Keryx හරහා අන්තර්ජාලය නොමැතිව ලිනක්ස් package ස්ථාපනය

පසුගිය සටහනින් ලිනක්ස් package management පිළිබඳ හඳුන්වා දීමක් ලබා දුන් අතර මේ සටහනින් ඉදිරිපත් කරන්නේ පසුගිය සටහනින් පොරොන්දු වූ ලෙස අන්තර්ජාල සම්බන්ධතාවය නැති උබුන්ටු පද්ධතියකට යාවත්කාලීන(updates) සහ codec ස්ථාපනය කර ගන්නා ආකාරයයි.

මේ සඳහා යොදාගන්නේ කලින් සඳහන් කල තුන්වැනි විකල්පයයි. එනම් විශේෂ මෘදුකාංග භාවිතා කර අන්තර්ජාල පහසුකම ඇති පරිගණකයකින් packages බාගත කරගෙන උබුන්ටු පද්ධතියට ගෙනගොස් ස්ථාපනය කිරීමයි. Keryx නම් වූ මෘදුකාංගය මේ සඳහා යොදා ගන්නවා. keryx වැඩ කරන්නේ දැනට debian පද්ධති සමග පමණයි. ඒ වගේම එයට proxy සම්බන්ධතා හරහා වැඩ කිරීමට බැහැ.

මේ සඳහා යොදා ගන්නේ අන්තර්ජාල සම්බන්ධතාවය නොමැති උබුන්ටු Intrepid 8.1 පද්ධතියක් හා අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇති Vista Ultimate Edition පද්ධතියකි.

මේ සඳහා පලමුවෙන්ම පහත සඳහන් ගොනු බාගත කරගන්න.

keryx-0.92.zip

support files (මෙහෙයුම් පද්ධතියට අනුව)

ඉන්පසු keryx zip ගොනුව ඉඩ තිබෙන pen drive එකකට දමා extract කරන්න. මම ඒ අනුව පහත සඳහන් ස්ථානයේ මගේ keryx folder එක extract කර තිබෙනවා. (pen drive එකේ නම SHAPESHIFTR)

/media/SHAPESHIFTR/keryx-0.92

ඉන්පසු ඔබේ මෙහෙයුම් පද්ධතියට අනුව බාගත කර ගත් support file එක home folder එකට extract කර ගන්න. ඉන්පසු එම ටර්මිනල් එකක් විවෘත කොට එම ස්ථානයට ගොස් පහත විධානය ලබා දෙන්න.

විධාන සියල්ල case sensitive වේ.

sudo dpkg -i --force-depends *.deb

උදාහරණයකට මම support file එක extract කලේ Desktop එකට. එතනදි මම ලබා දුන් විධානය මේ.

ඉන්පසු එම package ස්ථාපනය වන තුරු සිටින්න. දැන් ඔබ කලින් keryx extract කල folder එකේ linux folder(USB_DRIVE/keryx-0.92/linux) එකට ටර්මිනල් එකෙන් ගොස් පහත විධානය ඇතුලත් කරන්න. මෙයින් කරන්නේ අලුතින් project එකක් සාදා ගැනීමට keryx ආරම්භ කිරීමයි. keryx වැඩ කරන්නේ මෙලෙස project සාදා ගැනීමෙනි. ඔබ අන්තර්ජාල පහසුකම තිබෙන පරිගණකයට ගිය විට අදාල project එක විවෘත කර එයට අවශ්‍ය දේ බාගත කරගෙන නැවත උබුන්ටු පරිගණකයට පැමිණ එම package ස්ථාපනය කිරීම සිදු කරයි.

python keryx.py

ඉන්පසු keryx GUI එක ආරම්භ වේ. මෙයින් නව project එකක් New Project මගින් සාදාගන්න. ඉන්පසු Download Latest package list ? ලෙස dialog box එකක් පැමිණෙන අතර එයට No ලෙස ලබා දී keryx වසා දමන්න.


එක් අදියරක් අවසන්. දැන් තියෙන්නේ අන්තර්ජාලයෙන් පැකේජ් ලබා ගන්න අදියර.

දැන් ඔබට අන්තර්ජාල පහසුකම තිබෙන පරිගණකයට යන්න. එය අන්තර්ජාලයට සම්බන්ධ වීමේදී proxy server එකක් හරහා සම්බන්ධ නොවීම වැදගත් වේ. මම මේ සඳහා භාවිතා කලේ Windows Vista ultimate 64bit පද්ධතියක්. එය pppoe connection(LankaBell WiMax 512Kbps Home Package) එකක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා.

Pen drive එකට ගොස් keryx-0.92 folder එකේ win32/keryx.exe ගොනුව double click කරන්න. මෙය Windows සඳහා ඇති binary එකකි. ලිනක්ස් වලදී python keryx.py ලෙස ආරම්භ කලේද මෙම වැඩසටහනයි.
keryx ආරම්භ වූ පසු එයින් ඔබ කලින් සෑදු project එක open කරගන්න. මම testProject1 open කර ගත්තා.
දැන් Download latest package list ලෙස ආ පසු yes ලෙස ලබා දෙන්න. ඉන්පසු මද වෙලාවක් list එක refresh වන තුරු සිටින්න.

