නමා දැමීම හෙවත් නම්නීකරණය

පුවතක්: නවක නම්නීකරණයට අවසර නොලැබෙන ලකුණු.

අලුත් අය සර්
හදල දාන්නත් එපැයැ
ගරු කරන්න උගන්නන්න තියෙනවා
ඇයි කැන්ටිමේ පෝලිමේ යන හැටි
ඩෙස් බංකු වල ලියන්නෙ නැති හැටි
අපි ඒවා කෙරුවට
උන්ට ඒවා කරන්න දීලා බෑනෙ සර්
ලයිබ්‍රරි එකේ
පුටු උඩ කකුල දාන්න එපා කියන්න ඕනෙ
අපිට මුන් අයියා කියන්නෙවත් නැති වෙයි සර්
අලුකුත්තෙරුවො අපිව ගනන් ගන්නැති වෙයි
අපිට හිනාවත් වෙන්නෙ නැති වෙයි
අලුත් උන්ගෙ වැඩ දන්න එවුන්
අපිටත් වැඩ කියල දෙයි සර්

අනිත් එක සර්
කොල්ලොත් වේලෙනවා

ඔන්න ඔහෙ මේ සැරේට
අවසරේ දීලා දාන්න
වීසීවත් ෂේප් කර ගම්මු

(ජොලියට පමණි. වාද විවාද තම තමා කර ගනුමැන)

6 thoughts on “නමා දැමීම හෙවත් නම්නීකරණය

  1. මේ ටිකත් ඕනද මංද…

    බලන්ඩ සෑර්………….
    මේ අපිත් හැදුනෙ……….නෑ නෑ අපෙ ජේස්ඨයො අපිව හැදුව..
    කොච්චර හොඳ………….. කීකරු… ලමයිද අපි..
    කොයිවෙලේ බැලුවත් කොන්ද නව……….අං.
    ඉටින් හොද නැද්ද සෑර් නවකයොත්……………….

    • හනේ බුදු සෑර්….
      මේ පාර ඔරියෙන්ටේෂන් එක
      දිග මදිඋනා….
      පොඩි එවුන්ගෙ කොඳු ටික නවලා කඩලා
      ගන්න බැරි උනා.
      සර්ල එනකොට නැගිටින හැටි
      කියාදෙන්න බැරි උනා
      (දවස් එකොලහකිං කෙල්ලෙක් ගොඩදාගන්න අමාරුයි සෑර්.
      කාලා බයිට් එ‍කට ගන්න, බඩේ ගෑවෙන්නත් මදි. ඉහි ඉහි. )

  2. Pingback: Tweets that mention නමා දැමීම හෙවත් නම්නීකරණය – Out In The Open -- Topsy.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *