සයිබර් බුවාලා හෙවත් සැබෑ ලෝකයේ ගොබිලන්

අන්තර්ජාලය මිනිසා ගින්දර පාලනය කර ගැනීමට සොයා ගත්තාට පසුව සොයා ගත් වැදගත්ම නිර්මාණයයි. අන් කිසිම කාලෙක නොවූ නිදහස් පසුබිමක් අන්තර්ජාලය තුලින් බිහි වුනු අතර අන් කිසිම කලෙක නොහැකි වූ ආකාරයකටම ලොව අස්සක් මුල්ලක් නෑර විහිදා යෑමට එයට හැකි විය.

මුලදී login යන අකුරු කිහිපයවත් හුවමාරු කර ගැනීමට නොහැකිව තිබූ මෙම ඉතා ඉක්මනින් කැඩෙන සුලු සම්බන්ධතාවයට මේ වන විට PC යන සංකල්පය ගෙදර යැවීමට පවා හැකි වී ඇත. මිනිසුන් තව දුරටත් RAM වලට අවධානය යොමු නොකරන අතර හැකි උපරිම bandwidth එක ලබා ගැනීමට උත්සහ දරයි. මේ ආකාරයට දීර්ඝ කාලීනව හා කෙටි කාලීනව සංසන්දනය කල හැකි විප්ලවීය වෙනස්කම් රාශියක් අන්තර්ජාලය විදහා දක්වා ඇත.

සැබෑ ලෝකයේ අනන්‍යතාවයක් තිබූ කාලය පසු වෙමින් දැන් සයිබර් ලෝකයේ අනන්‍යතාවය වැදගත් වෙමින් පවතී. එක්තරා දේශකයෙකු පැවසූ ආකාරයට ඔබට ඔබේම නමින් domain එකක් නැත්නම් ඔබ යනුවෙන් කවුරුත් නැත. ඒ අනුව සයිබර් ලෝකයේ අනන්‍යතාවය වැදගත් වීමට පටන ගෙන ඇත්තේද මෙම අසිරිමත් අන්තර්ජාලය නිසා වේ. නමුත් අප අමතක නොකල යුතු වැදගත් කරුණක් ඇත. සම්බන්ධතාවය බිඳ දමා පරිගණකය නිමා දැමූ පසු ඔබ නැවත භාවිතා කල යුත්තේ සැබෑ ලෝකයේ අනන්‍යතාවය හා පෞරුෂත්වය බවයි.

නමුත් පුදුමයකට මෙන් මෙම වැදගත් කරුණ අමතක වන පුද්ගලයන්ද සිටින බව අප නිරීක්ෂණය කලේ මෑතකදීය. ළඟක් වන තුරුම තම පොර අනන්‍යතාවයෙන් බුල්ඩෝග් පාට් දමමින් සිටි යමෙක් ටිකෙන් ටික සෑබෑ ලෝකයේද බුල්ඩෝග් වීමට උත්සහ දරමින් සිටී. පළමුවෙන්ම ඔහු අපට බුල්ඩෝග් පෙන්වූයේ අප සම්බන්ධ වී තිබූ community forum එකකදීය. එහිදී සදාචාරාත්මක තොත්ත බබා වීමට පැමිණි ඔහුට නැට්ට හකුලාගෙන යාමට සිදු වූයේ කරුණු දෙකක් හේතු කොට ගෙනය. පළමුවැන්න ඔහුගේ සදාචාරයේ තරම නොදන්නා අයෙකු එම community forum එකේ නැති වීමයි. දෙවැන්න පුහු සදාචාරය පෙන්වීමට තෝරා ගත් පුද්ගලයා පොදුවේ පුහු සදාචාරය විශවාස නොකරන්නෙකු වීමයි. මෙම ලිපිය ලියන වේලාව වන තෙක්ම අප දුටු තැන බිම බලා ගෙන යාමට ඔහුට සිදුව ඇත්තේ සදාචාරය මූණටම පුපුරා යාම නිසා විය හැක. ඉන්පසුව ඔහු තවත් වීර ක්‍රියා කිහිපයකම යෙදී ඇති බව පසුව දැන ගැනීමට ලැබුනු අතර අදාල වීරක්‍රියා වලදී සුදුසු ප්‍රතික්‍රියාද නැවත මූණට පුපුරා ගොස් ඇති බව ඒ සමගම ආරංචි විය.

ලිපියේ ප්‍රධාන චරිතය තවත් ලක්ෂණයකට ඉතා ප්‍රසිද්ධය. ඒ අනුන්ගේ ජාතකය සෙවීමටයි. තද ඇනොනිමස් විරෝධියෙකු වන ඔහු ගෙන් හැකි සැම තැනකම ඇනොනිමස් ප්‍රතිචාර දමන්නේ ඇයි ද යන පැනය ඇසු විට ඇටි කෙසෙල් කෑ උගුඩුවෙකු මෙන් නිෂ්ශබ්දතාවය රකී. යන යන තැන් වල ප්‍රසිද්ධියේ සැමට අනන්‍යතාවයකින් එළි පෙහෙළි වන ලෙසට අවවාද කරන ඔහු සදාචාරසම්පන්න වාදියෙකු වේ.  එනමුත් ඔහු ඇනොනිමස් (නැතිනම් නිර්නාමික) ප්‍රතිචාර දක්වා ඇති බ්ලොග් සටහන් ප්‍රමාණය ඔහුම Follow කරන අනන්ත අප්‍රමාණ වූ බ්ලොග් අඩවි ප්‍රමාණයට සංඛ්‍යාත්මකව සමාන හෝ විශාල වේ. මෙලෙස තමාගේම ප්‍රතිපත්ති තමන්ම බිඳ දමන සෙවල ගණයට අයත් ඔහු වරෙක අපගේ උදහසට පාත්‍ර වූයේ FOSS Rocks කියමින් Windows භාවිතා කිරීම පිළිබඳවය. වරෙක මොහු පිළිබඳ පියවරක් ගැනීම නොවැදගත් යැයි තීරණය කලේ කඳු බල්ලන් වෙත ආපසු බුරා පනින සිරිතක් නොමැති නිසා යන කරුණම පමණක් පදනම් කර ගෙනයි.

දැන් නැවතත් මෙම බුල්ඩෝග් මානසිකත්වය පිටට පැනීමට පටන් ගෙන ඇත. කුඩා කල ෂර්ලොක් හෝම්ස් කියවා පැමිණි මොරාල් එකට නේවාසිකාගාරයේ බිඳුණු හා නොබිඳුණු ජනෙල් සංඛ්‍යාව මතක තබා ගැනීමට වෙර දැරූ අපගේ මිත්‍රයෙක් සිහිපත් කරමින් මොහුද දැන් නිර්නාමිකයන්ගේ හා අන්වර්ථ නම් වලින් ලියන්නන්ගේ නියම අනන්‍යතාවය හෙළි පෙහෙළි කිරීමට පියවර තබා ඇත. මේ මහඟු කර්තව්‍යට ඔහුගේ දෑත ශක්තිමත් කරන්නේ එක වසරේ ඔහුටම නොදෙවෙනි කුඩා ළමුන් පිරිසකි. එයට දෙක වසරේ අප වැන්නන් එකතු නොවූයේ ඇයි?

idiot

සැබෑ ලෝකයේදි සමාජ හැකියාවන් බින්දුව තෙක් බැස ඇත්තන් පොදු වේ ගොබිලන් ලෙස හැඳින්විය හැක. ගැහැණු ළමයින් ගැහුණු මැෂින් ලෙස පෙනීමට තරම් ළමා ලපටිකම මෙයට තවත් සුදුසු කමකි. රෑට හීනෙන් පෙනෙනා ලිංගික ෆැන්ටසි පසුවදා දේශන අතරතුර අසන්නන්ගේ රස වින්ඳනය සඳහා ප්‍රචාරය කිරීම නම් ආතල් කරුණක් වන නමුදු නැවතත් ගොබිල පිලටම එකතු වීම එය ඉවහල් වේ. ගාල්ලේ යන මිනිසුන්ට අම්බලන්ගොඩදි කෝච්චියෙන් බස්සවා ගුටි සංග්‍රහා දීමට තර්ජනය කිරීම නම් ගොබිලම ගොබිල පුරුද්දකි. “හෙට විභාගෙන් පස්සේ දෙන්නම් තොට!” යැයි කියා විභාගයෙන් පසුව උඩ බිම සොයා ගත නොහැකි අයුරින් වෙනතක් බලා ගෙන යෑම සාමාන්‍ය ලෙස ගොබිලය. සිදු කල හැකි ගොබිලම වැඩේ කල පසුත් “විහිළුවක් නෙ කලේ බං” යැයි ප්‍රකාශ කිරීම කල වැඩේටත් වඩා ගොබිලය. වැල යැයි කියූ පමණින් “වැල” මතක් වීම කෙතරම් ගොබිල දැයි පාඨකයාට සීතීමට අප ඉතිරි කරමු.

ඉදින් දෙක වසරේ අප මොහුගේ මහඟු කර්තව්‍යට එකතු නොවීමට හේතු ලෙසට මෙවැන්නන් සැබෑ ලෝකයේ ගොබිලන් වීම යන්න හැර වෙනත් පැහැදිලි කිරීමක් ඉදිරිපත් නොකරමු. ගොබිලන් සමඟ හාදකම් පැවැත්වීම ගොබිලන් බවට තමනුත් පත්වීමට හේතු වන බව එක වසරේ බට්ටන්ට අප මතක් කර දීමට කැමතිය.

5 thoughts on “සයිබර් බුවාලා හෙවත් සැබෑ ලෝකයේ ගොබිලන්

  1. කියන්නෙ කවුරු ගැනද කියන එක නම් පැහැදිලියි. මෙතන තියෙන හුට පටේ නම් අපැහැදිලියි.

  2. කථාව හරි… අන්වර්ථ නමින් පෙනී සිටීම අපිට ඇති අයිතියත් ඒ ගමන මේ වාවාල ගසගරත්න අතිපණ්ඩිතයා අන්වර්ථයත් නැති කරන්න වගේ හදන්නේ. චමිල කියපු ශාන්ගේ කතාවට මමත් එකඟයි.මේ යකා ශාන්ව මර්ධනය කරන්න සෑහෙන චරිතයක් රඟපෑවා මතකයි.මම ඒ කාලේ බ්ලොග් ලියන්න්වත් පටන් අරන් තිබුනෙ නෑ. ඇත්තටම මේවගේ රටහාල්පාරුවන්ට තවදුරටත් මේ කෙරුවාව කරන්න දෙනවද කියන එක හිතන්න ඕනි දෙයක්. සයිබර් මැරයනුත් දැන් බිහිවෙන්න අරන් වගේ වැඩේ තියෙන්නෙ උන් කරන්නේ ජීවිත තර්ජන නෙමෙයි අපෙ User Account Hack කරනවා වගේ ‍ගොන් පාට් දාන එක. එක අතකට ඒකත් ඇත්ත තමා. මුන් සමාන්‍ය ජීවිතයේ නිකන් පුස් වාචාලයෝනෙ. මේ වගේ e-චණ්ඩින්ට මේක හොඳ පාඩමක් වෙයි.

    සැයු:
    අදාලතාවය මත උන්මත්තකගේ සටහනට යෙදූ සටහන මෙතනටත් යොදන ලදී.

    • හොඳම විහිළුව කියන්නේ සැබෑ ලෝකයේ මුණ ගැහුනොත් සුනඛයෝ වගේ අහක බලා ගෙන යන එක. සයිබර් ලෝකේ දාපු එක පාට් එකක්වත් ක්‍රියා කරවන්නේ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *