ජාත්‍යන්තර කුමණ්ත්‍රණ, ගිවිසුම් හා අල්ලපු ගෙදර

අදත් කතාව අර නයි මුගටි වලිය ගැන තමයි.

සමහර අය කියනවා මේවා ජාත්‍යන්තර කුමණ්ත්‍රණලු. යැංකි සැලසුම් ලු. මෙහෙමත් විහිළු.

කියුබාව තියෙන්නේ “ලෝකෙට පොලිස්”කාරයාගේ ගෙට එහාපැත්තෙ. ෆිදෙල් ව ඝාතනය කරන්න ප්‍රයත්න කිහිපයක්ම දියත් වුනා. චේ සාර්ථකව මරා දැමුනා. සෝවියට් බලය කඩා වැටුනට පස්සේ බෙල්ලෙන්ම අල්ලගන්න පුලුවන් තරම් දත කෑවා. හැබැයි තාම කියුබාව කෙලින්.

ඇෆ්ඝනිස්ථානයයි ඉරාකයයි වණයක් වේ ගෙන එන, ආසියාවෙන් චීනය හා ඉන්දියාව තර්ජනයක් වෙමින් තියෙන, යුරෝපය සහය පළ කිරීමට අකමැතිව ඉන්න කාලෙක මේ පොඩි දූපත ගැන වද වෙනවට වැඩිය ඔබාමට වෙන වැඩ තියෙන්න ඕනේ. ජාත්‍යන්තර කුමණ්ත්‍රණ නැතුව නෙමෙයි. හැබැයි ඉතින් බාල රබර් පාවිච්චි කරලා වැරදිලා ලමයි ඉපදෙනකොට අල්ලපු ගෙදර එවුන්ට බැනලා වැඩක් නෑ නෙ. රට දියුණු කරන්න කලින් හැතැම්ම දාහස් ගානක් දුරින් ඉන්න මිනිස්සු කොට්ඨාශයක් අපිට විරුද්ධව කුමණ්ත්‍රණය කරනවා ඇති කියන මානසිකත්වය නැති කරගන්න කියලා කියමනක් තියෙනවා (මේ කියමනත් අර කුමණ්ත්‍රණයේම කොටසක් කියයි ඔය දේශප්‍රේමී අය).

සරත් මහින්ද අන්තිම සටනෙදි මේ කුමණ්ත්‍රණ කතා වැඩි වැඩිය එළියට බැහැලා තියෙනවා. රනිල් ගැහුවලු සුද්දා එක්ක. සරත් ගැහුවලු සම්බන්දන් එක්ක. සම්බන්දන් ගැහුවලු ඉන්දියාව එක්ක. ඉන්දියාව ගැහුවලු සුද්දා එක්ක. සරත් ගැහුවලු සුද්දා එක්ක. සුද්දා ගැහුවලු සුද්දා එක්ක.

මේ ගැන අපිට කියන්න තියෙන්නේ නම් මේ වගේ කතාවක්.

පොඩි කාලේ ලමයි කීකරු වෙන්නේ නැති වුනාම අම්මලා පෙන්නනවා ගෝනි බිල්ලො, හප්පො, අරුන් මුන් එක එක ජාති කළුවරේ. අපි ඇත්තටම දැකලා නෑ. හැබැයි අපි බිල්ලගෙන් බේර ගන්න කියලා අම්මට කීකරු වෙනවා.

දැනුත් පොඩි බබ්බු වගේ ඉන්න කැමති අය මේ කතා වමාරලා කන එක වැඩිය හොඳයි. කොහොමත් ලංකාවේ වැඩිය ඉන්නේ තොත්ත බබාලනේ. වැඩිහිටියන්ට මොනවත් එපා කිව්වේ ඒකනේ.

