Cityscapes!

the cries, the woes

the winning scores

up the sky

up the sky

 

tears,  of joy

of barriers

alike

up the sky

up the sky

 

the loves, the hates

the broken stares

the sighs of things that never fared

 

exhumes of thoughts

the strings they caught

of lights and pulses

the boxes shadowed

 

neons of nights

the cries of minds

the thousand souls

a day crushed sore

 

 

හස්බන්ඩ්‍රි

තව පරිණාමයට සම්බන්ධ කතාවක්

දඩයම් යුගයෙ ගෝත්‍ර විදියට කණ්ඩායම් ගැහෙද්දි පිරිමි ටික දඩයමේ ගියාය, ගෑණු ටික ගෙදර දොර පාලනය කරගෙන හිටියය කියලයි ඩෙස්මන්ඩ් මොරිස් කියන්නෙ. කසාදෙ කියන එක හැදෙන්නෙත් එතනින් කියලයි නිරුවත් වානරයා පොතේ තියෙන්නෙ.

දඩයමේ යන පිරිමි හවසට එකතු වෙලා ගිය දඩයම් ගැන විස්තර කියව කියව පොඩි සෝෂලයිසේෂන් පාරක් යනව. මේක ඇගෙන් එන දෙයක්. සමාජය ඇතුලෙ වැඩි කොටසක් මෙහෙම socialize වෙන්න ආස අය ඉන්නෙ. සමහර විට අතීතයෙදි එහෙම කණ්ඩායම බැඳීමක් නැති වුන ජාන අමාරු කාල වලදි නැති වෙලා යන්න ඇති.

සත්තු පාලනය කරල, බැටළුවො, එළුවො, බල්ලො, පූසෝ රැක බලාගන්නෙ වැඩි පුර ගෑණු. ඒ හිජාබ් එකක් නැතුව එලියට යවන්න තියෙන බයට නෙමෙයි. දඩයමේ යනවට වැඩිය ගෑණු මනසකින් කරන්න පුලුවන් වැඩක් නිසා. අද මේකට කියන වචනෙ Animal Husbandry.

දඩයම් යුගයෙ පහු කරල ශිෂ්ඨාචාරෙකට ඇතුලු වෙනකොට මේ භූමිකා දෙක ටික ටික නැති වෙනව. දැන් අපි දඩයමේ යනව වෙනුවට එක තැනකට වෙලා කෝඩ් කොටනව. පොඩි ගතියක් තියෙන දෙයක්, ඒ කියන්නෙ උගුලක් අටවල හරි වෙන ක්‍රමයකට හරි සතෙක් දඩයම් කරනව වගේ ගතියක් තියෙන දෙයක් වෙනවනං වෙන්නෙ අවුරුදු දහයකට සැරයක්. පිරිමි සිකුරාදාටවත් සෙට් වෙන්න බලන්නෙ අර කලින් කියපු හවසට හවසට socialize වෙන්න තියෙන ආසාවෙම extension එකක් නිසා කියලත් සමහරු කියනව.

මෙතනදි තමයි මගෙ පොයින්ට් එකට එන්නෙ. conflict of interests. පිරිමි සෙට් වෙන්න යද්දි ගෑණු husbandry කරන්න neural connections හදාගෙන ඉන්නෙ. “ඔය ඇති ඕයි, දැන් යන්” කියල ගෙදර ගිහිල්ලත් අහගන්න වෙන්නෙ ඒකයි. කොච්චර අහගත්තත් Totally Worth It කියල හිත හදාගන්නෙ ඉතුරු වෙච්ච ජාන නිසා වෙන්නත් ඇති.

dca

මම කියන්න දඟලන්නෙ Husbandry කියන එකේ Husband කියල තියෙනව කියන එක.

(ඇත්තම සීන් එක ඕක නෙමෙයි)

ටෙම්පරි ආතල්

මෙහෙමයි මචංලා.

දුමියා කලේ උඹලට පස්ස පැත්තෙන් හිනා වෙච්ච එක. නැත්තං ලැජ්ජ නැතුව “හාස්කමකින්” සිද්ද වුනා කියල සනීප වෙන හේතුව කියන්නෑ. උගෙ ෆොටෝ වලත් උඹලට හිනා වෙන්නෙ සතුටට නෙමෙයි කින්ඩියට.

උඹල කරන්නෙ ඒ ඒ වෙලාවට ඒ ඒ සිද්ධියට පොඩි response එකක් දෙනව. නවලෝක දේවාලෙ කියල ඊලඟ මාසෙ ඡන්දෙ තිබ්බොත් දුමිය හොඳ එකා කියල ඡන්දෙ උඹල දෙනවමයි. ඔන්න බලපං ලොක්ක කින්ඩියටත් එක්ක මූව උස්සල තියන්නැද්ද කියල.

උඹල මර්වින්ට බැනපු කාලයක් තිබ්බ. දැන් පවිත්‍රට බනිනව. අදයි හෙටයි දුමියට බනිනව. ලයිට් බිල අමතක වෙනව.

හැබැයි ඔය ඔක්කොම දුවන්නෙ උඹල කරකවන නිසා. උඹල තමයි මැෂින් එක දුවවන්නෙ. ඇමතිට කියල ලියුම් ගහල රස්සා වලට දුවන්නෙ, ඒ නිසා සුදුසුකම් තියෙන එවුනුත් රස්සා ගන්න ඇමතිල පස්සෙ යන්නෙත් ඒකයි.

එක්කො කමක් නෑ ඔය ටෙම්පරි ආතල් ගනින්. උඹලට ආතල් කියල තියන්නෙත් ඒවනෙ. හිනා වෙද්දි හෙමින් හිනා වෙයන්. බඩ පොත්ත පිටේ වදිද්දි රිදෙයි.

5188587

ඇයි ඔයාලා මොනවා කරන්නද

යෙදුම්

මල් වවන්නන් බ්ලොග් අවකාශය සුන්දර කරනවා යැයි කියූ කණ්ඩායමකි. මල් වවනවා වෙනුවට අන්තිමට බ්ලොග් අවකාශය අසූචි ගොඩක් බවට පත් කිරීමට සමත් වන ලදී.
ලකෆ්‍රෑන්ස් මල් වවන්නන්ගේ ප්‍රධාන සතුරා වන අතර නිර්ණාමික, අන්වර්ථ නමක් යටතේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන අයෙකි.
391078_615503525145242_1172850062_n

Captured by Lishan (http://picbylish.blogspot.com/)

නිර්ණාමිකත්වය පිලිබඳව අලුතෙන් කිසිවක් කියා දිය යුතු නැත. තොත්ත බබාලා වුවද තමන්ගෙ මැට්ටං තම්මැට්ටං කර ගෙන සිටීමට තහනම් කර දමන නිර්ණාමිකත්වය පිලිබඳ කතිකාවත පසුගිය මාස කිහිපය පමණක් නොව සියලුම ප්‍රකාශන කලාවන්හි ආරම්භයේ සිටම පැවත එන්නකි. ඊයේ පෙරේදා ලියන්න කියවන්න පටන් ගත්තවුන්ට පමණක් මෙය මැජික් එකකි. නොතේරෙන්නෙකි. එනිසාම බිය විය යුතු දෙයකි.

නිර්ණාමිකව ප්‍රකාශනය වන දෙයක කතෘ කෙනෙකු සහතික කර ගත නොහැක. මෙම අර්ථ දැක්වීමට අනුව තාක්ෂණිකව Blogger, WordPress හෝ වෙනත් ඕනෑම මංගත ප්‍රකාශන මාධ්‍යයක ප්‍රකාශ කරන්නෙකු නිර්ණාමික අයෙකු බවට පත්වේ. ඒ මෙම සේවාවන් භාවිතා කිරීමට අවශ්‍ය වන්නේ ඊමේල් ලිපිනයක් පමණක් වන බැවිනි. ඊමේල් සේවාදායකයින්ද, ඊමේල් ලිපිනද ඕනෑ තරම් මංගතව සාදාගත හැක. එබැවින් චමිල ද අල්විස් හෝ ආනන්දවර්ධන හෝ මගේ මරණය හෝ මකබාස් හෝ නිර්ණාමික කමෙන්ට් කරුවෙකු අයත් වන්නේ නිර්ණාමික සාමාජිකයින්ගේ ගොඩටය. මෙයින් අවශ්‍යනම් චමිල ද අල්විස්, ආනන්දවර්ධන, මගේ මරණය හා මකබාස් අන්වර්ථනාමිකයින් (pseudonyms) ගොඩට දමා ගත හැක. එහෙත් එයින්ද කියැවෙන්නේ හැඳුනුම සහතික කර ගත නොහැක යන්නයි.

Twitter හැර වෙනත් සමාජ ප්‍රකාශන සේවාවක තමාගේ හැඳුනුම සහතික කර ගැනීමට හැකියාවක් ලේඛකයා දන්නා තරමින් නැත. Twitter හි වුවත් තමාගේ හැඳුනුම සහතික කර ගැනීම දීර්ඝ ක්‍රියාවලියක් වන අතර ඉන්පසුව වුව අත්වන විශේෂ වරප්‍රසාදයක් නැත.

ප්‍රකාශනයේදී, විශේෂයෙන්ම මංගත ප්‍රකාශනයේදී ප්‍රතිචාර නොවැලැක්විය හැකි කරුණකි. ලෝකය යනු එකිනෙකාගේ වීදුරු බෝල නොව එක් එක් වර්ගයේ මිනිසුන් සිටින කැඳ හැලියක් වීම මීට හේතුවයි. කෙල්ලන් කොටට ඇඳීමට අකමැති මිනිසුන් සිටින මුත් එයින් සියලුම කෙල්ලන් දිගට ඇඳිය යුතු බවක් පැවසෙන්නේ නැත. එයින් කියැවෙන්නේ කොටට අඳින කෙල්ලන් දෙස බැලීමෙන් පෙර කී මිනිසුන් වැලකිය යුතු බවයි. ලෝකය යනු තමන් නොවන බවත් තම තමාගේ මතිමතාන්තර ලෝකයට බලෙන් කැවීමට යෑම සියදිවි නසා ගැනීමක් බවත් නැවත නැවතත් ඔප්පු වී ඇති කරුණකි. ආගම පිලිබඳ ප්‍රසිද්ධ කියමනක් මේ සඳහා අගනා වේ.

Religion is like a penis.
It’s fine to have one.
It’s fine to be proud of it.
But please don’t whip it out in public and start waving it around,
And PLEASE don’t try to shove it down my children’s throats.

තම තමන්ගේ අදහස් උදහස් ගැනද කිව යුත්තේ එයමය.

තව දුරටත් උදාහරණයක් ගනිමු. මගේ පෞද්ගලික අදහස වන්නේ නිර්ණාමිකත්වයට අකමැති අය මංගතව අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකිය යුතු බවයි. එය සාධාරණ තර්කයකි. මදුරුවන්ට අකමැතිනම් වඩාත් සුදුසු දේ වන්නේ ගෙතුලට වී සිටීමයි. මෙය සියල්ල පිලිපැදිය යුතු නැත. පිලිපැද්දා නං වඩාත් සුදුසු නමුත් එසේ සිදු විය යුතුම නැත. ඒ ලෝකය කරකැවෙන්නේ මා වටේ නොවන බැවිනි.

