Gnome Art මගින් උබුන්ටු Desktop එක සැරසීම

උබුන්ටු සමග ලබා දී ඇති icon ටික මදි වගේද? හැමදාම දකින wallpaper එක දැකලාම එපා වෙලාද? Wallpaper නම් හොයාගන්න ලේසි වුනාට icon ගැන මොකද කරන්නේ?

උබුන්ටු වලට Gnome Art ඕන වෙන්නේ මෙතනදි. Gnome Art වලින් අපිට icon, splash screen, login screen වගේ දේවල් වෙනස් කරගන්න ලේසියෙන් කරන්න පුලුවන්. මෙය උබුන්ටු ස්ථාපනයෙදී පැමිණෙන්නේ නෑ. Gnome Art ස්ථාපනය සඳහා ටර්මිනල් එකක් විවෘත කර පහත සඳහන් විධානය ලබා දෙන්න.

sudo apt-get install gnome-art

ඉන්පසු System -> Preferences -> Art Manager යන්න. එවිට පහත window එක පැමිණේ.


Icons වෙනස් කිරීම

Art menu-> Desktop Themes -> Icons ගොස් අදාල icon download වනතුරු සිටින්න. ඉන්පසු ඔබට අවශ්‍ය icon set එකක් තෝරා පහළ වම් කෙළවරේ ඇති Install click කරන්න.

අදාළ icons download වූ පසු Appearance Preferences යනුවෙන් window එකක් පැමිණේ. එයින් customize button එක click කරන්න.

ඉන්පසු පැමිණෙන Customize Theme window එකෙන් Icon tab එක තෝරා එයින් ඔබ install කර ගත් icon set එක මත click කරන්න.
මේ අයුරින් ඔබට නොයෙකුත් Desktop features වෙනස් කර ගත හැක. ඒ සඳහා කල යුත්තේ ඉහත පරිදි අදාල feature එක Art menu එකෙන් තෝරා පසුව ස්ථාපනය කිරීම පමණි.

3 thoughts on “Gnome Art මගින් උබුන්ටු Desktop එක සැරසීම

  1. මම මේ විදියට අයිකන් මාරු කරන්න උත්සාහ කලත් හරිගියේ නෑ. මම Compiz දාලා තියෙන්නෙ. ඒ නිසාද අවුල? හැබැයි මම ඒක disable කරලත් බැලුවා, ඒත් හරිගියේ නෑ.

    ——————————————–
    චමිල, ඔබ උබුන්ටු සටහන් සිංහලෙන් ලිවීම ගොඩක් වටිනවා. ඒ ගැන ඔබට මගේ ප්‍රණාමය !

  2. Compiz සහ අනෙකුත් උපයෝගීතාවන්ගෙන් උබුන්ටු ගින්දරවගේ කරගන්න හැටි ලිපියක් දැම්මොත් සිරා.

  3. ප්‍රවීන්ට වගේම? මටත් art manager හමුවුනේ නැතිමුත් ඔබගේ සහ සමීරගේ සිංහල සටහන් වලට මගේ ප්‍රනාමය !ubuntu CD එක තනිව mount නොවන නිසා දැන් ubuntu-windows dual boot. (මේ ගැන චමිල ගත් උත්සාහයට යලිත් ස්තුතියි)ද්විත්ව මෙහෙයුම් පද්ධති ඇති විට එක්OS එකක් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙනවාද?