Eclipse ලිනක්ස් තුල ස්ථාපනය කර ගැනීම

eclipse-logo-whiteJava සහ වෙනත් පරිගණක භාෂා භාවිතයේදී eclipse කියන්නේ හැමෝම දන්න දෙයක්. eclipse කියන්නේ IDE එකක්. නමුත් වෙනත් IDE (netbeans, Jbuilder etc) වලට වඩා developers ලාගේ සිත් ගත් එකක්. ඒ හුඟක් වෙලාවට eclipse වෙනස් කර ගන්න බොහෝම ලේසි නිසා.

ලිනක්ස් තුලට eclipse ස්ථාපනය කර ගන්න පුලුවන් විධි දෙකක් (සාමාන්‍යයෙන්) තියෙනවා. එකක් package manager භාවිතා කරලා ස්ථාපනය කර ගන්න එක. මේ ක්‍රමයෙන් ස්ථාපනය වෙන eclipse ටිකක් පරණ වෙන්න පුලුවන්. අනිත් එක eclipse අඩවියට ගිහින් තියෙන අලුත්ම එක බාගත කරගෙන අතින් ස්ථාපනය කරන එක. අපි මේ ක්‍රමය අනුගමනය කරමු.

මුලින්ම තමන්ට අවශ්‍ය eclipse අනුවාදය බාගත කර ගන්න. ඒක හුඟක් වෙලාවට ~/Downloads ඇතුලට ටාර්බෝල් එකක් විදියට තමයි බාගත වෙන්නේ. දැපහත විධාන ටික ටර්මිනලයක ඇතුලත් කරන්න. මුලින්ම අපි root වෙලා හිටියොත් හරි නැත්තන් sudo තියෙනවනම් ඒක භාවිතා කලොත් හරි හොඳයි. මම sudo විදියට කරන්නම්.

sudo mv ~/Downloads/eclipse-java-*****.tar.gz /usr/local/
cd /usr/local
sudo tar -xzf eclipse-java*****.tar.gz
sudo chown -R your_username:your_group_name eclipse
sudo ln -s /usr/local/eclipse/eclipse /usr/local/bin/eclipse

පළවෙනි පේළියෙන් කරන්නේ දැනට බාගත කරපු .tar.gz ගොනුව /usr/local ඩිරෙක්ටරිය ඇතුලට move කරන එක. සාමාන්‍යයෙන් ලිනක්ස් ඇතුලේ මෘදුකාංග ස්ථාපනය කරන්නේ /usr හෝ /usr/local ඇතුලේ. දෙවෙනි පේළියෙන් අපි ඒ ඩිරෙක්ටරිය ඇතුලට යනවා.

තුන්වෙනි පේළියෙන් කරන්නේ .tar.gz ගොනුව extract කරන එක.  ඊට පස්සේ ls -l කියලා විධානය දුන්නොත් ඔබ දකියි /usr/local/eclipse යනුවෙන් ඩිරෙක්ටරියක් හැදිලා තියෙන බව. නමුත් තාමත් ඒ ගොනුව අයිති අපිට නෙමෙයි. ඒක අපේ අතට ගන්න එක තමයි හතරවෙනි පේළියෙන් කරන්නේ. මෙතනදි your_username වෙනුවට ඔබ භාවිතා කරන පරිශීලක නම දෙන්න. your_group_name වෙනුවට ඔබේ සමූහයේ නම දෙන්න. ඒක හුඟක් වෙලාවට ඔබේ පරිශීලක නමම තමයි. මම දුන්නේ chamila:chamila  කියලා. chown විධානයෙන් කරන්නේ අදාල ගොනුවේ (හෝ ඩිරෙක්ටරියෙ. ලිනක්ස් තුල හැම එකක්ම ගොනුවක්!) අයිතිකාරයා වෙනස් කරන එක.

දැන් අන්තිමට කරන්නේ තියෙන්නේ ටර්මිනලයේ eclipse කියලා විධානය දුන්නාම eclipse විවෘත වෙන විදියට පොඩි සබැඳියක් දාන එක. මේකට අපි හදනවා symbolic link එකක්. මේකත් ගොනු වර්ගයක්. නමුත් symbolic link එකකින් කරන්නේ වෙනත් ගොනුවකට යොමු කිරීම. හරියට වින්ඩෝස් වල shortcut (.lnk ගොනුවක්) එකක් වගේ. මේ සඳහා අපි පස්වෙනි පේළියේ විධානය දෙනවා. එතනින් කරන්නේ /usr/local/eclipse/eclipse ගොනුවට shortcut එකක් /usr/local/bin/ ඩිරෙක්ටරිය තුල යෙදීමයි.

දැන් ටර්මිනලය තුල eclipse යනුවෙන් විධානය ලබා දී බලන්න. අවශ්‍යනම් Gnome පැනලයකට launcher එකක් ඇතුලත් කල හැකියි. එහි command තුලට eclipse යනුවෙන් ලබා දීම පමණයි අවශ්‍ය.

Screenshot-Launcher Properties

3 thoughts on “Eclipse ලිනක්ස් තුල ස්ථාපනය කර ගැනීම

  1. Eclipse වල Download පිටුවෙ මොකද්ද මේ එක එක Language වලට වෙනවෙනම Download links තියෙන්නෙ , අපි එක එක Language වලට වෙනවෙනම IDE ඉන්ස්ටෝල් ක‍රන්න ඔනෙද එහෙම නැත්නම් එක IDE එකේ වෙනම Plugins ඉන්ස්ටෝල් ක‍රල වෙනස් Language වලට පාවිච්චි ක‍රන්න පුලුවන්ද කියල පොඩ්ඩක් කියල දෙනවද

  2. Dilshan
    ක්‍රම කිහිපයක් තියෙනවා. සාමාන්‍යයෙන් ජාවා වලට බාගත කරගෙන Window->Preferences->Install/Update හරහා අපිට තවත් module ස්ථාපනය කර ගන්න පුලුවන්. මම කලේ ජාවා eclipse බාගත කරගෙන ඊට පස්සේ php ස්ථාපනය කර ගත්ත එක.

    Vishwa
    එළ

Return Fire!