Twitter : conspiracy theory made true?

twitter-logoBourne කතා මාලාව, X-Files, Eagle Eye වැනි චිත්‍රපටි වල තියෙන්නේ මහා පරිමාණයේ කුමන්ත්‍රණ ගැන. රාජ්‍ය පුරා පැතිරුන, සමහර විට රාජ්‍යටත් උඩින් (කෘත්‍රිම බුද්ධික පරිගණක වලින්) මෙහෙයවන කුමන්ත්‍රණයක් පරාජය කිරීම කතාවේ වීරයාට ලැබෙන කාර්‍යය. මේ වගේ චිත්‍රපටි වල බොහෝ වෙලාවවට දකින්න තියෙන දෙයක් තමයි මොකක් හරි ඒජන්සියක් හෝ පරිගණකයක් මගින් ලෝකයේ ඕනෑම ‍කෙනෙක් දුරකථනයකින් හෝ අන්තර්ජාලය හරහා හුවමාරු කර ගන්න පණිවිඩ හොරෙන් ඇසීම. විශාල කාමරයක් පුරා පරිගණක තබාගෙන ලෝකයේ සැමටම ඇහුම් කන් දෙන ඒජන්ත වරුන්ගෙනුත් බේරිලා යන්න වීරයට සිදු වෙනවා.

මම අවධානය යොමු කරන්නේ මෙම දර්ශනයට. කවදා හෝ හිතුවද එය සැබෑ වෙන්න පුලුවන් කියලා? අඩුම ගානේ අන්තර්ජාලයට ඇතුළු වීමට පහසුකම තිබෙන ඕනෑම කෙනෙකුට එම කාර්‍ය පහසුවෙන් කරන්න පුලුවන් කියලා? ඔව්. දැන් එය පුලුවන්. හැබැයි අපි හිතපු විදියට නම් නෙමෙයි.

Twitter කියන්නේ මෑතකදී ජනප්‍රිය වුන social network එකක්. කලින් Social networks ඕන තරම් තිබුනට twitter විසින් ඒ හැම තැනකම කට්ටිය එතනට ඇද ගන්න සමත් වුනා. Facebook, hi5, MySpace වගේ තැන් තිබුනට ඒ වගේ අඩවි වල තිබුන එක ප්‍රශ්නයක් තමයි පෞද්ගලිකත්වය. තමන්ගේ හුඟක් තොරතුරු අඩවියට දෙන්න අවශ්‍ය වුනා. ආරක්ෂාව කොච්චර උසස් වුනත් තමන්ගේ යාළුවන්ට තමන්ගේ ඕනෙම විස්තරයක් බලා ගන්න පුලුවන් (ඒකනේ social network එකක point එක!) . නමුත් අපි දන්නේ කොහොමද ඇත්තටම අපිට ඉන්නේ යාළුවෙයාද නැද්ද කියලා? ලස්සන ගෑණු ළමයෙක්ගෙ පින්තූරයක් තිබුනොත් පැනලා add කරගන්නවා මිසක් හෙවිල්ලක් බැලිල්ලක් නෑනේ.

නමුත් twitter වල මෙම ප්‍රශ්නය ගොඩාක් දුරට මඟ හැරලා තිබුනා. හුඟක් පෞද්ගලික තොරතුරු twitter වලින් ඉල්ලන්නේ නැහැ. Twitter වලට ඇතුළු වෙන්න අවශ්‍ය වෙන්නේ username එකක්, password එකක්, email එකක් සහ පින්තූරයක් පමණයි. ඔබට අවශ්‍ය දේ ලෝකෙටම කියන්න twitter හරහා පුලුවන්.

මගේ twitter ගිණුම ආරම්භ කරලා දැනට මාස දෙකකට වැඩියි. නමුත් පිටරට පුද්ගලයින් කිහිප දෙනෙක්ම මගේ ගිණුම follow කරන්න පටන් ගත්තා. මම ඔවුන්ගේ updates follow කලේ නැති නිසා ටික කාලයකදී ඔවුන් හැලුනා. මෙයින් ගොඩාක් දෙනෙක් එක්කෝ වෙළඳ දැන්වීම ආයතන. නැත්තන් පත්තර. ඔය වගේ ප්‍රචාරණ අංශයේ කට්ටිය. ඒ අතින් දැන් twitter කියන්නේ වෙළඳ දැන්වීම් වලට නව මාධ්‍යයක් වෙලා. වැඩි වියදමක් නැතුව වෙළඳ දැන්වීම් කරන්න හොඳ විදියක්. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ වෙළඳ දැන්වීම බලනවද නැද්ද කියන එක ප්‍රේක්ෂකයා අතේ.

ඊළඟට තවත් ප්‍රශ්නයක් තියෙනවා twitter වල. ඒක මනුෂ්‍ය ස්වාභාවය නිසා ම එන ප්‍රශ්නයක් මම හිතන්නේ. Twitter ගිණුමක් ආරම්භ කරලා ටික කාලයක් ගියාම ඔබට හිතෙන හැම දෙයක්ම twitter හරහා මිනිස්සුන්ට කියන්න ආසාවක් එනවා. ඉතින් හිතේ තියෙන හැම දෙයක්ම ඕන කෙනෙක්ට බලා ගන්න පුලුවන්. අනිත් social networks වලට වඩා twitter අවධානය යොමු කරන්නේ මේ කාර්‍යයට නිසා අපි ඒ දෙයට යොමු වෙනවත් වැඩි. මේ පුරුද්ද නිසා ලොකු ප්‍රශ්න වලට මුල පුරන්න පුළුවන්. Twitter status message එකක් නිසා අලුතින් ලැබුන රස්සාව ගහලා ගිය මිනිස්සු ඉන්නවා. හිතන දේ ඒ විදියටම එළියට ආවේ නැත්තන් වැරදි දෙයක් කියවෙන්න පුලුවන්. අනිත් එක තමයි තමන් කියන දේට අනිත් අයගෙන පිළිතුරු නැත්තන් මානසිකව වැටෙන්න වැඩි සම්භාවිතාවක් ඇතිවීම. SMS ජනප්‍රිය වුන කාලේ අපි මේක අත්දුටුවා. දවසකට SMS පහකට වඩා ලැබුනේ නැහැ කියලා සිය දිවි නසා ගත්ත අය ඉන්නවා. ඉතින් අපි ඒ පැත්තෙන් ගිහින් කොහෙන් නතර වෙයි ද දන්නේ නැහැ.

ඊළඟට එන්නේ මාතෘකාවේ තියෙන කතාවට. Twitter හරහා ඔබට පුලුවන් මේ දවස් වල මිනිස්සු වැඩිපුරම කතා කරන දේවල් ගැන හොයන්න. keyword එකක් සඳහා සෙවීමක් කලාම ඔබට ඒ සම්බන්ධව තිබෙන tweets පෙන්වනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වෙනම application පවා තිබෙනවා. Twitter වල අධික ලෙස පරිශීලකයින් ප්‍රමාණයක් ඉන්න නිසා ලෝකෙ  වෙන ඕනෙම දෙයක් twitter වල tweet එකක් ලෙස තියෙන්න පුලුවන්. ටිකක් අර කලින් කියපු චිත්‍රපටියක දර්ශනයකට සමානයි නේද? ලෝ‍කයේ හැම මනුස්සයාම කරන කතා බහට ඇහුම් කන් දීම?

Social engineering යොදාගන්න පුලුවන් හොඳ අවස්ථාවක් මේක. වැඩිපුරම කතා බහට ලක්වෙන මාතෘකා අරගෙන ඒ වටා කතාවක් ගොතා ගන්න සාමාන්‍ය මනුස්සයෙක්ට අමාරු දෙයක් නෙමෙයි. උදාහරණයකට Gmail server temporary down කියලා tweet එකක් කාට හරි පටන් ගන්න විතරයි ඕනේ. හුඟක් වෙලාවට ඒක වටේ යන්න පුලුවන්. දැන් තියෙන්නේ Gmail server reset කියලා බොරු email එකක් යවලා password ඉල්ලන එක. ෂුවර් password 100කට එහා ලැබෙයි.

වෙළඳපොළ රටා අඳුරගන්න, භාණ්ඩ (හුඟක් වෙලාවට මෘදුකාංග) වල හොඳ නරක අඳුන ගන්න ව‍ගේ දේවල් වලටත් Twitter යොදාගන්න පුලුවන්. තව බ්ලොග් අඩවි හා ප්‍රවෘත්ති අඩවි වලට පාඨකයින් ඇද ගන්නත් යොදාගන්න පුලුවන්. මේ twitter වල හොඳ පැත්තක්. සන්නිවේදනය තවත් පහසු වෙන්න තමයි twitter හදන්න ඇත්තේ. නමුත් හැම දේකම වැරැද්දක් තියෙනවා. අපි මොකක් වුනත් ඕනවට වැඩිය භාවිතයට ගන්න ඕනේ නැහැ. පෞද්ගලික දේ පෞද්ගලික විදියටම තියා‍ ගන්න පුලුවන්නම් හොඳයි. හිතේ තියෙන දේ බකස් කියලා එහෙම එළියට වමාරන්න පුරුදු වෙන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. කට තිබුන පළියට කතා කරන්න එපා කියලා තියෙන්නේ නිකමට නෙමෙයි නේ.

8 thoughts on “Twitter : conspiracy theory made true?

  1. බොහොම හොඳ සටහනක්. මේක කියවද්දී මගේ හිතට ආ තවත් දෙයක් – අපි බොහෝ දෙනා පුරුද්දට කරන දෙයක් තමයි ගෙදරින් බැහැර යද්දී එහෙම නැත්නම් විවිධ තැන්වල ගත කරද්දී ඒ බව කියමින් tweet කිරීම. මේවා සීමාන්තික ව කරද්දී සොරමැරකම්වලටත් ලක් වෙන්න බැරි නෑ නෙව :D
    ගෙවල් හොරු බිඳින්න පුලුවනි. මම හොරෙක් වුනා නම් මේ වගේ දේවල් ගැන ඇහැගහගෙන ඉන්නව :P

  2. @Anandawardhana

    ඇත්ත තමා. මම මේ දැක්වා ඔය ගැන හිතලා තිබුනේ නෑ.

    @චමිල
    මගෙත් twitter updates එක එක කට්ටිය follow කරන්න ගත්ත නිසා දැන් මගේ updates secure කරලා තියෙන්නි. මාව follow ඔනේම එක්කෙනෙක්ට request කරන්න පුලුවන් නේ. හැබයි updates secure කලාම widget එකක් විදියට twitter updates බ්ලොග් එකට එකතු කරලා නම් ප්‍රශ්නයක් වෙනව. බ්ලොග් එකට ගිය ගමන්ම twitter user name password ඉල්ලනවා

  3. @ චතුර වික්‍රමරත්න
    හප්පා උඹ ආසයි කියලනම් මම දන්නවා. උඹ නේ මාවත් ට්වීටරේට දැම්මේ ;)

    @ Anandawardhana
    ඒකනම් ඇත්ත. ඔය චතුර එහෙම රඹුටන් කනකොටත් ට්වීටරේට දානවා =D

    @ deeps
    මගේ twitter widget එක resources ගන්නවා වැඩි. සාමාන්‍ය එකක් දානවා. update secure කරන්න තරම් දේවල් මම ට්වීට් කරන්නේ නැහැ.

    මම ළඟදී facebook account එකත් deactivate කලා. හෙට මකලා දානවා.

  4. ඒක නෙවෙයි කට්ටිය දන්නවා ඇතිනෙ ඇමරිකාවෙ රාජ්‍ය ආරක්ෂාවේ නාමයෙන් ඔවුන්ට ඇමරිකාවේ තියෙන ඕනෑම ඊ-මේල් ගිනුමක්, පරිඝණකයක් පෙර දැනුම්දීමක් හෝ අවසර ගැනීමකින් තොරව පරීක්ෂා කරන්න බලය තියෙනවා කියලා. ඒ කියන්නේ අපි පාවිච්චි කරන ජී-මේල්, යාහූ වගේ ඒවත් අපේ අනුදැනුමක් නැතුව පරීක්ෂා කරන්න පුළුවන්. මොකද ඒ මේල් සර්වර් තියෙන්නෙත් ඇමරිකාවෙ හිංදා. ඊ-මේල් ගිණුම් වල තියෙන පෞද්ගලික ලිපි වල පෞද්ගලිකත්වය ගැන දෙපාරක් හිතන්න වෙයි! ඒ විතරක් නෙවෙයි හිතන්න ඔබ ඇමරිකාවට යනකොට ලැප්ටොප් එකක් අරගෙන ගියයි කියල. ඔවුන්ට එහි ඇති දේ කුමක් වුවත් (පෞද්ගලික දේවල්, ව්‍යාපාරික රහස්, නව නිපැයුම් විස්තර මේ මොනවා තිබ්බත් කරන්න දෙයක් නෑ) ඔබේ අවසයකින් තොරව එය පරීක්ෂා කිරීමේ නෛතික බලය තියෙනවා.
    ප.ලි.:මෙහෙම නීති ලංකාවටත් ගෙනාවොත් මොනවා වෙයිද? එතකොට නිදහස් මාධ්‍යයි, මානව හිමිකම් කට්ටියගෙයි හොඳ හොඳ සෙල්ලම් (කොළඹ කොටුව, ලිප්ටන් වටරවුම ආදී තැන් වල) බලාගන්න පුළුවන් වෙයි. (ලංකාවෙ කලොත් තමයි අමාරු. ඇමරිකාව කලොත් එල කිරි!)

  5. ඇත්ත….. මගේ ට්විටරෙත් පිටරට කීපදෙනෙක් follow කරන්න ගත්තා. සමහරු direct message පවා එව්වා. හොයල බලනකොට වැඩි හරියක් වෙළෙඳ පරමාර්ථ තියෙන අය. ඒව follow නොකර හිටියම ඉවරයි.
    මේ අතරෙ තමන්ගෙ followersල ගාන වැඩිකරගන්න උන්මාදෙ තියෙන අයත් ඉන්නවා.

  6. @ ජීවන්ත
    The patriot act. බුෂ්ගේ තවත් එක ගුණ්ඩුවක්. ඔය පනත යටතේ අපි පුස්තකාලයෙන් ගන්න පොත් ඉඳන් පරීක්ෂා කරනවා.

    @ තමීර
    ඒ මචන් CNN වගේ නාලිකා වලින් පටන් ගත්ත දෙයක්. ඒ අයට followers මිලියනයක් වෙනකම් වැඩිකර ගන්න තරඟයක් තිබුනා. හැබැයි දැන් අපේ අයත් කිසිම තේරුමක් නැතුව ඒක කරනවා වගේ.