The matrix ක්‍රිස්තියානිද? ජීවන්තට පිළිතුරක්

ජනප්‍රිය මාතෘකාවක් වුනත් අදහස් නොදක්වා ඉන්නම බැරි නිසා මෙන්න ලියලා දානවා.

Chosen one සංකල්පය ක්‍රිස්තියානි ආගමට අනුකූලව චිත්‍රපටියේ පෙන්වා තියෙනවා කියන්නේ නිකන් උඩින් බැලීමක්. එයට වඩා හාත්පසින්ම වෙනස් අදහසක් එතනින් ගෙන එන්නේ.

The matrix reloaded තුල අවසානයේ නියෝ හට හමුවෙන the architect පවසන ආකාරයට ඔහුට පෙර chosen one පස් දෙනෙක් ඇති වී තිබෙනවා. Zion යනු මිනිසුන්ගේ නිදහස් තැනක් නොව බුද්ධිමත් යන්ත්‍ර මගින් සූක්ෂම ලෙස සකස් කරනු ලබන සැලසුමක කොටසක්. zion යනු matrix වැඩසටහන ප්‍රතික්ෂේප කරන මිනිසුන් සඳහා තාවකාලික නවාතැනක්. මුල්ම matrix එක ප්‍රතික්ෂේප වීමට හේතු සෙවීමට the oracle වැඩසටහන නිපදවනවා. එයින් ලැබෙන තොරතුරු අනුව දෙවෙනි matrix එක නිපදවා හඳුන්වා දෙනවා. මේ ආකාරයට matrix එක 100%ක් සාර්ථක කර ගන්නා තෙක් zionය නිපදවා නැවත විනාශ කිරීමක් සිදු වෙනවා(testing cycles).The one මෙතනදි මිනිසුන්ගේ ගැලවුම් කාරයා ලෙස පෙන්වා තිබුනත් ඔහුගේ purpose එක වන්නේ එක් matrix එකක සිට ඊළඟ matrix දක්වා මිනිස් වර්ගයා පවත්වාගෙන යෑමයි. Zionය තිබෙන්නේ the one නිදපවීමටයි. මේ ගැන වැඩි දුර විස්තර සඳහා නියෝ-the architect සංවාදය නැවත බලන්න. Zionය ආක්‍රමණය හා නියො, the architect හමුව එකම අවස්ථාවේ සිදුවීම සඳහා කරුණු සැලසීම එක් සාක්ෂියක්.

ඒ අනුව zion සහ the one යනු යන්ත්‍ර වල තවත් පාලන ක්‍රමයකි. මෙහිදී හයවන ගැලවුම් කරු (neo) වෙනස් වන්නේ ඔහු මිනිස් වර්ගයාගේ විනාශය කෙරෙහි යන විකල්පය the architect ඉදිරියේදී තොරා ගැනීමයි. ඒ ඔහු trinity හා ආලයෙන් වෙළුන නිසයි. එය පළමු ගැලවුම් කාරයින් පස්දෙනාට වඩා වෙනස් අවස්ථාවක්. එමනිසා යන්ත්‍ර විසින් සැලසුම් කර තිබූ මාර්ගය වෙනස් වනවා. මෙහිදී smith ගේ ක්‍රියා එම අවස්ථාවේදීම සිදුවීම නිසා මිනිස් වර්ගයා හට තමන්ගේ සැබෑ ගැලවීම සඳහා තුරුම්පුවක් ලැබෙනවා. එම තුරුම්පුව සෙල්ලම් කිරීමට තමයි නියෝ යන්ත්‍ර නගරයට the matrix revolutions අවසානයේ යන්නේ.

ඒ අනුව මෙහිදී the one යන්න තවත් එක් බොරුවක් බව පෙන්වා දී තිබෙනවා. නියෝගේ හැකියාවන් ඔහුට හා මුළු මිනිස් වර්ගයාටම හො‍රෙන් යන්ත්‍ර මගින්ම ලබා දුන් ඒවා. ඒ යන්ත්‍ර වල යහ පැවැත්මට මිසක් මිනිසුන්ගේ ගැලවීමට නෙමෙයි. සත්‍ය වශයෙන්ම මෙහිදී වැදගත් කාර්‍ය භාරය ඉටු කරන්නේ the oracle මගින්. The matrix වලින් දෙවියන් හා එක් විශාල සැලසුමක් පිළිබඳ වෙනුවට සියල්ල රඳා පවතින්නේ තමන් මත බව පෙන්වා තිබෙනවා. නියෝ හා අනෙකුත් මිනිසුන්ගේ (the oracleගේ ඇතුළු) තීරණ මත ඇදීයන ක්‍රියාදාමය අන්තිමේදී මිනිස් වර්ගයාගේ ගැලවීමට හේතු වෙනවා. මදක් සිතන්න, niobe විසින් morpheus සොයා යෑමට තීරණය නොකලේ නම් පසුව the logos යානය පැදවීමට දක්ෂ නියමුවෙක් නැතිවෙනවා. ඒ එක් අවස්ථාවක්. මෙවැනි වැදගත් තීරණ කිහිපයක් එකතු වුන තැනයි සැලසුම ක්‍රියාත්මක වන්නේ. නැතුව ඉහළ බලවේගයක් විසින් නොවෙයි. යන්ත්‍ර වලට පවා එම තීරණ දාමයට බලපෑම් කිරීමට නොහැකි වුනා. එසේම zionය ඉහතදී පස් වතාවක් නැවත ඇතිවී නැතිවීම ක්‍රිස්තියානි ආගමේ මැවුම්වාදී න්‍යායයට වඩා බුදු දහමේ ඇති නැවත නැවත ඇතිවීමේ සංකල්පයට සමානයි.

එලෙසින් the matrix කතා වස්තුව බටහිර ආගම් වලින් බලවත් ලෙස බිඳී යෑමක්. එය ක්‍රිස්තියානි අදහස් ප්‍රතික්ෂේප කිරීමක් මිස එම අදහස් විදහා දැක්වීමක් සිදු කරන්නේ නෑ.

4 thoughts on “The matrix ක්‍රිස්තියානිද? ජීවන්තට පිළිතුරක්

  1. The Matrix තුල ක්‍රිස්තියනි propagandaවක් තිබෙනවායැයි යමෙක් කියනවානම් ඔහු එක්කෝ ක්‍රිස්තියානි ධර්මය යනු කුමක්දැයි නොදන්නා කෙනෙක්, නැතිනම් The Matrix චිත්‍රපටය නරඹා නැති කෙනෙක්.

    නමුත් ඔබගේ සමහර අදහස් වලට මම එකඟ නොවෙමි. මන්ද යත් Neo යනු සම්මත වූ පාලන ක්‍රමයකට එරෙහිව සටන් කර ඒ වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන වීරයෙක්. ඒ අතින් බලන විට Neo ගේ ජීවිත කථාව ක්‍රිස්තු චරිතයට සමාන කමක් දක්වනවා.

    Chosen One සංකල්පය Full Metal Alchemist වැනි චිත්‍රපට වලත් දක්නට ලැබෙනවා. නමුත් Full Metal Alchemist චිත්‍රපටයේ එක් තැනක ක්‍රිස්තියානි දහම ඉතා විනාශකාරී ආගමක් බව පැවසෙනවා.

  2. matrix චිත්‍රපටි පෙළ පුරාවටම හිත සමග ලොකු විප්ලවයක් කරයි. කවුරුන්හෝ එය ක්‍රිස්තියානිකරණයට පෙලඹෙන්නේ නම් ඒ ඔහුගේ නොදන්නාකම හා අඥානකම එළිදැක්වීමකි. නමුත් බුදුදහමේ උගන්වන අභිධර්‍මය නම් matrix තුළින් එළිදක්වන බවක් පෙනී යයි. හිතෙන් වැඩ ගැනීමට matrix ප්‍රධාන තැනක් ‍දෙයි.

  3. @dirnov

    =D

    There are lots of ideas on the story of matrix, but this is what I feel as closest to the truth.