දෑඅවුරුදු සැමරුම

සැප්තැම්බර් 9 වෙනිදා එලඹෙන කොට දිනේ කවදද කියලවත් මතක නැති වෙන තරමට වැඩ ගොඩ ගැහිල තිබුනත් මම බ්ලොග් ලියන්න පටන් අරගෙන අවුරුදු දෙකක් එදාට සපිරෙනවා කියන එක නම් කොහොමටවත් අමතක වුනේ නැහැ. ඒක නිසා අවුරුදු දෙකක් තිස්සේ දික් ගැහිලා ගිය බ්ලොග් ලිවිල්ල ගැන පොඩි සටහනක් තියන එක අත්‍යවශ්‍යයි කියල හිතුනා.

පලවෙනි අවුරුදු සැමරුමේදි ලියපු සටහනින් පස්සේ අලුතින් එකතු කරන්න තියෙන්නේ බොහෝම ටිකයි. හැබැයි එකම එක දෙයක් අනිත් දේවලින් ඉස්මතු කරන්න අවශ්‍යයි . බ්ලොග් ලිවිල්ල නිසා අලුතින් එකතු වුනු සහ වැඩි දියුණු වුනු අත්දැකීම් නම් අපමණයි. ලිවීම මෙච්චර මිනිහෙක්ට උදව් වෙයි කියල හිතන්නවත් බැරි තරමටම.

සිංහල බ්ලොග් අවකාශය ඇතුලෙ අවුරුදු දෙක කියන්නෙ ටිකක් තරුණ අවධිය. මම දන්න විදියට අවුරුදු හතරක් විතර බ්ලොග් කලාවෙ යෙදුන අයත් ඉන්නවා. මම බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලයෙදි හිටිය බොහොමයක් තාමත් අතරින් පතර හරි බ්ලොග් ලිය ලිය ඉන්නවා. පටන් ගත්ත කාලෙදි මාසෙකට ලිපි පහක් හයක් දැම්මත් දැන් දැන් මාස දෙකකට සැරයක් එකක් දාන්නෙත් අමාරුවෙන්. එක එක වැඩ වැටෙද්දි, එක එක වැඩ වලට වැඩි ප්‍රමුඛතාවයන් දෙන්න වෙනකොට බ්ලොග් ලිවිල්ල ටික ටික අඩු වුනා. ඒත් තාමත් ලිවිල්ලට තියෙන ආසාව එහෙමමයි. වෙලාව ලැබුන හැටියෙ ලියන්න මාතෘකා කිහිපයක් හිතේ තියෙනවා.

කොහොම වුනත් සැරින් සැරේ හරි දාපු බ්ලොග් සටහන් වලට තම තමන්ගේ ප්‍රතිචාර එකතු කරපු අයට මගේ ස්තුතිය පිරිනමනවා. ඉදිරියට ලියන්න ඉන්න සටහන් වලටත් ඒ වගේම ප්‍රතිචාර දක්වයි කියල මම බලාපොරොත්තු වෙනවා.

මමත් එක්කම බ්ලොග් ලියන්න පටන් ගත්ත මරණය සහෝදරයත් අද දෑඅවුරුදු පූර්ණය සමරනවා. උඹටත් චියර්ස් මචං!!!! තව අවුරුදු තොගයක් බ්ලොග් ලියන්න හැකිවේවා!! ඒක මගෙන් ‘ම’ටත් මටත් සුබ පැතුමක්!

35 thoughts on “දෑඅවුරුදු සැමරුම

  1. සුබපැතුම් මිත්‍රයා. අර කිව්වත් වගේ තව අවුරුදු තොගයක් බ්ලොග් ලියන්න හැකිවේවා..

  2. නියමයි චමිල අයියා…බ්ලොග් ලියල නිකන් හිටියේ නෑනේ අපිටත් තෙල ගැනුවනේ නේද? තාමත් කරනවනේ ඒක නේද?
    නියමයි කී බෝඩ් එක ඔබන්න ඇඟිලි පණ තියනකම් බ්ලොග් ලියන්න ලැබේවා…

  3. චියස්ස්ස්ස්ස්!!!!! කිව්වා
    එකම දවසේ බ්ලොග් පටන් අරන් දැන් හැබෑ ලෝකෙදිත් එකට සෙට් වෙන්න ලැබිලා තියෙනවා ඒකනම් නියම ආතල් සීන් එකක් බන්
    බ්ලොග් ලියවිල්ලක් නිසා අඳුන ගත්ත යාළුවො ටික ගොඩක් වටිනවා. :-D

  4. සුභ පැතුම්..!
    තව කාලයක් බ්ලොග් ලියන්න ශක්තිය දහිරිය ලැබේවා කියලා පතනවා දෙදෙනාටම.

  5. ඔබේ මේ දිගු ගමනට මගේ සුබ පැතුම් කීයු පරදි තව අවුරුදු තොගයක් බ්ලොග් ලියන්න හැකිවේවා !!!!!

    ‍[ බ්ලොග් කරනයට පිවිස අවුරුද්දක්වත් තාම නැති වැප් ………… ]

  6. මගේ සුභ පැතුම්. මා බ්ලොග් අවකාශයට එක් වූ සමයේ ඔබ හා කළ සංවාදයන්ගෙන් ඉගෙනගත් දේ බොහොමයි. එක්තරා අන්දමකට එය වෙහෙසකර මොහොතක ඉවත් නොවී තවදුරටත් බ්ලොග් අවකාශයේ රැඳී සිටින්නත් උපකාරී වුණා. Taboo Subjects තවමත් බ්ලොග් අවකාශයේ රැඳී සිටීම ගැන ගෞරවය ලැබිය යුතු කිහිප දෙනාගෙන් කෙනකු ඔබ.

    උත්සාහය නො අතහැර දිගටම ලියන්න. කඩින් කඩ වුවද කමක් නැහැ.

    • ස්තුතියි ටැබූ. මම බ්ලොග්කරණය ගැන හුඟක් දේවල් ඉගෙන ගත්ත තැනක් ටැබූ සබ්ජෙක්ට්ස් අඩවිය. ඒ නිසාම තවමත් අමාරුවෙන් හරි නොවරද්දාම බලන බ්ලොග් අඩවියක් ඔබේ අඩවිය.

  7. ජය වේවා… දිගටම ලියන්න… ලියනවා අඩු වුනාට නවත්තන්න එපා… හැමතිස්සෙම ප්‍රථිචාරයක් දෙන්න බැරි වුනත් එකක් නෑර කියවන්න අපි ඉන්නවා.
    උඹටයි ‘ම’ටයි දෙන්නාගේ ම බ්ලොග් වලට ආයුබෝ වේවා…

  8. මගේ හදපිරි සුභ පැතුම් අයියා!
    එදා අපි නවකයො විදියට කැම්පස් එකේ ඉන්නකොට ඔබ කී දෑ තාම මතකයි. ඒ වගේම පහුගිය මාර්තු 1 වෙනිදා මගේ බ්ලොග් එකේ පළමු visitor විදියට කී දෑත් මතකයි.
    දිගටම අර්ථවත් යමක් සමාජයට දෙන්න හැකි වේවා!

Return Fire!