අලුත්ම පිස්සුව

"ඔයාගේ නැටුම හොඳයි. ඔයාට දීප්තිමත් අනාගතයක් තියෙනවා. සුබ පැතුම්. මෙන්න ලකුණු 8ක්ම."

අංගොඩ මානසික රෝහල අසලින් පියමං කරන මගියෙකි. රෝහල් කරත්තයක් තල්ලු කරගෙන ඔහු පසු කරගෙන යන සාත්තු සේවකයෙකු සමඟ කතාවට වැටෙන්නේ කරත්තයේ පුරවා ඇති බඩු මල්ලේ ඇත්තේ කුමක්දැයි දැන ගැනීමේ කුතුහලය සංසිඳවා ගැනීමටය.

“කොහෙද ඔය යන්නෙ? මොනවද කරත්තෙ?”

නුරුස්නා බැල්මක් මගියා දෙසට හෙල සාත්තු සේවකයා තම රාජකාරියේ බරපතලකම පෙන්වීමට මෙය අවස්ථාවක් කර ගනිමින් තත්වය පැහැදිලි කරයි.

“මේ ඇවිල්ලා බෙහෙත්. පිස්සොන්ට දෙන බෙහෙත්. මම යන්නේ කුණුගොඩට මේවා විසි කරන්න.”

“සහගහන අපරාධයක්නෙ. ඇයි මේ බෙහෙත් විසි කරන්නේ? රජයේ දේපල නේද?”

“මේ උන්නැහේ. දන්නැති මගුල් කියවන්න එපා. මේවා දීලා දැන් අලුත්ම පිස්සුව හොඳ කරන්න බැහැ”

විපිලිසර වන මගියා තව දුරටත් ප්‍රශ්න කරයි.

“ඒ මොකද මහත්තයා? එහෙනං මොකටද ඔය බෙහෙත් ගෙන්නුවේ?”

“මේකයි. ඉස්සර මේකෙ හිටිය දේශපාලන පිස්සොන්ට දුන්නේ මේ බෙහෙත්. සතියකට සැරයක් වගේ මුන් පාර්ලිමේන්තුව රැස් වෙනවා කියලා සෙට් වෙනවා. පාර්ලිමේන්තුව රැස් වෙන දවසට මුන්ව පාලනය කරන්න අමාරුයි. කෑ ගහනවා. ගහ ගන්නවා. මේ බෙහෙත දුන්නාම ෂෝක් එකට ඉන්නවා”

“ඉතිං දැන් පාර්ලිමේන්තුව රැස් වෙන්නේ නැද්ද?”

“නෑ ඕයි. දැන් දේශපාලන පිස්සුව වෙන පිස්සුවකට හැරිලා.

දැන් උන් රියැලටි ෂෝ වල විනිශ්චය මණ්ඩල පිස්සුවක් ගහලා. හැමෝම හෝ ගාලා ලකුණු දෙනවා. දෙතුන් දෙනෙක් සින්දුත් කියනවා.

උන්ට මේ බෙහෙත් හරියන්නෑ ඕයි! “

22 thoughts on “අලුත්ම පිස්සුව

  1. හැක් හැක්….! මේ ළඟදි ලියපු සීයෙ කතාවකට ඔය දාල තියෙන පින්තූරෙට අදාල චිත්තරපටිය සම්බන්ධකරගත්තා… ඒකයි මට මුලින්ම මේක දකිද්දි මතක් වුණේ… දැන් පෝස්ට් එකට අදාලව ගත්තොත් ඉතිං පිස්සන්ටත් පිස්සු ඩබල් වෙනව ඇති මෙච්චර රියැලිටි ෂෝ දැක්කම… හැබැයි තව මාසෙකින් දෙකකින් ආයෙත් උන්ට ඡන්ද පිස්සුව ගැහුවම අර බෙහෙත් ආයෙ විසි කරන්න වෙයි නේද? :D

    • One Flew Over The Cuckoo’s Nest මම ආසම ෆිල්ම් එකක්. මේක ලියන වෙලාවේ ඔලුවේ තිබ්බේ ජැක් නිකල්සන් අනිත් එවුන් එක්ක දාන පාටිය.

