Microsoft ලාට කඩේ යමුද?

ඔය වගේ කතා දන්න දන්න හැමෝගෙන්ම අහන්න ලැබෙනවා. බලන බලන අත මයික්‍රොසොෆ්ට් විරෝධියො. FOSS ROCKS!!! කට්ටියම කතා වෙන්නේ FOSS මෘදුකාංග කොච්චර හොඳද, කොච්චර ලාබදායි ද, අනිත් වාණිජ මෘදුකාංග වලට වඩා කොච්චර වටිනවද කියලා. ළඟදි දැක්කා Windows 7 ගැන තිබුන සටහනක ප්‍රතිචාරයක් “වින්ඩෝස් වලට තව දුර යන්න තියෙනවා ලිනක්ස් ලඟට වත් එන්න” කියලා. බලන් යද්දි වාණිජ මෘදුකාංග කියන්නේ පැත්ත පළාතකට වද්ද ගන්න හොඳ දේවල් නෙවෙයිනේ.

හැබැයි සමහර වෙලාවට බැලුවොත් ඔය කියන තරම් FOSS මෘදුකාංග සුදු නෑ කියලත් පේනවා. FOSS මෘදුකාංග වල වාණිජ මෘදුකාංග වල තියෙන වැදගත් අංග නෑ. පරිශීලක සහය හුඟක් වෙලාවට ඉතා අඩු මට්ටමක තියෙන්නේ. අනිත් එක බොහෝ අවස්ථා වලදි මොකක් හරි අලුත් දෙයක් සොයා ගැනීම සිදු කරලා තියෙන්නේ වාණිජ මෘදුකංග සමාගම් වලින්. FOSS මෘදුකාංග ඒවා ආදේශක හදනවා විතරයි.

ඒ වගේම හුඟක් FOSS මෘදුකාංග වලට සරිලන සහය ලිපි(documentation) වත් හොයාගන්න නෑ. තව ලොකු අඩුවක් තමයි FOSS මෘදුකාංග වල කේතයන්හි තියෙන අපිලිවෙල. සංවර්ධකයින් කිහිප දෙනෙක් එකතු වෙලා හදන නිසා හුඟක් වෙලාවට එකම ආකෘතියකින් පවත්වගෙන යන්න අමාරුයි. මෙහෙම ගිහින් ටික කාලෙකින් ඒ කේතය තේරුම් ගන්න අමාරු තත්වයකට එනවා.

හැබැයි ඔන්න අනිත් පැත්ත. වාණිජ මෘදුකාංග වල අඩුපාඩු. පළවෙනිම එක ගාණ. හැබැයි ඒක අඩුපාඩුවක් කියන්න බෑ. මොකද මෘදුකාංගයකට මුදල් අය කරනවද නැද්ද කියන එක නිර්මාතෘගෙ අයිතියක්. එයට විරුද්ධව මොනවත් කියන්න අපිට බෑ.

අනිත් අඩුපාඩුව තමයි අඩුපාඩු හැදීම. වාණිජ මෘදුකාංග වලට patches සහ fixes එන්නේ නිර්මාපක සමාගමෙන් විතරයි. තුන්වන පාර්ශවයකින් ඒ යාවත්කාලීන ලැබීම බොහොම දුර්ලභයි. ඒක නිසා පරිශීලකයින් විදිහට අපි ඒ සඳහා බලාගෙන ඉන්න ඕනේ. මේක FOSS වල නෑ. කොහෙන් හරි ඉක්මනට fix එකක් ලැබෙනවමයි.

Microsoft පද්ධති හුඟක් වෙලාවට unstable වෙන්න බලනවා. වේගය අතිනුත් Microsoft පහළ මට්ටමක ඉන්නේ. Vista පද්ධතියේ වේගය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. හැබැයි ඒක කලින් තිබ්බ XP වලට වැඩිය නම් දහ ගුණයක් හොඳයි.

මේ වගේ ලැයිස්තුවක් හදන්න පුලුවන් අඩුපාඩු ගැන. හැබැයි ඒ ලැයිස්තුවෙම විරුද්ධ එක හදන්න පුලුවන් FOSS වලට. ඒක නිසා “අපි FOSS” කියලා කෑ ගැහුවටවත් “අපි Microsoft” කියලා කෑ ගැහුවටවත් එච්චර වැඩක් නෑ. මොකද දෙපැත්තෙම අඩුපාඩු තියෙනවා. අපිට අවශ්‍ය දේ කොයි පැත්තෙන් හරි වෙනවනම් ඒකට එහාට ගිහින් “තනිකර” FOSS හරි Microsoft හරි වෙලා ඇති වැඩේ මොකද්ද?

අපි ඇත්තට ටිකක් මුහුණ දෙමු. කොච්චර FOSS හොඳයි කිව්වත් අපේ රටේ ආයතන කීයක Open Office භාවිතා වෙනවද? GIMP භාවිත වෙනවද? Blender භාවිතා වෙනවද? ඒ තියා අධ්‍යාපන ආයතන කීයක තනිකර FOSS පරිගණක කීයක් තියෙනවද? කොච්චර FOSS ලේබලය ගහලා තිබ්බත් යටින් windows නේද දාලා තියෙන්නේ? මේ හැමතැනම FOSS පරද්දලා වාණිජ මෘදුකාංග ඉස්සරහාට ඇවිත්.

මම පෞද්ගලිකව දන්න පුද්ගලයො ඉන්නවා FOSS ROCKS කියාගෙන එළියට බහින්නේ, හැබැයි Windows XP වල තමයි වැඩ. උබුන්ටු තියෙනවා VM එකක් ඇතුලේ. එතන ඇත්තටම තියෙන්නේ ෆැෂන් එකට ෆොස්. ඒත් එයත් යටින් පාවිච්චි කරන්නේ අධිරාජ්‍යවාදී වාණිජ මෘදුකාංග.

FOSS ද proprietary ද කියලා බල බල ඉන්නේ නැතුව කරන වැඩේ ඉහලින්ම කෙරෙන මෘදුකාංගයකින් වැඩේ කරගත්තා නම් ඇත්තටම ඊට වඩා වටින්නේ මොනවද?

13 thoughts on “Microsoft ලාට කඩේ යමුද?

  1. ගොඩක් වෙලාවට විනෝදෙට වගේ වැඩ කරගන්න FOSS හොදයි.එත් හදිස්සි වැඩක් කරගන්න forum ගානේ කාලේ නාස්ති කරන්න වෙන එක ලොකු අපරාධයක්.හැබැයි use කරනකොට පොඩි ජොලියක් නැත්තෙමත් නෑ.

  2. වැඩේ කෙරෙන එකෙන් වැඩේ කරගත්තම කාටත් හොදයි..

  3. දැනට නම් මේ ලිපිය සමග මාත් එකගයි..නමුත් මම හිතන්නෙ අනාගතයෙදි FOSS ඉදිරියට එයි කියල..

  4. මම මගේ රස්සාව කරන්නේ Microsoft වල ඒක නිසා FOSS ROCKS!!! උනත් මට නම් මේක හොඳා මොකො Rock වෙවී හිටියට බඩ පිරෙන්නේ නැහැනේ

  5. මම නම් දකින්නෙ FREE (නොමිල) Software භාවිතය වැඩි වෙනවනම් හොදයි කියල, මන්ද සෝස් කෝඩ් තිබුනට සාමාන්‍ය මිනිස්සුන්ට කන්න ද ? ඒ නිසා නොමිලයේ ‍ලබාදෙන ඕනෑම මෘදුකාංගයක් promote කිරීම අපි වගේ තෙවන ලෝකයේ රටක පුද්ගලයින්ට බොහෝ සෙයින් වැදගත්.

  6. ගොඩක් අය ඕපන් සෝස් දාගෙන ඉන්නේ ෆශිඔන් එකට ! අර කවුද කිව්වා වගේ යටින් දුවන්නෙ වින්ඩෝස් ! :-)

    වැඩක් කරගන්න ගියම නහින්න එපැයි බ්ලොග් ගානෙයි ෆොරම්ස් ගානෙයි දුව දුව !

    The most important thing in a software is productivity. Windows is far ahead in productivity than other open source operating systems. If you read these blogs you can see how hard is it to do even a simple task like installing a sound card, mobile internet or even a software like skype !

    මට මතක් වෙනව පරන සින්හල කතාවක් !!!

    ලාබ බඩුවේ හිලක් !!!

    :-)

  7. ගොඩක් අය ඕපන් සෝස් දාගෙන ඉන්නේ fashion එකට ! අර කවුද කිව්වා වගේ යටින් දුවන්නෙ වින්ඩෝස් ! :-)

    වැඩක් කරගන්න ගියම නහින්න එපැයි බ්ලොග් ගානෙයි ෆොරම්ස් ගානෙයි දුව දුව !

    The most important thing in a software is productivity. Windows is far ahead in productivity than other open source operating systems. If you read these blogs you can see how hard is it to do even a simple task like installing a sound card, mobile internet or even a software like skype !

    මට මතක් වෙනව පරන සින්හල කතාවක් !!!

    ලාබ බඩුවේ හිලක් !!!