විදේශ බලපෑම් ගැන බලනකොට අපි පළු යන්න බනින්නේ සුද්දට. ඒත් අපිට එහා පැත්තේ ඉන්න චීනා ගැනවත්, ඉන්දියාව ගැනවත් වැඩිය සද්දයක් නෑ. ජවිපෙ බිල්ලට ඉන්දියාව අල්ලගන්නවා තමයි. හැබැයි චීනය ගැන ඒ අයත් අළු කෙහෙල් කාපු උගුඩුවො වගේ. කලාපයක රටක් බලවත් වෙනකොට ඒ බලපෑම වැඩියෙන්ම දැනෙන්නේ අසල්වාසීන්ට. ඇමෙරිකානු බලපෑම ලතින් ඇමෙරිකාවට බලපෑවේ/බලපාන්නේ අදත් ඒ විදියට.

හම්බන්තොට වරාය, චීන ණය, අවි ආයුධ ගනුදෙනු වෙනුවට අපි අනාගතයෙදි මොනවා පරිත්‍යාග කරයිද කියන එක හිතලා බලන්න බැරි වෙලා තියෙනවා කාටවත්. මර්වින්ගේ එදිනෙදා විහිළු, ටිල්වින් කට වරද්දගන්න හැටි, විමල්ගේ ගොන්පාට් මෙහෙයුම්. මේවා තමයි දැන් දේශපාලනය. ඉස්පාසුවක් නැතුව ආතල් දෙන, ආතල් ගන්න, බෙරි වෙච්ච බත් එකක් වෙලා තියෙන ලංකාවේ දේශපාලනය. මේ හැම එකක් අස්සෙම අපේ පිච්චියට තට්ටු කරන්න හැම පාලකයෙක්ම සමත් වෙනවා.

අපි ඉතින් හැමදාම අල්ලපු ගෙදරට බැන බැන ඉමු. බාල රබර් පාවිච්චියත් උන්ගෙම කුමණ්ත්‍රණයක් කිය කිය.

13 thoughts on “ජාත්‍යන්තර කුමණ්ත්‍රණ, ගිවිසුම් හා අල්ලපු ගෙදර

  1. “රාජපක්ෂ රටේ මානසිකත්වය සකසා ඇත්තේ බටහිර රටවල්, අන්තර්ජාතික ආයතන වලින් එල්ල වන කවර හෝ විරෝධතාවයක්, එහි ඇත්ත නැත්ත සොයා නොබලාම ප්‍රතික්ෂේප කිරීමටය. (උදා: චැනල් 4 වීඩියෝව ඉදිරිපත්කරන ලද අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කරන ලද්දේ කිසිම පරීක්ෂණයක් පැවැත්වීමට කලිනි.) එහෙයින් ඔහුට එතැනට ගමන් කිරීමට කිසිම බාධාවක් නොවේ.” –Taboo
    (http://taboosubjects.wordpress.com/2009/12/03/01-31/)

  2. රට හදන්න නං අපේ උංගෙ ඔළු හදන්න ඕන අමුතුවෙන්ම… මුං ඔක්කොම අන්තවාදී විදියටනෙ හිතන්නෙ.. සිරා පොස්ට් එක.. පට්ට..

  3. ඔබේ දර්ශනය හා අවබෝධය ගැන කණගාටු වෙමි. රාජපක්ෂ කියලා සුද්දෙක් පොතක් ලියලා තියන‍වා. වෙලාව තිබුණොත් කියවලා බලන්න. john perkins ගේ confession of an economic hitman. කොහොම වෙතත් අමෙරිකාව අද ඔතන ඉන්නේ ඔබලාගේ චින්තනය ඇති වුන් එහි පාලන තන්ත්‍රයේ නොසිටි නිසා බව සිතමි.

    ඔබාමාට වෙන වැඩ නැතිවුණත් ඔහු ලංකාවේ යුද්ධය අවසන් වන මොහොතේ ලංකාව ගැන කළ ප්‍රකාශ මතකද? හිලරි ගේ හැසිරීම් මතකද? ලංකාවේ තානාපති වූ බ්ලේක් කලාපීය ලේකම් වූ පසු ඔහු‍ ලංකාව පිළිබද දැක්වූ අවධානය මතකද?

    මට නම් කියන්නට ඇත්තේ ඔබට නිසි අවබෝධයක් නැත්නම් ඡන්දය කටුගා දැමීම ෆොන්සේකට දැමීමට වඩා යහපත් බවයි.

    @Gayantha
    රාජපක්ෂ රටේ ඔලු හදලා නම් ඔහුට ඔපමණ වෙහෙසෙන්නට ‍වන්නේ නැත.

    @කේෂාන්

    ඔලු හදන ක්‍රමය කියනවාද? ‍ෆොන්සේකා එන්නේ ඔලු හදන්න ද ? ‍එසේ නම් ඒ කෙසේ ද? කන් අඩිය පලා බිත්තර සාරු යවා ද?

    • Confessions of An Economic Hitman බොහෝ අත දරුවන්ට ඉතාමත් පහසුවෙන් වරද්දා ගෙන කියවිය හැකි පොතක්. ජවිපෙ ඕක අල්ලගත්තා ඉන්දියාවට බනින්න. අනිත් ලිං ගෙම්බො ටික අල්ලගන්නවා සුද්දට බනින්න. වැරදි කොනෙන් අල්ලගෙන පින්තූරෙ කොනක් විතරක් බලාගෙන ඔල්මාද දොඩවනකොට මට කරන්න දෙයක් නෑ.

      Confessions of An Economic Hitman මම කියෙව්වේ බොහෝම කලකට කලින්. අනිත් එක ‍ජෝන් පර්කින්ස් ලියපු එකම පොතත්, ඔය සන්දර්භය ගැන තියෙන එකම පොතත් ඕක නෙමෙයි.

      අපි එක පාරක් කියලා තියෙනවා. ජාත්‍යන්තර කුමණ්ත්‍රණ නැතුව නෙමෙයි. ඒත් යන හැම අධෝවාතෙටම ජාත්‍යන්තරයට බැනලා වැඩක් නෑ. ඒක අර ඉස්සර වාමාංශිකයොන්ට තිබුන සී අයී ඒ භීතිකාව වගේ දෙයක් (අරූ සී අයි ඒ, මූ සී අයි ඒ). කුමණ්ත්‍රණයේ නියම ස්වාභාවයවත් ඒක අපිට බලපාන මට්ටමත් නොදැන මැතිවරණ වේදිකා වල වමාරන කුමණ්ත්‍රණ න්‍යාය ඒ විදියටම ගිලින්න කැමති අයට අපි ලියලා ‍තියෙන්නේ මේ කොටස.

      පොඩි කාලේ ලමයි කීකරු වෙන්නේ නැති වුනාම අම්මලා පෙන්නනවා ගෝනි බිල්ලො, හප්පො, අරුන් මුන් එක එක ජාති කළුවරේ. අපි ඇත්තටම දැකලා නෑ. හැබැයි අපි බිල්ලගෙන් බේර ගන්න කියලා අම්මට කීකරු වෙනවා.

      දැනුත් පොඩි බබ්බු වගේ ඉන්න කැමති අය මේ කතා වමාරලා කන එක වැඩිය හොඳයි. කොහොමත් ලංකාවේ වැඩිය ඉන්නේ තොත්ත බබාලනේ. වැඩිහිටියන්ට මොනවත් එපා කිව්වේ ඒකනේ.

      අපිට මහින්දටවත් සරත්ටවත් වැඩි මනාපයක් නෑ. එහෙම දෙයක් අපි කියලත් නෑ. හැබැයි මේ සරත්ට දෙනවට වැඩිය හොඳයි ඡන්දේ කටු ගාන එක කිය කිය ඇවිදින මහින්ද බයියො දැක්කාම අපිට හිතෙන්නෙ සරත්ටම දීලා දාන එක හොඳයි කියලා.

  4. @Thejan

    >”රාජපක්ෂ රටේ ඔලු හදලා නම් ඔහුට ඔපමණ වෙහෙසෙන්නට ‍වන්නේ නැත.”
    හදලා ඉවර නෑ. නමුත් දැන් ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණය යන්නෙ එතනට.

    ප.ළි. : හැකිනම් Tabooගේ මුළු සටහනම කියවන්න

  5. ඔය මොනවා වුනත් ලංකාවේ අති මහත් බහුතරයෙන් අඩක් පමණ පට්ට කට්ටයෝය. අනිත් අඩ අමුම අමු මොට්ටයෝය.

    විචාර බුද්ධියෙන් යමක් කරන්නේ කීයෙන් කී දෙනාද?

    අනේවාසික
    http://anewasika.blogspot.com/

    • ඔබගේ ප්‍රතිචාර SPAM ගොඩේ තිබී නිදහස් කලෙමි. හැකි නම් ලින්ක් නොදමා ඔබගේ ප්‍රතිචාරය පල කරන්නේ නම් මැනවි.

      තමන් භාවිතයට ගැනීම සාමාන්‍යයෙන් කිසිම අයෙක් ප්‍රිය නොකරන බව මතක තබා ගන්න.

  6. රටේ ඔඵ හදනව කවුරු කවුරුත් ඒ යාන්ත්‍රික මට්ටමට. මොවුන් කාටත් ඕනි රොබෝ ඔඵ. එතකොට තමයි තමන් කියන ඕනි දෙයක් හිස් මුදුනින් පිළිගන්නෙ වග විභාගෙකින් විවාදයකින් තොරව. දේශපාලන අධිකාරීයේ වුවමනාව එයයි. තමන්ගෙ වහලුන් කොටසක් නිර්මාණය කිරීම. ඒ සඳහා ඔවුන් විවිධ පුද්ගලයින් භාවිතා කරනව. නිවහල් මනසින් යුතු මිනිසුන් බිහි වුණොත් මේ දේශපාලන අධිකාරයන්ට එරෙහිව ඔවුන් කැරැළි ගහනව. මිනිස් මනස අතිශයින්ම බියපත් වන්නේ නිදහසටයි, නිවහල්භාවයටයි. එම නිසා එය කුමක හෝ එල්ලීමට බලන් ඉන්නව.

  7. මේව දැන් සාමාන්‍ය සිද්ධි වෙලා බන්. අර දේශප්‍රේමියා දේශද්‍රෝහියා කතාව වගේ තමා.
    රජතුමාගෙ ප්ලෑන් ඔක්කොටම කෙල වේගෙන යන්නෙ.. 27 ම බලමුකෝ..

    • කෙළ වෙන්නේ ගුණමකුවන් සිටි රටක සිටින්නන් වන ඔබට හා මට පමණකි. හැබැයි ඒ අපේ පරපුරට පමණක් නොවේ.

      විභීෂණ කුවේණිගේ ඇහැළේපොළ හිටපු ර‍ටේ ඔබ වැන්නන් සිටීම සාමාන්‍ය දෙයකි. අකෘතඥ කම අ‍පගේ ජානගත ලක්ෂණයකි.

      නමුත් ලෝකය පුරා අකෘතඥ වූවන්ට ඉතිහාසයේ කුණු කූඩය හිමි වී ඇත.

      එය ජුදාස් ට, දෙව්දත් ට හා මූසිල ට ද සාධාරණ ය.

      දියුණු වන රටකට එය එසේ වන්නේ නැත.

      ජේ.ආර්. කළ උදවුව ජපාන රජයට වසර තිස් ගණනකට පසුව රජයයන් ගණනාවක් වෙනස් වූ පසුව ද මතක තිබිණි. එයට ප්‍රති උපකාර ද ලැබිණි. අප මෙතැන සිටින්නටත් ඔවුන් එතැන සිටින්නටත් හේතුව වටහා ගත හැකි ද?

      තම අරමුණ මෙන්ම එය යා යුතු ගමන් මාර්ගය ද නිවැරදි විය යුතුයි.
      (කියවන්න ලිලිත් ඇතුලත්මුදලි චරිතාපදානය)

      ජඩයන් කරන දෙය අනුමත කරන ‍ඔබ (කණිෂ්ක) වැනි ජඩයන් සිටින රටකට දෙයියන්ගේම පිහිටයි.

      • කට පාලනය කර ගත නොහැකිව එය තරුණ ජවය වශයෙන් වරද්දාගෙන කියවන දෙයක් මැදට පැනීම සාමාන්‍ය සිරිත නොවුනත් ඔබගේ තර්කයම ඉදිරිපත් කරන වයසට ගිය කැරලිකාරයෙක් දෙසූ බණක් දුටු නිසා එය මෙසේ සඳහන් කිරීමට සිතුණි.

        http://loopholes-loopholes.blogspot.com/2010/01/silumina-january-24-2010_5119.html

        “හැත්තෑ එකේ අසූ අටේ/නවයේ සුනිල් මාධවල ගේ ආශිර්වාදයෙන් වධකාගර වල වධ විඳල මැරිල ගිය ඔක්කොම එහෙනම් ගුණමකුවො !!”

        දේශප්‍රේමය, ආගම, කළගුණ… මේ සියල්ලම අප දන්නා ආකාරයෙන් තක්කඩියෙන්ගේ last resort වේ. හැඟීම අවුස්සා බලයට පැමිණීමට වෙර දරන එවුන් හට මෙසේ කඩේ යන්නේ සාධාරණ ටිප් එකක්වත් ලබාගෙන දැයි අප හට සැකයක් ඇත.

        කෙසේ වෙතත් අද දින තුල හොඳ හොඳ සෙල්ලම් දෙපැත්තෙන්ම රඟ දක්වනු ඇත. අප ඒ කිසිම පිලක් පිළිබඳ කතා නොකරමු. ඒ එසේ හැඟීම්බරව, ආදරයෙන් කතා කිරීමට තරම් දර්ශනයක් ඔවුන් තුල නැති හෙයිනි. කළගුණ, බාරකාර කම් ආදී ගොන් පාට් සරිලන රටකට එවැනි ගොන්පාට් දමන නායකයෙකුම පත් වීම එක අතකින් පුදුමයක් ද නොවේ.

  8. යමෙකු තමන් බුද්ධිමතෙකුයැයි සිතයිනම් අන් අය ඊට බාධා නොකල යුතුය. යමෙකු හරියැයි සිතයිනම් ඔහුගේ තීරණ වෙනස් කිරීමට වෙහෙස නොවිය යුතුය..මන්ද යමෙකු ඉගෙන ගන්නේ බොහොවිට ලබන්නා වූ අත්දැකීම් මගිනි. අන් අය ගැන ගුණ ගායන්නා කිරීම හෝ මඩ ගැසීම නොකට තමාගේ යුතුකම කිරීමෙන් මේ රට ලස්සන කරන්න. එදාට කිසිවෙකු ඔබට එරෙහි වනු හෝ නැත.මන්ද ඔබ නිවැරදි නිසාමය…

  9. ආර්ථික ඝාතකයෙක්ගේ කතාව ගැන පොඩි සටහනක් කරන්නම්.
    ලොකයේ අධිරාජ්‍යවාදයක් කියල එකක් තියෙනවා.ඒක නැහැ කියන්න බැහැ.බලවත් රාජ්‍යයන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අනෙත් රටවල් තමන්ට අභිමත විදිහට හසුරුවනවා.ඒක හරි.
    හැබැයි හැම කෙහෙල්මලටම මේ කතාව ආදේශ කරන්න ගියාම වෙන්නෙ අර කතාවත් ජෝක් වෙන එක.අද එක්තරා දුරකට වෙලාතියෙන්නෙත් ඒක.
    ලංකාවේ අසමත් පාලකයො තමන්ගේ අසමත් කම වහගන්න අධිරාජ්‍යවාදය පිලිබද කාරනය ඉස්සරහට දාගෙන විකාර නටනවා.මේ අයට අනුව හාල් මිල ඉහල යන්නෙත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක් නිසා!
    මේකෙන් වෙන්නෙ අධිරාජ්‍යවාදය පිලිබද කියවීම ජෝක් වෙලා අර කොටියා ආව කතාවට වුන දේ.