සුබස එලි බසී

පරිගණකය තුල සිංහල භාෂාව සම්බන්ධ සේවා සැපයීම මුලීක කර ගත් සුබස (subasa.lk) වෙබ් අඩවිය අද කොළඹ විශ්වවිද්‍යාල පරිගණක අධ්‍යනායතනයේදී නිල වශයෙන් විවෘත කෙරුණා.  සුබසේ මූලික අරමුණ පරිගණකය තුල සිංහල භාෂාව සම්බන්ධයෙන් තිබූ අවශ්‍යතාවයන් එක මධ්‍යගත තැනකින් සේවා විදියට ලබා දීම. මේක භාෂා තාක්ෂණ පර්යේෂණායතනයේ ව්‍යාපෘතියක්.

සුබස වෙතින් ලැබෙන වටිනා සේවයක් විදියට අකුරු විනිස පිරික්සුව දකින්න පුලුවන්. බ්ලොග්කරුවන් විදියට අපි හැමෝම ලියන්නො වුනාට සිංහල භාෂාවෙ අක්ෂර වින්‍යාසය ගැන වද වෙන්න තරම් දැනුමකුත් කාලයකුත් බොහෝ දෙනාට නැහැ. නණලළ භේදය ආදී කරුණු ගැන නොයෙකුත් වාද විවාද තිබුනත් අවශ්‍ය අයෙකුට ප්‍රයෝජනයට ගන්න මේ වගේ දැනුම් සම්භාරයක් මීට කලින් තිබුනේ නැහැ. ඒ වගේ අවස්ථාවක මේ විදියෙ වෙබ් අඩවියකින් ඒ පහසුකම ලබා ගැනීමට හැකි වීම වටිනා දෙයක්. බ්ලොග්කරණය ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විදියට ජනප්‍රිය වීමටත් මෙයින් අවස්ථාව ලැබෙනවා. ඉදිරියෙදි මේ සේවාව API එකක් විදියට මෘදුකාංග සංවර්ධකයන්ට විවෘත කිරීමට හැකියාවක් පවතින නිසා මෙහි වටිනාකම ඉහලයි. අකුරු විනිස පිරික්සුම් සේවාව ලබා දීමට ප්‍රයෝජනයට ගන්න සිංහල වාග් සංහිතාවක් (Text Corpus) එකක් එක් රැස් කිරීමේ ව්‍යාපෘතිය භාෂා තාක්ෂණ පර්යේෂණායතනයෙන් සිදු කෙරෙන්නක්.

මීට අමතරව මංගත යතුරු පුවරු (ෆොනටික ක්‍රමයද ඇතුලුව), ඇස්කි සිට යුනිකේත පරිවර්තක සහ සිංහල භාෂාව පිළිබඳ වැදගත් පොත් කිහිපයක් සුබස වෙබ් අඩවිය විසින් සේවාවන් ලෙස ලබා දෙනවා. ඊට අමතරව මෙතෙක් කල් EnSiTip ලෙස තිබුන Firefox extension එක ඉඟිය ලෙස වෙනත් දත්ත සමුදායක් යොදා ගනිමින් එලි දක්වා තිබෙනවා.

10 thoughts on “සුබස එලි බසී

  1. නියම වැඩක්..

    EnSiTip වැඩ කටයුතු දැන් LTRL එකෙන් නවත්තල නේද තියෙන්නෙ?
    ‘ඉඟිය’ එන්නෙත් ​Firefox Addon එකක් විදිහටමද?

    • EnSiTip දැන් නවත්තලා තියෙන්නෙ. ඒකෙ තිබුන දත්ත සමුදායෙ අයිතිය ගැන ප්‍රශ්නයක් ඇති වෙලා. ඉඟිය භාවිතා කරල තියෙන දත්ත සමුදාය අලුත් එකක්. ඒක creative commons යටතේ බලපත්‍රගත කරපු එකක්. ඒ නිසා නැවත භාවිතා කිරීමේ ප්‍රශ්නයක් නැහැ. එකම දේ වෙන්නෙ තවත් restrictive license එකක් යටතේ නැවත බලපත්‍රගත කිරීමට නොහැකි වීමයි.

  2. “අකුරු විනිස පිරික්සුව”‍ හොඳ ආරම්භයක්. API එකක් open කරන්න පුළුවන් නම් ගොඩක් දේවල් කරන්න පුළුවන් වේවි.

  3. Pingback: Tweets that mention සුබස එලි බසී – Out In The Open -- Topsy.com

  4. මාතෘකාවෙ වචන භාවිතයට හිනා යනව.
    එක්කො “එලි දකී“ වෙන්න ඕනෙ, නැත්තං “කල එළි බසී“ වෙන්න ඕනෙ.
    ඔහොම “එළි බසී“ කියන්නෙ සරීර කෘත්‍යය කරන්න දොට්ට පිලට යනවට බව දන්නෙ නැද්ද? :D

    • බොහොම ස්තුතියි සහෝ.. හැබැයි මම ලියල තියෙන්නෙ එලි බසි කියල මිසක් එළි බසී කියල නෙමෙයි. අකුරු විනිස පිරික්සුවට දැම්මොත් මොකද? :)

      අනිත් එක ඉතින් (අනේ මන්ඩ) සුබස කියන්නෙ වෙබ් අඩවියක් කියන එක කියවන ඕනෙම කෙනෙකුට තේරෙනව මම හිතන්නෙ (ඇයි සහෝ තේරුනේ නැද්ද? ආයෙ කියවල බලන්ඩකො). ඉතින් අපි කාට කාටත් වෙබ් අඩවිනම් එලි බසින්නෙ නෑ ශරීරකෘත්‍යයෙදි? ඔබතුමාට එහෙමද? අවුල් ගන්න එපා.. හැමෝටම ඉතින් එක විදියට හිතන්න බැහැ නෙ.

      කින්ඩියක් දානවනම් හරියට දාපන් බන්… පුරුදු වෙලා වරෙන්. දැන් පලයන්!

Return Fire!