    :-)

  8. දෙපැත්තෙම හොඳ ලක්ෂණ වගේම දෙපැත්තෙම නරක ලක්ෂනත් තියෙනවා. ඒත් FOSS කාරයෝ ගොඩක් වෙලාවට කරන්නේ වානිජ මෘදුකාංග වලට බැන බැන ඉන්න එක. වානිජ මෘදුකාංග හා FOSS හොඳ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. මේ දෙගොල්ලෝ අතර තරඟයක් ඇති වෙන එක ඒවා පාවිච්චි කරන අපිටයි වාසි. හරියට browser තර‍ඟය වගේ. වින්ඩෝස් එක්ක බලෙන්ම වගේ දෙන IE තියෙද්දිත් FF හරි chrome හරි දාගන්නේ IE ගැන සෑහීමකට පත් නැති නිසානේද? එතකොට IE ත් බලනවා මේක නවත්වන්නේ කොහොමද කියල browser එක තව තවත් දියුණු කරලා.
    “FOSS ද proprietary ද කියලා බල බල ඉන්නේ නැතුව කරන වැඩේ ඉහලින්ම කෙරෙන මෘදුකාංගයකින් වැඩේ කරගත්තා නම් ඇත්තටම ඊට වඩා වටින්නේ මොනවද?”
    හරියටම හරි

  9. ප්‍රතිචාර වලට ස්තූතියි.

    Udara1986,
    ජොලියට නම් අවුලක් නෑ. හැබැයි ඉහලම විදිහට වැඩ කරගන්න හුඟක් වෙලාවට FOSS වලින් අමාරුයි. Anonymous කිව්වා වගේ productivity අතින් FOSS නම් ඉන්නේ වින්ඩො‍ස් හරි මැක් හරි වලට වඩා පහළින්.

    පොතේගුරා,
    FOSS ඉදිරියට එන එක ගැනනම් මගේ එච්චර විශ්වාසයක් නෑ. මොකද වාණිජ මෘදුකාංග සමාගම් එහෙම ලේසියෙන් “ගේම” අත අරින එකක් නෑ. කරට කර IE පිට කිරීම එක උදාහරණයක්.

    ම,
    සිරාවට

    har,
    මම හුඟක් කතා කලේ FOSS ගැන. හැබැයි මට මේ Free මෘදුකාංග ගැන අමතක වුනා. source code open වීම හුඟක් වෙලාවට සාමාන්‍ය සහ හුඟක් පරිගණක දැනීමක් ඇති පරිශීලකයින්ට වැඩක් නෑ. මොකද අපි ඕවා වෙනස් කරන්න යන්නේ නෑනේ. එහෙම අවශ්‍යතාවයක් එන්නේ ගොඩාක් කලාතුරකින්. එහෙම ආවත් කරන්නේ proprietary දෙසට හැරෙන එක.

    උදිත,
    ඒකයි මමත් කියන්නේ.

    Annonymous,
    productivity ගැන කතාවනම් බොහෝ අවස්ථාවලදී ඇත්ත. උදාහරණයක් විදිහට Microsoft Office suite එ‍ක අල්ලන්නවත් Open Office වලට පුලුවන් වෙයිද දන්නේ නෑ. අනිත් එක Maya. Blender වලට වැලි කැටයකවත් චාන්ස් එකක් තියෙයිද දන්නේ නෑ. හැබැයි firefox වගේ product එකකට මේක බොරු. කොච්චර IE හරි Safari හරි වලි කෑවත් firefox අල්ල ගත්ත ටික ආයේ ගන්න බැරි වෙයි.

    පහන්,
    “FOSS කාරයෝ ගොඩක් වෙලාවට කරන්නේ වානිජ මෘදුකාංග වලට බැන බැන ඉන්න එක” මේක තමයි මමත් ආස නැති වැඩේ. තරඟයෙන් වාසි නෙව එකනම් ඇත්ත. ඔය තරඟය නිසා තමයි හුඟක් වෙලාවට අලුතින් features එකතු වෙන්නේ. ස්තූතියි ලින්ක් එකට.

  10. කතාව නම් සහතික ඇත්ත. ඒත් මේකට මම දකින වෙනත් හේතුවකුත් තියෙනවා. ඒ තමයි pirated softwares. අපිට ඕන තරම් expensive software free ගන්න තියෙන නිසා අපිට FOSS වල වෙනසක් එච්චර දැනෙන්නේ නෑ. එහෙම නැතිව අපිටත් strict law enforcement එකක් IT පැත්තට (අනික් ඒවා වලට තියෙනවා කිව්වා නෙවෙයි.) තිබුණානම් බලන්න තිබුණා වැඩේ. !!!

  11. thejan,
    තනි පුද්ගල මට්ටමෙන් ගත්තොත් ඔබේ කතාව හරි. එක්ලක්ෂ ගාණක් දීලා අපි මායා ගන්න එකක් නෑ. blender වලට පුරුදු වෙයි.

    හැබැයි ආයතනික මට්ටමින් එය වැරදියි. කොච්චර ගණන් වුනත් මායා පාවිච්චි කරන ආයතන නැද්ද? Photoshop, MS Office ?? ආයතනික මට්ටමින් pirated s/w භාවිතය තහනම්. ඒ වුනත් තාම ඒ අය හැරෙන්නේ වාණිජ මෘදුකාංග වලට

Return Fire!