ප්‍රවීණයෝ, ජ්‍යෙෂ්ඨයෝ, ආධුනිකයෝ, කබ්බෝ සහ ‍බ්ලොග්කරුවෝ

කාලෙන් කාලෙට බ්ලොග්කාරයින්ට හැදෙන පිස්සු තියෙනව.

ඈත කාලෙක මොකද්ද සංසදයක් රකින්න දිවි හිමියෙන් කැප උන එවුන් හිටිය. ඊට පස්සෙ සිංහල යුනිකෝඩ්/යුනිකේත (හරියට මොකද්ද කියල උන්ගෙ කාගෙන් හරි තමයි අහන්න වෙන්නෙ) වලින්ම බ්ලොග් ලියන්න ඕනෙ කියල තිබ්බ. තව කාලෙකදි “සින්ඩි“. සින්ඩි නැතුව ලෝකෙ කැරකෙන්නෑ වගේ. තව කාලෙකදි දේශපාලනික මොනව හරි ලිව්වොත් හම ගහනව කියල තත්වෙකුත් තිබුන.

මේ ලඟකදි ඉඳන් ‍”ජේස්ට ආධුනික” බ්ලොග්කාරයො කියල දෙගොල්ලක් ගැන කතාව.

මම දන්න තරමින්‍ ජ්‍යෙෂ්ඨ/ප්‍රවීණ බ්ලොග්කරුවො කියල කොටසක් නැහැ. ආධුනික බ්ලොග්කරුවො කියල එහෙම්ම කට්ටියකුත් නැහැ. මම හිතන්නෙ ඔය ජ්‍යෙෂ්ඨ බ්ලොග්කාරයො වැඩි කාලයක් බ්ලොග් ලියන අය වෙන්නැති. ආධුනික කියන්නෙ මේ ලඟදි ආපු අය වෙන්නැති.

කෙටියෙන් කියන්නං. මේ බ්ලොගොස්ෆියරෙ කියන බඩකඩිත්තුව ඇතුලෙ ජ්‍යෙෂ්ඨයො කියල මොක්කුවත් නැහැ. කාලයක් තිස්සෙ බ්ලොග් ලියන එවුන් ඉන්නව. උන් කියල අමුතු පොරත්වයක් නැහැ. හොඳ ලියන්නො ඉන්නව. කුණු ලියන්නො ඉන්නව. හොඳට ලියන්න බැරි මලවන්නො ඉන්නව. මුන් ඔක්කොම බ්ලොග්කාරයො. ආධුනික ප්‍රවීණ කියල දෙකක් නැහැ. (ඔලුව වනන්න කලින් –  මම මේ කියන්නෙ “අපි ඔක්කොම එකම බ්ලොග්කරුවො. ඒ නිසා සමගියෙන් ඉමු” වගේ බබා හුකුං නෙමෙයි)

ජංජාලෙ කියන්නෙ අවුරුදු ලස්ස ගාණක පරිණාමයෙන් අවුරුදු තිහක හතලිහක කාලයක් විතරක් තිබුන ආයුදයක්. එක එකාලා ඕකට සම්බන්ධ වෙලා දාන ඇඩ් දරාගන්න මේ මනුස්ස මොලේ හැඩ ගැහිලා නැහැ. මේ බ්ලොග් වලින් ෆේස්බුක් වලින් ට්විටර් වලින් එලියට දාන්නෙ හදාගත්ත පර්සනැලිටි එකක්. ඕවා හදාගන්න මාර ලේසියි. “හෙල්දි කැෆේ” කොත්තු බාස්‍ ඕනෙම ජාතියක කොත්තුවක් විනාඩි පහෙන් දානව වගේ.

සාදාරන හිත හොඳ පොඩි දේටත් හිත උනු වෙන චන්ඩි චරිත එකායි!

ආදරණීය හදවතක් තියෙන තනිකම පාලුව උරුමකරගත් චරිත තුනායි!

ෆන් එක උපරිමේටම ගන්න චරිත ලොකු එකායි

කවිකාර හිතක් තියෙන වයසට නොයන ලඳ බොලඳ චරිත දෙකායි

කුහක බ්ලොග්කාරයො ඉන්නවද? නපුරු ‍බ්ලොග්කාරයො ඉන්නවද? එලිපිට වලත්ත (මාකටිං වලත්ත නෙමෙයි තමන්ගෙ වලත්තකම පෙන්නන) බ්ලොග්කාර‍යො ඉන්නවද? අසාධාරණ කුපාඩි කපටි බ්ලොග්කාරයො ඉන්නවද?

එකෙක්වත් නෑ. එහෙම එවුන් බ්ලොග් ලියන්නෑලු. විහිලුනෙ අයිසෙ!

බ්ලොග් වලින් මවා පාන “හොඳ මූණ” නැතුව ඒ පිටිපස්සෙන් තියෙන “කැ* (කැත) මූණ” දිහා බලන්න. තම තමන්ගෙ උවමනා වලට අලුතෙන් බ්ලොග් ලියන්න පටන් ගන්න බ්ලොග්කාරයො සුපර්මාකට් යවන්න හදන එවුන් දිහා බලන්න. ඔය ජ්‍යෙෂ්ඨ/ආධුනික ලපටි බයිලා පටන් ගන්නෙත් එතනින්මයි.

අන්තිමට කියනවනං කාරණා තුනයි.

එක : ජ්‍යෙෂ්ඨ බ්ලොග්කාරයො ආධුනික බ්ලොග්කාරයො කියල දෙකොට්ඨාශයක් හදාගන්න දඟලන්න එපා. ජ්‍යෙෂ්ඨයො කියන එවුන්ගෙන් “අයියෙ *යියෙ” ගගා උපදෙස් පතන්න යන්නත් එපා. උන් අමුතුවෙන් දන්න දෙයක් නැහැ. බ්ලොග් ලියන්න පටන් ගන්න බොහොමයක් එවුන් හිතාගෙන ඉන්නෙ මේ ජ්‍යෙෂ්ඨ කියන අයට වැඳල පුදල අයියෙ අක්කෙ ගාලා උන්ගෙන් ආසිර්වාදයක් ගන්න එක අනිවාර්යයි කියල. මේව දකිනකොට මතක් වෙන්නෙ තව සිද්දියක්. “සින්ඩි” මාර දෙයක් වෙලා තිබුන කාලෙ අලුතින් බ්ලොග් ලියන්න පටන් ගත්ත එවුන් කරපු දෙයක් තිබුන. අලුතෙන් වාහනයක් ගත්තාම කතරගම ගිහින් බාරයක් වෙනව වගේ බ්ලොග් එක සින්ඩිකේටරේට ඇතුලත් වුනාම “අනේ බුදු අයියේ මාගේ බ්ලොග් එක අහවල් සින්ඩියට ඇතුල් කර ගත්තා වූ පිනෙන් මතු ආත්ම වල සියලු සැප සම්පත්ති ලබා කෙලවර අමා මහ නිවන් සම්පත්තියම ලැබේවා!!” වගේ පෝස්ට් එකක් ලියනව. එකෙක් දෙන්නෙක් මුලින් කරනකොට අනිත් උන් පෝලිමට.

දෙක : ජ්‍යෙෂ්ඨ බ්ලොග්කාරයො “මැදිහත්” වෙලා “බේරගන්න” මේ බ්ලොගොස්ෆියරෙ කුලඟන සමිතියක්වත්, ෆැකල්ටියක්වත්, අහවල් ෆෝරම් එකක්වත් නෙමෙයි.  මේකෙ ‍බේරගන්න මොකෙක්වත් අමාරුවෙ වැටිලා නෑ. බ්ලොග් කියන්නෙ එකා එකා තමන්ට ලියන්න ඕන දෙයක් ලියන තැන් මිසක් එක එකා බැඳිච්ච එකට ඇලුන සිස්ටම් එකක් නෙමෙයි. එහෙම ඒවා හදාගෙන කුණුහරප එපා, දේසපාලනේ එපා, යුනිකෝඩ් නැතුව වෙන මොනවත් එපා වගේ බබා නීති දාගෙන හිටපු කාලයක් තිබුන. දැන් එහෙම ඒවා වැලිඩ් නැහැ.

තුන :අනේ ඉස්සර බ්ලොග්නං මාර හොඳයි. දැන් තමයි කබ්බො මේක කාලා තියෙන්නෙ” වගේ ආපු පාර දිහා බලාගෙන අධෝ මුඛයෙන් කතා කරන්න එපා. ඉස්සර කියල මාර හොඳ බ්ලොග්කාරයො හිටියෙ නැහැ. ඉස්සරත් මේ “කබ්බො” ප්‍රතිශතය මේ අගයම තමයි. වෙනසකට තියෙන්නෙ දැන් බ්ලොග්කාරයො වැඩි නිසා “කබ්බො” ප්‍රමාණයත් වැඩි වුන එක. තමන්ට විරුද්ධ අදහස් ලියපු එවුන්ව හොයල මරණ තර්ජන කරපු, කැලෑ පත්තර ගහපු, සෙට් එක දාලා මඩ ගහපු එවුන් ඉස්සරත් හිටිය. “ඉස්කෝලෙ ෆන්” කතා විතරක් ලියන ‍බ්ලොග් ප්‍රමාණය වැඩියි. හරියට බෙහෙත් මදි වුන දවසක පිස්සන් කොටුව ඇතුලෙ “” ප්‍රසංගය කරනව වගේ ඒ විකාර නිසා ‍වටිනා බ්ලොග් කිහිපයක් ඇහෙන්නැතුව ගිහින් තියෙනව. හැබැයි එහෙම කියල ඔය ජ්‍යෙෂ්ඨ බ්ලොග්කාර‍යොත් වටිනව කියල අමුතු ලබ්බක් ලිව්වෙ නැහැ. බ්ලොග් හොඳ වෙන්නෙ ලියන එකා අනුව. ඉස්සර ලිව්වද දැන් ලිව්වද කියන දේ අනුව නෙමෙයි.

බ්ලොග් කරන්න. කඩේ යන්න එපා.