දැන් ඔබට උබුන්ටු වලට අදාල package ලිස්ට් එකක් Synaptic Package Manager වලදී මෙන් ලැබී ඇත.

මුලින්ම කල යුත්තේ ඔබගේ උබුන්ටු පද්ධතිය යාවත් කාලීන කිරීමයි. ඒ සඳහා Get Updates ඔබන්න. ඔබ යාවත් කාලීන කිරීමට සැරසෙන්නේ අලුත්ම ස්ථාපනයක් නම් ඔබට ~250MB පමණ බාගත කිරීමක් ඇත. ඒ සඳහා මදක් කාලය දෙන්න. වැය වෙන කාලය ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවය මත රඳා පවතී.

ඔබට අවශ්‍ය උබුන්ටු package වල නම් සොයගන්නේ කොහොමද? ඔබට mp3 play කිරීමට අවශ්‍ය වුවත් ඒ සඳහා අවශ්‍ය package එකේ නම මොකද්ද?

Appnr.com මගින් ඔබට එම විස්තර සොයාගත හැක. ඔබට අවශ්‍ය codec නම් එහි codec නම් වු category එක තෝරා එවිට පැමිණෙන ලිස්ට් එකෙන් අදාල codec එකේ නම සොයාගන්න. අපට අවශ්‍ය mp3 play කිරීමට නම් අප තෝරාගත යුත්තේ gstreamer0.10-plugins-ugly යන package එකයි.
මෙතනින් ඔබට අවශ්‍ය codec එකේ නම copy කර ගෙන keryx වෙත ගොස් එහි search box එකේ paste කරන්න. keryx වෙතින් එම package එක repository ඇති නම් සොයා දෙනු ඇත. බොහෝ විට එම දෙන result වලින් කොළ පාට තීරුවක් ඇතිනම් එය නවතම update එක වේ. දැන් අවශ්‍ය package එක මත right click කර Download තෝරන්න.
මේ විදියට ඔබට අවශ්‍ය සියලුම package download කරගන්න. package download කරද්දී ඒවායේ dependencies ද keryx විසින් සලකා බලයි. සියල්ල අවසන් වූ පසු
keryx වසා දමා ඔබගේ උබුන්ටු ස්ථාපනය වෙත යන්න.

දැන් දෙවෙනි අදියර, එනම් package ලබාගන්නා අදියර අවසානයි. දැන් තියෙන්නේ package ස්ථාපනය කිරීම.

ඔබ බාගත කර ගත් සියලුම packages ඇත්තේ USB_DRIVE/keryx-0.92/projects/project_name/packages folder එක ඇතුලේ. ඒ කියන්නේ මම බාගත කරගත්තු packages තියෙන්නේ /media/SHAPESHIFTER/keryx-0.92/projects/testProject1/packages ඇතුලේ.

ටර්මිනල් එකක් විවෘත කර ඉහත packages අඩංගු ස්ථානයට ගොස් පහත දැක්වෙන විධානය ලබා දෙන්න. ඉන්පසු package සථාපනයට මඳක් කාලය ලබා දෙන්න.

sudo dpkg -i --force-depends *.deb

පද්ධතිය restart කිරීමක් අවශ්‍ය වුවොත් එසේ කරන්න. දැන් ඔබ උබුන්ටු යාවත් කාලීන කර codec ස්ථාපනය කර අවසන්.

මේ අනුව ඔබට අවශ්‍ය ඕනෑම මෘදුකාංගයක් අන්තර්ජාල පහසුකම නැති debian පද්ධතියකට ස්ථාපනය කල හැකිය. උදාහරණයක් ලෙස සිංහල උබුන්ටු මත ස්ථාපනය කිරීමට නම් පහත සඳහන් package ඉහත පරිදි බාගත කරගෙන ස්ථාපනය කරන්න. ඉන්පසු මෙම සටහනේ ඇති පරිදි විධාන ලබා දෙන්න.
  • ttf-sinhala-lklug
  • scim
  • scim-gtk2-immodule
  • im-switch
  • scim-m17n
  • m17n-db
  • m17n-contrib
  • language-pack-si-base
මෙම ක්‍රමයේ ඇති අවාසි වන්නේ debian පද්ධති වලට පමණක් අදාල වීමත්, proxy server හරහා නොයන අන්තර්ජාල සබඳතා අවශ්‍ය වීමත් ය.

Bibliography

2 thoughts on “Keryx හරහා අන්තර්ජාලය නොමැතිව ලිනක්ස් package ස්ථාපනය

  1. නියමයි.බොහොම ස්තූතියි අයියේ…මටත් ඔය ප්‍රශ්නෙ ඉස්සර තිබ්බ ඒත් දැන් HSDPA එක ගත්තට පස්සෙ ඉදන් අවුලක් නෑ. mediubuntu වලිනුත් propriatory codecs වගේ ඒව බාගත කරන්න පුළුවන් නේද?. compiz, emerald වගේ ඒ වත් මේවිදියට install කරන්න පුළුවන්ද? පොඩ්ඩක් ඒ ගැනත් කියන්න පුළුවන්නම් හොදයි කියල හිතෙනව.
    ස්තූතියි!!

  2. තොරතුර ගොඩක් හොදයි.තාම වැඩ කරනවද බැලුවෙ නැහැ.
    බොහොම ස්තූතියි..

Return Fire!