අවාසනාවකට මෙවැනි අදහස් ඇත්තවුන් පිලිබඳ අප දරන ලිබරල් දැක්ම ඔවුන් නිර්ණාමිකත්වය පිලිබඳ දක්වන්නේ නැත. තමනුත් නිර්ණාමික බව නොදැන (මේ මොලේ අමාරුවක් ද උපන්ගෙයි මෝඩ කමද නැතිනම් සරල ලෙසම නොදැනුවත්කමද යන්න පැහැදිලිව කිව නොහැක) නිර්ණාමිකත්වයට පහර ගසති. නියම පිරිමිකම නමින් පැමිණීම යැයි පාරම් බාති. එහෙත් ඕනෑම අයෙකුගේ නමින් Blogger කමෙන්ට් දැමීම මෙන්ම ඕනෑම අයෙකුගේ ඊමේල් ලිපිනයකින් යවන ලෙසට ඊමේලයක් යැවීම කිරි කජු වැඩක් බව එක්කෝ මුන් දන්නේ නැත. නැති නම් දැන දැනත් බොරු උජාරුවක් ආරූඪ කර ගැනීමට උත්සහ කරති.

අවසානයේ නිර්ණාමිකව ලියන්නේ මොවුන් යැයි නිර්ණය කොට ඔවුන්ට අහු වූ තැන ලේ පනින්න ගහන බව නිර්ණාමිකව දෙසා බාති.

kathandara

263997_240538989297526_888554_n

ලකෆ්‍රෑන්ස් යනු බ්ලොග් අවකාශයේ නවතම නිර්ණාමික ප්‍රවණතාවයයි. ඔහු/ඇය/ඔවුන් නිසැකවම මෙම සංසිද්ධියේ පලමුවැනි ආගමනය නොවේ. අවසන් ආගමනයද නොවේ. නයි මිරිස්, මකබාස්, සූස්ති ගුණේ, ඇනොනිමස් ආතල්, ලකෆ්‍රෑන්ස් ප්‍රවාහයේ මීලඟ පුරුක කොහෙන් මතු වේවිද කිව නොහැක.

මේ සියලු අවස්ථා වලදී මෙන්ම ලකෆ්‍රෑන්ස් අඩවියේ පලවන කරුණු සමඟ ලේඛකයා බොහෝ වේලාවට එකඟ වන්නේ නැත. එය බොහෝ විට පෞද්ගලික මඩ ප්‍රහාර සමඟ පැමිණෙන කුණු රසයක් මිස වැඩක් ඇති දෙයක් වන්නේ නැත. නමුත් “බ්ලොග් අවකාශයේ මල් වවන්න” යැයි දෙසා බා එදා මෙදා තුර බ්ලොග් අවකාශය තුල පල වූ පහලම මට්ටමේ කුණුහරප හා මඩ ප්‍රහාර (යම් අවස්ථා වලදී මල් කණ්ඩායමේම අයට නොනැවතී ඔවුනොවුන්ගේ පවුල් පසුබිම් ද අදාල කරගෙන) පල කිරීමට තරම් තුච්ඡ හැසිරීම් පෙන්නුම් කල අයට වඩා ලකෆ්‍රෑන්ස් සිය ගුණයකින් වටිනා බව කිව යුතුය.

එය කෙසේ වුවත්, ලකෆ්‍රෑන්ස් එසේවත් නොවටිනා අයෙකු වුවත්, අදහස් පල කිරීමේ අයිතිය, විශේෂයෙන්ම ලංකාවේ කෙසේ වුවත් අන්තර්ජාලය තුල අදහස් පල කිරීමේ අයිතිය ඕනෑම් අයෙකු සතුය.

I do not agree with what you have to say, but I’ll defend to the death your right to say it.

Voltaire (not originally quoted)

සිංහල බ්ලොග් පරිසරය තුල අදහස් පල කරන්නේ කවුද නොකරන්නේ කවුද යන්න පාලනය කිරීමට පොලිසියක් අවශ්‍ය නැත. මල් වවන්නන් වේවා සංසද හෝ වේවා සදාචාර පොලිසියකින් සිදු කරන්නේ තමාගේම කකුල් පාමුල බෝම්බ ගසා ගැනීමකි. ලපයි සිපයිගේ පවා අදහස් නිදහසේ එකතු වීමට ඉඩ ලබා දී ඇති අන්තර්ජාලය ඇහිරීමට උත්සහ දැරීමකි.

ලකෆ්‍රෑන්ස් යැයි සැක කල කිහිප දෙනෙකුට එරෙහිව එවැනි තර්ජනයක් ගොඩ නැගීමට පටන් ගත්තේ පසුගිය මාසය ඇතුලතය.

cyber-threat

වැප් නිෂාන්තට, ඕනමැන්ටලයට හා කතන්දරට සයිබර් සැණකෙලියේදී නොසෑහෙන්න ගුටි දෙන බවට මල් වවන්නන්ගෙන් තර්ජන පිට තර්ජන එල්ල වෙද්දී ලේඛකයා ඇතුලු පිරිස මෙම “වලියට” (මේවා වලි නොවන බව පසුව ඔප්පු කර පෙන්විය හැක) එක් වන්නේය. ඒ අනුව ලකෆ්‍රෑන්ස් මොකා වුනත් ඔහුගේ ලාංඡනයද ඇතුලත් කර ටී ෂර්ට් එකක් පැලඳ ගත් කණ්ඩායමක් අවුරුදු උත්සවය අතර මගදි එයට ගොඩ වදින්නේ මේ කියන චණ්ඩින් කවුදැයි හඳුනා ගැනීමටත් සිංහල බ්ලොග් පරිසරය තුල විරුද්ධ අදහස් ලිවීම සැබෑ ලෙසම ගුටි කන වැඩක්ද යන්න සොයා බැලීමටත්ය.

wali

අහෝ ඛේදයකි! චණ්ඩින් එක්කෝ අවුරුදු උත්සවයට ඇවිත් නැත. ආවත් පෙර කියූ කණ්ඩායම එන්න කලින් කොහේ හෝ ගොසින්ය. “අවි අමෝරා ගත්තා” කියූ එකෙක්වත් පේන්න නැත. එකෙක් දෙන්නෙක් පැමිණ “අයියේ” කියා ලිස්සා යයි. තවෙකෙක් ඔරවා බලා ඉක්මනින් අහක බලා ගනී. අන්තිමට කොණ්ඩ පටලවා ගත් ගැහැණු වලියක් පැන නැගුනත් ආසාවට “අඩෝ” කියන්නට එකෙක්වත් සිටියේ නැත.

