ඇයි ඔයාලා මොනවා කරන්නද

යෙදුම්

මල් වවන්නන් බ්ලොග් අවකාශය සුන්දර කරනවා යැයි කියූ කණ්ඩායමකි. මල් වවනවා වෙනුවට අන්තිමට බ්ලොග් අවකාශය අසූචි ගොඩක් බවට පත් කිරීමට සමත් වන ලදී.
ලකෆ්‍රෑන්ස් මල් වවන්නන්ගේ ප්‍රධාන සතුරා වන අතර නිර්ණාමික, අන්වර්ථ නමක් යටතේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන අයෙකි.
391078_615503525145242_1172850062_n

Captured by Lishan (http://picbylish.blogspot.com/)

නිර්ණාමිකත්වය පිලිබඳව අලුතෙන් කිසිවක් කියා දිය යුතු නැත. තොත්ත බබාලා වුවද තමන්ගෙ මැට්ටං තම්මැට්ටං කර ගෙන සිටීමට තහනම් කර දමන නිර්ණාමිකත්වය පිලිබඳ කතිකාවත පසුගිය මාස කිහිපය පමණක් නොව සියලුම ප්‍රකාශන කලාවන්හි ආරම්භයේ සිටම පැවත එන්නකි. ඊයේ පෙරේදා ලියන්න කියවන්න පටන් ගත්තවුන්ට පමණක් මෙය මැජික් එකකි. නොතේරෙන්නෙකි. එනිසාම බිය විය යුතු දෙයකි.

නිර්ණාමිකව ප්‍රකාශනය වන දෙයක කතෘ කෙනෙකු සහතික කර ගත නොහැක. මෙම අර්ථ දැක්වීමට අනුව තාක්ෂණිකව Blogger, WordPress හෝ වෙනත් ඕනෑම මංගත ප්‍රකාශන මාධ්‍යයක ප්‍රකාශ කරන්නෙකු නිර්ණාමික අයෙකු බවට පත්වේ. ඒ මෙම සේවාවන් භාවිතා කිරීමට අවශ්‍ය වන්නේ ඊමේල් ලිපිනයක් පමණක් වන බැවිනි. ඊමේල් සේවාදායකයින්ද, ඊමේල් ලිපිනද ඕනෑ තරම් මංගතව සාදාගත හැක. එබැවින් චමිල ද අල්විස් හෝ ආනන්දවර්ධන හෝ මගේ මරණය හෝ මකබාස් හෝ නිර්ණාමික කමෙන්ට් කරුවෙකු අයත් වන්නේ නිර්ණාමික සාමාජිකයින්ගේ ගොඩටය. මෙයින් අවශ්‍යනම් චමිල ද අල්විස්, ආනන්දවර්ධන, මගේ මරණය හා මකබාස් අන්වර්ථනාමිකයින් (pseudonyms) ගොඩට දමා ගත හැක. එහෙත් එයින්ද කියැවෙන්නේ හැඳුනුම සහතික කර ගත නොහැක යන්නයි.

Twitter හැර වෙනත් සමාජ ප්‍රකාශන සේවාවක තමාගේ හැඳුනුම සහතික කර ගැනීමට හැකියාවක් ලේඛකයා දන්නා තරමින් නැත. Twitter හි වුවත් තමාගේ හැඳුනුම සහතික කර ගැනීම දීර්ඝ ක්‍රියාවලියක් වන අතර ඉන්පසුව වුව අත්වන විශේෂ වරප්‍රසාදයක් නැත.

ප්‍රකාශනයේදී, විශේෂයෙන්ම මංගත ප්‍රකාශනයේදී ප්‍රතිචාර නොවැලැක්විය හැකි කරුණකි. ලෝකය යනු එකිනෙකාගේ වීදුරු බෝල නොව එක් එක් වර්ගයේ මිනිසුන් සිටින කැඳ හැලියක් වීම මීට හේතුවයි. කෙල්ලන් කොටට ඇඳීමට අකමැති මිනිසුන් සිටින මුත් එයින් සියලුම කෙල්ලන් දිගට ඇඳිය යුතු බවක් පැවසෙන්නේ නැත. එයින් කියැවෙන්නේ කොටට අඳින කෙල්ලන් දෙස බැලීමෙන් පෙර කී මිනිසුන් වැලකිය යුතු බවයි. ලෝකය යනු තමන් නොවන බවත් තම තමාගේ මතිමතාන්තර ලෝකයට බලෙන් කැවීමට යෑම සියදිවි නසා ගැනීමක් බවත් නැවත නැවතත් ඔප්පු වී ඇති කරුණකි. ආගම පිලිබඳ ප්‍රසිද්ධ කියමනක් මේ සඳහා අගනා වේ.

Religion is like a penis.
It’s fine to have one.
It’s fine to be proud of it.
But please don’t whip it out in public and start waving it around,
And PLEASE don’t try to shove it down my children’s throats.

තම තමන්ගේ අදහස් උදහස් ගැනද කිව යුත්තේ එයමය.

තව දුරටත් උදාහරණයක් ගනිමු. මගේ පෞද්ගලික අදහස වන්නේ නිර්ණාමිකත්වයට අකමැති අය මංගතව අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකිය යුතු බවයි. එය සාධාරණ තර්කයකි. මදුරුවන්ට අකමැතිනම් වඩාත් සුදුසු දේ වන්නේ ගෙතුලට වී සිටීමයි. මෙය සියල්ල පිලිපැදිය යුතු නැත. පිලිපැද්දා නං වඩාත් සුදුසු නමුත් එසේ සිදු විය යුතුම නැත. ඒ ලෝකය කරකැවෙන්නේ මා වටේ නොවන බැවිනි.

අවාසනාවකට මෙවැනි අදහස් ඇත්තවුන් පිලිබඳ අප දරන ලිබරල් දැක්ම ඔවුන් නිර්ණාමිකත්වය පිලිබඳ දක්වන්නේ නැත. තමනුත් නිර්ණාමික බව නොදැන (මේ මොලේ අමාරුවක් ද උපන්ගෙයි මෝඩ කමද නැතිනම් සරල ලෙසම නොදැනුවත්කමද යන්න පැහැදිලිව කිව නොහැක) නිර්ණාමිකත්වයට පහර ගසති. නියම පිරිමිකම නමින් පැමිණීම යැයි පාරම් බාති. එහෙත් ඕනෑම අයෙකුගේ නමින් Blogger කමෙන්ට් දැමීම මෙන්ම ඕනෑම අයෙකුගේ ඊමේල් ලිපිනයකින් යවන ලෙසට ඊමේලයක් යැවීම කිරි කජු වැඩක් බව එක්කෝ මුන් දන්නේ නැත. නැති නම් දැන දැනත් බොරු උජාරුවක් ආරූඪ කර ගැනීමට උත්සහ කරති.

අවසානයේ නිර්ණාමිකව ලියන්නේ මොවුන් යැයි නිර්ණය කොට ඔවුන්ට අහු වූ තැන ලේ පනින්න ගහන බව නිර්ණාමිකව දෙසා බාති.

kathandara

263997_240538989297526_888554_n

ලකෆ්‍රෑන්ස් යනු බ්ලොග් අවකාශයේ නවතම නිර්ණාමික ප්‍රවණතාවයයි. ඔහු/ඇය/ඔවුන් නිසැකවම මෙම සංසිද්ධියේ පලමුවැනි ආගමනය නොවේ. අවසන් ආගමනයද නොවේ. නයි මිරිස්, මකබාස්, සූස්ති ගුණේ, ඇනොනිමස් ආතල්, ලකෆ්‍රෑන්ස් ප්‍රවාහයේ මීලඟ පුරුක කොහෙන් මතු වේවිද කිව නොහැක.

මේ සියලු අවස්ථා වලදී මෙන්ම ලකෆ්‍රෑන්ස් අඩවියේ පලවන කරුණු සමඟ ලේඛකයා බොහෝ වේලාවට එකඟ වන්නේ නැත. එය බොහෝ විට පෞද්ගලික මඩ ප්‍රහාර සමඟ පැමිණෙන කුණු රසයක් මිස වැඩක් ඇති දෙයක් වන්නේ නැත. නමුත් “බ්ලොග් අවකාශයේ මල් වවන්න” යැයි දෙසා බා එදා මෙදා තුර බ්ලොග් අවකාශය තුල පල වූ පහලම මට්ටමේ කුණුහරප හා මඩ ප්‍රහාර (යම් අවස්ථා වලදී මල් කණ්ඩායමේම අයට නොනැවතී ඔවුනොවුන්ගේ පවුල් පසුබිම් ද අදාල කරගෙන) පල කිරීමට තරම් තුච්ඡ හැසිරීම් පෙන්නුම් කල අයට වඩා ලකෆ්‍රෑන්ස් සිය ගුණයකින් වටිනා බව කිව යුතුය.

එය කෙසේ වුවත්, ලකෆ්‍රෑන්ස් එසේවත් නොවටිනා අයෙකු වුවත්, අදහස් පල කිරීමේ අයිතිය, විශේෂයෙන්ම ලංකාවේ කෙසේ වුවත් අන්තර්ජාලය තුල අදහස් පල කිරීමේ අයිතිය ඕනෑම් අයෙකු සතුය.

I do not agree with what you have to say, but I’ll defend to the death your right to say it.

Voltaire (not originally quoted)

සිංහල බ්ලොග් පරිසරය තුල අදහස් පල කරන්නේ කවුද නොකරන්නේ කවුද යන්න පාලනය කිරීමට පොලිසියක් අවශ්‍ය නැත. මල් වවන්නන් වේවා සංසද හෝ වේවා සදාචාර පොලිසියකින් සිදු කරන්නේ තමාගේම කකුල් පාමුල බෝම්බ ගසා ගැනීමකි. ලපයි සිපයිගේ පවා අදහස් නිදහසේ එකතු වීමට ඉඩ ලබා දී ඇති අන්තර්ජාලය ඇහිරීමට උත්සහ දැරීමකි.

ලකෆ්‍රෑන්ස් යැයි සැක කල කිහිප දෙනෙකුට එරෙහිව එවැනි තර්ජනයක් ගොඩ නැගීමට පටන් ගත්තේ පසුගිය මාසය ඇතුලතය.

cyber-threat

වැප් නිෂාන්තට, ඕනමැන්ටලයට හා කතන්දරට සයිබර් සැණකෙලියේදී නොසෑහෙන්න ගුටි දෙන බවට මල් වවන්නන්ගෙන් තර්ජන පිට තර්ජන එල්ල වෙද්දී ලේඛකයා ඇතුලු පිරිස මෙම “වලියට” (මේවා වලි නොවන බව පසුව ඔප්පු කර පෙන්විය හැක) එක් වන්නේය. ඒ අනුව ලකෆ්‍රෑන්ස් මොකා වුනත් ඔහුගේ ලාංඡනයද ඇතුලත් කර ටී ෂර්ට් එකක් පැලඳ ගත් කණ්ඩායමක් අවුරුදු උත්සවය අතර මගදි එයට ගොඩ වදින්නේ මේ කියන චණ්ඩින් කවුදැයි හඳුනා ගැනීමටත් සිංහල බ්ලොග් පරිසරය තුල විරුද්ධ අදහස් ලිවීම සැබෑ ලෙසම ගුටි කන වැඩක්ද යන්න සොයා බැලීමටත්ය.

wali

අහෝ ඛේදයකි! චණ්ඩින් එක්කෝ අවුරුදු උත්සවයට ඇවිත් නැත. ආවත් පෙර කියූ කණ්ඩායම එන්න කලින් කොහේ හෝ ගොසින්ය. “අවි අමෝරා ගත්තා” කියූ එකෙක්වත් පේන්න නැත. එකෙක් දෙන්නෙක් පැමිණ “අයියේ” කියා ලිස්සා යයි. තවෙකෙක් ඔරවා බලා ඉක්මනින් අහක බලා ගනී. අන්තිමට කොණ්ඩ පටලවා ගත් ගැහැණු වලියක් පැන නැගුනත් ආසාවට “අඩෝ” කියන්නට එකෙක්වත් සිටියේ නැත.

