අඩවි අයින් කලේ නැත. එසේ කිරීමට තරම් මොවුන් නිර්භීත වන්නේ හෝ ඉදිරිපත් වන්නේ නැත. එළිපිට වැඩ කර නොමැති ඔවුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු විය නොහැක.

        මම මාගේ බ්ලොග් අඩවි අයින් කර ගතිමි. තව දුරටත් සින්ඩිකේටරයකින් ලැබෙන ප්‍රයෝජන ගැන සිතා සිටියේ නම් එසේ නොකරන බව ඕනෑම කෙනෙක් තේරුම් ගත යුතුය.

  17. මිතුරනි,

    ‘සින්ඩිය’ යන වචනය භාවිතා කිරීමෙන් පවා අපි වරදක් කරමු. එයින් ඇත්තේ එක් සින්ඩියක් පමණක් බව අපි අනියමින් පිළිගනිමු. මෙය සෛධාන්තිකවත් ප්‍රායෝගිකවත් වැරදිය.

    මෙනිසා එය හැඳින්වීමට කරුණාකර ‘අදේශපාලනික සින්ඩිය’ හෝ ‘බබාලගෙ සින්ඩිය’ යන වචන භාවිතා කරන්න.

    – Taboo

  18. දැනට චමිල හා පහන් (උම්මත්තක) එක පිලක් වී සිටිනවා UCSC එක තුල. සකුන්තල හා එකට එක දීව ගාගෙන සිටි මේ අය දැන් වෙන් වී ඇත. දැනට චමිල හා (මැටිපහන් කීම වඩාත් නිවැරදියි. උ.ගැ. මකබාස් )පහන්, චමිල් UCSC එක තුල බක පන්ඩිතයන් ලෙස සලකනු ලබයි. පහන් චමිලගේ ඕනැම කීමට හිස නවාගෙන සිටින්නෙකි. කොන්දක් නැත. අන්තර්ජාලයේ චන්ඩිය. දැනට එළකිරි අඩවිය එක්ක වගේම මේ වගේ පහත් වලියක් කලට පෙර ඇදගෙන නෑවා මතක ඇති.

    තවද මේ දෙදෙනාම පොර වීමට කැමතියි. එම නිසා යන යන තැන වලි දමාගැනීම සිරිතකි. දැනට මේ අය හදන්නේ සකුන්තල එක්ක ඇති තරහ පිරිමැහීමේ මඩ ගැසීමකටයි. මොක්ද මැටි පහන්ගේ වචන වලින් කිවුවොත්. “උට කලින් බ්ලොග් ලිවුවේ මම. උබව බ්ලොග් ලියන්න පුරුදු කරේ මම. ඒක නිසා මමයි SBU එකේ ඇඩ්මින් කෙනෙක් වෙන්න ඕනේ” කියා ඔහු කෙලින්ම ඉන්ද්‍රිනාමට පවසා තැත. දැන් ඉරිසියාව තවද වැඩීවීඇත. මක්නිසාද සකුන්තලටද දැන් SBU එකේ ඇඩ්මින් කෙනෙකු නිසා.

    කට්ටියට මතක ඇති කලකට පෙර මැටිපහන් සකුන්ලට එකට සිට බ්ලොග් එකක් ලියා මඩ ගැහුවා. මේය අපිට පුදුමයක් නොවෙ. මොවුන් දෙදෙනාට කිසිම පුද්ගලයන් සමග එට සිට්මේ හැකියාවක් නැත. එකට සිටිය අයට මෙලෙස මඩ ගහනවානම්…. සිතන්න… මේ අය සමාජයට කරන සේවයක් නැත. සේවයක් කරන කෙනෙක් ඇත්නම් ඒ අස්සට රිංගගෙන ලකුනු දමාගැනීම තමයි කරන්නේ. (උදා: Firefox වල සිංහල යතුරුලියනය කරන plugin එක.) මැටි පහන දන් එය තමන් කල දෙයක් මෙන් පෙනී සිටියි. හේතුව “මමයි ඔය අදහස දුන්නේ” මෙය සෑදූ කෙනා නිහතමානී නිසා මේ ගගන කතා නොකරයි.

    රටට ජාතියට සේවයක් නොකර මේ අය තම අයිතිවාසිකම් ගැන කතාකරයි. මේ අය ලන්කරගන්නේ බලාගෙන. අර කතාවක් තියනවානේ නයි ඔඩොක්කුවේ දාගෙන කෑවෝ වෑවෝ කියන්න් එපා කියලා.

    • පෞද්ගලික මඩ ගැසීම් පටන් ගත්තා පමණි. යකාට බය නම් සොහොනේ ගෙවල් සාදන්නේ නැත.

