පිකැඩලි දේශප්‍රේමියා | Piccadilly Patriot

දෙන්ඩ බටහිර බල සොලවා යන්ට දුවා

ඉන්ඩ සියලු දුර්මත දන කපා කොටා

චන්ඩ ලෙස හසුරවනා වචන සිතා

කොලුවෙක් ඇතේ රට රකිනා වැටක් ලෙසා

 

ඉන්නේ දුම්බරයි මහ සැප කාමරයක

දුම්බර කියන්නේ සුද්දගේ මහ රටට

කන්නේ හැම් බේකන් බොන්නේ හයිනකන්ය

මේ හැම දිරවන්ට සුද්දට දෙන්නෙ යුද

 

අතීත මහ විරු දරුවෝ කරපු සැටි

යුද පිටියේ සතුරන් කඩු ගාපු සැටි

කරනා ලෙසට තමනුත් සිතමින් රැවටී

වපුරා දමයි ෆේස්බුකට සියලු තැටි

 

පලවෙනි කොටුවට දේසක්ප්‍රේමෙ දමා

දෙවෙනි කොටුවේ මාක්ස්ව චේ සමඟ ඔබා

තෙවැනි කොටුවෙ සැප කිරිසුදු මූණ ලොබා

කොලුවා රජවෙයි කෙල්ලන් සපිරිවෙනා

 

“අයියෙ ඔයා රට රකිනා විරුවෙක්ය

සුද්දා දන්න ඉටිගෙඩියක් ලොව නැතිය

කරපු දෙයක්නං අප වැනි සිංහලුය

දෙන්ඩ අයියා ඔය හැත්තට නැට ඇතිය”

 

ලෙසටා ලියයි චූ කොලු කෙලියන් ඔකඳ

ගිලලා දමයි ප්‍රවාද බරු තොග ගණන

නොසිතා මෙලෙස ලියනා මහ පඬි රුවන

ඉන්නේ එන්ගලන්තයෙ බව සැප විඳින

 

ලියනා කලට ස්ව-අත් වැඩ කර අකුරු

සිතලා බලනු මූ ඇත්තට ලියන බොරු

එකක් ඇතිද සුද්දට බැන ඉංගිරිසු

ඔක්කොම සිංහලෙන් බොල තොපටම සුදුසු

 

දේසක්ප්‍රේමෙ යොදලා වින කැටුව රහස්

තාමත් අමතකද නුගත්ව  විඳින පිරිස්

සිංහල පමණි ඉංගිරිසිය කලා හබස්

එහෙව් උන්ගෙ දරුවන් ගියෙ බ්‍රිටිස් බ්‍රිටිස්

 

ඔච්චර කැක්කුමට ලිව්වා යැයි සිතමු

කොච්චර කලත් තාමත් සැප එහෙ සිටලු

කවදා උනත් මේ ‍දේසෙට එනු නැතිලු

එහෙව් එකේ ලබ්බටකටද විස පොවනු

 

උන් කවදත් උන්ගේ වැඩේ කර ගත්තා

පාලු මකා ගන්නට ලිව් දේස ප්‍රෙමා

බසට රැවටී නුඹ වැනි අමන දනා

තවත් පනී උඩ කරණම් තැම්බුම් කකා

 

බස ලියලා හසුරවන්ට දස්ස ඇති

ඔය කොලුවා වැඩියෙන් වෙස් බුකියෙ ඇති

පිකැඩලියේ සිට ලංකාවට පෙමැති

වීරයා නුඹයි අංකිත ලොව සීමා වෙති

7 thoughts on “පිකැඩලි දේශප්‍රේමියා | Piccadilly Patriot

  1. Hey, a fabulous account of the hypothetical entity who lives abroad and preaches nationalism.. However, the writing just invites me to explore the possibility that the person is NOT hypothetical, but instead a PARTICULAR flesh and bone entity we encounter everyday.. While i’m tempted with curiosity, i stop short of asking who he is..

    • (that reminded me)

      All characters appearing in this work are fictitious. Any resemblance to real persons, living or dead, is purely coincidental.

  2. අලවත්තාගොඩ පේමදාස මහත්මයාගේ “චේතිය ජාතිය” කියන පොත කියවලා තියෙනවාද?
    මේ පැදි පෙළේම අරුත තියෙන පොතක්! කොළඹ සරසවිය පදනම් කරගෙන ලියැවුණු.

    ඔය දේශප්‍රේමී නායකයන් යැයි කියාගන්නා අයගේ අනුගාමිකයනුත් තම තමන්ගේ පෞද්ගලික පරමාර්ථ ඉ‍ටු කරගන්න තමයි ඒ පස්සෙන් යන්නේ. බහුතරයක් අනුගාමිකයන් සැබැවින් හදවතින් අවංකව ඔවුන් අනුගමනය කරන්නෙ නෑ. දෙගොල්ලොම එකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *