මියුසියස් විදුහලේ පහලොස් වියැති සිසුවියක් පාසලේ වැසිකිලියක් තුලදී ගෙල වැලලා ගෙන දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබුනි. අද වන විට ඇය මිය ගොස් අවමංගල්‍ය කටයුතු සිදු කර අවසානය. ගෙල වැලලාගෙන මිය යාමට හේතු ලෙස නොයෙකුත් මත ඇති නමුත් සෑම මතයක් මධ්‍යයේම ඇත්තේ ඇය සතුව තිබූ ජංගම දුරකථනයක් ගුරුවරියකට හසු වීමෙන් පසුව ඇය එම සිසුවිය විදුහල්පතිනිය වෙත ඉදිරිපත් කිරීමට ලක ලෑස්ති වීමයි. සමහරුන් පවසන ආකාරයට ජංගම දුරකතනයේ අසභ්‍ය පින්තූර හා වීඩියෝ තිබී ඇත.
අවමංගල්‍යයට පසුව දැන් සැමදෙනාම දත කන්නේ අදාල ගුරුවරිය එල්ලුම් ගස් යැවීමටයි. ගුරුවරිය කොතරම් යක්ෂණියකද යන්නත් ඇයට අවීචි මහා නරකාදියේ ඇති දරුණුම දඬුවම් ලබා දිය යුත්තේ කෙසේද යන්නත් පිළිබඳව පත්තර වලට ලිපි ලියැවෙනු ඇත. ළමා අයිතිවාසිකම් ගැන වෙනමම ලිපි විලාසිතාවක් පටන් ගනු ඇත. ජනාධිපති ගෙන් මේ පිළිබඳ පියවරක් ගැනීම සඳහා කන්නලව් කරනු ඇත. ගුරුවරුන් වැඩ වර්ජනය නොකර සිටිය යුත්තේ මේ නිසා බව කියනු ජාතික නාලිකාව හෝ එවැනි නාලිකාවක මම දුටුවෙමි. ගෙල වැලලාගත් ස්ථානයේදී ප්‍රථමාධාර නොදීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල කිරීමට පිරිස් උත්සුක වෙයි. කොටින්ම සමස්ථ ගුරු ප්‍රජාවම එල්ලා මරා දැමීමට කඩු පොලු අතට ගෙන යහපත් ජනතාව බලා සිටී.
ඛේදවාචකයක් හමුවේ ලාංකීය සමාජය තුල දකින සාමාන්‍ය ජවනිකාවයි මේ. සාක්ෂරතාවයෙන් 90% සීමාව ඉක්මවා තිබුනත් සිතීමේ හැකියාව අවම වීම මෙම ජවනිකාවේ උල්පතයි. අප සෑම සිදුවීමකට උල තැබීමට යක්ෂයෙකු සොයයි. අවුරුදු තිහක් පුරා ඇදුනු යුද්ධයට සම්පූර්ණ හේතුව ප්‍රභාකරන් බවත්, ඒ ඔහුගේ උපතින් පිහිටි යක්ෂ, ම්ලේච්ඡ ගතිගුණ නිසා බවත් එනිසා ප්‍රභාකරන් අවසන් හුස්ම හෙළු පසු සතුටු විය හැකි බවත් අප සිතන්නේ මෙම මානසිකත්වය හේතු කොට ගෙනය. ගැටළුවක ලක්ෂණ එම ගැටළුවට විශේෂි කොට අප සිතන නමුදු සමස්ත සමාජයටම පොදු ගැටළුවක් ලෙස හඳුනා ගැනීමට අප අසමත්ය. යම් සිදුවීමක් තනි තනිව ගෙන පැහැදිලි කිරීමට වෙර දරන නමුදු කාල පරාසයක් තුල සිදුවන සිද්ධි සමුදායක් හා එක් කොට එහි ඇති සමස්ත පින්තූරය දැකීමට අප අපොහොසත් වේ. මිනීමැරුම් මාලාවක් සිදුවන විට සෑම මිනී මැරුමකටම “අනේ අපොයි” කියා දුක් වෙනවා මිස මිනීමැරුම් මාලාවට හේතු විය හැකි වෙනත් රටාවක් අප දැකීමට උත්සහ කරන්නේ නැත.
සිසු සිසුවියන් විදුහල්පතිනිය/තුමා හමුවට ඉදිරිපත් කිරීම අද ඊයේ පමණක් නොවන සිදුවීමකි. පාසැල් සිසුවියක ගේ ජංගම දුරකථනයක අසභ්‍ය පින්තූර තිබීම කිසිසේත්ම ගුරුවරියකට තනිව තීරණය ගත හැකි අවස්ථාවක් ද නොවේ. අනෙක් අතට මෙය විනය දැඩි ලෙස කඩ වීමක් හෙයින් පාසැල් මට්ටමින් ක්‍රියා කල යුතුව තිබුණු අවස්ථාවකි. මෙම කරුණු සැලකිල්ලට ගෙන අපට ගුරුවරිය එල්ලුම් ගසින් බිමට බැස්සවිය හැක. සමස්ත ගුරු ප්‍රජාවේ රැකියාවෙන් ඇති ප්‍රයෝජනය පිළිබඳ නඩුවකදී ලෙස ලෙහෙසියෙන් ඈ එල්ලුම් ගසින් බැස්සවිය නොහැකි නමුත් මෙම නඩුවේදී එය අදාල නොමැත.
ජංගම දුරකථන පාසැලට රැගෙන ඒම තහනම් වේ. නමුත් තරුණ තරුණියන් හා කුඩා ළමුන් හට ඇති වී ඇති අනාරක්ෂිත තත්වය තුල දෙමාපියන් හට නිරතුරුවම තම දරුවන් සමඟ සම්බන්ධයෙන් සිටිය යුතුය. එම නිසා ජංගම දුරකථන තහනම් කිරීම වැනි තීරණ ප්‍රශ්නයට විසඳුමක් නොවේ. අනෙක් අතට ජංගම දුරකථනයක් සමඟ හසු වීම පාසැල් ප්‍රධානීන් හමුවට ඉදිරිපත් කිරීම තරම් වරදක් ද නොවේ.
නමුත් ජංගම දුරකථනය තුලට අසභ්‍ය පින්තූර පැමිණියේ කෙසේද? ගැටළුවේ මූලය රැඳී ඇත්තේ එතනයි. අසභ්‍ය පින්තූර නොමැති ජංගම දුරකථනයක් සමඟ හසු වුනි නම් විදුහල්පතිනිය හමුවට ඇය ඉදිරිපත් නොකිරීමත්, ඉදිරිපත් කලත් ගෙල වැලලා ගැනීමට තරම් එය හේතුවක් නොවීමත් සිදු විය හැකිව තිබිණි. පහලොස් වියැති දැරිවියක් අසභ්‍ය දර්ශන නැරඹීමේ ආසාවක් ඇති කර ගෙන ඇත්තේ කෙසේද?
වැඩිවියට පැමිණීමත් සමඟම ශරීරයේ ක්‍රියාත්මක වන හෝමෝන වැරදි කරුවන් ලෙසට මීළඟට අපට ගත හැක. අධ්‍යාපන බලධාරීන් සියලුම හෝමෝනගත ක්‍රියා තහනම් කිරීමට කටයුතු කරන අතරතුර අප වෙනත් මඟක් ගැනීමට බලමු. ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය යනු කටින් පිට කිරීමට නුසුදුසු තහනම් වදන් කිහිපයකි. අපාගත වීමට බල පෑ හැකි මෙම වදන් අතහළ යුතු අපට ඒ සඳහා උදව්වට දැන් රජය විසින් වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපට තහනමේ ද යෙදී සිටියි. ලිංගිකත්වය පිළිබඳ නිසි අවබෝධයක් ලබාදීම ලාංකිකයින් විශ්වාස කරන්නේ නැත. ඒ වෙනුවට ලිංගික අධ්‍යාපනය මධුසමය දින රාත්‍රිය තෙක් සඟවා ගත යුතු රහස් ලෙස තබා ගැනීමට දෙමාපියන් කටයුතු කරති. ලංකාව වැනි රටක සාමාන්‍යයෙන් විවාහ වන්නේ අවුරුදු 22ත් 30ත් අතර වයසක නිසා වැඩිවියට පත් වූ පසු හෝමෝන ක්‍රියාකාරීත්වය පාලනය කර ගෙන තැටමීමට අපගේ දරුවන්ට සිදු වී ඇති අතර ලිංගික අධ්‍යාපනයකින් තොර වූ කාන්තාරයක තමන්ම මඟ සොයාගෙන යෑමට ඔවුන්ට සිදුවී ඇත.
සත්‍ය වශයෙන්ම එල්ලුම් ගස් යැවිය යුතු යක්ෂයා සිටින්නේ මෙහි නොවේද? අප ඉහතදී සඳහන් කල ආකාරයටම ළඳරු අවධියක ජීවත් වන සමාජයක ඇති හරි හමන් සැකිල්ලක් නොමැති චින්තනය අත හැර වඩාත් හරවත් සාරධර්ම පද්ධතියක් ගොඩ නගා ගත යුතු නොවේද? වැඩිවියට පැමිණෙන ළමුන් තව දුරටත් ළමුන් නොවන බව පිළිගත යුතු නොවේද?
අවසාන වශයෙන් මිනිසා යනු සදාකාලිකව ලිංගික ක්‍රියාවලින් වෙන් විය යුතු ළදරුවෙකුට වඩා ලිංගික ජීවියෙක් බව පිළිගෙන ඒ සඳහා දැනීම් පද්ධතියක් ගොඩ නගා ගත යුතු නොවේද?
අවාසනාවකට ජීව විද්‍යාවට “ග්‍රීක යුදෙව් චින්තනය” යැයි පයින් ගසා වසර ගනනාවක් පන්සල් පල්ලි කෝවිල් තුලින් මතුවූ මර්ධනකාරී චින්තනයන් කර ගසා ගන්නා ලිං මැඩියන් සමඟ ලිංගික අධ්‍යාපනය සාකච්ඡා කිරීම පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැක. එමනිසා ජනතාව සතුටු කිරීමට අපි ගුරුවරුන් එල්ලා දමා චිත්‍රපට තහනම් කරමු.
කියවන්න: කාළකන්නි ලිංගිකත්වය




ළඟදී දවසක පරිගණකයකට Fedora 10 ස්ථාපනය කලා. ස්ථාපනයෙන් පසුව ඕනෙම කෙනෙක් පළවෙනියටම කරන දෙයක් තමයි අන්තර්ජාල සම්බන්ධතාවය සාදා ගන්න එක. අදාල පරිගණකයට තිබුනේ NAT හරහා ලබා දී තිබුන static IP එකක්. සාමාන්‍යයෙන් මේ ආකාරයේ සම්බන්ධතාවයක් සාදාගන්නේ System->Administration->Network වෙත ගොස් එහි ඇති eth0 තෝරා Edit කිරීමයි. එහිදී ලැබෙන window එකේ static IP තොරතුරු (IP address, Subnet Mask, Default Gateway) ඇතුලත් කරනවා. ඉන්පසු DNS ටැබ් එකේ primary හා secondary DNS server වල address ඇතුලත් කරන්න ඕනේ. මමත් මේ විදියටම අදාල තොරතුරු ඇතුලත් කලා. නමුත් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බෑ. පස්සේ terminal එකේ ifconfig eth0 ලෙස ඇතුලත් කලාම පැමිණෙන දත්ත වල subnet mask ලෙස සඳහන් වන්නේ 255.255.255.240. මා ඇතුලත් කල දේ එය නෙමෙයි. නැවතත් වෙනස් කර බැලුවත් ආයෙමත් 255.255.255.240ට හැරෙනවා.
Windows 7 RC-1 නිකුතුව මම ඊයේ laptop එකට ස්ථාපනය කලා. Laptop එක Dell Inspiron 1420 එකක්. ඒකට ස්ථාපනය වෙලා තිබුනේ Windows Vista Home Basic 32bit නිකුතුවක්. Intel Core 2 Duo 2.0 GHz processor එකක් තිබුනට Vista පද්ධතියට ඒක හොඳටම මදි. වැඩ කරනකොට මොන ***ක්ද කියලා හිතුන වාර අනන්තයි. Windows 7 ඇවිත් ටිකක් කල් ගියාට පොඩ්ඩක් stable version එකක් එනකම් දාන්න මම කල්පනා කලේ නෑ. ළඟදි RC-1 එකක් අවුරුද්දක් පාවිච්චි කරන්න පුලුවන් විදියට නිකුත් කරපු නිසා ඒ dvd එකක් 


එම නවක වදයට පෙර තිබු නවක වදයේ ප්‍රධාන අරමුණ වූයේ ශිෂ්‍ය සංගමයේ බලය අයත් පක්ෂයට පිරිස් එක් රැස් කර ගැනීම. නවක වදය අතරතුර පක්ෂයට වැඩ කිරීමේ වාසි පෙන්වා දීමෙන් මෙය සිදු කෙරුනා. මෙම දේශපාලන පක්ෂ වලින් ප්‍රධාන තැනක් ගන්නේ ජවිපෙ. ඔවුන්ව අනුගමනය කරන්නන් ජෙප්පන් වුනා. ජෙප්පන් සාමාන්‍යයෙන් සමාජවාදීන් ලෙසයි ප්‍රසිද්ධ. නමුත් නවක වදයේදී “බෙදන තෙල් වල” ඇත්තේ සමාජවාදයක් නොවෙයි. කුඩා ප්‍රමාණයේ මොළ සෝදා හැරීමකින් පසුව බෝතල් සාදයක් සහ දිගටම වැඩ කලොත් මෝටර් සයිකලයක් ලබා දීමේ පොරොන්දුවක් පමණයි. පේරාදෙණිය සරසවියේ නේවාසිකාගාර ඉදිරිපස ඇති මෝටර් සයිකල් තොගය දුටුවොත් මෙම කරුණ වටහා ගන්න පුලුවන්. නේවාසිකාගාරයේ සිට පයින් ගමන් කල හැකි දුරකින් පීඨ පිහිටා තියෙනවනම් බයිසිකල් කුමටද? ඒවා නිසැකවම ජෙප්පන් වීමේ පාරිතෝෂිකයි.