      අප රටට ජාතියට කරනා සේවය ප්‍රශ්න කිරීමට අවශ්‍ය නම් එය වෙනම සටහනක කරන්න. මෙම සංවාදය වෙනත් අතකට යොමු කිරීමේ අඳබාල උත්සහයන් නවත්වන්න. ඔබගේ උත්සහයන් සාර්ථක වන්නේ නම් අස්ථිර වූ ස්ත්‍රී රූපයේ ස්ථිර වූ ආලයක් බලාපොරොත්තු විය හැක. එසේ නම් පුත්තලමේද ගෝවා වගා කල හැක :D

      සාකුන්තල අපට නොවැදගත් සාධකයකි. ඔබ හිටිගමන් ඔහු ගැන කියවීමට ගත්තේ ඇයි? බ්‍රිතාන්‍යයේ IP address භාවිතා කලත් ඊමේල් ලිපිනය ඇතුලත් කර ඇති ආකාරය ඔබ ගැන බොහෝ දේ පවසයි. කෙසේ වෙතත් දැන් නින්දට යාම යහපති. ඔබ හට පසුගිය දිනවල නින්ද නොයෑමේ රෝගයක් තිබුනා මතක නැද්ද?

      ‍මෙවැනි ක්‍රියා තුලින් තව තවත් පැහැදිලි වන්නේ ඔබ රැලේ ඇති අසීමාන්තික සක්කිලිකම පමණි.

    • සයිබර් වීරයින් යනු මගේ අර්ථදැක්වීම අනුව ‍‍භෞතිකව මෙලෝ රහක් නැති බොරුවට අන්තර්ජාලයේ පුස්පාට් දමනා උන්ය. මගේ අර්ථදැක්වීම ඔබේ අර්ථදැක්වීම හා පෑහේ නම් ඔබ මොවුන් දෙදෙනා ඒ බව සාක්ෂි සහිතව පෙන්නා දිය යුතුය. ශාකුන්තල අපිට වැදගැම්මකට නැති චරිතයකි. ඒ නිසා එවැනි චරිත වලට මඩ ගසා අපේ කාලය නාස්තිකරනවා යැයි පැවසීම ගොන් කතාවකි. එමෙන්ම ඔබ රටට ජාතියට සේවය කිරීම යනු කුමක්දැයි නිර්වචනය කරනවා නම් යෙහෙකි. එවිට මට පහන්ගේ හා චමිලගේ කාර්යභාරය තෙවන පාර්ශවයක් ලෙස පැහැදිලි කර දැක්විය හැක. ඔබ කොන්ද පණ ඇති ලෙස කොහේ හෝ මේ ගැන ලියන්න අපි එතැනට එන්නට සූදානම්ය. සපිරිස්ති…..

  19. මා පලකරන ලිපි සඳහා අද වනතුරු මට කිසිම බලපෑමක් එල්ලවී නොමැත. ඒ මා මටම එකඟ වූ නීති – රීති පද්දතියකට අනුගත වී මෙම බ්ලොග් ලිවීම කරන නිසායි.

    කතා කිරීමට බලාපොරොත්තු වන කාරනය එය නොව. මෑතකසිට සින්ඩිකේටරය වෙනුවෙන් පිහිටුවා ඇති ගූගල් සමුහය මෙහයවන්නන් සහ එයට උත්තර සපයන්නන් පිලිබඳව මා හටද ගැටලු පවතී. දිනක් මා බ්ලොග් ලිවීම ආරම්බ කරන මුල් කාලයේ සිංහල භාෂාව පිලිබඳව ඇසුනු ලැබූ ප්‍රශ්ණයක් එම ගූගල් සමූහයේ පල කිරීම ප්‍රතික්ශේප විය. හෙතු දක්වා තිබුනේ “එය බ්ලොග් සඳහ අදාල නොවන කාරනක යන්නයි.” නමුත් අද තත්වය වන්නෙ සමහර ත්‍රෙඩ් වලට smileys පමනක් එවන ඒවත් ප්‍රතික්ශේප නොවී පලවීමයි. මම මෙහිදී ඔවුන් විසින් කරන සේවය විවේචනය කිරීමට අකමැතිය. මන්ද අප සැම දන්නා ලෙස මෙය ඔවුන් පවත්වාගෙන යන්නෙ හුදෙක්ම ඔවුන්ගේ රැකියාවක් ලෙස නොව, ආත්ම තෘප්තිය සඳහාය. නමුත් මා ඉහත කී කාරනය තුලින් මා කියා සිටින්නෙ, මීට ඉහත තිබූ SUB එක සම්පූර්නයෙන්ම වෙනස් වී ඇත යන්න බවයි. මෙය හුදෙක්ම පිහිතුවා ඇත්තෙ සිංහල බ්ලොග් කරුවන්ගේ උන්නතිය උදෙසා කියලයි මම හිතන්නෙ. නමුත් දැන් එය හාත්පසින්ම වෙනස් වී ඇත.