වලි සිඟිති ආතල් වලින් තොරව දවස නිමා වන්නේ පහත නිගමන ද සත්‍ය බවට පත් කරමිනි.

  • එක්කෝ සිංහල බ්ලොග් පරිසරය තවමත් විරුද්ධ අදහස් ලිවීම ගුටි කන වැඩක් බවට පත් කරගෙන නැත. නැතිනම් ගුටි දෙනවා යැයි පැවසූ පිරිස සත්‍ය වශයෙන්ම ගුටියක් තියා පහක්වත් දාන්න පණ නැති කී බෝඩ් වීරයින්ය.
  • ලකෆ්‍රෑන්ස්ට මෙලෙස එලිපිට සහය දීමක් බොහෝ අය කලින් නිගමනය කර නැත.
  • එලිපිට නොවුනත් බොහෝ අය රහසින් ලකෆ්‍රෑන්ස්ට සහය දෙති.
  • නිර්ණාමිකත්වයට එරෙහි වන බොහෝ අය එසේ කරන්නේ “පොර” මානසිකත්වය පෝෂණය කිරීමටය. පිරිමින් බස් එකේදි ජැක් කාරයෙක් අසුවූ විට පහර පිට පහර දී  ඊලඟ බස් රථයේදී ජැකක් ගසාගෙනම ගෙදර යාම මීට සමාන කාර්යයකි.
  • ලකෆ්‍රෑන්ස් ලියන්නේ මේ ටී ෂර්ට් කණ්ඩායම/කණ්ඩායමේ අයෙකු/කණ්ඩායමේ කිහිප දෙනෙකු බව මල් වවන්නන් තීරණය කර ඇත. ඒ අනුව ඉදිරි “නිර්ණාමික” ප්‍රහාර තීරණය වනු ඇත.

තත්වය සතුටු දායකය.

නමුත් මේ ටිකත් කිව යුතුමය.

  1. ලකෆ්‍රෑන්ස්ගේ අදහස් බොහෝමයකට අප එකඟ වන්නේ නැත. නමුත් ඔහුට ඒ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට අපි ස්ථිර වශයෙන්ම එකඟ වන්නෙමු. ඒ, එම අයිතිය නැති වූ දාක ඊට එරෙහි වන එකඟ වන සියල්ලන්ගේ ද අයිතිය නැති වන හෙයිනි.
  2. ඇනොනිමස් ලාංඡනය අඩංගු ටී ෂර්ට් එක අපගේ අදහස් වල නියෝජනයක් පමණි. එයින් අප ලකෆ්‍රෑන්ස් අඩවිය සමඟ සම්බන්ධ බවක් කියැවෙන්නේ නැත. නමුත් අවශ්‍ය ඕනෑම අයෙකු එසේ සිතා ගත්තාට අවුලක් ද නැත.
  3. බ්ලොග් අවකාශයේ පලමු නිර්ණාමික ප්‍රහාරකයා ලකෆ්‍රෑන්ස් නොවේ. අතීතයේ සිටි මකබාස්, සුස්ති ගුණේ ආදීන් සමඟ තැබූ විට ලකෆ්‍රෑන්ස් ලදරුවෙකි. ඔහුට/ඇයට/ඔවුන්ට ඉගෙනීමට බොහෝ දේ ඇත.
  4. සිංහල බ්ලොග් අවකාශය ප්‍රධාන ධාරාවේ අවධානයට යොමු වීමට බොහෝ සෙයින් සේවයක් ඉටු කලේ නිර්ණාමික/අන්වර්ථ නාමික බ්ලොග්කරුවෙකු වන ටැබූ සබ්ජෙක්ට්ස්ය. තමන් නියම නමින් පෙනී සිටින පිරිමින් යැයි පවසන නපුංසක හාල් කෑලි බස මරමින් ලියනා පල් හෑලි (“කකුලෙ ඇතුලේ ගහපුවා“, “ගෑණු කටට ගන්න හැටි“, “බ්ලොග් අවකාශයේ ලෙස්බියන් කපල්ස්” යනු මෙවැනි හෝතඹුවන්ගේ මෑත කාලීන සටහන් වල මාතෘකා කිහිපයකි) නොව අවුරුදු ගණනක් පලපුරුදු පත්තරකාරයින් පවා පසු බැස්සවූ ලිවීමක් කල ටැබූ නැති වීමම හාල් කෑලි උඩට ගැසීමට හේතු වී ඇත. ලියන්නා නිර්ණාමිකද නැද්ද යන්න කිසිසේත්ම අදාල නැති කරුණකි.
  5. අප නිර්ණාමික අපහාස වලින් බොහෝ සේ බැට කා ඇත. පසුගිය අවුරුදු පහ පුරාවටම සිදු වූයේ එයයි. එසේ වන විට අපට විකල්ප දෙකක් ඇත. එක) බබා පාට් එක දමා නිර්ණාමිකත්වයට එරෙහි වීම. දෙක) නිර්ණාමිකත්වය මෙවලමක් බවත් ප්‍රථිපලය රඳා පවතින්නේ භාවිතා කරන්නා මතත් බව සිතා ගැනීම.
  6. නිර්ණාමික අපහාස සිදුවන්නේ ඔබට පමණක් නොවේ. “මට කිව්වට කමක් නෑ. අනිත් අයටත් කියනවනේ අනේ” වැනි “හුචක්කු” කතා වලින් ඔබේ නිරුවත වසා ගැනීමට හැකි වන්නේද නැත. අපිද මෙයට ආගන්තුක කාලයේදී නිර්ණාමිකත්වය නොතේරුණු විට ඊට බිය වීමු. නමුත් ඕනෑම අයෙකු යම් කාලයක් තුල මෙම සංසිද්ධිය තේරුම් ගත යුතුය. So grow the FUCK UP and be quick about it!