වලි සිඟිති ආතල් වලින් තොරව දවස නිමා වන්නේ පහත නිගමන ද සත්‍ය බවට පත් කරමිනි.

  • එක්කෝ සිංහල බ්ලොග් පරිසරය තවමත් විරුද්ධ අදහස් ලිවීම ගුටි කන වැඩක් බවට පත් කරගෙන නැත. නැතිනම් ගුටි දෙනවා යැයි පැවසූ පිරිස සත්‍ය වශයෙන්ම ගුටියක් තියා පහක්වත් දාන්න පණ නැති කී බෝඩ් වීරයින්ය.
  • ලකෆ්‍රෑන්ස්ට මෙලෙස එලිපිට සහය දීමක් බොහෝ අය කලින් නිගමනය කර නැත.
  • එලිපිට නොවුනත් බොහෝ අය රහසින් ලකෆ්‍රෑන්ස්ට සහය දෙති.
  • නිර්ණාමිකත්වයට එරෙහි වන බොහෝ අය එසේ කරන්නේ “පොර” මානසිකත්වය පෝෂණය කිරීමටය. පිරිමින් බස් එකේදි ජැක් කාරයෙක් අසුවූ විට පහර පිට පහර දී  ඊලඟ බස් රථයේදී ජැකක් ගසාගෙනම ගෙදර යාම මීට සමාන කාර්යයකි.
  • ලකෆ්‍රෑන්ස් ලියන්නේ මේ ටී ෂර්ට් කණ්ඩායම/කණ්ඩායමේ අයෙකු/කණ්ඩායමේ කිහිප දෙනෙකු බව මල් වවන්නන් තීරණය කර ඇත. ඒ අනුව ඉදිරි “නිර්ණාමික” ප්‍රහාර තීරණය වනු ඇත.

තත්වය සතුටු දායකය.

නමුත් මේ ටිකත් කිව යුතුමය.

  1. ලකෆ්‍රෑන්ස්ගේ අදහස් බොහෝමයකට අප එකඟ වන්නේ නැත. නමුත් ඔහුට ඒ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට අපි ස්ථිර වශයෙන්ම එකඟ වන්නෙමු. ඒ, එම අයිතිය නැති වූ දාක ඊට එරෙහි වන එකඟ වන සියල්ලන්ගේ ද අයිතිය නැති වන හෙයිනි.
  2. ඇනොනිමස් ලාංඡනය අඩංගු ටී ෂර්ට් එක අපගේ අදහස් වල නියෝජනයක් පමණි. එයින් අප ලකෆ්‍රෑන්ස් අඩවිය සමඟ සම්බන්ධ බවක් කියැවෙන්නේ නැත. නමුත් අවශ්‍ය ඕනෑම අයෙකු එසේ සිතා ගත්තාට අවුලක් ද නැත.
  3. බ්ලොග් අවකාශයේ පලමු නිර්ණාමික ප්‍රහාරකයා ලකෆ්‍රෑන්ස් නොවේ. අතීතයේ සිටි මකබාස්, සුස්ති ගුණේ ආදීන් සමඟ තැබූ විට ලකෆ්‍රෑන්ස් ලදරුවෙකි. ඔහුට/ඇයට/ඔවුන්ට ඉගෙනීමට බොහෝ දේ ඇත.
  4. සිංහල බ්ලොග් අවකාශය ප්‍රධාන ධාරාවේ අවධානයට යොමු වීමට බොහෝ සෙයින් සේවයක් ඉටු කලේ නිර්ණාමික/අන්වර්ථ නාමික බ්ලොග්කරුවෙකු වන ටැබූ සබ්ජෙක්ට්ස්ය. තමන් නියම නමින් පෙනී සිටින පිරිමින් යැයි පවසන නපුංසක හාල් කෑලි බස මරමින් ලියනා පල් හෑලි (“කකුලෙ ඇතුලේ ගහපුවා“, “ගෑණු කටට ගන්න හැටි“, “බ්ලොග් අවකාශයේ ලෙස්බියන් කපල්ස්” යනු මෙවැනි හෝතඹුවන්ගේ මෑත කාලීන සටහන් වල මාතෘකා කිහිපයකි) නොව අවුරුදු ගණනක් පලපුරුදු පත්තරකාරයින් පවා පසු බැස්සවූ ලිවීමක් කල ටැබූ නැති වීමම හාල් කෑලි උඩට ගැසීමට හේතු වී ඇත. ලියන්නා නිර්ණාමිකද නැද්ද යන්න කිසිසේත්ම අදාල නැති කරුණකි.
  5. අප නිර්ණාමික අපහාස වලින් බොහෝ සේ බැට කා ඇත. පසුගිය අවුරුදු පහ පුරාවටම සිදු වූයේ එයයි. එසේ වන විට අපට විකල්ප දෙකක් ඇත. එක) බබා පාට් එක දමා නිර්ණාමිකත්වයට එරෙහි වීම. දෙක) නිර්ණාමිකත්වය මෙවලමක් බවත් ප්‍රථිපලය රඳා පවතින්නේ භාවිතා කරන්නා මතත් බව සිතා ගැනීම.
  6. නිර්ණාමික අපහාස සිදුවන්නේ ඔබට පමණක් නොවේ. “මට කිව්වට කමක් නෑ. අනිත් අයටත් කියනවනේ අනේ” වැනි “හුචක්කු” කතා වලින් ඔබේ නිරුවත වසා ගැනීමට හැකි වන්නේද නැත. අපිද මෙයට ආගන්තුක කාලයේදී නිර්ණාමිකත්වය නොතේරුණු විට ඊට බිය වීමු. නමුත් ඕනෑම අයෙකු යම් කාලයක් තුල මෙම සංසිද්ධිය තේරුම් ගත යුතුය. So grow the FUCK UP and be quick about it!

අවසන් වශයෙන් කිව යුත්තේ නිර්ණාමිකත්වය යනු මෙවලමක් පමණක් බවය. එය මල් වවන්නන් වැන්නන් අතට ගිය විට පහත ප්‍රථිපලය දැක ගත හැක.

cyber-threat2

ඉන්දික ආයෙමත් පාරක් කාටදෝ සල්ලි එවා ඇත. මූ නං ඉගෙන ගන්න පාටක් නැත.

මේ එම මෙවලම නිවැරදිව භාවිතා කර සිංහල බ්ලොග් අවකාශයට සැබෑ සේවයක් කල අයෙකුගේ මතක සටහන්ය. මෙහි පල වූ රසවත් ප්‍රතිචාර නිතරම පාහේ නිර්ණාමික වූ අතර මෙහි මුල් ලේඛකයාගේ සත්‍ය හැඳුනුම තවමත් දන්නා අයෙකු නැත.

නිර්ණාමිකත්වය යන ලී කොටය ටැබූ විසින් වැඩ දමා අංග සම්පූර්ණ කැටයමක් බවට පත් කර ගත් විට මල් වවන්නන් විසින් එහි කූඤ්ඤය ඇද දමා ඇට දෙක  තලා ගන්නා ලදී.

ඔබ එය භාවිතා කරන්නේ කුමක් සඳහාද?

Update (25/04) :  බ්ලොග් අවකාශය තුල අන්තර්ගතයන්හි තත්වය පහල යෑමට නිර්ණාමිකත්වය ආධාර කලේ යැයි මතයක් ගොඩ නැගී ඇත. නමුත් ඇත්ත තත්වය මීට හාත් පසින්ම වෙනස් වේ.

සිංහල බ්ලොග් ආරම්භ වූ කාලයේ බ්ලොග් ලියූ බොහෝ දෙනා පෙනී සිටියේ අන්වර්ථ නාම වලිනි. සත්‍ය නම බොහෝ විට ප්‍රසිද්ධ කලේ නැති තරම්ය. ඒ තමා කවුරුන්ද යන්නට වඩා තමාට කියන්නට ඇත්තේ කුමක්ද යන්න වටිනා බැවිනි. නමුත් මෙය “ප්‍රකෘතියට” පැමිණෙද්දී බ්ලොග් අවකාශයට ආගමනය වූ බොහෝ අයට අවශ්‍ය වූයේ “පොර ප්‍රොෆයිලයක්” සාදා ගැනීමය.  තමා කවුද යන්න තමා ලියන දේට වඩා වැදගත් වන්නේ එතැනදීය.

ඉදින් සත්‍ය වශයෙන්ම සිදු වන්නේ ඉහත තර්කයේ අනිත් පැත්තයි. බ්ලොග් අවකාශයේ ගුණාත්මකභාවය පහලට යන්නේ නිර්ණාමිකත්වයට විරුද්ධ රැල්ලත් සමඟයි.

Update 2 (25/04) : Title එක in defense of anonymity. In defense of Lakafrance නෙමෙයි. 

26 thoughts on “ඇයි ඔයාලා මොනවා කරන්නද

  1. නිර්ණාමිකත්වය යන ලී කොටය ටැබූ විසින් වැඩ දමා අංග සම්පූර්ණ කැටයමක් බවට පත් කර ගත් විට මල් වවන්නන් විසින් එහි කූඤ්ඤය ඇද දමා ඇට දෙක තලා ගන්නා ලදී.

    බි.පේ.සි

  2. ඔබ ආගම් සම්බන්ධව උපුටාගත් ප්‍රකාශනය සහ එය ගැලපූ ස්ථානය ගැන සම්පූර්ණ එකඟයි.නූතනත්වය උගැන්වීමට අසමත් වූ පාඩම වන්නෙත් අවිදැරීම නොව අවියෙන් ප්‍රයෝජන ගන්නා ආකාරයමය

  3. බොහොම හොද වාර්ථාවක්….. සයිබර් සැණකෙලියට මං ආවේ නැති නිසා මට මේ ගැන අදහස් පළ කිරීමේ අයිතියක් තියෙනවාද කියන්න මම දන්නේ නෑ ..එහෙම එකක් නෑ කියලා හිතෙනවා නම් මේ කමෙන්ට් එක අයින් කරලා දැම්මට කමක් නෑ….

    මම සාමාන්‍යයෙන් අදහස් පළ කරන්න එච්චර ඉක්මන් වෙන්නේ නෑ… විශේෂ‌‌ෙයන් අහක යන කෝච්චිවලට බෙල්ල තියන්න ආසාවක් නැති නිසා…. මේ ගැන අදහස මෙහෙම ලියන්නේ උඩ ෆොටෝ එකේ මං ගොඩක් ආසාවෙන් කියවන බ්ලොග්කරුවෝ කීපදෙනෙක් ඉන්නවා කියලා දැක්ක නිසා.. ( ඒ අයව අඳුරගත්තේ ෆොටෝ ටැග් කිරීම් හරහා)

    ඔයාලා මේ කරපු දේ ( ෆොටෝ එකේ බ්ලොග් අවකාශයේ අවුරදු කීපයක අත්දැකීම් තියෙන කීපදෙනෙක් ඉන්නවා කියලා දකින නිසා) හරයක් නැති වැඩක් විදියට මම දකිනවා….

    නිර්ණාමිකත්වය හෙවල් ඇනෝනිමස් සංකල්පය ගැන කලින් ටැබූ, මෑතකදී සමනළ විප්ලවය ලේඛකයා සහ තවත් කීපදෙනෙක් විසින් ඇති කරලා තිබ්බ සදාචාරවත් තත්වය මේ වෙනකොට පේන්න තියෙනවා කියලා හිතන්න බෑ… ඒක කවුරු විසින් නැති කළාද කියලා කියන්න මම දන්නෙත් නෑ…. මොකද ඇනෝ කියන්නේ නිර්ණාමික හෝ ආරූඪ නම්, ඒ පිළිබඳ වගකීමක් කිසි කෙනෙක්ට දෙන්නත් බෑ, කිසි කෙනෙක්ට ගන්නත් බෑ…. ඒකයි ඒ සංකල්පයේ හොඳ සහ නරක…. හැබැයි මේ විදියට ටී ෂර්ට් ඇඳගෙන ආපු එකෙන් ඔයාලා මොනාවා බලාපොරොත්තු උනත් දැන් මං හිතෙන විදියට මේකෙන් සිද්ධ වෙන්නේ මෙන්න මේ දේවල් ටික….

