මකියාවේලි දුටු සර්වලෝක සත්‍යය

Niccolò Machiavelli

It should be borne in mind that there is nothing more difficult to handle , more doubtful of success & more dangerous to carry though than initiating change in a state’s constitution. The innovator makes enemies of all those who prospered under the old order & only lukewarm support is forthcoming from those who would prosper under the new. Their support is lukewarm partly from fear of their adversaries, who have the existing laws on their side, & partly because men are generally incredulous, never really trusting new things unless they have tested them by experience. In consequence , whenever those who oppose the changes can do so, they attack vigorously & defence made by others is only lukewarm. So both the innovator and his friends come to grief.

Niccolò Machiavelli – 1525

සිහියට ගත යුතු වැදගත් කරුණක් වන්නේ පවතින ක්‍රමය* වෙනස් කිරීම තරම් හැසිරවීමට අපහසු, සාර්ථකත්වය අපැහැදිලි, සහ ඉතා භයානක කාර්යයක් තවත් නැති බවයි. පවතින ක්‍රමයෙන් වාසි ලබන සියල්ලම, පෙරළිය ආරම්භ කරන්නාගෙ සතුරන් වන අතර එම පෙරළියෙන් පසුව ඇති වන නව ක්‍රමයෙන් වාසි ලබන්නන්ගෙන් ඔහුට ලැබෙන්නේ නොසැලකිය හැකි සහයකි. ඔවුන් එලෙස සහය නොදැක්වීමට හේතු ලෙස, පවත්නා ක්‍රමයේ නීතිමය වාසීන් සතුරන් අත තිබීමත්, මිනිසුන් තුල ස්වාභාවයෙන්ම ඇති නව්‍යතාවයන් පිළිබඳ ඇති සැකයත් ගෙන හැර දැක්විය හැක. මෙහි ප්‍රථිපලයක් ලෙස පෙරළියට එරෙහි අය ඔවුන්ට හැකි සැම අවස්ථාවකදිම පෙරළිය ආරම්භ කරන්නවුන්ට දරුණු ලෙස පහර දෙන අතර පෙරළියට සහය දක්වන්නන්ගෙන් ඔවුන්ට එල්ල වන්නේ නොසැලකිය හැකි ප්‍රතිරෝධයකි. අවසානයේදි සිදුවන්නේ පෙරළිය ආරම්භ කල තැනැත්තාත් ඔහුගේ සඟයනුත් දුකට පත්විම පමණකි.

* state’s constitution යන්න status quo යන්න අරුතින් සමානයි කියා සිතිය හැක

නිකොලෝ මකියාවේලි – 1525

පාඩම් කරන අතරතුරදි පොතක දුටු ඡේදයක් මෙහි සටහන් කිරීම ප්‍රයෝජනවත් විය හැකි යැයි සිතමි.

11 thoughts on “මකියාවේලි දුටු සර්වලෝක සත්‍යය

  1. ගොඩක් පැති ගැන හිතන්න පුලුවන් ලිපියක්
    ”වෙනස් කිරීම තරම් හැසිරවීමට අපහසු, සාර්ථකත්වය අපැහැදිලි, සහ ඉතා භයානක කාර්යයක් තවත් නැති බවයි.”

    මෙ කොටස කියවනකොට එකපාරටම මට මතකයට අවෙ ලංකාව ගැන මට හිතේන හැටියට
    අපෙ සංසකෘතියේ බොහෝ හණ මිටි තිබුනත් මිනිස්සු එවා බිමින් තියන්නත් බයයි වගෙම එවැනි වෙනසකට මුල පුරන්නත් බයයි හේතුව එය බුදලයක් කරගන සිටින පිරිස විසින් එල්ල කරන බලපැම වලට ඇති බිය විය යුතුය.

  2. ඔය පොතේ සිංහල පරිවර්තනේ ගැන දන්නවාද? දන්නවානං පරිවර්තක, මුද්‍රක, ගැන තොරතුරු ටිකක් දෙනවාද… මම සරසවියේ හෙව්වා. හම්බවු‍නේ නෑ නෙව. හැංගිලා ඇත්තේ…

  3. මට මට මැකියාවෙලි නම දැක්ක ගමන් මතක් වුනේ “කුමාරයා” පොත, ඉතින් අර හිත ඇතු‍ළේ කැරකි කැරකි තිබුන ප්‍රශ්නේ comment එකක් විදිහටම ගහලා දාලා… සමාවෙන්න ඕනේ… :)

  4. මැකියාවේලි…. බොහෝම යථාර්ථවාදී මනුස්‍සයෙක්, කුමාරයා පොත කියෙව්වනම් තේරෙනවා මිනිහා ඒක ලංකාවේ වර්තමානය දිහා බලාගෙන ලිව්වද කියලා. මැකියාවේලි ගේ උපාය උපක්‍රම පිළිබදව කතිකාවක් අත්‍යව්‍ශ්‍ය කාලයක් මේක. මොකද ගොඩාක් දේශපාලඥයන් නිරුවත් කිරීමට ඒ තේරුම්ගැනීම වැදගත් නිසා

Return Fire!