අවසන් වශයෙන් කිව යුත්තේ නිර්ණාමිකත්වය යනු මෙවලමක් පමණක් බවය. එය මල් වවන්නන් වැන්නන් අතට ගිය විට පහත ප්‍රථිපලය දැක ගත හැක.

cyber-threat2

ඉන්දික ආයෙමත් පාරක් කාටදෝ සල්ලි එවා ඇත. මූ නං ඉගෙන ගන්න පාටක් නැත.

මේ එම මෙවලම නිවැරදිව භාවිතා කර සිංහල බ්ලොග් අවකාශයට සැබෑ සේවයක් කල අයෙකුගේ මතක සටහන්ය. මෙහි පල වූ රසවත් ප්‍රතිචාර නිතරම පාහේ නිර්ණාමික වූ අතර මෙහි මුල් ලේඛකයාගේ සත්‍ය හැඳුනුම තවමත් දන්නා අයෙකු නැත.

නිර්ණාමිකත්වය යන ලී කොටය ටැබූ විසින් වැඩ දමා අංග සම්පූර්ණ කැටයමක් බවට පත් කර ගත් විට මල් වවන්නන් විසින් එහි කූඤ්ඤය ඇද දමා ඇට දෙක  තලා ගන්නා ලදී.

ඔබ එය භාවිතා කරන්නේ කුමක් සඳහාද?

Update (25/04) :  බ්ලොග් අවකාශය තුල අන්තර්ගතයන්හි තත්වය පහල යෑමට නිර්ණාමිකත්වය ආධාර කලේ යැයි මතයක් ගොඩ නැගී ඇත. නමුත් ඇත්ත තත්වය මීට හාත් පසින්ම වෙනස් වේ.

සිංහල බ්ලොග් ආරම්භ වූ කාලයේ බ්ලොග් ලියූ බොහෝ දෙනා පෙනී සිටියේ අන්වර්ථ නාම වලිනි. සත්‍ය නම බොහෝ විට ප්‍රසිද්ධ කලේ නැති තරම්ය. ඒ තමා කවුරුන්ද යන්නට වඩා තමාට කියන්නට ඇත්තේ කුමක්ද යන්න වටිනා බැවිනි. නමුත් මෙය “ප්‍රකෘතියට” පැමිණෙද්දී බ්ලොග් අවකාශයට ආගමනය වූ බොහෝ අයට අවශ්‍ය වූයේ “පොර ප්‍රොෆයිලයක්” සාදා ගැනීමය.  තමා කවුද යන්න තමා ලියන දේට වඩා වැදගත් වන්නේ එතැනදීය.

ඉදින් සත්‍ය වශයෙන්ම සිදු වන්නේ ඉහත තර්කයේ අනිත් පැත්තයි. බ්ලොග් අවකාශයේ ගුණාත්මකභාවය පහලට යන්නේ නිර්ණාමිකත්වයට විරුද්ධ රැල්ලත් සමඟයි.

Update 2 (25/04) : Title එක in defense of anonymity. In defense of Lakafrance නෙමෙයි. 

පරිණාමය වලංගු නොවීමේ පල විපාක

ජීවයේ ආරම්භය පිලිබඳව දැනට පිලිගන්නා විද්‍යාත්මක සංසිද්ධිය පරිණාමයයි. සරල ඇමයිනෝ අම්ල ගොබියුල (ගොබිලෝ නෙමෙයි*) වල සිට මිනිසාගේ ඇස දක්වා වූ සංකීර්ණ ගමනේ තීරණාත්මක සාධකය වන්නේ පරිණාමයයි. එනම් පරිසරයට හැඩ ගැසීමේ දක්ෂතාවය ඇත්තවුන් ජීවත් වී ඉදිරි පරම්පරාව බෝ කිරීමත්, එසේ කිරීමට නොහැකි මට්ටමක ඥාණයක් ඇත්තවුන් පරපුර බෝ කර ගැනීමට නොහැකිව මිය යාමත්ය.

සරල උදාහරණයක් ගනිමු. හෝමෝ සේපියන් (හොම්මු නෙමෙයි*) මතු වීමට ප්‍රථම ක්ෂීරපායී ආදිතමයන් දෙදෙනෙකු සැඩ පහරක් අද්දරට පැමිණේ. එකෙකු උපතින්ම අනෙකාට වඩා ඥාණාන්විතය. ආහාර අහේනියක් පැවති කාලයකි. ඥාණාන්විතයා අනෙකාට සැඩ පහර පෙන්වා එයට පැන්නොත් මාලුන් ඕනෑ තරම් අල්ලා ගැනීමට හැකි වේ යැයි පවසයි. සිතීමේ ශක්තියෙන් තොර දෙවැන්නා සැඩ පහරට පැන ගසාගෙන ගොස් මල සිරුර පහල ඉවුරට ගොඩ ගසයි.

ඉතුරු වන එකා අනෙකාගේ මල සිරුර රැක සිට එයින් යැපීමට එන අනෙකුත් සතුන් දඩයම් කොට ජීවිතය පවත්වාගෙන යයි.

මේ සරලව පරිණාමයයි (මේ 1 වසර 2 වසරට උගන්වන පරිණාමයයි. සැබෑ පරිණාමය මීට වඩා සංකීර්ණ වේ*). ස

මිනිසා ශිෂ්ඨාරචාරගතව දහනමවැනි සියවසින් පසුව ඖෂධ දියුණු කර ගැනීමෙන් පසුව පරිසරයෙන් එල්ල වූ පරිණාමීය බලපෑම් බොහෝ දුරට අඩුවේ. තව දුරටත් යැපීම සඳහා ඥාණය වඩාත්ම බලපාන්නේ නැත. මේ නිසා සිදු වන්නට තිබූ ජාන පෙරීමේ ක්‍රියාවලිය මන්දගාමී වන අතර 1950න් පසුව සිදුවන වින්දනය ආශ්‍රිත සොයාගැනීම් වලින් පසුව එම ක්‍රියාවලිය පසුපසට ගමන් කිරීමක් දක්නට ඇත.

එහි ප්‍රථිපලයක් ලෙස අද අපට අවුරුදු 13දී ගැබ් ගන්නා දැරිවියන් සහ එම ගැබ් ගැනීම් පිලිබඳවම වෙන් වුනු “වින්දනාත්මක” වැඩසටහන් දැක ගත හැක. උසස් පෙල වත් පාස් නැති කොල්ලන් මාසෙට දෙදාස් ගණනක් ගෙවා බ්ලැක්බෙරියක් අතේ තියාගැනීමට දඟලන හැටි දැකීමට හැක. ජස්ටින් බීබර් කට් එකක් දමාගෙන ලබ්බ අඩියක් බස්සා ගෙන යන අවුරුදු දොලහේ පොඩි එවුන් බලාගත හැක.

චාමි සෑම් තැනකදී බ්ලොග් අවකාශය පත්ව ඇති තත්වය හැඳින්වූයේ “ප්‍රකෘතිය” ලෙසය. එනම් සිංහල බ්ලොග් අවකාශය අන්තිමේදී ලාංකික ජන සමාජයේම ප්‍රතිමූර්තියක් බවට පත් වීමයි. එනම් දූෂිත ජාන වල අදහස් ප්‍රකාශනයයි (සොරි ඩොට් එල් වයි).

No Shit Sherlock
* මේවා මෙසේ නොවන බව පැහැදිලි කිරීමට අවශ්‍ය නොවූ කාලයක් සත්‍ය වශයෙන්ම පැවතිණි. ඒ කාලයේ විකෘති බ්ලොග් අවකාශය යමක් කමක් කියවා තේරුම් ගැනීමට හැකි එවුන්ගෙන් සමන්විත විය.

 

ඒ පරපුරත් එතනින් ඉවරයි

මුලින්ම වගේ සයිමන්

හෙන්රිගෙ නෝනා, ඊට පස්සෙ හෙන්රි

දැන් සැන්ටින්….

අලුත් කැලයක් එනකං  ඉඳල

සයිමන් සෂාවා යන්න ගිහින්

 

 

 

දවසේ ලකෆ්‍රෑන්ස් පැනය

ලකෆ්‍රෑන්ස් ආශ්‍රිතව අසනු ලබන ජයග්‍රාහී අලුත්ම පැනය:

මේ පහත දැක්වෙන්නේ:

  1. දොස්තරවරයෙකු වීමට ඉන්නා අයෙකුගේ කමෙන්ටුවකි
  2. ඉංජිනේරුවෙකු වීමට ඉන්නා අයෙකුගේ කමෙන්ටුවකි
  3. ආතක් පාතක් නැති අයෙකුගේ කමෙන්ටුවකි
  4. ඉහත සියල්ලම

ඔබගේ ජයග්‍රාහී පිලිතුර ඇනොනිමස් කමෙන්ටුවක් ලෙස ලකෆ්‍රෑන්ස් අඩවියේ පලකර අගනා කුණුහරප ලැයිස්තුවක් ඉන්බොක්ස් එකටම ගෙන්වා ගන්න.

Untitled-2

ලකෆ්‍රෑන්ස්ට සහයෝගයෙන්

මේ දවස් වල ජනප්‍රිය චරිතය

කෙටියෙන්: ඌට විරුද්දව කමෙන්ට් කරන එවුන් දැක්කාම නිතරඟයෙන්ම ඌට සප් එක වැඩිය.

ලකෆ්‍රෑන්ස් කැතය. අසික්කිතය. මඩ වගුරකි.

ඒත්!

ඌට අම්මා අප්පා මතක් කර නොනවතමින් ඌ යැයි සැක හැම එකාගේම බිරිඳ, දරුවන්ද අසික්කිත තුප්පහි ආකාරයට මතක් කරන “කබ්බෝ” මෙහෙම වෙන්නැති යැයි සිතා ගැනීමටවත් නොහැකි තරමට අජූතය.

මෙම “කබ්බෝ” බ්ලොග් සුන්දර කරන්නයැයි මොකද්දෝ මගුලක් පටන් ගෙන ඇත. නමුත් අඩුම තරමේ ඇනොනිමස්වත් ඇවිත් මෑණියන් වන්දනාවේ යෙදෙන්නටවත් මුන්ට හැදියාවක් පුරුදු වී නැත.

ඒ කබ්බන්ය.

……

ඇනොනිමස්ලාට විරුද්දව මොවුන් ඇනොනිමස් ප්‍රහාර දියත් කරති.

මෙම ගැටුමට මා අලුත්ය. ලකෆ්‍රෑන්ස්ව දකින්නේ තවත් “ආතල්” පෝස්ට් එකක් ලෙසට ප්‍රසිද්ද වන ලින්ක් එකකිනි. “කබ්බන්” හා “ලකෆ්‍රෑන්”ස් ගැටුමේ පැත්තක් සිතාගැනීමට නොහැකිව මුලින් ලත වුවත්, පෝස්ට් එකත් ඊට විරුද්දව යන කමෙන්ට් පෙලත් දුටුවිට පැහැදිලිව පැත්තක් සිතා ගැනීමට හැකිය.

 

පෝස්ට් එකකින් කොටසක් :

“කබ්බා යන්න අලුත් වචනයක් නෙමේය.හෙන පරන වචනයක්ය.කබ්බා කියන්නේ මොකක්වත් හරියට කරගන්න බැරි ලාමක ටින් ටින් බුවාටය.ඌ කරගන්නා හැම දේම අනාගන්නේමය.අනාගෙන නිකන් ඉන්නේ නැත්තේය.හත්පොලේ ගාගන්නේය.වැඩක් කරන්න ගියාම රෙන්නේය.ඒක වටේම ගාගෙන පලාතම ගඳ ගස්සන්නේය.ඒ විස්තර කලේ කබ්බාගේ ගති සොබාවය.කබ්බෝ කිව්වාම බහු වචනය.ඒ කියන්නේ තනි තනි කබ්බෝ ගොඩක එකතුවක්ය.තනි කබ්බා ගද ගස්සන ගැස්සිල්ල කබ්බෝ සෙට් එකක් කරන්න පටන් ගන්න විට වටේ පිටේ ඉන්න උන්ට ඇඩ්රස් නෑය.ඒ තරමට වටේ ගඳය.”