    එක – ලකෆ්‍රැන්ස් කියන නිර්ණාමික බ්ලොග් අඩවියට විශාල ප්‍රචාරයක් ලබා දීම
    දෙක – ඔය ෆොටෝ එකේ ඉන්න සෙට් එක වෙනම කල්ලියක් විදියට එළියට බැසීම සහ ඒකෙන් බ්ලොග් කල්ලිවාදයට ලොකු තල්ලුවක් දුන්න එක
    තුන – ඇනොනිමස් සංකල්පය හරවත්ව භාවිතා කරන්න දන්නේ නැති සමාජයක ඒක සාධාරණීකරණය කරන්න කරපු උත්සාහයක් විදියට සමාජගත වීම

    ///ලකෆ්‍රෑන්ස්ගේ අදහස් බොහෝමයකට අප එකඟ වන්නේ නැත. ///

    ලක‌ෆ්‍රෑන්ස්ගේ ලෝගෝ එක භාවිතා කරලා ඔයාලා ටීෂර්ට් ඇඳන් ආපු එකෙන් ඔයාලා බලාපොරොත්තු උනේ ඇනෝනිමස් සංකල්පය සාධාරණ බව ඔයාලා හිතන බව පෙන්නුම් කිරීම කියලා මම හිතනවා. හැබැයි උඩ උපුටලා තියෙන කොටසේ තියෙන විදියට ලකෆ්‍රෑන්ස්ගේ අදහස් කියන්නේ ඒ බ්‌ලොග් අඩවිය තුළ කමෙන්ට් විදියට නිර්ණාමිකව ( ඇනෝනිමස් ලෙස) පළ කරන මඩ සහ හිතලු, කතන්දර ලෙස ගොඩ නඟා, පෝස්ට් එකක් ලෙස ඉදිරිපත් කිරීමක් විතරක් බව පේන නිසාවෙන්, ඒ බ්ලොග් අඩවියේ සදාචාරවත්භාවය පිළිබඳ ගැටළුවක් මට තියෙනවා…. එහෙම නම් ඇනෝනිමස් සංකල්පය සදාචාරවත් ලෙස භාවිතා කරන්න නොදන්න තැනකදි ඒක ‘ වඳුරන්ට දැලි පිහි බෙදාහැරීමක්” විදියට මම දකිනවා….

    ( මේක ලිව්‌ෙව් ෆොටෝ එකේ ඉන්න සියලුම දෙනා වෙනුවෙන් බව චාමරට තේරුම් යයි කියලා හිතනවා…. )

      • හිරු,

        ඔබ කියල තියෙන බොහොමයක් දේවල් වලට පෝස්ට් එකේම උත්තර තියෙනව. ඒත් මම ආයෙත් කියන්නං.

        1) හරියටම ගත්තොත් අපි ලකෆ්‍රෑන්ස් අඩවියට ටී ෂර්ට් එකෙන් කිසිම ප්‍රචාරයක් දීල නැහැ. නමවත් ඇඩ්‍රස් එකක්වත් කොහෙවත් ගහල නෑ. අහල තියෙන්නෙ සරල ප්‍රශ්නයක්. මෙතන එකම ප්‍රශ්නෙ එන්න පුලුවන් ලාංඡනය ගැන. ඒත් ඒකත් “ලකෆ්‍රෑන්ස් ලාංඡනය” නෙමෙයි. ලකෆ්‍රෑන්ස් පාවිච්චි කරන්නෙත් අපි පාවිච්චි කලෙත් ඇනොනිමස් කණ්ඩායමේ ලාංඡනය. ඒක පොදුවේ නිර්ණාමිකත්වයට සම්බන්ධ ලාංඡනයක්. ඇත්ත. සයිබර් අවුරුදු උත්සවයට ආපු හුඟක් අයට ඒක තේරෙන්නෙ නැතුව ඇති. ඒත් තම තමන්ගෙ දැනුම වර්ධනය තම තමන්ට අදාල දෙයක් නේද?

        2) කල්ලිවාදය. මේක puritan අදහසකින් ගත්තොත් ඇත්ත කියල කියන්න පුලුවන්. සෙට් එකක් එකම ටී ෂර්ට් එක ඇඳගෙන උත්සවයකට ආපු එක. අපි අනිත් සෙට් අමතක කරමු. බස් රේඩියෝ, ලාස්ට් රෝ අරවා මේවා. ඒවා අපේ වගේ යම් දුරකට දේශපාලනික අදහසක් දෙන්න හදන අය නෙවෙයිනෙ.

        ඒත් ඇත්ත මොකද්ද? අපි කල්ලියක්ද? ඔව් අපි එකට කනව බොනව (එහෙම කරන්නෙ විශ්වාසයක් ඇති අය එක්ක විතරනෙ. හැම කොල්ලයි බල්ලයි එක්කම කන බොන සිරිතක් නෑ නෙ). ඒත් බ්ලොග් අවකාශෙ කල්ලියක්ද? අපි එක එකාගෙ පිට කසා ගැනීම් නැහැ. මේ පෝස්ට් එකේ වත් තාම පිට කසල නැහැ. “සිරා”, “හික් හික්”, “මාරයි අයියා”, “දෙන්න පහක්” වගේ කමෙන්ට් දාන අය නැහැ.

        අපි අතරේ එකම අදහස් තියෙන එවුන්වත් නැහැ. දේශපාලනිකව වුනත් බොහෝම වෙනස් අදහස් තියෙන එවුන්. හැබැයි බ්ලොග් අවකාශය ඇතුලත free-speech ගැන ගත්තොත් එතනදි අපි එකම අදහසේ ඉන්නෙ.

        අපි කල්ලිවාදය ව්‍යාප්ත කරනවද? :D අපි ඔය ටී ෂර්ට් එක ගැන තීරණය ගත්තෙ ලකෆ්‍රෑන්ස් අඩවිය ආශ්‍රිතව තිබුන කල්ලිවාදය දැකල. අමුතුවෙන් ව්‍යාප්ත කරන්න මොනවත් තියෙනවද? ප්‍රසිද්ධයි කියන බ්ලොග් අඩවි වල මොනවද තියෙන කමෙන්ට්? අපිද කල්ලිවාදය ගේන්නෙ?

        සාමය රැක ගන්නනං යුද්ද කරන්න ඕනෙ කිව්වාම උන්ට විරුද්ධව සාමයේ අගය කියල දෙනව වගේ වැඩක් ඒක.

        3) මේක සාධාරණ විවේචනයක්. ඇත්ත. නිර්ණාමිකත්වය හත්පොලේ ගාගත්ත සමාජයක්. ඒත් අවුල තියෙන්නෙ සමාජයේ මිසක් නිර්ණාමිකත්වයේ නෙමෙයි. ඒක මම පැහැදිලිව කියල දීල තියෙනව. අපි එකට ඉන්නෙත් නිර්ණාමිකත්වයට ඇති අයිතිය ගැන විතරයි. ඔබ ඒක යොදාගෙන කරන දේ ගැන අපිට අදාලත්වයක් නෑ. ඒකට කරන්න වෙන්නෙ පුද්ගල සංවර්ධනය.

        වඳුරො ඉන්න නිසා දැලිපිහි ඔක්කොම විනාස කරල හරියන්නෙ නැහැ. ඒකට කරන්නෙ ඕනෙ වඳුරො අයින් කරල දාන එක.

        අනිත් එක, නිර්ණාමිකත්වයට එලිපිට විරුද්ධ වෙන බොහෝමයක් අයගෙ නිර්ණාමික හැසිරීම වඳුරු හැසිරීමට ලඟයි. ඒක රසවත් සංසිද්ධියක්. දෙබිඩි මානසිකත්වයට වඩා පොර මානසිකත්වයක්. ඒත් ඒක හරියට පාවිච්චි කරන කෙනාට වඳුරන්ගෙන් වැඩක් නැහැ. ඔහු ඒක කොහොමත් හරියට පාවිච්චි කරනව. වෙන්න ඕනෙ නිර්ණාමික වුනත් නොවුනත් අදහසේ වටිනාකම සලකන තත්වයකට සිංහල බ්ලොග් පත්කිරීම.

        හිරු, කියන්නෙ නිර්ණාමික හැඳුනුමක්. මම දන්නෙ නෑ ඔබ කවුද කියල. ඒත් ඔබ ලස්සනට විරුද්ධ අදහස් කිහිපයක් කමෙන්ට් එකක දාලා තියෙනව. “අඩෝ තොගෙ කැවුත්ත කනව වේ** පු*” කියල පටන් අරගෙන නැහැ. මම ඔබට “තෝ කොහොමද යකෝ එහෙම කරන්නෙ පො** හු***” කියල උත්තර දීලත් නැහැ.

        ඔබටම තේරෙනව ඇති නේද මම කියන දේ. :)

        • චමිල,

          මෙතන තියෙන්නේ එකම ප්‍රශ්නයක් විතරයි නේද අන්තිමට…. මම හිරු කියන නමින් හෝ මගේ ඇත්ත නමින් හෝ කමෙන්ට් එකක් දානව මගේ අදහස පැහැදිලිව කියලා… තව තැනක මම ඇනෝනිමස් කමෙන්ට් එකක් දානවා ඔයා කියලා තියෙන තරු ළකුණු ටිකත් එක්කම…. පළවෙනි එකේ වගකීම මට පවරන්න ඔයාට පුළුවන් උනත්, සහ මට ඒ වගකීම ගන්න පුළුවන් උනත් දෙවනි එකේ වගකීම මට පවරන්න හෝ මට බාරගන්න හෝ පැහැදිලිවම බෑ… ඒකයි ඇනෝනිමස් එකේ අවශ්‍යතාවය…. ඔය කිව්වේ මට තේරෙන විදියට….

          එත‌ෙකාට….. ඔයා පෝස්ට් එක මුලින්ම පටන් අරන් තියෙන දේ ගත්තොත්….

          ///මල් වවන්නන් බ්ලොග් අවකාශය සුන්දර කරනවා යැයි කියූ කණ්ඩායමකි. මල් වවනවා වෙනුවට අන්තිමට බ්ලොග් අවකාශය අසූචි ගොඩක් බවට පත් කිරීමට සමත් වන ලදී.
          ලකෆ්‍රෑන්ස් මල් වවන්නන්ගේ ප්‍රධාන සතුරා වන අතර නිර්ණාමික, අන්වර්ථ නමක් යටතේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන අයෙකි.///

          ඔය පිරිස අද මේ විරුද්ධ වෙන්නේ මේ අයටමය කියලා කො‌ෙහාමද හිතන්නේ…? ඔයාලා කොහොමද මේ වගකීම කාටවත් බාර දෙන්‌ෙන්… ? මම දැකලා තියෙන විදියට ලකෆ්‍රැන්ස් බ්ලොග් අඩවිය තුළ කමෙන්ට් කීපයක් ඇරෙන්න අනිත් සියලුම කමෙන්ට් “ ඇනෝනිමස්” කමෙන්ට් විතරයි… එත‌ෙකාට ලකෆ්‍රෑන්ස් එක ලියන්නේ හෝ එකේ කමෙන්ට් කරන්‌ෙන් හෝ ( ප්‍රධාන “හතුරා” කියලා තියෙන නිසා) මේ දෙපිරිස විතරයි කියලා නිගමනයකට ඔයා කො‌ෙහාමද ආවේ….?

          ( අසූචි කතාව මම පිළිගන්නේ නෑ.. මොකද අසුචි වලක් කියලා කියන්න නිර්ණායකයක් මෙතන නැති නිසා… මේකේ නිර්ණායකය සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලේ සිනමාව සහ ගස් වටේ දුවන වාණිජ සිනමාව තෝරන නිර්ණායකය වගේ දෙයක් නම් මට හිතෙන්නේ ඔය දෙකම සිනමාව විතරයි නිසා කාටවත් ඔය එකක්වත් අසූචි කියන්න අයිතියක් නෑ කියලා විතරයි.)

