ඡායාරූප උඩුගත කිරීමේදී මේ ගැන සැලකිලිමත් වුනාද? | On the Ownership Issue of Uploaded Photos in Social Networks

1st
Sep. × ’11

Late today as well

ඡායාරූපකරනය හදාරන්න පටන් ගෙන ගන්න ඡායාරූප ගැන හොඳ නරක අහගන්න මොකක් හරි සමාජ ජාලයකට උඩුගත කිරීම ඕනෙම ආධුනික ඡායාරූප ශිල්පියෙකුගෙ (මාත් ඇතුළුව) පුරුද්දක්. රට පුරා සහ විවිධ වයස් සීමා පුරා අන්තර්ජාලය ව්‍යාප්ත වෙන අතරෙදි මේ පහසුකම, නැතිනම් තමන්ගෙ portfolio එකක් පහසුවෙන්ම වඩාත් විශාල‍ ප්‍රේක්ෂකයින් ප්‍රමාණයකට මුදාහරින්න පුළුවන් වීම, ඉතාමත් ජනප්‍රිය වෙනව.

නමුත් බොහෝ සමාජ ජාල වලට අපි ඇතුළත් වෙන අවස්ථාවෙදි ඒවාට අදාළ ToS (Terms of Service) පිළිබඳ අපි සැලකිලිමත් වෙන්නෙ නැහැ (ToS එකක් කියන්නෙ අර අපි කියවන්නෙ නැතුව පහළට ඇදල I agree …. blah blah කියල check කරන දිග හෑල්ල). ඒත් ඡායාරූපකරනයෙ යෙදෙන්නෙකුට මේ එක් එක් සමාජ ජාල වලට අදාළ ToS එකක් තියෙන්නෙ මොනවද කියන එක බොහොම වැදගත්.

මෙයින් ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නෙ තමන් උඩුගත කරන අන්තර්ගතයන් වලට අදාළ බුද්ධිමය දේපල අයිතිවාසිකම් (Intellectual Property Rights) කොටස. මෑතකදි කරපු කතාබහකදි මේ මාතෘකාව ඇදිලා ආපු නිසා මේ ගැන වැඩිදුරටත් සොයා බලලා ඉදිරිපත් කරන්නයි මේ ලිපිය යතුරු කරන්නෙ.

බුද්ධිමය දේපල කියන වචන දෙක තුන ටිකක් විතර සංකීර්ණ වෙනව අන්තර්ජාලය සහ සයිබර් ලෝකය වැඩිපුර අපේ ජීවිත වලට ඇතුල් වෙනකොට. විශේෂයෙන්ම කොපි හදන්න පුළුවන් වේගය මේ සංකීර්නතාවයට හේතුවෙනව. තව දුරටත් තමන්ට හිමිකම් අයිති දේකට හිමිකම් කීම සරල කාරණයක් වෙන්නෙ නැහැ.

මේ හේතුව නිසා තමන් උඩුගත කරන ඡායාරූපයක අයිතියට ඊට පස්සෙ මොකද වෙන්නෙ කියන දේ ගැන සැලකිලිමත් වීම විශේෂයෙන්ම ඡායාරූපකරනයෙ යෙදෙන්නන්ට වැදගත්. මේ ලිපියෙදි සාමාන්‍යයෙන් ඡායාරූප උඩුගත කරන්න භාවිතා කරන සමාජ ජාල තුනක් සංසන්දනය කෙරෙනව. ඒ Facebook, Google+ සහ Flickr (මේ තුන තෝරගන්න ප්‍රධාන හේතුව – මම භාවිතා කරන නිසා).

ඩිස්ක්ලේමරය: ලිපියෙ මින් පසු කොටස අදාළ වෙන්නෙ ToS වලට. මේ ToS නීතිමය ලියකියවිලි. ඉතිං අනිවාර්යයෙන්ම අපි වගේ අයට වැඩිය තේරුම් යන්නෙ නැති භාෂාවක් තමයි භාවිතා වෙන්නෙ. මම මේ නීතිමය ලියකියවිලි ගැන වැඩිය දන්නෙ නැහැ. මේ ලිපියෙ අන්තර්ගත වෙන්නෙ එක් එක් ToS එක කියවීමෙන් පසුව මම තේරුම් ගත්ත දේ. ඒ නිසා මෙහි සඳහන් වෙන දේ නීතිමය උපදෙස් විදියට ගන්න එපා. ඒ වගේම කියවන්නන් අතරේ නීති පිලිබඳ දැනුවත් අ‍ය සිටිනවානම් මේ ගැන නිවැරදි කරන්න දේවල් තිබෙනවානම් හෝ එකතු කිරීමට දේවල් තිබෙනවානම් අනිවාර්යයෙන් සඳහන් කරන්න අමතක කරන්න එපා.

Decide

Terms of Service වල අඩංගු දේ

පොදුවේ මේ සමාජ ජාල තුනේම ToS වල උඩුගත කරන අන්තර්ගතයන් වල (මින්පසු පොදුවේ ඡායාරූපය ලෙස හඳුන්වනු ලැබේ) බුද්ධිමය දේපල අයිතිවාසිකම් වලට අදාළ කොටස් අධ්‍යයනය කරනකොට පහත කොටස් ටික අඳුන ගන්න පුළුවන්.

උඩුගත කිරීමෙන් පසුව,

  1. ඡායාරූපයේ හිමිකම (Ownership)
  2. සේවා සපයන්නාට අවශ්‍ය අවම හිමිකම් බලපත්‍රය
  3. සේවා සපයන්නාට ලබා ගන්නා හිමිකම් බලපත්‍රය
  4. එම බලපත්‍රය බල සහිත කාලය
  5. එම බලපත්‍රය ලබා ගන්නා අරමුණ

මීට අමතර‍ව මේ එක් එක් සමාජ ජාල අපේ අරමුණට අනුව සැසඳීමේදී වෙනත් කරුණුත් යොදා ගන්න පුළුවන්. ඒ ගැන පසුව බලමු. මුලින්ම මේ සමාජ ජාල තුනේ ToS වල ඡායාරූප වල බුද්ධිමය දේපල අයිතිවාසිකම් පිළිබඳ කොටස (නැතිනම් සේවා සපයන්නාට ලබා ගන්නා හිමිකම් බලපත්‍රයේ ආකාරය) ගැන බලමු.

Facebook

You own all of the content and information you post on Facebook, and you can control how it is shared through your privacy and application settings. In addition:

  1. For content that is covered by intellectual property rights, like photos and videos (IP content), you specifically give us the following permission, subject to your privacy and application settings: you grant us a non-exclusive, transferable, sub-licensable, royalty-free, worldwide license to use any IP content that you post on or in connection with Facebook (IP License). This IP License ends when you delete your IP content or your account unless your content has been shared with others, and they have not deleted it.
  2. When you delete IP content, it is deleted in a manner similar to emptying the recycle bin on a computer. However, you understand that removed content may persist in backup copies for a reasonable period of time (but will not be available to others).

(https://www.facebook.com/terms.php – 31-08-2011 දිනට අනුව)

Google+ (Google)

Content license from you

You retain copyright and any other rights you already hold in Content which you submit, post or display on or through, the Services. By submitting, posting or displaying the content you give Google a perpetual, irrevocable, worldwide, royalty-free, and non-exclusive license to reproduce, adapt, modify, translate, publish, publicly perform, publicly display and distribute any Content which you submit, post or display on or through, the Services. This license is for the sole purpose of enabling Google to display, distribute and promote the Services and may be revoked for certain Services as defined in the Additional Terms of those Services.

You agree that this license includes a right for Google to make such Content available to other companies, organizations or individuals with whom Google has relationships for the provision of syndicated services, and to use such Content in connection with the provision of those services.

You understand that Google, in performing the required technical steps to provide the Services to our users, may (a) transmit or distribute your Content over various public networks and in various media; and (b) make such changes to your Content as are necessary to conform and adapt that Content to the technical requirements of connecting networks, devices, services or media. You agree that this license shall permit Google to take these actions.

(http://www.google.com/accounts/TOS – 31-08-2011 දිනට අනුව)

Flickr

Yahoo! does not claim ownership of Content you submit or make available for inclusion on the Yahoo! Services. However, with respect to Content you submit or make available for inclusion on publicly accessible areas of the Yahoo! Services, you grant Yahoo! the following worldwide, royalty-free and non-exclusive license(s), as applicable:

….

With respect to photos, graphics, audio or video you submit or make available for inclusion on publicly accessible areas of the Yahoo! Services other than Yahoo! Groups, the license to use, distribute, reproduce, modify, adapt, publicly perform and publicly display such Content on the Yahoo! Services solely for the purpose for which such Content was submitted or made available. This license exists only for as long as you elect to continue to include such Content on the Yahoo! Services and will terminate at the time you remove or Yahoo! removes such Content from the Yahoo! Services.

(http://info.yahoo.com/legal/us/yahoo/utos/utos-173.html – 31-08-2011 දිනට අනුව)

flowers

සමාජ ජාල තුනම අපි උඩුගත කරන ඡායාරූප වල හිමිකම අපිටම දෙනවා. මෙම කොටසේ ප්‍රශ්නයක් නැහැ. සමහර විට පැහැදිලිවම පෙනෙන්න තියෙන කොටසක් නිසා වෙන්න ඇති. නමුත් ඊළඟ ප්‍රශ්නය වෙන්නෙ හිමිකම අපිට ලැබෙනකොට අපෙන් ඉල්ලන බලපත්‍රයට අදාළ වෙන්නෙ මොනවද කියන එක.

Facebook මේ බලපත්‍රයට එකතු කරන්නේ “a non-exclusive, transferable, sub-licensable, royalty-free, worldwide license to use any IP content” කියන අයිතීන් ටික. Google+, “a perpetual, irrevocable, worldwide, royalty-free, and non-exclusive license to reproduce, adapt, modify, translate, publish, publicly perform, publicly display and distribute” සහ Flickr “worldwide, royalty-free and non-exclusive license(s)…to use, distribute, reproduce, modify, adapt, publicly perform and publicly display” යන අයිතීන් ඒ බලපත්‍රයට ඇතුල් කර ගන්නව. මේ එක් එක් යෙදුම් වල තේරුම දල වශයෙන් මෙහෙමයි.

Non-exclusive කියන්නෙ අපිට තවත් තැනකට බලපත්‍ර ලබා දෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නෙ සරලවම (උදා:) Facebook වලට උඩුගත කරන ඡායාරූපයක් Flickr වලටත් Google+ වලටත් ප්‍රශ්නයක් නැතුව උඩුගත කරන්න පුළුවන් කියන එක.

Royalty-free කියන්නෙ මේ බලපත්‍රය භාවිතා කරනවට කිසිම ගෙවීමක් සේවා සපයන්නා (බලපත්‍රය ලබා ගන්නා පාර්ශවය) විසින් සිදු කිරීමට අවශ්‍ය නැති බව.

World-wide කියන්නෙ මේ බලපත්‍රය භාවිතා කිරීම දේශ සීමා වලට සීමා වෙන්නෙ නැහැ කියන එක. සරලවම ඉන්දියාවෙ තියෙන සර්වරයකත් ඇමෙරිකාවෙ තියෙන සර්වරයකත් වෙනසක් නැතුව මේ බලපත්‍රයෙන් ලබා දීලා තියෙන අයිතීන් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන එක.

මේ ලිපියෙදි කතා බහට ලක්වෙන සමාජ ජාල තු‍‍නේම ToS වල සඳහන් වෙන යෙදුම් තුනක්. මේවා සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙනව කියල අපිට හිතාගන්න පුළුවන්. මේවාට අමතරව එක් එක් සමාජ ජාල තමන් පමණක් යොදා ගන්න යෙදුම් කිහිපයක් තියෙනව.

Facebook

Transferable කියන්නෙ මේ බලපත්‍රයම වෙනත් කෙනෙකුට ලබා දෙන්න බලපත්‍රලාභියාට අයිතිය තියෙනවා කියන එක. මේක සාමාන්‍ය ඡායාරූප උඩුගත කරන සේවාවකට අවශ්‍ය වෙන්නෙ ඇයි කියන එක මට ගැටලුවක්.

Sub-licensable කියන්නෙ මේ බලපත්‍රලාභියාට වෙනත් කෙනෙකුට ඔබේ ඡායාරූපය සඳහා තවත් බලපත්‍රයක් නිකුත් කරන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ අවශ්‍යනම් Facebook විසින් වෙනත් ආයතනයකට වාණිජමය බලපත්‍රයක් යොදාගෙන ඡායාරූපය ලබා දීලා සල්ලි ‍හොයන්න පුළුවන් කියන එක (royalty-free නිසා ඔබට ගෙවීමක් සිදුකිරීමට අවශ්‍ය නැහැ).

Google+

Perpetual කියන්නෙ මේ ලබා දෙන බලපත්‍රය නැවත අලුත් කිරීමට අවශ්‍ය නැති බව. මේක අමතර අවශ්‍යතාවයක් විදියට බැහැර කරන්න පුළුවන්.

Irrevocable කියන්නෙ කිසිම අවස්ථාවක මේ බලපත්‍රය බල රහිත වෙන්නෙ නැති බව. මේක එක්තරා විදියක ප්‍රශ්නයක්. ඇයි කියල අපි පසුව කතා කරමු.

Flickr භාවිතා කරන්නෙ ඉහත සඳහන් යෙදුම් තුන පමණයි.

outlander

බලපත්‍රය නිමා වෙන කාල සීමාව මීලඟට සලකා බැලිය යුතු කරුණක්.

Facebook

Facebook බලපත්‍රය බල රහිත වෙන කොන්දේසිය විදියට සඳහන් කරන්නේ “This IP License ends when you delete your IP content or your account unless your content has been shared with others, and they have not deleted it.” යන කොටස. මෙය බැලු බැල්මට එකඟ විය හැකියි වගේ පෙනුණත් ඊළඟට තියෙන කොටස තත්වය ටිකක් සංකීර්ණ කරනව.

When you delete IP content, it is deleted in a manner similar to emptying the recycle bin on a computer. However, you understand that removed content may persist in backup copies for a reasonable period of time (but will not be available to others).

ඒ කියන්නෙ අපි ඡායාරූපයක් මැකූ පමණින්ම එය ඉවත් වෙන්නෙ නැහැ කියන එක. මේ මැකීමට විධානය ලබා දෙන අවස්ථාවත් සියලුම node වලින් ඡායාරූපය මැකී යන අවස්ථාවත් අතර කාලය ඇතුළත ඡායාරූපයට බලපාන කොන්දේසී යම් තරමකට අපැහැදිලියි. සාමාන්‍යයෙන් මෙම කාලය දවස් 14ක් පමණ වෙනව. ඉතිං මේ කාලය ඇතුළතදි ඡායාරූපය අයිති කාටද? එය කොපි කර තබා ගැනීමට පුළුවන්ද යන කාරණා ටිකක් අපැහැදිලියි. හැබැයි වැදගත්ම දේ ඡායාරූපය මකා දැමීම තුලින් මේ බලපත්‍රය බලරහිත කරන්න අපිට අවස්ථාවක් තිබීම.

Flickr

Flickr වල සඳහන් වෙන අන්දමට ඡායාරූපයකට අපි ලබා දෙන බලපත්‍රය අදාළ වෙන කාරණා අර්ථ දක්වන්නෙ “This license exists only for as long as you elect to continue to include such Content on the Yahoo! Services and will terminate at the time you remove or Yahoo! removes such Content from the Yahoo! Services.” ආකාරයට. ඒ කියන්නෙ අපි අදාළ ඡායාරූපය මකා දැමීම මගින් බලපත්‍රය බලරහිත කරනව කියන එක. මෙය වැඩි සංකීර්ණතා වලින් තොරව සඳහන් වෙන නිසා පැහැදිලි අදහසක් අපිට ලබා ගන්න පුළුවන්.

Google+

‍Google ToS එක බලපත්‍රය බලරහිත වෙන කොන්දේසි සඳහන් කරන්නෙ නැහැ. එහි සඳහන් වෙන ආකාරයට බලපත්‍රය irrevocable. ඒ කියන්නෙ අපි ඡායාරූපය උඩුගත කරන වෙලාවෙදි ලබා දෙන බලපත්‍රය ඡායාරූපය මකා දැමුවත් බලරහිත වෙන්නෙ නැති බවයි. මෙය අවශ්‍ය වෙන්නෙ ඇයි කියන එක මට හරියටම හොයා ගන්න බැරි වුනා.මගේ අදහසනම් මෙය අනවශ්‍ය කොටසක් බවයි. Google+ හෝ Buzz වලදි පෝස්ට් එකක් මැකූ විට එය feed වලිනුත් නැති වෙලා යන නිසා මෙහි යොදාගැනීම සිතාගන්න බැහැ. නමුත් මෙම ToS එක සියලු Google සේවා වලට අදාළ වන නිසා feed අදාළ වෙන Blogger සේවාවන් සම්බන්ධයෙන්නම් මෙය අදාළයි. Google Reader එකට පැමිණෙන සියලු post අදාළ තැන් වලින් මකා දැම්මත් Google Reader වල පවතිනවා. සමහර විට එය මේ යෙදීමට අදාළ ඇති.

awurudu_small

සැලකිය යුතු තවත් කරුණක් තමයි බලපත්‍රය අදාල වෙන්නෙ කුමන අරමුණු සඳහාද යන්න. Google+ සහ Flickr තමන් ඡායාරූප යොදාගන්න ආකාරය සඳහන් කරනව. මේ යොදා ගැනීම් මුලින් ටිකක් භයානක විදියට පෙනුණත් සාමාන්‍යයෙන් සමාජ ජාලයක ඡායාරූපයක් දර්ශනය කරනවනම් මේ අයිතීන් අවශ්‍ය වෙනව. උඩුගත කරන ඡායාරූපය තමන්ගෙ සර්වරය ඇතුළෙ ගබඩා කරගන්න, ගබඩා කර ගත් ඡායාරූප දර්ශනය කරන්න, ප්‍රමාණය (දිග, පළල) වෙනස් කරන්න වගේම RSS වැනි සින්ඩිකේටර සේවාවන් ලබා දෙන්නත් මේ අයිතීන් අවශ්‍ය වෙනව. ඒ නිසා මේ අයිතීන් (reproduce, adapt, modify, translate, publish, publicly perform, publicly display and distribute) ඉල්ලා සිටීම ගැන මොනවත් කියන්න බැහැ (සේවා සපයන්නාට අවශ්‍ය අවම හිමිකම් බලපත්‍රය).

අනිත් කාරණය තමයි Google+ සහ Flickr මේ අයිතීන් පාවිච්චි කරන්නේ කුමන අරමුණකටද (බලපත්‍රය ලබා ගන්නා අරමුණ) කියන එකත් පැහැදිලිවම සඳහන් කරනව.

  • Google+ – “This license is for the sole purpose of enabling Google to display, distribute and promote the Services
  • Flickr – “solely for the purpose for which such Content was submitted or made available”

නමුත් Facebook මේ ගැන වැඩිය විස්තර කරන්නෙ නැහැ. අයිතීන් ලෙස සඳහන් වෙන්නෙ එක වචනයයි. ඒ “use” යන්න පමණයි. මේ වචනය අපැහැදිලි වගේම බොහොම ලොකු පරාසයක යොදා ගැනීම් හඳුන්වන්න යොදාගන්නත් පුළුවන්. ඒ වගේම එසේ යොදාගන්නෙ කුමන අරමුණක් සඳහාද යන්න Facebook ToS එක සඳහන් කරන්නේ නැහැ. මේ නිසා ඕනෙම අරමුණක් සඳහා ඕනෙම ආකාරයකින් ඡායාරූප භාවිතා කරන්න Facebook වලට ඉඩ ලැබෙනවා කිව්වොත් වැරදි නැහැ.

vanguard

අමතර කරුණු

මෙන්න මෙතනදි තවත් ‍කරුණු කිහිපයක් කතා කරන්න වෙනවා. Google හා Flickr (Yahoo) සමාගම් වලට සාපේක්ෂව Facebook පරිශීලකයින්ගෙ පෞද්ගලිකත්වයට ගරු කරන මට්ටම ඉතාමත් පහළ මට්ටමක තියෙන්නෙ. අවුරුදු කිහිපයකට නොවැඩි අතීතෙක Facebook තමන්ගේ සියලුම පරිශීලකයින්ගෙ Privacy settings reset කිරීමකට ලක් කලා පමණක් නොවේ, එය වැරැද්දක් බව පිළිගැනීමටත් මැලි වුණා. සියලුම පරිශීලකයින්ගේ පරිශීලන දත්ත Facebook විසින් වෙනත් සමාගම්  වලට ලබා දෙන බව ප්‍රසිද්ධ රහසක්. Facebook Apps වෙනත් සර්වර් වල තබා ගැනීමට ඉඩ දීමෙන්ද පරිශීලකයින් ගැන ඔවුන්ගේ සැලකිල්ල අඩු බව සිතා ගන්න පුළුවන්. මෙවැනි තත්වයක් යටතේ Facebook වලට උඩුගත කරපු තමන්ගේ profile picture එකක් හදිසියේම porn වෙබ් අඩවියක මුල් පිටුවේ පිළිගැනීමේ නිලධාරීනි/නිලධාරියා විදියට තිබුණොත් ඒ ගැන තමන්ට කරන්න පුළුවන් දේවල් බොහොම අඩුයි. මේ තත්වයට බලපත්‍රය බල සහිත කාල සීමාව වගේම බලපත්‍රය වෙනත් අයෙකුට ලබා දිය හැකිද (වාණිජව හෝ එසේ නොමැතිව – sub-licensable) යන්නත් බලපානවා.

Google+ පැමිණීමට පෙර පරිශීලක පෞද්ගලිකත්වයට අදාළ කරුණු වලදි Facebook හැසිරුණේ නියම චණ්ඩියෙක් විදියට. නමුත් Google+ විවිධ පෞද්ගලිකත්වයට අදාළ tweaks ප්‍රමාණයක් රැගෙන ආවට පස්සෙ Facebook දැන් පිස්සුවෙන් වගේ පෞද්ගලිකත්වය වඳිනව. පෞද්ගලිකත්වය ගැන සැලකිලිමත් වෙන්න ප්‍රධාන පෙලේ තරඟකරුවෙක් කරළියට එනකන් ඉන්නව කියන දේ එච්චර විශ්වාසය ගොඩ නංවන දෙයක් නෙමෙයි.

අනිත් අතින් Google කියන්නෙත් එච්චරම සුදු හුණු ගාන්න වටින කෙනෙක් නෙමෙයි. Google දුවන්නෙ අපේ දත්ත උඩ. හැබැයි බොහෝ වෙලාවට පරිශීලන දත්ත උඩ. ඒක සැඟවුණු රහසක් නෙමෙයි. අනිත් දේ තමයි හැම මුට්ටියකටම අත ඔබන්නත් Google දක්ෂ වීම. ඒ නිසා යම් දවසක Stock Photoසේවා සපයන්නෙක් වෙන්න හිතුනොත් Google ඒ දේ නොකර අරින්නෙ නැහැ.

Flickr මේ දෙන්නට සාපේක්ෂව ටිකක් විතර අහිංසකයි. හැබැයි ඉඳල හිටල මුලු ගිණුම් පිටින් වැරදිලා මකා දැමීම් වගේ දේවල් Flickr වලින් සිදුවෙනව.

සැලකිල්ලට ගන්න ඕනෙ තවත් කරුණක් තමයි ප්‍රේක්ෂක ප්‍රමාණය. බොහෝ වෙලාවට මේක Facebook වලදි වැඩියි. Google+ තවමත් නොමේරු අවදියක තියෙන්නෙ. Flickr ඇතුළෙ ඉන්න පරිශීලකයින් ප්‍රමාණය Facebook හෝ Google+ වල දකින්න පුළුවන් මට්ටමකට ක්‍රියාකාරී වෙන්නෙ නැහැ. හැබැයි බොහෝම focus වුන පරිශීලිකයින් කොටසක් අපිට Flickr වලින් හොයාගන්න පුළුවන්.

අන්තර්ක්‍රියාකාරීත්වයට සහය දැක්වීම බොහෝ වෙලාවට Facebook තුලදි වැඩියි. Groups, wallposts, messages වගේ දේවල් තුලින් අපිට ඡායාරූප ‍උඩුගත කර විශාල පරිශීලකයින් ප්‍රමාණයකට ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි Google+ මේ ක්‍රියාකාරීත්වයන් ලඟදීම ලබා නොදෙයි කියන්නත් බැහැ. Flickr වල කණ්ඩායම් හදා ගැනීම ජයටම කෙරෙන නිසා එයත් අන්තර්ක්‍රියාකාරීත්වයට සහය ලබා දෙනව.ඒ වගේම කී දෙනෙක් ඡායාරූපය බැලුවද කියන තොරතුර දැනගන්න Flickr ඉඩ දෙනව.

ඡායාරූපය දර්ශනය කරන ආකාරයත් එක්තරා විදියකට වැදගත්. Facebook ඇතුළෙදි ඡායාරූප එකින් එක බලාගෙන යෑම පහසු වුනත් එහි thumbnail එකක කුඩා ප්‍රමාණය නිසා බැලු බැල්මට ඡායාරූපයක වටිනාකම පෙනෙන්නේ නැහැ. අනිත් එක Google+ හා Flickr තුලදි ඡායාරූපයට පිටුපසින් තියෙන්නෙ කලු පාට background එකක්. මෙය ඡායාරූපය පහසුවෙන් රස විඳින්න ඉඩ දෙනව. Facebook මේ අතින්නම් අනිත් අය අනුගමනය කරන්න ගිහින් වැඩ නාගන්න පාටක් පේන්න තියෙන්නෙ.

 ප්‍රතිචාර ලබා දීමේදී Facebook හෝ Google+ වඩාත් පහසු වුනත් Flickr වලට ප්‍රතිචාර ලබා දෙන්න Facebook හෝ Google යොදාගෙන sign-in වෙන්න පුළුවන්. මේ නිසා Flickr වලදි කණ්ඩායම් දෙකේම පරිශීලකයො කොටස් වෙතට යන්න පුළුවන් කිව්වත් නිවැරදියි.

commander

නිගමනය

Portfolio එකක් ආකාරයට සමාජ ජාලයකට ඡායාරූප උඩුගත කරනකොට බුද්ධිමය දේපල අයිතිවාසිකම් වලට අදාළව ඇතිවෙන අවශ්‍යතා කිහිපයක් තියෙනව.

  1. ඡායාරූපයේ හිමිකම අපිට හිමිවෙන්න ඕනෙ
  2. ඡායාරූපය උඩුගත කරන සේවා සපයන්නාගෙන් බලාපොරොත්තු වෙන සේවාවට අදාළ හිමිකම් පමණක් සේවාදායකයා ඉල්ලා සිටිය යුතුයි
  3. අවශ්‍ය අවස්ථාවකදි ඡායාරූපය ඉවත් කර ගැනීම මගින් උඩුගත කිරීමේදී ලබා දුන් අයිතීන් ඉවත් කර ගැනීමට හැකි වෙන්න ඕනෙ

මෙම ලිපියට ඇතුළත් කරගෙන තිබෙන සමාජ ජාල තුන (Facebook, Google+ සහ Flickr) අතුරින් මේ අවශ්‍යතා තුනම පැහැදිලිවම සම්පූර්ණ කරල දෙන්නෙ Flickr සේවයෙන් පමණයි. Facebook මේ තිදෙනාගෙන් අන්තිම නරක සේවාවක් දෙන්නෙ. Google+….ම්ම් අනේ මන්ද.

ඒත් මේකට අමතර කරුණුත් ඇතුළත් කරගත්තොත් බොහෝ ‍විට Google+ Flickr වලට වඩා වටිනවා. සමාජ ජාලකරනයම අරමුණු කරගෙන ආරම්භ වුනු නිසා (potentially) වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තමන්ගේ ඡායාරූපය ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ එක්කම Google+ වලට එකතු කරන ඡායාරූපයක් දර්ශනය වන්නෙ සාමාන්‍යයෙන් දැකිය හැකි ප්‍රමාණයකින්. Facebook වල කුඩා ප්‍රමාණයේ thumbnail එකකට වඩා ඒ දර්ශනය වන ආකාරය වටිනවා.

Google+ වල ප්‍රශ්නයක් විදියට කලින් පැහැදිලි කරපු irrevocable බලපත්‍රය වැඩිමනත්ම ප්‍රශ්නයක් නොවෙන්නෙ උඩුගත කරන ඡායාරූපය සේවාව සැපයීමට පමණක් යොදා ගන්න නිසා. මේ කරුණ නිසා Flickr සහ Google+ සමාන තලයකට දාලා සලකන්නත් පුළුවන්.

අන්තර්ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙනුත් Google+ ඉහල තැනක සිටියත් කණ්ඩායම් සෑදීම වැනි ක්‍රියාකාරකම් තවමත් Google+ තුලින් ලබා ගන්න බැහැ. ඒත් ඉතාමත් මෑත අනාගතයකදී මේ සියලු පහසුකම් ලබා දෙන්න Google+ කටයුතු කරයි.

අවසාන වශයෙන් කියන්න පුළුවන් වෙන්නෙ නුදුරු අනාගතයෙදි Google+ ඡායාරූප ශිල්පියෙකුට අවශ්‍ය සියලු කටයුතු පහසුවෙන්ම ඉටු කරල දෙන පරමාදර්ශී හෝ ඊට ආසන්න සේවාවක් බවට පත් වෙන ලකුණු තිබෙන බවයි. ක්ෂේත්‍රයේ අනෙකුත් ශිල්පීන් සමඟ සම්බන්ධ වෙන්නත් වඩාත් ප්‍රබල විචාරක සංස්කෘතියක් ඇති වීමටත් එය බලපාන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය නීතිමය පසුබිම ඔවුන් මැනවින් සම්පූර්ණ කරල තියෙනව.

නමුත් ඡායාරූප ගබඩා කර තැබීමට වඩාත් සුදුසු විය හැක්කේ Flickr. සියලුම නීතිමය අවශ්‍යතා ඉටු කර දෙන්නෙ ඔවුන් පමණයි. ඒ වගේම ඡායාරූපකරනයටම වෙන් වුන සේවාවක් නිසා ඒ සම්බන්ධ වාසි ගණනාවක්ම ලබා ගත හැකි වෙන්නත් පුළුවන්. එය දැනටමත් යම් පමණකට de facto එකක් වෙලා ඉවරයි.

Facebook වලට යද්දි සොයාගන්න වෙන්නෙ වැඩි ප්‍රේක්ෂක ප්‍රමාණයක් සිටීම සහ කණ්ඩායම් ලෙස එකතු වීමේ පහසුකම පමණයි. නමුත් මේ දේ ලබා ගන්න ගෙවන්න වෙන මිල සමහර විට අනාගතයෙදි අධික වෙන්න පුළුවන්. ඉතාමත් මෑතක් වෙනකන් Flickr ඡායාරූපයක් Facebook තුල link එකක් ලෙද share කරන්න පුළුවන් වුනත් ඊයෙ සිට එසේ කිරීමට නොහැකියි. නමුත් එසේ කල හැකිනම් Facebook හෝ Google+ සමඟ Flickr සේවාව සම්බන්ධ කිරීම ඉතාමත්ම නුවණට හුරු ක්‍රියාවක්. එය නීතිමය වශයෙන් විශ්වාසයත්, වැඩි ප්‍රේක්ෂකයින් ප්‍රමාණයකුත් එකට එකතු කර ගැනීමක් වෙනවා.

කෝකටත්

ඉහත සඳහන් ඉතාමත් පරිශීලක හිතවත් ToS එකක් වුවද සේවා සපයන්නාගේ තනි කැමැත්තට වෙනස් කල හැකි නිසා මංගත (Online) කිසියම් හෝ තැනකට ඡායාරූපයක් උඩුගත කරනවානම් පහත සඳහන් පියවර අනුගමනය කරන එක වඩාත් ආරක්ෂා සහිතයි.

  1. හඳුනාගත හැකි දිය සලකුණක් යොදන්න.
  2. High-res (සාමාන්‍යයෙන් pixel 1000ට වඩා වැඩි) ඡායාරූප උඩුගත කරන්න එපා.
  3. හැකිනම් තමන් ලබා ගත් සර්වරයකට උඩුගත කරන්න (bandwidth එක ගැටලුවක් වෙන්න පුළුවන්).
  4. සෑම විටම වාගේ ToS එකේ වැදගත් තැන් කියවා බලන්න.

මේ ලිපිය තුලින් කතා බහ කෙරුණු කරුණු ගැන අදහසක් ගන්න පුළුවන් සිද්ධියක් සමඟ ලිපිය අවසාන කරන්නම්. ජනප්‍රිය මයික්‍රෝ බ්ලොගින් සේවාවක් වන Twitter සඳහා මෑතක් වෙනතුරුම de facto විදියට භාවිතා කෙ‍රුණු ඡායාරූප උඩුගත කිරීමේ සේවාවක් වෙන TwitPic තමන්ට උඩුගත කරන සමහර ඡායාරූප රූපවාහිනී ජාලයකට විකිණීමට ගිවිසුමකට එලඹී අවසන්. තමන් උඩුගත කරන ඡායාරූපයක අයිතිය තව දුරටත් තමන්ට තියෙනවද කියන එක සලකා බලන්න ඒ සිදුවීමම පමණක් ඇති.

traveler

Posted in Photography | Tagged , , , , , , , , , , , , | 17 Comments

ලෝකාවසානය 2012 ද? | The Apocalypse? Really?

13th
Aug. × ’11

http://a4.l3-images.myspacecdn.com/images02/133/cec99a6fa75741eabbbf0aaddf0a1382/l.jpg

2012 කියන අංක ටික මුලින්ම කලබල කරන්න පටන් ගන්නෙ 2009 දි එනවා කියල ප්‍රචාරණය කරන්න පටන් ගත්ත චිත්‍රපටියක් නිසා. චිත්‍රපටිය 2012, අධ්‍යක්ෂකවරයා Roland Emmerich. ප්‍රධාන නලුවා ජෝන් කුසැක්. මට මතක විදියට මේක පටන් ගත්තේ YouTube වීඩි‍යෝ කිහිපයකින් සහ එහාට මෙහාට ගිය ඊමේල් ටිකකින්. අන්තර්ගතය වුනේ මායාවරුන්ගෙ දින දර්ශනය හරියටම 2012 දෙසැම්බර් 21 වෙනිදායින් අවසන් වෙනව, එදාට ලෝකය විනාශ වෙනව කියල මායා වරු අනාගත වාක්‍යයක් කියල තියෙනව කියන ටික. Day After Tomorrow අධ්‍යක්ෂණය කරපු කෙනාගෙම වැඩක් නිසා කොහොම හරි ශාලාවටම ගිහින් බැලුවට අපරාදෙ සල්ලි කියල හිතෙන තරමට ඒකෙ කතාව දුර්වලයි. ටයිටැනික්, Day After Tomorrow, ජේම්ස් බොන්ඩ් එකට එකතු කරල සලාදයක් දැම්ම වගේ.

චිත්‍රපටියෙ අඩුපාඩු මොනව වුනත් අර කටින් කට ගිය viral කතාවනම් නැවතුනේ නැහැ. ඒක එන්න එන්නම වැඩිවුනා මිසක් අඩුවුනේ නැහැ. අන්තිමට හැමෝම “2012.12.21″ තම තමන්ගෙ අනුවාදන වලින් එලියට දැම්ම. මායාවරු මේකට කොහේ හරි කොනකින් අහුවෙලත් හිටියා. මේ ලඟදි දුකාගෙ පෝස්ට් එකකින් දැක්ක විදියට මේ ගැන බය වෙලා හිත් පීඩා කරගත්ත අය සිංහල බ්ලොග් අස්සෙත් ඉන්නව. ඒත් ඇත්තටම ඔය කියන විදියට ලෝකය විනාශ වෙනවද කියන එකට අවංකවම උත්තරයක් කාටවත් නැහැ.

ලෝක විනාශය කියන එක ඉස්සර ඉඳන් මනුස්සයගෙ හිතේ තිබුන බයක්. බයිබලේටත් කලින් ඉඳල තිබුන හැම ආගමකම වගේ ලෝකය විනාශ වෙන දවසක් ගැන කතා කරනව. මායාවරුන්ගේ දින දර්ශනයෙ අවසානයෙන් කියන්නෙත් ඒ දේමයි කියල අර්ථකතනය කරන්න හැමෝම ඉක්මන් වෙන්නෙ ඒ නිසා. ඒත් ඇත්තටම බැලුවොත් මායා දින දර්ශනයෙ කොහෙවත් එහෙම ලෝක විනාශයක් ගැන කතා වෙන්නෙ නැහැ. කතා වෙන්නෙ නව යුගයක් ගැන (මේ කරුණු වලට වෙන කොහෙවත් cite කරන්න අවශ්‍ය නැහැ, ඉතාමත් වටින ලිපි පෙලක් සත්සමුදුර බ්ලොග් එකේ මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්). නව යුගයක් ගැන මායා වරු විතරක් නෙමෙයි බයිබලයෙත් සඳහන් වෙනව.

ඊලඟට බොහෝ අය 2012දි ලෝකය විනාශ නොවුනත් ලොකු විපතක් වෙන්න පුලුවන් කියල එක එක කාරණා මතු කරනව. මේව අතරින් ප්‍රධාන වශයෙන් මතු කරන කාරණා තුනක් මේ විදියට සලකා බලන්න පුලුවන්.

Solar Flares නැතිනම් සූර්ය ලප මාරු වීම නිසා ඇති වෙන ප්‍රචණ්ඩ සූර්ය කුණාටු

http://media.egotvonline.com/wp-content/uploads/2011/06/2725943_370.jpg

එක මතයකින් ඉදිරිපත් කරන දෙයක් තමයි 2012දි සූර්යයා අවුරුදු 11ක චක්‍රය ඉවර කරල අලුත් චක්‍රයකට යන නිසා ඒ කාලය ඇතුලතදි දකින්න පුලුවන සූර්ය කුණාටු වලින් ඉතාමත් ප්‍රචණ්ඩ කුණාටුවකින් පෘතුවියේ සියලුම/බොහෝ ජීවය විනාශ වෙලා යන්න පුලුවන් කියන එක. මේ කතාවේ ආරම්භය සමහර විට නිකලස් කේජ් රඟපාන Knowing චිත්‍රපටිය වෙන්නත් පුලුවන්. හැබැයි මේ මතය ගැටලු සහගතයි.

  • Knowing වල සඳහන් වෙන ආකාරයේ විශාල කොරෝනාවක් (Coronal Mass Ejection) නම් ඇති වෙන්නෙ නැහැ. CME එකක් ඇති වෙනවා නම් එයින් ඇති වෙන බලපෑම හොලිවුඩ් චිත්‍රපටියේ ආකාරයට වෙන්නෙ නැහැ. වෙන්න පුලුවන් භයානකම (worst case scenario) සිද්ධිය විකිරණ වල නිරාවරණය වීමේ බලපෑම විතරයි. එයත් zombie චිත්‍රපටියක අනුවාදනය නෙමෙයි. අපිට තියෙන චන්ද්‍රිකා ටිකනම් ටික වෙලාවකට නැති වෙයි. පෘතුවියට මේ විදියෙ බලපෑමක් ඇති වුන ගමන් ජීවය විනාශ වෙනවනම් අද අපි මෙතන නැහැ
  • CME එකක් හෝ එවැනි කොරෝනාවක් ඇති වීමේදී පෘතුවිය සූර්යයාගේ කොරෝනාව ඇති වෙන පැත්තට මුහුණ ලා සිටී‍මේ සම්භාවිතාවය ගණන් බලන්නත් වෙනව
  • අධික උෂ්ණත්වයක් ගැන දැන්ම අපිට බය වෙන්න දෙයක් නැහැ. සූර්යයා මිය යන්න වයස දැනට බලල තියෙන ආකාරයට තව අවුරුදු බිලියන 5කින්. පොඩි ට්‍රිප් එකක් ගිහින් කෙල්ලෙක් යාලු කරගෙන බ්‍රේස්ලට් එකක් දාලා ඉන්න පුලුවන් බය වෙන්න එපා
  • 2012දි ඇති වෙන Solar Flare කාලය වෙනත් අවුරුදු 11 චක්‍ර වලට වඩා වෙනස් වෙන්නෙ නැහැ. ඒ නිසා බය වෙන්න එපා. සමහර විට සමකයෙ ඉන්න අපිට අවුරෝරා දැක ගන්න පුලුවන් වෙයි

http://madmikesamerica.com/wp-content/uploads/2011/06/solar_flare_house_protection_2.gif

නිබිරු/x/එරිස් ග්‍රහලෝකයක්/වාමන තරුවක් පෘතුවිය ආසන්නයට පැමිණීම

http://www.ufodigest.com/images/eris.jpg

ඊලඟ මතය වෙන්නෙ පිටස්තර ග්‍රහලෝකයක් (සමහරු කියන විදියට වාමන තරුවක්) සෞරග්‍රහ මණ්ඩලයෙ කෙලවරේ ඉඳන් ඉතාමත් දීර්ඝ චක්‍රයක් සම්පූර්ණ කරන්න සූර්යයා මැදට එන ගමනෙදි පෘතුවියෙ ගමන් මාර්ගය හරහා යෑම නිසා අධික ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘතුවියෙ ආකෘතිය මුලුමනින්ම වෙනස් වෙයි කියන එක. මේ ක්‍රියාවලියෙදිත් සියලුම/බොහෝ ජීවය විනාශ වෙන්න පුලුවන් කියල මේ මතය ඉදිරිපත් කරන අය කියනව. මේ මතයෙ කොකු ගොඩක් තියෙනව.

  • නිබිරු කියල විස්තර කරන වස්තුවට සමානකම් කියන ග්‍රහලෝකයක් මේ වෙනකම්ම අපේ සෞරග්‍රහ මණ්ඩලයෙ ඇතුලත හොයාගෙන නැහැ [1][2]. මේ කියන deadline එකට එන්නනම් ඔය එන වස්තුව මේ වෙනකොට අපිට පේන ඉසව්වක තියෙන්න ඕනෙ
  • x කියල හඳුන්වන වාමන තරුවක් අපේ සූර්යයා එක්ක යුග්ම තරු ගමන් මාර්ගයක ගමන් කරන වගක් පේන්න නැහැ. එහෙම ගමන් කරන තරුවල දකින්න පුලුවන් අන්දමේ චලිතයක් අපේ සූර්යයාගේ දකින්න නැහැ. (අපේ සූර්යයා යුග්ම තාරකාවක් කියල ඔප්පු කරන්න මෙන්න මේ ආයතනය හදනවා. හැබැයි ඒ ආයතනය අපේ රටේ තියෙන එක ජාවා උගන්නන ආයතනයක් වගේ, බොරුවක් [1][2] විතරයි.)
  • එරිස් කියල වාමන ග්‍රහලෝකයක් ඇත්තටම තියෙනව. හැබැයි ඒක සූර්යයාගෙ ඉඳල තියෙන නමවෙනි ග්‍රහලෝකය. හිටපු ගමන් කඩාගෙන පනින්න ඒකට දැනට හේතුවක් නැහැ
  • තවත් කොහෙදදි මන්ද මට ඇහිල තියෙනව සූර්යයාගේ ප්‍රතිපදාර්ථ (antimatter) සහෝදරයා ඇවිත් අපිව ගිලගන්නව කියල. ප්‍රතිපදාර්ථ කියන්නෙ මොනවද කියල හොයල බැලුවොත් මේ මතය කොච්චර විහිලු සහගතද කියල තේරෙයි

Planetary Alignment නැතිනම් ආකාශ වස්තු කිහිපයක් සමඟ එක රේඛාවකට පැමිණීම

මේ වගේ කතාවක් තමයි 2012 චිත්‍රපටියෙ යන්නෙ. මේ මතයෙ ප්‍රධාන තර්කය තමයි 2012 දෙසැම්බර් 21 වෙනිදා පෘතුවිය සෞරග්‍රහ මණ්ඩලයත් එක්ක තවත් නොයෙකුත් (එකී මෙකී) ආකාශ වස්තු කිහිපයක් එක තලයකට එනව කියන එක. තව ටිකක් පිලිවෙලට මේක කතා කරන අය කියන කතාව තමයි සූර්යයා ක්ෂීරපථයෙ මධ්‍යය සමඟ එක පථයකට එන දවස කියල. ක්ෂීරපථයෙ මධ්‍යයෙ තියෙන සුපිරි කලු කුහරය සම්බන්ධ කරල මේ අය අමුතු කතා හදන්න හදනව. නමුත් මේකෙත් ප්‍රශ්න තියෙනව.

  • (ලෑස්ති වෙන්න) මේ අපිට පේන්න මැදට වෙන එක හැම අවුරුද්දකම දෙසැම්බර් 21 සිදු වෙනව
  • අපි නිරීක්ෂණය කරන්නෙ පෘතුවියෙ ඉඳන්. ඒක ඉවත් කරල අපි පිටට ගිහින් බැලුවොත් සෞරග්‍රහ මණ්ඩලය හැමතිස්සෙම සුපිරි කලු කුහරය දිහා බලාගෙන ඉන්නෙ
  • ගුරුත්වය කියන්නෙ විශ්වයෙ තියෙන දුර්වලම බලයන්ගෙන් එකක්. අපි ඉන්නෙ ක්ෂීරපථයෙ කොණක. මැද තියෙන සුපිරි කලු කුහරයක් එක පාරටම හිතල ඇයි මේ පෘතුවිය විතරක්ම විනාශ කරන්නෙ?
  • ඕනෙම අවස්ථාවක අපි අහස දිහා බැලුවොත් කිසියම් හෝ ආකාශ වස්තුවක් එක්ක එක රේඛාවකට අපි ඇවිත් ඉන්නව. නමුත් මේ කියන විනාශයට වඩා තරුවක් මිය යා‍මේදී පිටවෙන ගැමා කිරණ ප්‍රහාරයකට අහුවෙන්න තියෙන ඉඩ කඩ වැඩි වෙන්න ඕනෙ

http://www.jiroolcott.com/images/Milky_Way_hi-res.jpg

මායා දින දර්ශනය වරදින්න විදියක් නැහැ

http://listverse.files.wordpress.com/2009/09/aztecshumansacrifice.gif

මේ මොනව නැහැ කිව්වත් අන්තිමට කියන දෙයක් තියෙනව. ඒ මායාවරුන්ගෙ දින දර්ශනය වරදින්න විදියක් නැහැ කියන එක. අපිට හිතාගන්න පුලුවන් වුනත් මායාවරු කියන්නෙ මැජික්කාරයො නෙමෙයි කියල මේ අය විවිධ හේතු ඉදිරිපත් කරනව මේ ගැන.

  • මායාවරු ගණිතයෙත් තාරකා විද්‍යාවෙත් සමකාලීන ගෝත්‍රිකයන්ට සාපේක්ෂව ඉහල දැනුමක් ලබා ගත් අය වීම
  • මායා ශිෂ්ඨාචාරයෙ සාපේක්ෂ වශයෙන් දියුණු ලක්ෂණ පෙන්නුම් කිරීම

කියන්නෙ මේ අය කියන ප්‍රධාන හේතු දෙකක්. ඒත් ඒ එක්කම මේ කරුණු කිහිපයත් ඇත්ත කියන එක මේ අයට අමතක වෙනව.

  • දෙවිවරු සතුටු කිරීම සඳහා දහස් ගණන් (සමහර විට ලක්ෂ ගණනින් නොවේ නම්) මිනිසුන් බිලිපූජා වලට ලක් කිරීම
    • අල්ලාගත් යුද සිරකරුවන්ගේ හදවත පලා දෙවියන්ට පූජා කිරීම
    • වැසි ඉල්ලා සිටීමට වැඩි වැඩියෙන් බිලි පූජා කිරීම
    • පාපන්දු ක්‍රීඩාවට සමාන ක්‍රීඩාවක යෙදෙන කණ්ඩායම් දෙකෙන් පරාජය වන කණ්ඩායම දෙවියන් සතුටු කිරීම සඳහා මරා දැමීම ආදිය මෙයින් සුලු කොටසක් පමණි
  • මායා ගෝත්‍රය සංවිධානාත්මකව දියුණු වන්නේ ස්වාභාවික සම්පත් අනූන පරිසරයක. අනිත් තනි තනි කුඩා ගෝත්‍ර සමඟ සැසඳීමේදී ඒක ලොකු වාසියක්
  • මායාවරුන්ගේ පෘතුවිය පිලිබඳ දැනුම බොහෝ අවස්ථා වලදි වැරදි වීම (උදා: පෘතුවිය පැතලිය, කිඹුලෙක් පිටේ තියාගෙන ඉන්නවය විදියට ලෝකෙ දිහා බලපු මිනිස්සුන්ගෙන් ක්ෂීරපථයෙ කලු කුහරය ගැන හෝඩුවාවක් හොයාගන්න බලාපොරොත්තු වෙනවද?)
  • මායා දින දර්ශනය භාවිතා කරන්නේ අපි දින දර්ශනය භාවිතා කරන ආකාරයටම තමයි. ඒ දින ගණන තබා ගන්න. අපේ දින දර්ශනය 2011 දෙසැම්බර් 31 අවසන් වුන පලියට‍ ලෝකය විනාශ වෙනව කියන්නෙ නැහැ
  • මායාවරුන් අනාගත වක්තෘවරුන් නෙමෙයි. ඔවුන්ගේ කඩාවැටීමවත් ඔවුන් කලින් දුටුවේ නැහැ. එවැනි ගෝත්‍රයක් ලෝකාවසානය දැනගෙන හිටියා කියන්න අමාරුයි
  • මායාවරු හොඳට අනුමත වෙන එක සාමාන්‍ය දෙයක් කර ගත්ත ගෝත්‍රයක් බව. එක්ස්ටසි, ගංජා වැනි අද භාවිතා වන ආකාරයේ මත්ද්‍රව්‍ය භාවිතය මායාවරු අතර සාමාන්‍ය පුරුද්දක් ලෙස ප්‍රචලිතව තිබුනා.

වැදගත්ම කරුණ මායාවරුන් කවදාවත් ලෝකය විනාශ වෙන වගක් කියල නැහැ. ඒක මේ බිය පතුරවන්නන් හදාගත්ත දෙයක්.

යුද්ධ, ස්වාභාවික ව්‍යසන මේ කියන ලෝකාවසානයේ ආරම්භයයි

කියන්න කිසිම දෙයක් නැති වුනාම මේකත් කියන අය ඉන්නව. ඒත් මේ පහල කරුණු ටික ඒ අය අමතක කරනව.

මේ පලවෙනි ලෝකාවසානයද?

http://solariasun.com/wp-content/uploads/2011/05/harold-camping-prediction-wrong.jpg

ලෝකය විනාශ වෙනව කියන කතා අද ඊයෙක පටන් ගත්තෙ නැහැ. ක්‍රිස්තු වර්ශ 30 ඉඳන් deadline තියාගෙන එන ගමනක් මේක. මේකෙ දැනට අලුත්ම දේ ඊයෙ පෙරේදා පහුවුනා මතක ඇති. හැරල්ඩ් කෑම්පින් ප්‍රමුඛ ක්‍රිස්තියානි කණ්ඩායමක් බයිබලයෙන් ගණන් හදාගෙන පහු වුන මැයි 21 වෙනිදා ලෝක විනාශය ආරම්භ වෙනව කියල තිබුනා. සුචරිතවත් අය දෙවියන් ලඟට කැඳවගන්න බවකුත් පව් කාරයො (අපි වගේ) පණපිටින් පිලිස්සෙන බවත් පැවසුනා. හැබැයි මම තාම බ්ලොග් ලියනව.

නැතිනම් ප්‍රසිද්ධ Y2K කතාව. සමහරු හිතපු විදියට මානව ශිෂ්ඨාචාරය Mad Max තත්වෙට යන්න Y2K හේතුවෙන්න තිබුනා.

ලෝකය විනාශ වෙන්නෙ දින නියම කරනවනම් ඒ කරන්නෙ අපි. මායා ගෝත්‍රයෙ බලය පිරිහී යන්න එක හේතුවක් විදියට ස්වාභාවික සම්පත් අන්තයටම පරිහරණය කරල ඒවා හිඟ වීම දැක්වෙනව. පාස්කු දූපතේ දැනට ඉතුරු වෙලා ඉන්න ගෝත්‍රිකයො 200-300 අතර ප්‍රමාණයෙ මුල් කාලීනයින්ටත් වුනේ ඒක කියලයි අනුමාන කරන්නෙ.

දැනට පැහැදිලිවම කියන්න පුලුවන් 2012 ලෝකෙ විනාශ වෙන්නෙ නැහැ කියන එක. ඒ නිසා ලබන අවුරුද්දෙ A/L කරන අය පංති යන එක නවත්තන්න එපා. බොස් එක්ක තියෙන තරහ පිරි මහන්න යන්න එපා. තියෙන සල්ලි ඔක්කොම වියදම් කරල හවායි යන්න එපා. ජීවිතය ජීවත් වෙනකම් රස විඳින්න. මේ පේන හැටියට තව අවුරුදු බිලියන 5ක් අපිට කල් තියෙනව ඔය ගල් කැටයක් දෙකක් වැටුනෙ නැත්තන්.

මේ 2012 ගැන විද්‍යාඥයෙකුගෙ අදහස්. ආචාර්ය නීල් ටයිසන් විද්‍යාව ජනතාව අතරට ගෙනියන්න මහත් සේවයක් කරන අයෙක්.

සුප්‍රසිද්ධ Pen & Teller Bullshit වැඩසටහනේ 2012 ලෝක විනාශය පිලිබඳ කොටස

Part 1

Part 2

Part 3

2012 ලෝක විනාශ වන බව පවතින මතය පිලිබඳ නාසා ආයතනයේ අදහස

Posted in Rants | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 22 Comments

නවීන විද්‍යාව, වැඩකරු හා වර්ගයා බෝ කිරීම | Modern Science, the Stud and Breeding

11th
Aug. × ’11

විභාගයෙන් තුනෙන් එකක් ඉවර වුන දවස ඉවර කරන්න යන්නෙ පොඩි බ්ලොග් පෝස්ට් එකකින්. මාස තුනකටත් පස්සෙ ලියන පලවෙනි බ්ලොග් පෝස්ට් එක නිදිමතෙන් බර වුන හිත ඇතුලෙ ඇති වුන පොඩි මතයක් එලියට දාන්න පාවිච්චි කරන්නම්.

නවීන විද්‍යාව/බටහිර විද්‍යාව වගේ දේවල් වලින් හඳුන්වන විද්‍යාවට බනින එක මේ කාලයේ ලංකාව ඇතුලෙ ෆැෂන් එකක්. තම තමන්ගෙ විකාර මතිමතාන්තර විද්‍යාවෙන් සහමුලින්ම විනාශකරල දාන එක වලක්වන්න හුඟක් අය කරන්නෙ “බටහිර” විද්‍යාව බොරුය, ඒකට කරන්න පුලුවන් දෙයක් නැතය, වගේ වාද බයිලා ටයිප් කරන එක. 1976 දි ගත්ත අපැහැදිලි ඡායාරූප වලින් රාවණ රජ්ජුරුවො අඟහරුත් පාලනය කරා කියල ඔප්පු කරන්න, නාථ දෙයියො හදිස්සියෙම ආසනික් දැක්කා කියල ඔප්පු කරන්න “බටහිර” විද්‍යාව කියන මුව හමට තඩි බාන්න මේ අය කැමතියි. හැබැයි මේ තඩිබෑම කිසිම විද්‍යා සංගමයක්, විද්‍යාඥයෙක් හෝ ඒ මට්ටමේ දැනුමක් තියෙන කෙනෙක් ඉස්සරහ කවුරුවත් කරන්නෙ නැහැ. ඇයි කියල කියන්න ඕනෙ නැහැනෙ.

“බටහිර” විද්‍යාවට තඩිබාන අය ඉදිරිපත් කරන විකල්ප “විද්‍යා” වල පොඩි ගැටළුවක් හැම තිස්සෙම තියෙනව. ඒව හිතළු විතරයි. ඒවා ඔප්පු කරන්න නිපැයුමක්, නිර්මාණයක්, කලින් උපකල්පනය කරන නිරීක්ෂණයක් සත්‍ය වීමක් නැහැ. මම මේ පෝස්ට් එකේදි කරන්නෙ මේ කියන “බටහිර” විද්‍යාව මේ අයගෙ විකල්ප “විද්‍යා” එක්ක පොඩි සැසඳීමක්. කවුද නියම වැඩකරු කියන එක හොයාගන්න.

වැඩකරු කියන්නෙ කවුරු වගේ කෙනෙක්ද?

අපි උසස් පෙළ කරන කාලෙ පාසැලේදි එක විශයයකට ගුරුවරු දෙන්නෙක් හිටියා. සෙල්වා සර් රසායන විද්‍යාව කරපු එක ගුරුවරයෙක්. දොළහ වසරෙ ට්‍රිප් එක යන දවසෙ තමයි අපි මෑන්ගෙ දරු පරපුර දැක්කෙ. එක වසරේ ඉඳන් නමය වසරට යනකන් කොල්ලො කෙල්ලො පඩිපෙළක්. අපි එදා ඉඳන් සෙල්වා සර්ව සීරියස් ගත්තා. අන්න වැඩකරුවො!

ජේ ආර් පී “නයි” සූරියප්පෙරුම මහත්තයත් මේ කතාවට හොඳට එකඟ වෙනව. ලංකාවේ රජකම බාරදෙන්න ඕනෙ හොඳ වැඩකරුවෙකුට කියලයි එතුමත් කියන්නෙ. කොතලාවලලත් ඉතිං ආරංචි හැටියට හොඳ වැඩකරුවො තමයි. හැබැයි ලංකාව තාම Failed State එකක්.

කොහොමෙන් කොහොම හරි සූරියප්පෙරුම මහත්තයගෙ දේශප්‍රේමී ආශිර්වාදයත් එක්ක අපි දැන් පිලිගන්නව වැඩකරුවෙක් වුනේ නැත්තං වැඩක් නෑ කියන එක.

දැන් අපි සංඛ්‍යාලේඛන පැත්තට හැරෙමු. අහල ඇතිනෙ මානව ජනගහන ඉතිහාසයෙ J-curve එක ගැන.

මානව ජනගහන ඉතිහාසයේ J-curve එක (Source: http://www.globalchange.umich.edu/globalchange2/current/lectures/human_pop/human_pop.html)

විද්‍යාවෙ ප්‍රධාන සොයාගැනීම් කිහිපයක් සිදුවෙනව ඔය J පාදය ලඟ. මනුස්සයගේ ස්වාභාවික සතුරන් කිහිප දෙනෙකුට විරුද්ධව වෛද්‍ය විද්‍යාව සටනට බහිනව. පෙනිසිලීන් විශබීජ නාශකයක් විදියට රස්සාව බාර ගන්නව. දරු උපත්, ළදරු සෞඛ්‍යය වගේ සාධක වල ගුණාත්මක භාවය ඉතාමත් ඉක්මනින් ඉහල ගියා. විටමින් වගේ පෝෂක වල බලපෑම ගැන පර්යේෂණ පටන් ගන්නව. මධ්‍යතන යුගයේ මිත්‍යා මත වලට තිබුණ පිලිගැනීම නැත්තටම නැති වෙන තත්වයට ලංවුණා. තව දුරටත් ආරූඪ වීම් තිබුනෙ නැහැ. අපස්මාරයට ප්‍රතිකාර හොයන්න පටන් ගත්තා. ගුවන් ගමන් පටන් ගත්තා. මේ වෙනස කොච්චරද කියනවනම් ලෝක යුද්ධ වලින් මියැදුන සංඛ්‍යා වලින් වත් මේ නැග්ම පසු බහින්නෙ නෑ.

මේ තමයි විද්‍යාවෙ වැඩ.

කෝ මේ විකල්ප “විද්‍යා” වල වැඩ? අර පැතලි රේඛාවද? සූරියප්පෙරුම මහත්තය දැක්කොත් මේ නපුංසක “විද්‍යා” වලට රටේ පැත්ත පලාතක ඉන්න දෙන්නෙ නැහැ.

කෝ නාථ ඒ කාලෙ? කෝ “සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු”? කෝ උපුල්වන්? කෝ සර්වබලධාරී දෙවියො? කෝ ඔය කියන රසදිය ගුවන් යානා?

විද්‍යාව වැඩ පෙන්නල තියෙනව. විකල්ප තමයි තාමත් පුස්!

විද්‍යාව නග්ගල පෙන්නල තියෙනව. විකල්ප තාමත් ෆ්ලැට්!

වැඩි දුර කියවීමට වටිනා ලිපියක් – නලින් ද සිල්වා හඳුනාගැනීම

Posted in Rants | Tagged , , , , , , , , , , , , , , , , , , , | 15 Comments

Palindrome පරීක්ෂා කිරීම

13th
Jun. × ’11

Palindrome එකක් කියන්නෙ දෙපැත්තටම එකම විදියට කියවෙන වචන සහ වාක්‍ය වලට. වැඩි දුර මේ ලින්ක් එකෙන් කියවන්න පුලුවන්. පහල තියෙන්නෙ input කරන String එකක් palindrome එකක්ද නැද්ද යන්න පරීක්ෂා කර බැලීම.


public class IsPalindrome {

	/**
	 * @author Chamila De Alwis
	 * @see http://chamiladealwis.com
	 */

	public static void main(String[] args) {
		String [] str = {"aibohphobia","cammac","detardtrated","A dog a plan a canal pagoda","Cain a maniac","Draw O coward","Glenelg"};
		for(int x = 0;x<str.length;x++){
			System.out.print(str[x]+ " = ");
			System.out.println(isPalin(str[x]));
		}
	}

	public static boolean isPalin(String s){
		s = s.toLowerCase().trim().replaceAll("[,:\"\'/;!@#$%^&amp;*(){}?<> ]", "");
		int si = 0, ei = s.length()-1, mp = (s.length()%2 == 0)?s.length()/2:(s.length()-1)/2;

		for(;si<mp;si++){
			if(s.charAt(si) != s.charAt(ei)){
				return false;
			}
			ei--;
		}
		return true;
	}
}
Posted in Coding, Tech | Tagged , , | Leave a comment

මුස්ලිම් පල්ලියක බිම හිඳගෙන කුරාණය කියවීමි | A Story of the Submitted

7th
May. × ’11

අස්සලාම් අලෛයිකුම්!

මේ රිෆ්කාන් මට කතාකරපු පලමු වචන කිහිපයයි. නුවර බලා දිවෙන නගරාන්තර දුම්රියේ තුන්වැනි පන්තියේ ටිකට් පතකට, සාමාන්‍ය ගාස්තු බස් රථයකට ද වඩා වියදම් කොට හිඳ ගැනීමට තැනක් නොමැතිව පාපුවරුවේ යාමට සිදුවීම ගැන මටම දොස් කියා ගනිමින් සිටි මට ඔහුගේ ආමන්ත්‍රණය ‍මුලින් ඇසුනේ නැත.

“වලෛයිකුම් සලාම්” කියන්න

ඉස්ලාම් ආගමේ මුල් පාඩම ඔහු මට කියා දුන්නේ ඒ අයුරින්ය. එතැනින් පටන් ගත් ගමන නුවර දුම්රිය ස්ථානයෙන් අවසන් වන තෙක්ම කැඩිච්ච ඉංග්‍රීසියෙන් ඉස්ලාම් ආගම, මුස්ලිම් ජීවිතය, ආගම හා අනාගමික බව, විද්‍යාත්මක ක්‍රමය,නිදහස් ජීවිතය අතර සුහද විවාදයක්  ආරම්භ වූයෙ එලෙසය. ආරම්භයේදී ආගමික අන්තවාදය පිලිබඳ යම් අයුරිකින් දැනුමක් තිබූ මා හට සැකයක් ඉපදී තිබුනත් ඔහු කරුණු ඉදිරිපත් කල ආකාරයෙන් රිෆ්කාන් අන්තවාදී නොවූ සැබෑ ලෙසම ඉස්ලාම් ක්‍රමය අනුගමනය කරන්නෙකු බව පැහැදිලි වී ‍ගියේය.

ඔහු හා පැය දෙකකට වඩා සිදු කෙරුණු සංවාදයේදී කරුණු කිහිපයක් මා හට පසක් විය.

  1. මා මුස්ලිම් භක්තිකයෙක් බවට පත් කිරීම ඔහුගේ පරමාර්ථයයි.
  2. බොහෝ අය (මුසල්මානුවන්ද ඇතුලුව) ඉස්ලාමය වැරදි ආකාරයට වටහා ගෙන ඇත.
  3. ඒකදේවවාදී ආගම්, විශේෂයෙන්ම ඉස්ලාමය එක් සුපිරි බලයක් උපකල්පනය කර එය මත සියලු තර්කණයන් ගොඩනගයි.

මෙයින් පලමුවැනි කරුණ, එනම් මා මුස්ලිම් භක්තිකයෙකු කිරීම අවසන් වතාවට මා සමඟ කතා කිරීමේදී පවා ඔහු උත්සහ කල දෙයකි. අනෙකුත් අවස්ථා වලට වඩා මෙහිදී මා දුටු වෙනස්කම වන්නේ මා ඉස්ලාමයට හැරවීම මගින් ඔහුගේ පවු සහ මගේ පව් සියල්ල සෝදා හැරීමට හැකි නිසා එසේ කිරීමත් එය ඒ ලෙසටම ඔහු අවංකවම විශ්වාස කරන බවත් පෙනී යාමය. බහුභාර්යා ක්‍රමය, ඉස්ලාම් විනය, සුන්නත් කිරීම, මුස්ලිම් සුවඳ විලවුන් ආදී නොයෙකුත් පෙලඹවීම් මධ‍්‍යයේ වුවද, අනාගමිකයෙකු වූ පසුව ඔහු/ඇය කිසිම ආගමකට හුරු කල නොහැකි බව ඔහු මේ වන විට සෙමින් ඉගෙන ගනිමින් සිටිනවා වෙන්න ඇත.

දෙවැනි කරුණ ඔහු පැහැදිලිව කුරාණය උපුටා දක්වමින් හා ඔහුගේම විශේෂ වූ ආකාරයකට තර්කානුකූල වෙමින් ඉදිරිපත් කල අදහසකි. ඔසාමා බින් ලාඩන් ඇතුලු තලිබානුවන් ඔහු මුලුමනින්ම ප්‍රති-ඉස්ලාම්වාදීන් ලෙස ප්‍රතික්ෂේප කලේය. බොහෝ කරුණු මෙහිදී ඔහු ඉදිරිපත් කලත් එක් විශේෂ කරුණක් පමණක් සටහන් කර තැබීම වටිනා බව හැ‍ඟේ.

ජිහාඩ් යනු අල්-කයිඩා, තලිබානුවන්, කුරුස යුද්ධ කරුවන් හා යුධ ව්‍යාපාරිකයින් විසින් බෙහෙවින් විකෘති කරන ලද සංකල්පයක් බව රිෆ්කාන්ගේ අදහසයි. මිත්‍යා දෘෂ්ඨිකයින් දුටු තැන මරා දමා පාරාදීසයට යන ගමන ලෙස ජිහාඩය අර්ථ දක්වන්නේ ඉස්ලාමය පිලිබඳ අබමල් රේණුවක්වත් අවබෝධයක් නැති පුද්ගලයින් බව ඔහු පවසයි. ඒ වෙනුවට ඔහු ඉදිරිපත් කලේ අපූරු අදහසකි. තමන්ගේ දුෂ්චරිත වලක්වා ගෙන ධර්මිෂ්ඨයෙකු බවට පත් වීම සඳහා තමා සමඟ කරන සටන නියම ජිහාඩයයි. වෙනත් මුස්ලිමුන් හෝ මිනිසුන් මැරීම ඉස්ලාම් ක්‍රමය නොවේ. එසේ කරන අය කිසිම ආකාරයකින් පාරාදීසයට වද්ද ගනු ලබන්නේ නැත.

මෙම දුෂ්චරිතය හා ධර්මිෂ්ඨභාවය මත මගේ තර්කයක් ගොඩ නගා ගැනීමට මම උත්සහ ගත්තෙමි. මගේ අදහස වූයේ කිසිම ආකාරයකින් දුෂ්චරිතයක් හෝ ධර්මිෂ්ඨභාවයක් නොපවතින බවයි. සුදු හෝ කලු නොව බොහෝ විට අතරමැද අවස්ථා වල සියල්ල නවතින බව මම ඔප්පු කිරීමට උත්සහ ගත්තෙමි. නමුත් ඒ සියලු අවස්ථා වල ඉහත සඳහන් තෙවැනි කරුණ ඒ හරහට පැමිණියේය. අල්ලාහ් හෝ සර්වබලධාරී දෙවියන් මත සියලු විශ්වාසයන් තබා ඇති ඔහුට ඉන් පැහැදිලි නොවෙන දෙයක් ඇත්තේ නැත. උදාහරණයක් ලෙස විවාහයෙන් පසුව වුවත් සමලිංගික ප්‍රවණතා පෙන්වන ගැහැණුන් හා මිනිසුන් ඇති බව පිලිගැනීම ඔහු ප්‍රතික්ෂේප කරයි. විද්‍යාත්මක ක්‍රමය පිලිබඳ මගේ දැනුම දුර්වල වුවත්, ඒ දැනුමේ දිග පළලින් මා ගොඩ නැගීමට දැරූ සියලු තර්කයන් ඔහු ප්‍රතික්ෂේප කලේ “අල්ලාහ්ගේ වචනය” හෝ “නබිතුමාගේ වචනය” සඳහන් කරමිනි. ඒවායේ සඳහන් ‍‍නොවන දෙයක් නැත්තේය.

මෙය බොහෝ ආගම් තුල ඒවා පවත්වාගෙන යාම සඳහා ඇති ප්‍රධාන ක්‍රමයයි. සියලුම ආගම් වල පාහේ කිසියම් කරුණු කිහිපයක් මත අන්ධ විශ්වාසය (leap of faith) තබන ලෙස නියම කෙරේ. මෙමගින් එම ආගමේ මූලික හරය ප්‍රශ්න කිරීමකට ලක් වීම වලක්වාගනු ලැබේ. නමුත් මෙමගින් මිනිසා තුල පවතින නොනවතින කුතුහලය යටපත් කෙරෙන අතර නිර්මාණශීලිත්වය මරා දමයි. මිනිස් ඉතිහාසය පුරාම සිදුව ඇති දියුණු වීම් සියල්ලක්ම කුතුහලය හා නිර්මාණශීලිත්වය මත පදනම් වන අතර ප්‍රශ්න කිරීමේ හැකියාව එහිදී විශේෂයෙන්ම අවශ්‍ය ලක්ෂණයකි. නමුත් මෙවැනි ආගම් වලින් යටපත් කරන්නේද එම ප්‍රශ්න කිරීමේ හැකියාවයි.

කෙසේ වුවද නුවර දුම්රිය ස්ථානයෙන් බැස ගත් පසු තමා සමඟ පල්ලියට යාමට පැමිණෙන ලෙස ඔහු මට ආරාධනය කලේ පල්ලියට යාම මගින් ඉස්ලාමය කෙරෙහි භක්තිමත් භාවයක් මට ලබා දිය හැකිය යන බලාපොරොත්තුව නිසා බව පෙනී ගියත් සමහර විට නැවත කවදාවත් නොලැබෙන අවස්ථාවක් මග හැරීමට මට සිත් නොදුණි. බෝගම්බර බන්ධනාගාරයට මෙපිටින් පිහිටි මහනුවර Grand Mosque වෙත ඔහුත් සමඟ මා පිය නැගුවේ ඒ නිසාය.

සපත්තු ගලවා මේස් සාක්කුවේ දමා ගත් පසු අතපය සෝදාගෙන පිරිසිදු වීමේ අදියර පැමිණේ. එවිට මුලින් අත් දෙක, ඉන්පසු මුඛය, මුහුණ හා කන් සෝදා ඉන්පසුව ‍හොඳින් කකුල් සෝදා ගනු ලැබේ. පල්ලිය ඇතුලත පිරිසිදුය. සුවඳ විලවුන් යොදා නිතරම සුවඳ ගන්වනු ලබන අතර ඉතා නිෂ්ශබ්ද භාවයක් උසුලයි. යාඥා භූමියේ එක් කොනකට මා සමඟ යන රිෆ්කාන් ඔහුට කුරාණයක් ද මගේ අතට “මහ පොත” නමින් හැඳින් වෙන පොතක් ද ලබාදී කුරාණය කියවීමට පලස් එලා ඇති ප්‍රදේශය වෙතට යයි.

කුරාණය කියවන්නේ අග සිට මුලටය. නමුත් නොයෙක් පරිවර්තන මුල සිට අගටද නිමවා ඇති අතර මුස්ලිමුන් පිලිගන්නේ අග සිට මුලට හෙවත් අරාබි RTL ක්‍රමයයි. සුරාත් නැමැති කොටස් කුරාණය පුරා ඇති අතර කුරාණයේ මූලික ඒකකය අල් ෆායිත් නම් වේ. මේ මා පල්ලිය තුල සිටි පැය භාගය තුල ඉගෙන ගත් කොටසයි. එම පැය භාගය අතරතුර එක් සුරාත් කොටසක් කියවීමට මා උත්සහ ගත්තෙමි. නිරපේක්ෂ කිසිවක් විශ්වාස නොකරන මට එය අපහසු කරුණකි.

නබිතුමා සෑම විටම පල්ලියට මුස්ලිම් නොවන අයෙක් එක්කරගෙන එන ලෙස දක්වා තිබෙන බවත් බොහෝ නූගත් මුස්ලිමුන් එය නොදන්නා බවත් රිෆ්කාන් මට පැවසූයේ පල්ලි‍යේ සේවකයින් ඇතුලු කිහිප දෙනෙකු ඔහු ‍හා මා දෙස බැලූ ආකාරය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය. මා එහි රැඳී සිටීම රිෆ්කාන් වැනි මුස්ලිමුන්ට කෙසේ වුවත් අනෙක් මුස්ලිමුන්ට එතරම් ප්‍රසන්නජනක නොවූ බව පෙනී ගිය නිසා පැය බාගයක කාලයක් පමණක් මා රැඳී සිටීමට තිරණය කලෙමි. එහි රැඳී සිටිය කාලය තුල ඉස්ලාමික යාඥා හා අනෙකුත් ආගමික අංග නිරීක්ෂණය කල මට දැනුනේ රිචඩ් ඩෝකින්ස් Root of All Evil වාර්තාමය වැඩසටහන අතරතුර අත්විඳි අත්දැකීමට සමාන අත්දැකීමකි. වෙනත් වචන වලින් කිවහොත් අනාගමිකයෙකුගේ ඇසින් ආගමික භක්තිය දැකීමයි.

 

 

 

නබිතුමා කියලා තියෙන්නෙ වැඩි වෙලා කුරාණය කියවන්න, පාඩම් කරන්න, අවබෝධ කරගන්න, ඊට පස්සෙ අඩු වෙලාවක් යාඥා කරන්න කියලා. මේ අය කුරාණය ගැන අවබෝධයක් නැතුව පුලුවන් තරම් වෙලා යාඥා කරනවා.

මේ රිෆ්කාන් ආපසු යන අතරතුර කැඩිච්ච ඉංග්‍රීසියෙන් සමාව ඉල්ලා සිටි අයුරුයි. කෙසේ වුවත් මහකන්ද බස් රථයේ වාඩි වූ මොහොතේ සිට විජේවර්ධන ශාලාව අසල නැවතුම්පලේ බසයෙන් ගොඩ බසින තෙක් මා මුස්ලිම් ලබ්ධියට නම්මා ගැනීමේ ඔහුගේ අහිංසක මෙහෙයුම ක්‍රියාත්මක වූ බව කිව යුතුය. ඉංජිනේරු පීඨයේ පලමු වසර සිසුවෙකු වන ඔහුගේ ජීවන පරමාර්ථය ඉස්ලාමය විද්‍යාත්මකව තහවුරු කිරීම බව ඔහු පවසා සිටියේ ඉතාමත් ආඩම්බරයෙනි. ආචාර්ය සකීර් නායික්ගේ අඩිපාරේ යන්නෙකු බවද ආඩම්බරයෙන් පවසන ඔහු තුලට ප්‍රශ්න කිරීමේ හා සැක කිරී‍මේ අංගය ප්‍රගුණ කිරීමට මා උත්සහ දැරුවත් ආගමක් තුල දැඩිව අධිශික්ෂණය කල අයෙකු හට එවැන්නක් සන්නිවේදනය කිරීම ඉතා අපහසු බව පසුව තේරුම් ගත්තෙමි.

තම වැඩිමහල් අක්කාගේ නිවසට දහවල් කෑමට මට ආරාධනා කලත් ඉතාමත් කාරුණිකව මා එය ප්‍රතික්ෂේප කලෙමි. එසේනම් කොළඹ පිහිටි තමාගේ පියාගේ ගෙදරට හැකි දවසක පැමිණෙන ලෙස විවෘත ආරාධනාවක් ඔහු කල අතර භාර ගැනීමේ අරුත සලකා එය පිලිගත්තෙමි. ව්‍යංගයෙන් මුස්ලිම් ගැහැණු ලමයින් ගැන ඔහු පැවසුවත් මා එවැන්නකට උනන්දුවක් නැති බව දැන ගැනීමෙන් අනතුරුව එය සඳහන් කිරීමෙන් වැලකී සිටියේය. මේ අයුරින් ගෙවී ගිය පැය කිහිපය විජේවර්ධන ශාලාවේ කැන්ටිමේදී ඔහු අවසන් කලේ මේ අයුරිනි.

ඔයා මුස්ලිම් වුනොත් ඔයාගේ පරණ පව් ඔක්කොම නැති වෙනවා. මගේ පරණ පව් ඔක්කොමත් නැති වෙනවා. මම කවදා හරි දවසක විද්‍යාත්මකව අල්ලාහ්ගේ පැවැත්ම ඔයාට ඔප්පු කරන්නම්.

අවංකවම ඔහුගේ එම කාර්යයට මම සුබ පැතුවෙමි. අල්ලාහ් සොයා යන ගමනේදී ඔහු, ඔහු තුල ඇති දෙවියන් සොයා ගනු ඇත.

සබැඳි

ආගමික අන්තවාදයෙන් අන්තයටම බැට කෑ ඇෆ්ගනිස්ථානය අද වන විට

 

Posted in Rants | Tagged , , , , , , , , , , , , , , , , , , , | 53 Comments

බැචලර් ඔෆ් සෝවාන් එක්ක හැහ් හැහ් හැකිං! පාඩම

9th
Mar. × ’11

බයිලා ලියන්න මාතෘකාවක් නැතුව වේලී වේලී හිටිය බ්ලොග් පඩංගුවට මාතෘකාවක් හොයලා දීම ගැන මොහොමඩ්ට අපි ස්තුතිවන්ත වෙනවා. මොකද එච්චර කාලයක් තමන්ම ප්‍රකාශ කර ගත්ත යුද්දෙක ගජරාමෙක පැටලිලා හිටිය පෙරමුණේ රාලට සේනාව අඩු වෙලා වැලේ වැල් නැතුව සෙත්ත පෝච්චි වෙලා යන්න ඔන්න මෙන්න හිටපු නිසා මෙලෝ රහක් නැතුව හිටියේ. අන්තිමට මොහොමඩ්ම ඇවිත් එයාට ලොකු උදව්වක් කරල දුන්නා. යුද්දෙට සතුරෙක් හදල දුන්නා. බොරු කියන්න ඕනෙ නෑ ඔච්චර ආගමක් දහමක් නැතුව හිටිය අපි වගේ නූගත්තුත් ගිහින් එතන කමෙන්ට් එකක් දාලා තගක් දාලා ආවා.

අනේ ගිය සතියෙ බලනකොට මොහොමඩ්(ට) හැක් වෙලා!

Mohomed Don’t Mess With Sinhala! මොහොමඩ් සිංහල බාසාව එක්ක මගුල් නටන්න එපා!

මෙන්න ඊට පස්සෙ පිස්සාගෙ පලාමල්ල කියල ඉතිහාස කතාවක් ලියාගෙන ආපු බ්ලොග් එකත් (මේ පිස්සා නෙමෙයි. මේ අපි හැමෝම දන්න අපිත් එක්ක සෙට් වුන පිස්සා) හැක් වෙලා. එයානම් දවසකට දෙකකට පස්සෙ ඒක ගොඩ දාගත්ත කියලයි ආරංචිය! ටැබූ බ්ලොග් එකේ සිද්ද වුන දේ පැහැදිලි නෑ.

අපි වගේ ආගමක් දහමක් ජාතියක් නැති රටට ආදරේ නැති දේසක්දෝහි ත්‍රිපිටකය කියවල නැති අයට නම් හිතුනේ මෙහෙම දෙයක්!

පෙරමුණේ රාලයි එයාගේ නඩෙයි (පෝස් ග්‍රැජුවේට් කරනව කිව්වෙ බ්ලොග් ලියල හම්බයන්ට ගහල වෙන්ඩැති) කුරාණෙට අම්බ නෙලිල්ලක් නෙලල අන්තිමට ඒකට හෝයියා දාපු අවශේෂ ජනතාවට වැඩේ ඇති වුනා. අන්තිමට ඒක මුස්ලිම් අයවත් ගනන් ගන්නෙ නැතුව ස්වයං රැකියාවක් (වෙන නමකින් පොඩි කමෙන්ට් එකක් දාගෙන තමන්ට පොඩි කික් එකක් දීගන්න එක) තත්වෙටම වැටුනා. අල්ලාව අල්ලල පොලොවෙ ගැහුවත් කවුරුවත් ගනන් ගත්තෙ නැති තරං. ඉතිං දොස්තර මොලෙත් පාවිච්චි කරල ගැහුවා සූකිරි ප්ලෑනක්. කවුරුවත් ගනන් ගන්නැති එකේ හදමු පොඩි සතුරෙක්! මොහොමඩ් ඉපදුනු වගයි! නාට්‍යයේ ඉතුරු කොටස දන්නවනේ?

මොහොමඩ් කරන්නෙ අලි බොරුවක් කියන එක කට්ටියටම තේරුම් ගියා. යන එකේ කොරහත් බිඳගෙන යන්න පොඩි හුකිං හැකිං දර්ශනයක් ඔබල දැම්මා. පව් නේද හැක් වුනාම????

පිස්සනම් ඔතනදි කලේ පොඩි පබ්ලිසිටි ස්ටන්ට් එකක් විදියටයි අපි වගේ දේසක්ද්‍රෝහීන්ට තේරුනේ. ඒක හානියක් නැහැ කියමුකො. මොහොමඩ් හෙවත් පෙරමුණේ රාලයි එයාගේ ගැන්සිය (කිව්වට දෙන්නයි තුන්දෙනයි)යි එකතු වෙලා ඒකත් පිස්සටම අන්ඳන්න යන එකයි හානිය.

මොනව වුනත් හැහ් හැහ් හැකිං පාඩම ගැන අපිට ඕක තමයි හිතෙන්නෙ. පෙරමුණේ රාලගේ නාට්‍යය ගැන අපිට සතුටුයි! ස්ක්‍රිප්ට් එක සිරා! වීරයා අන්තිමට දුස්ටයව පරද්දල සේනාවකටම තනියෙන් ගහල දැම්මා.  තියෙන එකම ප්‍රශ්නෙ ඔය දේවල් වලට ඔච්චර කැප වෙන්නෙ කොහොමද කියන එක? පඩියක්වත් ගෙවනවද වලියක් දෙකක් අවුස්සනවට?

[කින්ඩි හිනා]


ප.ලි. :

කියන දේ කෙලින්ම කියලත් ලස්සනට කිව්ව කොලූ බ්ලොග් වලින් සමුගත්තෙ ඇයි කියන එක මේ ත්‍රිපිටකය කියවල නැති අපිට හිතා ගන්න අමාරුයි.

ඔය අස්සේ ත්‍රිපිටකය හොඳට කට පාඩම් බැචලර් ඔෆ් සෝවාන් (Bසෝවාන්) අයිය කෙනෙක් ඇවිත් අපි හැමෝටම සෝවාන් වෙන හැටි ඉගැන්නුවලු.  ටැබූ සමානයි කුඩු ලාල් කියලත් හොයා ගෙන තියෙනවා ඒ අයියා ඉර්දි බලෙන්. බලන්න පින්වතුනි නෝ හෙල්ලුම් නෙ!

හැබැයි ඔය මොනව වුනත් කමක් නෑ නලපාන ජාතකේට කින්ඩිය දාලා මේ අයියට (Bසෝවාන්) අහුවෙන්ඩ එපා හරිය!


කියවල බලන්න :

නලපාන වීර කතාව

 

Posted in Rants | Tagged , , , , , , | 20 Comments

ආගමික අන්තවාදයේ ධනාත්මක පැත්ත | Positives of Religious Extremism

24th
Feb. × ’11

  • ස්වයංඝාතනය - සාමාන්‍යෙයන් දර්ශනයක් හෝ විනය නීති මාලාවක් ආගමක් බවට පත්වන්නේ අන්ධ භක්තිය හා නූගත් කම එකතු කර ගැනීමෙන්. අන්තවාදියා රඳා පවතින්නෙ මේ අන්ධ භක්තියයි නූගත්කමයි මත. අන්තවාදී තර්කයක් බුද්ධිමතුන් ඉස්සරහ ස්වයංඝාතනයක් වෙන්නෙ එහෙමයි.
  • එයටම එකතු වීමේ ගුණය (accumulation) – එක් පැත්තක අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලය අනෙක් පැත්තෙන් එවැනිම අන්තවාදීන් බිහිවීම. භාෂාව වෙනස් වුනත් වචන ජුංඩක් වෙනස් වුනත් මේ දෙගොල්ලොම එකයි (උදා: ආගම පැතිරවීමට දරුවො වැදීම). එයට පසුව මෙතෙක් කල් තිබුන ගැටලු දෙගුණයක් වේගයෙන් පැතිරෙයි.
  • පාඩම් ඉක්මන් කිරීම – දැනටමත් ආගමික අන්තවාදය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කාලයක් මිනීමැරීමේ යෙදිලා තිබෙනවා. වැඩි වෙන තොරතුරු ප්‍රමාණය මතවත් ඉස්සරහට මේ තත්වය අඩු වෙන්න පුලුවන්. තව තවත් ආගමික අන්තවාදය එලිපිට වැනීමෙන් සිදුවන්නේ මෙහි අනර්ථකාරී ස්වාභ ාවය ගැන වැඩියෙන් මිනිස්සු දැනුවත් වීම.
  • ජනගහන පාලනය – ඉතිහාසය පුරාම වැඩිම මිනීමැරීම්, සංහාර ප්‍රමාණයකට වග කියලා තියෙන්නේ ආගම. කුරුස යුද්ධ වල ඉඳන් තෙල් ප්‍රශ්නය වෙනකන්ම. ඉතිං තව දුරටත් ගහ මරා ගන්න සොයුරනි. එකම ගැටළුව තියෙන්නේ මේ ගැටුම් වලට බිලි වෙන්නේ මුලින්ම අන්තවාදී විෂබීජ වපුරපු මානසික ලෙඩ්ඩු නොවීම. ඔවුන් සැප පහසුවට අන්තර්ජාලය ඇසුරු කරද්දි, අන්තර්ජාලය තබා පරිඝණකයක්වත් දැකලා නැති අන්ත දුගීන්ටයි මේ ගැටුම් වලට මැදි වෙන්න වෙලා තියෙන්නෙ.
  • හොඳ සිහිය නැවත මනුෂ්‍යයාට ලැබීම - අන්ධ භක්තීන්, මිත්‍යා විශ්වාස මනුෂ්‍ය සංහතිය බිලිගන්න කලින් එක්තරා ආකාරයක අනාගමික දර්ශනයක් බොහෝමයක් ශිෂ්ඨාචාර අනුගමනය කරන්න ඇති. කොතැනකදී හෝ කියවුනා මෙන් මිත්‍යා විශ්වාස වල මනුෂ්‍යා එල්බ ගන්නේ තියෙන කම්මැලිකමට. නැවතත් තර්ක බුද්ධිය, හේතු සහගත භාවය ලෝකය තුල පැතිරීගෙන යන නිසා මේ මිත්‍යාවන් මත යුද්ධ කිරීම නැවැත්වීම ගැන හිතන්නවත් ආරම්භ කරයි.
  • බ්ලොග් ලිවීමට හොඳ මාතෘකාවක් - මේ මාතෘකාව සහ තවත් මාතෘකා දෙක තුනක් බ්ලොග් වලට හිතකරයි එක ආකාරයකින්. ඉතාමත් තදින් වාද විවාද යන්න පුලුවන් සති, සමහර විට මාස ගානක් කිසිම ප්‍රශ්නයක් නැතුව අදින්න පුලුවන් වලියක්.
  • ස්වයං වින්දනය – ඔය බ්ලොග් පෝස්ට් එකක් ලියල තමන්ගේ ආගම කොච්චර ඉහලද කියන එක මතු කලාට පස්සෙ පොඩි හැඟීමක් හිතට එයි මාත් මගේ රට, ජාතිය, ආගම වෙනුවෙන් ලොකු සේවයක් ඉටු කලා කියල.

ඔන්න මමත් වලියට කොක්කක් දැම්මා!

Posted in Rants | Tagged , , , | 16 Comments

මතක තියාගන්න ගාථාවක් | Restoring GRUB2

16th
Feb. × ’11

Ubuntu 9.1 (මගේ මතකයෙ හැටියට) ඉඳන් අපිට ලැබුන bootloader එක GRUB2. GRUB1වලට වඩා ටිකක් වෙනස් වුන නිසා GRUB එක විනාස කරගත්ත වෙලාවක restore කර ගැනිල්ලත් ටිකක් වෙනස්. පහල තියෙන්නේ restore කර ගන්න ක්‍රමය.