කමෙන්ට් එකකින් කොටසක් (එකක් කියලා හිතාගන්නට අපහසුය) : 

මේක ලියන xx — වැරදුණා, xxxxන්ට සහ xxxxන්ට කොහෙද xx? — xxx xxට බල්ලෝ xxx එකේ ආතල් එක තමා මේ හතර වටේ දෙන්නෙ.. අxxx xxxxx xxx බැල්ලි තෝ නම් එක අප්පෙකුට දාව ජාතක වෙච්චි xxxxxක් නෙමේ xxxxxයේ තෝ කවලං xx වලින් උපන්න අමුතුම xxxxක්.. යකෝ xxxxxත් දැක්ක තෝ වගේ xxxx කැසිල්ලක් තියෙන පඩත්තල xxxx xxxxක් දැක්කේ නැහැ..

ඒ අනුව මම ලකෆ්‍රෑන්ස්ට සහයෝගය පල කරමි. මීට කලින් මෙවැනි දෙකක් තුනක් තිබුනත් ඇනොනිමස් ආතල් සහ ලකෆ්‍රෑන්ස් තරම්ම මොවුන්ගේ අජූත මානසිකත්වය එලියට ඇදගැනීමට හැකිවූ බ්ලොග් අඩවි තිබුනේ නැත.

පැණියන්, පොලුකාරයින්, බඩුකාරයින්, හිස්ටරික ගෑණුන්ගෙන් පිරුණු බ්ලොග් අවකාශයට පොඩි තල්ලුවක් දුන් ලකෆ්‍රෑන්ස්ට මාගේ ප්‍රණාමය!

මේ අනුව මා කලින් ලියූවකට සරල වෙනස් කමක් කිරීමට සිදු වේ.

“කබ්බන් සිටිති.”

Side Note: මාගේ මේ ව්‍යායාමය හුදෙක් හිට්ස් සඳහාම වන්නේය.

මාතෘකාව ගැටළුවකි

ඔෆිස් එකේ උදේ පාන්දරම විරහ ගීත ඇහෙන්න පටන් ගත්තාම මම ඇතුලට හැරිලා බැලුවා. මූ වැලහින්න වගේ අඬනව.

“ඇයි? අද මොකද තොට වුනේ?“ කතාව අරහෙන් මෙහෙන් දන්න නිසා මම ටිකක් කේන්තියෙන් ඇහුවා. මූ ෆෝන් එක එලියට අරගෙන ආපු SMS එකක් මට පෙන්නුව.

“ඇද්ද උඹට? ඕක නේද අහගන්න ඕන වුනේ. ගොන් ආඳා වගේ පස්සෙන් යනකොට මම තොට කිව්ව නේද? දැන්වත් තේරුම් ගනින්. ඒකිට උඹෙන් වැඩක් නැහැ“, කියන්න කියන්න මූ හිතනව වැඩි.

“මම කෝල් එකක් දෙනව බං“ විනාඩි දහයක් විතර හිතල හිතල මූ කිව්ව. මට තවත් යකා නැග්ග. “අහවල් මගුලක් අහගන්නද? බලපන් උඹව කිසිම හැඟීමක් නැතුව බෙල්ලෙන්ම කපල දාන්නැද්ද කියල“. කිව්වත් වගේ ට්‍රයි කරල ට්‍රයි කරල කෝල් එකක් අරගෙන මූ අහගත්තෙ ඒ ටික.

“මට ඔයත් එක්කම ඒ අතීතෙ අමතක කරල දාන්න ඕනෙ. ඒ නිසා මේ කතාවෙන් වැඩක් නැහැ“ කියල ඒකි කියනකොට මූ රං ගොජා වගේ තවත් බැගෑපත් වුනා. “මට ඔයා නැතුව ඉන්න බැහැ. මට ආදරේ කරන්න එපා. අඩුම ගානේ මාත් එක්ක ටිකක් කතා කරන්න“ කියද්දිත් දෙසැම්බර් වල සීතලම දවසටත් වැඩිය සීතල හදවතකින් ඒකි මූව කපල දැම්ම.

“ඒකි ආයෙ කවදාවත් මගෙ ජීවිතේට එන්නෑ බං“, කෝල් එක ඉවර වෙලා මූ බිම බලාගෙන හෙමින් සැරේ ඇස් දෙකේ කඳුලු පිහ දානකොට මට පොඩි අනුකම්පාවක් හිතට ආවත් මේ හැමදෙයක්ම මුගෙ මෝඩකම නිසා කියල මතක් වුන නිසා කට වහගෙන හිටියා.

උදේට කෑවට වැඩිය මූ කඳුලු බිව්ව. වැඩ කරද්දිත් ඉඳල හිටල ඉකියක් දෙකක් ඇහෙනකොට මම ස්ක්‍රීන් එක දිහාම බලාගෙන හිටියෙ ඒ වෙද්දි මට මුගෙ ඇඬිල්ල තිත්ත වෙලා තිබුන නිසා. අනුකම්පා කරන්න පුලුවන් වෙන්නෙ මූට මේක වෙන කොහෙන් හරි කඩාපාත් වුනා නං. ඉල්ලගෙන කාපු දේකට මට මූට අනුකම්පා කරන්න හිතුනෙ නෑ. මුගෙ ඇඬිල්ල වැඩි වෙන්න වැඩි වෙන්න මම අනිත් උන් එක්ක වැඩි වැඩියෙන් විහිලු කියෙව්වා.

ටිකක් දවල් වෙද්දි ඇඬිල්ල නතර කරල මම ඌත් එක්ක එකඟ වෙන එකම දේ ඌ යෝජනා කලා. “මචං හවසට බොමුද? මට මේකිව ඇල්කොහොල් වලින් හෝදල අයින් කරල දාන්න ඕනෙ“. තව සෙට් එකකටත් කතා කරල එකෙක්ගෙ ගෙදර සෙට් වෙන්න ප්ලෑන් කරගත්තෙ මටත් වැඩ කන්දරාව අස්සෙ ටිකක් බොන්න තිබුනනං හොඳයි කියල හිතුන නිසා.

http://vandalworks.deviantart.com/art/freshly-lit-40440059

සෙට් වුනාම මූ අඳුරු මුල්ලකට වෙලා හිටිය. මූව දැක්කෙ සැරින් සැරේට එලිය වැඩිවෙන සිගරට් දැල්ලෙන්. බීලා තට්ටුවක් දාන අස්සෙ මූ විරහ ගීත බොක්කෙන්ම කිව්ව. ඉතුරු ටිකේ බාවනාවෙන් වගේ පිච්චනෙ කූර දිහා බලාගෙන හිටියා. සිගරට් එක ඇතුලෙ තියෙන දැල්ල එලියට ආපු ගමන් අලු වෙනව. එහෙම්මම අලුවෙලා ගිහින් අන්තිමට බට් එක පොඩි කරල දාන කොට සිගරට් එකේ වටිනාකමක් නැහැ.

මීට කලිනුත් මූ මේ වගේ ඩිප ගහල ඉඳල තියෙනව. එදාට මූත් එක්ක බියර් එකක් බොනකොට මට මූ ගැන ආවෙ අනුකම්පාවක්. ඒත් මෙදා සැරේ මට වැඩිවෙන කේන්තිය ඇතුලෙ අනුකම්පා කරන්න ඉඩක් ලැබුනෙ නෑ. මේ ඔක්කොම මූ නිසා. අරකි මුල් කාලෙ ආස්‍රය කරද්දිත් මම මූට නොකිව්ව වෙලාවක් නැහැ “ඕක උඹටවත් ඒකිටවත් වැඩක් තියෙන දෙයක් නෙමෙයි. නවත්තපං දැන්වත්“ කියල. ඇහුවෙ නැහැ. අන්තිමට ඒකි යන්න ගියාම මූ නැත්තටම නැති වෙන්න ලං වුනා. අන්තිමට කාලයක් මම කියන දේ අහල වැඩක් බලාගන්න හැදුවත් මූට අරකිව අමතක කරන්නම බැරි වුනා. ඒකෙ අන්තිම ප්‍රතිඵලය වුනේ අද මූ පැත්තකට වෙලා එක දිගට සිගරට් බොන එක. මේ හැම දේකටම විසඳුමක් හැටියට මූණ වටේ කැරකැවුන සිගරට් දුම අස්සෙන් මගෙ හිතට කිනිස්සක් වගේ අදහසක් ඇණුනා. ඒත් ඒ එක්කම තව විස්කි අඩියක් උගුරට හලාගෙන මම ඒ අදහස අමතක කලා. මොනව වුනත් මූ ඉන්න තත්වෙ හැටියට මට ඒක කරන්න හිතුනෙ නෑ.

පාන්දර වෙනකොට මූ කර්පට් වෙන්න ගහල හිටියෙ. තාමත් ඇස් දෙකේ කඳුලු. හිතුව විදියට මූට ඒකිව හෝදල අයින් කරන්න බැරි වෙලා වගේ. මම උගෙ එක අතක් කරපිටින් දාගෙන අනිත් උන්ටත් යන්නං කියල ඉර නගිද්දිම වගේ ගෙදරට ගෙහින් ඇඳට දැම්මා.

“මචං අනේ බණ්ඩාර අතාවුදයගෙ සින්දු ටික දාපං“ කියාගෙන මූ කොට්ටයක් බදාගෙන ගුලි වුනා.

“සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ“ කියල ලිස්ට් එක පටන් ගනිද්දි මුගෙ ඉකි ගැසීම ආයෙ පටන් ගත්තා. ඊලඟට සිද්ද වුන දේවල් සිද්ද වුනේ තත්පර විස්සකටත් අඩු කාලයක් ඇතුලත.

දොර මුල්ලෙ තිබුන දොර පොල්ල අරගෙන මම ඇඳ ගාවට ආවා. මූ පිස්සුවෙන් වගේ බිත්ති හරහා ගව් ගානක් ඈත බලාගෙන හිටියෙ. වැඩි දෙයක් හිතන්නෙ නැතුව මම දෑත බදල දොර පොල්ලෙන් මුගෙ ඔලුවට හරියටම ගැහුවා එක පාරක්. පාර කාගෙනම මූ ටිකක් කකුල් ගැස්සුවා. ඒක දෙවෙනි පාරෙන් පස්සෙ නැතුව ගියා. තුන්වෙනි පාරක් ඕන වුනේ නැහැ. මම දොර පොල්ල මුල්ලෙ තියල එද්දි අර කලින් අනන්තය දිහා බලාගෙන හිටපු බැල්ම එක්කම මූ මියැදිලා තිබුන.

ටිකක් වෙලා හති ඇරිය මම කරපු දේ ගැන කල්පනා කරල බැලුව. මට කිසිම පසුතැවිල්ලක් ආවෙ නැහැ. ඒ ආවත් අරූ මැරුණාම දැනුන සැහැල්ලුව ඒ පසුතැවිල්ල යට කරල දාන්න ඇති.

මේ කතාව ලියන්න ඕනෙ කියල ලැප්ටොප් එක දිග අරිනකොට මගෙ හිතේ තිබුනෙ එකම ප්‍රශ්නයයි. ඒ මේකට මාතෘකාව දාන්නෙ “හදවත මරා දැමූ මිනිසා“ ද නැත්තං “රෝගී හදවතක අවසානය“ ද කියන එක විතරයි.

http://plato86.deviantart.com/art/killer-98652818