බැචලර් ඔෆ් සෝවාන් එක්ක හැහ් හැහ් හැකිං! පාඩම

බයිලා ලියන්න මාතෘකාවක් නැතුව වේලී වේලී හිටිය බ්ලොග් පඩංගුවට මාතෘකාවක් හොයලා දීම ගැන මොහොමඩ්ට අපි ස්තුතිවන්ත වෙනවා. මොකද එච්චර කාලයක් තමන්ම ප්‍රකාශ කර ගත්ත යුද්දෙක ගජරාමෙක පැටලිලා හිටිය පෙරමුණේ රාලට සේනාව අඩු වෙලා වැලේ වැල් නැතුව සෙත්ත පෝච්චි වෙලා යන්න ඔන්න මෙන්න හිටපු නිසා මෙලෝ රහක් නැතුව හිටියේ. අන්තිමට මොහොමඩ්ම ඇවිත් එයාට ලොකු උදව්වක් කරල දුන්නා. යුද්දෙට සතුරෙක් හදල දුන්නා. බොරු කියන්න ඕනෙ නෑ ඔච්චර ආගමක් දහමක් නැතුව හිටිය අපි වගේ නූගත්තුත් ගිහින් එතන කමෙන්ට් එකක් දාලා තගක් දාලා ආවා.

අනේ ගිය සතියෙ බලනකොට මොහොමඩ්(ට) හැක් වෙලා!

Mohomed Don’t Mess With Sinhala! මොහොමඩ් සිංහල බාසාව එක්ක මගුල් නටන්න එපා!

මෙන්න ඊට පස්සෙ පිස්සාගෙ පලාමල්ල කියල ඉතිහාස කතාවක් ලියාගෙන ආපු බ්ලොග් එකත් (මේ පිස්සා නෙමෙයි. මේ අපි හැමෝම දන්න අපිත් එක්ක සෙට් වුන පිස්සා) හැක් වෙලා. එයානම් දවසකට දෙකකට පස්සෙ ඒක ගොඩ දාගත්ත කියලයි ආරංචිය! ටැබූ බ්ලොග් එකේ සිද්ද වුන දේ පැහැදිලි නෑ.

අපි වගේ ආගමක් දහමක් ජාතියක් නැති රටට ආදරේ නැති දේසක්දෝහි ත්‍රිපිටකය කියවල නැති අයට නම් හිතුනේ මෙහෙම දෙයක්!

පෙරමුණේ රාලයි එයාගේ නඩෙයි (පෝස් ග්‍රැජුවේට් කරනව කිව්වෙ බ්ලොග් ලියල හම්බයන්ට ගහල වෙන්ඩැති) කුරාණෙට අම්බ නෙලිල්ලක් නෙලල අන්තිමට ඒකට හෝයියා දාපු අවශේෂ ජනතාවට වැඩේ ඇති වුනා. අන්තිමට ඒක මුස්ලිම් අයවත් ගනන් ගන්නෙ නැතුව ස්වයං රැකියාවක් (වෙන නමකින් පොඩි කමෙන්ට් එකක් දාගෙන තමන්ට පොඩි කික් එකක් දීගන්න එක) තත්වෙටම වැටුනා. අල්ලාව අල්ලල පොලොවෙ ගැහුවත් කවුරුවත් ගනන් ගත්තෙ නැති තරං. ඉතිං දොස්තර මොලෙත් පාවිච්චි කරල ගැහුවා සූකිරි ප්ලෑනක්. කවුරුවත් ගනන් ගන්නැති එකේ හදමු පොඩි සතුරෙක්! මොහොමඩ් ඉපදුනු වගයි! නාට්‍යයේ ඉතුරු කොටස දන්නවනේ?

මොහොමඩ් කරන්නෙ අලි බොරුවක් කියන එක කට්ටියටම තේරුම් ගියා. යන එකේ කොරහත් බිඳගෙන යන්න පොඩි හුකිං හැකිං දර්ශනයක් ඔබල දැම්මා. පව් නේද හැක් වුනාම????

පිස්සනම් ඔතනදි කලේ පොඩි පබ්ලිසිටි ස්ටන්ට් එකක් විදියටයි අපි වගේ දේසක්ද්‍රෝහීන්ට තේරුනේ. ඒක හානියක් නැහැ කියමුකො. මොහොමඩ් හෙවත් පෙරමුණේ රාලයි එයාගේ ගැන්සිය (කිව්වට දෙන්නයි තුන්දෙනයි)යි එකතු වෙලා ඒකත් පිස්සටම අන්ඳන්න යන එකයි හානිය.

මොනව වුනත් හැහ් හැහ් හැකිං පාඩම ගැන අපිට ඕක තමයි හිතෙන්නෙ. පෙරමුණේ රාලගේ නාට්‍යය ගැන අපිට සතුටුයි! ස්ක්‍රිප්ට් එක සිරා! වීරයා අන්තිමට දුස්ටයව පරද්දල සේනාවකටම තනියෙන් ගහල දැම්මා.  තියෙන එකම ප්‍රශ්නෙ ඔය දේවල් වලට ඔච්චර කැප වෙන්නෙ කොහොමද කියන එක? පඩියක්වත් ගෙවනවද වලියක් දෙකක් අවුස්සනවට?

[කින්ඩි හිනා]


ප.ලි. :

කියන දේ කෙලින්ම කියලත් ලස්සනට කිව්ව කොලූ බ්ලොග් වලින් සමුගත්තෙ ඇයි කියන එක මේ ත්‍රිපිටකය කියවල නැති අපිට හිතා ගන්න අමාරුයි.

ඔය අස්සේ ත්‍රිපිටකය හොඳට කට පාඩම් බැචලර් ඔෆ් සෝවාන් (Bසෝවාන්) අයිය කෙනෙක් ඇවිත් අපි හැමෝටම සෝවාන් වෙන හැටි ඉගැන්නුවලු.  ටැබූ සමානයි කුඩු ලාල් කියලත් හොයා ගෙන තියෙනවා ඒ අයියා ඉර්දි බලෙන්. බලන්න පින්වතුනි නෝ හෙල්ලුම් නෙ!

හැබැයි ඔය මොනව වුනත් කමක් නෑ නලපාන ජාතකේට කින්ඩිය දාලා මේ අයියට (Bසෝවාන්) අහුවෙන්ඩ එපා හරිය!


කියවල බලන්න :

නලපාන වීර කතාව

 

20 thoughts on “බැචලර් ඔෆ් සෝවාන් එක්ක හැහ් හැහ් හැකිං! පාඩම

  1. හාපෝ පව් යකෝ. උන් හදාගෙන ආපු නලුකං හේදුනා. වැඩි දුර විස්තර මෙතන හොඳ නැහැනේ. බබාලා පව්. පසුව කතා කරමු!

  2. මුචලින්ද කියන්නෙ පිංවත් නයෙක්. එහෙම නයෙක්ගෙ නමක් දා ගන්න තෝ මොන නරපණුවෙක්ද?

  3. මුචලින්ද කියන්නෙ පිංවත් නයෙක්. එහෙම නයෙක්ගෙ නමක් දා ගන්න තෝ මොන නරපණුවෙක්ද??

  4. හි හි.. නළපාන..
    කොහොම උනත් මේ ජාතිවාදී බ්ලොග් පිටුපස්සේ ඉන්නේ සුලු පිරිසක් බව හෙලිවුන එකයි වැදගත්කම.

  5. @Chanaka Munasinghe

    පිංවත් නරපණුවෙක් කියලා මට හිතෙන්නේ..

  6. සිංහල බ්ලොග් ඉතිහාසය තුල , රට ජාතිය ආගම වෙනුවන් කල මහා සොයාගැනීම වන ටැබූ සමානයි කුඩු ලාල් කියන එක ඔය හැටි බාල්දු කරන එක නම් හරිම වැරදී සහෝදරයා.

  7. පිටා ඔය සීන් එක ගැන දන්නෙ නෑ මම නම්. ටැබූ අඩවිය නම් දැන් නෑ කියල දන්නවා. මට පොඩි අවුලක් වෙලා තියෙනවා මචන් මොකද ඔය පිස්සාගෙ පළාමල්ල ලියන්නේ මම පිස්සා කියල සමහරු හිතාගෙන ඉන්න නිසා.. අන්න ඒ වැරද්ද පොඩ්ඩක් හදන්න පුලුවන්නම් ලොකු උදව්වක් මචන්. මේ දවස් වල බ්ලොග් ලියන්නෙවත් කියවන්නෙවත් නෑ දන්නවනේ ආවහම…

    • උඹේ එකට වෙනම ලින්ක් එකක් දැම්ම මචං. ඉස්සරම මාත් පැටලිලා හිටියේ උඹයි ජාතක කතා පිස්සයි එක්ක. කියවද්දි තමයි සෙට් වුනේ. ආයෙ යන්න කලින් සෙට් වෙන්නත් ඕනෙ!

  8. මල්ලී . .. ඔය බැචලර් ඔෆ් සෝවාන් ඩිගිරිය එක ගන්න පුලුවන් යුනිවර්සිටිය කියන්ඩ ඇහැක්ද තරහා නැතුව . . හික්ස්

    • විකාර නැටුවත් කමක් නෑ බන්.. මෝඩ පහේ විදියට නටනකොට ඉක්මනටම එපා වෙනව. මුන් හිතාගෙන ඉන්නෙ ජාවා දැනගත්තාම ත්‍රිපිටකේ කිරි කජු වැඩක් කියල.

  9. මේ විදිහට තව ටික දවසක් ගියොත් ඊළඟ යුද්ධෙත් පටන් ගනීවි. මුලින්ම සයිබර් යුද්ධෙකින් පටන් අරන් පස්සෙ සිවිලි යුද්ධෙකට යයි.

    මොනව වුනත් මේ ටිකත් කියන්න ඕන. සිංහලයො නන්ඩිකඩාල් කළපුව වගේ වැඩකට නැති කළපුවක් අල්ලන් මාස ගණන් හුරේ දාන කොට මේ රටේ සුළු ජාතිකයො මුළු ලෝකෙම පුරාම පැතිරිලා ගිහින් තමන්ගෙ මතය පතුරනවනව.

    සයිට් හැක් කරල අනුන්ගෙ මතයක් නවත්තල දාන්න බෑ. මට පේන විදිහට දැන් වෙලා තියෙන්නෙ රබර් බෝලයක් වතුරෙ යටට දාල අල්ලන් ඉන්නව වගේ වැඩක්. කවද හරි බෝලෙ උඩට ආපු දවසට ඔය හැකර්ලටත් රිටර්න් එක ලැබෙයි.

    • //සයිට් හැක් කරල අනුන්ගෙ මතයක් නවත්තල දාන්න බෑ. //
      ඒක ඇත්ත. අර තැනක කියවුනා වගේ ඔෆිස් එකක් ගිනි තියනවයි සයිට් එකක් හැක් කරනවයි කියන්නෙ වෙනස් තත්වයන්. හොඳම වැඩේ තමයි ඔය හැක් කිරිල්ල දෙපැත්ත කැපෙන පිහියක් වෙන එක. පෙරමුණෙන් ඇදලා පස්සට දාලා දෙක තුනක් ඇණ ගත්ත දවසට ඔය හැකර්ස්ලා හුකර්ස්ලා වෙලා යනව. එදාට හිතන්න වෙන්නෙ අයියො පටන් ගත්තෙත් අපිනෙ කියන එක විතරයි.

    • //තමා අකමැත්තෙකු ආමන්ත්‍රණය සඳහා යොදන තෝ, පොන්නයා, අවජාතකයා, කාලකණ්නියා මෙන්ම බල්ලා, හරකා වැනි සත්ව නාම……..
      සිංහල බෞද්ධ සංස්කෘතියේ පදනම යැයි සිතෙන තරමට ගුදය ආශ්‍රිත යෙදුම්,
      අන්‍ය ජාතින් හැඳින්වීමට යොදන හම්බයා, පරයා, පර දෙමලා, වේසිගෙ පුත්තු, කොනකපාල ……………

      මෙවන් ‘පිරිසිදු සිංහල බෞද්ධ උරුමයක්’ ඔබට අවශ්‍යද?
      මේ දෝරේගලායන හීනමානයට ඉඩ දෙන්න. මේ වෛරය මුදා හරින්න දෙන්න.
      මොවුන් පෙළනා දැඩි මානසික ආතතිය මුදා හැරීමට ඔබේ කොමෙන්ටු කොටුවේ පුංචි ඉඩක් දෙන්න පුළුවන්නම් ඒකත් අගෙයි. ඔවුන්ගේ අටුවාවේ ඕන දෙයක් ලියාගෙන හැකි විලසට නිදහස් වෙන්න ඉඩ දෙන්න.//

      සිරා! හිස් තැන් පුරවගන්න කරන උත්සාහෙනෙ. පව් කියල නිකන් ඉමු.

      • මෙච්චර අමාරුවෙන් , මහන්සියෙන් සහ කැපවීමෙන් සිංහලයව මුස්ලිම් කොරන්න දඟලන්නෙ මොකදට කියල අමුතුවෙන් විශ්ලේෂණය කොරලා විවරණය කරන්න ඕනෑ වෙන්නෙ නෑ. ගොනා එන්නෙ පොල් පැලේ මුලත් එක්කම ගිලින්නයි කියල අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒකට කුරාණෙන් දෙන අනුබලය ගැන මේ පෝස්ට් එකෙන් විස්තර කරල තියෙනවා. ඔන්න ඕක නිසා තමයි මෙයාල මෙච්චර නලියන්නේ , දඟලන්නේ. දැන් ඉතිං කොරන්න තියෙන්නෙ එක දෙයයි. මේක වෙන්න ඇරල උඩ බලන් ඉන්නවද නැත්තම් ඒකට එරෙහිව තමන්ට හැකි අයුරින් ක්‍රියාත්මක වෙනවද කියල තීරණයක් ගන්න එක විතරයි කියල ඕං කිව්ව පිටස්තර මහත්තයෝ.