    • මමත් දැකලා තියෙනව සමහරුන්ගේ ගොන් පාට් දැන දැනත් approve කරල තියෙනව. ඒ අතින් නම් සංසදේ ගූගල් සමූහය දැන් සවුත්තුයි.

  20. ගූගල් සමූහ අප හට අදාල නැත. අප දන්නා ආකාරයට මෙම අයිති කරුවන් දන්නා එකම දේ forum administration පමණි. බ්ලොග්කරණය ගැන කතා බහකදී ඔවුන් අවශ්‍ය වන්නේ නැත.

    //මන්ද අප සැම දන්නා ලෙස මෙය ඔවුන් පවත්වාගෙන යන්නෙ හුදෙක්ම ඔවුන්ගේ රැකියාවක් ලෙස නොව, ආත්ම තෘප්තිය සඳහාය//

    නමුත් මෙම ප්‍රකාශය අවශ්‍යනම් අභියෝගයට ලක් කල හැකිය.

  21. “නමුත් මෙම ප්‍රකාශය අවශ්‍යනම් අභියෝගයට ලක් කල හැකිය.”

    pahadili kireemak balaporottu wemi

  22. ඇඩ්මින් උන්දැලාගේ කැරැට්ටුව එකේ සිට කියන්න අමුතුවෙන් ඕනිනෑනේ තිලිණ ඔතන ඇඩ්මින් උන්දැලා ගෙනියන චරිතෝපදානය නිකං නඩුත් හාමුදුරුවොන්ගේ බඩුත් හාමුදුරුවොන්ගෙ ආතල් එකක් නේද තිලිණ උන්නැහේ.. නිකං කෙහෙලිය රඹුක්වැල්ල වෙලා ගොම නාන්න හදන්න එපා. මස්සිනාට බනින කොට රිදෙනවා තමා ඒත් ඉතිං වල් බූරු වැඩ කරනකොට නිකං ඉඳලත් බෑනේ නේද. සින්ඩියේ වුන වැඩේ වැරදියි. ඇයි තේරෙන්නෙ නැත්තෙ ඔය ප්‍රදර්ශනාගාරය තියෙන්නෙ බ්ලොග් හින්දා කියන එක. ඔය ලා කොච්චර හුජ්ජ කලත් අන්තිමට ගඳ ගහන්නේ ඇඩ්මින් දාන බොක කියන එකත් මතක තියාගත්තොත් හොඳයි නේද.

  23. රටක් වටින කොත්තුව තිබියදී තවදුරටත් කෙහෙල්මල් සින්ඩිකේටරයක් බදාගෙන දඟලන්නේ ඇයි දැයි ගැටළුවකි. LIR ගේ බ්ලොග් එකත් “වැඩිහිටි” ලේබල් ගසා කපා දැමූ මේ බහුබූත මනස නොවැඩුන ඇඩ්මින් වරුන් ගැන තව දුරටත් කථා කරමින් කා දමන්නේ ඔබේ වටිනා කාලයයි. කළ යුත්තේ ඔබගේ ඇති ෆේස් බුක්, ට්වීටර්, ඊමේල්, එස්.එම්.එස්. ප්‍රචාරක මාධ්‍ය යොදා ගෙන කොත්‍තුව තව තවත් ජනප්‍රිය කරවීමයි. එවිට අපිට බබ්බුන් හුරතල් කිරීමේ හෝ කල්ලි ගැහීම හෝ පිටවල් කසා ගැනීම සඳහා මාධ්‍යයක් වශයෙන් හෝ බ්ලොග් යොදා නොගෙන අපිට කැමති විෂයක් නිදහසේ ලියන්නටත් කැමති කෙනෙකුට කියවන්නටත් පුළුවන.

    http://WWW.KOTTU.ORG

    – LIR –

  24. @පිටස්තරයා

    “නමුත් මෙම ප්‍රකාශය අවශ්‍යනම් අභියෝගයට ලක් කල හැකිය.”

    obage pahadilikireema balaaporiththuwen sitimi

    • මෙවැනි අඩවියකින් ලැබෙන ආත්ම තෘප්තිය ගැන අමුතුවෙන් කියවීමට දෙයක් නොමැත. ඔවුන්ට ලැබෙනා මගුල් ආත්ම තෘප්තියක් නැති බවත් පැහැදිලිය. ඒ දන්නා දන්නා හැම තැනම වවුල් වසුරු මෙන් “අපි ධනය ශ්‍රමය කාලය වැය කරනවා” යැයි කියවමින් යන නිසාය. ආත්ම තෘප්තියකට කරන දෙයක් පිළිබඳව එසේ මැසිවිල් නගන්නෙක් මෙතෙක් අප දැක නැත.