          එත‌කොට මෙන්න මේ ටික…

          ///ඒත් ඇත්ත මොකද්ද? අපි කල්ලියක්ද? ඔව් අපි එකට කනව බොනව (එහෙම කරන්නෙ විශ්වාසයක් ඇති අය එක්ක විතරනෙ. හැම කොල්ලයි බල්ලයි එක්කම කන බොන සිරිතක් නෑ නෙ). ඒත් බ්ලොග් අවකාශෙ කල්ලියක්ද? අපි එක එකාගෙ පිට කසා ගැනීම් නැහැ. මේ පෝස්ට් එකේ වත් තාම පිට කසල නැහැ. “සිරා”, “හික් හික්”, “මාරයි අයියා”, “දෙන්න පහක්” වගේ කමෙන්ට් දාන අය නැහැ.///

          ///(එහෙම කරන්නෙ විශ්වාසයක් ඇති අය එක්ක විතරනෙ. හැම කොල්ලයි බල්ලයි එක්කම කන බොන සිරිතක් නෑ නෙ). ///

          මට අහන්න තියෙන්නේ එහෙනං මොකටද මේකට ආවේ කියලා…?

          බ්ලොග් සැණකෙලියට ඔයාලා ආවේ කල්ලියක් විදියට බව මේ පෝස්ට් එකෙන් සහ ෆොටෝ එකෙන් පේනවනේ.. මොකද එදා එතනට ආරාධනා ලැබුවේ බ්ලොග් ලියන, කියවන හැමෝටම…. ඔයාලා කිසි කෙනෙක් නොදන්න අයත් එතන ඉන්න ඇති.. හැබැයි ඔයාලා එතනට ගියේ කටිටිය හම්බුවෙලා කතා කරලා, කලා බීලා, අවුරුදු සෙල්ලම් වල යෙදිලා , හිනාවෙලා එන්න නෙවෙයි.. ඔය කල්ලියේ පෞද්ගලික උවමනාවක් සපුරාගැනීමේ අවශ්‍යතාව නිසා… ඒකයි ඔයාලට ටී ෂර්ට් එකක් ප්‍රින්ට් කරගන්න තරම් පෙර සූදානමක් අවශ්‍ය උනේ…. ඔයාලගේ මතය කියාපෑම අනිවාර්යයෙන්ම අවශ්‍ය උනත්, ඒක මේ වගේ අවස්ථාවක ඉස්සරහට දමාගැනීමත් සදාචාරවත් නෑ කියලා මම හිතන්නේ…..

          කමෙන්ට් කීරීම් සම්බන්ධයෙන් මට කියන්නේ තියෙන්නේ කිසිම බ්ලොග් එකක කමෙන්ට් කරන අයගේ කමෙන්ට් ගැන නිගමන වලට එන එක වැදගත් නෑ කියලා…. මොකද කියවීම සහ රස වීඳීම කියන්නේ එක එක්කෙනාගේ මානසික තත්ව අනුව වෙන දෙයක්…. ඔයාට වැදගැම්මකට නැති දෙයක් මට රසවත් වෙන්න පුළුවන්… මම ඒකට “ නියමයි” කියලා කමෙන්ට් එකක් දැමීම පිට කසාගැනීමක් වෙන්නේ කො‌ෙහාමද කියලා මට තේරෙන්‌ෙන් නෑ…..

          අන්තිමට ඔයා කියලා තියෙන එකට මාත් එකඟයි… ප්‍රොෆයිල් හෝ ඇනෝ හෝ කමෙන්ට් අවශ්‍ය වන්නෙ අදහස් දැක්වීමට…. හැබැයි ඒ අදහස් දක්වන කෙනාගේ අදහස පිළිබඳ මිස කෙනා ගැන හොයන්න යන එකේ තේරුමක් නෑ…. ඒ වගේම එකඟ වීම් හෝ විරුද්ධ මත දැක්වීම් පිට කසාගැනීම් විදියට දකින එකෙත් තේරුමක් නෑ….. මට ‌මේ පෝස්ට් එක කියෙව්වාම “ ඇත්ත ” කියලා හිතුනාම, මම ඒක කමෙන්ට් එකක් විදියට දානවා මිසක් ඔයාගේ පෝස්ට් එකේ තියෙන දේවල් රිපීට් කරන්න යන එකේ තේරුමක් නෑනේ…

          මට මේ ගැන ගොඩක් දේවල් තියෙනවා කියන්න.. ඒත් වැඩක් නෑ…. මොකද ඇත්තටම මේ කරන්නේ අනන්‍යතාවයක් නැති පිරිසක් වෙනුවෙන් යම්කිසි අනන්‍යතාවයන් තියෙන පිරිස් කීපයක් ගහමරාගැනීම…. සමහර විට ඔය අනන්‍යතාවයන් නැති පිරිස, අනන්‍යතාවයන් තියෙන පිරිසම වෙන්න පුළුවන්.. ඒත් කවුද අන්තිමට වගකීම බාර ගන්නේ… හානිය සිද්ධ වෙන තැනදි ඒක සිද්ධ වෙලා ඉවර උනාම “ අපි ඔය ටික කිව්වා. උන්ට ඔලුව නැති උනාට අපි මක් කරන්නද ” කියලා අත පිහිදගන්නෙත් වැරැද්ද සාධාරණීකරණය කරපු අයම තමයි අන්තිමට….

          • මේක ටිකක් එක තැන කරකැවෙනව වගේ. මොකද හිරු එක දෙයක් කියන්නෙ නැති නිසා. එක තැනක හැම රසයක්ම සාපේක්ෂයි කියල අනිත් තැන ලකෆ්‍රෑන්ස්ගෙ අන්තර්ගතයෙ සදාචාරාත්මක බව ප්‍රශ්න කරනව. මේක එක විදියක contradiction එකක්.

            ලිබරල් world view එකත් අන්තවාදී මට්ටමකට ගියාම යුද්දෙ නරකයි, මිනිස්සු මැරෙනව, ඒ නිසා යුද්ද කරන්න එපා කියන දේවල් එලියට එනව. පහුගියා කාලෙත් එහෙමයි. ඒත් යුද්දෙ තිබුනෙ නැත්තං ලිබරල්වාදිනුත් සුන්නද්දූලි වෙලා යන්න අන්තවාදීන් අනිත් පැත්තෙන් ගහනව. මේක ප්‍රායෝගික සත්‍යයක්.

            //එත‌ෙකාට….. ඔයා පෝස්ට් එක මුලින්ම පටන් අරන් තියෙන දේ ගත්තොත්….//

            මේක මට මුල ඉඳන් කියල දෙන්න ටිකක් අපහසු වගේම වෙහෙසකර වැඩක්. ඒත් පහුගිය අවුරුද්ද පුරාවටම බ්ලොග් අවකාශය දිහා බලාගෙන හිටියනං මේක තේරෙනව. සරලව කියන්නං. කැලේකට නොදන්න මොනවද ටිකක් වැටෙනව. ඊලඟ දවසෙ ඉඳන් කැලේ සත්තුන්ව කොටි මරාගෙන කනවා. ඊට කලින් කැලේ කොටි හිටියෙ නෑ. මේකට මාර ඉන්වෙස්ටිගේටිව් මොලයක් අවශ්‍ය වෙන්නෙ නෑ.

            //මොකද අසුචි වලක් කියලා කියන්න නිර්ණායකයක් මෙතන නැති නිසා//

            මේකත් අන්ත ලිබරල්වාදයේම offshoot එකක්. කලාවට නිශ්චිත රසයක් නැහැ කියල හැම දෙයක්ම “කලාව”ට ගොඩ දාලා දෙන එක.

            අවුල තියෙන්නෙ සාපේක්ෂ world view එකකට ගියොත් අපි, මම කියන දේවලුත් නැති වෙලා යනව. ඒක අවුල් යන නිසා තමයි අපි basic standards පිහිටවගන්නෙ. අපි පිහිටවගන්නව cannibalism අවුල් කියල. pedophilia අවුල් කියල. ඒ වගේම වැල පත්තර කියන්නෙ කලාව නෙමෙයි කියලත්. Erotic Genre එක කියන්නෙ වැලම නෙමෙයි. ඒ වගේම Tinto Brass ගෙ නිර්මාණයකුයි වින්දන පත්තරේක යන නිර්මාණයකුයි සමාන වෙන්නෙ නෑ. ඒක “එකිෙනකාට දැනෙන මට්ටම” කියල සාධාරණීකරණය කලොත් pedophile කෙනෙක්ට දඬුවම් කරන්න බැහැ. ඇයි එකිනෙකාගෙ ලිංගික ආශාවන්. Cannibalism? එකිනෙකාගෙ රස මට්ටම්.

            ලකෆ්‍රෑන්ස්ගෙ අදහසුත් මේ වගේ. කවුරු මොනව කිව්වත් එතන පලවෙන බොහෝ දේවල් සාදාචාරත්මකව අවුල් කියන එක basic standard එකක්. ඒ වගේම තමයි බ්ලොග් කරුවන්ගේ තරහ මරහ පවුල්, ලමයි පිටින් යවන එක.

            ඒත් ඒ නිසා පොදුවේ නිර්ණාමිකත්වයට පහර ගහන්න යන එක වැල සයිට් තියෙන නිසා ඉන්ටර්නෙට් බ්ලොක් කරනව වගේ වැඩක්. ඒක සරලව තේරුම් ගන්න පුලුවන්. ඒක තේරුම් නොගෙන සාපේක්ෂ තියරි යොදන්න ගියොත් වැඩේ පටලැවෙනව. කියන දෙයක් පැහැදිලි නැති වෙනව.

            අසූචි අසූචි ලෙස හඳුනාගැනීම වැදගත්. නැතිනම් කෙනෙකුට අසූචි වෙන දේ මට නොවෙන්න පුලුවන් කියල ඉඹින්න ගියොත් එතන ලොකු අවුලක් වෙනව. දාර්ශනිකව ලෝකය සාපේක්ෂ විදියට අනන්තයකට යන්න පුලුවන් වුනත් ප්‍රායොගිකව ඒවට සීමා තියෙනව. අපි අමතක කරන්නෙ අපි ජීවත් වෙන්නෙ ප්‍රායෝගික මට්ටමේ කියන එක.

            //බ්ලොග් සැණකෙලියට ඔයාලා ආවේ කල්ලියක් විදියට බව මේ පෝස්ට් එකෙන් සහ ෆොටෝ එකෙන් පේනවනේ.. මොකද එදා එතනට ආරාධනා ලැබුවේ බ්ලොග් ලියන, කියවන හැමෝටම…. ඔයාලා කිසි කෙනෙක් නොදන්න අයත් එතන ඉන්න ඇති.. හැබැයි ඔයාලා එතනට ගියේ කටිටිය හම්බුවෙලා කතා කරලා, කලා බීලා, අවුරුදු සෙල්ලම් වල යෙදිලා , හිනාවෙලා එන්න නෙවෙයි.. ඔය කල්ලියේ පෞද්ගලික උවමනාවක් සපුරාගැනීමේ අවශ්‍යතාව නිසා… ඒකයි ඔයාලට ටී ෂර්ට් එකක් ප්‍රින්ට් කරගන්න තරම් පෙර සූදානමක් අවශ්‍ය උනේ…. ඔයාලගේ මතය කියාපෑම අනිවාර්යයෙන්ම අවශ්‍ය උනත්, ඒක මේ වගේ අවස්ථාවක ඉස්සරහට දමාගැනීමත් සදාචාරවත් නෑ කියලා මම හිතන්නේ…..//

            මේ කොටසම හිරුගෙ contradiction එක වැඩිපුරම එලියට පනින තැනක්. මුලින් හිරු කියනව සයිබර් සැණකෙලියට ආවෙ නෑ කියල. දැන් හිරු ෆොටෝ බලල නිගමන වලට ඇවිත් සදාචාරාත්මකව නිර්ණය වලටත් එනව. දැන් අර කලින් කියපු සාපේක්ෂ තියරිය ගලපන්න.

