Windows7 සමඟ දින දෙකක්

windows-7-logoWindows 7 RC-1 නිකුතුව මම ඊයේ laptop එකට ස්ථාපනය කලා. Laptop ‍එක Dell Inspiron 1420 එකක්. ඒකට ස්ථාපනය වෙලා තිබුනේ Windows Vista Home Basic 32bit නිකුතුවක්. Intel Core 2 Duo 2.0 GHz processor එකක් තිබුනට Vista පද්ධතියට ඒක හොඳටම මදි. වැඩ කරනකොට මොන ***ක්ද කියලා හිතුන වාර අනන්තයි. Windows 7 ඇවිත් ටිකක් කල් ගියාට පොඩ්ඩක් stable version එකක් එනකම් දාන්න මම කල්පනා කලේ නෑ. ළඟදි RC-1 එකක් අවුරුද්දක් පාවිච්චි කරන්න පුලුවන් විදියට නිකුත් කරපු නිසා ඒ dvd එකක් පහන්ගෙන් ඉල්ලගත්තා. මුලින්ම උබුන්ටු live cd එකක් දාලා partition ඔක්කොම මකලා දැම්මා (මුලින් දත්ත ටික backup කර ගත්තා).  ඊට පස්සේ windows7 වලට primary partition එකකුත් extended partition එකක් ඇතුලේ තව අවශ්‍ය විදියට ntfs partition හදා ගත්තා. පසුව ලිනක්ස් පද්ධතියකුත් dual boot කරන්න ඉන්න නිසා ඒකටත් අවශ්‍ය විදියට partition දෙකක් හැදුවා.

Vista වගේ නෙමෙයි. Windows 7 ස්ථාපනය වැඩි වෙලාවක් ගියෙ නැහැ. පැය භාගයක් ඇතුලත ස්ථාපනය ඉවර වෙලා desktop එකට ආවා. හැබැයි මගේ sound සහ touch pad එක අලුතින් ස්ථාපනය කරන්න වුනා. touch pad එකේ scrolling වලට සහය ස්ථාපනයට පෙර දැක්වූයේ නැහැ. ස්ථාපනය අවසන් වූ විටම දැක්ක පළවෙනි දේ තමයි වේගය සැලකිය යුතු මට්ටමකින් වැඩි වීම. ඉන්පසු සාමාන්‍ය මෘදුකාංග ටික ස්ථාපනය කලා. දැනට නම් කිසිම compatibility ප්‍රශ්නයක් ආවේ නැහැ. සිංහල සඳහා Vista quick fix එක දැම්මාම හරි.

අනිත් එක තමයි අඩුවෙන් දෘඩ තැටියේ ඉඩ ගැනීම. 11GB වලට ආසන්න ප්‍රමාණයක් තමයි සම්පූර්ණ ස්ථාපනයම ගන්නේ. Vista වලට මීට වඩා සැලකිය යුතු ප්‍රමාණයක් ඉඩ යනවා. නිකන් අපරාදේ ඉඩ.

Hibernate විකල්පය පෙරනිමියෙන් enable වී පැමිණෙනවා. Vista වල එය disable වී තිබෙන්නේ. powercfg hibernate on යන විධානය හරහා enable කල යුතු වෙනවා.usb_remove

තවත් විශේෂ දෙයක් වෙන්නේ usb devices පිළිබඳ වඩාත් user friendly ලෙස වැඩ කිරීමට හැකිවීම. සවි කර ඇති usb devices තව දුරටත් drive letter එක පමණක් ලෙස පෙන්වන්නේ නැහැ. usb device එකේ Label එකත් සමඟ දර්ශනය කිරීමෙන් තමන් ඉවත් කරන්න යන්නේ මොන device එකද කියන එක වටහ ගන්න පුලුවන් ලේසියෙන්.

අන්තර්ජාලයට සම්බන්ධ වීමට වඩා හොඳ සහයෝගීතාවයක් දීලා තිබෙනවා. Network icon ළඟ දැනට නිර්මාණය කර ඇති සබඳතා පෙන්වනවා. එතනින් එකක් තෝරා එතනින්ම සම්බන්ධ විය හැකියි.

System tray එකේ icons පුලුවන් තරම් compact ආකාරයකට හසුරුවලා තියෙනවා.

sys_tray_icons

Start menu එකේ ඇති program ලැයිස්තුවේ program එකක් උඩට මූසිකය රැගෙන ගියාම එම program එක මගින් අන්තිමට විවෘත කර ඇති ගොනු පෙන්වනවා. මෙය කලින් තිබූ Recent programs list සහ Recent files list දෙක එකතු කරලා සාර්ථක විදියට කරපු නිර්මාණයක්.

මේ මම දැනට දැකපු features. වැඩියෙන්ම වැදගත් වෙන්නේ වේගය හා compatibility යන කරුණු දෙක. vista භාවිතා කරනවාට වඩා Windows 7 භාවිත කරද්දී පරිගණකයේ recources කාර්යක්ෂමව භාවිතා කල හැකියි.

බලමු Win7 එක්ක කොච්චර කාලයක් ඉන්න පුලුවන්ද කියලා.

4 thoughts on “Windows7 සමඟ දින දෙකක්

  1. හම්…Win7 Vista/XP වලට වඩා සෑහෙන improvement එකක්. Windows 7 Engineering team එකේ blog එක කියෙව්වොත් Win7 implementation/design details ගොඩක් දැන ගන්න පුලුවන්.

    http://blogs.msdn.com/e7/

    Performance වැඩි කරන්න Vista වල තිබුන සමහර components re-architecture කරපු හැටි එහෙම සෑහෙන ලස්සනට කියල තියනව. Commercial software development වලදි කොච්චර research කරනවද කියලත් මේකෙන් දැනගන්න පුලුවන්.

  2. වින්ඩොස් 7 නම් ගොඩක් ස්ටේබල් වගේ පේනවා. මොකද්ව මේක ගොඩක් ලයිට් වේට් එකක් කියල තමයි පේන්නෙ, විස්ටා වගේ අනවශ විදිහට රිසොසර් කන්නෙ නෑ. එකනෙ ඉතින් අපිට ඔනම කරනාව. වින්ඩොස් 7 දැනට ආව් භාවිතයට පහසුම OS එක කියල තම්යි මට හිතෙන්න. අනික මයික්‍රොසොෆ්ට් සමාගමෙන් මේ වගෙ OS එකක් ප්‍රෙ-රිලීස් එකක් දුන්න පලවෙනි OS එක මේක වෙන්න අති. විස්ටා චා වුනාට පස්සෙ උන් හොද පාඩමක් ඉගෙන ගෙන

    • මමත් හිතන්නේ දැනට Microsoft එළියට දාපු හොඳම මෙහෙයුම් පද්ධතිය Windows 7 වෙන්න ඕනේ. විස්ටා පද්ධතිය ආරම්භ කරන්නේ ඔක්කොම service විවෘත කරගෙන. Windows 7 ආරම්භ වෙන්නේ අවම service ප්‍රමාණයක් විවෘත කරගෙන.