      වෙනත් අය ආරම්භ කර වර්ධනය කර තිබුණු සංසදයක් තුලට බලෙන් රිංගා අනෙකුන් හට මඩ ගසා පන්නා ඩොමේනය පවා තමන්ගේ නමට හරවා ගනිමින් ලබන ආත්ම තෘප්තිය අහවල් එ‍කට ද යනුවෙන් පැනයක් නැගිය හැක. අප දන්නා පරිදි ඔවුන් මෙයින් අහවල් ආත්ම තෘප්තියකට වඩා භෞතික වාසි බොහෝමයක් ලබා ගනී. පසුවදා පැවති ‍e-Asia හා අනෙකුත් අවස්ථා වලදී ඔවුන්ගේ පරම්පරාගත බූදලයක් මෙන් ජනප්‍රිය කරවු සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ආරම්භකයින් පිළිබඳ අබමල්‍ රේණුවකවත් සඳහනක් කිරීමට ඔවුන් පෙළඹෙන්නේ නැත. නමුත් ඒ හරහා උදා කරගන්නා වාසි පිළිබඳ සාමාන්‍ය දැනීමක් තිබෙන අයෙකුට පහදා දීමට අවශ්‍ය නැත.

      ආරම්භක එකඟතා අනුව ඇඩ්මින් වරුන් අවුරුද්දකට වතාවක් වෙනස් විය යුතුය. ආරම්භකයින් ඉවත් වී ඇත්තේ එම එකඟතාවය මතයි. නමුත් අවුරුදු එකහමාරකටත් වඩා මැසිවිලි නගමින් (“අපි අපගේ ධනය ශ්‍රමය කාලය වැය කරනවා”) එක දිගටම රැඳී සිටිමින් කරනා සමාජ සේවයෙන් ලබා ගැනීමට හැකි ආත්ම තෘප්තිය පිළිබඳ වැදගත් ප්‍රශ්න කෙනෙකුට ඇසිය හැක.

      ඔටුවන් බලෙන් රිංගා ඔටු පවුලකුත් ඒ අස්සට රිංගවා ගැනීම ගැන අපට පාඩුවක් නොමැත. නමුත් ඒ රිංගූ ඔටුවන් තමන්ට මුලින් බෙල්ල හෝ ඇතුලට දමා ගැනීමට ඉඩ දුන් අය ගැන වචනයක් හෝ සඳහන් කිරීමට නිහතමානී විය යුතුය. සමා වෙන්න. එසේ බලාපොරොත්තු විය නොහැක. ඔටුවන්ට එවැනි හැකියාවක් නැත.

      බ්ලොග්කරුවන් කාගේවත් වන්දිභට්ටයින්වත් කාගේවත් admirers ලා වත් විය යුතු නැත. නමුත් පවතින ක්‍රමය යටතේ බිහිවන්නේ ද එවැනිම අයයි. බ්ලොග් ආරම්භ කරන්නේද රටේ ලෝකයේ නැති අය වෙත හතරට පහට නැමී ආයුබෝ අවඩා නමින් වැඳ වැටී ගෙනය. මෙය තරම් අපට සිනහ උපදවන්නක් වෙන නැත.

      රන්දිම යන නමින් මෙලෙස පස්සෙන් පැමිණෙමින් ඉල්ලා සිටි පැහැදිලි කිරීම ප්‍රමාණවත් යැයි සිතමි. අප මීට පෙර පිළිතුරු නොදුන්නේ මෙම කරුණු ප්‍රධාන විශයට අදාල නොවන නිසාය. නමුත් එක දිගටම අසන්නේ නම් පිළිතුරු නොදී බැරිය.

    • ආත්ම තෘප්තිය කෙසේ වෙතත් විවේචනය කරන අපට කරන පෞද්ගලික මඩ ගැසීම් වලින් නම් ස්වයං තෘප්තියක් ලබා ගන්නා බව පැහැදිලිය. නොහැක්කන් අතට බැසීම වැලැක්විය නොහැක. ඒ නොහැක්කන් ගේ හැටි වේ.

  25. @පිටස්තරයා

    ඔබගේ මෙම නන්දෙඩවීම් කියවන මට ඔබ ගැන ඇතිවන්නේ, සැබෑ ජීවිතයේදී මහත් හීනමානයෙන් පෙලෙමින් සමාජයේ කැපී පෙනෙන යමක් කරන්නා වූ පුද්ගලයන් පිලිබදව ඇතිවූ වෛරය සංසිදුවාගනු වස් සයිබර් අවකාෂයේ මහ හඩින් කෑගසා මලපහ කරමින් දුවනා අදබාලයකු පිලිබදව ඇතිවන අනුකම්පාව මුසු හිරිකිතයකි. සංසදයක් ක්‍රියාත්මක වියයුතු ආකාරය සහ නිලධාරීන් පත්වීම පිලිබ්ද ඔබ දක්වා ඇති අදහස් තුලින් ලාංකික සමාජයේ ලාභ නොලබන සාමූහික ක්‍රියාකාරකම් පිලිබද ඔබ තුල ඇති න්‍යායික දැනුමේ (කිසිදා ප්‍රායෝගික නොවන) තරම මනාව පැහැදිලි වේ.

    බ්ලොග්කරුවන්ගේ සංසදයේ ආරම්භය, නිලධාරීන් පත්කිරීම, ක්‍රියාකාරකම් පිලිබද ඔබට ලනුව ගිල්ලවා ඇති පිරිස එය උපරිම අයුරින් ඉටුකර ඇත. මන්ද එය ඔවුන් වඩාත් ප්‍රගුන කල ශිල්පය වීමයි. සියලු දේ විමසා බලා යථාර්තය අවබෝධ කරගැනීම පිනිස මම ඔබට සරල වැඩ දෙකක් යෝජනා කරමි (ඔබගේ උද්දච්චකම සලකා බලන විට ප්‍රසිද්ධියේ පිලිගැනීමට මැලිවෙතත් රහසින් හෝ මේවායෙහි නිරතවීම ඔබගේ අනාගතයට යහපතකි).

    1. සමූහයේ සංවාද මුලසිට පිලිවෙලට කියවා බලන්න (සියලුම පාර්ශවයන් සිදුකල අදහස් දැක්වීම් ආරම්භයේ සිට ඇත).
    http://groups.google.com/group/sinhala-bloggers/topics?start=1350&sa=N

    2. විවිධ මට්ටම් වල පුද්ගලයින් සහභාගී වන සාමූහික ක්‍රියාකාරකමක නිරතවී අත්දැකීම් ලබාගන්න (ගමේ පැවැත්වෙන ශ්‍රමදානයක් වුවද කම් නැත. වැදගත් වන්නේ සාමූහික වගකීම, සමාජීය වගකීම සහ සියලුම දෙනාට සතුටුවිය හැකි අයුරින් වැඩ කල නොහැකිය යන්න තේරුම් ගැනීමයි).

    ඔබට සුභ අනාගතයක් !!!

    • :D

      ඔබ සඳහන් කරන සමූහ තුල ඇති thread හිටපු ගමන් මකා දැමෙන බව නොදන්නා ඔබ මට කිසිවක් නොදන්නා බව කියයි? ඔය සමූහයේ ඇති සියළු දේ මා කියවූයේ ඔබ යුද්ධය දිනයිද නැද්ද යන්න සිතමින් සිටියදීය. එනිසා අමුතුවෙන් ඉතිහාසයක් ගැන ඔබ පාඩම් කියා දිය යුතු නැත.

      ලණුවක් කවා ඇත්නම් ඒ බව ඔප්පු කර පෙන්වන්න. ඔබට අවශ්‍ය නම් ආරම්භකයින් සමඟ කතා බහක් ලෑස්ති කර ‍දිය හැකිය. එක් එක් ඊමේල් ලිපින වලට වසන් වෙනවාට වඩා එය ප්‍රසිද්ධියේ කලහැකි නම් අගනේය. ඔබගේ පිරිස නිර්නාමිකත්වයටත් අකමැති නොවැ.

      සාමූහික ක්‍රියාකාරකම් වල නිරත වීමට ගමේ පැවැත්වෙන ශ්‍රමදාන ආදී ගොන්පාට් අවශ්‍ය නැත. ඔබ මෙතන පැමිණ දෙසන වැදි බණ (සාමූහික වගකීම, සමාජීය වගකීම සහ සියලුම දෙනාට සතුටුවිය හැකි අයුරින් වැඩ කල නොහැකිය) ඔබේ රත්තරං සමූහය තුල සිටින කවුරුත් දන්නා බව නොරහසකි. ඔබට මාගේ සාමූහික වැඩ ගැන දැන ගැනීමට අවශ්‍ය නම් කොළඹ සරසවියට පැමිණ මගේ නම අසා ඕනෑම අයෙකුගෙන් දැන ගත හැක.

      අනාගත් අනාගතයකට සුබ (සුභ යනුවෙන් වචනයක් නැත) කීමට තරම් මම මෝඩ නැත!!!

    • පසු සටහනක්: සයිබර් අවකාශයේ මල පහ කරන්නන් ගැන මෙම කමෙන්ට් තීරුවේ ඉහළ බැලුවොත් පෙනේවි. ඒ නැතත් යන්න ටැබූගෙ අලුත් පෝස්ට් එක බලන්න. ඔබේ වීරයින්ගේ මලපහ ගඳ ගසමින් තිබෙන සැටි බලන්න. ලාභ ලබන නොලබන කෙසේ වෙතත් විනයකින් හා දැනුමකින් තොර නිල මැස්සන් වෙනුවෙන් ක‍ඩේ යාම වටී ද?