      ‍බෙහෙත්නං විසි කරන්න වෙයි. ඒත් ඉතිං එහෙමනේ රටේ වැඩ. අනාගතේ මොනව වුනත් මේ දැන් පොඩි ප්ලාස්ටරයක් ගහන එකනෙ සිරිත. ඒක නිසා අවුලක් නෑ.

        • මම හිතන හැටියට පිටරට ඒවා කොපි කලාට කොපි කරන වැඩේ මුලින්ම කරන්නෙත් අවස්ථා දෙක තුනක ඇර හොඳටම කරන්නෙත් සිරස තමයි. ප්‍රවෘත්ති ගැන බැලුවත් මට හිතෙන්නෙ සිරස හොඳයි. අනිත් ඒවා සිරසෙන් කොපි කරල, කොපි කරන එකත් අන්ත හිරිකිත විදියට කරල කාබාසිනිය කරල දාන එකයි කරන්නෙ.

  2. පිටස්තරයා ඔය ෆිල්ම් එක ගැන කියලා තියනවා දැකලා මමත් බාගෙන බැලුවා… බලන්නම වටින එකක් තමා ඒක…

  3. දේසපාලු ලොවේ මෙන්න ජනප්‍රියම සෙල්ලම
    සිනා සිසී ලකුණු දැමිල්ල…………..:D

    හේ හේ හේ මරේ මරු…………. :D

  4. දැන් තියෙන රියලිටි ශෝ තොගේ බැලුවම රටේ හැමොඉටම මොකකින් හරි දිනන්න පුලුවන් තත්වයක් තියෙන්නේ.. විනිශ්ච මන්ඩල ගැන නම් කුමන කතාද.. රටේ ප්‍රශ්න ඔක්කොම පැත්තක තියල තුමාල යනව නොවැ නංගිලාගේ කුක්කු ගැන විනිශ්ච දෙන්න.

  5. මළා…. අං‍ගොඩත් ඉන්නවද ඔය ජාතියෙ අය?
    මං හිතුවේ අපේ ගෙවල් වල විතරයි කියලා…..

  6. කතාව නම් සහතික ඇත්ත බං. මම මුන්ගෙ විකාර නිසා මාස ගානකින් ටීවී එක ඔන් කරේ නෑ

    • ටීවි බැලිල්ල සම්පූර්ණයෙන් නතර කරල තියෙන්නෙ. ඉඳල හිටල සාලෙ හරහ යද්දි දකින ඒවා තමයි ඔය.. හැමදාම බැලුවනං ඔලුව රීකන්ඩිෂන් කරන්න වෙනව.

  7. රටේ හැටියටලුනෙ පාලකයො.ඒ වගේ තමයි බ්ලොග් එකේ හැටියටලු users ලා. ඕනිම දෙයක් දිහා ඇහෙන් බැලුවොත් පේන්නේ එක විදියකට.ඇහැත් එක්ක ඔලු ගෙඩියත් ටිකක් පාවිච්ච් කරොත් අනුන්ගෙ ඇස් වල තියන පොල් කෙඳි පේන්න ඉස්සල්ල තමන්ගෙ ඇස් වල තියන පොල් පරාල ටික දකිනව.කක්කුටු ගමන නවත්වන්න හොඳම කාලය තමයි මේ.මිනිස්සු පස්සට යන්නේ නෑ.නැවතිල අනිත් අය ඉස්සරහට යනව බලන් ඉන්නවා.

    • පැහැදිලි නෑ මචං කියන්න හදන දේ.. පොඩි දෙයක් පැහැදිලි වුනත් මෙතනට අදාල වෙන්නෙ කොහොමද කියල.

Return Fire!