ඇ/අටේ ප්‍රවෘත්ති | (BS) News Telecast

අටේ ප්‍රවෘත්ති වලට ගැලපෙන ලාංඡනයක්

අටේ ප්‍රවෘත්ති වලට ගැලපෙන ලාංඡනයක්

“ෂහ් අද ඔයාගෙ ලස්සන”

“ඉතිං වෙනදටත් මෙහෙම තමයි නෙ. අද ඔය බටර් ගාන්නෙ”

“නැහැ නැහැ. අද ඇත්තටම ලස්සනයි. කාගෙද ඔය ඇඳුම?”

“අනේ යන්න. ඔයා අරන් දුන්න හඩු ඇඳුම් තමයි. මේ වගේ තැනකට ආවාම විතරයි නේද ලස්සන පේන්නේ?”

“ඇයි ඉතිං නරකද?  ගෙදර ගිහින් ලස්සන බලන්නයැ”

“ඔව් ඉතිං තාත්තගෙම පුතාලා තාත්තටම වදයක් වෙලා ද?”

“හ්ම් හ්ම්.. ඉතිං ටිකක් ලඟට එන්නකො. කෑම පැය ඉවර වෙන්න කලින් යන්නත් ඕනෙ”

“පොඩ්ඩක් ඉන්න!!!! අතන ජනේලෙ ඇරලා දැම්මෙ කොයි වෙලාවෙද? අන්න කවුද අතන ඉඳන් දුවනවා”

“මිනිහගේ අතේ කැමරාවක් නේද?”

[එදින අටේ ප්‍රවෘත්ති ප්‍රකාශයක් අතරතුර]

“අද අපි පෙන්නන්න යන්නේ ප්‍රේක්ෂකයෙක් විසින් අපිට එවපු පටිගත කිරීමක්. රටේ සිද්ධවෙන අපරාධ දැක්ක තැන පටිගත කරලා එවන්න දැන් අපේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවත් උදව් වෙනවා. බුදුන් තෙවරක් වැඩි දේශයේ දැන් දැන් සංස්කෘතිය පිරිහිලා යන වේගය හිතා ගන්නත් බැරි තරම් [නිවේජිකාව හැඟුම් බර වී දේශප්‍රේමාන්විත කඳුලක් නෙතඟට නංවා ගනී]”

[කාමරයක් තුල කතා බහකරන යුවලක් දර්ශනයට නැංවේ. ඔවුන් එකිනෙකා තුරුල් කර ගැනීමට සූදානම් වෙත්ම “රජයේ රෙගුලාසි කොටු” වලින් තිරය වැසී එලෙස තත්පර විස්සක් පමණ පවතී]

[පසුබිම් කථනයෙන් මෙලෙස ඇසේ] “පොඩි ලමයිනුත් ඉන්න රටේ දෙන්නෙක් කාමරයක් අස්සෙ වුනත් මෙහෙම ඉන්න එක හරිද අපි අහන්නේ?”

*දැන් දවස් ගණනක් තිස්සේම දිගින් දිගටම මෙවැනි දේ දැකීමට සිදු වුණි. මේ තව මාස කිහිපයකින් ඇති වේ යැයි සිතිය හැකි සිදුවීමකි. වැඩි විස්තර සඳහා මීට පෙර සටහන බලන්න.

*මේ උඩ තියෙන කතාවට අනුප‍්‍රාණය ලැබුනේ බූන්දියෙ පලවුණු මේ කතාවෙන්.

11 thoughts on “ඇ/අටේ ප්‍රවෘත්ති | (BS) News Telecast

  1. [පසුබිම් කථනයෙන් මෙලෙස ඇසේ] “පොඩි ලමයිනුත් ඉන්න රටේ දෙන්නෙක් කාමරයක් අස්සෙ වුනත් මෙහෙම ඉන්න එක හරිද අපි අහන්නේ?”

    එතකොට මේක රූගත් කල එකා ඌ හිට්යේ කොහෙද..? එහෙම ඉන්න එක හොඳද..?
    ඔය අටේ වාට්ටුව ගැන කියන්න දෙයක් නැහැ බං..! සුනාමිය ගැන කියලා රට්ටුන්ට දුක විකුණපු එවුන් ගැන තව කවර කතා ද?

    • මේකෙන් වෙන හානියක් වෙන්නේ උන්ට විතරයි නම් අවුලක් නැහැ. ඒත් මේ ප්‍රේක්ෂකයො ලව්වා හරි වැරදි අර්ථ දක්වන්න ගිහින් අන්තිමට මොන මොන ප්‍රශ්න ඇති වෙයි ද කියල කියන්න බැහැ. ආධුනික වාර්තාකරුවො ඉන්න එක වෙනම දෙයක්. මේ තවත් දෙයක්.

      අනිත් එක මේ වීඩියෝ කරන කිසිම දෙයක් ලොකු ලොක්කො කරන දේවල් නොවෙන එක. කෝප් වාර්තා අරවා මේවා වලින් සනාථ වුන විදියට අපේ රටේ රාජ්‍ය යන්ත්‍රණය අන්තෙටම දූෂණයට ලක්වෙලා තියෙද්දි සයිමන් අප්පුහාමි වැරදියට ** එක තමයි ප්‍රවෘත්ති වලින් පෙන්නන ප්‍රධාන වැරැද්ද.

      අනේ මන්ද මේවා ඉතිං

  2. Pingback: Tweets that mention ඇ/අටේ ප්‍රවෘත්ති | (BS) News Telecast – Out In The Open -- Topsy.com

  3. ආදරවන්තයන්ට බීච් එක තහනම් කරාම කෑගහපු චැනල් එකක්නෙ මේක. මේ විදියට ගියාම ආදරවන්තයන්ට ලංකාවම නැති වෙන සීන් එකක් වෙන්නෙ :|

  4. පික්සු කාලකන්ණි චැනල් එකක්…… හැම මගුලම විකුණන් කන්නමයි හදනේ…… ඔව්ව කියන එවුන්ගෙ එව්වා වීඩියෝ කරල දැම්මොත් දුවන්න තැනුත් මදිවෙයි හික්xxxxxx හනේ අපි මෙව්වා කාට කියන්නද ? නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙලුනේ………….. කියන්න තියෙන්නෙ හනේ හෆොයි සිරි ලංකා කියල තමා :)

  5. Pingback: මහ වැස්සට පසු වදනක්… « සුදාරකගේ අන්තර්ජාල සටහන

Return Fire!