            ඒවා පැත්තක තියල මම අදහසට උත්තර දෙන්නං.

            ඔව්. අපි ආවේ බ්ලොග් අවකාශයෙ අදහස් ප්‍රකාශනයට තියෙන අයිතිය ගැන හොයල බලන්න. ඇත්තටම විරුද්ධ අදහස් වලට ගහන්න කට්ටිය ලෑස්ති වෙලා ඉන්නවද බලන්න. ඒක පෞද්ගලික උවමනාවක් සපුරා ගැනීමක්ද? :D හා එහෙමත් කියමු. එතකොට එතනට ආපු අදේශපාලනික “සමාජශීලින්” පොදු උවමනාවටද ආවෙ? :D හිරු ඒ කතාව දෙපිටකාට්ටුයි නේද?

            මේ වගේ අවස්ථාව? මොකද්ද මේ අවස්ථාව? බ්ලොග් කරුවො හමු වීමක්. ඇයි බ්ලොග්කරුවන්ගේ හමුවීමකදී බ්ලොග් අවකාශයෙ සිද්දියක් ඉස්සරහට දාන එක සදාචාරයට පටහැනි? :D

            // අනන්‍යතාවයක් නැති පිරිසක් වෙනුවෙන් යම්කිසි අනන්‍යතාවයන් තියෙන පිරිස් කීපයක් //

            මෙතනදි හිරු මගෙ පෝස්ට් එක කියවල නෑ කියන එක කියන්න ඕනෙ. අනන්‍යතාවය කියන්නෙ හරියටම මංගත පරිසරයෙදි ඔප්පු වුන දෙයක්ද? මම දැන් කමෙන්ට් එක දාන්නෙ හිරුගෙ නමින්. දැන් හිරුගෙ අනන්‍යතාවය කෝ?

            මෙතනදි ඇත්තටම වෙන්නෙ ඒකයි. අනන්‍යතාවය නැති පිරිසකට එරෙහිව අනන්‍යතාවයක් නැති තවත් පිරිසක් විරුද්ධ වීමට අනන්‍යතාවයක් නැති තවත් පිරිසක් විරුද්ධ වීම (loop වැඩි වෙන්න පුලුවන් . පරිස්සමින් කියවන්න.)

            අපිට abstract විදියට හිතන්න ඕනෙ තරම් පුලුවන්. ඒත් abstract structures ප්‍රායෝගිකව apply කරද්දි වෙනස්කම් බොහොමයක් සිදු කරන්න වෙනව. chaos කියන්නෙ ඒකයි.

            මම කතා කරන්නෙ ප්‍රායෝගික මට්ටමකින්. හිරු කතා කරන්නෙ ඇබ්ස්ට්‍රැක්ට් මට්ටමෙන්. ඒ නිසා මම කාරුණිකව ඉල්ලා සිටිනව ප්‍රායෝගික මට්ටමේ කරුණු වලින් update වෙන්න කියල.

            – පිටස්තරයා

          • පිටස්තරයා

            මම මේකට ආවේ නෑ සහ ෆොටෝ එක බලලා මගේ අදහස හෝ නිගමනය ඉදිරිපත් කරන්න මට අයිතියක් නෑ කියලා හිතනවා නම් කමෙන්ට් එක පබ්ලිෂ් නොකර ඉන්න කියලා මම පළවෙනි කමෙන්ට් එකෙන්ම කිව්වා නේ….

            ///මේක ටිකක් එක තැන කරකැවෙනව වගේ. මොකද හිරු එක දෙයක් කියන්නෙ නැති නිසා. එක තැනක හැම රසයක්ම සාපේක්ෂයි කියල අනිත් තැන ලකෆ්‍රෑන්ස්ගෙ අන්තර්ගතයෙ සදාචාරාත්මක බව ප්‍රශ්න කරනව. මේක එක විදියක contradiction එකක්.////

            හරි…. මම එතනදි වැරදියි… පැණී රසයත්, කුණු රසයත් රසයක්ම තමයි…. ඒක විඳින්න සදාචාරමත්භාවයක් අවශ්‍ය නෑ කියලා මට අමතක උනා…. සමාවෙන්න…

            මම ඇත්තටම සමහර බර වචන පාවිච්චි කරන්න දන්නේ නෑ… කියවලා තේරුම් ගන්න පුළුවන් උනාට…. ඒක නිසා මට තේරෙන බාසාවෙන් අහන්නම්…. මම මෙතන කියන්න උත්සාහ කරන්නේ….

            ඇනෝනිමස් කියන ආකල්පය අවශ්‍යයි කියන තැන ඉන්න ඔයාලා ( මේ ෆොටෝ එකේ ඉන්න අය…) යම්තැනකදි ඒකෙන් සමාජයට හා සාමජයේ ඉන්න පුද්ගලයන්ට, මෙතනදි නම් සයිබරය, හානියක් සිද්ධවෙනවා නම්, ඒ හානිය නැති කරන්න එළිපිටම ඉදිරිපත් වෙනවාද ….? ( සයිබරයේ පොලිසියක් නෑනේ.. ඉන්නේ බ්ලොග් ලියන කියවන අය ටික විතරයි…. කරන දෙයක් කරන්න හෝ නොදැක්කා වගේ අහක බලාගෙන ඉන්න හෝ ඉන්නේ ඒ අය විතරයි)

            කුමක් හෝ අනන්‍යතාවයක් සහිතව, සමාජයේ කුමන ආකාරයක ජීවිතයක් ගතකරන ( ඒක එළිපිට කියන කෙනෙක් නම්) පුද්ගලයෙක්, බ්ලොග් එකක් ලිවීමේදී, ඒ පුද්ගලයාගේ කුලය, මලය, ඉගනීම ( අට පාස්ද, උපාධිධරයෙක්ද) පිළිබඳ සොයන්නේ නැතුව ලිවීම හෝ ලියවිල්ල සම්බන්ධයෙන් පමණක් කමෙන්ට් කරන අයද….? ( බ්ලොග් වලින් පිටස්තරව කෙරෙන අන්‍යෝන්‍ය පිට කසා ගැනීම් නොමැතිව)

            ඒ වගේ යම්කිසි අනන්‍යතාවයක් සහිතව බ්ලොග්කරණයේ යෙදෙන පුද්ගලයෙක්ට, පෞද්ගලික ජීවිතය අදාළකරගෙන ඇනෝනිමස් ලෙස අනවශ්‍ය ලෙස පහර දෙනවා නම්, ඔය කට්ටිය, ඔය විදියටම ඒ පුද්ගලයාගේ කුලය, මලය, ඉගනීම ( අට පාස්ද, උපාධිධරයෙක්ද) පිළිබඳ සොයන්නේ නැතුව ඒ පුද්ගලයා වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙනවාද…?

            //// – // අනන්‍යතාවයක් නැති පිරිසක් වෙනුවෙන් යම්කිසි අනන්‍යතාවයන් තියෙන පිරිස් කීපයක් //

            මෙතනදි හිරු මගෙ පෝස්ට් එක කියවල නෑ කියන එක කියන්න ඕනෙ. අනන්‍යතාවය කියන්නෙ හරියටම මංගත පරිසරයෙදි ඔප්පු වුන දෙයක්ද? මම දැන් කමෙන්ට් එක දාන්නෙ හිරුගෙ නමින්. දැන් හිරුගෙ අනන්‍යතාවය කෝ?////

            මේ කතාව මෙතනට වලංගු නෑ නේද… මෙතන ෆොටෝ එකක් තියෙනවා… ෆොටෝ එකේ ඉන්න කට්ටිය මේ වෙනකොට විරුද්ධවාදියෝ කියලා කොටසක් හඳුනගෙන ඉන්නවා… ( හෝ මල් වවන කට්ටිය කියලා කොටසක් බ්ලොග් අවකාශයේ හඳුනගෙන ඉන්නවා)

            මම මෙතන කතා කරන්නෙ සිද්ධීන් කීපයක් ගැන… මේ සිද්ධීන් වල අනන්‍යතා කීපයක් පැහැදිලිවම තියෙනවා.

            එක සයිබර් සැණකෙලිය
            දෙක ලකෆ්‍රෑන්ස්
            තුන ලකෆ්‍රැන්ස් එකේ ඇනෝනිමස් කමෙන්ට් දාන අය
            හතර මේ ‌ෆොටෝ එක
            පහ චමිලගේ මේ පෝස්ට් එක
            හය හිරු හෙවත් මම

            මේ ටික මම කිව්වේ ප්‍රායෝගික මට්ටමෙන් මට මෙතන පේන ප්‍රශ්න ටික… ඔන්න මම ප්‍රායෝගික මට්ටමට ආවා කියලා මං හිතනවා…

            ///ලකෆ්‍රෑන්ස්ගෙ අදහසුත් මේ වගේ. කවුරු මොනව කිව්වත් එතන පලවෙන බොහෝ දේවල් සාදාචාරත්මකව අවුල් කියන එක basic standard එකක්. ඒ වගේම තමයි බ්ලොග් කරුවන්ගේ තරහ මරහ පවුල්, ලමයි පිටින් යවන එක.////

            ‌මේක ලක්‍රෑන්ස්ගේ වැරැද්දක් විදියට මට දකින්න බෑ.. ලකෆ්‍රෑන්ස් කරන්නේ ඇනෝනිමස් ලෙස මඩ සහ හිතලු ඉදිරිපත් කිරීමට සහ එක්රැස් කිරීමට වේදිකාවක් හදලා දීලා, ඒ මඟින් තමන්ට කතාවක් ගොඩ නඟා ගැනීම සහ පසුව එය කතාන්දරයක් ලෙස පෝස්ට් එකක් මඟින් ඉදිරිපත් කිරීම…. මං දකින විදියට….

            ///අසූචි අසූචි ලෙස හඳුනාගැනීම වැදගත්.///

            මේක තමයි මටත් කියන්න තියෙන්නේ අන්තිමට….

            කො‌හොම උනත් මේ කතාව කොයිතරම් කියෙව්වත් ඉවරයක් නැති දෙයක් බව මම දන්නවා.. මොකද මේ සංකල්පය අපිට වඩා වයසයි…. මීට කලිනුත් මේ සයිබරය ඇතුලේ මේ සංවාද මේ විදියට ගිහින් තියෙනවා.. ඒවා අන්තිමට ඉවර උනේ පෞද්ගලික ගහමරාගැනීම් වලට ගිහින්… මොකද මේවා මෙතනින් එහාට බ්ලොග් අවකාශෙන් එහා ගිහින් එතන තවත් කල්ලි හැදෙන නිසා…. ප්‍රායෝගිකව ඒක තමයි සිද්ධ උනේ මෙච්චරකල්…. ඒක නිසා මේ සංවාදයට මගෙන් වැටෙන අවසාන කමෙන්ට් එක මේක… බො‌ෙහාම ස්තූතියි චමිල මගේ අදහස ඉදිරිපත් කරන්න අවස්ථාව ලබාදුන්නට…..

          • //මම මේකට ආවේ නෑ සහ ෆොටෝ එක බලලා මගේ අදහස හෝ නිගමනය ඉදිරිපත් කරන්න මට අයිතියක් නෑ කියලා හිතනවා නම්//

            මම එතනින් කිව්වෙ අයිතියක් නෑ කියල නෙමෙයි. ෆොටෝ බලල සිද්ධි දාමයක නිගමන වලට එන එක කොච්චර ප්‍රායෝගිකද කියල ප්‍රශ්න කරපු එක. ඔබ කිව්වෙ අපි ආවේ කාලා බීලා සහභාගි වෙලා විනෝද වෙන්න නෙවෙයි කියල. අන්තිමට අපි නැත්තං කඹ ඇදිල්ලෙන් නිතරඟයෙන් ලාස්ට් රෝ දිනුම්. ඔබේ නිගමනයි ඇත්ත සිද්ධි දාමයයි අතර ලොකු වෙනසක් තියෙනව කියන එකයි මම කිව්වෙ.

            //පැණී රසයත්, කුණු රසයත් රසයක්ම තමයි//

            ආයෙමත් අර කලින් කතාවම. ඔබමයි කිව්වෙ එක්කෙනුකට පැණි රස දේ අනෙකාට කුණු රසයක් කියල. මේ මගේ වචන නෙමෙයි. ඔබේ වචන.

            //ඇනෝනිමස් කියන ආකල්පය අවශ්‍යයි කියන තැන ඉන්න ඔයාලා ( මේ ෆොටෝ එකේ ඉන්න අය…) යම්තැනකදි ඒකෙන් සමාජයට හා සාමජයේ ඉන්න පුද්ගලයන්ට, මෙතනදි නම් සයිබරය, හානියක් සිද්ධවෙනවා නම්, ඒ හානිය නැති කරන්න එළිපිටම ඉදිරිපත් වෙනවාද ….?//

            මේ කරපු දේ ගැන වැඩි අවබෝධයක් නැතුව ඇති නිසා කියල හිතල තමයි මම පෝස්ට් එකත් ලිව්වෙ. හිරු කරුණාකරල පෝස්ට් එක ආපහු කියවල බලන්න. ඔබම කිව්ව වගේ ආයෙ ආයෙ රිපීට් කරන එකේ තේරුමක් නෑනෙ. මෙතන අපි කලේ ටාස්ක් ෆෝස් එකක් දාපු එක කියල හිතනවනං වඩාත් විමසිල්ලෙන් ආයෙ කියවන්න. බ්ලොග් අවකාශයෙ ටාස්ක් ෆෝස් එකක් වෙනවට වැඩිය අපිට (කල්ලියට) ඇත්ත ලෝකෙ වැඩ තියෙනව.

            හැමෝටම හිටපු ගමන් එකක් අමතක වෙලා තියෙනව. ලකා එක කුණුහරපයක් නැතුව ලියන පෝස්ට් වලට “විරුද්ධව” හද්ද කුණුහරප වලින් පිලිතුරු එන්නෙ කොහෙන්ද කියන එක. සමහරු කියනව ලකාම වෙන්නැති කියල. ඒක කියල අනිත් පැත්තට භාරත තමන්ටම වෙඩි තියාගත්ත වෙන්න බෑ කියලත් කියනව.

            අපිට ඕන තරං කරුණු එකින් එකට පැන පැන (කලින් කියපු දේවල් වලට හිරු උත්තර දීල නෑනෙ) වාද කරන්න පුලුවන්, ඒත් මේ බ්ලොග් අවකාශය සුන්දර කරන්න කියල අභීතගෙ “ගෑණිට හු***” කියල ලියන්න පුලුවන් වෙච්ච අය ගැන අමතක කරන්න බැහැ. ඒ වගේම හිරු මොකක් හරි අදහසකින් ඒ අයට විරුද්ධ වුන දවසක හිරුගෙත් අම්ම අප්ප පවුල් ඇදගෙන තර්ජන කරන එක නවත්තන්නත් බැහැ.

            අන්තිම වතාවට කියන්නෙ. අපි ලකෆ්‍රෑන්ස්ට සම්බන්ධ නැහැ (සම්බන්ධයි කියල හිතා ගත්තත් අපිට අවුලක් නෑ. මොකද ඔය කියන තර්ජන ගර්ජන දාන්න එක චණ්ඩියෙක්වත් ඇත්ත ලෝකෙට එන්නෙ නෑ කියල අපි දන්නව.). ඌට සපෝට් කරන්නෙත් නැහැ. ඒත් ඌට ලියන්න තියෙන අයිතියට සපෝට් කරනව. මේ දෙක වෙන් කර ගන්න බැරි නම් මෙතනින් එහාට අහන්න එපා.

            //ෆොටෝ එකේ ඉන්න කට්ටිය මේ වෙනකොට විරුද්ධවාදියෝ කියලා කොටසක් හඳුනගෙන ඉන්නවා//
            මේකනං තව තවත් බබා පාට් දැමීමක් මිසක් වෙන මොනවත් නෙමෙයි. කවුරු හරි කියනවනං ලකාගෙ අඩවියෙ කුණුහරප කමෙන්ට් දාන්නෙ කබ්බො කියාගත්ත රෑණ නෙමෙයි කියල හේතු දෙකක් මත එහෙම කියන්න පුලුවන්.

            1) මේ තත්වය තාම ඇති සැටියෙන් දකින්න අකමැතිව කබ්බො එහෙම කරන්නෙ නෑ කියල හිතා ගන්න එක. අවුල තමයි තමන් දන්නෙ නැති පුද්ගලයින් ගැන රෙකමදාරු දෙන්න යන එක.

            2) ඒක ඇත්ත කියල දැන දැනත් තව දුරටත් වහ ගන්න තැත් කිරීම. ඒක කෙලින්ම කුහක කම.

            පරණ බ්ලොග් ලියන අයට අවුරුදු උත්සවයෙදි ලේ පනින්න ගහනව කිව්වෙ කවුද කියල කියන්න අවුරුදු පහක් බ්ලොග් ලියන මට අමුතුවෙන් පොලිසි යන්න ඕනෙ නෑ. මට අමාරු ඒක අනිත් අයට ඔප්පු කරල පෙන්නන එක.

            මිනිස්සුන්ට ඉබේම අමතක වෙන දෙයක් තියෙනව. ඇත්ත සමාජෙ මූණ ඔන්ලයින් ආවාම සම්පූර්ණයෙන් වෙනස් වෙනව කියන එක. ඒක අපි ආයෙ ආයෙ දැකල තියෙනව. ඕනෙම කෙනෙක් එහෙමයි. ඒ නිසා හිරු නොදන්න පුද්ගලයින්ට රෙකමදාරු දෙන්න යන්න එපා.

            අන්තිම ෆයිනල් කියන්නේ. කවුරු හරි හිතනවනං මේ පෝස්ට් එකෙන් කරන්නෙ ලකෆ්‍රෑන්ස්ට සහය දීම කියල ඔහු/ඇය මුලින්ම පෝස්ට් එක බොහොම තැන්පත්ව කියවල බලන්න ඕනෙ. අපි ලකෆ්‍රෑන්ස් කියල හිතාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඔන්ලයින් භූතයින්ට බය වෙන්න අපිට දෙයක් නෑ. ඔන්ලයින් භූතයො ඇත්ත ලෝකෙට එද්දි ඉර එලියට වාෂ්ප වෙනව කියල එදා අපි දැක්කා.

            තැන තැන නිර්ණාමිකවම ගිහින් නිර්ණාමික පුද්ගලයින්ට හද්ද කුණුහරපෙන් බනින එක ගැන මීට එහාට “ගැඹුරින්” වාද කරන්න දෙයක් නැහැ. ඒක හරි සරලයි.

          • තව එක දෙයක්. හිරු අනන්‍යතාවය ගැනම කියන නිසා අහන්නේ.

            ලකෆ්‍රෑන්ස්ට, අභීතට, අභීතගෙ දරුවට පවුලට, වැප්ට, ඕනයට, කතන්දරට සහ කතන්දරගෙ දරු පවුලට අම්ම මුත්ත ඇරල බනිද්දි හිරු ඒ ගැන විරුද්ධ වුනාද කොහෙදි හරි?

            සදාචාරාත්මක අයිතිය ගැන කියල තිබුන නිසා,

            එහෙම නොකර නම් එහෙම බැනපු අයට බනිද්දි ඒකට විරුද්ධ වෙන්න සදාචාරාත්මක අයිතියකුත් නැහැ නේද?

            (මේ හිරුගෙ වචන අල්ලගෙන අහන දේවල්. නැත්තං මට ඕව අදාල නැහැ.)

  4. චමිල උඹ එක්ක 100% එකඟ නැහැ. එහෙත් බොහෝ දුරට.

    පළමුවෙන්ම කියන්න ඕනේ සංකල්පයක් හැටියට උඹ කියන එකට සපුරා එකඟයි. මේ ටික හරි.

    1. ඕන එකෙකුට ඕනේ රෙද්දක් ලියන්නට නිදහස ඇත. ලියන දේ හරි වුවත් වැරදි වුවත් එය අයිතියකි.[මේ ගැන අපි ඇති තරම් කතා කළෙමු]

    2. ඕන එකෙකුට විවේචනයක් දරා ගත හැකි විය යුතුය.

    හැබැයි මෙන්න මෙහෙම දේවලුත් තියෙනවා. මේ කාරනා වලදී අපි දෙපැත්තක ඉන්න පුළුවන්.

    1. විවේචනයේ සීමා පවතියි. “නිදහස” කියන පදනමින් ඒ ලෝක සම්මතය බිඳිය නොහැක. ඒ නිසාම සයිබර් ප්‍රහාර ගැන ලොව පුරා කතිකා මතු වේ. සයිබර් ප්‍රහාර නිසා මිනිස්සු ජීවිත වලින් සමුගෙන තිබේ. මිනිසුන්ට සමාජයේ ජීවත් වෙන්න බැරි තත්ව උදා වී තිබේ. කොහොමත් පූර්ණ ලිබරල් කියන්නේ හද්ද උහතොකොටිකයකි.

    2. ඇනෝ හා අන්වර්ථ නාමිකයන් වෙන වෙනම සලකන්නට කැමැත්තෙමි. දෙවැන්නා මෙම අවකාශය තුල අනන්‍ය ලෙස නියෝජනය වන බැවිනි. අනන්‍ය වීම නිසා අපි ඔහු/ඇය දනිමු. අපි රිසි ලෙස කතා කරන්නෙමු. සංවාදයක් පවත්වා ගෙන යා හැක.

    3. වර්තමානයේ පවතින ඇනෝ කොමෙන්ට් කිරීම තුල සංවාදයක් කල නොහැක [බ්ලොග් කමෙන්ට් අස්සේ සංවාද විය යුතු නැතිනම් එක වෙනම කතාවකි]. සංවාදයක් කල නොහෙන තැනක කොමෙන්ට් කිරීම කාලය කා දැමීමක් කියා මට සිතේ. තමන්ගේ අනන්‍ය ප්රෝෆයිලයකින් එනවා නම් හරි නම නොවීම ගැටලුවක් නැත. එහෙත් තනිකර ඇනොවෙක් ලෙස පැමිණ තාර්කික ප්‍රශ්නයක් නගා අපි එයට උත්තර දීමට ඔහු ලොග් වූ වෙලාව හා දවස සමග මහන්සියක් ගනී කියා සිතන එහෙම නොකලාම “උඹට උත්තර නැහැ නේද” කියා අහන එක විකාරයකි. මම උත්තර දෙන්නේ නැවත වතාවක් ඌ ලියු එකක් හඳුනා ගන්න හැකි අනන්‍ය එව්වන්ට පමණි. සමහර විට එසේ නොවන සංවාද අවකාශය කා දමන එකාලා කිසිම පැකිලීමකින් තොරව ඉවත් කරමි.

    4. බ්ලොග් වල පූර්ණ කොමෙන්ට් නිදහසක් දීම අවශ්‍ය නොවේ. [උඹ මෙහෙම කියා නැහැ – ඒත් මේක අදාලයි] එය ලියන්න ගෙ කැමැත්ත අනුව තීරණය කල හැක. ලියන්නා ගන්නා තීන්දුවට කැමති නැති එවුන කොමෙන්ට් නොකර හිටියාට අවුලක් නැත. මේ ටික කීවේ මේ කතාවේම කොටසක් වන උඹ ඇඩ්රස් නොකළ “කමෙන්ට් කිරීමේ පූර්ණ නිදහස දියව්” කියන එකටයි. මගේ බ්ලොග මගේය. කතා කිරීමේ නිදහස හරහා කක්කා දැමීමට ඉඩ නොදෙන අතර මගේ ස්පේස් එක සංවාද අවකාශයක් විය යුතුය කියන මතය හැමවිටම දරමි. වෙන විදිහකට හිතන අයට එහෙම හිතන්න හා බ්ලොග් ලියාගන්න නිදහස තිබේ.

    5. ඇනෝ කියන්නේ හද්ද ජෙනරික් සීන් එකකි. එය ශ්‍රේෂ්ට දෙයක් හෝ දුෂ්ට දෙයක් නොවේ. එක නිකම් හරියට ෂර්ට් එකක් ඇඳපු එකා ශ්‍රේෂ්ටයෙක් ද වගේ අහසයි වටකොලුයි වර්ගයේ කතාවකි. ඒ ඒ ඇනෝ ක්‍රියාකාරකම වෙන වෙනම එහි ශ්‍රේෂ්ටත්වය හෝ දුෂ්ටත්වය උදෙසා සැලකිය යුතු වේ. හුදෙක් එසේ කරන්න බැරි නිසා “ඇනෝ ලා” කියා එක ගොඩක් ගැන කතා කිරීමේ තේරුමක් නැත.

    6. ඕනෑම කොල්ලෙක් බල්ලෙක් ට කැමති දෙයක් ගැන බ්ලොග් ලිවීමට නිදහස ඇති අතර ඒවා කොලිටි කොන්ට්‍රෝල් කිරීමට කාටවත් බැරිය. ඒවා වැරදි වුනත් හරි වුනත් එම අයිතිය එකසේ පවතියි . එහෙත් ඒවා “හානිකර” වන්නේ නම් එය වැලකීමට සම්මුති නීති දඬුවම් අවශ්‍යය.

    7. බ්ලොග් අවකාශයට මොකුත් වෙලා නැත. ඉස්සර උඹ කියන සිරා පොරවල් ලිව්වේ හා දැන් නොලියන්නේ විවිධ ආරක්ෂක හේතු, එකම දේ කිරීම එපාවීම් වැනි අනිකුත් බ්ලොග් කරුවන්ට සම්බන්ධ නොවන කරුණු නිසාවෙනි. එහෙත් කලින් කලට සිරා ලේඛකයෝ එති. මෑතදී ආපු සමනල විප්ලවය උදාහරණයකි.

    8. සියලු සිංහල බ්ලොග් එකතු කර ඇවරේජ් එක අවුල් කියනවාට වඩා තම තමා රිසි දේවල් පමණක් පලවන සින්ඩි සාදා ගැනීම හෙවත් “ක්ලස්ටරින්” කරන්නට කාලය පැමිණ තිබේ. “ලාන්කිය බ්ලොග් අවකාශය” “සිංහල බ්ලොග් කරුවෝ” වගේ වදන් අතාත්වික දේවල්ය. ඒවා යම ලෙසකින් පවත්වා ගත්තු යුගය ද එවැනිම අතාත්වික යුගයකි. ‘ලංකාවේ දේශපාලන බ්ලොග් කාරයෝ”, ‘ආදර කතා ලියන්නෝ”, “කාපු බීපු ගියපු තැන්” යනාදී ලෙස බ්ලොග් අවකාශය කැඩෙන්න අවශ්‍යය. මේක මට තනියම කරන්න බැරි නිසාවෙන් බ්ලොග් පහක් විතර ආවාට ගියාවට නඩත්තු කරන්නේ එබැවිනි.මේක නොකර බ්ලොග් අවකාශය චාටර් වෙලා කියන එක මහා වලව්කාර කතාවකි [අපි දෙන්නා පුලා-මාරයා-ගම්ලත් ගැන කල කතිකාවට ද අදාළ වේ]

    ලකෆ්රාන්ස් කියන බ්ලොග් එකට ගොඩ වැදී තවම ටික දවසකි. ඌ සම්බන්ධයෙන් මට කියන්න ඇත්තේ ඇනෝ ආතල් ට කියූ දේම තමා. ඌ කරන එකේ ගුණාගුණ මනින්න මට උවමනාවක් නැහැ. හැබැයි ඌ මිනිසුන්ගේ ජීවිත වලට අනවශ්‍ය බලපෑම කරනවා නම් නීතිමය පියවරක් ගැනීම අනිවාර්යයෙන් කල යුතුයි. මොකද සයිබරයේ ඇනෝ වීමේ අයිතිය පිළිගත්තද සයිබරයේ ත්‍රස්ත ක්‍රියා කිරීමට එතුලින් ලයිසන් නැති බැවිනි.

    දැන් ඉතින් හැම එකාම මූ ලකෆ්රාන්ස් අරු ලකෆ්රාන්ස් කියමින් ලකෆ්රාන්ස් ටත් වඩා ඇනයක් වන හැටි බලාගත හැක. උඹේ ලිපියේ සත්‍ය අරමුණ ලෙස දකින මේ සිද්ධිය නම් හද්ද ගොබ්බ සීන් එකකි. බ්ලොග් අවකාශයට “මෙට්‍රෝ එකට” අයිති නොවන්නෙක් හෙවත් මගේ වදනින් කිව්වොත් “පසල් දනව් වැසියෙක්’ ලෙස මෙන්න මෙහෙම්ම දිගටම ඉන්න එකේ වටිනාකම දැනේ.

    • මචං

      “හැබැයි මෙහෙම දේවල්” වලට උත්තර

      1) //පූර්ණ ලිබරල් කියන්නේ හද්ද උහතොකොටිකයකි// මේකම තමයි මාත් කියන්නෙ. පට්ටම ලිබරල් වෙන්න ඕනෙ නෑ. විරුද්ධ අදහස් ලිව්වාම මරණ තර්ජන නොකර හිටියනං ඇති. මෙතන අවුල තියෙන්නෙ ලකෆ්‍රෑන්ස් ලියන එකාව කවුරුවත් නොදැන අභියා, වැපා, ඕනයා, කතන්දරයා කියාගෙන උන්ගෙ දරු පවුල් වලටත් මෙච්චර කල් අහල නැති දේවලුත් ලියල දාන එක. ඒක ඇත්තටම වෙනවද කියන එක බලන්නයි අපි ගියෙ.

      2) මේක උඹේ පෞද්ගලික මතයක්. මගේ මතය පූර්ණ ඇනෝ (Anonymous option එක තෝරගන්න අය) සහ අන්වර්ථ නාමික කියන්නෙ එකම මුට්ටියෙ සෙට් එක කියන එක. ඒත් පෞද්ගලික මත ගැන උඩ තියෙන අදහස මේවටත් අදාලයි. ඇනෝ මොන මට්ටමින් ආවත් අදහස වටිනවනං එච්චරයි. ඒත් වෙන්නෙ වටින අදහසක් වුනත් විරුද්ධ නං ඇනෝ ආවෙ කොන්ද පණ නැති එවුන් කියල excuse එකක් හදාගන්න එක.

      3) //බ්ලොග් වල පූර්ණ කොමෙන්ට් නිදහසක් දීම අවශ්‍ය නොවේ. [උඹ මෙහෙම කියා නැහැ – ඒත් මේක අදාලයි] // මේක ඇත්ත. අනිවා ඇනෝට ඉඩ දීපං කියල කිව්වොත් ඒක පට්ටම අවුල්. ඇනෝ වහනවද නැද්ද කියන එක බ්ලොග් එකේ අයිතිකාරයගෙ වැඩක්. ඒත් ඇනෝ ලියන එවුන්ට වෙන තැන්වල ගිහින කියන ඒව ගැන වගකියන්න බැහැ.

      4) //ඇනෝ කියන්නේ හද්ද ජෙනරික් සීන් එකකි. එය ශ්‍රේෂ්ට දෙයක් හෝ දුෂ්ට දෙයක් නොවේ. // මේකත් පට්ට ඇත්තක් සහ මම යලි යලිත් පොලොවේ පස් කාල කියල තියෙනව. ඇනෝ කියන්නෙ තනිව ගත්තාම දෙයක් නෙමෙයි. ඒත් පාවිච්චි කරන එකා අනුව තමයි ඒකෙ වටිනාකම තියෙන්නෙ. ඕනෙම tool එකක් එහෙමයි.

      5) //ඕනෑම කොල්ලෙක් බල්ලෙක් ට කැමති දෙයක් ගැන ලිවීමට නිදහස ඇති අතර ඒවා කොලිටි කොන්ට්‍රෝල් කිරීමට කාටවත් බැරිය. ඒවා වැරදි වුනත් කරන්න දෙයක් නැත. එහෙත් ඒවා “හානිකර” වන්නේ නම් එය වැලකීමට සම්මුති නීති දඬුවම් අවශ්‍යය// මේක මම උඩදි කියල තියෙනව. කොලිටි කොන්ට්‍රෝල් කරන්න කාටවත් බැහැ. hacking වගේම khan academy ත් තියෙන්නෙ ඉන්ටර්නෙට් එකේ. ඒ නිසා හැක් කලා කියල ඉන්ටර්නෙට් වලට බැනල වැඩක් නැහැ.

      අන්තිමට කියනවන :

      මේක ලකෆ්‍රෑන්ස්ව defend කිරීමක් කියල මතුපිටින් කියවන්න එපා (උඹ එහෙම කියවන්නෙ නෑ කියල මම දන්නව. මේක කියන්නෙ කමෙන්ට් කරන්න ලෑස්ති වෙලා මේ කමෙන්ට් එක කියවන අනිත් එවුන්ට). ලකාව defend කරන්න කිසිම උවමනාවක් මට නැහැ. කොටින්ම “කබ්බෝ” පෝස්ට් එක ඇර උගෙ අනිත් ඒවා සම්ප්‍රලාප වලටත් වඩා එහා ගිය අතිශය පෞද්ගලික මඩ ප්‍රහාර. “කබ්බෝ” පෝස්ට් එකත් වටින්නේ ඒක කරුමෙට වගේ nerve point එකකට අනින නිසා. එතනින් “කබ්බො” කියන සෙට් එකේ true colors එලියට ආවා (අපිට මෙතනදි තොත්ත බබාල වෙලා කියන්න පුලුවන් “ඔයා කියන්නෙ කොහොමද ඒ කබ්බොම කියල” කියල). ඒ ඇර මට ලකාව වටින්නෙ නැහැ. කබ්බෝ කියන එක මුලින් එද්දි මට තිබුන අදහස (http://www.chamiladealwis.com/reaction-to-bullshit) සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඒ පෝස්ට් එකත් ඒකට ආපු ප්‍රතිචාරත් උදව් වුනා.

      හැබැයි ලකාට ලියන්න තියෙන නිදහස වගේම අනිත් එවුන්ටත් දරු පවුල් වලට බැනුම් අහන්නැතුව ඉන්න නිදහසක් තියෙන්නෙ ඕනෙ. ඒක ටෙස්ට් කරන්නයි අපි ටී ෂර්ට් ගැහුවෙ. හමුදාවට claymore ගහද්දි “අඩෝ සාමෙ කැඩෙයි, ගහන්ඩ එපා” කියල ආණ්ඩුවට කිව්ව වගේ ඒකට විරුද්ධ වෙන එක කොටින්ම මෝඩ වැඩක්. මොකද ඒකට විරුද්ධ වෙන අය අර කණ්ඩායමට එක පාරක් විරුද්ධ වුනොත් ඒ අයගෙත් දරු පවුල් වල ආරක්ෂාව ගැන දෙතුන් වතාවක් හිතන්න වෙන නිසා.

      Title එක in defense of anonymity. In defense of Lakafrance නෙමෙයි.

      මග හැරුණු ටිකක්.

      මමත් මෙට්‍රො එකේ ජීවත් වෙන්නෙ නෑ. මම බ්ලොග් ගෲප් වලට ලින්ක් දාන්නෙ නෑ. මතක හැටියට සින්ඩි වලට ලින්ක් දාලත් නෑ. මේක බලපං කියල මේල් කරන්නෙ නෑ. මේකට නිතරම වගේ කියවන්න එන්නෙ දහයක් පහලවක් වගේ. ඒ අතින් මම පසල් දනව් වැසියෙක්.

      • 7) මේක මමත් කාලයක් හිතාගෙන හිටියා. ඒත් දැන් හිතෙන්නෙ වෙනස් අදහසක්
        1) එක්කො noise එක නිසා සිරා දේවල් යට ගිහින්
        2) ඉස්සරට වැඩිය සිරා ඒවා ලියන එවුන් අඩුයි.

