ටෙම්පරි ආතල්

මෙහෙමයි මචංලා.

දුමියා කලේ උඹලට පස්ස පැත්තෙන් හිනා වෙච්ච එක. නැත්තං ලැජ්ජ නැතුව “හාස්කමකින්” සිද්ද වුනා කියල සනීප වෙන හේතුව කියන්නෑ. උගෙ ෆොටෝ වලත් උඹලට හිනා වෙන්නෙ සතුටට නෙමෙයි කින්ඩියට.

උඹල කරන්නෙ ඒ ඒ වෙලාවට ඒ ඒ සිද්ධියට පොඩි response එකක් දෙනව. නවලෝක දේවාලෙ කියල ඊලඟ මාසෙ ඡන්දෙ තිබ්බොත් දුමිය හොඳ එකා කියල ඡන්දෙ උඹල දෙනවමයි. ඔන්න බලපං ලොක්ක කින්ඩියටත් එක්ක මූව උස්සල තියන්නැද්ද කියල.

උඹල මර්වින්ට බැනපු කාලයක් තිබ්බ. දැන් පවිත්‍රට බනිනව. අදයි හෙටයි දුමියට බනිනව. ලයිට් බිල අමතක වෙනව.

හැබැයි ඔය ඔක්කොම දුවන්නෙ උඹල කරකවන නිසා. උඹල තමයි මැෂින් එක දුවවන්නෙ. ඇමතිට කියල ලියුම් ගහල රස්සා වලට දුවන්නෙ, ඒ නිසා සුදුසුකම් තියෙන එවුනුත් රස්සා ගන්න ඇමතිල පස්සෙ යන්නෙත් ඒකයි.

එක්කො කමක් නෑ ඔය ටෙම්පරි ආතල් ගනින්. උඹලට ආතල් කියල තියන්නෙත් ඒවනෙ. හිනා වෙද්දි හෙමින් හිනා වෙයන්. බඩ පොත්ත පිටේ වදිද්දි රිදෙයි.

5188587

6 thoughts on “ටෙම්පරි ආතල්

  1. අපේ අයට වැඩිපුර රිදෙන්නෙ තමුංට වදින කොට…රට ගැන ටෝක්ස් ගොඩාරියක් දෙන මිනිස්සු…අපේ රටේදී සංචාරකයො දූෂනය වෙලා මැරෙනකොට…ඒවාට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැතිවෙන කොට…ඒවාට කතා කරන්නෙ නැහැ…. දැන් ලයිට් බිල වැඩිවෙන වෙලාවට අපිට හරියට රිදෙනවා… කොටින්ම අපේ මිනිසුන්ගේ බුද්ධිය හරිම ප්‍රාථමිකයි… මුං කියවලා තියෙන ලොකුම පොත් ඔක්කොම ඇකඩමික් විසය නිර්දේශ විතරයි…එතනින් එහා දෙයක් කියෝල තියේනං ඒ ලෝකට ලෛාකුකම පෙන්වන්න විතරයි… මේ අය තේරුං ගන්නෙ නැහැ… අපි හොරකම් කරනකොට අපිත් මේ සිස්ටම් එක නරක් කරන්න දායක වෙනව ාකියලා….. එක අතකින් මේවා ලියන අපිට මෝල්…. කන බොන එක ගැන ගෑනු පුකක් ගැන ලියලා ඒක උඩදදා ආතල් ගන්නෙ නැතුව …අපි යනවා අපේ වඳුරන්ට පින් දහම් කියා දීලා නිවන් දක්කන්න…

    • //එක අතකින් මේවා ලියන අපිට මෝල්…. කන බොන එක ගැන ගෑනු පුකක් ගැන ලියලා ඒක උඩදදා ආතල් ගන්නෙ නැතුව …අපි යනවා අපේ වඳුරන්ට පින් දහම් කියා දීලා නිවන් දක්කන්න//

      සිරාවට ඕයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *