බළපිටියේ වෙසෙන අපගේ එක් මිත්‍රයෙක් වේ. හිතින් ද ගතින් ද සමාජවාදියෙකු යැයි පවසන මොහු අනර්කලී දකුණේ ඡන්ද ව්‍යාපාරය ආරම්භ කල දවසේ පැවසූයේ ඈ බළපිටියට පැමිණි දවසට නම් දුවන්නට දෙන බවයි. මින් පෙරද එසේ එක් දේශපාලකයෙකු එලවූ බව අපට කියා දෙමින් ඔහු, ඈ සංකර ****යක් යැයි විශේෂණ පද කිහිපයක් ද එක් කලේය.
අප රට සදාචාර සම්පන්න බැවින් සපිරි හැදියාව උපරිමයටම ඇති රටක් බව ඔහු තදින් විශ්වාස කරයි. රජයේ සියලු සදාචාරවාදී ප්‍රතිපත්ති (හා වෙනත් ඕනෑම ප්‍රතිපත්තියක්) සඳහා ඔහු ෆුල් සප් එක ලබා දෙන්නේ එබැවිනි. මෙය අපගේ බපියා ට (බළපිටියා) පමණක් ආවේණික සිතුවිල්ලක් නොවේ. බහුතරයක් ජනයාහට අවුරුදු පනහක දේශපාලන ක්‍රමයක් තුල උරුම කරන දෙනු ලැබූ චින්තනයක එක් ප්‍රථිපලයකි. තමන්ට මීට වඩා විනෝදයෙන් ජීවත්ව සිටිය හැකි සමාජයක් තිබෙන බවත් නමුත් එසේ ජීවත් විය නොහැක්කේ කිසියම් වූ පුද්ගලයෙක් හෝ කාණ්ඩයක් නිසා බවත් චින්තනයක් ඇති කරන පාලකයින් එම පුද්ගලයා හෝ කාණ්ඩය (අනෙකා) විනාශ කිරීමට තමන්ට සහයෝගය ලබා දීමට ජනතාවට ආයාචනා කරන බව කිසියම් හෝ තැනක දුටුවා මතකය. සදාචාර සම්පන්න වූ අබ ඇටයකදු දුරාචාරයක් නොමැති යහ සමාජයක් පිළිබඳ අප මිත්‍රයාගේ සිතුවිල්ලද මීට සමාන එකක් ලෙස අපි දකිමු. ඔහුගේ සිත තුල ඇත්තේ කොටට අඳින සියළු දේශපාලකයින් සමඟ බුදියන අනර්කලී බළපිටියේ සිල්වතුන් වෙතින් ප්‍රතික්ෂේප වෙනු ඇති යන්නය. එය ඔහුගේ සවිඥාණයේ එක් වීර කතාවකි.
නමුත් ලිංගික මර්ධනයකින් මඬිනා ලද ලාංකීය පරම්පරා කිහිපයට අනර්කලී යනු තම සිහින තුල හුරතල් වන රැජිනක් බව ඕනෑම පිරිමියෙකු දොර අඩවල් කරන ලද කාමර තුලදී තේරුම්ගන්නා සත්‍යයකි. ඈ රඟපෑ චිත්‍රපට කිහිපයක්ම ඉතා ප්‍රසිද්ධ වූයේ එවායේ තිබූ (අඩුම තරමේ බාල ගණයේවත්) කතාවක් නිසා නොවන බව කවුරුත් දනී. මාතරින් යහනට පැමිණීම හා ගමේ බෝක්කු පිළිබඳ පෝස්ටර් ගැසීමට පෙර ඒවායේ අඩංගුව ඇති පින්තූර භාවිතා වූයේ කුමටද යන්න ප්‍රසිද්ධ රහසකි. දේශපාලනයට පැමිණීමට පෙර කොල්ලන් අතර පමණක් නොව අරක්කු මේසයක වාඩිවෙන හැට පැන්න මහල්ලන් පවා අනර්කලීව කතා බහට ඇද ගත්තේ ඇගේ පරම්පරාව පිළිබඳ කතා කිරීමට නොවන බව සැවොම දනී. නමුත් එළිපිට තම තමන්ගේ ප්‍රතිරූපයට වන හානීය වලක්වා ගැනීමට දැනුවත්වම යටපත් කරන ලද එම හැඟීම් පිටට පැමිණෙන්නේ ඇය රට ජාතියේ සංස්කෘතිය අනුභව කරන හැතිරියක් ලෙසට සිතමිනි. එනම් මෙහිදී ඇය රටේ සංස්කෘතිය විනාශ කරන අනෙකා වේ.
දේශපාලනයට පැමිණීමට පෙර කිසිම ආකාරයකින්වත් ප්‍රතික්ෂේප නොකරනු ලැබූ අනර්කලී දේශපාලනයෙන් ලෙහෙසියෙන් ප්‍රතික්ෂේප වේ යැයි සිතන්නේ කවුරුන්ද? (චිත්‍රපටි රංඟනය හා දේශපාලනය අතර ඇති පුදුම සහගත සමානකම් සලකා බලමින්) එතෙක් තරු ලෙසට ප්‍රසිද්ධව සිටි ප්‍රවීණ නාඹර නිලියන් සියල්ලම පරදවමින් වසර කිහිපයකින් රංඟනයේ මුදුනට (ඇයගේ හැකියාව පිළිබඳ වෙනම කතා කල යුතු අතර හැකියාව කෙතෙක් අද රංඟනයේ ඉහළට යාමට දායක වේදැයි සැක සහිතය) නැඟ ගැනීමට සමත් වූ ඇයව ලෙහෙසියෙන් පැරදවීමට සිතන්නේ කවුරුන්ද? ඇයට මරණ තර්ජන එල්ල කල මුතුහෙට්ටිගමට ජීප් රථ 16කින් ලේ පනින තුරු සැලකීම ගැන දැන දැනත් ඇයගේ බලය පිළිබඳ සැක කරන්නෝ කවුරුන්ද? කොළඹට දුමින්ද සිල්වා හා තිලංග සුමතිපාල පත් කර ගත් බුද්ධිමත් ඡන්ද දායකයින් සිටින රටක අනර්කලීගේ ගමන සැක කිරීම එතරම් සුබ නැත.
බළපිටියේදී අනර්කලීට සැලකීමට ලක ලැහැස්ති වන අපගේ මිතුරාට අප පවසන්නේ සියල්ලට කලින් සෙට් එකෙන් අසා ස්ථිර කර ගන්නා ලෙසටය. බළපිටියට ගොඩ බසින ඇගේ දෙපතුල් සේදීමට ඔවුන්ම ඉදිරිපත් වුවහොත්, නෙලන්නට දුව එන අපගේ මිතුරා පත්වෙන්නේ මහා අකරතැබ්බයකට නිසාවෙනි.
තවද අපි ඔහුගෙන් මෙසේ අසමු. දෑතින්ම වෙඩි තැබිය හැකි මුතුහෙට්ටිගම හා හෙලිකොප්ටර් හිමිකාර සජින් වාස් දකුණේ තවමත් තබා ගෙන සිටින්නේ ඔවුන් පිරිමින් වූ නිසා ද? අනර්කලීට සලකනවානම් මේ දෙදෙනාද බළපිටියටම එවිය හැක.
මම මුලින්ම පරිගණකයක් මිලට ගන්නකොට ඒ කාලෙ තිබුන උණට ගත්තා පරිලෝකන යන්ත්‍රයක් (හික්. වචනෙ හරිද මන්ද.සිංහලෙන් නම් ස්කෑනරයක්). Epson Perfection 660 මොඩලයේ එකක්. ඒකත් එක්ක ආවේ Windows XP drivers. ඒවා ඒ කාලෙට හරි ගියා. නමුත් විස්ටා පද්ධතිය ස්ථාපනය කලාට පස්සෙයි හොයාගත්තේ විස්ටා drivers නැහැ කියලා. ලිනක්ස් වලට මාරු වුනාට පස්සේ අදයි මට මේ අටමගල පාවිච්චි කරන්න ඕන කමක් ආවේ. Drivers ස්ථාපනයේදී ඉගෙන ගත්ත දේ ටික මේ ලිපියෙන් ලියා දක්වන්නම්.
Firefox බ්‍රව්සරයේ අලුත් නිකුතුව 3.5.3 මෑතකදි නිකුත් කලා. වින්ඩෝස් පරිශීලිකයින්ට නම්
Firefox ස්ථාපනයට පසු
අද හරියටම මම බ්ලොග් එකක් පටන් අරන් අවුරුද්දක් ගත වෙන දවස. ගිය අවුරුද්දේ සැප්තැම්බර් 9 වෙනිදා chamila-dealwis.blogspot.com යටතේ wamp ගැන ලියලා බ්ලොග් එකක් පටන් ගත්තා. ඒක ලිව්වේ ඉංග්‍රීසියෙන්. ඊට කලින් ucsclodge.lk වෙබ් අඩවියේ පොඩි පොඩි බ්ලොග් සටහන් ලියලා තිබුනා. නමුත් හරි හමන් බ්ලොගයක් පටන් ගත්තේ අදින් අවුරුද්දකට කලින්.
බොබ් මාලි ගැන එක එක අය එක එක කතා කියනවා. ඔහු නියෝජනය කරපු රස්තෆාරි ආගම ගැන, ඔහුගේ ගංජා පුරුද්ද ගැන නොයෙකුත් කතා තියෙනවා. නමුත් Get Up Stand Up වැනි පද මාලා තුල ගැබ්ව තියෙන අධිකාරියට එරෙහි වෙන ගතියට ඕනෙම කෙනෙක් කැමති වෙනවා හිත යටින් වුනත්. ඔහුගේ දරුවන් දැන් ඔහුගේ නමින් ප්‍රසිද්ධ වීමට දැඟළුවත් (Damian Marley වැන්නන්) බොබ් මාලිගේ කටහඬෙ තිබුන ආත්මය ඔවුන් ළඟ නැහැ. Three Little Birds බොබ් මාලිගේ තවත් ප්‍රසිද්ධ ගීතයක්. සැහැල්ලු ජීවිතයක් ගැන හීනියට හැඟීමක් හිතට ඇතුළු වෙලා පිට වෙනවා.
Gmail කියන්නේ Webmail සේවා භාවිත කරන්නන් අඩකටත් වඩා යොදා ගන්නා සේවාවක්. Google Reader කියන්නේ RSS syndicator එකක්, තමන්ගේ RSS සබැඳි අවශ්‍ය ආකාරයට හසුරවන්න පුලුවන්. Google Calendar අපේ calendar අවශ්‍යතා බොහෝමයක් ඉටු කරලා දෙනවා. Gmail සඳහා නම් තේමා කිහිපයක් සපයා දී ටිකක් ලස්සන කරන්න අවස්ථාව ලබා දී තිබෙනවා. මැතකදී ඔවුන් තවත් තේමා තුනක් එම ලැයිස්තුවට එකතු කලා.

එයට Install ලෙස ලබා දෙන්න. අවසාන වීමෙන් පසු Helvetireader installed succesfully යනුවෙන් පහළ status bar එකේ වඳුරු මූණට :D පැත්තකින් දිස් විය යුතුය. ඉන්පසු google reader වත ගොස් refresh කර බලන්න.
මේ සියලු දේ කියන බ්ලොග් එක මගේ බ්ලොග් එකය. එහි මට විරුද්ධව කිසිවෙකුට කතා කල නොහැක. මගේ බ්ලොග් එක උඩින් මගේ අහන්නේ නැතුව කිසිම bot එකක් crawl නොකල යුතුය.