නිරපේක්ෂ සත්‍යය – සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා

 

“මහා රාවණයාණෙනි කාලය යනු කුමක් වේද?”

“ශුන්‍යත්වය වන්නේය භාග්‍යවතුනි”

“ශුන්‍යත්වය යනු කුමක් වේද මහා රාවණයාණෙනි?”

“එද තවත් එක් දෘෂ්ටියක්ම නොවන්නේද මහා රාවණයාණෙනි?”

“එද තවද වූ දෘෂ්ටියයක්ම වන්නේය භාග්‍යවතුනි”

“මේ මොහොතෙහි තොපගේ සිතෙහි එම දෘෂ්ටිය වන්නේද මහා රාවණයාණෙනි?”

“එම දෘෂ්ටිය ගත් මෙම මොහොත ග්‍රහණයට ගත්තා හාම මොහොත අතීතය කරා දියවී ගියේය භාග්‍යවතුනි”

“නැවත වර්තමාන ක්ෂණය ග්‍රහණයට ගත මැනවි මහා රාවණයාණෙනි!”

“ඒ හා සමඟ නැවත ද එම වර්තමාන ක්ෂණය අතීතයම විය භාග්‍යවතුනි”

“එළඹෙන්නා වූ අනාගත මො‍හොතක් ග්‍රහණයට ගත මැනව මහා රාවණයාණෙනි”

“අනාගතය ග්‍රහණය කොට ගත්තා වූ වර්තමාන මොහොතද ක්ෂණයකින් අතීතයටම පත් වූයේය භාග්‍යවතුනි!”

“කාලාත්‍රයෙහි මෙම විසංවාදයෙන් බැහැර වූ ද කාලය අරභයා වන්නා වූ කාලයෙන් සීමා වන්නා වූ නොවන්නා වූ දෘෂ්ටීන්ගෙන් පරිබාහිර වූ සත්‍යයක් වේ ද මහා රාවණයාණෙනි?”

“එබඳු සත්‍යයක් වේ ම ය භාග්‍යවතුනි”

“එය කුමන සත්‍යයක් ද මහා රාවණයාණෙනි?”

“මහා ප්‍රඥාවම වේය භාග්‍යවතුනි!”

“සාදු! සාදු! සාදු!”


90, සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා, සයිමන් නවගත්තේගම

Comments are closed.