      • අවවාදයයි!
        කොළඹ සරසවියේ මොහුගේ නම කියා අසා සිටියහොත් ඔබ “සුදු කොල්ලන්” ඇසුරකට ප්‍රියතාවයක් දක්වන්නෙක් ලෙස හදුනා ගැනීමට ඉඩ ඇත.

        ප.ලි: “ඇවිල්ල මගෙ නම කියල අහපන්” වැනි දෙකයි පනහේ උත්තර දෙන මොහු වැනි ගොංපාට් කාලගෝලයන් ගැන කුමන කතාද?

        • :D

          කෙලින් පිළිතුරක් දීගන්න බැරි සයිබර් වීරයෝ තැන තැන වසුරු හෙලමින් යන එක පුදුමයක් නෙවෙයි. පුදුමේ වෙන්නේ මේක දැක දැකත් තවමත් දෙක තුනට නැවිලා මේ අයට වඳින්න අය ඉන්න එකයි.

          නමක් ගමක් නැති එවුන් ඇවිත් මගේ සාමූහික වැඩ ගැන ප්‍රශ්න කරනකොට ඉතින් ඒ සාමූහික වැඩ ගැන කියන්නේ නැතුව වෙන මොනව කියන්නද?

          අනිත් එක අපි කවුරුත් දන්නවා කොළඹ විශ්ව විද්‍යාලයේ මාෂල්ගේ නම දන්න බ්ලොග් ලියන අනිත් එක්කෙනා කවුද කියලා. ඉතින් අර කිව්වත් වගේ මූණ රෙදි කෑල්ලකින් වහ ගත්තට අනික්වා හෙළුවෙන් :D ප්‍රශ්න කරන මිනිස්සුන්ගේ සාමූහික වැඩ තියා නම කිව්වම යාළුවොවත් දන්නේ නැති එකට ඉතින් අපි මොනව කරන්න ද?

          මේ….. ඔය මගේ පිළිතුර දෙකයි පනහ නම් මේ රත්තරං ද?

          http://taboosubjects.wordpress.com/2010/02/24/117-2/#comment-3621

          එහෙන් මෙහෙන් හැංගෙන්න දෙයක් නෑ නේ. කවුරු කවුරුත් දන්නවා මේ පිස්සු වැටිලා දඟලන්නේ කවුද මොකටද කියලා. ඒක නිසා එක එක නම් දාගන්නේ නැතුව කෙලින් කතා කරන එක ‍හොඳයි නේද?

          ඒක බැරි නම් මෙතන කෙලින් පිළිතුරක් දෙන්න. මේ වගේ තැන තැන මල පහ කරන්නේ නැතුව. මේවා එන්න මෙච්චර පරක්කු ‍වුන එකයි පුදුමේ. මොකද මම බලාගෙන හිටියේ පොස්ට් එක දාපු ගමන් මේවා එයි කියලා. කොහොමත් මම දන්නවා වන්දිභට්ටයො ටික මඩ බාල්දි අරගෙන එනවා කියලා.

          කලින් කිව්වේ ඒකනේ. යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ. බල්ලො වගේ සීමාව ලකුණු කරන්න තැන තැන මුත්‍ර කර කර යන්න එපා. පළාතම ගඳ ගහනවා.

          මේවගෙන් තව තවත් හෙළුව විවර වෙනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ. තව කැමති නම් කරන්න. කිසිම දෙයක් මකන්නේ නැහැ. :D

          • මාස 10 කට පස්සෙ හරි මේ කමෙන්ට් එක දැක්ක එක ගැන මම සතුටු වෙනව. ටැබූගේ මේ දවස්වල වැඩියෙන්ම කියවන ලිපිය කියවනකොට මේ ලිපියට ලින්ක් එක දැක්ක එකෙනුයි මම මේක දැක්කෙ. මම දන්නෙ නෑ මම බලෙන් තොප්පි දාගන්න හදනවද කියල. ඒත් ඔබ ඔය දීලා තියෙන ලින්ක් එකේ කමෙන්ට් එක දා ඇති පුද්ගලයාගේ නමත් මම මාගේ සිංහල බ්ලොග් එක කරන්නෙත් එකම නමෙන් වීම් නිසාත්, මමත් කොළඹ විශ්ව විද්යාලයේ වීමත් (“අනිත් එක අපි කවුරුත් දන්නවා කොළඹ විශ්ව විද්‍යාලයේ මාෂල්ගේ නම දන්න බ්ලොග් ලියන අනිත් එක්කෙනා කවුද කියලා” යැයි ඔබ කියන නිසාත්) නිසා මාස දහයකට පසුව හරි ඔබ ඇත්ත දැනගත්තොත් හොදයි කියල හිතෙනව. මුලින්ම කියන්න ඕනි මට කාගෙවත් දේවල් හොයන්නවත්, කාටවත් මඩ ගහන්නවත්, කවුරුවත් කියන දේවල් දෙකයි පනහෙද, සත පනහෙද කියල හොයන්නවත් කොහෙවත් අමාරුවක් නැති බව. ඔබ මෙම ලිපියේ ලියපු දෙවල්වල ඇත්ත නැත්තවත්, මේ ගැන කතාකරන්නවත්, සින්ඩියේ කට්ටියට කඩේ යන්ඩවත් උවමනාවක් නැති බවත්, ඔබ මෙතෙක් කාලයක් සිතා සිටි එක දෙයක් වැරදි යන එක පෙන්වන්නට විතරක් මේ කමෙන්ට එක දමන්නෙමි.
            මේකත් බලල හිටියොත් හොදයි කියල මම හිතනව. පෝස්ට්, කමෙන්ට්ස් දාල තියෙන දවසුත් බැලුවොත් හොදයි.