        නොස්ටැල්ජියාව වෙන්න පුලුවන්. ඒත් ගුණාත්මකභාවයත් පැත්තකින් තිබ්බොත් අඩුම තරමේ අදහස් දරා ගැනීම් හැකියාවවත් මීට වඩා උඩ තැනක තිබුනා කියලයි මට හිතෙන්නෙ.

        8) ඉස්සරට වඩා දැන් මේක හුඟක් applicable. දැන් අර critical mass තැනට ඇවිත් තියෙන්නෙ කැඩෙන්න ඕන තැනට. ඔව්. මේක වෙන්න ඕනෙ.

  5. බ්ලොග් වල තාර්කික ප්‍රශ්න නගද්දී ඌ කවුද කියා හඳුනා ගැනීම වැදගත් මොකද උත්තර දීම එක උත්තරයකින් කෙළවර නොවෙන නිසා. අංක 2 සම්බන්ධ මගේ මතය ඕකයි. මට ඌ දන්නා ප්‍රොෆයිල් එකද්ද නැද්ද කියන එකේ අවුලක් නැහැ, අඩුම ගානේ වරෙන් ‘අහවලාට උත්තර දීමට හදා ගත් තාවකාලික ප්‍රොෆයිල අංක 5’ කියලා ඒ ඇති.

    අර දරු පවුල් වලට බණින සීන් දන්නේ නැහැ මචන්. මම කීවක්‌ මෙන්ම ලකයාට වඩා සිය ගුණයක් චාටර් ලෙස ඌට ප්‍රතිචාර ලැබෙන බව නම් පේනවා. නෝන්ඩි සීන්.

    උඹ ලකයා නොරකින බව දන්නවා. හැබැයි ඌ යන්නේ බෝඩර් එකක. ඇනෝ ආවා කියා ඕන රෙද්දක් කියන්න බැහැ. එක සීමාවක් පැන්නම ඒක හැරස්මන්ට්. ඒවාට නීතියක් තියෙනවනේ. ඌට ඒක අදාලයි මගේ අදහස අනුව නම්.

    ඔය අවුරුදු උත්සවේ උඹලා කරපු දේ ගැන මම නියුට්‍රල්. ඒ අදාළ සිද්ධි ගැන තියෙන අඩු අවබෝධය නිසා.

    • [[7) මේක මමත් කාලයක් හිතාගෙන හිටියා. ඒත් දැන් හිතෙන්නෙ වෙනස් අදහසක්
      1) එක්කො noise එක නිසා සිරා දේවල් යට ගිහින්
      2) ඉස්සරට වැඩිය සිරා ඒවා ලියන එවුන් අඩුයි.

      නොස්ටැල්ජියාව වෙන්න පුලුවන්. ඒත් ගුණාත්මකභාවයත් පැත්තකින් තිබ්බොත් අඩුම තරමේ අදහස් දරා ගැනීම් හැකියාවවත් මීට වඩා උඩ තැනක තිබුනා කියලයි මට හිතෙන්නෙ.]]

      ගාඩන් ඔෆ් ඊඩන් තිබ්බා කියා හිතා ඉන්න වෙලාවට සරුපයා සහ පලතුරු ගෙඩිය ගැන මල පනියි. එහෙත් එය කවදාවත් තිබ්බේ නැහැ.

      උඹේ ඉහත විවේචනය 1 හා 2 දෙකම හරි. ඉතින් එහෙම තමයි වෙන්නේ. අපිට සොරි උනාට ලෝක වස්තුවට පාන් ද?

      අංක අට ගැන කතිකාව අවැසි වන්නේ ඒකයි. අපි ඒක එලියට ගම්මු.

  6. චමිල, උඹ මොන තරම් අයිසින් දාල කියන්න හැදුවත් කියන්නේ එකම දේමනේ මචන්. ඇයි බන් මේ විකාර වලට කාලේ නාස්ති කරන්නේ..? උබත් හරියට අර නවය වසරේ කොල්ලන්ගේ වලි වලට යන A/L කලාස් වල ඉන්න කොල්ලෙක් වගේ.

    • උඹමනෙ කියන්නෙ ගතියක් නෑ කියල. ගති දුන්නාම උඹලත් කෑ ගහනව. :D

      අවුලක් ගන්න එපා. මේ ගැන ලියන අන්තිම වතාව.

      • චමිලයාගේ බුකියේ මම දාපු කොම්න්ට් කීපයක් [එඩිට් කර] මෙසේ සම්බන්ධ කරනුයේ මාලන් මහතා ගේ පැමිණීම වෙල්කම් කරන්නටය. චමිලගේ කොමෙන්ට් පටලන්නෙ නැත්තේ එය ඌට කරන්නට හැකි බැවිනි.

        ————

        කුණු ඇදලා එකෙක් ආතල් ගන්නවා.උගේ මෑණියන් ස්මරණය කරලා තව කීපයක් ආතල් ගන්නවා. උන්ට බැනලා උඹ ආතල් ගන්නවා. උඹට බැනල උන ආතල් ගන්නවා. හැම එකාම හිතනවා මම තමයි ගැහැව්වේ ඇද්ද තොපිට අපි දීපු ගේම. ඇරියා මචන් කොළ බොක්කටම කියලා.

        මගේ ලෝකයේ මම යි රජා.

        බ්ලොග් කියන්නේ ඔන්න ඔහොම එකක් බං. අවාසනාවකට එක නොතේරෙන විදිහට ඇති කරපු අතාත්වික කුමන්ත්‍රණයක් තමයි “සිංහල බ්ලොග් අවකාශය’ ඔය වචනේ මුලින්ම කිව්ව එකාව හොයාගෙන ගිහිල්ලා ඌට ගහපල්ලා උඹලා ඔක්කොම එකතු වෙලා.

        [සමහර වෙලාවට] වෙනස “මම” වෙනුවට “අපි”. පොදු පාටකයෙක් නැහැ බං. ගැන්සි ඉන්නේ. එක තමා කිව්වේ ක්ලස්ටර් කරමු කියලා. පැහැදිලි බෙදුම්වාදයක්.

        චමිලව ගම්මු අත ළඟ ඉන්න එකා. උඹ හිතන්නේ මේක ෆන් කියලා. ෆන් තමා. “ෆන්-භාවය” උඹට 100% උඹත් එක්ක ෆිට් සම අදහස් දරන උන්ට 90%යි. ඕක ක්‍රමයෙන් ක්ෂය වෙලා යනවා. ඔන්න තව එකෙක් ලියාවි “චමිලයා අවුරුදු උත්සවේ කෙලෝ ගත්ත හැටි මෙන්න ‘ කියලා. ඒකෙ ආතල් එක ඌට 100%. උගේ ගැන්සියට 90%. උඹේ හරියට එද්දී 5% වගේ.

        උඹ කොච්චර කිව්වත් උඹ ඒ වගේ බ්ලොග් කියවන්නේ අඩුවෙන්. උඹට බැහැ උන්ගේ බ්ලොග් කියවා ආතල් ගන්න. ඒ වුනාට උන්ට පුළුවන්. උන්ට ඒ සීන් ආතල් වීම උන්ගේ අතල එකයි. උඹට ඒවා පිළිකුල් වීම නිසා උඹ මෙහෙම ලියලා ආතල් එකක් ගන්නවා. නැතුව උඹ කියෝනවද ඔය [වෙනස් මත දරන්නන්ගේ] බ්ලොග් ටික නැහැනේ.

        මේක ලිහන්න බැහැ මචන්. අර පානදුරාවාදය වගේ ප්රිමිටිව් විදිහකට ‘ඔබේ ස්වර්ගයට නැග්ගම අපේ නිර්වාණය පෙනේ” කියන්න අපිට මේ සියවසේ බැහැනේ. ඉතින් මේක ලිහන්න බැහැ

  7. “”සියලු සිංහල බ්ලොග් එකතු කර ඇවරේජ් එක අවුල් කියනවාට වඩා තම තමා රිසි දේවල් පමණක් පලවන සින්ඩි සාදා ගැනීම හෙවත් “ක්ලස්ටරින්” කරන්නට කාලය පැමිණ තිබේ. “ලාන්කිය බ්ලොග් අවකාශය” “සිංහල බ්ලොග් කරුවෝ” වගේ වදන් අතාත්වික දේවල්ය. ඒවා යම ලෙසකින් පවත්වා ගත්තු යුගය ද එවැනිම අතාත්වික යුගයකි. ‘ලංකාවේ දේශපාලන බ්ලොග් කාරයෝ”, ‘ආදර කතා ලියන්නෝ”, “කාපු බීපු ගියපු තැන්” යනාදී ලෙස බ්ලොග් අවකාශය කැඩෙන්න අවශ්‍යය. මේක මට තනියම කරන්න බැරි නිසාවෙන් බ්ලොග් පහක් විතර ආවාට ගියාවට නඩත්තු කරන්නේ එබැවිනි.මේක නොකර බ්ලොග් අවකාශය චාටර් වෙලා කියන එක මහා වලව්කාර කතාවකි [අපි දෙන්නා පුලා-මාරයා-ගම්ලත් ගැන කල කතිකාවට ද අදාළ වේ]””

    @Sujeewa: අනිවා. බ්ලොග් අවකාශය ක්ලස්ටර් කළ යුතු යුගය පැමිණ තිබේ.

  8. සිලි… සිරාවටම ලකෆ්‍රෑන්ස් ලියන්නෙ උඹදෝ කියලා මට හිතුණු කාලෙකුත් තිබුණා.. ඒත් හොදට හිතලා බලද්දි උඹ ඔය ටික ම උණත් කියනවනම් කියන්නෙ ඔයිට වඩා අග්‍ර ගන්‍ය උපහාසයත් එක්ක බොහෝම සංවර වචන වලින් නිසා මගේ උපකල්පනයට මං ම හිනා වෙලා නිකං හිටියා..

  9. කබ්බා: තමන්ගෙ අනන්‍යතාවය අර්බුදයට ගිය නිසා බ්ලොග් අනන්‍යතාවය තමා බවට පත් කර ගැනීමේ මානසික රෝගයෙන් පෙලෙන, අනිත් අයත් එබඳුම මානසික රෝගීන් යැයි නිතර කල්පනා කරන, ඉතා බාල වයසේදී කියන කුනුහරප කතා, මෝඩ කතා අටේ පන්තියේදී කියාගන්න නොලැබීම නිසා, වයසට ගිය පසුව අලුත් අලුත් දෙවල් වගේ අන්තර් ජාලයේ මතක අතිරික්තයෙන් නොමිලේ ලැබෙන ඉඩක පෝස්ට් කර සිය මානසික රෝගය පුම්බවා ගන්නා එක එදිනෙදා ආතල් එක කරගත්, එසේ නොවෙන එවුන් ගෙන් වර්චුවල් ගේම ඉල්ලන, අනුකම්පාවට පවා ලක්විය යුතු නොවෙන බුද්දි හීන මඤ්ඤමුන් රොත්තක් හැඳින්වීමට, ටීක් බෝල ක්‍රිඩාවෙන් උපුටාගෙන වෙබ් අඩවියට අනුරූප කරගත් යෙදුමකි.
    තව දුරටත්මේ අය තම දයිව ස්ත්‍රිය හෝ දයිව පුරුසයා කොම්පුටර් තිරය ඉරාගෙන මතු වෙනු ඇතැයි උමතු ලෙස විෂ්වාශ කරති. කබු ලක්ෂණ මුලින්ම පෙන්නුම් කළ කතන්දර, මාරයා, පඩංගොඩ, අබීත, දුකා වගේ අය ට ඊට වඩා බාල කබ්බන්ගෙන් පාර එල්ලවීම තනි ඇහැට ඇඬේන දයිවයේ සරධමක්.

  10. සටහන මුල සිට අග දක්වා ම කියවුයෙමි.!
    මට කියන්නට ඕනෑ කර තිබූණු බොහොමයක් දේ කියැවි ඇත. තවත් බොහෝ දේ ඉගෙන ගතිමි!
    ජය වේවා!!

Return Fire!