ලංකාවේ අන්තර්ජාල ෆෝබියාව නිල වශයෙන් ලියාපදිංචි වේ | Sri Lanka’s Internet Phobia Officially Registered

ලංකාව පුරාම සාමාන්‍යයෙන් අත්දකින්න පුලුවන් පොදු මානසික තත්වයක් නම් කරන්න කියලා කිව්වොත් අනිවාර්යයෙන් කියන්න පුලුවන් දෙයක් තමයි ෆෝබියාව. අපේ මිනිස්සු බය නැති දෙයක් නැති තරම්. ඒ කාලේ ඉඳන් මහසෝනට, ගරා යකාට බයයි. පස්සේ අනිත් ලාංකික කොට්ඨාශ වලට, විශේෂයෙන්ම දෙමළට බයයි. මෑත කාලේ වෙනකොට ඔය බය අප්‍රාණික දේවලටත් ආදේශ කලා. රේඩියෝවට, රූපවාහිනියට වගේ මිනිස්සු බය වෙලා හිටිය කාලයක් තිබුනා. එක අතකින් මේ බය සාධාරණයි කියන්න පුලුවන්. රේඩියෝ, රූපවාහිනී වලින් සිදුවිය යුතු දේ වෙනුවට ඒවා ධනවාදයේ ප්‍රධාන ආයුධ කර ගත්තාම මිනිස්සු බය වෙන එක පුදුමයක් නෙවෙයි.

අපිට වඩාත්ම මේ දවස් වල දැනෙන බය තමයි අන්තර්ජාල ෆෝබියාව. මේක පටන් ගන්නේ ඉතාමත් අහිංසක විදියට. මට දැනෙන විදියට මුලින්ම අන්තර්ජාල බය එළියට පනින්නේ අසැබි අඩවි තහනම් කිරීමෙන්. තමන්ගේ ළමයි ක්‍රම ක්‍රමයෙන් වෙනස් වී ගෙන යනවා කියලා දැකපු, ඒ ගැන කිසිවක් කර ගන්න අසමත් දෙමව්පියො මේක අනුමත කලා. නමුත් මේ තහනම රජයේ තවත් එක නාට්‍යයක් කියන එක දන්න අය දන්නවා. මොකද තාමත් ළමයි අසැබි අඩවි වලට යනවා. එහෙම බැලුවොත් ගහපු පදයකුත් නැහැ. නැති වුණ පලුව මොකද්ද?

නැතිවුනේ අපේ නිදහස. “ආ ඔන්න ඕක තහනම් කරන්න” කියලා අපි අවසරය දුන්න තැන ඉඳන් අපි අපිටම දම්වැල් බැඳගත්තා. සමාජයට වැඩක් නෑ කියන ගොඩට දාන ඕනෙම දෙයක් තහනම් කරන්න කියලා අපි අනුමත කලා. නමුත් අපිට කවදාවත් හිතුනේ නැහැ නේද කොහොමද ඒ ගොඩ අර්ථ දක්වන්නේ කියලා නේද?

තොත්ත බබා‍ලා නොවෙන ඕනෙම කෙනෙක් දන්නවා මේ ගොඩ ගෙවුණ අවුරුදු කිහිපය තුලත් ගෙවෙන්න තියෙන අවුරුදු කිහිපය තුලත් අර්ථ දැක්වෙන්නෙ කොහොමද කියලා. පස්සේ රජයට විරුද්ධ වෙන ඕනෙම කෙනෙක් අර ගොඩට වැටෙද්දිවත් අපිට කිසිම දෙයක් තේරුනේ නැහැ. අපි තව දුරටත් ඒක අනුමත කලා. අසැබි නොවන ප්‍රවෘත්ති වෙබ් අඩවිත් තහනම් වෙනකොට අපේ ඇස් ඇරුණේ නැහැ.

පහුගිය කාලෙ ඇතුලත මැරුම් කාපු, ගුටි කාපු, හිංසා විඳපු අයට එහෙම වුනේ ඇයි කියන එක අපි වැඩිය හිතන්න ගියේ නැහැ. ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ යුද්ධ ටැංකි පෙන්න පෙන්න අපිට කිව්වේ ඒ අය රටට ද්‍රෝහි වුණා කියලා. “අහ් එහෙනම් ගහන්නම තමා තියෙන්නේ” අපිත් හිතුවා. හැබැයි ද්‍රෝහි වෙන්නෙ කොහොමද කියලා අපි දැනගෙන හිටියේ නැහැ.

යුද්ධය පටන් ගත්ත කාලයේ ඉඳන් සිංහලයො ඇහුවේ රජයෙන් දෙසාබාන පට්ටපල් බොරු. දෙමලු ඇහුවේ කොටින්ගෙ පට්ටපල් බොරු. මේ බොරුවටම ඉපදිච්ච පරම්පරා දැන් උස්මහත් වෙලා. දැන් දෙපැත්තෙ රීරි මාංශෙ උරා බොන්න දෙපැත්තම ලෑස්තියි. ඒකට තියෙන තනි වචනෙ තමයි ජාතිවාදය. කොටින්ම කිව්වොත් ඒ කාලේ ඉඳන් අපි පක්ෂපාතී කොන්ද පණනැති සෙවල මාධ්‍ය වලින් බිහි කලේ ජාතිවාදී සමාජයක්. ඒක අදටත් පැහැදිලියි.

නූතන සමාජයක් ඇතුලේ අපිට අපේම කියලා ප්‍රකාශනයක් නිදහසේ කරන්න තිබුනේ අන්තර්ජාලය තුල විතරයි. පත්තර, රූපවාහිනී වගේ සාම්ප්‍රදායික මාධ්‍ය තනිකරම ධනවාදයේ කුණාටුවට ගහගෙන යනකොට නිදහසේ නොහෙල්ලී හිටිය එකම දේ අන්තර්ජාලය. අපි ඒක ඇතුලේ අරගල කලා. ඒක මිනිස්සු අතරට ගියා. පහුගිය ජනාධිපතිවරණය කාලෙදි මේක අපිට හොඳට දැනුනා. මිනිස්සු රූපවාහිනියට වැඩිය වෙබ් අඩවි වලට යොමු වීම වැඩි වුණා.

ඒක රජයටත් දැනුනා. ඒ නිසා තමයි ජනාධිපතිවරණයෙන් මාසයක් ඇතුලත අපේ රටට චීන්නු ගොඩබහින්නේ. LankaeNews වගේ වෙබ් අඩවි වැහෙන එක ඊටත් කලින් ඉඳන් තිබුන දෙයක්. ටැමිල්නෙට් වැහුනේ ඊටත් කලින්. හරි. ටැමිල්නෙට් කොටි කියමු. එතකොට LankaeNews කොටි ද? ජනා‍ධිපතිවරණය කා‍ලයෙදි වැහුණ වෙබ් අඩවිත් කොටි ද? එහෙම බැලුවොත් කොටි සහමුලින්ම පරාජය වෙලා නැහැ. සරත් කොටි එක්ක එකතු වෙලා!!! (පරණ ගීතය නැවතත්)

පරණ අක්‍රීය මාධ්‍යයන්ට විකල්පයක් විදියට තිබුනේ අන්තර්ජාලය. ඒක ඇතුලේ අපිට හැමෝගෙම අදහස් අත්විඳින්න පුලුවන්. හැමෝගෙම අදහස් සලකා බලන්න පුලුවන්. ඒක ඇතුලෙදි රජයක් නැහැ. පාලන අධිකාරියක් නැහැ. හැමෝටම තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න පුලුවන්. ඒකට මිනී මරාගන්න අවශ්‍යතාවයක් අන්තර්ජාලය තුලදි නැහැ.