            http://bit.ly/gXwWk6

            දැන් කියන්න පුළුවන් පොස්ට් එකේ දින වෙනස් කරල කියල. මට මොකක්වත් සාදාරනීකරනය කරන්න උවමනාවක් නැති බවත් ඔය කමෙන්ට්ස් දාපු පුද්ගලයෝ ගැන ඔබ මෙපමන කලක් හිතා හිටි දේ වැරදී කියාත් පෙන්වාදීමට නොව කීමට කැමත්තෙමි. :D

            cheers..

        • “කාලගෝලයා”… හොඳ වචනයක්.. පොඩ්ඩක් තේරුම බලපන් මචන්.

          පොඩි hint එකක් දෙන්නම්. කාල=කලු කියලා ගන්න පුලුවන් :D කාගේ හරි ගෝලයෙක් තමයි නේද උඹ එතකොට? :D

          ගණන් ගන්න එපා. විහිළුවක් කලේ සහෝ :D

  26. සියළු දෙනා අදාල පුද්ගලයින්ගේ තට්ටම් කසා අවසන් කල යුතුව ඇත. අවසානයේදී හරවත් යමක් ඉතුරු විය යුතුය. සින්ඩියේ ඉතිහාසය දන්නා අප‍ට කොළ කඩා පාන්නට වුවමනා නැතිබව මෙහි සියළු ඇනෝනිමස්ලාට පෙන්වා දිය යුතුය. වැරදි හදාගෙන ඉදිරියට යන්නට හෝ මෙහි සඳහන් වන දෙය සත්‍යය නොවේ නම් සැබවින්ම වුනේ කුමක්ද යන්න පෙන්වා නොදී ඇනෝනිමස් ආතල් දැමීම පිළිඹඳ උපදවා ගත යුත්තේ පහන් සංවේගයක් විනා අන් අහවල් එකක් නොවේ. අඩුම තරමේ තමන් නිවැරදි වීමටත් උත්සාහ නොදැරීම තුලින් ගම්‍ය වනුයේ වචන පටලැවී නන්නත්තාරවීමක් හෙවත් කියන්නට දෙයක් නැති තැන ‍ගොන් ආතල් දැමීමට උත්සාහ දැරීමය. කරුණාකර ‍බොරු මඩ ගැසීම් නැවැත්වුවානම් යෙහෙක්ය. මන්ද යත් ඔය ඇනෝනිමස්ලා‍ගේ පෞද්ගලික ජීවිත පිළිඹඳ මම හොඳින් දන්නා බැවින් හා ඔවුගේ එම මනෝව්‍යාධීන් නිරාකරණය සඳහා මමත් දායක වූ බැවිනි. එසේ නම් පිලිතුරු දී ‍බොරුවක් කියා ජාමේ බේරානොගෙන මෙසේ ගොන් පාට් දැමීම අනුමත කල නොහැක. මහ වැසි වැටුන පසු නිල් පාට සේදී ගිය පසුව සත්ත්වයා සිවලා බව පෙනීගොස් ඇත. කණගාටුයි..

    • “මන්ද යත් ඔය ඇනෝනිමස්ලා‍ගේ පෞද්ගලික ජීවිත පිළිඹඳ මම හොඳින් දන්නා බැවින් හා ඔවුගේ එම මනෝව්‍යාධීන් නිරාකරණය සඳහා මමත් දායක වූ බැවිනි. එසේ නම් පිලිතුරු දී ‍බොරුවක් කියා ජාමේ බේරානොගෙන මෙසේ ගොන් පාට් දැමීම අනුමත කල නොහැක. මහ වැසි වැටුන පසු නිල් පාට සේදී ගිය පසුව සත්ත්වයා සිවලා බව පෙනීගොස් ඇත. කණගාටුයි.. ”

