යුද්දේ එපා කියන උන්!!!

ශ්‍රී ලංකාවේ දැනට පවතින යුද්ධය ට එරෙහිව අදහස් දක්වන්නන් කිහිප වර්ගයක් සිටිති. පහත දැක්වෙන්නේ මා විසින් වර්ගීකරණය කොට වෙන්කර තබා ඇති පන්ති කිහිපයකි. anti-war

  • පොදුවේ යුද්ධයෙන් මැරෙන්නේ මිනිසුන්ය යන අදහස පෙරදැරිව සාමයම පතන (කුමන ආකාරයේ කැප කිරීමක් මත හෝ)අය.
  • දැනට පවතින යුද්ධයෙන් රටේ අනාගතයට ආර්ථිකමය හා සමාජයීය ලෙස ඇතිවිය හැකි බලපෑම් ගැන සිතා විරුද්ධ වන්නන්.
  • යුද්ධයෙන් හා එයට සම්බන්ධව රට පුරා ඇතිවී ඇති මානසිකත්වයෙන් කොළඹ elite පාංතිකයන්ට එල්ලවී ඇති බලපෑම් නිසා ඔවුන්ගෙන් එල්ල වී ඇති ප්‍රතිරෝධය.  මෙය බොහෝවිට “ජනමාධ්‍ය නිදහස” යන ටොපි කොලයේ දවටා ලබා දෙන ප්‍රතිරෝධයකි. එහෙත් ඇත්තටම ජනමාධ්‍ය නිදහසට තර්ජන එල්ලවී නොමැති බව කිව නොහැක.
  • යුද්ධය මෙහෙයවන්නේ යම්  දේශපාලන පක්ෂයක් විසින් ද එම පක්ෂයට ඇති නොකැමැත්ත නිසා යුද්ධයට විරෝධය දක්වන්නන්.
  • යුද්ධය පවතින ගැටළුට ස්ථිරසාර විසඳුමක් නොවන බව විශ්වාස කරන්නන්.
  • යුධ වි‍රෝධී වීම මගින් තමා ප්‍රබුද්ධයෙකු ලෙස ලොවට පෙනෙන නිසා විරුද්ධ වන්නන්. මෙය පිරිසක් මැද විරුද්ධ අදහසක් මතු කිරීමෙන් අවධානය ලබා ගැනීමට ඇති ආශාවට බෙහෙවින් සමානය.
  • යුද්ධය මෙම රජය විසින් ජනප්‍රිය වීමට හා ජනප්‍රියතාවයේ රැඳී සිටීමට ක්‍රියාවේ නංවන එක් උපක්‍රමයක් ලෙස පමණක් දකින අය. එහි ඇති වැරැද්ද කුමක්ද යනුවෙන් ඇසුවොත් ඒ සඳහා මෙවැනි පිළිතුරක් ලබා දිය හැක. යුද්ධයක් කරන්නේ මිනිස් ජීවිත ගැන සලකමින් නොව කුමන හෝ වැය කිරීමක් යටතේ ජනයා entertain කිරීමට පමණක් නම්?
  • යුද්ධයේ first hand අත්දැකීම් වලට ලක්වෙන තම නෑදෑයින් ගේ ජීවිත පිළිබඳ බිය වන නිසා විරුද්ධ වන්නන්.
  • ෆැෂන් එකට විරෝධීන්. මෙය ඉහත දැක්වූ අනෙකුත් කුලක සමඟ මිශ්‍ර විය හැක.
  • LTTE යට පක්ෂපාතීන් සහ LTTEයේ පරාජය දැකීමට අකමැති අය. මෙය යුද්ධයේ ජයග්‍රහණ රජයේ හමුදාවන්ට අයිති නිසාය.

මෙතනට අලුතින් පන්ති එකතු විය හැක. මේ මම දකින සාම්පලයෙන් ලබා ගත් ප්‍රථිපලයි.කිව යුතු තවත් කරුණක් වන්නේ මම පවතින යුද්ධයට විරුද්ධ බවයි. එය සාමයම යැදීමේ හේතුවෙන් නොව ප්‍රශ්නයට විසදුමක් නොවන බව දන්නා රජයකින්ම මෙහෙයවන යුද්ධයක් හේතුවෙනි.

ලඟදීම යුද්ධයට ආවඩන්නන්ගේ ලැයිස්තුවක් ද දැක්වීමට බලාපොරොත්තු වෙමි.

2 thoughts on “යුද්දේ එපා කියන උන්!!!

Return Fire!