ඒක මිනී මරාගැනීමම ප්‍රතිපත්තියක් වශයෙන් තියාගෙන ඉන්න පාලනයකට එච්චර ගුණ නැහැ. එහෙම නිදහසක් ජනතාවට දුන්නොත් රජයකට තියෙන අවශ්‍යතාවය නැති වෙනවා. එතකොට රජයක් විසින් කරන්න ඕනෙ සැබෑ කාර්යයන් එළිපිටට එනවා. සංවර්ධනය, ආර්ථික කළමණාකරණය, පහසුකම් සැපයීම… මේවා ඉල්ලන්න මිනිස්සු පෙළඹෙනවා.  එහෙනම් මේක මඟ හැරගන්න කරන්න ඕනෙ මොකද්ද?

තහනම! ඔය විරුද්ධ අදහස් තහනම් කරලා දාමු. එතකොට අපිට ආයේ අර පරණ කසිකබල් රූපවාහිනී පත්තර මාධ්‍යයෙන් වුණ වැඩේම අන්තර්ජාලයෙන් කර ගන්න පුලුවන්. එක පැත්තකට විතරක් අපි ඇහුම්කන් දෙමු. ඊට පස්සේ ප්‍රශ්න විසඳගන්න ඕනෙනම් යුද්ධෙකට යන්න පුලුවන් නෙ.

මේ විදියට සටහනක් කරන්න හිතුනේ ලංකාව Reporters Sans Border සංවිධානයේ අන්තර්ජාල තහනමට ලක් කිරීමේ හැකියාවක් ඇති රටක් විදියට නම් කරපු නිසා. අපිත් එක්ක එක පේළියෙ ඉන්නේ YouTube තහනම් කිරීමට ප්‍රසිද්ධ තුර්කිය, අන්තර්ජාල වාරණයට නීති සම්පාදනය කරන ඕස්ට්‍රේලියාව, රජයට විරුද්ධ අදහස් දරන වෙබ් අඩවි පවත්වාගෙන යන පුද්ගලයො අත්අඩංගුවට ගන්න රුසියාව (ආ.. සමාවෙන්න. ඩිප්ලෝමා එක දුන්න නිසා අපේ මිත්‍රයො නේද?) වගේ රටවල්. තව දෙයක් තමයි අන්තර්ජාලයේ හතුරන් විදියට නම් වුන අනිත් රටවල් අපේ ළඟම මිතුරන් වුන එක.

RSF සුදු චරිතයක් කියලා කියන්න බැහැ. සූක්ෂම විදියට පෞද්ගලිකත්වය ආක්‍රමණය කරන ඇමෙරිකාව ගැන එතන සඳහනක් වත් නැහැ. නමුත් එහෙම වුන නිසාම RSF කියන සෑම දෙයක්ම වැරදි කියන්නත් බැහැ. මොකද අපි දන්නවා චීනය, අරාබිය කියන්නේ මොන වගේ රටවල්ද කියලා.

වැඩිදුර කියවන්න :

One Post Against Cyber-Censorship

8 thoughts on “ලංකාවේ අන්තර්ජාල ෆෝබියාව නිල වශයෙන් ලියාපදිංචි වේ | Sri Lanka’s Internet Phobia Officially Registered

  1. බය කියන දේ ඇතිවෙන්නෙම නොදැනුවත් කමත් එක්ක. මම හිතන්නේ අන්තර්ජාලය සම්බන්ධයෙන් තියෙන නොදැනුවත් කම නිසා ගොඩක් අය අන්තර්ජාලය ගැන හිතන් ඉන්නේ මේක මහ නරක, අසභ්‍ය තැනැක් විදියට. සමහර විට මේ අදහසේ ඉන්න, මේ අදහස පතුරන ගොඩක් අය දන්නෙත් අන්තර්ජාලය තුල මේ කියන පැත්ත විතරයි.
    ඒ හින්දා රජයකට හෝ වෙන ඕනම කෙනෙකුට මේකට වාරණයක් ගේන්න ඒ තරම් අමාරු නැහැ. අවශ්‍ය වෙන්නේ සදාචාරය සංස්කෘතිය ගැන බයිල ටිකක් ගායනා කරවන එක විතරයි. ඊට පස්සේ ජහමනයත් කියන්නන් වා‍ලේ ඒ ටිකම ගිරව් වගේ දොඩව දොඩව කරපු දේ සාධාරණිකරනය කරාවි.
    දැන්නම් සදාචාරය, සංස්කෘතියට අමතරව විජාතික කුමන්ත්‍රණ කියල දේකුත් තියෙන නිසා වැඩේ තවත් ලේසි වෙනවා.

    වාරණය කියන්නෙ දෙපැත්ත කැපෙන ආයුධයක්. ඒත් මේක වටහාගැනීම එතරම් සරල නැහැ. තමන්ට හානියක් නොවන ‍තාක් අනෙක් කිසිවක් ගැන සංවේදී නොවීමට පුරුදුව ඉන්න ජනතාවකට අන්තර්ජාල ප්‍රකාශනයට එල්ල වෙන බලපෑම් ගැන හැඟීමක් ඇතිවෙන්න විදියක් නැහැ.

  2. මචන්ග් මමත් ඔයා කියන එකට එකගයි . අපි එදා අර අසභය අඩවි තහනම් කරනකොට කවදාවත් හිතුවේ නැ නිදහස් ප්‍රවෘති අඩවි සහ මත දාරි අදහස් තහනම් කරයි කියලා අනික අසභය අඩවි තහනම් කලා කියලා වුන දේ මොකක්ද බලන්න ඇලේසා ? ඇලේසා එකට ට්‍රැක් නොවන අඩවි කොච්චර තියෙනවාද ?

  3. “යුද්ධය පටන් ගත්ත කාලයේ ඉඳන් සිංහලයො ඇහුවේ රජයෙන් දෙසාබාන පට්ටපල් බොරු. දෙමලු ඇහුවේ කොටින්ගෙ පට්ටපල් බොරු. මේ බොරුවටම ඉපදිච්ච පරම්පරා දැන් උස්මහත් වෙලා. දැන් දෙපැත්තෙ රීරි මාංශෙ උරා බොන්න දෙපැත්තම ලෑස්තියි. ඒකට තියෙන තනි වචනෙ තමයි ජාතිවාදය. කොටින්ම කිව්වොත් ඒ කාලේ ඉඳන් අපි පක්ෂපාතී කොන්ද පණනැති සෙවල මාධ්‍ය වලින් බිහි කලේ ජාතිවාදී සමාජයක්. ඒක අදටත් පැහැදිලියි.”
    පට්ට කතාව

    • ඔබ නොදන්නවා උනාට පිලි නොගත්තා උනාට ඔබත් මමත් අපි සියලු දෙනාත් සමග මේ මුලු ලෝකවාසී සියලුම දෙනා ජාතිවාදීන් ආගම් වාදීන් ප්‍රශ්ණය තියෙන්නේ අපි පිලිගන්නේ නැති කම අපේ තියන පන්ඩිත කම.ඒක කව්රුවත් ඇතිකරපු දෙයක් නෙවෙයි. මේ ලෝකෙට ජීවය ඇති උනදා ඉදල තියන ප්‍රශ්ණයක්. කවදාක හරි සිංහල සිංහල කියාගන්න අපි මේ රටේ සුලු ජාතිය උනදාට නියම ජාතිවාදය මොකක්ද කියල තේරේවි. එතකොට අපි පරක්කු වැඩිවෙයි. හැමදේම තියෙන්නේ අපේ සිතුවිලි වල මිසක් වෙනකොහේවත් නෙවෙයි. ඔබ කියන විදිහට අපේ රටේ මාධ්‍යයට පුලුවන් අපිව වෙනස් කරන්න. කව්ද එතකොට මැට්ටන්….?

  4. Pingback: කොළඹ පැල්පත් වැසියන් කඳà·

  5. Pingback: ආචාර ධර්ම ද නැත්නම් වාදපද ද? « අරුණි ශපීරෝ‍ වෙතින

Return Fire!