      ගොන් පාට් දමන්නේ මමද ඔබද කියා මේ කමෙන්ට එක එඩිට් කිරීම තුලින්ම පෙනේ(මුළු ලිපියමත් කමෙන්ටුත් කියවීම නිසාත්, පිලිතුරක් බලාපොරොත්තුව සිටි නිසාත් මා හට එය කිව හැක.).මා ලියූ දෙයක්නම් ඔබ ඔය කියන නිල් පාට තිබූ කාලෙම පිලිතුරු දීමට තිබුණි. නමුත් ඔබ කියන අන්දමට නිල් පාට සේදී ගිය පසුව හරි පිලිතුරු දීමට හැකිවීම ගැන සතුටු වෙමි. සිවලා නොව හිකනැලා යැයි ඔබලා සිතාගත්තද මා හට කම් නැත. :D

        • කොයිල්නම් නෙවෙයි පිටස්තරයො.

          http://taboosubjects.wordpress.com/2010/02/24/117-2/#comment-3621

          ඔබම දී ඇති ඔය ලින්ක් එකයි(සියදෝරිස් නමින්ම කමෙන්ටය ඇති නිසා) “අනිත් එක අපි කවුරුත් දන්නවා කොළඹ විශ්ව විද්‍යාලයේ මාෂල්ගේ නම දන්න බ්ලොග් ලියන අනිත් එක්කෙනා කවුද කියලා.”කියල කියන නිසයි පිලිතුරක් දුන්නෙ.

          • ඒ කියන්නේ
            1)සියදෝරිස් කියල කමෙන්ට් කරල තියෙන්නෙ මම?
            2)කොළඹ කැම්පස් එකේ බ්ලොග් ලියන අයට ඉන්නෙ ඔබයි මමයි විතරයි?

            කොයිල්ද?

          • මම කොළඹ විශ්ව විද්යාලයේ වීමත් සියදොරිස් නමින්ම බ්ලොග් එකක් ලියන හින්දයි කිව්වෙ. නැතුව අහක යන කුණු ගොඩවල් ඇගේ දමාගැනීමට මට උවමනාවක් නැ. ඔබ පුන පුනා කොයිල්ද යැයි ඇසීමෙන් මට සත්ය වටහා ගත හැක :D

          • @sameera
            මේකයි මිනිස්සු වුනාම මොලයක් කියල දෙයක් තියෙනව ඔලුව ඇතුලේ. මෙතන නැට්ට පාගගෙන බොග තද කරගෙන දඟලන ඔබේ මොලේ කොතන තියෙනවද කියල මම දන්නෙ නැහැ. ඒත් ඕනම දෙයක් දැක්කාම ටිකක් හිතල බලන එක පුරුදු වෙන්න වටින දෙයක්.

            වැරදුනානෙ? එක්කො කට වහගෙන ඉන්න. නැත්තන් ටිකක් නිහතමානීව පිලිගන්න. “චත්‍යයය වටහා ගච හැච” වගේ ගොන් පාට් නොදා.

  27. ජනතාව ගේ මුදලින් ඉගෙනගන්නා මුන් ගැන දුක සිතේ.

  28. දුක නම් අඬපිය.. ගොන් කොල්ලා.. ගෑණු පස්සේ ගිහින් ඉවරවෙලා අසහනය ඉවරකරගෙන වරෙන්..

  29. sinhalabloggers ආරම්බකයො කවුරුද? කියල දැනගන්න කැමතියි.පුලුවන්නම් මට email එකක් දාන්න

  30. Pingback: බබාලාගේ සින්ඩියට කින්ඩියක් | Pahan's Diary| පහන්ගේ දින සටහ

  31. සර් ලඟට මම ආවේ ගනන් ඉගන ගන්න ….
    සර් හැදුවෙ මගෙ පෙට්ටිය කඩල මාරු වෙන්න….
    අනේ සර් මටනම් බෑ ජන්ගිය ගලවන්න…
    කරන දෙයක් කකුල් දෙකට කරල මාරු වෙන්න…
    ඕක මම ඉස්සර ඉස්කෝලෙ කාලෙ කියපු සින්දුවක්….ඇත්තම කිව්වොත් කුනුහරුප කීම වල් සින්දු කිම…කෙල්ලන් පජාඅත කිරීම වාගෙ මහ පල් වැඩ ගොඩක් මගේ පාසල් කාලෙ තුල තිබුන…ඉතින් මම මගේ පාසල් කාලෙ සිරිමත් වගෙ හොඳ බබා වාගෙ හිටිය කියල බ්ලොග් එකේ ලියන්න පුලුවනි…නමුත් ඇත්ත ඒක නෙමෙයි…මේ මට කියවන්න ලැබෙන ගොඩක් බ්ලොග් ගැටීම්..කුනුහරුප,,,ගොන්ජෝක්,,,,මෝඩ ආතල් වගේ ඒව නැති හරිම සමනල ඒව….මට පුදුමයි මේ පැම්පස් අන්දවන්න ඕනි කැම්පස් ජීවිත ගැන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *