phpmyadmin සඳහා theme යෙදීම

මේ දවස් වල එක එක වැඩ වලට හිර වෙලා වැඩිය බ්ලොග් පැත්තේ එන්න බැරි වුනා. සති දෙකක විතර විරාමයකට පස්සේ තමයි මේ ලියන්නේ. පසුගිය සටහනේ phpmyadmin ගැන පොඩි හඳුන්වා දීමක් කරලා දුන්න නිසා එයටම සම්බන්ධ තවත් පොඩි දෙයක් ගැන විස්තරයක් දීලා යන්නම්.

phpmyadmin සඳහා පෙරනිමියෙන් පැමිණෙන theme එක ටිකක් විතර අඳුරු පැහැ කම්මැලි පාටක්. මේකට කැමති නැති අයට phpmyadmin සඳහා වන theme යොදාගන්න පුලුවන්. මෙය නිදහස් හා විවෘත මෘදුකාංගයක් නිසා විශාල theme තොගයක් අපිට හොයා ගන්න පුලුවන්. හරියන එකක් නැත්තන් හදා ගන්නත් පුලුවන්. අපි බලමු මේ theme එකක් යොදාගන්නේ කොහොමද කියලා.

1) අවශ්‍ය theme එකක් බාගත කරගන්න.

මේ සඳහා මෙම වෙබ් ලිපිනයට ගොස් ඔබගේ phpmyadmin අනුවාදයට අනුව theme එකක් තෝරාගෙන බාගත කරගන්න. එය බොහෝ වෙලාවට .tar.bz ගොනුවක් විදියට බාගත වෙයි.

2)theme බහලුම අවශ්‍ය තැනට පිටපත් කිරීම.

ඔබ බාගත කරගත් ගොනුව extract කර එය phpmyadmin බහලුමේ (Apache නම් htdocs/phpmyadmin. Wamp නම් wamp/apps/phpmyadmin) themes බහලුම තුලට දමන්න.

3)දැන් phpmyadmin refresh කර එහි මුල්පිටුවේ ඇති Theme / Style ඉදිරියේ ඇති combo box එකෙන් ඔබේ theme එක තෝරාගන්න.

Return Fire!