*GRUB විනාසයි කියන්නේ හුඟක් වෙලාවට Internet යන්නත් ක්‍රමයක් නැති වෙන නිසා මේක කොහෙ හරි ලියාගෙන අලවගත්තත් කමක් නැහැ :)

Ubuntu LiveCD එකක් භාවිතා කරල ටර්මිනලයක් විවෘත කරගෙන පහත විධාන ලබා දෙන්න.

Live CD -> Try Ubuntu -> Applications -> Terminal

sudo bash

fdisk -l

මේ විධානයෙන් ලැබෙන ලැයිස්තුවේ ලිනක්ස් පාටිෂන් කිහිපය හඳුනා ගන්න. මම පුරුද්දක් හැටියට /boot වෙනම 200MB පාටිෂන් එකක mount කරන නිසා Swap පාටිෂන් එකට අමතරව ලිනක්ස් පාටිෂන් දෙකක් තියෙනවා. මීළඟට මේ පාටිෂන් දෙක mount කර ගැනීමට අවශ්‍යයි. අනිවාර්යයෙන්ම /boot, /dev, /proc, /sys, /etc ඩිරෙක්ටරි වලට ඇතුලු වෙන්න පුලුවන් විදියට පාටිෂන් mount කර ගන්න. මගේ විදියටනම් මම /boot mount කරන පාටිෂන් එකයි / (root) mount කරන පාටිෂන් එකයි /mnt ඩිරෙක්ටරියට mount කර ගන්නවා.

mount /dev/sda11 /mnt #mount root partition

mount /dev/sda10 /mnt/boot #mount boot partition

mount --bind /dev /mnt/dev #bind block devices and special files

mount --bind /proc /mnt/proc

mount --bind /sys /mnt/sys

chroot /mnt #chroot to the new mounted environment

grub-install /dev/sda #install GRUB

update-grub #optional, if GRUB was changed after the installation

exit #exit chroot

reboot #reboot the machine

Reboot එකෙන් පසුව අනිවාර්යයෙන්ම LiveCD එක ඉවත් කරන්න.

Posted in Sys Admin, Tech | 5 Comments

ඉර එලිය – කතාවක්

15th
Feb. × ’11

හිටි හැටියෙම තීව්‍ර වුන ජනේලෙන් ඇතුලට වැටෙන හැන්දෑ අව්ව ඔහේ හිත හිත හිටපු පොඩි හාමුදුරුවන්ගෙ ඇස් දෙක ගස්සල ඒ පැත්තට ඇද ගත්තා. සිමෙන්ති පොලොව හාරගෙන යන්න ඇදේට ගහපු ස්ථම්භ වගේ තිබුණු ධාරා අතරින් එහාට මෙහාට අත යවල උන්නාන්සෙ ජනේලෙන් එලියට අවධානය යොමු කලේ ඒවා කොන්ක්‍රීට් නොවුනත් හැතැප්ම දහස්ගානක් පහුකරල එන්න ඉර එලියට ශක්තිය ලැබුන හැටි හිත හිත. ඉර ගෝලයේ ඉඳන් පොඩි හාමුදුරුවන්ගෙ කාමරයට එන්න විනාඩි අටක් ගත කරනව වුනත් ඒ ගත කරන්නෙ එකම ආලෝක අංශුද කියන ප්‍රශ්නෙ ඊළඟට හිත ඇතුලෙන් පැන්නා. මෙහෙම දෙයක් කල්පනා කරන්න පොඩි හාමුදුරුවෝ කැමතියි.

ධර්ම ශාලාව පැත්තෙන් ඇහුන ගාල ගෝට්ටියක් පොඩි හාමුදුරුවන්ගේ දැහැන බිඳල දැම්මෙ ඒ සැනින්ම අලුත් වාක්‍යයක් හිතට ඇතුල් කරන ගමන්. “සිරිදාස  ආයේ පටලවගෙන වගේ“. දුරං ගමං ඒක චරං වුන හිත කඩලා දාපු එක ගැන පොඩි නොරිස්සීමක් එක්ක උන්නාන්සෙ හිතුවා. ලොකු හාමුදුරුවොත් අඩිය ගස්සගෙන ආවාස ගෙයින් පිට වෙන හඬ ඇහුන නිසා මේ රණ්ඩුව තීරණාත්මක එකක් වෙන බව උන්නාන්සෙට තේරුම් ගියා. “අද ගිහින් මේක බේරන්න බැහැ. ධම්‍මරක්ඛිත, මට දිගටම උදව් වෙන්න බැහැ.“

ධම්‍මරක්ඛිත හාමුදුරුවො ලන්දෙ පන්සලට වැඩියෙ මීට මාසෙකට විතර කලින්. සෙරෙප්පු නැතුව පයින් ඇවිදගෙන ආපු උන්නාන්සෙගෙ සිවුර කිලුටු පාටට හැරිල තිබුනෙ. බොහෝම කලබල සහිත ගතියක් පෙනුන නිසා සහ “පිස්සු හාමුදුරුවො“ කෙනෙක් ගැන වටින් ගොඩින් ආරංචි ඇවිත් තිබුන නිසා ධම්‍මරක්ඛිත හාමුදුරුවන්ව පන්සලේ නවත්තගන්න ලොකු හාමුදුරුවො අකමැති වුනා. දවල් දානෙ වැළඳීමෙන් පස්සෙ ධම්‍මරක්ඛිත හාමුදුරුවන්ව පිට කරන්න හිතාගෙන හිටපු ලොකු හාමුදුරුවන්ගෙ හිත වෙනස් වුනේ පොඩි හාමුදුරුවො ධම්‍මරක්ඛිත වෙනුවෙන් කතා කරපු නිසයි. පන්සලට අගෞරවයක් සිදු වුනත් මනුස්සයෙක් අමාරුවෙ දාන එක එච්චර හොඳ මදි කියලයි පොඩි හාමුදුරුවො තර්ක කලේ.

සිරිදාස තමයි මුලින්ම ධම්‍මරක්ඛිත හාමුදුරුවො එක්ක රණ්ඩුවක් ඇදගත්ත මනුස්සය. ඇබිත්තය වුනාට ලොකු හාමුදුරුවන්ට විතරක් යටත් වුන පන්සලේ පාලකයා තමයි සිරිදාස. දායක සභා රැස්වීමකට ආපු පෙරේරා නෝනගේ දුව ඇඳන් ආපු ගවුම කොට වැඩි කියල ධම්‍මරක්ඛිත හාමුදුරුවො ඒ දරුවව ඇදගෙන ගිහින් පන්සලෙන් එලියට තල්ලු කරල තිබුනා. වෙනදට සිරිදාසත් හිත යටින් “බුද්දාගම විනාස කරන යක්කු“ කියල බැන බැන හිටියත් දායක දායිකාවන්, විශේෂයෙන්ම පෙරේරා නෝන වගේ සාක්කුව ලොකු ගිහියන්ට එලිපිට මොනවත් කියන්න ගිහින් නෑ. පිං කැටේට මාසෙකට සැරයක්වත් කාසියක් නොදාන ගාමන්ට් සංකර හැත්තට බනිනව වගේ නෙමෙයි පෙරේරා නෝනලට බැනල දාන වේලත් වැරදෙන තැනට වැඩ කටයුතු සිද්ද වෙන්න පුලුවන් කියල සිරිදාස දැනගෙන හිටිය.

පෙරේරා නෝනගේ පැත්ත අරගෙන ධම්‍මරක්ඛිතට හොඳවැයින් කියන්න සිරිදාස නිර්භීත වුනේ ඒකයි. පොඩි හාමුදුරුවො සිරිදාසව සන්සුන් කරගෙන ධම්‍මරක්ඛිතව ඒ රණ්ඩුවෙන් බේරගත්ත. ඒත් සතියකට දෙතුන්පාරක්වත් මේ ද්විත්වය රණ්ඩුවක් ඇදගත්ත. හුඟක් වෙලාවට මේකට හේතු වුනේ ධම්‍මරක්ඛිත හාමුදුරුවො පන්සලේ වැඩ සිද්ද වෙන හැටි නිර්දය විදියට විවේචනය කරපු නිසයි. ඒ විදිය ටිකක් අන්තවාදී කියල පොඩි හාමුදුරුවන්ටත් හිතුනා. ඒත් පන්සලට වැඩිය දවසෙ දවස් ගානකින් කුසට දානයක් නොලැබුනු බවක් පේන්න තිබුනු නිසා ලන්දෙ පන්සලෙන් බාර නොගත්තොත් ධම්‍මරක්ඛිත අමාරු අඩියකට වැටෙන බව උන්නාන්සෙ තේරුම් ගත්තා. පාරේ හිනා වෙවි යන කෙල්ලොන්ට කෝට්ටකින් ගහන්න පන්නපු, පෝයට පන්සල් නොගිහින් ගෙදර හිටපු කට්ටියකට ගෙදරට ඇවිත් බැනපු පිස්සු හාමුදුරුවන්ව ලෙහෙසියෙන් පන්සලකට බාරගත්තෙ නැහැ. බාර ගත්තත් බොහෝම සුලු කාලෙකින් පිටවෙලා යන්න ධම්‍මරක්ඛිතට සිද්ද වුනා.

පොඩි හාමුදුරුවො සති තුනක් පසුපස්සට කාලය දිගේ දුවල ගිහින් තිබුන හිත ආපහු කඩල දැම්මා. ලොකු හාමුදුරුවන්ගෙ කටහඬත් ටිකක් උස් හඬින් ඇහෙන්න පටන් ගත්තා. ධම්‍මරක්ඛිතට අද දවල් දාන වේල වරදිනව කියල පොඩි හාමුදුරුවන්ට ඒ වෙලාවේ තේරුම් ගියා. ඒ ගැන හිතන එක නවත්තල කොල අතු අස්සෙ හැංගි මුත්තං කරන්න හැන්දෑ ඉර එලිය දිහාවට උන්නාන්සෙ හිත යොමු කලේ එලිය සිදු වෙන දෙයින් හිතට ගන්න කිසිම දෙයක් නැති බව තීරණය කරපු නිසයි.

Posted in Rants | 10 Comments

අලුත්ම පිස්සුව

16th
Jan. × ’11

"ඔයාගේ නැටුම හොඳයි. ඔයාට දීප්තිමත් අනාගතයක් තියෙනවා. සුබ පැතුම්. මෙන්න ලකුණු 8ක්ම."

අංගොඩ මානසික රෝහල අසලින් පියමං කරන මගියෙකි. රෝහල් කරත්තයක් තල්ලු කරගෙන ඔහු පසු කරගෙන යන සාත්තු සේවකයෙකු සමඟ කතාවට වැටෙන්නේ කරත්තයේ පුරවා ඇති බඩු මල්ලේ ඇත්තේ කුමක්දැයි දැන ගැනීමේ කුතුහලය සංසිඳවා ගැනීමටය.

“කොහෙද ඔය යන්නෙ? මොනවද කරත්තෙ?”

නුරුස්නා බැල්මක් මගියා දෙසට හෙල සාත්තු සේවකයා තම රාජකාරියේ බරපතලකම පෙන්වීමට මෙය අවස්ථාවක් කර ගනිමින් තත්වය පැහැදිලි කරයි.

“මේ ඇවිල්ලා බෙහෙත්. පිස්සොන්ට දෙන බෙහෙත්. මම යන්නේ කුණුගොඩට මේවා විසි කරන්න.”

“සහගහන අපරාධයක්නෙ. ඇයි මේ බෙහෙත් විසි කරන්නේ? රජයේ දේපල නේද?”

“මේ උන්නැහේ. දන්නැති මගුල් කියවන්න එපා. මේවා දීලා දැන් අලුත්ම පිස්සුව හොඳ කරන්න බැහැ”

විපිලිසර වන මගියා තව දුරටත් ප්‍රශ්න කරයි.

“ඒ මොකද මහත්තයා? එහෙනං මොකටද ඔය බෙහෙත් ගෙන්නුවේ?”

“මේකයි. ඉස්සර මේකෙ හිටිය දේශපාලන පිස්සොන්ට දුන්නේ මේ බෙහෙත්. සතියකට සැරයක් වගේ මුන් පාර්ලිමේන්තුව රැස් වෙනවා කියලා සෙට් වෙනවා. පාර්ලිමේන්තුව රැස් වෙන දවසට මුන්ව පාලනය කරන්න අමාරුයි. කෑ ගහනවා. ගහ ගන්නවා. මේ බෙහෙත දුන්නාම ෂෝක් එකට ඉන්නවා”

“ඉතිං දැන් පාර්ලිමේන්තුව රැස් වෙන්නේ නැද්ද?”

“නෑ ඕයි. දැන් දේශපාලන පිස්සුව වෙන පිස්සුවකට හැරිලා.

දැන් උන් රියැලටි ෂෝ වල විනිශ්චය මණ්ඩල පිස්සුවක් ගහලා. හැමෝම හෝ ගාලා ලකුණු දෙනවා. දෙතුන් දෙනෙක් සින්දුත් කියනවා.

උන්ට මේ බෙහෙත් හරියන්නෑ ඕයි! “

Posted in Rants | Tagged , , , | 22 Comments