ආගමික අන්තවාදයේ ධනාත්මක පැත්ත | Positives of Religious Extremism


  • ස්වයංඝාතනය – සාමාන්‍යෙයන් දර්ශනයක් හෝ විනය නීති මාලාවක් ආගමක් බවට පත්වන්නේ අන්ධ භක්තිය හා නූගත් කම එකතු කර ගැනීමෙන්. අන්තවාදියා රඳා පවතින්නෙ මේ අන්ධ භක්තියයි නූගත්කමයි මත. අන්තවාදී තර්කයක් බුද්ධිමතුන් ඉස්සරහ ස්වයංඝාතනයක් වෙන්නෙ එහෙමයි.
  • එයටම එකතු වීමේ ගුණය (accumulation) – එක් පැත්තක අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලය අනෙක් පැත්තෙන් එවැනිම අන්තවාදීන් බිහිවීම. භාෂාව වෙනස් වුනත් වචන ජුංඩක් වෙනස් වුනත් මේ දෙගොල්ලොම එකයි (උදා: ආගම පැතිරවීමට දරුවො වැදීම). එයට පසුව මෙතෙක් කල් තිබුන ගැටලු දෙගුණයක් වේගයෙන් පැතිරෙයි.
  • පාඩම් ඉක්මන් කිරීම – දැනටමත් ආගමික අන්තවාදය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කාලයක් මිනීමැරීමේ යෙදිලා තිබෙනවා. වැඩි වෙන තොරතුරු ප්‍රමාණය මතවත් ඉස්සරහට මේ තත්වය අඩු වෙන්න පුලුවන්. තව තවත් ආගමික අන්තවාදය එලිපිට වැනීමෙන් සිදුවන්නේ මෙහි අනර්ථකාරී ස්වාභ ාවය ගැන වැඩියෙන් මිනිස්සු දැනුවත් වීම.
  • ජනගහන පාලනය – ඉතිහාසය පුරාම වැඩිම මිනීමැරීම්, සංහාර ප්‍රමාණයකට වග කියලා තියෙන්නේ ආගම. කුරුස යුද්ධ වල ඉඳන් තෙල් ප්‍රශ්නය වෙනකන්ම. ඉතිං තව දුරටත් ගහ මරා ගන්න සොයුරනි. එකම ගැටළුව තියෙන්නේ මේ ගැටුම් වලට බිලි වෙන්නේ මුලින්ම අන්තවාදී විෂබීජ වපුරපු මානසික ලෙඩ්ඩු නොවීම. ඔවුන් සැප පහසුවට අන්තර්ජාලය ඇසුරු කරද්දි, අන්තර්ජාලය තබා පරිඝණකයක්වත් දැකලා නැති අන්ත දුගීන්ටයි මේ ගැටුම් වලට මැදි වෙන්න වෙලා තියෙන්නෙ.
  • හොඳ සිහිය නැවත මනුෂ්‍යයාට ලැබීම – අන්ධ භක්තීන්, මිත්‍යා විශ්වාස මනුෂ්‍ය සංහතිය බිලිගන්න කලින් එක්තරා ආකාරයක අනාගමික දර්ශනයක් බොහෝමයක් ශිෂ්ඨාචාර අනුගමනය කරන්න ඇති. කොතැනකදී හෝ කියවුනා මෙන් මිත්‍යා විශ්වාස වල මනුෂ්‍යා එල්බ ගන්නේ තියෙන කම්මැලිකමට. නැවතත් තර්ක බුද්ධිය, හේතු සහගත භාවය ලෝකය තුල පැතිරීගෙන යන නිසා මේ මිත්‍යාවන් මත යුද්ධ කිරීම නැවැත්වීම ගැන හිතන්නවත් ආරම්භ කරයි.
  • බ්ලොග් ලිවීමට හොඳ මාතෘකාවක් – මේ මාතෘකාව සහ තවත් මාතෘකා දෙක තුනක් බ්ලොග් වලට හිතකරයි එක ආකාරයකින්. ඉතාමත් තදින් වාද විවාද යන්න පුලුවන් සති, සමහර විට මාස ගානක් කිසිම ප්‍රශ්නයක් නැතුව අදින්න පුලුවන් වලියක්.
  • ස්වයං වින්දනය – ඔය බ්ලොග් පෝස්ට් එකක් ලියල තමන්ගේ ආගම කොච්චර ඉහලද කියන එක මතු කලාට පස්සෙ පොඩි හැඟීමක් හිතට එයි මාත් මගේ රට, ජාතිය, ආගම වෙනුවෙන් ලොකු සේවයක් ඉටු කලා කියල.

ඔන්න මමත් වලියට කොක්කක් දැම්මා!

16 thoughts on “ආගමික අන්තවාදයේ ධනාත්මක පැත්ත | Positives of Religious Extremism

  1. අරූ කියන කතා බැලුවම ඕන කෙනෙක්ට තේරව ඌ ඒවා ලියලා ස්ව‍යං වින්දනයක් තමයි ලබන්නේ කියලා :D

  2. ඕක මෙහෙමයි මචන්..,
    ලියන එකා හිතන්නේ ඌ ඕක ලිව්වම බුවා හෙන පොර කියලා.., ඒකට බැනලා හරි දාන කොමෙන්ට් එක හරි ලොකු එකක් කියලා., ඒත් ඌ පිලිගන්නේ නෑ.., මෙහෙම අන්තවාදීව ලියන එකෙන් සමාජයට කාන්දුවෙන විස මොනතරම්ද කියලා.
    මට මෙහෙම හිතෙනවා මම දන්නේ නෑ මේක මොනතරම් දුරට හරිද කියලා..,
    ඒත් මට හිතෙනවා මේක ලියන්නේ ඒ ලියන එකාගේ ආගමේ නොවෙන එකෙක්ද කියලා..,

    • මටත් එහෙම හිතුනා.. නැත්තන් අන්ත මෝඩයෙක් වෙන්න ඕනෙ. හුඟක් “ආ මෙන්න“ ටයිප් ඒවා තියෙනවා ලියන දේවල් ඇතුලෙ. වැඩේ තියෙන්නෙ අනිත් පැත්ත කුලප්පු කරන්න තරම් ඒ ටික ඇති.

  3. [[අන්ධ භක්තීන්, මිත්‍යා විශ්වාස මනුෂ්‍ය සංහතිය බිලිගන්න කලින් එක්තරා ආකාරයක අනාගමික දර්ශනයක් බොහෝමයක් ශිෂ්ඨාචාර අනුගමනය කරන්න ඇති. කොතැනකදී හෝ කියවුනා මෙන් මිත්‍යා විශ්වාස වල මනුෂ්‍යා එල්බ ගන්නේ තියෙන කම්මැලිකමට. නැවතත් තර්ක බුද්ධිය, හේතු සහගත භාවය ලෝකය තුල පැතිරීගෙන යන නිසා මේ මිත්‍යාවන් මත යුද්ධ කිරීම නැවැත්වීම ගැන හිතන්නවත් ආරම්භ කරයි.]]

    මං හිතන්නේ මුල සිටම ඔය සීන් එක තිබ්බ. කිසියම් දෙයක් ඇදහීම මානව මානසික අවශ්‍යතාවයක් කියා මට හිතෙනවා. අන්ධ භක්තිය හා මොළ සේදීම. ඒ නිසා මේක මුල සිටම තිබ්බ අදත් තියෙනවා. කොටින්ම නිර-ආගමික සමහරුනුත් මොන මොනවා හරි දේවල් ආගම වගේ අදහනවා. මොකුත් මැ නො අදහන්නන් හරි ම ටිකයි ඉන්නේ.

    • ඇත්ත. නිර් ආගමික අය විවිධ නිසා විවිධාකාර විශ්වාසත් බොහෝ අය තුල තියෙනව. මේ ගැනත් විවිධ සංවාද තියෙනව. හැබැයි ගහ මරා ගන්න තත්වයකට ප්‍රායෝගිකව එන්නෙ නැහැ. මොකද ආගමක් විදියට ගැරහීමකට ලක්වීමට තරම් කැපවීමක් ඒ අය කරන්නෙ නැති නිසා. අන්තිමට බේරෙන්න නිරපේක්ෂ දෙයක් ඒ අයට (හුඟක් වෙලාවට) නැහැ. මම මේ කතා කරන්නෙ නිර්-ආගමික හැමෝම වෙනුවෙන් නෙවෙයි.

      ඔප්පු කර ගන්න බැරි වුනත් යම් යම් හේතු නිසා මට හිතෙනව නිර්-ආගමික ව්‍යාපාරයක් පුරාතන ශිෂ්ඨාචාර වල තිබෙන්න ඇති කියල. ග්‍රීක දර්ශනවාදය පරිණාමය වුන හැටි මම දන්නෙ සොෆීගේ ලෝකය පොතෙන් විතරයි. නමුත් ඒ තුල තිබෙන යම් යම් කරුණු වලින් මට හිතෙනවා. ඒ කාලයේ මීට වඩා විචාර බුද්ධියට තැනක් තිබෙන්න ඇති කියල. රාජ්‍ය පාලනයේ පහසුවත් එක්ක ආගම කියන දේ තව තවත් වර්ධනය වෙන්න ඇති. මේ මගේ අදහසක් විතරයි.

  4. බහුදේව වාදය තුල නිදහස් චින්තනයට ඉඩ වැඩියි. ඔබ කියන කතාව ඒ කෝණයෙන් බලන්න පුළුවන්.

    • ඔව්.. පේගන් ආගම් ඇතුලෙ වුනත් ඊට පස්සෙ ආපු ඒබ්‍රහමික ආගම් වලට වඩා නිදහසක් තිබෙන්න ඇති කියල හිතන්න පුලුවන්.

  5. අනික තමයි ග්‍රීසිය චීනය හා ඉන්දියාව ආගමික හා දාර්ශනික අතින් සමකාලින රටවලට වඩා ඉදිරියෙන් සිටීම. මේ රටවල පැවති “දාර්ශනික නිදහස” අදවත් ඇද්දැයි මට විශ්වාස නැහැ. හැබැයි ඒකෙන කිව්වේ ඔවුන් නිර ආගමිකයන් කියා නොවේ.

  6. මේක විතරක් කියෙව්වට මදි බන්… වලිය පටන් ගත්තු තැනට ලින්ක් එකක් දීපන්…එතකොට කතාව නියමෙටම තේරෙයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *