හස්බන්ඩ්‍රි

තව පරිණාමයට සම්බන්ධ කතාවක්

දඩයම් යුගයෙ ගෝත්‍ර විදියට කණ්ඩායම් ගැහෙද්දි පිරිමි ටික දඩයමේ ගියාය, ගෑණු ටික ගෙදර දොර පාලනය කරගෙන හිටියය කියලයි ඩෙස්මන්ඩ් මොරිස් කියන්නෙ. කසාදෙ කියන එක හැදෙන්නෙත් එතනින් කියලයි නිරුවත් වානරයා පොතේ තියෙන්නෙ.

දඩයමේ යන පිරිමි හවසට එකතු වෙලා ගිය දඩයම් ගැන විස්තර කියව කියව පොඩි සෝෂලයිසේෂන් පාරක් යනව. මේක ඇගෙන් එන දෙයක්. සමාජය ඇතුලෙ වැඩි කොටසක් මෙහෙම socialize වෙන්න ආස අය ඉන්නෙ. සමහර විට අතීතයෙදි එහෙම කණ්ඩායම බැඳීමක් නැති වුන ජාන අමාරු කාල වලදි නැති වෙලා යන්න ඇති.

සත්තු පාලනය කරල, බැටළුවො, එළුවො, බල්ලො, පූසෝ රැක බලාගන්නෙ වැඩි පුර ගෑණු. ඒ හිජාබ් එකක් නැතුව එලියට යවන්න තියෙන බයට නෙමෙයි. දඩයමේ යනවට වැඩිය ගෑණු මනසකින් කරන්න පුලුවන් වැඩක් නිසා. අද මේකට කියන වචනෙ Animal Husbandry.

දඩයම් යුගයෙ පහු කරල ශිෂ්ඨාචාරෙකට ඇතුලු වෙනකොට මේ භූමිකා දෙක ටික ටික නැති වෙනව. දැන් අපි දඩයමේ යනව වෙනුවට එක තැනකට වෙලා කෝඩ් කොටනව. පොඩි ගතියක් තියෙන දෙයක්, ඒ කියන්නෙ උගුලක් අටවල හරි වෙන ක්‍රමයකට හරි සතෙක් දඩයම් කරනව වගේ ගතියක් තියෙන දෙයක් වෙනවනං වෙන්නෙ අවුරුදු දහයකට සැරයක්. පිරිමි සිකුරාදාටවත් සෙට් වෙන්න බලන්නෙ අර කලින් කියපු හවසට හවසට socialize වෙන්න තියෙන ආසාවෙම extension එකක් නිසා කියලත් සමහරු කියනව.

මෙතනදි තමයි මගෙ පොයින්ට් එකට එන්නෙ. conflict of interests. පිරිමි සෙට් වෙන්න යද්දි ගෑණු husbandry කරන්න neural connections හදාගෙන ඉන්නෙ. “ඔය ඇති ඕයි, දැන් යන්” කියල ගෙදර ගිහිල්ලත් අහගන්න වෙන්නෙ ඒකයි. කොච්චර අහගත්තත් Totally Worth It කියල හිත හදාගන්නෙ ඉතුරු වෙච්ච ජාන නිසා වෙන්නත් ඇති.

dca

මම කියන්න දඟලන්නෙ Husbandry කියන එකේ Husband කියල තියෙනව කියන එක.

(ඇත්තම සීන් එක ඕක නෙමෙයි)

3 thoughts on “හස්බන්ඩ්‍රි

  1. විද්‍යාත්මක කතිකාවේදී වෙනකෙකුගේ පර්යේෂණයක් සත්‍ය ලෙසම සිදු වූ සේ ප්‍රතිපල බාර ගන්නට මින්ස්සු සූදානම් ය. මයිකල්සන් මෝලි දෙන්නා කන්නාඩි පර්යේෂණය කල බව දුටුවේ නැති නමුත් අපි එය ඇත්තෙන්ම සිදු වූ බවක් සිතමු. දැන් කවුරුත් ආයිත් පීසා කුලුනට නැග බෝල බිමට දමන්නේ නැත.

    ආගමික කතිකාවේදී වෙනකෙකු ගේ පර්යේෂණයක් පිලි නොගැනීම මිත්‍යා දෘෂ්ටියක් විචිකිච්චාවක් සාතන්ගේ කුමන්ත්‍රණයක් හෝ අරාබියේදී නම් මිය යාමට කස පහර කෑමට හේතුවක් විය හැකිය. කිසි කෙනෙක් යෙහොවාට කතා කර ටෝරාව හෝ බයිබලය ගැන වෙරිෆිකේෂන් අරගෙන නැත.

    දේශපාලනයේදී ඇස් පනාපිට දත්ත තිබියදීත් අපි වෙනකෙකුගේ කතන්දරයක් සත්‍ය ලෙස බාර ගන්නෙමු. විසිවෙනි ශත වර්ෂය පුරාම ඇසින් දුටු සාධක තිබියදී තාමත් කට්ටිය මෙව්වා එක කර මෙව්වා එක බිහි කරන්නට පෙළපාලි වල කෑ ගහන්නේ එබැවිනි [අදාළ වචන කපා දමන ලද්දේ පීලි පැනීම වළක්වන්නයි – නැතිනම් මෙතන කොමෙන්ට් සීයක් විතර වැටේවි පොත් එකසිය පනහකින් විතර කොපි කර]

    මේ දක්වා මගේ කොමෙන්ටුව චමිලගේ පොස්ටුව මෙන්ම යන්නේ කොහේද මල්ලේ පොල් ය.

    හැබැයි මෙතනදි තමයි මගෙ පොයින්ට් එකට එන්නෙ. විවාහය සියලු විද්‍යාත්මක ආගමික දේශපාලන ස්වාභාවයන් අතික්‍රමණය කරයි. එදිනෙදා දිවියේ හමුවන මයිකල්සන් ලා මෝලි ලා ගැලිලියෝ ලා සිද්ධාර්ථ ලා ජේසු ලා මාක්ස් ලා ලෙනින් ලා ස්ටාලින් ලා කසාද බඳින හැටි හා විවාහ ජීවිතයේ සමාජාත්මක පැත්ත ගත කරන හැටි කොච්චර පෙනුනත්, බඳින්න යන එකා ඒවා බාර ගන්නේ නැත. හැබැයි ඌට වෙනකොට කතා කරන්නේ මෙතෙක් අහලාවත් නොතිබූ දෙයක් ලෙසිනි.

    විවාහය නරකයි කියා නොකියමි. එහෙත් එක්කෝ බඳින්නේ නැතුව ඉන්න ඕනේ. නැතිනම් සත්‍යය දැනගෙන ලිඳේ පනින්න ඕනේ. ලිඳට පනින එකා දියේ ගිලුන බවට චෝදනා කිරීම විවාහයේ මාර ආතල් එකකි.

    වැඩේ වෙන්නම එපැයි තේරෙන්න නේ බං.

Return Fire!